Sunday, December 17, 2023

පියසේන බාප්පා ......

 www.facebook.com/yesudika ෆේස්බුක් පිටුවට ලියූ සටහනකි.

මේක මගේ පර්සනල් වෝල් එකේ තිබිය යුතු සටහනක් වුණත්, මෙතැන මේක ලිවීමේ විශේෂත්වයක් තියෙනවා. මේ පින්තූර දෙකෙන් පළවෙනි එක මංගලිකා නැන්දාගේ වෝල් එකෙන් ගත්තත්, වර්ණ එක මම ඉල්ලාගත්තේ නදීකා නංගිගෙන්.නමුත් මගේ මතකයේ තියෙන පියසේන අංකල් මෙයට වඩා ලස්සනයි. දැන් අඩුම වශයෙන් අවුරුදු 65ක් පැනලා ඇති. මේ පින්තූර වලින් හිතාගන්න පුළුවන් ඔහු කෙතරම් කඩවසම් පුද්ගලයෙක්ද කියලා. අපි වැඩි වශයෙන් එයාට කථා කලේ පියසේන බාප්පා කියලා. එයාලගේ පියත්, මගේ සීයාත් සහෝදරයන්. ඒ නිසා නෑකමින් ඔහු මට බාප්පා. 


පියසේන බාප්පා ඒ කාලයේ මගේ වීරයන් අතර සිටි කෙනෙක්. ඔහු කථාවට වගේම, ක්‍රියාවෙන් වැඩකාරයෙක්. මටනම් විශ්මකර්ම පොරක්. ඒ ඔහුගේ රැකියාවෙන්. ඔහු තමයි කළුතර නාගෙඩ රෝහලේ ප්‍රධාන ෆාමසිස්ට්. දොස්තර කෙනෙකුට නොපරදින දැනුමක් සතු පුද්ගලයෙක්. මම එහෙම කියන්නේ අත්දැකීමෙන්. එක පාරක් මගේ ඇඟිල්ලක ආපු අමුතු ඉන්නෙක් මට මහ වදයක් වුණා. පියසේන අංකල්ට පෙන්නුවාම ඔහු අතින්ම හදපු ආලේපයක් මට ගෙනැවිත් දුන්නා. සතියෙන් ඉන්නා ගැලවුණා. ඒ කාලයේ ෆාමසිස්ට් ලා බෙහෙත් කලවම් කරන්නා කියන රාජකාරිය උපරුමයෙන්ම

කලා. රසායන විද්‍යාව හොඳින් දන්නේ නැතිනම් මේවා කරන්න බෑ. තවත් වරක්, මගේ එක් කණක කලාඳුරු ගුලියක් ඇවිත් හිරවුණා. මම කෙළින්ම ගිහිං නැවතුනේ පියසේන අංකල් ගාව. ඊළඟ දවසේ එයා සුපුරුදු පරිදි කුප්පියක් උස්සන් ආවා. ඒක දැම්මම ලොකු වෙනසක් නොදැණුනත්, දවස් දෙකකට පස්සේ ආච්චිගේ කන් හැන්දෙන් සියඹලා ඇටයක් තරම් ගුලියක් එලියට ගන්න පුළුවන් වුණා බොහොම පහසුවෙන්. මේ මං අත්දැකපුවා. අපේ ගමේ නිළනොලත් දොස්තර එයා. අපි කාටත් බෙහෙත් සපයපු පියසේන අංකල්.


මං වඩාත් ප්‍රිය කලේ, එයාගේ දේශපාළන දර්ශනය සහ යමක් ඔස්සේ තර්ක කරන ආකාරය. බොහොම ප්‍රියමනාප, හැමවිටකම සිනාමුසු මුහුණින් ඉන්න එයා, අපේ ගමේ කාගෙත් සිත්ගත් අයෙක්. නදීකා නංගිගෙන් දෙවෙනි රූපය ඉල්ලා ගත්තේ, ඊයේ පෙරේදා ඇවිස්සුනු මතකයක් නිසා. නමුත් අද එයාගේ උපන්දිනය. මේක මම අවස්ථාවක් කරගන්නවා, අපිට වචනයකින් වගේම ඖෂධ සපයමින්, අපේ සෞක්‍යය පවත්වාගන්නට කල උපකාර වළ පින් මහිමයෙන්, දීර්ඝායු ලැබෙන්න කියලා. සුබ උපන්දිනයක් වේවා පියසේන අංකල් - බාප්පා. දීර්ඝායු ලැබේවා !!! යහපත් සෞඛ්‍යයෙන් සෑම දිනක්ම ගත කරන්න වාසනාව ලැබේවා !!!

ප.ලි. : අවුරුදු 80ට ළඟා වෙලා තියෙන්නේ.



ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...