Showing posts with label රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ). Show all posts
Showing posts with label රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ). Show all posts

Saturday, March 8, 2014

කෝ අද රත්නේ ..... කෝ... බිසී ද රත්නේ . Ratne Where are you ?

අර තැඹිලි කපන කොල්ලා සහ තැඹිලි ගන්න කොල්ලා ගැන මගේ පහුගිය පොස්ට් එක බලලා බොහොම දෙනෙක් කමෙන්ට් කරා.  ඒ අතරින් අපේ දේශකයා දාපු කමෙන්ට් එකක් නිසා මේ පොස්ට් එක ලියන්න අදහස ආවා. දේශකයා කිව්වේ මේ දවස් වල ඩයලොග් එකෙන් දාන රින්ගින් ටෝන් ඇඩ් ටික ගැන. ඇත්තටම කාලෙකින් දැක්ක බොහොම නිර්මාණශීලී වෙළඳ දැන්වීම කිහිපයක්. කවුරු මේකට දායක වෙලා තිබුණත් මුලින්ම මම සුභ පතනවා ඒ අදහස හිතට ආපු කෙනාට. ඇත්තෙන්ම ගත්තොත් අපි ඕනෑ තරම මේ වගේ ගීත අපිට ආවේනික වචන යොදාගෙන කියනවා. ඔය මළ ගෙවල්වල එහෙම යනකොට කියන සින්දු වල බොහොමයක් තියෙන්නේ අපේ වර්ෂන්. සමහර පද පේළි පිටින්ම අපේ ක්‍රමයට කියනවා. 
Ko ada rathne ko

කොළඹ කොටුවේ තිබ්බ අපේ ඔෆිස් එක බත්තරමුල්ලට ආපු ගමන් කන්න බොන්න අපි ගියේ සෙන් සාල් එකට. මීට කලින් මම බත්තරමුල්ලේ ඉන්න කාලේ සෙන්සාල් තිත්ත වෙලා තිබුණේ. මොකද සුපිරි මිලක් අය කලාට සුපිරි සේවාවක් නැති නිසා. මේ පාර ආපු වෙලාවේ අපි තේරුම් ගත්තේ මෙහෙ ඉන්න මිනිස්සු ගානටම රෙස්ටෝරන්ට්, ස්නක් බාර්, බත් කඩ, හෝටල් තියෙන බව. මගේ එක්ක ඉන්න මගේ සගයා, හැමදාම දවල්ට කාලා තොප්පියක් දාගෙන කිලෝ මීටර් දෙකක් තුනක් පයින් යන පුරුද්දක්. ඔහොම ගිහින් ඔය කෑම කඩ හොයාගෙන එන්නේ මිනිහා තමයි. දවල්ට කාපු ගමන් යන්නේ හවස තේ එක බොන්න මොනවා හරි හොයාගෙන. ඔහොම ගිය දවසක කොස්වත්ත හන්දියේ අලුතෙන් දාපු පුංචි ස්නැක් බාර් එකක ආරංචිය අරගෙන ආවා. මිනිහා මේකට කැමති වෙන්න විශේෂ හේතුවක් තියෙනවා.

නිතරම ගෙදරදී ඔෂින්, දිරිය දියණිය, චන්ගුමී වගේ වැඩසටහන් බලන අපේ මිත්‍රයා, මේක තනියම කරගෙන යන කෙල්ල ගැන තිබුණේ පුදුම පැහැදීමක්. මේ වගේ තැනක ඔය වගේ ව්‍යාපාරයක් කරගෙන යන එක අභියෝගයක් බව මගේ මිතුරා නිතරම පවසනවා. කතාව ඇත්ත. තනියම කොස්වත්ත හන්දියේ ව්‍යාපාරයක් කරන එක ලේසි නෑ. එතන තියෙන්නේ ජූස් බාර් එකක්. ඉතින් දවල්ට කාලා ඇවිදින ගමන් මගේ මිත්‍රයා එතැනින් පලතුරු වීදුරුවක් බොන්න මගේ මිතුරා පුරුදු වුණා. ඒ එක්කම මේ තරුණිය මගේ මිත්‍රයා එක්ක සුහදත්වයක් ඇති කර ගත්තා. ඔය කියන හින්දා මමත් දවසක් ගියා බලන්න. ඇත්තටම එතැනින් මමවත් ආවේ බ්ලොග් පොස්ට් එකක් ලියන බලාපොරොත්තුවෙන්. නමුත් ඒක ලියන්න බැරි වුණා. ඇය පලතුරු වීදුරුව එවෙලාවේම හදලා දීලා ඒකෙ ගුණ දොස් අහන්නත් අමතක කරන්නේ නෑ. අවුරදු තිහක් පමණ වෙන මේ යුවතිය කාගේත් සිත් ඇද ගන්නා ආකාරයට වැඩ කරනවා. කඩාගෙන යන ලස්සනක් නැති වුණත් යම් ආකර්ශනීය පෙනුමක් ඇයට තියෙන්නේ. ඇයගේ පෙම්වතා යයි සිතිය හැකි පුද්ගලයෙක්ද පසුබිමින් උන්නත් ඔහු වැඩිය කරලියට එන්නේ නෑ. 

පහුගිය ටිකේ ඉතා ජනප්‍රිය වෙච්ච් ඩයලොග් ඇඩ් ටිකෙන් මට නැගලම ගිය එක තමයි "කෝ අද රත්නේ  - බිසී ද රත්නේ" කියන එක. මට විතරක් නෙවෙයි මගේ දුවත් ඒකට කැමතියි. කොහොමත් රෙගේ රිද්මය මට අල්ලලා ගිය එකක්. ඉතිං මම ඕක මුමුණ - මුමුණ ඉන්නවා. ඔය අතරේ මගේ මිත්‍රයා පහුගිය දවසක කියනවා මෙහෙම
"මේ දවස් වල අව්ව හරි සැරයි බං. යන්න හිතෙන්නේ නෑ එලියට. අද පලතුරු එක බොන්න වෙන්නෙත් නෑ"
මෙහෙම කිව්වා ගමන් මට ඉබේම මෙහෙම කියවුණා.
"දැන් කඩේ කෙල්ල කියනවා ඇති කෝ අද රත්නේ කෝ - බිසීද රත්නේ" කියලා.
එහෙම කියලා මම මෙහෙමත් කිව්වා. ඔය රත්නේ කියන තැනට ඕනනම්  තට්ටේ කියලා දා ගන්නත් පුළුවන්. මොකද මගේ යාලුවාගේ කොන්ඩේ තාම වැවෙන නිසා.

මෙන්න වීඩියෝ එක



ඔය හැම එකකටම තව මොකක් හරි විකල්පයක් හිතෙන එක මට තියෙන ලෙඩක් නේ. ඒ සිංදුව යත්දී මගේ මතකෙට එන්නේ මම කුඩා කාලේ නිතරම ඇහුන, සිසිර/ඉන්ද්‍රානි සේනාරත්න  සුසිල් ප්‍රේමරත්න සහ මල්ලිකා කහවිට ගායක (විචාරක මහතාගේ දැනුවත් කිරීමෙන් නිවරදි කල පසු)යුවල ගායනා කරන "ආදර රත්නේ මොකද ඔයා" ගීතය. මේ ගීතය ඇහෙනකොට මගේ හිත ළමා කාලයට දිව යනවා. ඒ කාලේ මම මේ සිංදුව රස විඳපු පරිසරය සිහිපත් වෙනවා. හිතට අමුතුම පාලු ගතියක් දැනෙනවා.
විචාරක මහත්මයාගේ පෙන්වාදීමෙන් පස්සේ මේ ගීතය එකතු කරන ලදී. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...