මේ කතාව මම අහල ගොඩක් කාලයක් වුනත් මතක නැතුව තිබුනේ. මගේ යාළුවෙක් එයාගේ වයෝවෘධ පියා ගැන විස්තරයක් මේ ළඟදි කිව්ව. ඒක නිසාද කොහෙද අද උදේ මට හීනෙන් ඒ පියා කියල හිතන්න පුළුවන් කෙනෙක් පෙණුනා. වකුටු වෙලා නිදන් ඉන්න වයසක කෙනෙක් තමයි මම දැක්කේ. ඒ පියාගෙයි මේ කතාවෙයි තියෙන සම්බන්ධය තමයි වයස.
පලවෙනි කතාව
ඔන්න එක සීය කෙනෙකුයි එයාගේ මුණුපුරයි නුවර එලියේ ගියා. ඇත්තටම වුනේ මේ දෙන්නා නුවර එලියේ ගිය එක නොවෙයි, පවුලේ සියළු දෙනාම ගියා. මේ දෙන්න තමයි එක කාමරයේ එකට නිදා ගන්න සෙට් වුනේ. මේ දෙන්නා එකට දාන්න සාධාරණ හේතු තිබුනා. මේ දෙන්නා ජාඩියට මූඩිය වගේ හරියට පෑහෙනවා. සීයා මුණුබුරාටත්, මුණුබුරා සීයාටත් පණ වගේ ආදරෙයි. පොඩි කාලේ සීයා කොල්ලව බලා ගත්ත දැන් කොල්ල සීයව බලා ගන්නව. ඉතිං නිතරඟයෙන්ම සීයා එක්ක නිදා ගන්නයි සීයා ගැන බලාගන්නයි මේ කොල්ලාට අවස්ථාව ලැබුණා. මාතෘකාව නුවර එලිය වුනොත් තහනම් වචනය "සීතල" වග අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. බිං කරුවල වැටීගෙන එද්දී සීතල දෙගුණ තෙගුණ වෙනවා. ඉතිං මේ සීයාත් මුණුබුරාත් දෙන්නම "අරවෑයිං ටිකක් ගන්න අය නෙවෙයි" එහෙම ටිකක් ගන්න සීයා කැමති වුනත් කොල්ලගේ අම්ම ඒ කියන්නේ සීයාගෙ දුව නෙවෙයි ඒවාට ඉඩ තියන්නේ. අනික සීයාට රාත්තිරියට බොන්න බෙහෙත් පෙති හත අටකුත් තියෙනවා. ඒවයි, මේවයි කලවං වුනොත් සුං.
රෑ බෝ වෙත්දී නුවර එලිය වගේ පලාතක කරනන්න දෙයක් නැති හින්ද රෑට කෑම කාලා කට්ටිය නින්දට ගියේ හෙට උදෙන්ම (උදේ පාන්දර 11.00ට විතර ) හක්ගල යන බලාපොරොත්තුවෙන්. මේ කොලු ගැටයා සාමාන්‍යෙන් ගෙදරදී නිදා ගන්නේ දහය එකොලාහ පහු වෙලා නිසා ඇඳට වෙලා කල්පනා කර කර හිටියා. ටිකක් වෙලා යද්දී සීයා කෙඳිරි ගාන හඬක් මේ කොල්ලට ඇහිලා නැගිටලා ලයිට් දාලා සීයාට හොඳට පෙරවලා ආයෙත් ඇඳට වෙලා කල්පනාවේ ඉන්නවා. නින්ද යාගෙන වගේ එත්දී කොල්ලට ආයෙත් ඇහෙනවා සීයාගේ කෙඳිරිය. ටිකක් කල්පනාවෙන් ඇහුවාම කොල්ලට මෙන්න මේ වගේ දෙයක් තමයි ඇහුනේ
"සී...ත....ලා...යි - ගූ... ග...ඳා...යි"
"සී...ත....ලා...යි - ගූ... ග...ඳා...යි"
"සී...ත....ලා...යි - ගූ... ග...ඳා...යි "
එක දිගටම කියන මේ හරුපේ තේරුම මොකක්ද කියල බලන්න කොල්ලා පැන්න ඇඳෙන් බිමට. සීතලේ ගැහි ගැහි ආයෙත් ගිහින් ලයිට් දාලා බැළුව සීයාගේ පොරෝනේ එහාට මෙහාට වෙලා වත්ද කියල. එහෙමත් නෑ සීය ඔළුව වෙනකං පොරෝගෙන නිදි. ඒත් අර වචන පේලිය නවතින්නේ නෑ. කොල්ලට එහෙම දැනෙන ගඳකුත් නෑ. කොයි එකටත් කියල බාත් රූම් එකේ දොර ඇරගෙන ගිහින් කොමෝඩ් එක ඇරල බැළුවා. ඒකෙත් කිසිදෙයක් නෑ. සීයා මොන මගුලක් ගැනද මේ කියන්නේ. කොල්ලා ඇවිත් සීයාගේ පොරොනේ ටිකක් උස්සලා මෙහෙම කිව්වා.
"සීයේ මේ කාමරේ කිසි ගඳක් නෑ. සීයා කෙඳිරිල්ල නවත් වලා නිදා ගන්න"
මේ කියන දේවල සීයාට ඇහුනේ නෑ. දිගටම අර විදියට කෙඳිරි ගානව. කොල්ලට අම්බානකට තද වුනා. තද වෙලා
"මොන මගුලක්ද මන්දා ඇති ගඳකුත් නෑ. පිස්සුද මන්දා" කියල හිතාගෙන කොල්ලා කඩාගෙන ගියා සීයා ගාවට. ගිහින් අතටම ඇදලා ගත්තා සීයාගේ පොරොනේ. කොල්ලට ඇස් අදහාගන්නත් බෑ. සීයා කොහොමද මෙහෙම ඉන්නේ කියලා. පස්සෙයි කොල්ලට කාරණය වැටහුනේ. සීයා සීතල වැඩි කමට වකුටු වෙලා, වකුටු වෙලා ඔලුව ගහගෙන කකුල් දෙක අස්සේ. හීතල වැඩි වෙන්න, වැඩි වෙන්න සීයා ඔළුව පුළුවන් තරම් කකුල් දෙක අස්සේම ගහගෙන. වයස හින්ඳා නැවිල්ලෙත් ඒ හැටි අපහසුවක් නෑ. හරියට මේ පහලින්ත් තියෙන පින්තූරේ වගේ. හැබැයි එකම වෙනසකට තියෙන්නේ සීයාගේ නසයයි ගුදයයි ඉතාම කිට්ටු වෙලා තියෙන එක විතරයි. ටියුබ් ලයිට් අයට පස්සේ උත්ත්තර දෙන්නම්.
පින්තූරය ගත්තේ : http://vi.sualize.us
දෙවෙනි කතාව
මේ කියන්නේ මේ කතා දෙකම ලියන්න නිමිත්ත කරගත් මගේ මිත්‍රයාගේ තාත්තා ගැන. එයානම් ලේසි පහසු පුද්ගලයෙක් නෙමේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා විදිහට සැලකෙන අර හිපොක්‍රටීස් කියන පඬිවරයා හිටියා නම් බෙල්ලේ වැල දා ගන්නවා. මොකද මේ කියන පුද්ගලයා මුළු බටහිර වෛද්‍ය විද්‍යාවම බොරු කරපු කෙනෙක් නිසා. ඉතිං මේ අවුරුදු 85ක් විතර වෙන එකතැන් වෙලා හිටිය මනුස්සයෙක් කොහොමද මේ තරම බලගතු ශාස්ත්‍රයක් බොරු කරන්නේ. ඒක වුනේ මෙන්න මෙහෙමයි. මිනිහා ඔත්පලවෙලා ඇඳේ ඉන්න ගමන් හොඳටම අසාධ්‍ය වුනා. එතකොට එයාගේ දරු මල්ලෝ ටික මේ මනුස්සයවා රජයේ රෝහලකට අරගෙන ගියා. මාසයක් විතර බෙහෙත් කලත් අන්තිමට කිසිම සුවයක් නෑ. ඒ කියන්නේ බටයකින් කෑම දානවා. හුස්ම ඉහල පහල වැටෙනවා පේනවා වුනත් වචනයක් කතා කරන්නේ නෑ. කියන දේ ඇහෙනවාද කියල පැහැදිලිත් නෑ. අර හිපොක්‍රටීස් බිහි කල අද පරම්පරාව, ඒ කියන්නේ සාමාන්‍ය සහ විසේසඥ වෛද්‍යවරු ඒකමතිකව තීරණයකට ආවා මේ ලෙඩාව කිසි දාක ගොඩ දාන්න බෑ කියලා. මගේ මිත්‍රයාගේ වචනයෙන් කියනවනම් මලාට හොඳ කරන්න බෑ. ඉතිං මේ දරු මල්ලව කැඳවලා මෙන්න මෙහෙම කිව්වා
"දැන් ඔයාලගේ තාත්ත ඉන්න තත්වෙන් ගොඩ ගන්න බෑ. ඔයාලටත් පේනවා නේද අපි කොයි තරම් මහන්සි වුනත් කිසි සුවයක් නෑ. දැන් තියෙන්නේ ගෙදර ගෙනිහින් කන්න බොන්න කැමති දෙයක් දෙන එක."
ඒ කථාවට කිසි විරුද්ධත්වයක් දක්වන්න අපේ මිත්‍රයාගේ පවුලේ කිසි කෙනෙකුගේ දිවක් නැවුනේ නෑ. දොස්තර මහත්තෙලා කියන එක ඇත්ත වෙන්නැති. දැන් තාත්තටත් හොඳටම වයසයි.
තාත්ත අදද-හෙටද කියල නෑ කියපු මිනිහා මෙන්න හිනා වෙවී පහුවදා වැඩට එනවා. ඒ ඇවිත් අර වෛද්‍ය විද්‍යාව බොරු කරේ අපේ තාත්තා කියලා හැම තැනම කිය කියා යනවා. හරියට පැහැදිලිව මොනවත් කියන්නෑ. බඩ අල්ලගෙන හිනා වෙනවා. බැරිම තැන මම කිව්වා
"අපිටත් හිනා වෙන්න වෙච්ච දේ කියපන් බන්" කියල.
අන්තිමේදී බඩ අල්ලගෙනම මෙහෙම කිව්වා
"තාත්තා වැඩියෙන්ම ආස බ්‍රැන්ඩි බොන්න නිසා මල්ලී බ්‍රැන්ඩි බෝතලයක් ගෙනාවා. වීදුරුවක් එක්ක ඇඳ ගාවට ගෙනිහින් බෝතලයට වීදුරුවෙන් පොඩි තට්ටුවක් දැම්ම. මෙන්න බොලේ හරහට දාලා ඇස් පියාගෙන හිටිය මිනිහා එක පාරට වාඩි වුනා හරියට අර මී කතුරක් දිග ඇරෙනවා වගේ" කියලා ආයෙත් හිනා වෙන්න පටන් ගත්තා.
"දැන් තාත්තා වෙනදා වගේ කඩපලටත් යනවා. හොඳට කාලා බීලා ඉන්නවා. ඒකයි මම කිව්වේ අපේ තාත්තා වෛද්‍ය විද්‍යාවත් බොරු කරපු කෙනෙක් කියලා"
පට්ටයි කුජිතයී ......
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@රොබින් : පට්ටයි කියන්න ඇත්තේ මට හිතෙන්නේ පලවෙනි කතාවට. එතකොට දෙවෙනි ඒක කුජීතයිද?
ReplyDeleteබොහොම ස්තුතියි කමෙන්ට් කලාට.
බීමත්,,
ReplyDeleteඑහි ඇති අගයත්,,,
බොන උතුමෝ මිසක්,,,
නොබොන දුදනෝ නොදනිත්,,,,
පලවෙනි කථාව කියල හුස්ම හිර නොවී බේරුනා එත් දෙවෙනි කථාව කලින් කියවල තියෙනවා කොහේදී හරි.
ReplyDelete@දුපත් වැසියා : එහෙමද ?
ReplyDelete@අසරණයා: ඔයා පළවෙනි කථාවේ විදියට නැවිලා හිටියද ? හුස්ම හිර කරන් හිටිය කිව්වේ ? පුදුමේ කියන්නේ දෙවෙනි කථාව ඇත්තම එකක්.
අම්මපා අරූ ටොයිලට් එකට යනකං ඉඳල සියා අඩියක් ගහන්ඩ ඇති නේව...
ReplyDeleteපලවෙනි කතාව නම් මාරයි දෙවෙනි කතාව ලොල් සහගතයි :)
ReplyDeleteහක්ක හක හක....
ReplyDeleteපට්ට ඕයි....
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
පලවෙනි එක තමයි ලොල්!
ReplyDelete@Raj : කියන්න බෑ එහෙම වුනාද කියල.
ReplyDelete@ නිශාන් : හීතලට කරන්න පුළුවන් දේ සහ ඇල්කොහොල් වලට කරන්න පුළුවන් දේ.
@ අඩවි රජා : සැරද මහරජ ? ටිකක් සැරයි දේවිය කිව්වළු.
@ රාජ් : කොහොමත් පළවෙනි එක කතාවක්. දෙවෙනි එක "අවාසනාවට ඇත්ත කතාවක්."
niyamai
Delete