Showing posts with label කාළීන(Current Issues). Show all posts
Showing posts with label කාළීන(Current Issues). Show all posts

Tuesday, May 31, 2016

සහනාධාර : කාසියේ අනික් පැත්ත ...... Flood Relief - the other side of the coin ......

මේ දවස් වල කොළඹ දිස්ත්‍රික්කයට ගං වතුරය. අරණායක නාය ගොස් ඇත. එයට අමතරව තවත් බොහෝ පළාත් වලට නාය තර්ජන ඇත. මෙය ඇතිවුයේ නිරිතදිග මෝසම් තත්වය නිසා නොව, අහම්බෙන් ආ බෝනස් තත්වයක් නිසාය. එයට කියන නම නිශ්චිතවම මතක නැති. මුත් ඇමරිකාව හරහා ගිය කත්‍රිනා රීටා වැනි ඒවානම් ලංකාවේ අපිට හොඳාකාරව මතක තිබේ. හේතුව අපේ ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා වල  උදවිය ඒවා හැඳින්වූයේම ඒ නම්වලින්ම බැවිණි. සුළං ගැන කථා කල මොහොතේ තවත් අතුරු කතාවක් නොකියාම බැරිය.

මා රිවරිනා හෝටලයේ ගිණුම් අංශයේ සේවය කළ අවධියේ, එහි යතුරුලියන සේවිකාව හදිසියේ එකදිගට නිවාඩු ගන්නට යෙදුණි. බොහෝ දෙනා සැක කළේ ඇය වෙනත් රැකියාවක් සොයාගෙන ඇති බවය. මෙවැනි කටකතා අප අතර පමණක් නොව අපගේ කළමනාකාරීත්වය දක්වාදා ගමන් ගන්නේ ලැව් ගිණි මෙනි. සමහරවිට එවැනි කතාවක් ආරම්භ වන්නේ කළමනාකාරීත්වය පැත්තෙනි. තවත් සමහරු වෙනත් කතාවක් කීහ. ඒ ඇය එහි ප්‍රධාන ඉංජිනේරුවා සමග ඇති සම්බන්ධය ගැනය. මේ ආයතනයේ ඉහළ ශ්‍රේණි වල කිසිවෙකු ස්ථිර සේවකයන් නොවූහ. ඔවුන් සේවය කලේ කොන්ත්‍රාත් පදනමෙනි. එනිසා ඔවුන් සේවය කරන වැඩිම කාළය අවුරුදු හතරකි. එසේ තමන්ගේ අවුරුදු හතර හෝ අට සම්පූර්ණ කල ඉංජිනේරුවා වෙනත් රැකියාවකට මාරු වී ගොසිනි. 

කටකථාවට අනුව යතුරුලියන්නියගේ අතුරුදහන් වීම එනිසා ඇති වූ සිත් තැවුල නිසාය. එකම වහලක් යට බිරින්දෑවරු හතරක් තබාගෙන සිටි බවට නිවාස පාළන අංශයේ කෙනෙකු මා සමග පැවසීය. ඒ ඔහුගේ බිරිඳ, නඩත්තු අංශයේ යතුරුලියන්නිය, පිළිගැනීමේ අංශයේ සුන්දර ලඳක් (එයා ගැන ලියැවුණු ලොල් කතාව ) සහ අපේ යතුරුලියන්නියය. 

නරකම නෑ නේද? මිනිහා හෙන හැන්ඩියා. ඒ වගේම ජේත්තු කාරය. ගානට ට්‍රිම් කරපු රැවුල, උසට සරිලන මහතා කාගේත් හිත් වසඟ කළා. ඇත්තටම අතුරු කතාවත් මේක නෙවෙයි මේක අතු-අතුරු කතාවක් ( විජේ  අන්කල්ගේ නාමරකණයට අනුව). ඇය විසින් ටයිප් ගසන්නට යෙදුනු බොහෝ දේ ලෝටස් සහ වර්ඩ්ස්ටාර් මගින් මවිසින් පරිගණක මුද්‍රණ ලෙස ලබා දෙන්නට යෙදුනු නිසා, ඇයට තනිකරම ලියුම් ටයිප් ගැසීම පමණක් ඉතිරි විය. ඇයගේ මේ හදිසි අතුරුදන් වීම සැලකිල්ලට ගෙන තාවකාලික අනුප්‍රාප්තිකයෙකු ලෙස සිල්වා නමැති රජයේ සේවය කොට විශ්‍රාම ගත් කළු, හීන්දෑරි මනුස්සයෙකු තාවකාලික පදනම මත සේවයට ගෙන තිබුණි. රජයේ සේවකයෙකු ලෙස කෙතරම් අත්දැකීම් තිබුණද, සංචාරක හෝටලයක වැඩ කෙරෙන අකාරය පිළිබඳව ඇති අල්ප දැනුම සහ සමහර යෙදුම් පිලිබඳ නොදැනුවත් නිසාම ඔහු මා සිටි කාමරය සහ ප්‍රධාන ගණකාධිකාරී වරයාගේ කාමරය අතර ඇති තල්ලු දොර ඇරගෙන මා සමග කතාවට පැමිණේ. රාජකාරි වෙලාවේ කතාබහ මෙවැනි ආයතන අනුමත කරන්නනේ නැත. නමුත් මාගේ පියාගේ වයසේ පසු වූ මේ පුද්ගලයාට මේවා පැහැදිලි කල නොහැක. දිනක් මාගේ රාජකාරි හැඳුනුම්පත අතටගත් ඔහු, මුලසිට අගට කියවා

"ආ පුතා ඔයාලා හරි පෝසත් කට්ටිය නේද, ගෙදරට ටෙලිෆෝනුත් තියෙනවා?"

"අනේ නෑ මිස්ට සිල්වා, ඔය තියෙන්නේ මේ ඔෆිස් එකේ නම්බර් එක"

දවසක් මේ මිනිසා සමග අල්ලාප-සල්ලාපයක යෙදුනු අපේ ගනකාධීකාරී වරයා, ඔහු සමග කථාවෙන් සතුටක් ලබන බව අපට පැහැදිලි විය. සිල්වා උන්නැහේ නිනව්වක් නැතිව  වක්කඩ කැඩුවා සේ කථාව කරගෙන යයි. මෙවැනි විටක ඇහෙන් සන් කර අප කැඳවීම ගණකාධිකාරී වරයාගේ සිරිතයි. ඒ වනවිට ඔවුන් දෙදෙනා ගූගෝල විද්‍යාව පිලිබඳ කථා කරයි. ඒ මදිවට ඉංග්‍රීසියෙනි. ලෝකයේ එක්-එක් රටවල ඇති චණ්ඩ මාරුත ගැන සිල්වා උන්නැහේ කියවයි. ඉන් මගේ මතකයේ තිබෙන්නේ "හරිකේන් ඔෆ් වෙස්ට් ඉන්ඩීස්" පමණය. ඉන්පසු දිනක එතැනින් යන ගණකාධීකාරී තැන 
"මිස්ටර් සිල්වා මොකක්ද අර වෙස්ට් ඉන්ඩීස් වල හමන හුළඟ ?" යනුවෙන් අසයි. ඒ හැමවිටකම කිසිම පැකිලීමක් නැතිව "හරිකේන් ඔෆ් වෙස්ට් ඉන්ඩීස්" නේ මිස්ටර් රත්නායක යනුවෙන් පවසන්නේ පන්තියේ ගුරුතුමාගේ පැනයට උත්තර දෙන දීප්තිමත් සිසුවෙකු මෙනි. අන්තිමට සිල්වා උන්නැහේට වැඩි දිනක් යන්නට මත්තෙන් හරිකේන් යනුවෙන් කාඩ් එකක් වැදිණි. රජයෙන් සපයන සාගත මල්ලද රැගෙන පැමිණෙන මේ කළු හීන්දෑරි මිනිසා ගැන මට ඇති වී තිබුණේ කම්පාවකි. අදද වයස හැට ඉක්මවා ගිය මිනිසුන් කොතැනක හෝ සේවය කරන විට මගේ හිතට අනුකම්පාවක ඇතිවේ. ඒ නිසි විශ්‍රාමික ක්‍රමයකට උරුමකම් නැති නිසා එසේ කඹුරන්නට සිදු වන නිසාය. සිල්වා මහතාගේ අවිවාහක දියණියන් දෙදෙනෙකු සිටින නිසා එසේ සේවයට පැමිණ ඇත. දිනක් අපේ කෑම කාමරයේ ආහාර අවසන් වී ඇති මොහොතක, එකවුන්ටන් තැනගේ කුඩා චිට් එකකින් රස-මසවුලක් භුක්ති විඳින්නට ලැබුණු විටෙක, "දේ ෆෙඩ් මී වෙල්" යනුවෙන් ඉතා සතුටෙන් පවසන විට අනුකම්පාවක් ඇරෙන්න කිසිදු හැගීමක් නොනැගින. අවසානයේ මර්සි නමැති අපගේ ටයිපිස්ට් පැමිණීම නිසා, ඔහුගේ වැඩ අවසන් වන දිනයේදී, ඔහුගේ මුහුණ දකින්නට දුකය. අතුරු කතාව එතැකින් නිමයි.

දැන් අපි සහනාධාර බෙදීමට යොමු වෙමු. සහනාධාර බෙදීමට මෙවර බොහෝ කණ්ඩායම් ඉදිරිපත් විය. මේ අතුරින් ෆේස්බුක් සමූහයන් කැපී පෙනුණු අතර සියලුම මාධ්‍ය ජාල මේවා තරගයක් මෙන් කරගෙන යති. විශේෂයෙන්ම රූප මාධ්‍ය විසින් සිදු කරන ප්‍රචාරණ දෙනෙතට කඳුළු නංවන සුළුය. ඉතාම සංවේදී ජනතාවක් සිටින රටක් මේවාට හොඳ තෝතැන්නකි. එසේ පවසා එකතු කරන ද්‍රව්‍ය ඔවුන්ගේ ලේබලය සහිත මල්ලක ගෙනගොස් දෙන්නේ විපතට පත්ව ඇති ජනතාව කෙරේ ඇති සැබෑ අනුකම්පාවෙන්මද යන්න සක සහිතය. එසේ ඔවුන් කරන ලද සමාජ සත්කාරය ගැන උදම්අනන්නටද ඔවුන් වග බලා ගනිති. මගේ දියණිය මේවා බලාගෙන හිඳ අපූරු ප්‍රශ්නයක් මගේ ඇසුවාය. ඒ 

"ඇයි තාත්තේ ඒ බඩු ගන්න මිනිස්සු දන්නේ නැද්ද, ඒගොල්ලෝ මිනිස්සු ගෙනැත් දෙන දේවල් අනිත් මිනිස්සු දීපු ඒවා කියලා. ඒගොල්ලෝ තැන්ක්ස් කරන්නේ ටී.වී. එකටනේ"

මේ ව්‍යසනය දැක හිත උණු වෙන ජනතාව මේ පරිත්‍යාගයන් කලේ ඇති කමකට නොවන බව අමුතුවෙන් පැවසිය යුතු දෙයක් නොවේ. කවුරුත් හැකි සහ නොහැකි පමණින්ද තමන්ගේ ආධාර එකතු කර මේ මාධ්‍ය වෙත ගෙනගොස් බාර දෙති. සමහරු මාධ්‍ය ඉදිරියේ පෙනීසිටීමට ඇති කැමැත්තෙන්ම මේවා කරන බවද පසක් වන්නේ ඒවා පෙන්වන විටදීය. කොහොමත් සාමන්‍ය ජනතාවට එම ප්‍රදේශ තහනම් කලාපයක් කල කල්හී, ඔවුන්දට විකල්පයක් නැත. එසේ කෙලින්ම ආධාර බෙදන්නට යම්කිසිවෙක් ඉදිරිපත් වූවානම් ඔවුන්ට ඒවා බෝට්ටු හරස් කර අත්පත් කරගන්නා මැති-ඇමති ගොල්ලන්ට බාරදී, පින් නැතිව ගෙදර එන්නට සිදු වූ අවස්ථාවන්ද වාර්තා වේ. 

මා කියන්නට යන්නේ මේ කිසිවක් නොවේ. මේවා සාමාන්‍ය සිද්ධීන් බව මෙය කියවන ඔබට පැහැදී ඇත. නමුත් සහනාධාර පිළිබඳ නොපෙනෙන සත්‍යය යම්කිසි මට්ටමකින් හෝ හෙළිදරව් කිරීම මගේ බලාපොරොත්තුවයි.  නිතරම නොවුණත්, මා අසල්වැසි දසනායකගේ කඩයට ගොඩ වූ විටෙක ඔහු සමාජයෙන් උකහා ගන්නා අපූරු තොරතු මා වෙත දිග හරී. පසුගිය සමයේ ලංකාවේ ඇස්ට්‍රා මාගරින් හිඟයක් පැවත ඇත්තේ, හොරණ ඇති එහි කර්මාන්ත ශාලාවේ ඇති වූ හදිසි ගින්නක් නිසාය. නමුත් ඔහුගේ කඩයේ සැචේ ප්‍රමාණයේ ඇස්ට්‍රා තිබේ. මේවා කෙලෙස ලැබුණේදැයි මගෙන් විමසා, පිළිතුරක් දෙන්නටද ප්‍රථම මෙසේ පවසාගෙන යයි

"කිව්වට විස්වාස කරන්න, මේ පාර ඇස්ට්‍රා ලංකාවට ගෙන්වලා තියෙන්නේ ඉන්දියාවේ ගහලා. ඒ ගෙනාපු පලවෙනි තොගේ කෙලින්ම සහනාධාර වලට දීලා තියෙන්නේ. ඒ බඩු ඊට පස්සේ කෙලින්ම ඇවිත් තියෙනවා පිටකොටුවේ තැනකට. මම එතැනින් ගත්තේ". මේ සහනාධාර වල එක් අතුරුපලයකි. ඒවා ලබන්නන් කරන එක දෙයක් වන්නේ අඩු මුදලට ඒවා විකුණා දැමීමයි. දසනායකට අනුව රුපියල් ලක්ෂයක දෛනික ආදායමක් ඇති, ගංවතුරට ආසන්නයේ වෙළඳ සැලක් පවත්වාගෙන යන පුද්ගලයෙක් තම ඥාති නිවසක සිට මේ ආධාර ගැනීමට සිටින්නේ කඩය තාවකාලිකව වසා දමාය. ඔහුගේ දිනක ලාභය රුපියල් දහදාහක් යයි සිතුවහොත්, මේ ලැබෙන මලු වලින් එක්කෝ ඊට එහා ආදයාමක් ඔහු ලබයි, නැතිනම් එසේ එකතු වන ද්‍රව්‍ය අඩු මුදලට ඩැහැ ගන්නට ඔහු එසේ කරයි.

කොහොමටත් සනහාධාර ලබන්නාට ඒවා ඒ හැටි වටිනාකමක් නැත. මන්ද ඒවා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගන්නේ ඔවුන් නොවන නිසාය. මේවා පරිත්‍යාග කල අයගෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් හැර අන් සියල්ලන්ම ඉතා වෙහෙස මහන්සි වී මේවා උපයා ගනී. බඩු-මිල හෝ වැට් වැඩි වීම ගැන ඉතා තැවුලෙන් පසු වේ. නමුත් අනුන්ගේ දුකේදී හිත උණු වේ. ඉතිං හැකි පමණ සහ නොහැකි පමණ දන් දෙයි. තුර්කි ජාතිකයෙකු මුහුනුපොත හරහා කළ හෙළිදරව්ව එයට ලැබුණු හොඳම සහතිකය වේ. ඇත්ත වශයෙන්ම අප ජීවත් වන්නේ පුදුමාකාර දනට - පිනට කැමති ජාතියක් වෙසෙන රටකය. 

දුකට පත් සියලු දෙනා මෙසේ සහනාධාර ඉල්ලාගෙන පැමිණෙන්නේ නැත. ඒවාට පුරුදු වූ පිරිසක් ඇත. ඔවුන් හැමදේම එසේ ලැබිය යුතු යයි විශ්වාස කරයි. කැළණි ගඟ අද්දර අනවසර ස්ථාන වල ජීවත් වූවන්ට නිවෙස් පවා ලැබී ඇතත් ඔවුන් ඒවා බදු දී යලිත් මේ අනාරක්ෂිත ප්‍රදේශ වලම කරක් ගසන්නේ සහනාධාර නිසාම නොවේ. නමුත් මෙවර ගංවතුරෙන් අනපේක්ෂිත ප්‍රදේශ කිහිපයක්ද යට වූ බව සත්‍යයකි. එහෙත් එම ප්‍රදේශ වල නිවාස ඉදිකිරීම් දෙස මොහොතක් බැලුවොත් ඉන් කීයක් අදාළ ප්‍රාදේශීය සභා වල අනුමත ගොඩනැගිලිදැයි ඔබට වැටහෙනු ඇත. 

සහනාධාර නොනැවතී ලබා දුන්නොත් ඔවුන් කිසි දිනෙක යලිත් ඔවුන්ගේ නිවෙස් වෙත යන්නේ නැති බව මා දන්නේ අද ඊයේ නොවේ. ඒ දකුණේ ප්‍රදේශ ගණනාවක සේවය කරන (වර්ල්ඩ් විෂන්) මගේ මිතුරියක් කල හෙළි දරව්වෙනි. නියං සහනාධාර ලබන කිසිවෙකු ඔවුන්ගේ නිවෙස් වල වහල ගසන්නේ නැති බවත්, එසේ නොකරන්නේ සහනාධාර අහිමි වන නිසා බවත් ඇය පවසයි. ඒවා දැන-දැනත් ඔවුන් තමන්ගේ ආධාර ව්‍යාපෘති කරගෙන යයි. මේ පෙදෙස් වල ජනයා වැස්ස වැටෙනවාට කැමති නැත.

සාමාන්‍යයෙන් අපේ ර‍ටේ මිනිසුන් කම්මැලි බව අප සියලු දෙනා පිළිගත යුතු සත්‍යයකි. නිකං ලැබෙන දේ තොග වශයෙන් එක්කාසු කර ගන්නන්ද සිටින බව නොකිවමනාය. ඒ පිලිබඳ කදිම ලිපියක් යාන්හැල්ල ලියන සුරංග කර ඇත. සියලු දෙනාම එය කියවන්නට ඇතැයි සිතමි. සහනාධාර ලබන්නාට එහි වටිනාකම අඩුය. ඔබ පේපර් සර්වියට් පැකට් එකක් එවැනි කෙනෙකුට ලබා දී ඔවුන් කරන දේ බලා සිටින්න. ගෙදරදී අප පේපර් සර්වියෙට් පැකට් එකක් රැගෙන ආවද, එය අමුත්තෙකු සිටින විට භාවිතා කරන්න ලබා දුන්නද, ඉතිරි ඒවා අරපරිස්සමින් තබන බව මා අත්දැකීමෙන් සහ නිරීක්ෂණයෙන් දනිමි. නමුත් ඔබ වෙනත් ස්ථානයක පේපර් සර්වියෙට් නොමිලයේ ලබා දී ඒවා භාවිතා කරන අයුරු බලා සිටින්න. ඔවුන් සපත්තු පොලිෂ් කරන්නද, පිගන් පිහින්නද, වාහනයේ වීදුරු පිස දමන්නද, කන්නාඩි පිරිසිදු කරන්නද ඒවා භාවිතා කරයි. හේතුව ඒවා මිලදී ගන්නට ඔවුන්ගේ පොකැට්ටුවෙන් සතයක් හෝ වැය නොවන නිසාය. 

සහනාධාර වල සරල කතාන්දරය ඉහත පේපර් සර්වියෙට් උදාහරණයෙන් පැහැදිලි වේ. ලබන්නා ඒවාට කරන වියදමක් නැති නිසා ඔවුන් නොමසුරුව ඒවා භාවිතා කරයි. තම මහන්සියෙන් රුපියලක් උපයාගත් පුත්‍රයා, තමාගේ පියා ලිපට එය විසි කල කල්හී හැසිරුණු ආකාරය කියවෙන කතාව මේ මොහොතේ සිහිපත් වේ. සහනාධාර ලබන්න්නා කම්මැලි වේ. උපයන්න උදාසීනය. කාගෙන් හෝ කඩාපාත් වනතෙක් බලා සිටී. පහුගිය සමයේ තමන්ට ඉන්න තැනක් නොමැති බවට ආණ්ඩුවට මැසිවිලි නගන අයුරු ඔබත් මාධ්‍යයෙන් දකින්නට ඇත. 

වරක් අප මතුගම ප්‍රදේශයේ එක් අසරණ පවුලකට නිවසක් සාදා දෙන්නට ඉදිරිපත් වූයෙමු.  වරින්වර කණ්ඩායම් වශයෙන් නිවාඩු දමා ගොස් ශ්‍රමදානයෙන් වැඩකටයුතු කළේ ඒ සඳහා දරන්නට වන බරපැන අවම කර ගැනීමටය. අප නිවසේ බිත්ති කඩමින් වයරින් කටයුතු වල යෙදෙද්දී, එම ගෙදර ගෘහ මූලිකයා වගේ-වගක් නැතිව සුපවයිසර් මෙන් බලා සිටියේය. නමුත් ඔහුගේ රැකියාව කුළී වැඩය. තමන්ගේ නිවසේ කෙරෙනේ කටයුත්තේදී ඔහු මෙයට වඩා යුහුසුළු වියයුතු නේදැයි අප අපිටම කියා ගත්තෙමු. 

මගේ කාර්යාලීය මිතුරා එක් පවුලකට මාසිකව යම් මුදලක් සපයයි. ඔහු ඒ තීරණයට එන්නේ එය ලබාදෙන්නට යෙදුනු කාලයේ එකී පවුලේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය. නමුත් අද තත්වය ගැන සලකා ඔහු මේ මුදල ලබා දීම ප්‍රතික්ෂේප කළහොත්, එයට මුහුණ දීමේ ශක්ශ්තිය එකී පවුලට නැත. මන්ද ඔවුන් අඩුවෙන් මුදල් ඉපැයීමට පුරුදු වී ඇති නිසාය. නැතිනම් යම් මුදලක් නාස්ති කිරීමට ඇබ්බැහි වී සිටීම නිසාය. 

අවසානයේදී මගේ විශ්වාසය නම් "සහනාධාර වහක්" බවය. ඒ මගින් මිනිසුන්ගේ උද්යෝගය හීන කරයි. මේ දිනවල විනාශ වූ නිවෙස් පිළිසකර කරගැනීමට හෝ පිරිසිදු කර ගැනීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වීම ඉතා හොඳ දෙයකි. නමුත් ලබන වසරේ ඔබ එයට ඉදිරිපත් නොවුනහොත් ඔවුන් මැසිවිලි නගනු නියතය.  මෙය සාමාන්‍ය තත්වයකි. මාගේ මේ ලිපියේ අරමුණ ත්‍යාගශීලී ජනතාව හෝ ස්වේච්චාවෙන් සේවය කරන ඔබ මන්දෝත්සාහී කිරීම නොව, සහනාධාර නමැති කාසියේ අනෙක් පැත්ත පිලිබඳ පෙන්වා දීමටය. 

මා ජීවත් වන කළුබෝවිල ප්‍රදේශයේ සුදර්ශි මාවත නොවැම්බර් මාසයේ කොළඹට වැටෙන මහා වැස්සට අඩියක් පමණ ජලයෙන් පිරී යාම සාමන්‍ය සිද්ධියකි. එසේ පිරෙන ජලය ගැන කිසිවෙකුට මැසිවිලි නොනගන ප්‍රදේශයේ ජනතාව, වතුර අස්කර ගැනීමද, වැසි ඇදහැලෙනවිට බඩු-භාණ්ඩ උස්තැන් වල තැබීමද, නිවෙස් වලට ගලාගෙන ආ මඩ හෝ කසල ඉවත් කර ගැනීමද, විෂබීජානුහරණය කර ගැනීමද කර ගනිති. මෙම ප්‍රදේශයේ බෑවුමක මේ පාර පිහිටා ඇත. ඇල අසලම ජීවත් වුවද, එයට ජලය රැගෙන යන කානු පද්දතිය අවහිර කර සමහරුන් තාප්ප ඉදි කර ඇත. තවත් කෙනෙක් තමන්ගේ නිවසේ මළපහ පද්දතියෙන් බටයක් එයට යොමු කර ඇත. උදෑසනක පාරට බටහොත් මෙකී පද්දති වල දුර්ගන්ධය ආග්‍රාහනය කරගත හැක. මෙසේ වැසිජලයෙන් වන විපතට බොහොමයක් දෙනා කුඩා බැම්මක් ඉදි කර අතුරු විසඳුමක් සිදු කලද, කිසිදු මාධ්‍යයක් මේවා වාර්තා කරන්නට එන්නේ නැත. වරක් මෙවැනි රජයේ අඩුපාඩු ගැන මහා දුකකින් වාර්තා කරන මාධ්‍යයක් මෙය ඔවුන්ගේ නාලිකාවේ පෙන්වීමට ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් පනස්දාහක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. අද කෙරෙන මාධ්‍යකරණය පිලිබඳ ඇතුල් පැත්තද එලෙසය. 

ඇඳුම් ලබා දෙන්නේ නම් පාවිච්චි නොකළ ඒවා දෙන ලෙස ජනතාවට අණ කරන්නේ ඇයිදැයි මට ගැටලුවකි. අඳින්නට පුළුවන් හොඳ තත්වයේ වෙනත් කෙනෙකුගේ ඇඳුමක් විපතට පත් මොහොතක අඳින්නට නොහැකි වන්නේ කුමන අරුමයක් නිසාදැයි මට පැහැදිලි නැත. හදිසියකට යාලුවෙකුගේ හෝ ඥාතියෙකුගේ ඇඳුමක් නොඇඳි කෙනෙකු සිටීදැයි නොදනිමි. ඒ දෙන ඇඳුම් තමන්ට අඳින්නට රිසි නොවේනම තෙත් වූ පොලොව මත දමා කකුල් පිස ගැනීමට හෝ භාවිතාව කල හැකිය. නමුත් දෙන්නාට මේ ගැන තිබෙන කැක්කුම ලබන්නාට නැතිබව මේ ප්‍රකාශ වලද ගැබ් වී ඇත. 

සහනාධාර ලැබූවෝ පසුකාලීනව ඔවුන්ට උදව්-පදව් කල අයට මැසිවිලි නගන අවස්ථාද සමාජයේ අසන්නට ලැබේ. අපිට එහෙම උදව් නොකළානම් අපි කොහොම හරි අපේ දේ කර ගන්නවා යන්න ඔවුන් ඉදිරිපත් කරන තර්කයයි. සත්‍යම කතාවද එයයි. මිනිසුන්ට උදව් කල යුත්තේ අන්ත අසරණ භාවයට පත් වී ඇතිබව ඔබට සක්සුදක් සේ පැහැදිලි නම් පමණක් බව මගේ විශ්වාසයයි. රැල්ලට දුවන්න ගියහොත් ඔබ කලදේ ගැන ඔබටම පසුතැවිලි වන්නට සිදුවනවා ඇත. අනේ අපි කලේ පිනට, එයාලා කළ දේ එයාලා අරගෙන යයි, කියන ප්‍රසිද්ධ බොදු වැකිය නිසා, අපේ රටේ මිනිසුන් පිං ලැබීම අරමුණු කරගෙන මෙසේ පරිත්‍යාග කරයි. නමුත් සහනාධාර බෙදු සැම අවස්ථාවකම ඒවා ගසා කෑ පුවතක් පසුව අසන්නට ලැබේ. 

මෙම සටහන තැබීමේ අරමුණ, සද් භාවයෙන් විපතට පත් ජනයාට උදව් කරන්නට ඉදිරිපත් වන ඔබ මන්දෝත්සාහී කිරීම හෝ හිතේ ඇතිවන කුහකත්වයක් නිසා නොවන බව මෙහි සටහන් කර තබමි. ඔබ යම් සද්කාර්යයකට මේ වනවිටත් එක් වී ඇතිනම් ඒවා දිගටම කරගෙන යන්න. නමුත් මේ යතාර්ථය දකින්න. 

Wednesday, November 12, 2014

ඩර්ඩන්ස් රෝහල් බලධාරීනී : මේ ඔබේ අවධානයට ..... Attention of Durdans Hospital Administration

කුඩා දරුවන් අසනීප වන්නේ අවිනිශ්චිත වේලාවන්හිදීය. එවැනි මොහොතක නිවසේදී කළහැකි මූලික ප්‍රතිකාර ඔරොත්තු නොදෙන තත්වයන් වලදී අප දිව යන්නේ රෝහල් වෙතය. සාමාන්‍ය ජනයා රජයේ රෝහල් වෙත දිව යන්නේ වෙනත් විකල්පයක් නොමැති නිසාය. නමුත් පුද්ගලික රෝහල් පිරෙන්න්ටද අද ජනයා පොදි කන්නේ හේතු කිහිපයක් මුල් කරගෙනය. රජයේ රෝහල් වල ඇති තදබදය, ප්‍රතිකාර ප්‍රමාදවීම්, සහ බෙහෙත්ද්‍රව්‍ය වල හිඟකම, උපකරණ හිඟකම වැනි කරුණු මුල් කරගෙනය. බොහෝ දෙනාට රක්ෂණ ආවරණ හෝ රාජකාරි ස්ථානයෙන් ලැබෙන ආවරණයද පුද්ගලික රෝහල් වෙත දිව යාමට ප්‍රබල හේතුවක් වී ඇත. මේ හැරුණු කොට ඉහල ජීවන තත්වයක් ඇති පුද්ගලයන්ද පුද්ගලික රෝහල් වල සේවය පතයි.

 මගේ දියණිය පිළිසිඳ ගත මොහොතේ පටන් පුද්ගලික රෝහල් වල සේවය පැතුවේ මාගේ සේවායෝජකයා ලබා දෙන ආවරණය නිසාය. එය රක්ෂණයක් නොවේ. නමුත් සාමාජික මුදලක් මගින් පෝෂණය වන එයට සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් සේවායෝජයකයා විසින්ද එකතු කරයි. දැන් පුද්ගලික රෝහලකට කෙනෙකු ඇතුලත් කර ගන්නා මොහොතේම, රක්ෂණයක් මගින් ආවරණය වනවා හෝ ප්‍රතිපූර්ණය කරනවාද යන්න ඔවුන් විසින් සැකහැර දැන ගන්නේ අපට සිත්ගන්නාසුළු මුද්‍රිත බිල් පතක් ලබා දීමට නොවේ. එවැනි පුද්ගලයන් වැය වන මුදල පිලිබඳ සැලකිලිමත් නොවන නිසාය.

 පහුගිය සතියේ මගේ දියණියද දැඩි ලෙස රෝගාතුර විය. ඇය මෙලොව එලිය දුටු ඩර්ඩන්ස් රෝහලටම කැඳවාගෙන යන්නේ ළමුන් පිලිබඳ විසේසඥ වෛද්‍යවරියක් වන දිල්රුක්ෂි රුබේරු මහත්මියට දියණිය පෙන්විය හැකි නිසාය. මෙයට පෙර බොහෝ වතාවලද මා ඇය එහි කැඳවාගෙන ගොස් තිබේ. මෙම වෛද්‍යවරිය අතිදක්ෂ කෙනෙකු බව අමුතුවෙන් සඳහන් කල යුතු නැත. ඇගෙන් බෙහෙත් වේලක්, දෙකක් බොනවිට රෝගය සුව අතට හැරීම සාමාන්‍යයක් වී ඇති නිසා, මා දිව යන්නේ එතුමිය ළගටය. අනෙක් කාරණය රෝග විනිශ්චය පිලිබඳ ඇගේ නිපුනතාවයි. අප ඩෙංගු රෝගය ඇත්දැයි බියෙන් දරුවා රැගෙන එහි ඇතුළු වන මොහොතක 
"බය වෙන්න එපා මෙයාට ඩෙංගු නෑ"
යනුවෙන් පවසන්නට තරම් ඇය සමත්ය. මෙවර දියණියගේ තත්වය නරක බවත්, වහාම ඇතුලත් කල යුතු බවත් දන්වා ඒ සඳහා අවශ්‍ය ලියවිල්ල මා වෙත ලබා දුනි.  ඉන්පසු ඇය නැවත්වීමට කැමති කාමර වල මිල ගණන් විමසනු ලැබිණි. ඉහළම මිලක් සහිත කාමර(අලුත්) රුපියක් හත්දහස් ගණනක්ද, පැරණි කාමර රුපියල් හයදහස් ගණනක්ද, පොදුවේ තබා ගත හැකි ස්ථාන වල මිළද සඳහන් කල ඔවුන් මා තෝරා ගන්නේ කුමන කාමරයක් දැයි විමසා සිටි විට, ඇය සිටින තත්වය සලකා දෙවන මට්ටමේ මිල ගණන් ඇති කාමර තෝරා ගතිමි. ඒ සඳහා මූලික ගාස්තුව වශයෙන් රුපියල් පහළොස් දාහක් ගෙවන ලෙස දන්වා සිටින ලද අතර මා ක්‍රෙඩිට් කාඩ් පත ඉදිරිපත් කළේ මෙවැනි අවස්ථාවක් සඳහා සුදානමක් නොවූ බැවිණි.

ඒ මොහොතේ මගේ හිතට වදදුන් කාරණා කිහිපයක්ම විය. ඒ කෙතරම් කාලයක් මෙහි රැඳී සිටින්නට සිදු වෙයිද ?,  කෙතරම් මුදලක් ඒ සඳහා වැය වෙයිද ?, ඉන් කොපමණ මුදලක් ප්‍රතිපූර්ණය කල හැකි වේද ? යන කාරණාය. ඔවුන් විසින් ලබා දුන් පළමු ඇමෙන් බේරීමට මට හැකි වුයේ පෙර අත්දැකීම් නිසාය. ඒ රක්ෂණය හෝ ප්‍රතිපූර්ණය පිලිබඳ ප්‍රශ්නයයි. මා පවසා සිටියේ "නැත" යන්නයි. නැතිනම් මීටරය මීටත් වඩා කැරකෙන බව අවස්ථා දෙකක අත්දැකීමෙන් මම දනිමි. රාජකාරි කරන ස්ථානයෙන් මේ සඳහා ගෙවීම කරන බව සැබෑ වුවත්, ඔවුන් පවසන මුදලක් ගෙවීමෙන් එක් අයුරකින් අපට වෙනත් රෝගී අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි මුදලක් අපතේ යනු ඇත. අනෙක් අතින් අරමුදලක් හෝ රක්ෂණයක් වුවද එයට දායක වී ඇති වෙනත් අයෙකු වෙනුවෙන් කල හැකි වියදමක් සඳහා ඇති මුදලක් අපතේ යනු ඇත. ඔබේ අතින් ගියද, ආයතනයෙන් ගියද වැය වන්නේ මුදල්ය. එය වක්‍රාකාරයෙන් මේ රටේ සියලුම ජනයාට බෙදී යා හැකිය.

ඇය ඇතුලත් කරගත් පසු, එහි තිබෙන කුඩා රුපවාහිනිය  දවසේ පත්තර කියවන නාලිකාවක "චැනලින් සේවා සපයන ආයතන අය කරන අධික ගාස්තු පිලිබඳ රජය මැදිහත් වීමට යයි" යනුවෙන් පුවතක් අසා මා ඉතා සතුටට පත් වුයේ,   මේ වනවිට සියළුම පුද්ගලික රෝහල් වල චැනලින් ගාස්තු  සාමානය රෝගියෙකුට දාරා නොගත හැකි මට්ටමකට වැඩි වී තිබීම නිසාය. 2005 - 2006 කාල වකවානුවේ රුපියල් හයසීයත් අටසීයත් අතර වූ චැනලින් ගාස්තුව අද වනවිට රුපියල් දෙදාහ ඉක්මවා ඇත. මින් සැලකිය යුතු ප්‍රමාණයක් අදාළ රෝහල සඳහා වන ගාස්තුය. යම් හෙයකින් අප මේ වෙන්කරගැනීම අවලංගු කළහොත් රෝහල් ගාස්තුව නැතිව වෛද්‍ය වරයාගේ ගාස්තුව පමණක් රෝගියාට ලැබේ. රෝහල් ගාස්තුව සඳහා ඔවුන් ලබා දුන් සේවාව කුමක්ද ? ඔවුන්ගේ පරිගණකයට ඔබ පිලිබඳ දත්ත සටහන් කර ගැනීමද ? ඔබේ අවස්තාව පැමිණෙන තෙක් බලන්නට සවි කර ඇති රුපවාහිනි සඳහා වියදමද ? මුල්ලක තබා තිබෙන වතුර ගැලුම සඳහා වියදමද ?

හොඳයි මේ කියන දේ පිලිබඳ යම්කිසි පිරිවැයක් ඇති බව අපි පිළිගනිමු. නමුත් එක් දිනකට මෙම රෝහලක් වෙත චැනලින් පහසුකම ලබා ගන්නට එන රෝගීන් ප්‍රමාණය සමග සැසඳීමේදී මෙය අබ ඇටයක් තරම් වියදමක්ද ? අඩුම තරමින් එක් දිනකට වෛද්‍ය වරුන් 125 ක් (ඔවුන්ගේ වාර්ෂික වාර්තාව අනුව වෛද්‍යවරුන් 275කට අධික බව පවසයි) සේවාව සපයයි නම්, එක් අයෙකු රෝගීන් 75බැලුවේ නම්, එකී ආදායම 125 x 75 x 500 වේ. එය රුපියල් 46,87,500 ! ඔබ පිලි ගන්නවාද ? රුපියල් ලක්ෂ 47ක්. මාසයකට දවස් 25ක් සේවය සැපයුවොත් රුපියල් මිලියන 117ක්. මේ චැනලින් වලින් ලැබෙන ආදායමයි. මගේ දියණියගේ බිල්පත  දෙස බලමු. 
මෙහි පරිපාලන වියදම් (Administration Charges)   ලෙස රුපියල් 1000 ක්ද, ඇතුලත් වීමේ ගාස්තුව(Admission Fees)  වශයෙන් රුපියල් 2500ක්ද, ඖෂධ පිලිබඳ අවධානය(Medical Attention) ලෙස රුපියල් 4300ක්ද අය කර ඇත. මේ ගාස්තු වෙනුවෙන් ඔවුන් මගේ දියණිය වෙනුවෙන් සැලසූ සේවාවන් මොනවාද ? මෙසේ දිනකට ඇතුලත් කර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය වශයෙන් 25ක් යයි සිතුවොත්, දිනකට රුපියල් 1,95,000ක්, සහ මසකට රුපියල් මිලියන 5.85 ක් උපයයි. බොහෝ දෙනාගේ අදහස මේවා ගනුදෙනුකරුවන් රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණය කරන බව දැනගත් විට ඔවුන් මෙසේ අමතර ගාස්තු අය කරනු ලබන බවයි.

මෙහි සඳහන් වන ශල්‍ය අයිතම (Surgical Items) යනුවෙන් සඳහන් වන ගාස්තුව වෙනුවෙන් ඔවුන් සැපයුවේ ඔක්සිජන් ලබා දීම සඳහා භාවිතා කරන වෙස්මුහුණක්(Mask) සහ පිටි අල්ලෙන් බෙහෙත් ශරීරගත කරන කුඩා උපකරණය සහ එම දින වල බෙහෙත් එන්නත් කිරීමට යොදා ගත සිරින්ජ කිහිපයයි. මේවායේ මිල ගණන් සලකා බැලුවහොත් රුපියල් සීයකට අඩුව මිලදී ගත හැකි බව පැහැදිලිය. මෙහි සඳහන් ක්‍රියා පටිපාටි(Procedure) වියදම කුමක් සඳහාද යන්න පැහැදිලි නැත. මේ අනුව මෙයත් තවත් සැඟවුණු මුදල් ගසා කෑමේ අයිතමයක් ලෙස සඳහන් කල හැක.

මෙයට අමතරව මෙහි සඳහන් කාමර ගාස්තුව දිනකට රුපියල් 6250ක් වේ. එය තරු පන්තියේ හෝටල් වල ගාස්තුවක් බව ඔබට පැහැදිලි වනු අත. මේවා පිලිබඳ අපට තර්ක කල නොහැක. නමුත් එහි සුළු සේවකයන් පානීය ජලය ලබා දීමේදී අපට පානියක් දැමූ බව පැහැදිලිය. නොමිලයේ ලබා දෙන්නේ මිලි ලීටර් 500 යේ එක බෝතලයක් බවද, අමතර ජලය අවශ්‍ය නම් ඒ සඳහා අය කරන බවද, උතුරා නිවාගත් ජලය ලබා දිය හැකි බවද පවසන ලදී. නමුත් එහි සැඟවී සත්‍යය මට පැහැදිලි වූවද, එය සියළු දෙනා සමග කලහා කර ගත හැකි මොහොතක් නොවේ. මෙහි සඳහන් හෙද(Nursing), බෙහෙත්(Drug), එන්නත්(Injection), ඇඳ ඇතිරිලි (Linen) { දින දෙක සඳහාම භාවිතා කලේ එකම රෙදි කට්ටලයයි.   රෝගියෙකු රෝහල් ගතකල විට ඇතිවන මානසිකත්වය උඩ මේවා පිලිබඳ සොයා බැලීමට අපට සිහියක් නැත. අප පතන්නේ ඉක්මන් සුවයයි}, නෙබියුලයිසින්(Nebulizing), වෘත්තීය(Professional) - වෛද්‍යවරියගේ ගාස්තු පිලිබඳ මට එතරම් ගැටළුවක් නැත.

මා පෙන්වන්නට උත්සාහ කලේ ආසන්න වශයෙන් මසකට රුපියල් මිලියන 123ක ප්‍රමාණයක් ඔවුන් පහසුවෙන් උපයා ගන්නා බවය. මේවා සඳහා රක්ෂණ මගින් සහ වෙනත් ක්‍රමයන්ගෙන් ගාස්තු ප්‍රතිපූරණය කරන අය සහ ධනවතුන්ගෙන් ඔවුන් කොල්ල කෑ ගනී. නමුත් මෙම ගාස්තු ප්‍රතිපූර්ණ වලද සීමාවක් ඇතිබව මෙම ප්‍රතිලාභ ලබන්නන් නොසිතන්නේ මන්ද ? ලෝකයාට පෙනෙන්නට අපිට මෙච්චරක් ගියා යයි උදම් අනන්නද ? මේවා සාවධානව කියවා බලා තේරුම් ගත යුතුය. ඔබගේ සීමාවේ මුදල් ඉතිරි වුවහොත් ඔබට වෙනත් අවස්තාවක ප්‍රයෝජනයට ගත හැක. නැතිනම් එම අරමුදල් භාවිතා කරන වෙනත් රෝගියකුට එම මුදලේ ප්‍රතිලාභය ලබා ගත හැක. රෝහල වෙත ගෙවන ගාස්තු ඉහල යනවිට රක්ෂණය වාරිකයද ඉහළ යා හැකි බව අප නොසිතන්නේ මන්ද ?


අප සේවා ආයතනයේ ගෙවීම් අංශයේ සිටින මාගේ මිතුරෙකු පැවසූවේ, අපගේ ආයතනයේ කුමන අයෙකු ශල්‍යකර්මයක් සඳහා ඇස්තමේන්තුවක් ගෙන ආවද, එය ආයතනය ගෙවන උපරිම මුදලට සරිලන ලෙස සාදා එවන්නට තරම් මේ රෝහල් උපක්‍රමශීලී වී ඇති බවය.

Durdans Hospital Invoice scanned copy

මෙහි හෙද සේවාව ගැන වචනයක් සඳහන් කල යුතුය. ඔවුන් තමන්ට නියමිත සේවාව උපරිම ඉහල මට්ටමකින් පවත්වාගෙන යයි. ඒ පිලිබඳ ඔවුන්ට ලැබී ඇති සම්මානය සාධාරණය. ඔවුන්ගේ සේවාව ඇගයීමක් වශයෙන් ඔවුන්ට මාගේ ස්තුතිය ඵල කරමි.
Durdans hospital nurse with nice smile
උපුටා ගත්තේ ඔවුන්ගේ වාර්ෂික වාර්තාවෙන්. 

මේ තියෙන්නේ ඔවුන් ලබපු සම්මානය. 

අවසානයේ පැවසිය හැක්කේ මෙය ඩර්ඩන්ස් රෝහලට ආවේනික දෙයක් නොව, සියළු පුද්ගලික රෝහල් සඳහා පොදු ලක්ෂණයක් බවයි.





Tuesday, October 21, 2014

මෙන්න තවත් සිම්පල් ප්ලෑන් එකක් ......Yet another simple plan ......

අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙකුට තියෙන ලොකුමප්‍රශනයක් තමයි "බ්‍රවුසර් හයිජැකින්"(බ්‍රවුසරය පැහැරගැනීම). හයිජැකින් කිව්වම එක පාරටම සිහියට එන්නේ ගුවන් යානා පැහැරගනීමනේ. ඉතිං එහෙම කිව්වම බොහෝ දෙනෙකුට තේරුම් ගන්න බෑ. බ්‍රවුසර් හයිජැකින් කියන්නේ "ඔබේ බ්‍රවුසරයේ ආධිපත්‍යය වෙනත් පාර්ශවයක් විසින් අත්පත් කරගෙන එය ඔබේ උවමනාවන්ට  පිටින් ක්‍රියා කිරීම"(ඇත්තටම ප්ලේන්එකක්හයිජැක්කලත්වෙන්නේඔයටිකමතමා).

එහෙම කිව්වත් තේරෙන එකක් නෑ. ඔබ දන්නවා ඕනෑම වෙබ් පිටුවකට අදාළ වෙළඳ දැන්වීම්, එහෙමත් නැත්නම් ගූගල් විසින් ලබා දෙන වෙළඳ දැන්වීම් ඒවායේ ප්‍රදර්ශනය වන බව. නමුත් මේ වගේ පැහැරගැනීමට ලක් වුණු බ්‍රවුසරයකින් වෙබ් පිටුවකට පිවිසුනාම, ගූගල් දැන්වීම් වලට බොහෝ සෙයින් සමාන වෙළඳ දැන්වීම් ලවක්-දෙවක් නැතිව හැම තැනම මතු වෙන්න පටන් ගන්නවා. මේක මහා හිසරදයක්. එක් අතකින් එම පිටුව අයිති කෙනාට ඉන් සත පහකවත් ආදායමක් ලැබෙන්නේ නෑ. මෙවැනි වෙළඳ දැන්වීම් හඳුනා ගැනීම පහසුයි. එම දැන්වීම් ආවරණය කරන ප්‍රදේශය තුලම ඒවා ඉවත් කිරීමේ පහසුවත් සපයනවා. හරියට අර යූ ටියුබ්වල මතු වන දැන්වීම් වගේ. 

තවත් දෙයක්, පිවිසෙන වෙබ් පිටුවේ සමහර වචන වල පාට(කොළ) වෙනස් කරලා යටින් ඉරි(underline ) ඇඳ, මේවා අදාළ වෙබ් අඩවිය විසින් ලබා දුන් සබැඳියාවන් (link) ලෙස දැක්වීම. නොදන්නා අය බොහෝවිට මේ මත ක්ලික් කර අර බ්‍රවුසරය පැහැර ගත අයගේ වෙබ් පිටුවට පිවිසෙනවා. එක අතකින් මෙවැනි වෙළඳ දැන්වීම් මහා හිසරදයක්, සමහරවිට ඒවා වසා දමන්නට ලබා දෙන ස්ථානය මත ක්ලික් කලත් අදාළ වෙබ් පිටුවට පිව්සීම හෝ වෙනත් එවැනි දැන්වීම් පැටව් ගැසීම මේවාගේ සාමාන්‍ය ලක්ෂණ. 

මේවා අපේ බ්‍රවුසරයට එන්නේ කොහොමද? විවිධ අවස්ථාවන්වලදී(බොහෝවිට වීඩියෝ නරඹන්නට ගියවිට,තවත් අත්‍යවශ්‍ය ප්ලගින් එකක් ඩවුන්ලෝඩ් කරවන්න ඔවුන්  ඔබ  පෙලඹවූවා    ඔබට මතකද ? එවැනි අවස්ථා වල ඔවුන් කියනා දෙයක් කරන්න අපි පෙළඹෙන්නේ, නොපමාව එකී වීඩියෝව නරඹන්නට තිබෙන ආශාව නිසායි. ඔය කිව්ව  මෘදුකාංග භාගත කර ගන්නා විට, ඒවාත් සමග විවිධ දැකාංග (Adware කියන වචනයට මම හදපු සිංහල තේරුමක්) එකතු වීම වලක්වන්න බෑ. ඔබේ වයිරස් ආවරණය(Virus Guard) මේවා පිලිබඳ විමසිල්ලෙන් පසුවුණත්, ඒවා පරීක්ෂා කරන ආරක්ෂක කඩුලු (Checkpoints), වෙනත් ප්‍රයෝග මගින් පසු කරන්න මේවා නිපදවන්නන් සමත් වෙනවා. 

මේ දැකාංග වල පරමාර්ථය අනිසි දැන්වීම් ඔබ වෙත ගෙන ඒමම පමණක් නොවෙයි. ඔබගේ සෙවුම් යන්ත්‍රය මාරු කිරීම, ඔබගේ අන්තර්ජාල ක්‍රීයාකාරීත්වය රහසින් අධ්‍යනය කිරීම සහ එම තොරතුරැ වෙනත් තැනකට සම්ප්‍රේෂණ කිරීම, මේ මගින් සිදුවන අනෙක් භයානක කාර්යයන්. යොදාගෙන ඔබගේ සංවේදී තොරතුරැ(Sensitive Data) පවා සොරා ගන්නවා. ඔබගේ ජාල සැරිසැරීමේ ශයිලිය (Browsing Patter) ඔවුන්ගේ තොරතුරු ගබඩා වෙත යැවෙනවා. ඔබට එවිය යුත්තේ කුමන වර්ගයේ දැන්වීමද කියා ඉන් තීරණය කරනවා. ඉතින් පසුව ඒවා භාවිතා කරමින් විවිධ අකටයුතුකම් සිදු කරනවා. ක්‍රෙඩිට් කාඩ් වංචා ඉන් ප්‍රධාන එකක්. එයට අමතරව ඔබගේ පරිගණකය අසාමාන්‍ය ආකාරයෙන් මන්දගාමී වීම මේ හැමටම වඩා දරාගත නොහැකි කාරණයක්. 

මම මදුරුවන්ට පුරුදු කරමු පොස්ට් එක ටයිප් කරත්දී,  මේ අත්දැකීමට මුහුණ දෙන්න මටත් සිදු වුණා. මෙයට කලින් මා එවැනි අවස්ථා වල කළහැකි පියවරයන්  සිංහල බ්ලොග් අඩවි  දෙකකින්ම දැක තිබුණා. ඒත් මෙවර ඒ විසඳුම් හරි යන පාටක් තිබුණේ නෑ. ඒ විසඳුම් වලින් කරන්නේ අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම සහ බ්‍රවුසරයේ තිබෙන නොදන්නා ප්ලගින් ඉවත් කිරීම. එම විසඳුම් හරි නොයන විට මම නැවතත් ගූගල් දෙවියන්ගේ පිහිට පැතුවා.  එවර මට කිරි ගහට ඇන්නා වගේ විසඳුමක් ලැබුනා. ඒ http://7labs.heypub.com/ වෙතින්. දැන් එතකොට හේපබ් කියන්නේ බ්ලොගර් වගේ එකක්ද ? මේ පැනය ඔබේ හිතට එන්න ඇති. සත්තකින්ම ඔව්. ඒ ගැන කියන්නම් ඊළඟ පොස්ට් එකෙන්. 

කලින් සඳහන් කල විසඳුම් වලින් කරනවා වගේ අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම, ප්ලගින් ඉවත් කිරීම ගැනත් මේ සටහනේ සඳහන්. ඒ වුනත් මට හරිගියා වැඩේ ඒවා නොවෙයි.  ඔබේ බ්‍රවුසරයට පරිශීලකයෙකු නිර්මාණය කර ගැනීම. ක්‍රෝම් වල තියෙන ගූගල් පරිශීලකයන්ගෙන් ඇතුළු වීමත් එක්ක මෙය පටලවා ගන්න එපා. නමුත් ක්‍රෝම් වගේම ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේත් මේ පරිශීලකයන්(user create) නිර්මාණය ලබා දී තිබෙනවා. එහි මූලික අරමුණ මෙය නොවේ. විවිධ අය භාවිතා කරන පරිගනකයක, එක් - එක්කෙනාට අවැසි පසුබිම වෙන වෙනම පවත්වා ගැනීම. සමහරවිට වෙනත් භාවිතාවන් තිබෙන්න පුළුවන්. 

මේකෙන් කෙරෙන්නේ එක්-එක් පරිශීලකයාගේ රුචිකත්වය අනුව බ්‍රවුසරයේ වෙනස් කල හැකි හැම දේම වෙනස් කිරීම. 
  • හොම්පේජ්
  • පසුතලය
  • ආරම්භයේදී විවෘත විය යුතු ටැබ් ප්‍රමාණය, හිස් ඒවාද, නැතිනම් නම් කල වෙබ් පිටු සමගද 
  • ෆොන්ට් වල ප්‍රමාණය (අවැසි නම් ෆොන්ට් එකද වෙනස් කල හැක)
  • ප්ලගින් 
 මේවාගෙන් ප්‍රමුඛ ඒවා. ඉතින් මේ විදියට පරිශීලකයෙක් නිර්මාණය කළාම අර කලින් පොදුවේ භාවිතා කල බ්‍රවුසර් සෙටිං අමතක කර අපිට අවැසි ආකාරයට බ්‍රවුසර ලබා දෙනවා. මේ මගින් ඇතිවන වෙනස්කම් 
  • වේගවත්ව අන්තර්ජාලසැරිසරන්නට හැකිවීම 
  • අනවශ්‍ය දැන්වීම් වලින් තොර වීම
  • අනවශ්‍ය ප්ලගින් නැති වීම. 
හරි කොහොමද මේ පරිශීලකයා නිර්මාණය කරන්නේ ? මේ ගැටළුව ඔබට එන්න ඇති. සමහරවිට මේ තර්ජනයට ඔබ දැනටමත් මුහුණ දී ඇතිනම් නොයිවසිල්ලෙන් ඇති "කොහොමද මේක කරන්නේ ?" කියලා.  හරිම ලේසියි. 

ඔබ භාවිතා කරන්නේ ක්‍රෝම් බ්‍රවුසරය නම්
  1.  Menu වෙත යන්න
  2. Setting තෝරා ගන්න
  3. User වල ඇති Add new user තෝරා ගන්න











මේක ඒ හැටි අපහසු වැඩක් නෙවෙයි. එතන ඉල්ලන දත්ත  ලබා  දෙන්න. ඉන් පස්සේ මේ හැමවිටම මේ පරිශීලකයාගෙන්  බ්‍රවුසරය භාවිතා කරන්න මතක තබා ගන්න. මේක සාදා ගන්නකොට අර සුභාෂ් කියන එක ඉදිරියෙන් තියෙනවා වගේ ලස්සන මුහුණක් (අයිකනයක්) තෝරා ගන්නත් ඕන. මම හිතන්නේ හඳුනාගැනීමේ පහසුවට තමයි ඒක ඇත්තේ.

 එහෙම පරිශීකයෙක් නැති අවස්ථාවක පෙන්වන්නේ මෙන්න මේ ආකාරයට. ඔබට දැනටමත් මෙය පුරුදු ඇති.
 ඉන් පස්සේ බ්‍රවුසරය ස්ටේටස් බාර් එකේ පෙන්වන්නේ මෙන්න මේ විදියට.

නමුත් ඔබ පරිශීලකයා නිර්මාණය කිරීමෙන් පසුව ඔබට ලැබෙන්නේ මෙන්න මේ වගේ (ලස්සන), ඔබ තෝරා ගත්ත අවතාර් එකත් එක්ක.





හරි අපි දැන් බලමු ෆයර්ෆොක්ස් නොහොත් ගිනි-නරියාගේ මේ වැඩේ කර ගන්නේ කොහොමද කියලා.

ඔබ දැනටමත් ෆයර්ෆොක්ස් වලින් අන්තර්ජාලය පරිහරණය කරමින් ඉන්නවා නම්, මොහොතකට ඉන් ඉඑවත් වෙන්න. ඊට පස්සේ
  1. Start ගිහින් Run තෝරලා එතන firefox.exe -p කියලා ටයිප් කරලා OK ඔබන්න නැතිනම් එන්ටර් පාරක් ගහන්න. 
  2. එතකොට Profile Manager කියලා window එකක් එයි. එතන තියෙන Create Profile කියන බොත්තම මත ක්ලික් කරන්න. 
  3. එතැන අලුත් නමක් ලබා දෙන්න. ඉන්පසු Finish බොත්තම මත ක්ලික් කරන්න.
ඉන්පසු ඔබ ෆයර්ෆොක්ස් ආරම්භ  කරන හැම මොහොතකම, Profile Manager ඔබගෙන් විමසා සිටියි "කුමන පරිශීලකයාගෙන් ඇතුලත් වෙන්න අවශ්‍යද ?" කියා. එතනදී ඔබ සාදාගත් පරිශීලකයා තෝරාගන්න.

දැන් තේරෙනවා නේද මේ වැඩේ කොයිතරම් පහසුද කියලා. හැබැයි පසුව අර කලින් ක්‍රමයට ඔබේ පරිගණකට, බ්‍රවුසරයට ඇතුලත් වී ඇති දැකාංග (Adware) ඉවත් කරන්නත් අමතක කරන්න එපා. මේක නම් අත්දුටු ප්‍රත්‍යක්ෂ අවුසශදයක්. තවමත් හොඳයි(So far so good).

ප.ලි.
ෆයර්ෆොක්ස් ආරම්බ වෙනකොටම තෝරා ගත්ත පරිශීලකයා තෝරාගෙන අමතර ප්‍රශ්න නැතිව කෙලින්ම ආරම්භ කරන්නත් පුළුවන්. පහලින් තියෙන පින්තූරය බලන්න.

Thursday, August 21, 2014

ශ්‍රී ලාංකිකයන් ඕපදූප/තොරතුරු පිපාසයෙන් පෙලෙන්නෝද ? ...... Are Sri Lankans hunger in Gossip/Information .....

මේ අදහස මගේ හිතට ඇවිත් බොහෝ කාලයක් වුවත්, ඒ පිලිබඳ පර්යේෂණය කිරීම තව-තවත් පසුපසට දැමුනේ ලිවීමට වෙනත් මාතෘකා තිබීම සහ කාලය පිලිබඳ ගැටළු නිසාය. මේ පිලිබඳ සොයා බලන්නට මගේ හිතට අදහස ආවේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේය. එකල මා භාවිතා කල බ්‍රවුසරය වුයේ ෆයර්ෆොක්ස්ය. ඒ සඳහා තිබු දිගුවන්(Extension) අතර මා වඩාත් ප්‍රිය කළ එකක් වූ Alexa Traffic Rank එක නිරතුරුවම මා බ්‍රවුසරයට එක් කරගෙන තිබුණේ, එදා defence.lk සහ tamilnet.com සඳහා වන පිවිසුම් වල ප්‍රමාණය දැන ගැනීමටය. සමහරවිට ලොව පුරා විසිරී සිටින සිංහල/දමිළ අය ඕපාදුප හෝ තොරතුරු හොයන්නට පටන් ගන්නේ මේ යුද්ධය නිසාම වන්නට පුළුවන. 
පින්තූරය ගත්තේ : www.picturequotes.com

ගොසිප් වෙබ් අඩවි වල මූලිකම අරමුණ වනුයේ ජනතාවට නිවැරදිව තොරතුරැ වාර්තාකරණය නොව තමන්ගේ අඩවියට බොහෝ දෙනෙකු ආකර්ෂණය කර ගැනීමය. අද බොහෝ ජනමාධ්‍යද නිවැරදි සහ වේගවත් තොරතුරු වාර්තාකරණයෙන් බැහැර වන්නේ කලින් සඳහන් කල ට්‍රැෆික් රෑන්ක් හෝ රේටින්ග්ස් නිසාවෙනි. වැඩිම දෙනෙකු නරඹන, වැඩිම දෙනෙකු කියවන හෝ වැඩිම දෙනෙකු පරිශීලනය කරන නාලිකාව, ප්‍රවෘත්ති පත්‍රය හෝ වෙබ් අඩවිය වීම මේවායේ අරමුණ වී තිබීම එයට හේතුවයි. එම වර්ගීකරණ වල හිනිපෙත්තේ රැඳීම එකී ආයතන වලට වෙළඳ දැන්වීම් ලබා ගැනීමේ ලා ප්‍රමුඛ කාර්යයක් සිදු කරයි. සියල්ල දැන්වීම් මත පදනම් වන යුගයක ඒවායේ හරි වැරදි සොයා බැලීම කෙතරම් යුක්තිසහගතදැයි නොදනිමි. මන්ද ආයතනයක පැවැත්ම පවා ලැබෙන ආදායම මත පදනම් වන නිසාය.

නමුත් මාගේ සිත්ගත් කාරණය වෙනකකි. ඒ සිංහලයා හෝ අඩු වැඩි වශයෙන් දමිළයා මේ තරමට තොරතුරු පසුපස හඹා යන්නේ ඇයිද ? යන්නයි. එයට ප්‍රධාන හේතුව මා කලින් සඳහන් කලාක් මෙන් දශක තුනක් පැවති යුද්ධයම නම්, මේ වනවිට එය සමනය වන්නට ප්‍රමාණවත් කාලයක් පසු කොට ඇත. අඩු වැඩි වශයෙන් මානව හිමිකම් පිලිබඳ කාරණා ඉඳහිට මතු වී නැති වී යන බව සත්‍යයකි. එහෙත් ඒවා පිලිබඳ දිගු සංවාද ඇති වන්නේ නැත. අවම වශයෙන් සතියකින් දෙකකින් මේවා වියැකී යයි. සිංහලයා(ප්‍රධාන වශයෙන්) සොයන්නේ ජාතික, ආගමික හෝ දේශගුණික තොරතුරු පමණක්ම නොවන බව හතු පිපෙන්නාක් මෙන් බිහිවන ගොසිප් වෙබ් අඩවි දෙස බලන කල පැහැදිලි වෙයි. ඒවාගේ බොහෝ විට ඵල වන්නේ ඕපාදූප ගණයේ තොරතුරුය. බොහෝවිට තොරණ් ස්වභාවයේ නිවී-නිවී දැල්වෙන අකාරයේ බැනර්(කුඩා දැන්වීම්) වලින් මේවා පෝෂිතය. සමහරවිට බලා සිටින්නට අපහසු වේගයකින් ඒවා  දිලිසෙන අකාරයෙන් නිමවන්නේ ඔවුන් අතර ඇති තරගය මොනවට විදහා දක්වමිනි. මේ බොහෝ අඩවීන් ගෙන එන තොරතුරු බොහෝවිට සමානය. නළු නිළියන්ගේ, ක්‍රීඩකයන්ගේ, දේශපාලකයින්ගේ අභ්‍යන්තර ජීවිත ගැන තොරතුරු, ලිංගික අතවර, පැහැරගැනීම්, මංකොල්ලකෑම් මේවා ආතර ප්‍රධාන තැනක් ගනී. සමහර විට යූටියුබ් හී ඵලවන වීඩියෝ සහ චිත්‍රපට සඳහාද සබැඳියාවන් ඵල කරයි. 

මේ සඳහා බොහෝ දෙනෙකු යොමු වන්නේ ෆේස්බුක් හී, බෙදා(share) ගැනීම් මගිනි. නමුත් මේ අඩවි වලට නිරතුරු පිවිස කිහිප වතාවක් තොරතුරු විමසන අයද වෙයි. මේ පිලිබඳ අදහසක් ගැනීමට Alexa Traffic Rank එක ප්‍රමාණවත්ය. එහිදී ඒවා වැඩි වශයෙන් භාවිතා වන රටේ මෙන්ම ලෝකයේ වර්ගීකරණ ස්ථානය පෙන්නුම් කරයි. එමගින් අදාළ අඩවිය කෙතරම් ජනප්‍රියදැයි අදහසක් ගත හැකි වේ. අංක එකේ සිට 250 දක්වා ශ්‍රී ලංකාවේ Traffic Rank බලාගෙන එන අතරතුර, මා හට හමු වූ ප්‍රවෘත්ති සහ ගොසිප් අඩවි පිලිබඳ සටහනක් පහතින් දැක්වේ. ඒවා ප්‍රධාන වශයෙන් ඊයේ(19.08.2014) දිනයට අදාලවය. මෙම වර්ගීකරණ ස්ථාන පහත් දහයත් අතර අගයක විචලනය වීම සාමන්‍ය ලක්ෂණයකි. 


දේශීය
ලෝක
අඩවිය
වෙනත්
රට/මාධ්‍යය
9
6132
http://gossiplankanews.com


13
9573
http://adaderana.lk


14
5690
http://hirufm.lk


16
10869
http://lankacnews.com


17
4638
http://lankadeepa.lk


21
13255
http://nethfm.com


22
10931
http://newsfirst.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
30
2361
http://tharunaya.co.uk
94
දකුණු කොරියාව
34
11496
http://dailymirror.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
42
20109
http://gossip-lankanews.com


46
7200
http:/divaina.com


53
10652
http://lakbima.lk


55
46
http://bbc.co.uk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
56
93
http://dailymail.co.uk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
59
27207

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
62
146
http:///bbc.com

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
63
59169
http://gossipbook.lk


69
47996
http://gossiplankahotnews.com


73
17584
http://rivira.lk


75
43230

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
78
19847


82
39536


83
29699
http://lankatruth.com

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
84
27271
http://dailynews.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
85
19733
http://dinamina.lk


86
21103
http://mawbima.lk


100
29931
http://sundaytimes.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
102
16672
http://shaafm.lk
327
දකුණු කොරියාව
106
53460
http://newstamilwin.com


110
3941
http://tharunee.lk


114
63


123
12469
http://lankahotnews.net
478
දකුණු කොරියාව
142
35931
http://hirutv.lk


154
41213


161
6092

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
169
138

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
170
25833
http://infolanka.com


171
20257
http://www.lankachannels.info


172
201763
http:/gossiplanka9.info


176
69990
http://lankanewsalert.com


187
268
http://ndtv.com
31
ඉංග්‍රීසි මාධ්‍යය / ඉන්දියාව
199
72584


201
42238
http://gossipelankanews.info

ඉංග්‍රීසි මාධ්‍යය
242
217361


249
111954
http://www.lankaviews.com


250
99678
http://lankagossip.info







ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක් සඳහා බලපාන ප්‍රධාන සාධක කිහිපයක් වෙයි. පසුගිය මාස තුනෙහි පිවිසීම්(Hits) ප්‍රමාණය, වෙනත් අඩවි වලින් ලබා දෙන සබැඳියාවන්(Back-links) ප්‍රමාණය ඉන් ප්‍රධානය. මෙයට අමතරව පිවිසුම්කරුවකු ගත කරන කාලය සහ යලි පැමිණීම(Bounce Rate) ආදියද ඔවුන් සැලකිල්ලට ගනී. මේ අනුව පැහැදිලි වන්නේ අඩවියකට, නිත්‍ය පිවිසුම් ප්‍රමානයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි. එනිසා මේ අඩවි වල පරිපාලකයන්(Admins) විවිධ ප්‍රයෝග යොදමින් පාඨකයා ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරයි. නමුත් මේවා පිලිබඳ පුළුල්ව අධ්‍යනය සහ ප්‍රායෝගික දැනුම සපයන වෙනමම මාතෘකාවක්ද වෙයි. ඒ Search Engine Optimization (SEO). ඒ පිලිබඳ වැඩි අවුබෝධයක් නැතත් අන්තර්ජාලය තුල අතෝරක් නැතිව ඒ සඳහා ලිපි පලවී ඇත.

ලෝක වර්ගීකරණය වල දහදාහකට අඩු වර්ගීකරණ අංකයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව වැනි කුඩා රටක වෙබ් අඩවියකට හැකිවීම එක්තරා අකාරයකට මවිතයට හේතු වේ. සිංහලෙන් කියවන ප්‍රමාණය ලෝකයේ වෙනත්  භාෂා වලින් කියවන ප්‍රමාණය හා සැසඳීමේදී ඉතා ස්වල්පය.  ඉංග්‍රීසි භාෂාවෙන් ඵලවන ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 337 වන ස්ථානයේ පසු වෙයි. ලොව මහත් ආන්දෝලනයට තුඩු දුන් විකිලීක්ස් අඩවිය සිටින්නේ අපේ ගොසිප් සයිට් වලට වඩා පිටුපසිනි. ඒ 14770 වන ස්ථානයේය. ලෝකයේ වැඩිම ප්‍රමාණයක් කියන චීන(සහ ඉංග්‍රීසි) බසින් ඵලවන ඒෂියා ටුඩේ අඩවිය 127546 ස්ථානයේ පසු වීමෙන් පෙනෙන්නේ චීනුන් තොරතුරු ගැන උනන්දුවක් නැති බව නොවේද ? චීනයේ තවත් අඩවියක් වන http://www.beijingbulletin.com පසු වන්නේ 4068432 ස්ථානයේය. ලංකාවේ ගොසිප් අඩවි මෙතරම් ඉහලට පැමීණී තිබීම එක්තරා අයුරකින් අපට ආඩම්බර වන්නටද හැක. එහෙත් සියල්ල රඳා පවතින්නේ අපේ ජනතාවගේ ඕපාදුප වලට තිබෙන කැමැත්ත මතය.  

බ්ලොග් ලියන්නන්ද(මමද ඇතුළුව) පාඨකයන් ආකර්ෂණය කර ගැනීමට විවිධ උපක්‍රම යොදා ගනිමින් සිටී. අද ඵල වන බොහෝ පත්තරද මෙයට සමගාමී අකාරයේ පුවත් ඵල කරයි. බලාගෙන යනවිට මෙය කාලයේ තාලය බවට පත් වී හමාර බව පැහැදිලිය. ඔබ සිතනා ආකාරයට සිංහලෙන් ලියන බ්ලොග් අඩවි වලින් මුල් 250 අතර තිබෙන්නේ කුමක්ද ? එය නොදුටු ලෝකය බ්ලොග් අඩවියයි. ඒ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම තුල 200 වන ස්ථානය හිමි කරගෙන සිටී. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...