Showing posts with label දේශපාළණ(Political). Show all posts
Showing posts with label දේශපාළණ(Political). Show all posts

Sunday, August 17, 2014

කොළ, අපේ කොළ පරාජිතයෝ ...... Green, Green Losers of my Home !


 Ranil Karu Sajith Ryp Wan Wynkle 5th column
මා ආදරණීය කොළ මිනිසා වෙත,
මා ඔබට ලිවිය යුතුම බව සිතුවේ ඌව පළාත සඳහා මහින්ද මාමා මැතිවරණයක් කැඳවා ඇති බව දැනගන්නට සැලස්වීමටයි. ඇත්ත වශයෙන්ම, බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ඔබ චන්දය ගැන දන්නා නමුදු කොළ කණ්ඩායම ඔවුන්ගේ කාර්යය වෙත ගමන් ගන්නා අකාරයට අනුව, ඔබ තවමත් අඳුරේ අතපත ගාන බව මට කුකුසක් ඇති වේ !
ඌව පළාත කොළඹ පහසුකම් වලට ගව් ගණනක් දුරින් පිහිටි  සහ ඉතා අඩු ජනගහනයක් සහිත  ප්‍රදේශයක් නිසා අඩු වැදගත් කමක් ඇති බව ඔබ හිතනවා විය හැකිය. මම හිතන්නේ මහින්ද මාමා හිතන්නේ එහි අනිත් පැත්ත බවය.  මීළඟ ජනාධිපතිවරණ සහ මහමැතිවරණය සඳහා මිනුම්දණ්ඩක් වහයෙන් එය යොදා ගැනීමට ඔහු සිතයි. 
කොළ කණ්ඩායම වෙනුවෙන් තරඟ කිරීම සඳහා හරීන් තරුණයා ඔහුගේ පාර්ලිමේන්තු අසුනින්  ඉල්ලා අස් වී ඇති බව ඔබට තවමත් ඇසුනේ නැතිමනම්. එය හොඳ ලකුණක්  වුවත් ඔහු අත්‍යවශ්‍ය ලෙසම ජය ගන්නා බව ඉන් අදහස් නොකෙරේ. එයින් අදහස් වන්නේ තවමත් කොළ කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් මැරෙන්න සුදානම් අය සිටින බවයි. 
මට ඇහුන දේ අනුව, හරීන් උත්සාහ කරන්නේ ඔහුගේ චන්ද ව්‍යාපාරය තුල  ඔබ සියළු දෙනා එකම වේදිකාවකට ගෙන ඒමට ඉතා දුෂ්කර වෑයමක යෙදෙන බවයි. මෙතරම් කාලයක් සිදු වුණේ ඔබලාගෙන් කෙනෙකු වේදිකාවට ගොඩ වනවිට, අනෙකා ඉන් බැස යාම වන අතර, තවමත් කොළ කණ්ඩායමට මහජනයා චන්දය පාවිච්චි කිරීම ඔබට අවශ්‍යව ඇත. දෙවියනේ, ඔබ සුබවාදීයි !! 
 මට දැනගන්නට ලැබුණු තවත් දෙයක් තමයි, ඔබලා "පොදු" අපේක්ෂකයෙකු සොයන්නට උත්සාහ කරන බව, එය දුර්ලභ වෙළඳ භාණ්ඩයකි. ඔබලාගේ නම්, සැටලයිට්, ජෙනරාල් වරයා සහ ගරුතර ස්වාමීන් වහන්සේ ගැනද සඳහන් වී තිබේ. අවසානයේ සඳහන් කල කෙනාටඑකම කෙනා වීමට ඕනෑකර තිබේ. හේතුව ඔහුට විධායක ජනාධිපතිකම අවසන් කිරීමට අවශ්‍ය බැවිනි. 
 අපට විධායක ජනාධිපතිවරුන් පස්දෙනෙකු වූ අතර (අවුරුදු කිහිපයක් බලයේ සිට, තමා වටේ සිදු වනදේ පිලිබඳ අන්ධ-ගොළු පිළිවෙතක් අනුගමනය කල එහෙත් ඉතා ජනප්‍රිය වූ ඩියර්ලි බිලොව්ඩ් හැර) ඔවුන් සියළු දෙනා පූර්ණ බලතල බුක්ති විඳි අතර ඒවා පූර්ණ දූෂිත බව අපි දනිමු. 
එසේ නමුදු, විධායක ජානාධිපතිකම අහෝසි කිරෙමට ඔබට ජනතාව චන්දය ලබා දෙතැයි මා විශ්වාස කරන්නේ නැත. අපි එයට මුහුණ දෙමු, සැටලයිට් පොදු අපේක්ෂිකාව වශයෙන් (නැවත !) එම  පොරොන්දුව ලබා දීම තරමක් විකාරරූපීය. ඒ ඇය දෙවරක් ජනාධිපති පුටුවේ සිටි මුත් එම පොරොන්දුව පැහැර හැරී බැවිණි.
කොටි යුද්ධය හමාර කලද, සමහර රටවල් අයුතු බලපෑම් කරන වෙලාවක, එම පීඩනයට මුහුණ දීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බව කෙනෙකුට තර්ක කල හැක.  මම හිතන්නේ, බොහෝ දෙනෙක් හිතන්නේ දයාවන්ත අගමැති කෙනෙක් ඇති පාර්ලිමේන්තුවට එය නොකළ හැකි බවයි.
 ඉතිං කොළ මිනිස, කරූ මාමා සහ සජිත්, එය වෙනස් කිරීමට උත්සාහ කරනවට වඩා නරකද,  ඔබලා නිල් කණ්ඩායමේ මිලියනයක් අඩුපාඩු පිලිබඳ හිත යොමු කර චන්දය ජය ගැනීමට උත්සාහ කිරීම ? අවසානයේදී ඔබ ජය ගතහොත් ඔබට සදහටම විධායක ක්‍රමයෙන් ගැලවීමට පුළුවන් වන අතර සියළු දෙන ඉන් සතුටට පත් වේවි.
අවසාන ප්‍රධාන චන්දයේදී ඔබ දක්ෂ ආකාරයෙන් අවස්තාව කර හැර ජෙනරල් වෙත අපේක්ෂකත්වය නමැති දේශපාලන කඹය ලබා දී බෙල්ලේ වැලලා ගැනීමට සැලැස්වූ බව මම දනිමි. නැවතත් ඔබ එම උපක්‍රමයටම සුදානම් වී ඇතිද ? ඇත්තටම ඔබ තවමත් මෙම තරගය සඳහා දිවීමට කැමති බව ටිකදෙනෙක් පවසයි. නමුත් අවංකවම ඔබගේ අවස්ථා ඔබ මුලාවේ යෙදවීමට ඇත්තටම සුදානම්ද ?
කරූ මාමේ, මම හිතනවා කොළ කණ්ඩායමේ ඔබේ නියෝජනය හොඳම තුරුම්පුව බව ඔබට වාද කල හැකි බව. මම එයට විරුද්ධ නොවෙමි. කොහොම නමුත්, ඔබ මහින්ද මාමා සමග තරග කර දිනුවොත්, සමස්ත විපක්ෂයම ඔබට එක්සත් කිරීමට ඔබට සිදු වනවා - එයින් බොහෝම අමාරුම කොටස වන්නේ කොළ කණ්ඩායම එක්සත් කිරීමය.
සජිත්, ඔබ මුල්ලකට වී බුම්මාගෙන සිටීම නතරකොට කොළ මිනිසා සහ කරූ මාමා සමග එකතුව වැඩ කල යුතුය. ඔබ කොළ මිනිසාට වඩා ආසන්න වශයෙන් අවුරුදු විස්සක් තරුණය. ඔබේ කාලය නිශ්චිතවම පැමිණේවි. ඔබට දිරිමත් වීමට ඉතා දුර නොබැලිය යුතුය; ඔබේ පියා ඉතා ඉවසීමෙන් බලා සිටියේ අනෙකුත් කොළකාරයන් ඔහුව පැත්තකට කිරීමට උත්සාහ කරත්දීය.
ඔබ සිතට ගතයුතු තවත් දෙයක් තමයි සජිත්, ඩඩ්ලි සහ සැටලයිට්ට එසේ සිදු වුවත්, පක්ෂ නායකත්වය යනු දෙමාපියන්ගෙන්න දරුවන්ට දායාද කරන පරම්පරාගත දෙයක් නොවන බව.  මට තරමක කනස්සල්ලක්ව විශේෂයෙන්ම තිබෙන්නේ ඔබ පුංචි නාමල්ට වැරදි ආදර්ශයක් ලබා දෙයිද යන්නයි.   
   කොළ මිනිස, කරූ මාමා සහ සජිත්, මම හිතන්නේ ඔබ තිදෙනා එක්කාසු වුවහොත් අඩුම තරමේ නිල්කාරයන්ට හොඳ තරගයක් ලබා දිය හැකි බවය. එසේ නොවුනහොත් රතු සහෝදරයන්ට ඔබව අභිබවා යාමට හොඳ අවස්ථාවක් තිබේ, මන්ද අනුර හාදයා ඔහුගේ කාර්යය හොඳින් කරමින් සිටින නිසාය. එය හොඳින් මතකයේ තබා ගන්න. පුලුවනිද ?     
 ඔබේ විශ්වාසී 
පුංචි පුතා
 ප.ලි: සියළුම පළාත් සභා පරාජය වීමෙන් පසුව, ඌව ජය ගැනීමට උත්සාහ කිරීම හරියට අන් සියල්ලන්ම අපොහොසත් වූ පසු ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් අපේ ක්‍රිකට් කණ්ඩායම ගොඩ ගැනීමට උත්සාහ කිරීම වැනිය. නමුත් ඔවුන් එය කළා. ඉතිං ඔබත් පුළුවන්. එක්කෝ ක්‍රිකට් ගැන කතා නොකර ඉමු, මොකද මේ දිනවල පකිස්තානය සමග ක්‍රීඩා කරන නිසා බොදු බල සේනාව එයටත් විරෝධය දක්වන්නට හැකි බැවිණි. 
Ryp Wan Wynkle 5th Column Translation Sunday Times

මේ සටහන තබන මොහොත වනවිට හිට්ස් ලක්ෂ තුනක් පසු කර යන්නට ඇවිද්ද පය සමත් වුණා. ඒ වෙනුවෙන් පාඨක ඔබට මගේ ප්‍රණාමය. 

Tuesday, August 5, 2014

වෛද්‍යවරු සටන්කරනු දැකීම පිළිකුල් සහගත නොවේද ? ...... Ins't it sickening to doctors fight ?

හිතවත් හිපොක්‍රටීස් වෙත,
ඔබ ජීවත් වූයේ ශතක දෙකකට කලින් බව මා දන්නා මුත්, ඔබ දැන් මිය පරලොව ගොස් ඇති වුවත්, තවමත් ඔබට ලිපියක් ලිවිය යුතු යයි මා සිතන්නේ පාරාදීසයක් බඳු දූපතෙහි  සිදු වන දේ නිසාය.  ඔබ කොහේ සිටියත්, ඔබගේ ගෝලබාලයින් අතර සිදුවන දේ ඇසුනොත් ඔබගේ සොහොනින් නැගී සිටිනු ඇත. 
doctors clash for power in trade union sri lanka


ඔවුන් පහුගිය සතියේ පාරාදීස දූපතේ ලොකුම රෝහලේ සිට පැහැදිලිවම බොහෝ සැහැල්ලුවෙන් එකිනෙකාට තර්ජනය කරමින්ද,  අශෝභන ලෙස දබර කරගනිමින්ද, එකිනෙකා පාගදමන අකාරයේ තප්පුලමින් සිටිති. මෙය ඉතිහාසයේ ගෞරවයක් ලබා සිටි ඔවුන්ගේ වෘත්තීය සංගමය බලහත්කාරයෙන් පාලනය කරන්නට යෙදෙන අධික උත්සාහයන් නිසාය. 
 මා වැරදි නම් සමාවන්න, හිපොක්‍රටීස්, මම හිතන්නේ මෙම වෘත්තියට පිවිසේත්දී ඔවුන් තමයි ඔබේ නමින් ප්‍රතිඥා දී තිබෙන්නේ. එම ප්‍රතිඥාවේ, ඔවුන්ගේ සගයන් සහෝදර සහෝදරියන් සේ සලකන බව ඔවුන් පොරොන්දු වුවේ නැතිද ? සහතික වශයෙන්ම මෙයනම් ඔබේ සහෝදර සහෝදරියන්ට සැලකීමේ විකට ස්වරූපයකි!
 ඔබ බලනවා ඇති පාරාදීසයේ වෙලත් ඇයි මම මේ අලකලංචිය ගැන මේ තරම් පුදුම කියලා. එසේ වුවත්, ඇමතිවරුන් මිනිසුන් ගස් බඳින, මන්ත්‍රීවරුන් රාජකාරියේ යෙදී සිටින ට්‍රැෆික් පොලිස් මහතුන් තැතිගන්වන, 'සෙල්ලම්' පිස්තෝලය ලෙළවමින් ගමන් ගන්නා නගරාධිපති වරු සිටින, සංචාරකයන් ඝාතනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිටින තැනකි. 
 ඇත්ත වශයෙන්ම මේ භූමියේ දෝෂයක් තිබේදැයි මා පුදුමයට පත් වී සිටිමි, මන්ද මෙහි එන සංචාරකයන් පවා ඉක්මනින්ම කලහකරුවන් බවට පත්වන නිසාය. ඇයි, බ්‍රිතාන්‍ය අගමැති මෙහි සිටියදී ඔහු ක්‍රියා කලේ මැරයෙකු ලෙස වන අතර ඇමරිකානු මහකොමසාරිස්වරිය නිරන්තරයෙන් අපට සලකන්නේ ඇයගේ මුතුන්මිත්තන් කළු ඇමරිකානුවන්ට සැලකු අකාරයට නිසාය. 
 මම තවත් පුදුමයට පත් වන්නට පටන් ගෙන ඇති කාරණයක් වන්නේ, ඔබගේ ගෝලබාලයින් "බොදු බල සේනා"වෙන් පුහුණුවක් ලබා ඇත්ද යන්නයි. මන්ද පෙර දැනුම් දීමකින් තොරව රැස්වීම් වලට කඩා වැදී ඒවායේ කෙරෙන කටයුතු අඩාල කිරීම ඔවුන්ගේ විශේෂත්වය වන නිසා සහ මෙම කටයුත්තේදීද සිදු වී ඇත්තේද එයයි. 
 එනමුත් මම තවමත් මේ අලකලංචිය ගැන පසුගිය වසර ගණන පුරාවටම පුදුමයට පත් වී සිටින්නේ, සමහරවිට තමන්ගේ වෘත්තියේ ගරුත්වය සහ නිදහස පවත්වා ගත් එකම කණ්ඩායම වීමට හැකි නිසාය. ඔවුන්ගේ සේවක සංගම් අරගල නිසා  නිල් සහ කොළ රජයයන් දෙකෙහිම   දේශපාලනයන්  ඈත් කර තබා ගැනීමද ඔවුන්ගේ සාර්ථකත්වයකි. .
 දැන්, ඒ සියල්ල අවසානයකට පැමිණ ඇති බව පෙනෙන අතර ඔවුන්ද අනෙක් අය ආදර්ශයට ගනිමින් ඝට්ටන සහ තැතිගෑන්වීම් මගින් ගැටළු  නිරාකරණය කරන්නට උත්සාහ කරන අයුරු පෙනේ. සමහරවිට ඔවුන් රූපවාහිනියේ විකාශනය වන දේශපාලන වාද වැඩසටහන් ඕනෑවට වඩා නරඹනවා විය හැකිය. ඒවායේ සහභාගී වන්නන් එකිනෙකාට පහර ගසන සැටි, අපහස කරන හැටි සහ කා ගන්නා සැටි දැකිය හැකිය. 
ඔවුන්ට ඇත්තටම සටන් කිරීමට අවශ්‍යව තිබුණා නම්,  දැන්, ඔවුන්ගේ සියළුම ශක්තීන් සහ කලහකාරීත්වය එකට කැටි කොට  ඩෙංගු මදුරුවන් මර්ධනය වැනි වඩාත් ඵලදායි දෙයකට යොදවා ඉන් අහිමි වන  දුසිම් ගණන් ජීවිත බේරා ගන්නට තිබුණත් එය වැලක්වීමට සිදු කරන සියළු දේ වලකාලමින් එය දිගටම සිදු වේ. 
ඔවුන්ට නියම  අභියෝගයක් අවශ්‍ය නම්, මේ කාලයේ ඉහලින් වැජඹෙන දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන ඒවා පාළනය කිරීමට මෛත්‍රී ගන්නා උත්සාහය සහ මහින්ද මාමාගේ 'මතට තිත' විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම කඩවුණු පොරොන්දු වුවද, එය නොසලකා  තෝරා ගත හැක. 
නැතිනම්, මේ කුලප්පුව ඇති වී තිබෙන්නේ වෘත්තීය සංගමයේ බලය ලබා ගැනීමට බැවින්,  ඔවුන්ට මහින්ද මාමාගේ 'මහින්ද චින්තන' පොතේ පිටුවක් ඇද, ඕනෑම කෙනෙකුට ඉහල තනතුරේ දිගටම රැඳී ඉන්නට හැකියැයි සම්මත කර ගත හැකි නමුත්, ඔවුන් මහින්ද මාමා තරම් දක්ෂයන් වීමට නොහැකියි. නොවේද ?
දැන්, මාව වැරදියට තේරුම් ගන්න එපා, හිපොක්‍රටීස්, මම හිතන්නේ නෑ පාරාදීසයේ සිටින ඔබේ සියළුම ගෝලබාලයින් සියල්ලටම  මේ සිදුවීම ගැන දෝෂාරෝපණය කල හැකියි කියා.  ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ අති බහුතරය ඉතා සුළු වැටුපකට හොඳ සේවාවක් ලබා දෙන බව පැහැදිලි වන්නේ කලාපයේ පමණක් නොව ලෝකයේම නිරෝගී රාජ්‍යයන්ගෙන් එකක් බවට පාරාදීසය පත් වී තිබීමෙනි. 
මම විශ්වාස කරන්නේ ඔවුන්ටත් ඔවුන්ගේ තත්වය එපා වෙලා, ඔවුන් තරම් හැකියාවක් හෝ පරිපූර්ණත්ව්යාක් නැති මිනිසුන් පාර්ලිමේන්තුව වැනි තැන් වලට  ඇතුළු වී, තක්කඩියන් ලෙස  ඒ පිවිතුරු ස්ථානයේ හැසිරුනත්, පසුව එක් රැයකින්  මිලියනපතියන් වේ. ඉතිං ඔවුනුත් දේශපාලකයන් විදියට හැසිරෙන්න හිතුවා වෙන්න පුළුවන්. 
ඔබ පුදුමයෙන් බලා ඉන්න පුළුවන්, ඔබේ ගෝලබාලයින්ට  ඊළඟට වෙන්නේ මොනවාද. කෙනෙකුට කියන්න පුළුවන් ඔවුන්ව ක්‍රිකට් පාලක මණ්ඩලයට යවන්න ඕනෑ කියා. එය තමයි  පාලක මණ්ඩලය සඳහා නිලධාරීන් පත් කිරීමේදී නිරන්තරයෙන්ම අලකලංචි සිද්ධ වෙන අනෙක් තැන, එම රැස්වීම් අවසානයේ නීතිය සහ සාමය ඇති කිරීම සඳහා පොලීසිය කැඳවීමට සිදු වෙන. 
 කොහොමවුනත් හිපොක්‍රටීස්, ඔබ කොහේ හිටියත්, පාරාදීසයේ සිටින ඔබේ ගෝලබාලයින් ගැන හොඳින් බලා ගැනීමට ඔබට සිදු වී තිබේ. නැතිනම්, අපගේ මැතිවරණ කොමසාරිස් වරයාට ඔවුන්ගේ නිලවරණය පැවැත්වීම සඳහා ඉල්ලා සිටීමට අපට සිදු වේ - එනමුත් අප කවුරුත් දන්නා පරිදි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් ගැන සහතිකයක් ලබා දිය නොහැක ! 
 ඔබේ විශ්වාසී
 පුංචි පුතා

ප.ලි:  එක්තරා කාලයක් තිබුණා, දොස්තරවරු ඔවුන්ව එනමින් හඳුන්වනවාට ලජ්ජා වූ, මක්නිසාද මර්වින් තමාට ආචාර්ය(doctorate) පදවියක් ඇති බැවින්, තමා ඩොක්ටර් ලෙස  කියා ගත්තා. මට හොඳින්ම විශ්වාසයි පසුගිය සතියේ සිදු වූ සිදුවීම් සමග, මර්වින් දැන්  ලජ්ජා වේවි තමාට 'ඩොක්ටර්' කියා අමතනවාට!

ryp van wynkle 5th column sunday times
රිප් වෑන් වින්කල්ගේ පස්වෙනි කොළම II ..... - Ryp Van Winkle's 5th Column II

Friday, August 1, 2014

රිප් වෑන් වින්කල්ගේ පස්වෙනි කොළම ...... 5th Column by Ryp Van Wyncle

පසුගිය  ඉරිදා මගේ කාර්යාලයේ මිතුරෙකු, සන්ඩේ ටයිම්ස් පුවත්පතක් මා අත  තැබුවා. පත්තරේ ගත්ත ගමන් මම පෙරළගෙන - පෙරළගෙන ගිහිං නැවතුනේ රිප් වෑන් වින්කල්(Ryp Van Winkle) නමැති අන්වර්ථ නාමයකින් ලියන, පස්වෙනි කොළම නම් තීරු ලිපිය  තිබෙන පිටුවේය. ඉස්සර මම සෑම ඉරිදාවකම මේ පුවත්පත මිලදී ගන්න පුරුදු වෙලා හිටියේ මෙන්න මේ අපූරු තීරු ලිපිය නිසා. ඇත්තටම රිප් වෑන් වින්කල්(Rip Van Winkle) කියන්නේ වොෂින්ටන් අර්වින් නමැති රචකයා ලියන ලද කෙටි කතාවක ප්‍රධාන චරිතය. අපේ කොළම ලියන පුද්ගලයා මෙය Rip සිට Ryp දක්වා වෙනස් කර තිබෙන්නේ, යම් කතෘ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වේ යන හේතුවෙන් විය හැකියි. කෙසේ වුවත් එය අපූරු ලිපියක්. මෙම ලිපිය ලියන පුද්ගලයා කවුරුන්දැයි නොදනිමි. මෙම තීරු ලිපිය දේශපාලනික වුවත්, හාස්‍යය නිසා ඕනෑම දේශපාලන මතයක් දරන කෙනෙකුට කියවා රසවිඳින්නට පුළුවන්.  සිංහලෙන් පමණක් කියවන පාඨකයන් වෙනුවෙන්, හැකි හැම විටම එහි සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වනවා . මෙන්න මේ සතියේ දුටු තීරුව.

මෙම තීරු ලිපි වලින් බොහෝවිට කෙනෙකුට ලියන ලිපියක් ලෙස සම්පාදනය වේ. මෙවර එය යොමු කරන්නේ හිටපු ජ්නාධිපතිව්රියටයි.


සැටලයිට් ප්‍රතිවර්ත(අනෙක් අතට කැරකෙන) කක්ෂයක 
හිතවත් සැටලයිට් වෙත,
මා මේ ලිපිය ඔබට ලියන්නට හිතුවේ, ඔබ ඉස්සර නිතරම කියන ආකාරයට ජේ.ආර්ගේ බහුබූත ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍ය අංගයක් වූ විධායක ජනාධිපතිකම අහෝසි කලයුතු බව කියමින් කැඳවනු ලැබූ හමුවට සහභාගී වූ අය අතර  ඔබත් සිටි බව අසන්නට ලැබුණු විටය. 
 ඔබ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැඳවූ හමුවේදී රනිල් මාමාත්, සම්බන්ධන් සීයා සහ ජෙනරාල් සමග එකම පේලියට හිඳගෙන ගන්නා ලද ඡායාරූප දුටු විට මා සිනාසිය යුතුද, හැඬිය යුතුදැයි නොදැන සිටියෙමි. ඉතිං ඔබට ලියා ඒ පිලිබඳ කරුණු පැහැදිලි කර ගැනීමට උත්සාහයකි මේ. 
 සැටලයිට්, මගේ මතකය මට නිවැරදිව සේවය කරයි නම්, ඔබ මුල් වතාවේ චන්ද ව්‍යාපාරය කලේ ජනාධිපති වී මාස හයකින් එය අහෝසි කරන බවට දුන් තදබල ප්‍රතිඥාවක් සමගයි. ඔබ එය අහෝසි කිරීමට නිශ්චිත දිනයක්ද සඳහන් කරන ලදී. එම පොරොන්දුව මත පදනම් වී රතු සහෝදරවරු ඔවුන්ගේ අපේක්ෂකයාද ඉවත් කර ගන්නා ලදී. 
 ඔබගේ ලගන්නා සිනහව සහ පිරිසිදු වාර්තාව අනුවත්, සිය පවුලට පිටුපාමින්, තම සැමියාගේ හදගැස්ම අනුව යමින්, ඔහුත් සමග වෙනමම දේශපාලන පක්ෂයක් පිහිටුවාගන්නට තරම් ධෛර්යයවන්ත වීම නිසාද ජය සහතික විය.  ඔබට එය අහෝසි කරනවා යයි අපට පොරොන්දු වීමටද අනවශ්‍ය විය. 
ඔබගැන විශ්වාසය තැබීමට හේතු වුයේ,  ඒ වනවිට ඔබ තරුණ වියේ පසු වීමත්, චාම් සහ 'හරි' පවුලකින් එන කෙනෙකු නිසාත්ය. එනිසා ඔවුන් ඔබව අගේ කලෝය. එයින් නොනැවතී ඔබට දුන් පොරොන්දු ඉටු කරන්නට අධික බලයක්ද ලබා දුනි. එහෙත් ඔබ එය ඉටු කලේ නැත.
ඔබගේ කඩවුණු පොරොන්දු නොසලකා තිබියදීත් සහ ඔබගේ අකාර්යක්ෂම ශෛලියේ පොදු පෙරමුණු රාජ්‍ය පාලනයත් නිසා සමහරුන් එය "පරක්කු - අරක්කු" ලෙස සඳහන් කළහ. වසර පහකින් පසු නැවතත් ජනතාව ඉදිරියට ගොස් ඔවුන්ගේ චන්දය ඉල්ලන ලදී.
 මා විශ්වාස කරන්නේ ඔබගේ අවසන් රැලියේදී, වේලුපිල්ලේ ඔබව නගරභා පිටියේදී  ඝාතනය කරන්න උත්සාහ නොකළා නම් ඔබ එය පරදින්නට ඉඩ තිබූ බවය. ඔබ ගැන අනුකම්පාව ඇති කරන්නට එතරම් අපහසු නොවූයේ, ඔබගේ පියාටත්, සැමියාටත් නිවසේ එලිපත්තේදීම ජීවිත අහිමි වූ නිසා  සහ ඔබගේ ජීවිතයද ආසන්නව අහිමි වීම නිසාය.
 ආපදාව වාසියකට පෙරලාගන්නට ඔබට හැකි විය, ඔබගේ ඇස අහිමි වී මොහොතකට පසු ජාතිය අමතන ලදී. සංවේදී ශ්‍රී ලාංකික ජනතාව නැවත වතාවක්  ඔබට චන්දය ලබා දුන්නේ ඔබ  කඩකල  පොරොන්දු සහ රාජ්‍ය පාලනයට දක්වූ අසමත්කම අමතක කරමිනි.
ඉන්පසු එළැඹුණේ එස්.බී. සහ ජී.එල් වැනි කැරලිකරුවන් ඔබට එරෙහි වී රනිල් අංකල් සමග එකතු වීමට ඔබ හැර ගිය කෙටි කාලපරිඡ්චේදයයි. එය ඔබට විධායකයේ ශක්තිය උපරිමයෙන් යොදා ගැනීමට බල කෙරුණු අතර, රත්තන් සමග "පරිවාස රජයක්" ඇරඹීමටද සිදු විය.
එය එතරම් දිගු කලක් නොපැවතීම පිළිබඳ මා ඔබට චෝදනා නොකරන්නේ, ඔබගේ සැමියා  කුමන්ත්‍රණය කර ඝාතනය කල පක්ෂයක් නිසාවෙනි. ඉන් කියැවුණේ තවත් චන්ද වටයක් ක්‍රියාත්මක කිරීමට සිදු වීමය, අරුමයකින් තොරව එය කොළ කණ්ඩායම නැවතත් බලයට පැමිණි අතර ඔබ "අබ්බගාත තාරාවකුගේ" මට්ටමේ ජනාධිපති කෙනෙකු විය.
 සැටලයිට්, ,ඒ වෙලාවේ ඔබට කරන්න දෙයක් තිබුණේ නෑ හරියට  අගමැති කාලේ ජනාධිපති වෙලා උන්නු ඩී.බී(ඩියර්ලි බිලෝව්ඩ්) කළා වගේ  කැමරා වලට හිනා වෙනවා ඇරෙන්න ඔබ පැත්තකින් ඉඳ ගත්තේ නෑ. නැවතත් ඔබ විධායක බලය උපරිමයෙන් භාවිත කරන්න හැදුවත් සමහරු කීවේ ඔබ එය අනිසි ලෙස භාවිතා කරන්න හදන බවයි.
ආයෙත්, ඔබට මතකද, සරලවම පුද්ගලික කෝන්තරයක් නිසා කොහොමද ඔබ එස්.බී. අමාත්‍යවරයෙක් වශයෙන් දිවුරුම් දීම ප්‍රතික්ෂේප කල හැටි ? සැටලයිට් ඔබට මෙයත් මතකද ? කොහොමද ඔබ රනිල් මාමා රට යනකං ඉඳලා වැදගත් ඇමතිකම් තුනක් පවරා ගෙන ඔහුගේ රජය පීඩාවට පත් කල හැටි. ඒ වෙලාවේ රනිල් මාමාට ගතු කීවේ කෙතරම් වැරදි තිබුනත් හොඳ මහත්මයකුගේ ගති තිබූ, පිළිගතහැකි ආකාරයටම ලේ වතුර වලට වඩා උකු යයි නොසිතු ඔබේම සහෝදරයා වගත් ඔබට මතකද ?
සැටලයිට්, එවෙලාවේ විධායක බලය උපරිමයෙන් භාවිතා කර අවසානයේ රනිල් මාමාගේ රජය පෙරලා දමන්නට අත්තනෝමතික ලෙස  නියමිත කාලයට කලින් විසුරුවන්නට ඔබට කිසිදු  ප්‍රතිපාදනයක් තිබුණේ නෑ. ඔබ එසේ කලේ බහුතරය රනිල් මාට තිබෙන තුරු එය විසුරුවා නොහරින බව ගාම්භීර ලෙස පාර්ලිමේන්තුවට ප්‍රතිඥා දෙමිනි. 
නිල් කණ්ඩායම බලයට පැමිණි පසුවත්, සැටලයිට්, නියමිත කාලය අවසන් වූ පසුවත්, ඔබට තවත් වසරක් ජනාධිපති පුටුවේ  සිටින්නට උවමනා වුණා. බොහෝවිට එය එසේ වන්නට තිබුණා, මහින්ද මාමා සමහරවිට සරත්ට (හෙමින් වැලමිටෙන්) ඇනීම නිසාදෝ, ඇති කියන්නේ ඇති බව සිතා ඔබ යායුතු බව නොකීවා නම්. 
ඇත්ත වශයෙන්ම මහින්ද මාමාද ඒ දෙයම කල බව අපිට පසක් වුණේ, ඔහුගේ මහින්ද චින්තනයෙන්ද විධායකය අහෝසි කරන්නට පොරොන්දු දී තිබියදී, තවත් පියවරක් ඉදිරියට තබමින් එක් අයෙකුට එම තනතුරේ සේවය කල  හැකි වාර ගණන දීර්ඝ කළේය.
පොදු අපේක්ෂකයෙකු ගැන දැන් විශාල  කසු කුසුවක්  තිබෙන අතර මහින්ද මාමා නීතිය වෙනස් කල නිසා, ඔබටත් නැවත ජනාධිපති තරගයට දිවිය හැකිය, සනත් ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීමට නිසා අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා නොකරනවාට වඩා එය නරක වියහැකි නිසා මම අවංකවම ප්‍රාර්ථනා කරනවා ඔබ එය නොකරයි කියා. 
ප.ලි. :  මට ජේ.ආර්. ගේ පැරණි කියමනක් මේ මොහොතේ මතකයට එයි. විධායක ජාන්ධිපතිවරයාට කල නොහැක්කේ ගැහැණියක් පිරිමියෙක් කිරීම සහ පිරිමියෙක් ගැහැනියක් කිරීම පමණකි. මම හිතන්නේ මහින්ද මාමා එයත් කල බවයි. ඒ කාන්තාවක වූ අග්රවිනිශ්චකාරිය  මහත්මා  ගති නැති පිරිමියකු කල බවට එක් රැයකින් පත් කළ නිසාය. 

Sunday, March 30, 2014

මගේ මැතිවරණ මතක - 1977 ...... My Political Election Memories - 1977

චන්දය යන වචනය මගේ කණ වැකුණේ කවරදාකදයි නිසි මතකයක් නැතත්, එය 1970 සහ 1977 අතර කාලයේ විය යුතු බව හැඟෙයි. මන්ද මේ කාලසීමාව අතරතුර එවක පැවති චන්ද ක්‍රමයට අනුව අතුරුමතිවරණ කිහිපයක් පවත්වන්නට යෙදුන බැවිණි. එසේ වතුදු සාමාන්‍ය නිවසක සිටින බාලකයෙකුට එම වදන කන නොවැකිය හැක. එහෙත් තදින් දේශපාලනයට ඇලී ගැලී සිටි මගේ පියා නිසා එසේ විය යුතුයි යන්න මගේ විශ්වාසයයි. මගේ පියාගේ දේශපාලනය ගැන යමක් මෙහි සඳහන් නොකළහොත් මෙය කියවන ඔබට මා කරන බලවත් අසාධාරණයකි. එසේ නොකලද  මෙම සටහන කියවාගෙන යත්දී ඔබට එය වැටහෙනු ඇත. මගේ පියාගේ දේශපාලනයේ තිඹිරිගෙය එක්සත් ජාතික පක්ෂයයි. හෙතෙම ඩඩ්ලි සේනානායක නමැති මහත්මා දේශාපාලනයට ප්‍රමුඛ නාමය ඇති ශ්‍රී ලංකා දේශපාලනයේ නොමැකෙන සටහනක් තබා ගිය කෘතහස්ත නායකයාගේ චන්ද වේදිකාවේ කථාවක් කිරීමට භාග්‍යය ලැබූවෙකි. එක්දහස් නවසිය පනස් ගණන් වල බන්ඩාරණායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කලවිට එහි ආරම්භක සමාජියෙකු වන්නට ලැබුණු බව ඔහු පවසන්නේ මහත් ආඩම්බරයකිනි. එදා පටන් අද දක්වා ඔහු අදහන්නේ එම දේශපාලනයයි. නමුත් ඔහුගේ දෙටු පුත්‍රයා වූ මා කලින් කලට මගේ තීරණය වෙනස් කර ඇත.

1977 චන්දයයේ ප්‍රතිඵල නිකුත් වනතුරු එය මට චමත්කාරජනක අත්දැකීම වුවේය. කිසිදින දැකනැති සැරසිලි, පෙළපාලි සහ කැන්වසින් ව්‍යාපාර  මගේ  ප්‍රීති ප්‍රමෝදයට හේතු විය. ළඟටම ගෙනැවිත් දෙන විවිධ වර්ණ වලින් මුද්‍රිත පත්‍රිකා, පෝස්ටර් එකතු කිරීම මගේ විනෝදාංශය විය. කොළ පැහැති ඒවා තනිකරම කොළ පැහැතිය. නිල් නම් නිල් පැහැති ඒවාය. රතු ඒවාද කිහිපයක් විය. එකල වර්ණ මුද්‍රණය සිදු වූයේ නැති බැව් ඉන් පැහැදිලි වේ. පෝස්ටර්ද එක් වර්ණයක් යොදාගෙන සුදු කඩදාසියේ මුද්‍රණය කර තිබුණි. අදාළ අපේක්ෂකායේ නම යටින් සඳහන් වී නොතිබුණි නම් ඒ කාගේ ඒවාද යන්න පැහැදලි නැත. නමුත් එකල ආසන මට්ටමෙන් චන්ද විමසීම සිදු වූ නිසා, එක් එක් පාටින් නියෝජනය වන්නේ කුමන අපේක්ෂකාද යන්න සියළු දෙනා පැහැදිලිව දනී. එකල නිල් පාටින් ඇති පොස්ටරයෙහි අත සලකුණ ඉතා විශාලව ඇඳ ඇත. එය ඇල්බට් කාරියවසම් මහතාගේ එකකි. එය බලා අප ප්‍රදේශයේ එජාප අධාරකරුවන් පවසන්නේ,
"කාලා-කාලා බෙල්ලත් පෙන්නේ නැති හැටි"
යනුවෙනි. කොළපාට පෝස්ටරයේ අලියා ලකුණින් තරග කලේ රූපා කරුණාතිලක මහතායි. එතුමාද කාරියවසම් උන්නැහේගේ ප්‍රමාණයට සරිලන දේහ ලක්ෂණ පෙන්නුම් කළේය. නමුත් ඒ ගැන කතා කරන්නට ළමා වයසේ පසු වූ මගේ සොයුරිය සහ මා හැරෙන්නට කිසිවෙක් නොවීය. රතු පාටින් බෙන්තර - ඇල්පිටිය ආසනයට තරග කළේ පීටර් ජයසේකර මහතායි. රතු තරුවක් ඔහුගේ කාරයේ සවි කරගෙන ගිය ආකාරය මට අද මෙන් සිහි වේ. අපගේ නිවාස අසල වාහනය නතර කොට මගේ පියා හා වචනයක් දෙකක් කථා කරන්න ඔහු අමතක කලේ නැත. 

එකල දේශපාලනය අද හා සසඳන විට ඉතා ළදරු තත්වයේ තිබුණේ යයි අද දේශපාලනය කරන කෙනෙකුගෙන් ඇසුවහොත් පවසනු ඇත. මන්ද මා කලින් විස්තර කල කුඩා අත් පත්‍රිකා, නිවෙසින් නිවසට ගොස් බෙදීම, ආසනයක එකක් පමණ වන්නට වූ රැස්වීමක්ද, ඉඳ හිට පැවැත්වෙන පෙළපාලියක් හැරුණු කොට, ඔබ අද දකින දාහකුත් එකක් වූ දේ එදා නොවීය. මේ හැම වර්ණයකම පෝස්ටර් සහ පත්‍රිකා එකතු කිරීම එකල අපගේ විනෝදාංශය විනි. එකල  මගේ හොඳම මිත්‍රයා වූ සම්පත්ද, පාසලේ හොඳම මිත්‍රයා වූ අයිවන්ද සතුව මෙවැනිම එකතුවක් විය. අප ළඟ වැඩිපුර තිබෙන පත්‍රිකා හා පෝස්ටර් හුවමාරුවද ඒ කාලයේ කදිමට සිදු විය. සමහරු ඉඳහිට මේවා හොරකම් කල අවස්ථාද ඇත. මා වැඩිපුර මනාපයක් දැක්වූයේ මේ චන්ද ලකුණු හැකිතරම් එකතු කර ගැනීමටය. අත, අලියා, තරුව, ඇස වැනි ලකුණු මා සතුව තිබූ බව තවමත් සිහිපත් වේ. 

සිරිමාවෝ මැතිනිය පැමිණෙන බෙන්තොට කහඹිලියාකන්ද හන්දියේ පැවැත්වූ අවසන් මැතිවරණ ප්‍රචාරක රැලියට මගේ පියා බොහෝ කැපවීමෙන් වැඩ කළේය. මේ කාලයේ නිතරම ඔහුගේ උගුර බැරැන්ඩි වී තිබුණේ අද මෙන් පහසුකම් නොවූ එදා කුඩා රැස්වීම් ඇමතීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එකල ඔහුගේ දිවග නිතර රැඳී වචන මාලාවක් වූයේ "බෙන්තර - ඉඳුරුව, පහලගම් හය" යන්නය. මට එකල මේවා ප්‍රහෙලිකාවන්ය. මගේ මවගේ නිවසට යායුතුව තිබුණේ ඉඳුරුව පසු කරමිනි. එනිසා ඉඳුරුවු වූ කලී ගමක නමක් බව මා තේරුම් ගත්තද, පහල ගම් හය යනුවෙන් සඳහන් කරන්නේ පොලොව මට්ටමට පහලින් ඇති ගම් කිහිපයක් බව මගේ වැටහීම විය. අක්කාටද එයට වඩා වැඩි දැනුමක් ඒ ගැන නොතිබුණි. ඉහත කී රැලිය සඳහා වේදිකාව තනන්ට භාවිතා කලේ අපගේ නිවසේ වහල ගසන්නට එක්රැස් කරගෙන තිබූ පොල් පරාල සහ යට ලී කිහිපකි. සිරිමාවෝ මැතිනියට මල් බොකේ එකක් දීම සඳහා එකල වයස දහයක් වූ මගේ සොයුරිය තෝරාගෙන ඇති බව දැන ගත්තේ දෙමව්පියන් කරන කථා වලට රහසින් කන් දීමෙනි. එකල වැඩිහිටියන් කථා කරන අසලක ගැවසීමට හෝ ඒවාට ප්‍රතිචාර දැක්වීම සපුරා තහනම් කටයුතුය. 

නිල් පාට මල් බොකේ එක තනන්නේ  අපේ නිවසට ආ ගිය මගේ පියාගේ හිතවෙකුගේ බිරිඳ බවත්, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව හෙට ඔහු පැමිණි විට ලබා දෙන බවත් පියා පවසනු ඇසිනි. ගුරුවරුන්ටද දේශපාලන සංවාදයක් කරන්නට අවශ්‍ය වූ විට ඔවුන් අපට පවසන්නේ කැමති චිත්‍රයක් අඳින ලෙසය. අප එවිට කරන්නේ දේශපාලන වේදිකාවක් චිත්‍රයට නැගීමයි. අප අඳින වේදිකාවට අනුව ගුරුබවතුන්ට අපගේ ගෙදර දේශපාලනය කියවීමට හැකිය. ඒ අප අඳින්නේ අපගේ දෙමාපියන්ගේ දේශපාලාන දෘෂ්ඨියට අදාල ලකුණ සහ පාටට සරිලන වේදිකා බැවිනි. අපගේ නිවසට ආසන්නව අලුත්ගම නගර පිහිටා තිබුණි. එනිසා එහි පැවැත්වූ රැස්වීමක්ද බලන්නට අපත් කැටුව, අම්මා, තාත්තා පුංචි අම්මලා කිහිප දෙනෙකුද ගමන් ගති. පයින් යන ගමන මා ඉතා ඇලුම් කල දෙයක් වූයේ ගඟ හරහා පාළම පසුකර ගමන් කරන්නට සිදු වූ නිසාය. මෙවැනි ගමනකදී අප සෙවන සෙවන සහ ආරක්‍ෂිත තැනක නවතා අපේ පියා රැස්වීමෙන් ඉදිරිපසට ගමන් කරන්නේ තමන් දන්නා කියන මිතුරන් සමග එක්වී රස්වේම නැරඹීමටය. බේරුවල ආසනය බහු-ආසනයක් වූ බැවින් එයින් ආසන දෙකක් හිමි වන බව පියා පවසා සිටි විට මා අසා සිටියේ "ආසන කියන්නේ පුටු නේද ? එතකොට ඔච්චර මහන්සි වෙලත් ඕගොල්ලොන්ට පුටු දෙකද හම්බ වෙන්නේ?" යන්නයි. එවිට මවගේ මුහුණ බලා සිනාසෙනු හැර පියා යමක් පවසන්නේ නැත. 

මල් බොකේ එකට අවශ්‍ය ලැයිස්තුව පියාගේ මිතුරා ලබා දුන් විට එය දිග හැර කියවා මද සිනහවක් මුවේ රඳවා ගත මගේ පියා මිතුරාගෙන් විමසා සිටියේ

"මල් බොකේ එක හදන්න බිත්තර හයක්ම ඕනේ වෙනවද ?"
"හා... හා.. ඕක මෙහාට දෙන්න මහත්තයා මට වැරදිලා දීලා තියෙන්නේ අපේ නෝනා කේක් එකක් හදන්න ගේන්න කියපු ලිස්ට් වෙන්න ඇති. ... ආ... මේ තියෙන්නේ හරි එක"
සවස  දෙකට පැවැත්වූ එම රැස්වීම පිලිබඳ සිහිනයක් මෙන් මතකයක් ,මගේ සිතේ ඇත. එය පවත්වා මිනිත්තු ගණනකින් ධාරනිපාත වර්ෂාවක් අද හැලුනේය. එම චන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝදාපාළු වී ගියේ එම වැස්සට කාණු පිරී ඉතිරි ගලා ගිය ජාල ධාරවාන්ට අසු වූ පරඬැලා පතක් මෙනි. මගේ සොයුරිය මැතිනියට මල් බොකේ එක ලබා දෙන ඡායාරූපයක් බොහෝ කලක් අප නිවසේ තිබුණද, කාලයත් සමග ඒවා විනාෂා වී ගොසිනි. චන්ද ප්‍රතිඵල එන්නට පෙර එම අවස්ථාව ඉතා දුර්ලභ එකක් බවත්, එය සොයුරියගේ වාසනාවක් බවත් බොහෝ දෙනා පවසා සිටියෝය. නමුත් මැතිනිය දෙවන වරට අගමැති වූ පසු ඇයගේ අතින් සහතිකයක් ගන්නට ලැබුණු දුර්ලභ අවස්ථාවක් මට මග හැරී ගියේය. මහජන බැංකුවට එක් වූ විගස ක්‍රිකට් තරගාවලියක අවසාන තරගයට ක්‍රීඩා කිරීමට මට අවස්ථාව උදා විනි. එහි වැඩිම ලකුණු ලාභියා වීමට වාසනාවන්ත වුවත්, අවසාන තරගයට අප හා ක්‍රීඩා කල ජාතික රූපවාහිනී කණ්ඩායමේ අවසාන විකට්ටුවට ක්‍රීඩා කල උපාලි අරඹවෙල සහ සගයා, අපගේ අතටම පන්දුව ලබා දී ලකුණු තුනක් උදුරා ගැනීම නිසා අපට ශූරතාව අහිමි විය. අතට ලැබුණු පන්දුව කැලෑවට විසි කල අයට මා අදත් සිතින් දොස් තබන්නේ, එම පන්දුව රැගෙන කඩුල්ලට ආවා නම්, මා මුලින්ම ලබන්නේ ශූරතාව දිනාගත් සහතිකයක් බැවිණි. මැතිනිය අතින් එය ලබාගන්නා ඡායාරූපයක් මගේ පියාට පෙන්වූවා නම් ඔහු නගන සතුටු කඳුළු ප්‍රමාණය මට සිතා ගත හැකිය. නමුත් ඒ වනවිට මා ශාඛා පරිගණකගත කිරීම සඳහා ඇඹිලිපිටියට ගොස් සිටි නිසා, එම වර්ණ රාත්‍රියට සහභාගී වීමට නොහැකි විය. එම සහතිකය තවමත් එවකට අප ක්‍රීඩා සමාජයේ එවකට ලේකම් වරයා වූ ගයා පෙරේරා මහතා ළඟ ඇති බව දනිමි. එය අතුරු කතාවකි.

එම රැස්වීමට පැමිණි ආරියවංශ පතිරාජ කවියා අලියා විසුළුවට ලක් කර හිටිවන කවි ගායනා කලබව මට හොඳින්ම මතක තිබේ. මීට අමතරව අනගාරික ජී.අයි.ඩී. ධර්මසිරි මහතා ඇතුළු කණ්ඩායම අප නිවසට කැඳවා පාටියක් පැවැත්වීය. 

එකල අප පදිංචි වී සිටියේ අපගේ නිවසේ පිටුපසට වන්නට තිබෙන කාමර දෙකක් පමණක් සදා ගෙනය. පාරේ සිට අඩි හතළිහක් පමණ ඈතින් තිබූ එම කොටසේ ඉදිරිපස බිත්තියේ ඇල්බට් කාරියවසම් මහතාගේ පෝස්ටරයක් සහ අත ලකුණ සහිත පෝස්ටරයක් අලවා තිබුණි. මෝටර් සයිකලයෙන් පැමිණි පොලිස් නිලදරුවෙක් එය ඉවත් කරන ලෙස දන්වා සිටියත්, මගේ පියා පවසා සිටියේ පෝස්ටර් ඇලවිය නොහැක්කේ ප්‍රසිද්ධ ස්ථාන වල පමණක් බවය. නමුත් ඉන්පසු ඉතා තදින් කථා කල නිලධාරියා එය වහාම ඉවත් කරන ලෙස දන්වා සිටි විට, මගේ මව එය ගලවා දැමීය. ආණ්ඩුව විසුරුවලා නිසා එහෙම තර්ජනය කල බවද, තව ටික දිනකින් ඕවා නැතිවන බවද පැවසීය. ඉදිරියට පැමිණෙන්නේ අපට ඉතා අපල කාලයක් බව ඔහු නොදැන සිටියාද, නැතිනම් එසේ සිතන්නට අකමැති වූවාද යන්න ගැටලුවකි.

චන්දෙ ප්‍රතිඵල අහන්නේ නැන්දලාගේ ගෙදර බව මව පැවසු විට, මට එය මහත් ප්‍රහේලිකාවක් විය.

"මොනවද අහන්න තියෙන්නේ"

"ප්‍රතිඵල"

"කාගෙන්ද අහන්නේ"

"අහන්නේ රේඩියෝ එකෙන්"

"ඉතිං මේ තියෙන්නේ රේඩියෝ එකක්"

"ඒ වුණාට පුතේ, ප්‍රතිඵල යන්නේ රෑටනේ, අපිට මෙහෙ ඉන්න  බයයි"

"ඒ මොකද බය ? අනිත් දවස් වලත් ඉන්නේ"

"ඔයාට මේවා තේරෙන්නේ නෑ. ප්‍රතිඵල හොඳ නැති වුනොත් අපිට ගෙදර ඉන්න හොඳ නෑ. ජයසේන බාප්පා තමයි කිව්වේ එහෙ ඉන්න කියලා"

ඒ කාලේ මගේ වීරයා වෙලා හිටිය ජයසේන බාප්පා කියන ඕනෑම දෙයක් හරි බව මා විස්වාස කළ නිසා, එතැනින් එහාට කිසිවක් අසන්නට මා උත්සාහ කලේ නැත. ඇඳිරි වැටෙන්නට හැර  අපගේ නිවසින් මීටර් සීයක් පමණ ඈතින් ඇති නැන්දලාගේ නිවසට පයින්ම ගියේ අපගේ නිවසේ ඉදිරිපසින් නොව පිටුපස ඇති මහ ඉස්කෝල පිට්ටනිය හරහා ගොසිනි. එය ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීමක් විය. එකල මේ හැම දෙයක්ම ප්‍රශ්න කරන්නට ගොස් මා බැණුම් ඇසූ වාර අනන්තය. නැන්ද යනු මගේ පියාගේ එකම සොහොයුරියයි. ඇයට පුතුන් හතරදෙනෙක් වූහ. ඔවුන් සියළු දෙනා හැඩි දැඩි තරුණයන් විය. එනිසා අප ප්‍රදේශයේ කිසිවකු ඔවුන් සමග කලහයට නොආවේය. අප එහි යන්නට හේතු වූයේ එයම බව පසුව තේරුම් ගතිමි.

නැන්දලාගේ ගෙදර නිවසකට වඩා පොදු විනෝදාස්වාදය සඳහා වෙන්වූ තැනක් මෙන් විය. පල්ලියේ ගෙදර යනුවෙන් කවුරුත් හැඳින්වූ එම නිවසේ දහවල් කාලයේ බොහෝ දෙනාගෙන් පිරී ඉතිරි පවතී. එම නිවාස සහ ඉඩම අතීතයේදී ඕලන්ද සභාවට අයිති ස්ථානයක් විය. අප දන්නා කාලයේ සිට එහි ඕලන්ද ආකෘතියේ පල්ලියක් විය. පසුව එය ගරා වැටීමත් සමග, එහි වූ කොස් බංකු දෙකක් අපේ නිවසටද ලැබිණි. ඒවා උස්සන්නට අලි මාළු කෑ යුතු බව එකල බොහෝ දෙනාගේ මතය විය. නැන්දා විවාහ වී සිටියේ ජේමිස් නමැති ගැටහැත්තේ උපන් අතිදක්ෂ සූපවෙදියෙකු සමගය. ඔහු මුලින්ම බෙන්තොට තානායමේ සේවය කර ඇත. පසුව බෙන්තොට ජෑම් මෝල නමැති, ජෑම් නිෂ්පාදනාගාරයේ ප්‍රධාන කෝකියා(බාස්) වශයෙන් සේවය කර ඇත. එකල එංගලන්තයට ගිය වෛද්‍යවරයෙකුට මාස ගණනක් කල් තබා ගන්නට හැකිවන පරිදි ඔහු සාදා දුන් සීනි සම්බලය ගැන ඉංග්‍රීසි පත්තර වල වාර්තා තිබූ බව, මස්සිනා ගැන ඉතා ආඩම්බරයෙන් කථා කරන මගේ පියා පවසයි. ජේමිස් මාමා පෝලියෝ රෝගයට ගොදුරුව එක් පාදයක් අද්දමින් ගමන් ගන්නා අකාරය මට තවමත් සිහි වේ. ඔහුගේ ආරයට යමින් ඔහුගේ වැඩිමහල් පුතා වූ ජයතිස්ස අයියා, පියසිරි අයියා සහ විජේසේන අයියා සූප ශාස්ත්‍රයට යොමුව සංචාරක හෝටල් වල සේවය කළහ. මින් පියසිරි අයියා පිළිබඳව මෑතකදී මාධ්‍ය කථා කරන්නට පටන් ගෙන තිබුණි. ඔහු කලක් ආකාස කඩේ කෝකියකු ලෙස සේවය කර, පසුව ලලිත් කොතලාවල මහතාගේ පුද්ගලික කෝකියා ලෙසද, මාලදිවයිනේ ගෝල්ඩන් රොක් කැෆේ හීද, දැන් රජ බොජුන් හී ප්‍රධාන සූප වේදියා ලෙසද කටයුතු කරයි. දිනක් මා ඔහු මුණගැසෙන්නට එහි ගිය විට, එහි තීරයකට මුවා වී බලා පසුව මා මුණ ගැසීමට පැමිණියේය. එසේ කලේ ඇයිදැයි මා ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ

"අරටුව පත්තරෙන් එනවා රෙසිපි ඉල්ලාගෙන, ඔහොම දෙන්න රෙසිපි තියෙන්නේ කා ලඟද බං" යනුවෙනි.

එයද අතුරු කතාවකි. අපේ නැන්දාගේ මෙම පුතුන් නොවන්නට 1977 දී අප මරු තුරුලට යන්නට ඉඩ තිබුණි. ප්‍රතිඵල අසන්නට තිහකට ආසන්න පිරිසක් එහි විය. රේඩියෝව වටා වටවුණු පිරිසට ආලෝකය  දුන්නේ පැට්‍රොමැක්ස් ලාම්පුව්කි. එයට හුලං ගැසීමට එදින බොහෝ දෙනෙකි. ඒවාගේ එලිය තරම් එළියක් බල්බ් වලින් නොලැබෙන බව මගේ විශ්වාසයයි. රජයේ ගැසට් පත්‍රයක් සොයාගෙන තිබුණේ, සියලුම ආසන සඳහා වූ නම් ලැයිස්තුව එහි වූ නිසාය. එහි මුලින්ම ප්‍රතිඵල සටහන් කරන්නට ඉදිරිපත් වූයේ මගේ පියාය. මුල්ම ප්‍රතිඵලය මගේ මතකය නිවැරදි නම් පදිරිප්පු නමැති මඩකලපු දිස්ත්‍රික්කයේ කුඩා ආසනයේය. එක හැල්මේ එක්සත් ජාතික පක්ෂය දිනන විට මගේ පියා පැත්තකට විණි. ඉන් පසු ප්‍රතිඵල සටහන් කලේ රණසිංහ අයියායි. කිසිම ආසනයක් තාත්තාගේ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාත්‍රියේදී නොලැබිණි.

"මිනිස්සු පරිප්පු කන්න චන්දෙ දුන්නා එහෙනං"

යනුවෙන් මගේ පියා පැවසීය. මැතිනියගේ ආණ්ඩුවේ පැවති සංවෘත ආර්ථික රටාව නිසා රටේ ඇති වූ හාල්, පිටි, සීනි හිඟය නිසා ජනතාව බොහෝ අපහසුතාවන්ට පත් වූ පසු මෙවැනි ප්‍රතිඵල ලැබීම සාමාන්‍ය කරුණක් ලෙස පසුව මා දැන ගත්තේ පුවත් පත් වලිනි. හාත්පස වෙඩි පුපුරන්නා සේ ඇසෙන රතිඤ්ඤො හඬ කන් පිපිරෙන තරමට විය. උදෑසන වනවිට  දැඩි එජාප පාක්ෂිකයෙකු වූ අප නිවසට ඉදිරිපස නිවසේ වූ ඊබට් අංකල් බීමතින් කමිසයක් නොහැඳ, රේඩියෝව කරේ තබාගෙන පාරදිගේ එහා මෙහා ගමන් කරන අයුරු අප බලා සිටියේ විමතියෙනි. කුඩා කාලයේ උගුරේ තෙල් ටිකක් ගාගෙන අපව ගිලිනවා යනුවෙන් මේ කාල වර්ණ පුද්ගලයා අප බියවැද්දීය. ඔහු මගේ පියා සමග ජම්මාන්ත වයිරක්කාරයෙක් සේ හැසිරිණි. මගේ පියාට එලියට එන්නයි නැන්දාගේ නිවාස ඉදිරිපස හන්දියේ සිට අභියෝග කළේය. මගේ පියා ආයාසයෙන් කෝපය මැඩගෙන සිටින අයුරු අප බලා සිටියේ ශෝකයෙනි.

5/6 ක බලයක් ලබාගත් ජේ.ආර්.ජයවර්ධන මහතාගේ රජය සතියක් පොලීසියට නිවාඩු ලබා දෙන බව පැවසීමෙන්, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයට උඩ-ගෙඩි දීමක් කළේය. අපට දවස් දහයකට පසු අපගේ නිවසට යාමට හැකි විය. එහෙත් අප පසුවූයේ භීතියෙන් බව පැවසිය යුතුය. එය එල්.ටී.ටිය සිටින ආසන්නයේ සිංහල ගමක වසනව වැනිය. සෑමදිනකම බීමතින් පැමිණෙන ඊබට් අංකල් පවසන ලද කුණුහර්ප මාලාව අපට ඒ විෂය පිලිබඳ විශ්ව විද්‍යාලයක් බඳු විය. අපගේ නිවසේ පිටුපසට ඇසෙන්නට තරම් ප්‍රමාණයකින් ඔවුන්ගේ රේඩියෝව ක්‍රියාත්මක විය. අපේ නිවස අසලින් පෙළපාලි යනවිට ජයසේන බාප්පා  බයිසිකලයෙන් පැමිණ, අපගේ ගේට්ටුව හරස් කරගෙන නවතින්නේය. නැතිනම ඔලුවට බාල්දි දමාගත්, කොළ අතු ඇඳගත් වනචාරීන් ලෙස හැසුරුණු පිරිස, බොහෝ අමාරුවෙන් කළ දවස ගෙවූ මේ රජයේ සේවකයාගේ නිවාස පොළොවට සමතලා කරනවා නියතය.

1977 Sri Lanka General Election Results
පින්තූරය ගත්තේ : www.wikipedia.org
ප්‍රතිඵලය මේ පින්තූරයෙන් පෙනෙන අකාරයේ විය. නිල්පාටින් දක්වා ඇත්තේ මැදවච්චිය, ආනමඩුව, ගම්පහ, අත්තනගල්ල, කොත්මලේ, නුවර එලිය-මස්කෙළිය(බහු ආසනය), මැද කොළඹ(බහු ආසනය), හාරිස්පත්තුව(කුඩය ලකුණින්) යන ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජයගත් ආසනය.

Saturday, June 15, 2013

යස අපූරුවට මාකට් වෙන ඉන්දු-පකිස්තාන් දේශ සීමා අරගලය ....

මීට අවුරුදු දෙකකට විතර කලින් මම කියවපු පොතක් ඝනඳුර. ඒක පරිවර්තනයක්. එයට පසුබිම් වෙන්නේ ඉන්දියාවට සහ පාකිස්තානයට නිදහස ලැබෙන්න ඔන්න-මෙන්න කියලා කියපු කාලේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තේ සිද්ද වෙච්ච සිදුවීම් රැසක්. සමහරවිට එහි තිබෙන කතා බොහොමයක් ඇත්ත වෙන්න පුළුවන්. අද මේ පොත මගේ ගාව නෑ. ඒක දන්නා කෙනෙකුට දුන්නා බලන්න තවම ලැබුණේ නෑ. ලැබෙන එකකුත් නෑ. තිබුණා නම් එහි තිබෙන අපූරු කොටස් ටිකක් උපුටා ගන්න තිබුණා. 

ඒ පොත කියවගෙන යත්දී වෙලාවකට පුදුම හිතෙනවා, තවත වෙලාවකට හාස්‍යක් ඇති වෙනවා, තවත් වෙලාවකට ඇතිවෙන්නේ කනගාටුවක්. ඒකෙ තියෙන සිද්ධි ටික කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. 
  • පන්ජාබ් ජාතික තරුණයෙකුව අල්ලා ගන්නා මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ඔහුව බලනේ සුන්නත් කරනවා. ඔහු ආපසු ආ විට තමන්ගේ ජාතියෙන් ඔහුට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. 
  • මුස්ලිම් දේවස්ථානයක මිදුලේ දවසක් ඌරු කුණක් දමා තිබෙනවා. එය මරන්න යොදවන පුද්ගලයා මුදල් නිසා කොහොම හරි රාත්‍රියක් නිදි වර්ජිතව අර ඌරා සමග පොර බදනවා. වෙලාවකට ඔවුන් දෙදෙනාටම හොඳහැටි හති වැටෙනවා. වෙලාවකට අර මිනිසාට ඌරා ගැන දුක හිතී ඌ නිදහස් කරන්න පවා සිතෙනවා. තවත් විටෙක ඔහුට මේ කොන්ත්‍රාත්තුව අතැර පලා යන්න සිතෙනවා. අධික සීතල සහ මුදල් නිසා ඔහු අවසානයේ අවශ්‍යතාව ඉටු කරනවා.
මේ වගේ සිද්දීන් සිය ගානක් ඒ පොතේ විස්තර කර තිබෙනවා. මේ හැම දෙයකින්ම් පෙනෙන්නේ ඔවුන්ගේ තිබෙන අන්තවාදී ස්වභාවය සහ එකට එක කිරීම. මම හිතන්නේ අපේ රටේත් ඔය එක එක දේවල් පස්සේ යන හැමෝම කියවන්න අවශ්‍යම පොතක් තමයි මේක. ජාතීන් දෙකක් බේද-භින්න වෙන ආකාරය හොඳින්ම තේරුම් ගන්න පුළුවන් ඒ පොත බැලුවම. 

මේ ප්‍රශ්ණය අද කොයි තරම් ඔඩු දුවලද කියලා තේරෙනවා, ඔවුන්ගේ දේශ සීමාවන් තිබෙන ප්‍රදේශ වල සංචාරය කල අය පෙන්වූ වීඩියෝ පඨ දැක්කම. ඉන්දියානුවන් නිපදවන චිත්‍රපට දැක්කම, ඒ වගේම මේ දෙගොල්ලෝ ඉඳහිට කරන අවි අත්හදා බැලීම් දැක්කම. 

මේ නිපදවන චිත්‍රපට වලින් කෙරෙන්නේ මොකක්ද? අර පාරම්පරික වෛරයෙන් පැසවන ජාතික හැගීම් තියෙන ජනතාවට තාවකාලික ආතල් එකක් සපයලා නිෂ්පාදකයා මඩිය තර කර ගැනීම. 

මෑතකදී ඉන්දියාවේ හිමචාල් ප්‍රදේශයේ සංචාරය කරපු මගේ මිත්‍රයෙක් පෙන්වපු වීඩියෝව දැක්කම මට හිතුනේ මේ මිනිස්සු මේ නිගා කර ගන්නේ මිනිස් කමටම නේද කියලා. ඔවුන් දෙපැත්තට වී හූ කියා ගන්නා දර්ශන, හමුදා චාරිත්‍ර වලින් තමන් ඉහල ජාතියක් යයි පෙන්වන්නට කරන උත්සාහයන්. මට නම් මේවා තනිකරම සිනහව සහ කලකිරීම ඇති කරවන දර්ශණ. 

පින්තුරය ගත්තේ : www.espncricinfo.com
මේ දෙගොල්ලා අතර තියෙන සීතල යුද්ධය වඩා හොදින්ම පිට කරන අවස්ථාවක් තමයි ඉන්දියා පාකිස්තාන් ක්‍රිකට් තරග. මේ දෙගොල්ලෝ දෙගොල්ලන්ගේ රටවල් වලට ගිහින් ක්‍රිකට් ගහන්නේ නෑ. එහෙත් වෙනත් රටක තිබෙන තරග නරඹන්න මේ කණ්ඩායම් දෙකේ ආධාර කරුවන් බුරුතු පිටින් පැමිණෙනවා. එතනදී අර පාරම්පරික වෛරය පිට කරනවා. මේක හොඳින්ම දන්නා රුපවාහිනී නාලිකා මේක හොඳටම මාකට් කරනවා. ඒ අය විතරක් නොවෙයි අයිසීය පවා මේවා හොඳට මාකට් වෙන බව දන්නවා.

අනිත් දේ තමයි තරග අතරතුරදී මේ දෙගොල්ලෝ ඇති කර ගන්නා උණුසුම් වාද විවාද සහ වෛරය පිට වන ආකාරයේ හැසිරීම්. මේවාට පදනම් වෙන්නේ කුඩා දරුවන් කාලේ ඉඳලම මේ අයගේ හිත් වලට කාවද්දලා තිබෙන වෛරය.  

හැබැයි මේ දෙගොල්ලෝ යස අපූරුවට එකම කණ්ඩායමකට ක්‍රීඩා කරපු අපූරු තරගයක් නරඹන්න මට අවස්ථාව ලැබුණා. ඒ 1996 දී ආරක්ෂක තත්වය මත ශ්‍රී ලංකාවේ තරග ප්‍රතික්ෂේප කරපු ඔස්ට්‍රේලියාවට සහ බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් වලට මෙහි එහෙම ගැටළුවක් නැති බව පෙන්වන්න පැවැත්වුන තරගය. එම තරගයේදී ඉන්දියාවේ අසාරුදීන්, ජඩේජා, මොන්ගියා වගේම පාකිස්තානයේ අක්රම්, වකාර් එකම කණ්ඩායමක ක්‍රීඩා කළා. 

ඒක ඉන්දීය-පකිස්තාන් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් විදියටයි මම දකින්නේ. අද පාකිස්තානයේ කිසිම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ නෑ. ඒකට එකම හේතුව ඉන්දු-පකිස්තාන් අරගලය නොවුනත්, ඉන්දියාව තුලට පාකිස්තානුවන්ට එන්න අවසරත් නෑ. 

මේ වෙනුවෙන්ම නිපදවන රුපවාහිනි වෙළඳ දැන්වීම් පවා තියෙනවා. පහලින් තිබෙන වීඩියෝ තුනෙන් එකක් මේ දෙගොල්ලන් අතර ඇති වෙච්ච උණුසුම් අවස්ථා ගැන. අනෙක් දෙක ඉන්දියා පකික්ස්තාන් ක්‍රිකට් උණුසුම ගැන කියවෙන ඒවා. ඒවා බලලම තීරණයකට එන්න.

මේ සටහන තියන්න විශේෂ හේතුවක් තියෙනවා. අද මේ දෙගොල්ලන් අතර තරගයක් තියෙනවා චැම්පියන්ස් කුසලානයේ. නමුත් මේ වෙනවිට කණ්ඩායම් දෙකට මේ තරගය තීරණාත්මක නෑ. ඒත් මේ දෙගොල්ල්නගේ තරගයක් ඉතාම උණුසම් වනවා නොරටකදී පවා. ප්‍රේක්ෂකයන්ගෙන් පිරුන ක්‍රීඩාංගණයක් අද දකින්න පුළුවන්. 

වල ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල් කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට. මේ දෙගොල්ලන් උණුසුම් වෙනකොට ස්ටාර් ටී.වී. ආයතනය සහ අයි.සී.සිය වෙළඳ දැන්වීම් වලින් හොද්ද බොර කර ගන්න බව එයාලට තේරෙන්නේ නෑ. 




_______________________________
ප.ලි. : ලියන්නම අවශ්‍ය දෙයක් අමතක වුණා. මෙතන ඉන්දියාවට තියෙන ප්‍රශ්ණය අර හිතුමතේට දුව දීග ගියහම වැඩිහිටියන්ට තියෙන දුක වගේ එකක්. තමන්ගෙන් වෙන් වෙලා ගිය නිසා තමයි වැඩිම තරහා තියෙන්නේ. මේ වගේ උදාහරණ ලංකාවෙත් සමහර දේශපාලන පක්ෂ වල තියෙනවා.

Monday, March 4, 2013

පොලීසියේ හිටිය හොඳ මල්ලිට මොකද වුනේ ? (අඳුරු යුගයේ තවත් මතක සටහනක්)

අද මම කාලෙකින් CSN නාලිකාව බලන්න පටන් ගත්තා. ඒකට හේතුව මගේ ඉන්දියන් සැටලයිට් කනෙක්ෂන් එක කපලා. ගෙදර කවුරුවත් නෑ. මගේ දියණියත් ගමේ ගිහිං. තනියම ඉන්න පාලු නිසා ඇන්ටනාවට සම්බන්ධ කේබල් එක ගහලා රුපවාහිනිය බලන්න පටන් ගත්තා. නමුත් පේන එකම නාලිකාව වෙච්ච CSN එකේ යන්නේ වේග රිද්ම සජීවී සංගීත ප්‍රසංගයක්. එහි වම් කෙලවර වෙලාව සටහන් වෙන්නේ 23:18:00 ලෙස මේ ටික ටයිප් කරලා ඉවර වෙත්දී දැන් පෙන්වන්නේ 23:22:16. මම හරියටම තප්පරේට වෙලාව දැම්මේ ඇයි ? හේතු දෙකක් තියෙනවා. 

පින්තුරය ගත්තේ : www.sarasaviya.lk
මේ වෙලාව වේදිකාව සැරසුවේ පොඩි ළමයා නොහොත් දීපාල් සිල්වා. අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍යද ? හොඳයි මම කියන්නම්. අර ඉස්සර හිටිය සාජන් නල්ලතම්බිගේ අඩි පාරේ යන දැන් ඉන්න වේදිකා නළුවා නොහොත් ගායකයා. දීපාල් සිල්වා මෙතනට වැදගත් නැති වුනත් මගේ සිහියට සාජන් නල්ලතම්බි නොහොත් නිහාල් සිල්වා ආවහම මගේ මතකය එක පාරට අවුරුදු 20-21 ඈතට ඇදිලා ගියා. මේ කාලයේ සිදු වුනු එක අවාසනාවන්ත එහෙත් වැදගත් සිදුවීමක් මතකට නැගිලා මොර දෙන්න පටන් ගත්ත හින්දා. ආහ් ! තව පොඩ්ඩෙන් අමතක වෙනවා තප්පරේට වෙලාව දාපු හේතුව ඒ කාලේ තප්පරයක් ජීවත් වෙන එකත් හීනයක් වගේ නිසා. 

අද ගෙදර කවුරුවත් නැති දවසේ මම කෑම එකක් ගන්න කොහුවල ගිහාන්ස් එකේ ඉන්නකොට සජිත් ප්‍රේමදාස මහත්මයා වේදිකාවේ සුපුරුදු විදියට කෑ ගහනවා දැක්කා. ඒකත් මේ වෙලාවේ සිහියට ආවේ මොකද ? මගේ ෆේස්බුක් මිතුරකු  විසින් පැය කිහිපයකට පෙර තම ෆේස්බුක් වෝල් එක මත ෂෙයාර් කර තිබූ "ලාංකීය සමාජය දේහය විසින් උකහා ගත යුතු රෝහණ විජේවීර දර්ශනය" නමැති ඡායාරුපයත් මගේ මතක ගබඩාවේ එහාම කෙළවරක තිබූ එක් මතකයක් කාලයේ වැලිතලා වලින වැසී යන්නට නොදී එලියට ගත්තා. මීට අවුරුදු විස්සකට පමණ පෙර මාත් සමග දොඩමලු වූ ගුවන් හමුදාවේ ස්වෙච්චා සේවා ලෙෆ්ටිනන් වරයා මා සමග එළිකර සිදුවීම.

මේ සිද්දි හතර මම ගලපන්නම්. ඒත් ඒක පුදුමාකාර අහම්බයක් ලෙස තමයි මගේ මතකයේ අහුමුළු අතර විදිලි කෙටුවාක් මෙන් මොහොතක් තුල එලිය ආවේ. හොඳයි මම මෙහි හතරවන තැනින් පටන් ගන්නම්. ඔහුගේ නම කුමක්දැයි මට අද හරියාකාරව මතක නෑ. එහෙම අහන්න තරම් ආත්ම ශක්තියක් ඒ කාලේ අපට තිබ්බත් නෑ වගේ කියන දෙයක් ඔහේ අහගෙන හිටියේ කොහෙන් පත්තු වෙලා බෙල්ල ගහලා යයිද කියන බිය නිසා. මේ කතාව මම ඇහුවේ 1993 යම් දවසක වගේ කියලා මට හිතෙනවා. ගුවන් හමුදා ස්වෙච්චා සේවා ලෙෆ්ටිනන් වරයා ඒ වනවිට එයින් ඉවත් වෙලා. ඔහු සිවිල් රැකියාවක් කලේ. ඒ ගැනවත් මම විමසීමක් නොකළේ ඒ කතාව අහලා මගේ හිතේ ඇති වෙච්ච ත්‍රාසය නිසා. ඔහුගේ වචන වලින් මම අහපු කතාව මෙහෙම
මල්ලී මම එතකොට එයාර්ෆොස් හිටියේ. ඔය දවසේ මම ඩියුටි හිටියේ දෙහිවල හන්දියේ තියෙන චෙක් පොයින්ට් එකේ. මගේ අතේ තිබ්බ සෙට් එකට හදිසි පණිවිඩයක් ආවා මෙන්න මෙහෙම. "තව විනාඩි පහකින් ගාල්ල පැත්තට වේගෙන් කළු පාට කාර් එකක් එයි. අනිත් පොයින්ට් වලින් නවත්වන්න කිව්වට නැවැත්තුවේ නෑ. ඒකට කෙලින්ම ෆයර් කරන්න. මම .......". මේක ඇහුවම මට එච්චර ගානක් ආවේ නෑ. අපිට ඉතින් ටී 56න් වතුර විදින තුවක්කුව වගේ. මගේ ගාව හිටිය සොල්ජර්ලා දෙන්නව මම හොඳට පාර ක්ලියර් තැනකට අරන් ආවා. උන් දෙන්නටත් මේ කතාව කිව්වා. සමහරවිට සෙට් එකෙන් ආපු මැසේජ් එක ඇහෙන්නත් ඇති. උන් දෙන්නා වෙපන් ලෝඩ් කරගෙන රෙඩි පිට හිටියා. හරියටම විනාඩි පහක් ගියේ නෑ. කඩාගෙන එනවා කියපු විස්තර තියෙන කාර් එක. හන්දියට එනකොටම මම "ෆයර්" කිව්වා. කොල්ලෝ දෙන්නා තිබ්බ හරියටම. වීදුරු කුඩු වෙලා ගිහින් වාහනය ටිකක් දුර ගිහින් නැවතුනා. අපි දුවලා ගිහින් බැලුවා. කළු තට්ටයෙක්ට තමයි වෙඩි වැදිලා තිබුනේ.  ඇත්තම කියන්න මල්ලී මම දැනගෙන හිටියේ නෑ ඒ කාර් එකේ හිටියේ සාජන් නල්ලතම්බි බව."
ඔහුගේ ස්වරයේත් තැති ගත් විලාසයක් තිබ්බා.  ඔහු නැවතත් හඬ අවධි කළා

මගේ ඇඟ සීතල වෙලා හිටියේ. ඒත් වැඩේ හරියට කරාට මට තෑන්ක් කළා. මම හොඳටම බය වුණේ නල්ලතම්බි එක පැත්තකට අහිංසක මිනිහා නිසා. ප්‍රසිඩන්ට් එක්ක හිතවත් හින්දා මට වතුරවත් ගිලෙන්නේ නැතිව හිටියේ. ඒත් පස්සේ ආරංචියක් ගියා කාර් එකේ කුඩු තිබිලා කියලා. පස්සේ තමයි මේකේ හරි සුල මුල එලියට ආවේ. මේ වෙද්දී අත්තනායක කියන කෝටිපතියා විදියට වෙස් වලාගෙන හිටිය විජේවීරව අල්ලලා මරලා තිබ්බ කාලේ. විජේවීර අල්ලපු ගමන්ම මරලා තියෙනවා. ඒත් විජේවීර වගේ කතාව කරලා තියෙන්නේ නිහාල් සිල්වා. ඒක වෙන්න ඕනේ මේ කේස් එකට හේතුව. ඒත් අපි වෙඩි තියලා දවස් දෙකකින් අපේ ගේ STF එකෙන් වට කරලා මාව හොයලා තියෙනවා. මේ කාලෙම තමයි හමුදා වල අයගේ ගෙවල් වල ය මරණවා කියන කතාව ගියේ. අපේ අම්මලා එදා හරියට බය වෙලා තියෙනවා

මේ කතාව මම ඒ කාලේ ඒ හැටි විශ්වාස කලෙත් නෑ. අනිත් එක මේ මිනිහා මේ විදියට මගෙත් එක්ක මේ කතාව කිව්වේ මාව අල්ලන්න පොටක් හොයා ගන්නද කියලා මට හිතුණා. ඒ කාලේ අපි බොහොම ප්‍රවේසමින් තමයි වචන පිට කලේ. ඊට ගොඩ කාලෙකට පස්සේ කවුරුන් හෝ මේ තොරතුරු එලි කලාම මේවා ඇත්ත නේද ? කියලා  හිතුණා. මේ කතාවේ ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නෑ. ඒත් පුදුම විදියට මතකයට ආපු නිසා අකුරු කළා. 

දැන් පැහැදිලියි නේද, සජිත් ප්‍රේමදාස, රෝහණ විජේවීර, දීපාල් සිල්වා, සහ නාඳුනන ලෙෆ්ටිනන් වරයා යන හතර දෙනාගේ අවස්ථා සම්බන්දේ මොකක්ද කියලා. 

පින්තුරය ගත්තේ : www.divaina.com
 මගේ මතකයේ තාම තියෙනවා නල්ලතම්බි නාටකයේ ඔහු ගයපු සිංදුවක කොටසක් 
දශ්කොන් වාගේ බෙල්ල කැපේවීදෝ

ෂී. මං බය නෑ -  ෂී මං බය නෑ.
ලොකු මාත්තිය මගේ තට්ටේ පලාවීදෝ
මගේ මිතුරා හොඳ මුනියා - මගේ මිතුරා හොඳ මුනියා 
______________________________________
මට තියෙන ප්‍රශ්නෙ මේ අභිරහස් මරණය ගැන නෙවෙයි

  • නල්ලතම්බි එදා කල භූමිකාව අද පොඩි ළමයා කරනවාද ? 
  •  රණසිංහ ප්‍රේමදාස දේශපාලකයාගේ භූමිකාවට ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා පන දෙනවාද ? 
  • රෝහණ විජේවීර නම් වාමවාදීයා ගිය මග අද ජවිපෙ සිටිනවද ?
ඒවා එසේ සිදු විය යුතු යයි මා යෝජනා කරන්නේ නැත. මේ ප්‍රශ්ණ මගේ හිතට නැගුනු ඒවායි.  මා අසන්නේ නොදන්නා කම නිසයි. පිළිතුරු දීම ඔබට බාරයි. පිළිතුරු අත්‍යවශ්‍ය නැත. මා වැනි දේශපාලනය නොදත් අයට බලා සිටිය හැක.  

Wednesday, December 26, 2012

රාමරාජ්ලා අපට කියා දෙන පාඩම

කාලෙකට පස්සේ පහුගිය සෙනසුරාදා ගෙදර ඉන්න අවස්ථාවක් ලැබුණා. එහෙම කිව්වේ බොහෝවිට සෙනසුරාදා දින වල වැඩ කරන්න සිදු වෙන නිසා. ටිකක් වැඩි වෙන්න නිදාගෙන උදේ අටට විතර ඇහැරිලා සාමාන්‍යයෙන් එදිනෙදා කරන වැඩ ටික වෙනදට වඩා මන්දගාමීව ගෙවලා ලැප් එක ඉදිරියේ වාඩි වෙලා ඉඳිද්දී කුඩා කාලේ නිතරම වගේ අහපු දැන් වැඩියෙන් අහන්න නොවෙන පාරේ කෑ ගහන සද්දයක් ඇහුනා. ඒ "පිහිය මුවාත් - කතුරු මුවාත්" කියන වදන. දැන් කාලේ මේ වදන් පෙළ ඇහෙන්නේ බොහොම අඩුවෙන් කියල ඔබ කව්රුත් පිලිගන්නවා නේද ? 

එහෙම වෙන්න හේතුව මොකක් වුනත්, නිදි මරගාතේ ලැප් එක ඉස්සරහට වෙලා හිටිය මගේ මොලය හරහා විදිලි කෙටුවාක් වගේ පණිවුඩයක් ආවා. "ඒ අපේ ගෙදර තියෙන එක පිහියකින් වත් මැරිච්චි මිනිහෙකුගේ නහය වත් කපන්න බෑ නේද ?" කියන එක. මම දෙපාරක් හිතන්නේ නැතිව එලියට දුවලා ඒ තරුණයාව අපේ නිවසට කැඳවා ගත්තා. ඉතාම විනීත ස්වරුපයක් පෙන්නුම් කරපු මේ පුද්ගයලා නිවසට අතුලු වත්දී ඔහුගේ පාවහන් දෙක ගලවා ආවා. මා පිහි ටික ගෙන්න ඇතුලට ගියේ මගේ නංගිගේ පුත්‍රයාට ඒ පැත්ත බලා ගන්න කියා.

මා පිහි ටික රැගෙන එන විට, ඉස්තෝප්පුවේ එක් කෙළවරකට වන්න තිබෙන ටැප් එක ළඟ මේකා කකුල් දෙක සහ පාවාහන් යුගල හෝදනවා. ඒක දැකලා මට පොඩි කලකිරීමක් ඇති නොවුනෙත් නෑ. ඒත් මා බලා සිටියා මේකා ඊළඟට කරන්නේ කුමක්ද කියා. නැවතත් සෙරෙප්පු දෙක අතට ගත් ඔහු යලිත් එය ඇතුළු වන දොරටුවෙන් පිටත තබන්න වග බලා ගත්තා. මොහොතකට ඇති වූ කලකිරීම නැවතත් යථා තත්වයට පත් වුනා. මම අරගෙන ආ පිහි ටික අතට දී

"මේ ටික මුවත් තියන්න කීයක් යනවද ?" 

කියා විමසා සිටියා. ඔහු වයස 30ක පමණ තරුණයෙක් වග නිගමනයකට එන්නට මට වැඩි වෙලා ගියේ නෑ. පිහි ටික දෙස රිලා බැල්මක් හෙලා අවසානයේ කට හඬ අවධි කළා

"මාත්තයා හොඳ පිහි ටිකනේ, හොඳට මුවාත් කොල්ලා දෙන්නං, රුපියල් තුන්සිය පනාක් දෙන්න"

"තුන්සිය පනහක් වැඩියි. තුන්සීයක් දෙන්නම්"

"පනාක් බලන්න එපා මාතියා"

"හරි හරි පටන් ගන්නකෝ"

අපේ ගෙදර අමුතුම මාදිලියේ ඉස්තෝප්පුවක් තියෙන්නේ. මේක අඩි 10 x 30 ප්‍රමාණයේ එකක්.(මගේ දියණිය මෙතැන් චායාරුප බොහෝවිට ගන්නවා. එහෙම එකක් තිබුනොත් දාන්නම්). එතනම වාඩි වූ ජංගම කම්මල්කරුවා(අවසානයේදී කල කථාවේදී අසා ගත් නම පොස්ටුව ගලා යාමේ පහසුව සඳහා මෙතැන් සිට භාවිතා කරන්නම්. ඔහුගේ නම රාමරාජ්)

ෆැන්ටා ක්‍රෙට් එකක් මත වක්‍රාකාර ගිනිගලක් සවි කල සරල උපකරණයක් ජීවිත සටනක් ගෙන යන්න දිරි දෙන උපාංගයක් ලෙස යොදා ගැනීම කෙතරම් අපූර්ව ජනකද? බොහෝ දෙනෙකුට තම ජීවිකාව කරගෙන යන්නට කෙතරම් උපාංග ප්‍රමාණයක් උවමනා කරනවාද ?මේසන් බාස් කෙනෙකුට, වඩු බාස් කෙනෙකුට. ඔහු ළඟ මේ අපුර්ව උපකරණය හැරෙන්නට අඬුවක් සහ මිටියක් ඇති බව පැහැදිලි වුණා. හිටි තැනම වාඩි වූ රාමරාජ් එක් පිහියක් අතට ගෙන පිහියමුවාත් යන්ත්‍රය කරකවන්න පටන් ගත්තා. එය කරක්වෙන රිද්මය සහ කුඩා ගිනි පුපුරු විහිදුවමින් ඇති කරනා චිරි චිරියත් දෙස ආසාවෙන් බලා සිටි මගේ මතකය කුඩා කල වෙත පිය මැන්නේ නිරායාසයෙන්. එහෙත් මොහොතකින් යන්ත්‍රය හෙමින් එහා මෙහා යන බව මට තේරුනා. වහා ඔහු නවත්වා ගරාජ් බිම වෙත ස්ථාන මාරුවක් කලේ. ඉස්තෝප්පු බිම ඉරි ඇඳුනොත් පිහි කෙතරම් හොදින් මුවහත් වුවත් වැඩක් නැති නිසා.

හිස නවාගෙන පාඩුවේ තම රාජකාරිය රාමරාජ් තම රාජකාරිය කරන දෙස අප දෙදනා බලා සිටයේ දැහැන්ගතව. කුඩා කල සිටම විවිධ රැකියා කරන අය නිරීක්ෂණය කිරීම මගේ විනෝදාංශයක්. ඒ මගින් ඒ එක් එක් රැකියාව පිලිබඳ යම් අවුබෝධයක් ගන්න මා පුරුදු වී සිටියා. පිහි හතර මුවහත් කරන්නට ඔහුට ගත වුනේ විනාඩි 20ක් පමණ කාලයක්. ඒ කියන්නේ එක් පිහියක් සඳහා ගත වන්නේ මිනිත්තු පහක් වගේ කාලයක්. ඔහු දෙස බලා සිටි මා හිතින් බ්ලොග් පොස්ටුවක් ලිව්වා.  විනාඩි විස්සකට පසු වතුර වීදුරුවක් ඉල්ලා පානය කල ඔහුට මා රුපියල් තුන්සීයක් දිගු කළා. 

"මාත්තයා පනාක්ම අඩු කළා නේ"

ඒ වචන පෙළ මගේ මහත්තයා කම යම් හෑල්ලුවකට ලක් වුවා නොවේදැයි යන සිතුවිල්ල මගේ හිතේ ඇති කලා. යම් කෙනෙකුගේ වෘත්තීය ගරුත්වය අප ආරක්ෂා කල යුතු නොවේද? මා තවත් රුපියල් විස්සක් ඔහු අත තැබුවා. පනහම දෙන්න සිත පහල වූවත්, භාණ්ඩයක් හෝ සේවාවක් ගැනීමේදී හැකි හැම විටම කේවල් කල යුතු නොවේද? ඒත් මේ අහිංසක පිහිය මුවාත් කරුගෙන් රුපියල් පනහක් ඉතිරි කරගෙන කළහැකි මහා ඉතිරිය කුමක්ද ? මේ සිතිවිලි අතර භ්‍රමණය වූ සිතිවිලි මාලාව පසෙක තබා මා ඔහු සමග කෙටි පිළිසඳරක යෙදුනා.

රාමරාජ් පදිංචි වී සිටින්නේ මොරටුවේ. මොරටුව යනු දෙමළ ජනතාවට ආවේනික ප්‍රදේශයක් නොවේ. එහෙත් පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මන්නාරමේ සිට මොරටුවට සංක්‍රමණය වී එහි ජීවත් වේ. රාමරාජ් කොළඹ එන්නේ දුම්රියෙනි. ඉන් පසු යම් මාවතක් තෝරා ගන්නා ඔහු මෙවැනි නිවෙස් කිහිපයකට සේවාව සපයයි. දවසකට රුපියල් 1500ක් පමණ උපයා ගත් පසු නැවතත් තම කැදැල්ල බලා පියාඹයි. එහි ඔහුගේ බිරිඳත් දියණිය සහ පුතාද වෙයි. ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපයන්නේ මේ රුපියල් 1500යි. මගේ විශ්වාසයේ හැටියට ඔහුට ඉතිරි කල හැකි මුදලක්ද වෙයි. ඔහු තම දරුවන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දෙයි. රාමරාජ් මුළු රටටම ආදර්ශයක් වන්නේ අන්න එතැනදීය.

"දැන් මාත්තයා ඉස්සර වගේ වැඩ නෑ. දැන් චීන බාල පී තියෙන ඉන්දා මිනිස්සුලා ඒවා අරගන්නවා රුපියල් ඇත්තා පායි පනායි දීලා. ඇබැයි මාත්තයා දවස් දායක් කපන්න බෑ" (අපේ පිහි අතරින් කලින් සඳහන් කල වර්ගයේ පිහිය අතට ගෙන පෙන්වයි). 

"ඇබැයි මේ වගේ ඔඳ පී ගොඩාක් කාලයක් කපාන්න පුළුවන්" (හොඳ පිහියක් අතට ගෙන පෙන්වයි).

ඔහු කියන කතාව ඇත්තය. චීනයෙන් එන අඩු මිල ද්‍රව්‍ය නිසා අපේ රටේ පොඩි මිනිහාට කණ-කොකා අඬන කෙතරම් ක්ෂේත්‍ර වේද? අප රට චීනය විසින් කරනු ලබන ක්‍රමානුකුල ආක්‍රමණයකට නතු වී ඇත්ද ? මෙය ගැඹුරුව අධ්‍යනය කල යුතු විෂයකි. මන්ද ? උපන්ගෙයි කම්මැලියන් වෙසෙන රටක් මෙවැනි අඩුමිල කම්කරුවන්(Low cost Labour) සපයන උල්පතකට කදිම ඉලක්කයකි. මා ලියූ පසුගිය ලිපියකින් (චීන ෆෝන් සහ ඇමරිකන් බග් (මැක්කා).....) පැහැදිලි කල වෙළඳ නියෝජිත රැකියා පවා අනවසරයෙන් කරගෙන යන ආකාරය දැක ගත හැක. 

නමුත් මා කතා කරන්නට යන්නේ චීන්නු ලංකාවේ කරන මංකොල්ලය ගැන නොවේ. රාමරාජ් වැනි ආදර්ශමත් තරුණයන් ගැනය. යුද්ධය පැවතී සමයේ රාමරාජ් කොළඹ හිටියානම් ඔහුට නිතරම හිරබාරයට පත් වීමට සිදු වනවා ඇත. රාමරාජ්ලාගේ ගමේ පිහියමුවාත් රැකියාවට වෙළඳපොලක්ද නැත. රාමරාජ්ලා ඉසුරුසොයා කොළඹ බලා ගමන් ගෙන ඇත. අපවැනි සේවාදායකයන් කලාතුරකින් හෝ ඔහුට ඇත. රාමරාජ්ලා බඩුමිල වැඩි යයි දෙස් දෙවොල් තබන්නේ නැත. ඔවුන් ලිප්ටන් වටරවුමට(රවුම ඉතා කුඩාය) හෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට එකතු වී කෑ ගැහුවත් කාටවත් නොදැනෙනු ඇත. තිස් වසරක කුරිරු යුද්දයෙන් බැට කෑ රාම්රජ්ලාට තරම මේ නිදහස ආශීර්වාදයක් වූ වෙනත් කොටසක් නැත.

ජීවන වියදමෙන් බැට කන්නේ හෝ එය මහා බරක් ලෙස දැනෙන්නේ රාමරාජ්ලාටවත්, සුළු වෙළඳාමේ සිට මහා පරිමාන වෙළඳාම දක්වා ව්‍යාප්ත වී තිබෙන මොහොමඩ් අහමඩ්ලාට වත් නොව. රැකියා වල පිහිටෙන් ජීවිකාව ගැට ගහ ගන්නා සිංහල මධ්‍යම සහ සුළු ධනේශ්වර පන්තිය නියෝජනය කරන අපට බව ඉතා ලජ්ජාවෙන් වුවද කිව යුතුය. රාමරාජ්ලාගේ රැකියාවේ මිල තීරණය කිරීමට ඔවුන්ට ඇති නිදහස විශ්‍රාමය හිමි රජයේ සේවකයන් වන අපට තිබේද ? අපට පඩි වැඩි කර ගන්නට සැබෑ සටනකට බැසිය යුතුය. රාමරාජ්ලාගේ ජීවිතය සරලය. අප නියෝජනය කරන පන්තියේ වැඩි හරිය සිංහල ජන කොට්ටාශය බව පැවසිය යුතුය. රැකියා කරන මොහොමඩ්ලා සයිඩ් බිස්නස් එකක් කර කීයක් හරි හොයා ගනී. රැකියා නියුතු දෙමළ ජනයා අර පිරිමැස්ම සහ අල්පේච්ච දිවි පෙවෙතෙන් යම් මුදලක් ඉතිරි කර ගනී. රැකියා කරන අපේ කණ්ඩායමට ජීවන බර ඉහලින් දැනෙන්නේ ඇයි ? හැම බරම රජයට හෝ සේවාදායකයාට පටවා වැඩි පඩි ඉල්ලා කෑ ගසනෝ අපි වෙමු. 

ඒ අතින් රාමරාජ් ඇතුළු රට පුරා විසිරී සිටින දෙමළ ජනයා අපට මහත් ආදර්ශයකි. රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ පිට කොන්ද ඔවුන් යයි පැවසීම අතිශෝක්තියක් නොවේ. මා ලංකාව තුල සෑම අස්සක් මුල්ලක් නෑර ඇවිද ලැබූ අත්දැකීම මෙයට සාක්ෂි සපයයි. මුස්‌ලිම ජන කොට්ටාශය වෙනත් සෙල්ලම් දමා මුදල් උපයයි. ඔවුන් රටේ ශ්‍රම බලකායට දායක වන්නේ ඉතා අල්පාවය. ඒ නැගෙනහිර වී ගොවිතැන මගිනි. වෙනත් දෙයක් මගේ සිතට නොඑයි. එසේ තිබෙනවා නම් සඳහන් කරන්න. අඩු ආදායම් ලාභී සිංහල ජනයාද කාටවත් මැසිවිලි නොනගයි යන්න මගේ විශ්වාසයයි. රැකියාවැති අපට සියල්ල මහා බර වුයේ මන්ද ?

ප.ලි. 

රාමරාජ්ගේ සේවය ඔබටද අවශ්‍ය වේ යයි මට සිතේ. ඔහුගේ දුරකථන අංකය මගේ ජංගම දුරකථනයෙහි සටහන් කර ගත්තේ ඒ වෙනුවෙනි. අමතන්න රාමරාජ් - 0770358672(කරුණාකර ඇන්දීමට භාවිතා නොකරන්න).

Thursday, November 15, 2012

චීන ෆෝන් සහ ඇමරිකන් බග් (මැක්කා).....

මගේ ඔෆිස් එක තියෙන්නේකොළඹ කොටුවේ කියල මම කීප වතාවක්ම ලියල තියෙනවා දකින්න ඇති. අද මම කියන්න යන්නේ මගේ ඇස් දෙකේ කටු අනින්න වගේ දර්ශනයක්. කොටුව යෝර්ක් වීදියේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, මහජන බැංකුව, ලක්සල, කාර්ගීල්ස් අතර තියෙන මහජනයා නිතර ගැවසෙන ඒ වගේම ඇවිදගෙන යන හෙවන තුල විවිද වෙළඳාම් කටයුතු සිදු වෙනවා. වයසක අම්මලා කිහිප දෙනක් රේන්ද විකුනනවා, තවත් කාන්තාවන් කිහිප දෙනෙක් පැරණි මුද්දර, ලොතරැයි විකුණන කුටි කිහිපයක්, මේස් සහ බෙල්ට විකුණන මුස්ලිම් පුද්ගලයෙක්, සාස්තර කියන වයසක අන්කල්, ඒ වගේම ගීත ගායනා කරන අන්ද යුවල, පත්තර සහ අයදුම්පත් විකුණන කඩය, සපත්තු මහන්නන්. මගේ කාර්යාලය එලිපත්තේම රෙදි මත අඳින ලද චිත්‍ර විකුණන පුද්ගලයකුත් ඉන්නවා.මේ කණ්ඩායම තමන්ගේ එදිනෙදා ජීවිකාව ගෙන යන්නේ මේ ගොඩනැගිලි වල එළිපත්තේ තියෙන හෙවන තුල. සමහර විට ඔබත් මම මේ විස්තර කරන ප්‍රදේශ තුල ඇවිද ගිහින් ඇති. 

දැන් අවරුද්දකට හෝ ටිකක් වැඩි කාලයකට කලින් මේ සියලු වෙළඳාම් කටයුතු තහනම් කළා. තහනම් කියන දේ අපේ ලංකාවේ මිනිසුන්ට තේරෙන්නේ නෑනේ. ඒ නිසා පොලීසිය යොදවලා මේ අයව අත්අඩංගුවට ගත්තා. දින ගණනාවක් මෙහෙම කරත්දී මේ අය මේ ප්‍රදේශයේ නැතුව ගියා. හැබැයි ලොතරැයි කූඩු සහ පත්තර කුටිය එසේම පැවතියා. එය රජයේ ප්‍රතිපත්තිය වන්නට පුළුවන්. ඇත්තටම ලක්සල සහ කාර්ගීල්ස් වෙත එන විදේශිකයන්ට මෙහි වෙසෙන මෙම වෙළඳුන් බලෙන් තමන්ගේ භාණ්ඩ විකිණීමට ගන්නා උත්සාහය දැක්කාම ඇති වන්නේ කේන්තියක්. එහෙත් ! මේ මිනිසුන් මේවා කරන්නේ විනෝදාංශයකට නොව දරු පවුල් රක්ෂා කර ගැනීමට බව මෙහි තිබෙන කටුක යතාර්ථය. එහෙත් ! මේවා කල යුතු නිවැරදි ක්‍රමය මෙය නොවේ. පදික වේදිකා වෙළඳාම තහනම් යුගයක් කාට හෝ විශේෂයක් සිදු කල හැකිද ? අපද විදෙස් රටවල ගොස් ඇත්තෙමු. එවැනි අවස්ථා වල කවුරුන් හෝ අනවශ්‍ය ලෙස කරදර කරනවාට අප කැමති නැත. ඒ තුලින් අපේ රටට අනාගතයේ ලැබෙන්නට තිබෙන සංචාරක ආගමනය අඩු වන්නට පුළුවන. 

මෙසේ තිබුනාට කමක් නැතැයි මා විශ්වාස කරන කර්මාන්ත කිහිපයක් ඇත. ඒ පත්තර වෙළඳාම, සපත්තු මසන්නන්ය. ඔවුන් මගින් ප්‍රදේශයේ රාජකාරි කරන අයට මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශය වැනි ස්ථාන වලට පැමිණෙන යට සේවාවක් සිදු වේ. එක් අතකින් ඔවුන් කිසිවකුට බලෙන් තම සේවාව සපයන්නට වෙර දරන්නේ නැත. අනෙක් කොටස සාස්තර කියන්නා සහ ගීත ගායනා කරන අන්ද යුවලය. සාස්තර කියන සුදු අඳින අපේ තාත්තලාගේ වයසේ සිටින අන්කල්  යනෙන පිරිසට අතින් සන් කලද ඔහුගෙක් කිසිවකුට කරදරයක් නැත. මේ සියල්ලටම වඩා අන්ද යුවල ගායනා කරන ගී සමුච්චය මටනම් ගෙන දෙන්නේ මිහිරක්. අප බොහෝදෙනා ප්‍රිය කරන 70 දශකයට අයිති ගීත නැත්නම් පැරණි ගීත වලට ඉතා මධුර ලෙසේ ඔවුන් කටහඬ මුසු කරයි. ඉඳහිට ඒ.ටී.එම් යන්ත්‍රයට හෝ වෙනත් කටයුත්තකට එලියට බසින මා මේ ගීතයක් දෙකක් රස වීඳ එන්නට පුරුදු වී ඇත්තෙමි. මේ කිසිවක වරදක් මා දකින්නේ නැත. එක් යුගයක මේ ප්‍රදේශය සුද්ද කල පසු කෙනෙකුට බාදාවකින් තොරව එහා මෙහා ගමන් කිරීමට හැකි වුවද, එකල පුංචි කතුරක්, පිහියක් රුපියල් පනහකට සීයකට ගන්නට හැකියාව සහ පහසුව තිබු අපට ඒ සඳහා පිටකොටුවටම් බඩ ගාන්නට සිදු විය. 

එහෙත් කාලයාගේ අවෑමෙන් නැවතත් ඔවුන් පුරුදු තැන් වල යලිත්වෙළඳාම් කරනවා දකින්න ලැබුණු අතර දැන් කිසිවකු ඔවුන් පසුපස එලවන්නේ නැත. එහෙත් යම් යම් දිනයන් වලදී ඔවුන් හදිසියේ බඩු මුට්ටු හකුලාගෙන වේගයෙන් ගමන් කරනවා දැක ඇත. නමුත් මේ සියල්ලටම වඩා ව්‍යසනයක් ලෙස මා දකින්නේ මෑතක සිට ආරම්භ වී ඇති චයිනීස් කාන්තාවක් සහ පිරිමියෙක් කරගෙන යන ජංගම දුරකථන වෙලන්දාමයි. ඔවුන් කිසි බයක් සැකක නැතිව විවිධ වර්ග වල ජංගම දුරකථන වෙළඳාම් කරන්නේ හරියට තමන්ගේ රටේ සිටිනා සේය. මුලින්ම මෙය දුටු මට ඉතා කනගාටුවක් ඇති විනි. හේතුව ආගන්තුක රටකදී තමන් සතු මුදල් නැති වීමේ අත්දැකීම විඳි පුද්ගලයකු වශයෙන් එවිට් ඇති වන අපේක්ෂා භංගත්වය හොඳින්ම දන්නා නිසාය. මේ එවැනි යුවලක් යයි මුලින් සිතුනද ඔවුන් යහමින් මෙම කර්තව්‍ය කරගෙන් යනවිට මට ඉතා දැඩි කෝපයක් එන්නේ නිතැතිනි. එක් අතකින් ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථනනයක් භාවිතා කල යුතු නම් එය ශ්‍රී ලංකා විදුලි සංදේශ   නියාමන කොමිෂන් සභාවෙහි (TRCSL) ලියාපදිංචි එකක් විය යුතුය. එය පහුගිය අවරුදු වලදී ඉතා හොඳින් සිදු වන ආකාරය දැක යම් සතුටක් ලැබූ පුද්ගලයෙක් වූ මාට අර වෙළඳාම ඇසේ කටු අනින්නා සේ වුයේ එබැවිනි. 
මේ ඉන්නේ දෙන්න ගෙදර වගේ

මේ ෆොටෝ එක ගනිද්දී මේ දෙන්න(ලොතරැයි කූඩුවේ) බය වුනා ළඟම හෙනයක් පාත් වුනා කියල.

ඔය ඉන්නේ අපේ අයියලා වට වෙලා

බලන්න බය නැතිව කැමරාවට මුහුණ දුන් ආකාරය

එසේ ලියාපදිංචි දුරකථනයක්(ජංගම) නැති වූ විටක එහි ඉමි(IMIE) අංකය නියාමන කොමිසමට ලබා දීමෙන් එය භාවිතය වලක්වා ගැනීමට හැකි සේම විවිධ හොරකම් මෙන්ම පාතාල සිදු වීම් වැටලීමට ජංගම දුරකථන තොරතුරු වැදගත් වූ අවස්ථා අප දැක ඇත. ඇත්තටම මේ සඳහා වඩා වැදගත් වුයේ සිම් පතේ තොරතුරුය. නමුත් මෙයින් යම් පාඩුවක් සිදු වන කොටසක් වන්නේ ලංකාවේ ජංගම දුරකථන බලයලත් ආයතනයන්ය. ඔවුන්ට මෙනිසා වෙළඳාම අඩු වන අතර ඒ හේතුවෙන්ම එවැනි කටයුතු  අහවර වන්නටද හේතු විය හැක. මෙමගින් රජයට ලැබෙන ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වේ. අද ලංකාව තුල විවිද ක්‍රම මගින් ලැබෙන ජංගම දුරකථන ප්‍රමාණය මෙහි ජනගහනයත් ඉක්මවා ඇති බව නොරහසකි. දැන් අඩුම වශයෙන් එක් අයෙකු අත ජංගම දුරකන දෙකක් ඇත. සමහර ජංගම දුරකථන ද්විත්ව සිම් ඒවා නිසා එකක් එවනි දුරකනයක් වූ විට සම්බඳතා තුනක් එක් අයෙකු ළඟ ඇත.

 මේ චීන කතගේ වෙළඳාම දවස් දෙක තුනකදී අවසන් වනු ඇතැයි මා මුලින් බලාපොරොත්තු වූ නමුත් එය අවසන් වන පාටක් තිබුනේ නැත.  ඇයට කෙළවරක් නැතිව දුරකථන සපයන්නේ කවුද ? එක් අයෙක් දුරකථන තුනකට වඩා රැගෙන් ආවොත් ගුවන්තොටුපල රේගුව මගින් ඔවුන්ට දඩ නියම කරයි. එනිසා කවුරුත් එම නීතියට අනුව වැඩ කරයි. ඒ අතරින් රිංගා එන අයද නැත්තේ නොවේ. මා පසුව කල විමසීමකදී දැන ගන්නට ලැබුනේ කිහිප අවස්ථාවකම මොවුන් කොටු වුවද, පොලීසියටද ජරාව දෙන බවය. 

මා මේ සඳහා මුලින්ම ගත් පියවර වුයේ අනුෂ පැල්පිට මහතා දැනුවත් කිරීමයි. එතුමා මගේ තොරතුරු වලට ස්තුති කොට ඒ සඳහා පියවරක් ගන්නා බව දන්වන ලද අතර කිහිප දිනක් ඔවුන් වසන් වුයේ ඒ හේතුවෙන් විය යුතුය. දැන් මෙය එතුමාටද නතර කරන්නට බැරි තැනකට පත් වී ඇත යන්න මගේ විශ්වාසයයි. දිනක් මගේ කාර්යාලයේ ආරක්ෂක මහතා සිටින තැන වහන් වී, ටයි දාගෙන් සිටින කොලු ගැටව් කිහිප දෙනෙක්ට වෙළඳාම කරනු දැක මට අසූ හාර දාහට තද වී බැන එලවා දැමු අතර ආරක්ෂක මහතාටද තරයේ අවවාද කලපසු එවැනි සිදු වීමක් නැවත නොවීය. 
____________________________________________________
ඊයේ පාසලක දැරියන් දාහකට එකවර ශරීරයේ කසන තත්වයක් මත රෝහලගත කර පුවත අසන්නට ලැබුනා. පසුව මෙය මැක්කන් නිසා සිදු වුවක් බව වාර්තා වුනා. මැක්කන් මකුණන් උවදුරක් ලෙස අපටත් තුබූ කාලයක් තිබුනා. අද අපේ ඔෆිස් එකේ කතා වුයේ අතීතයේ මකුනන්ට කල ප්‍රතිකර්මය. අප දැන් කිසිදු සතෙකු මරන්නේ නැති වුවද කුඩා කල පුටු වල ඉන්න මකුනන්ට එලව එලවා පහර දෙන යුගයක් තිබුනා මතකයි. උණු වතුර දැමීම, ඉරටු වලින් ඇනීම්, විවිධ බෙහෙත් වර්ග යෙදීම් එකල සුලභව දකින්නට තිබුනත්. අද මැක්කන් සහ මකුණන් වඳ වී යන තවත් සත්ව කොට්ටශයකට අයිතිදැයි අප තර්ක කළා. 

මෙසේ වන්නට ඇත්තේ මන්ද? එකල අපේ නිවෙස් වල තිබු කොහු මෙට්ට ඔවුන්ගේ වාසයට කදිම ස්ථාන වුවත්, විවිද රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර සාදන රබර් මෙට්ට නිසා සහ අප බෙඩ් ශීට් පිරිසිදු කරන්නට යොදන රසායනික ද්‍රවය නිසා මේ සතුන් වඳ වී යන්නට ඇතැයි අප නිගමනයකට ආව. මීට අමතරව දුම්රිය,බස්රිය ආදී පොදු ස්ථාන වල හිටි මකුනන්ට කුමක් වීද ? කුඩා කාලයේ මකුණන් සහ මදුරුවන් මා පහසුවෙන් සොයා ආ නිසා නිතරම කහ-කහා ඉන්න පුරුද්දක් මට තිබුනා. 

ඔබ දන්නවාද ඇමරිකාව විශ්වයේ වෙනත් ග්‍රහ ලෝක තරණයට ගියාට ඔවුන්ට තිබෙන එලි නොකළ ලොකුම ප්‍රශ්නයක් මේ මකුණන්. මකුණන් අමරිකාවට තලේබාන් වරුන්ට වඩා තර්ජනයක් වී තිබේ. එහෙත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ඇමරිකන් ප්‍රතිපත්තිය නිසා ඔවුන් තවමත් මේ ගැටලුවේ සිර වී සිටිනවා. වරක් ලංකාවට මහත් තර්ජනයක් වූ නිදිකුම්බා වර්ගය ඇමරිකාවෙන් මෙරටට ත්‍යාග කල කැටපිලර් යන්ත්‍රයක ටයර් මගින් මෙරටට් ආවක් බවට මතයක් පැවතුනා. එහෙනම් මේ මේ මැක්කන්ගේ ප්‍රශ්නයද ඇමරිකාවෙන් අපට බලෙන් එවන් ලද්දක් යයි විමල් වීරවංශ මහතා ඉදිරි දින කිහිපය තුල තර්ක කළහොත් එය පුදුමයට කාරණයක් නොවනු ඇත.

Wednesday, October 10, 2012

අඳුරු යුගයේ මතකසටහන් - 3

මා තිගැස්සී ඇහැරෙනවාත් සමග මා සීතල පොලොව මත වැටී සිටින බව දැනී, එක පාරටම "තාත්තේ" කියා කෑ ගැසුවා. ඒත් මගේ ශබ්දගේ එතරම් ශක්තියක් නැති බව මටම තේරුණා. තාත්තා දුවැවිත් මට නැගිටින්නට අත දුන්නා. මුහුණ අත ගා බැලූ විට නළලත් කම්මුලත් අතර තැනකට බැස තිබූ රටකජු ඇටයක තරම් බොරළු කැටයක් වැටුණි. මුහුණේ තිබූ වැලි පිසදාගත් පසු තාත්තා මා වත්ත්තම් කරගෙන මගේ කාමරය වෙත කැඳවාගෙන යන ලදී. 

ඒ 1989 ජනවාරි මාසයයි. සීතල දුරුත්තේ සීතල පොලොව මත මා කොපමණ කාලයක් වැටී සිටියාදැයි මතක නැත. ඇඟේ සමහර තැන් වල ඇලවුණු කොහොඹ කොළ තවමත් ඇතත්, ඒවා ඉවත් කරන්නට නොහැක්කේ පැපොල නිසා ඇති වන තුවාල වල කබොලු ගැලවේ යන බියෙනි. මේ දිනවල සහෝදර වරුන්ගේ ආණ්ඩුවේ අණ පනත් පරිදි රාත්‍රී කාලයේ විදුලි පහන් දැල්විය නොහැක. අඳුරේම මගේ කාමරයට පැමිණ, මා නිදා ගන්න පැදුර ලඟට ඇරලවා තාත්තා මා නිදා ගන්නා තුරු මා දෙස බලා සිට ඔහුගේ ඇඳ වෙත ගියා. ඇටෑච් බාත්රුම් නොතිබූ එම යුගයේ අපට හදිසි අවස්ථාවකදී වුවද නිවසින් පිට නමුත් නිවසටම බද්දව තිබූ වැසිකිලියට යාමට සිදු වුනත්, බොහෝ දෙනා එම අවශ්‍යතා උදෑසන වන තෙක් හිර කරගෙන ඉන්නේ රාත්‍රියේදී එලියට ගොස් එක්කෝ හමුදාවෙන් නැත්නම් සහෝදර වරුන්ගෙන් දඬුවම් විඳීමට ඇති බිය නිසාය. දහවල් කාලයේ අපේ වත්ත හෝ ඉඩම රාත්‍රී කාලයේදී ඉහත පාළන කොට්ටාශ දෙකෙන් එකකට නතු වනු අත. එනිසා අප රාත්‍රියේදී එලියට බහින්නේ බියෙන් මෙන්ම සෝදිසියෙනි. මල්ලිලා දෙන්නා සහ නංගී අම්මත් සමග ඇයගේ ඇඳෙහි නිදිය. අපගේ නිවස පිටුපස ඇත්තේ කුමාර විදුහලට අයත් ක්‍රීඩාංගණයය. වම පස ඇත්තේ තවත් හිස් ඉඩමකි. දකුණු පසින් පමණක් කුලී නිවැසියන් සිටින නිවාස දෙකක් ඇත. මෙම නිවාස දෙකෙහිම වාසය කලේ ක්‍රිස්තියානි බැතිමතුන්ය. පිටුපස නිවසේ වෙසෙන විරාජ් අයියා රාත්‍රී කාලයේ සංචාරක හෝටල් වල කැලිප්සෝ සංගීතය සපයා දිවි සරි කර ගන්නා කෙනෙකි.

 මගේ ඇඳ මේ දවස්වල හිස්ය. මා නිදන්නේ බිම පැදුරක් එලා එය මතට දමා තිබෙන කොහොඹ කොළ මතය. මගේ මදුරු දැල කෙසේ හෝ මගේ පැදුර ආවරණය වන පරිදි සකසා දුන්නේද තාත්තාය. මේ දිනවල වැරදී හෝ නින්දෙන් ඇහැරුණහොත් නින්ද යන්නේ නැත. වාසනාවකට රාත්‍රී එකොළහ දොළහ වනවිට පරිසරය සීතලය. ඒ ජනවාරි මාසයේ ලංකාවේ බොහෝ පළාත් සිසිල් වුවද රටේ තත්වය ඉතා උණුසුම්ය. රජයේ හමුදා හා පොලීසී සහ සහෝදරවරුන්ගේ ආණ්ඩුව ඇති කර ගන්නා කල කෝලාහලවල නිමක් නැත. කාමරයේ කෙලවරට වන්නට ජනේලය අයිනේම නිදියන මා රාත්‍රී නින්දට යන්නේ "අනේ රෑට නම් ඇහැරෙන්න එපා" යන ප්‍රාර්තනයද සමගිනි. මා එම ස්ථානයේ තබන්නට මගේ දෙමව්පියන් අකමැති වුවද, අප නිවසේ ඒ සඳහා වෙනත් සුදුසු ස්ථානයක් නොවූ බැවින් මට එහිම නිදන්න්දට සිදු විය. මීට මාස කිහිපයකට පෙර මා රාත්‍රී එක දෙකට වුවද රාත්‍රී සේවාව අවසන් කර නිවසට පැමිණ ඇතත් දැන් නම් රාත්‍රී කාලය අපට අයිති නැත. එකල මා කිසිදු බියක් නැතිව තනිවම පාරේ ආවේ බෙන්තොට බීච් හෝටලයේ සිට මගේ නිවසට එනතෙක් පාර දෙපස විදුලි ලාම්පු හොඳින් දල්වා තිබෙන නිසාය. අනෙක සාමකාමී යුගයේදී අවම වශයෙන් එසේ එද්දී කවුරු හෝ පාරෙහිදී මුණ ගැසෙයි. සමහරවිට රාත්‍රියේ එහෙ මෙහෙ යන සංචාරකයන් පවා සිටී. නමුත් අද තත්වය ගැන හිතන විට නෙතට කඳුලක් නැගේ. එහෙත් උදෑසන කන්නාඩියෙන් මාගේ මුහුණ දුටු මා ඉතා බියකින් වෙලී ගියේ නැවත හෝටල් විවෘත කලද මට සේවය කිරීමට කිසදු අවස්ථාවක් හිමි නොවේ යන බියෙනි. 

මා නිදි පැදුරේ කිහිප විටක්ම අඩ නින්දකට වැටී නැවතත් ඇහැරුනේ එකවිටම ඇහෙන බල්ලන්ගේ උඩු බිරුම් හඬ ඇසීය. ඒත් සමගම නිවාසට අඩි දහයක් පමණ ඈතින් ඇති පාරේ කවුරුන් හෝ ඇවිදින හඬ ඇසෙයි.  එය සපත්තු හඬකි. මෙය හමුදාවේ හෝ පොලීසියේ විය යුතුය. පොඩ්ඩක් නැගිට තිර රෙදි මාත් කර වීදුරු ජනේලයෙන් සිදු වන දේ බැලිය හැකි මුත් එතරම් අවදානමක් ගැනීමට මගේ හිතට දෛරියක් නොආවේ මගේ අසරණ දෙමව්පියන් ගැන සිහි වීමෙනි. අවුරුදු 19 ක තරුණයකු මේ කණ්ඩායම් දෙකටම කදිම ගොදුරකි. මා අසනීප වී ඉන්නා බව දන්නේ අප පමණකි. අසල්වසියන්ටද ඒ ගැන අවුබෝධයක් ඇත්තේ මා අසනීප වී ආ මොහොතේම තාත්තා ගෙයි උළුවස්සේ නුලක් ආධාරයෙන් එල්ලන ලද කොහොඹ කොළ කිහිපය නිසාය. එය අපේ ගැමියන් අවට නිවැසියන්ට පණිවිඩ දෙන කදිම ක්‍රමයකි. ගෙදරක කව්රුන් හේ ලෙඩ වී ඇති බව දින කිහිපයකදී කටින් කට ආරංචි වීම නිසා බොහෝ දෙනා ඉන් ආරක්ෂා වේ. මෙවැනි කාලපරිච්චේදජයක එවැනි වසංගතයක් බෝ වුවහොත් දෙවි පිහිටය. මේවා කොහොමත් දෙවියන්ගේ ලෙඩ නිසා කොහොමත් දෙවි පිහිටය. එහෙත් දෙවියන් සිටින බව මගේ කිසි විශ්වාසයක් නැත්තේ, දෙවියන් සිටිනවානම් රටේ තොටේ මේ සිදුවන දේ ඔවුන්ට නොපෙනෙන්නේ මන්දැයි ? යන ප්‍රශ්නය නිසාය. T-56 ගිනි අවි වලින් සිදු වන ගනු දෙනු දෙවියන් කෙසේ පාලනය කරන්නද? මේ මොහොතේ අප මෙන්ම ඔවුන්ද අසරණය.

මා මේ බලා සිටින්නේ උදෑසන ලඟා වනතුරුය. ඊයේ වැඩ ඇරී ගෙදර යන ගමන් හෝටලයේ පෝටර් වරයෙකු වන ආනන්ද පවසා ගිය සුභ ආරංචිය නිසා මට හෙට වනතුරු ඉවසුමක් නැත. ඒ හෙට දිනයේ අපට අත්තිකාරමක් ලබා දෙන බවයි. අපේ නිවාස අසල බයිසිකයල නැවැත්වූ විට කඩුල්ල අසල සිටින කෙනෙකු සමග ගෙයි සිට සංවාදයේ යෙදිය හැක. මා සවස ජනේලය අසල පුටුවක් තබාගෙන පරණ පත්තරයක් ගෙන කියවමින් ඉඳින විට ආනන්ද සයිකලය නැවතා මගේ සුව දුක් විමසා මේ ආරංචිය දී යන්නට ගියේය. මා ඔහුට ගෙදරට ආරාධනා නොකළේ එය සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් නිසාය. ලෙඩෙකු සිටින ගෙදරකට පය ගසන්නට කවුරුවත් කැමති නැත. මේ දිනවල කිසිදු සංචාරකයෙක් හෝටල්වල නැතත් සේවකයන්ට නිවාඩු නැත්තේ, හෝටලය හොඳ තත්වයකින් පවත්වාගෙන යා යුතු බැවිනි. කොයි මොහොතේ හෝ නැවතත් සංචාරකයන් පැමිණෙන සුභ ආරංචිය ලද වහාම විවෘත කිරීමට සියලු දෙනා සැදී පැහැදී සිටිති. මේ මුළු ගමම සංචාරක කර්මාන්තය මත යැපෙන නිසා හෝටල් සේවකයන් පමණක් නොව ගම්මු සියල්ලද බලා සිටින්නේ සුදු මහත්වරුන්ගේ ආගමනය සිදු වන්නේ කවදාද යන්නයි. එහෙත් සෑම උදෑසනකම අසන්නට ලැබෙන ආරංචි හොඳ ඒවා නොවේ. 

අප නිවසට ඉදිරිපස ඇති විජේසේන අයියාගේ නිවාස කුලියට ගෙන සිටින්නේ මාත් සමගම හෝටලයේ සේවය කරන ජයසේනය. එහෙත් ඔවුන් මේ දින වල නිවාස වසා දමා යතුරු අපට බාර දී ඔවුන්ගේ කොළඹ නිවස බලා ගොස්ය. තිබෙන වාතාවරණය තුල ඔවුන්ට මෙහි වාසාය කල නොහැක. ඔහු රාත්‍රී සේවය අවසන් කර පැමිණෙන තෙක් ඔහුගේ බිරිඳ සිටින්නේ අපේ නිවසේ මගේ සහෝදර සහෝදරියන් සමග කාඩ් සෙල්ලම් කරමිනි. එහෙත් දැන් ඒවා කළහැකි වාතාවරණයක් නොමැති නිසා ඇයගේ නිවසටම ඇරලවා එහි සිට පාන්දර බස් වල සේවයට එන්නට ජයසේනට සිදු වී ඇත. ක්වාටස් එකේ සිටින මගේ සෙසු මිතුරන්ද නිවෙස් බලා ගොස්ය. මා පැපොල වැළදී ගෙදර විත් දැන් දවස් 10ක් පමණ වේ. මගේ රෝගී තත්වය සුව අතට හැරෙමින් පවතිතත් එය වැළඳෙන විට මා හෝටලයේ නේවාසිකව සේවයෙහි යෙදුනෙමි. පිළිගැනීම් අංශයට කාමරයක් ලබා දී තිබුනද බොහෝ දෙනාට ඉන්නට සිදු වී තිබුනේ ඔවුන්ගේ ඩොමේට්‍රි වලය. ඒවා පහසුකම් අතින් අඩුය. මා ලෙඩ වීමට ප්‍රථම දිනයේදී මවිසින් රාත්‍රියේදී සාදා නිම කලයුතු සංචාරකයන්ගේ බිල් සාදන මහා ලේජරයද, කැල්කුයුලේටරයද ගෙන මාත් ගමගේත් අපගේ කාමරය වෙත පිය මැන්නෙමු. ටික වෙලාවකින් එහි ලඟා වූ අනෙක් දෙපාර්තමේන්තු වල සේවය කරන (නම් වශයෙන් මතක නැත) දහ පහළොස් දෙනෙක් බෝතලයක් ගෙනවිත් බිම වාදී වී එය හිස් කරන්න පටන් ගත්තා. මා කන්නාඩි මේසය ළඟ දැන ගසා මගේ වැඩේ අවසන් කරන්නට උත්සාහ ගත්තා. ලොකුම ප්‍රශ්නයට තිබුනේ අපේ කාමරයේ ටෙලිෆෝනය වැඩ නොකරන එකයි. එකල ඩයලයට ඇඟිල්ල දමා කරකවන දුරකථන තිබූ යුගයකි. මාත් ගමගේත් අපගේ ටෙලිෆෝනය ගලවා, කාමරයේ තිබෙන ටවල් එකකින් හිඟන්නාගේ මල්ලක් වැනි එකක් නිමවා ගෙන එහි බාහා ගෙන යාබද කාමරයකට හොර අඩි තබමින් ගියෙමු. 

මේ හෝටල් වල අවුරුදු ගණනාවක් සේවය කර පදම් වී සිටි ගමගේ වැනි අය නිදන්නට එන විට අවට කාමර වලද යතුරු ගෙන ඒමටද අමතක කර තිබුනේ නැත. හනි හනික ටෙලිෆෝනය ගලවා හොඳ ටෙලිෆෝනය හිඟන්නාගේ මල්ලට දමාගත් ගමගේත් මමත් නැවත අපේ කාමරයට ආවේ හොර බළලුන් මීයන් පසුපස යනවිට දක්වන සංයමය අනුව යමිනි. එහි සිට එන අතරේ එම කාමරයට අයත් මිනරල් වතුර  බෝතල් දෙකද රැගෙන එන්නට අප අමතක නොකළෙමු. ඒ මේ කාමරයට එක් රොක් වී සිටින රාජකාරි අවසන් කල නොකළ කාගේත් යහපත පිණිසයි. රාත්‍රී ආහාරය ගන්නා විට තිබූ අන්නාසි පෙති කිහිපයක්ම ගිල දැමූ බැවින් මට නැවත කුසගින්නක් හටගෙන තිබුණා. ඒත් කන්නට වැඩි යමක් නොමැති බැවින් මා වැඩ කොටස එසේ තබා ඇඳේ කෙළවරකට වී නිදා ගත්තා. එහෙත් උදෑසනදී මගේ අතේ මතු වී තිබූ දිය බුබුලට අමතරව තවත් කිහිප තැනකම එවැනි බුබුළු ඇති බව මා ගමගේට පෙන්වූ විට, ඔහු කියා සිටියේ මිස්ට නානායක්කාරට පෙන්වා ගෙදර යන ලෙසයි. සිතු පරිදිම එය පැපොල් රෝගයේ ආරම්භක තත්වය විය. උදෑසනම මා පයින්ම ගෙදරට ලඟා වී අම්මාට මෙය පෙන්වා කාමරයට ගොස් නිදා ගතිමි. රාත්‍රිය නිදි වර්ජිතව ගත කලත් කල හැකි කිසිවක් නැත. විදුලි පහන් දැල්විය නොහැක. මට හැදෙන එක මහා ගහෙන්ම පැපොල හැදුනේ මා ඒ දිනවල හෝටලයෙන් දෙන උෂ්ණාධික ආහාර යහමින් අනුබව කර තිබූ බැවිනි. මුළු ශරීරයම වසා බිබිලි දමා තිබුණි. 

මේ කෙහෙල්මල් ලෙඩේ නිසා හවසට පිට්ටනියට ගොස් පාපන්දු ක්‍රීඩා කරන්නටද නැත. අප හවසට පාපන්දු ක්‍රීඩා කිරීමෙන් බලාපොරොත්තු වූ කාරණා දෙකක් විය. එකක් රාත්‍රියේ පොල්ලෙන් ගැසුවාක් මෙන් ලැබෙන නින්දය. අනෙක උදෑසන අතේ ගෙන ගියා මෙන් දඟලන්නේ නැතිව පහසුවෙන් මලපහ කල හැකි වීමය. මට මේ ගැටලුව නැති වුවත් සමහර යට ක්‍රීඩාව නිසා කදිම ආහාර ජීර්ණයක් ලබා දී තිබුණි. නින්ද මා අහලකටවත් නොපැමිණේ. තවත් කොපමණ වෙලාවක් අඳුරේ වහලය දෙස බලා සිටින්නද ? මේ කාලයේ පාසල් ගුරුවරුන් වූ මගේ දෙමව්පියන්ට තමන්ගේ වැටුප ලැබෙන ආකාරයක් ගැන සිතන්නට වත් බැරිය. ඒත් මම ලබා ගත පුංචි වැටුපෙන් ගෙදරට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන එන්නට අලුත්ගමට යන්නේ කවුරුන් හෝ අද කඩ ඇරලා යන සුබ පණිවිඩය දුන් පසුවය. අරපිරිමස්මෙන් මුදල් පරිහරණය කල මගේ මව නිසා අප කිසිදු වේලක් බඩගින්නේ නොසිටියා පමණක් නොව වට පිටාවේ අයටද යම්-යම් උපකාරද කරන්නට හැකි විය. 

අපේ පාරේ කිසිදු දිනක ජාතික හැඳුනුම්පත් එකතු කිරීම සිදු නොවුනේ මන්දැයි අපට තවමත් ගැටලුවකි. එහෙත් මගේ සොයුරිය සිටි මස්සිනාගේ ගෙදරට නම් සහෝදරවරු දින කිහිපයක්ම පැමිණ ඇත. එසේ ආ විට ඉදිරියට ගොස් ඇත්තේ අක්කාය. ඇගේ පපුවට තුවක්කුව තබා මෙම නිවසේ තුවක්කු තිබෙනවාදැයි විමසා ඇත. මුහුණු වසා එහි සිටි සමහරුන් අක්කා කටහඬින් දැන ගත්තත් නිහඬව ඔවුන් කියන දේට අවනතව කටයුතු කර ඇත. ඔවුන්ට රාත්‍රී අහාරය පිස දිය හැකිදැයි විමසා, පසුව අහාරද රැගෙන කිසිදු කරදරයක් නොකර ගොස් ඇත. දැන් වෙලාව රාත්‍රී තුන හමාර යයි අනුමාන කලෙමි. වෙනදා මේ වෙලාවට අප තද නින්දේය. එහෙත් නින්ද මා වෙත නොඑයි. මගේ සොයුරු සොයුරියන් තද නින්දේ සිටිනු ඇත. යාබද නිවසේ ප්‍රකාශ් මල්ලීගේ කොණ්ඩය හොඳටම වවා රාත්‍රියට නයිටියක් අන්දවා නිදි කරවන්නට ඔවුන් පුරුදු වී ඇත. හේතුව අද අඳුරේ හරියටම ඔවුන්ට පැහැදිලිව මේ සිටින්නේ කාන්තාවක්ද කොලු ගැටයෙක්ද කියා තෝරා ගැනීමට නොහැක. එය කදිම උපක්‍රමයක් වුවද ඉතා අවදානම් ක්‍රියාවකි. යම් විදියකින් එය අනාවරණය වුවහොත් සිදුවන දේ හිතා ගත නොහැක. විරාජ් අයියා වෙනාදා රාත්‍රියෙන වැඩ අවසන් කර ගෙදර ආවත් දැන් එන්නේ උදෑසනය. එයට හේතුව පිටේ ගිටාර් බැඳගෙන එන ඔවුන් එක දිනක් නවත්වාගත් නාවික හමුදාව (බස්නාහිර පළාත බාරව සිටියේ නාවුක හමුදාවයි) කෑම්ප් එක වෙත කැඳවාගෙන ගොස් එලි වනතුරු සිංදු කියවා ඇත. කැලිප්සෝ සංගීත කණ්ඩායම් මයික්‍රොෆෝන් භාවිතා නොකරන නිසා, දැඩි වෙහෙසක් ගෙන ගීත ගායනා කළයුතුව ඇත. ඉතිං මුළු රාත්‍රියම ගීත ගයන්නට සිදු වූ විට ඇති වන තත්වය සිතා ගත හැක. ඉන්පසු ඔවුන් කිසි දිනක රාත්‍රියේදී නිවසට නොපැමිණෙයි. ඔහු සහ ඔහුගේ සහෝදරයා හැරුණු කොට කාන්තාවන් පමණක් සිටින ඒ නිවසේ අය ඉතා බියෙන් කාලය ගෙව් බව මතකය. අවාසාන පැය කිහිපයේදී මා තද නින්දකට වැටී තිබුණි. මාත් සමග යාමට මගේ හිතමිත්‍ර ධම්මිකට පැමිණෙන ලෙස පණිවුඩයක් ඊයෙම යවා තිබූ බැවින්, මා ඇහැරින ලද්දේ ඔහුගේ පැමිණීමෙන් පසුවය. 

ප:ලි : මීළඟ කොටසෙන් අත්තිකාරම් ගන්නට ගොස් සිදු වූ දේ. 

මේ පොස්ටුව කෙතරම් දිගු වුනත්, පහුගිය ලිපිය කියවීම මගින් අතහැර දැමූ මා මිත්‍ර සුමිත් නිරිඇල්ල මේ ලිපිය කියවන බව දනිමි. හැම පළාතකම එක වගේ හොඳ මට්ටමක අන්තර්ජාල පහසුකම නැති බව දනිමි. අපගේ බ්ලොග් වල තිබෙන සියලු දේ ලෝඩ් වන්නට සැහෙන කාලයක් මෙන්ම දත්ත ප්‍රමාණයක්ද වය වන හෙයින් සියලු දෙනාගේ යහපත පිණිස මගේ බ්ලොගර් ටෙම්ප්ලේටය නැවතත් මාරු කලෙමි. දැන් කමෙන්ට් සඳහා ප්‍රතිචාර දැක්විය හැකිය. මගෙන් දහ අට දෙනෙකුට පැපොල බෝ වී තිබූ බව පසුව දැන ගන්නට ලැබුණි. 

පින්තුරය ගත්තේ : grandsamoanadventure.blogspot.com

Thursday, August 2, 2012

අඳුරු යුගයේ මතකසටහන් - 2

ලිවීමට බොහෝ මාතෘකා ඇතත් සීග්‍රයෙන් අමතක වීගෙන යන මෙම මතකයන් ලියා හමාර කලා යුතුයි සිතුනා. එක් අතකින් මේ ලියැවෙන්නේ අසංක්ෂිප්ත සටහන්ය. අප මේ අත්දැකීම් වලට මුහුණ දුන් සමයේ කටු සටහනක් හෝ ලියා තබන්නට හැකි වූවානම් අද ඔබට ඒ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවා ගත හැකි පොස්ට් එකක් දමන්න තිබුනා. ඒ කාලයේ කිසිදු සටහන් තබා පොතක් පතක් වත් නිවසක තබා ගැනීම ප්‍රඥා ගෝචර නොවීය. ඔබගේ නිවස පරීක්ෂා කරන විට එවකට ශ්‍රිලංකාවේ බොහෝ සෙයින් ජනප්‍රිය සෝවියට් දේශය වැනි සඟරාවක්  නිවසේ තිබුණා නම් අත් අඩංගුවට පත් වීමට එය හොඳටම ප්‍රමාණවත්ය. මා අසා ඇති පරිදි ගම්පෙරලිය පොත රැගෙන ගියා පුද්ගලයකු අත් අඩංගුවට පත් වී ඇත්තේ පෙරලිය යනු අරගලය යන්නට සමාන තේරුම් දෙන වචනයක් වූ බැවිනි. එකල විසූ තරුණයන්ගේ ආයු කාලය තීරණය කරන්නට මෙවැනි අධ්‍යාපන මට්ටමක් ඇති අයට පවරා තිබීම අභාග්‍යකි.

උසස් පෙළ ප්‍රතිපල අනුව මමද විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කලා. අයදුම්පත ලද බවට එවන කුඩා කාඩ්බෝඩ් තීරුව (Acknowledgement) තැපෑලෙන් ලද මා කෙතරම් බිය වීද යන්න දන්නේ මා පමණකි. එක් අතකින් එය ළඟ තබා ගත යුතු වැදගත් ලියවිල්ලක් වූ අතර තවත් අතකින් මරණයට අඩ ගසන කටු ඔටුන්නක්ද විය. එයට කුමක් කලයුතුද යන්න සිත සිතා සිටින විට මට කදිම අදහසක් පහල විය. සාමාන්‍යයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ නිවෙස් පරීක්ෂා කරන්නේ ඉතා කලාතුරකිනි. එනිසා මට එය තැබීමට සුදුසුම ස්ථානය අපේ නිවසට තරමක් නුදුරින් සිටින පුංචි අම්මගේ නිවසේය. බාප්පා එක්සත් ජාතික පාක්ෂිකයකු වීම ඊට හේතුවයි. එහෙත් එකල අපි වැඩිපුර පාරේ ගමන් නොගත්තේ තරුණයන් සොයා පැමිණෙන ගාතකයන්ගේ පුතුන් මුණ ගැහුනහොත් ආයෙ ඉතිං  අම්මා උයන බත් ටිකක් කන්න නොලැබෙන බව හොඳින්ම දන්නා නිසාය. ඉතිං මම කොහොමද මේක බාප්පලාගේ ගෙදර ගෙනියන්නේ. මෙහෙම කල්පනා කර කර සිටින විට මට කදිම අදහසක් පහල විනි, "මම මේක ගෙනියනාවට වඩා හොඳයි ජයසේන බාප්පා මෙහෙ ආව වෙලාවක දෙන එක , හරි අන්න හරි එහෙම තමයි කරන්න ඔනේ, එත් ඊට කලින් අපේ ගෙදර චෙක් කලොත්. ඒකට මොනවද කරන්නේ." තවත් ටිකක් කල්පනා කලා මම එය හොදින් ඉටි කවරයක ඔතා කුස්සියේ පිඟන් තබන මෙසයේ ඉටි මේස රෙද්දට යටින් ඇති පත්තර පිටුවටද යටින් තැබීමි. 

පසුගිය අඳුරු යුගයේ මතකසටහන් -  1 වෙත දැමු කමෙන්ටු තුලින් මට අමතක වූ බොහෝ කාරණා පිලිබඳ මතකය අවධි විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, කැලෑ ආණ්ඩුව, සහෝදරවරුන්ගේ ආණ්ඩුව යන කුමන නමකින් හැඳින්න්වුවත් එහි පිටිපස සිටි පාළන බලවේගය රෝහණ විජේවීර , ගමනායක ප්‍රමුක ජනතා විමුක්ති පෙරමුණයි. එය ආරම්භ කල කාලයේ හොඳ විනයක් ඇති සංවිධානයක් බව බොහෝ දෙනාගේ මතය විය. එහෙත් බොහෝ වැඩිහිටියෝ ඔවුන් ගැන සඳහන් කලේ චේ ගුවේරා කාරයෝ කියාය. එසේ සඳහන් කිරිඉමට ප්‍රධාන හේතුව 71 කැරැල්ලේදී ඔවුන් සඳහන් කලා නාමය එයම වීමය. පාසලේ අන්තිම වසරේ ඉගෙනුම ලබද්දී මගේ පන්තියේ තිදෙනෙක් ප්‍රසිද්දියේම ජේ.වී.පී. දේශපාලන කටයුතු වලට සහභාගී විය. මොවුන්ට මා සහ ජනක එම කණ්ඩායමට එක් කර ගැනීමට උවමනා වුවද, ඒ කාලයේ කිසිම දෙයක් ගෙදර අවසරය නැතුව කරන්න මගේ හිත නොදුන්නේය. මම ගෙදර ගොස් හොරණ තිබෙන පන්ති වගයකට යන්නට යහළුවන් කතා කලා බව කිව් විට අම්මා එය මග අරින ලෙස මට උපදෙස් දුන්නාය. ජනකටත් එම උපදෙසම ලැබී අත. මෙය මග හරින්නේ කෙසේද? අපේ ලඟට අධාර ලැයිස්තුවක් අරන් ආ මහේන්ද්‍ර 

"උඹ දැන් පන්තියට එන්නේ නැද්ද ?"

"නෑ මචං මම ගමේනේ ක්ලාස් යන්නේ, මට හුඟක් දවස් වලට හවසට ක්ලාස්"

"උඹට එක දවසක් මග අරින්න බැරිද ?"

"බෑ මචං අම්ම බනිනවා"

"කවුද බං අම්මල තාත්තලා එක්ක ඕව කතා කරන්නේ. උබට දැන් අවුරුදු හා අටකටත් වැඩියිනේ"

"මට අම්ම කොහොවත් යන්න දෙන්නේ නෑ මචං"

"හරි ජනකයත් ඕකමයි කියන්නේ, උඹල දෙන්න පුලුවන්නම් මෙන්න මේ ආධාර පත්තරේට කීයක් හරි දාපල්ලා"

මමත් ජනකත්, "ජනක දිල්රුක්" යන නමින් රුපියල් විස්සක ආධාරයක් එම ලැයිස්තුවට ඒක කළෙමු. එය දුටු මහේන්ද්‍රගේ මුහුණේ සිහින් හිනා රැල්ලක් මතු විය. උඩු තොලට උඩින් ඇති දැලි රැවුල අසල මතු වේගෙන එන සිහින් දහඩිය පාර පිස දමා යන්නට ගියේ

"උඹල වගේ මිනිස්සුත් එක්ක මේ රට හදන්න බෑ" කියමිනි.

මේ කාලයේ ජවිපෙ කරන ලද දස්කම් ගැන අපි දැන ගන්නේ මේ තුන් කට්ටුවෙනි. එනම් චන්දන(අද ඉංජිනේරුවෙකි, කැනඩාවේ වාසය කරයි), මහේන්ද්‍ර(රජයේ රැකියාවක් කරයි, හවසට හොඳට සප්පායම් වී යන බව ආරංචී වුනි), සුසිල්(සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරයි). හැමදාම උදේ පන්ති ආරම්භ කරන්න පෙර කතා බහේදී

"ඊයේ උදේ වාද්දුවේ ගෙදරක මිදුලේ  සුට් කෙස් එකක් තිබිලා, ඒ ගෙදර මිනිස්සු ඇරලා බලන්න බය වෙලා, පස්සේ ඒ පැත්තේ කොල්ලෙක් ඇවිත් ඇරලා. කෑලි වලට කපපු මිනියක් තිබිල තියෙන්නේ, වැඩේ කියන්නේ උගේ අරක කපල කටේ ගහල තිබිල තියෙන්නේ. පස්සේ බලනකොට ගියා මාසේ ඒ ගෙදර කෙල්ලෙක්ව රේප් කරලා තියෙනවා.රේප් කරපු එකාව තමයි මරල තියෙන්නේ. ඒ ගෙදර අම්ම ඒ සිද්දිය වුන කාලේ විලාප තිය තිය ගම වටේ ගිහින් තියෙනවා. කොහොමහරි අපේ සහෝදරවරුන්ටත් මේක ආරංචි වෙලා. වැඩි දවසක් ගියේ නෑ."

"ඒවානම් හොඳ වැඩ"  කවුරුන් හෝ කියනු ඇසිනි.

"ඒ විතරක්ද දැන් ගම වල බීල කැ ගහගෙන යන එවුන්ගේ කටවල් කපනවා, චන්ඩින්ව මරල දානවා. පේනවා නේ"

"උඹලගේ ඔය ඔක්කොම කෙරුවාවල් කරන්නේ යුඑන්පී කාරයෝන්ටනේ" කෙනෙක් කීය. 

"මචං මෙතන යූඑන්පී,ශ්‍රී ලංකා කියල නෑ, වැරදි කරන එවුන්ට තමයි දඩුවම් කරන්නේ"

"කොරයි කොරයි බලන් හිටපල්ලා"

කතාවට විරාමය වැටෙන්නේ පන්ති පටන් ගන්නා විට නාද වන බෙල් එකටය. ඔවූන් සමාජ ශෝදනය වෙනුවෙන් සිදු කරන දේ මුවින් නොපැවසුවත් බොහෝ දෙනා හිතින් අගය කලා දෙයකි. එය එම සංවිධානය ආරම්භ කලා සමයේ සිදු වූ සිදුවීම්ය. පහු කාලීනව එය ජීවිතය සඳහා කරන මිනී මැරීම් බවට පත් විය. මගේ මතකයට නැගෙන ලොකුම සිදු වීම බේරුවල ප්‍රදේශයේ චන්ඩියකු වූ ඇඹුල්දෙනිය නම් ඉතා තරබාරු මිනිසා බේරුවල බෝ ගස අසල මරා බිම හිදුවා තබා තිබීමයි. අමු අමුවේ මිණී මැරීම් ආගන්තුක සමයක, මෙය ඔහුට පක්ෂ/විපක්ෂ සියලු දෙනාගේ හද සසල කරවන සිදු වීම් විය.  

එකල රජය ඔවුන් මර්දනය කිරිඉමට නිශ්චිත ව්‍යාපාරයක් ආරම්භ කොට නොතිබිණි. සියළු වැටලීම් සහ ප්‍රශ්න කිරීම් පොලීසිය මගින් සිදු කරන ලද අතර ප්‍රශ්ණ කිරීම් වලින් පසුව බොහෝ දෙනා නිදහස් කරන ලදී. මගේ පන්තියේ මිතුරන් තිදෙනාගෙන්ද කළුතර පොලීසියට අනුබද්ද රහස් පොලිස් නිලධාරියෙක් ප්‍රශ්ණ කිරීම් කොට අවවාද කොට නිදහස් කල බව දැනගන්නට ලැබුණි. ඉන්පසු ඔවුන් මීයන් මෙන් පාඩුවේ ඉන්නා ආකාරයක් දක්නට ලැබිණි. 

දිනක් කවුරුන්හෝ දුවගෙන දුවගෙන් විත් අලුත් පුවතක් කණ්ඩායම ඉදිරියේ තැබීය 

"මචං ඊයේ තංගල්ලේ කොල්ලෝ දෙන්නෙක් මරා දාලා. උන් දෙන්න පාඩම් කරන්න සෙට් වෙලා ඉඳල තියෙන්නේ, මදුරු කොයි එකක් ගන්න යනකොට තමයි උන් දෙන්නව අල්ලාගෙන තියෙන්නේ"

"මොන අපරාදයක්ද අපි වගේ එවුන් නේ. මචං අපි මේකට ශෝකය පල කරලා බැනර් එකක් දාමු" 

"කාටද අදින්න පුළුවන්"

"ඔය ඉන්නේ සුභාෂයා. මොනවද මචං ඕන කරන්නේ"

"බැනර් එකක් අඳින්න නම්, ඉටි රෙදි යාර දෙකක් තුනක්, ලැකර් ටින් එකකුයි, පින්සලකුයි"

"දීපං, දීපන් හැමෝම සල්ලි"

සියළු දෙන රුපියල දෙක එකතු කර රුපියල් විස්සක් විසිපහක් එකතු කර ගන්නා ලදී. 

"කවුද යන්නේ බඩු අරන් එන්න. කටුකුරුන්දේ හාඩ්වෙයාර් එකෙන් ගේපන්. කළුතර ගියොත් මොකටද කියල බලයි. තම්බිලාට ඕව ගානක් නැනේ"

"මචං ඔය සල්ලි මදි නං (කළුතර) බෝධිය  ගාවට ගිහින් බස් වලින් දාන සල්ලි ටිකක් එකතු කරන වරෙන්." 

ඒ කාලේ අපේ ඉස්කෝලේ කොල්ලන්ට චිත්‍රපටියක් බලන්න ඕන වුනොත් කළුතර බෝධියේ ආධාර වලින් තමයි බලන්නේ. බස් වලින් දෙන සල්ලි ඉල්ලන් කැටේට දන්නා වගේ ගිහින් අතේ ගුටි කර ගන්නවා. එතකොට බස් එක ගිහින් ඉවරයි. තීන්ත ගෙන්න ගිය එවුන්, හති හලමින් බයිසිකලයෙන් බැස්සේ පින්සල් පොඩි ඒවා නෑ, තියෙන්නේ ගෙවල් වල තීන්ත ගන්න තියෙන ඒවා.

"හරි සිගරට් ෆිල්ටර් එකක් හොයා ගනින්" මම කීවෙමි. සියළු දෙන විමතියෙන් මා දෙස බලා සිටියේ "සිගරට් ෆිල්ටර් එකෙන් කොහොමද චිත්‍ර අඳින්නේ ? " යන ප්‍රශ්නාර්ථය මුහුණේ රඳවාගෙනය (මා එස්.ඒ. දිසානයාක ගුරුතුමාගේ ගෝලයෙක් බව ඔවුන් දන්නේ නැත).  පෑනෙන් මුලික කටු සටහන ඇඳි මම් සිගරට් ෆිල්ටරය ලැකර් ටින් එකේ පොන්ගවාගෙන ගහෙන් සිතින් බැනරය ඇඳ නිම කලෙමි. මගින් මගට ඔත්තු බලන්නට පන්තියේ කොල්ලන් සිටි බැවින් මට බය වීමට හේතුවක් නැත.  එය පහතින් පෙනෙන රුපයේ තිබෙන ආකාරයේ එකක් විය.


මගේ මිතුරන් පසුව මෙය පාසැලේ ගාලුපාරට මුහුණලා තිබෙන ප්‍රධාන ශාලාවේ ඉදිරිපස එල්ල තැබිය. එහෙත් පහුවදාම ප්‍රධාන ශිෂ්‍යනායක රුවන් සිල්වා මාත් සමග සතුටු සාමීචියේ යෙදෙන ගමන් මට හීනියට ටොක්කක් ඇන්නේය. 

රුවන් කිව්වේ මොනවාද ?

ඊළඟ කොටසින් ---->



ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...