එක කාලයක් තිබුණා අපිට කැරම් ගහන්න පුදුමාකාර පිස්සුවක් හැදුන. කොච්චර ක්‍රිකට් ගහන්න කැමැත්තක් තිබුණත් ලංකාවේ නිරිතදිග කළාපයේ මුහුද අසබඩ ගමක් වෙච්ච බෙන්තොට අපිට අවුරුද්දේ වැඩි දවසක් වැහි සහිත කාලගුණයක් තිබුණේ. ඒ නිසාම වැහි දවස් වලට වගුරු බවට හෝ විල් බවට පත්වෙන අපේ ක්‍රීඩාංගන දෙක නිසා ඒ දවස් වලට හවස ගෙවා දමන්න අපිට විකල්පයක් තෝරා ගන්න සිදු වුණා. ඉතිං අපි බඩගෑවේ උඩකොටුව රජ මහ විහාරේ, ඒ කියන්නේ අපේ පන්සලට. සෝමසිරි නායක හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ එතැන අපේ රස්තියාදු පොළක් ගානට වැටුණේ ඉන්පස්සේ විහාරාධිපති තනතුරට පත් වුණු විමලසිරි හාමුදුරුවෝ අපි කාගේත් යාලුවෙක් තරමට හිතවත් වුණා නිසා. අපි ඉතිං ඔය කිවුව වැහි දවස් වලට පන්සලට බද ගානවා. පන්සල තියෙන්නේ කඳු මුදුනක. කළුගල් අතුරා තාර දාපු පාර දිගේ තමයි අපි පන්සලට ගාටන්නේ. මේක අංශක 45 විතර කන්දක්. දෙපැත්තේ තියෙන ලඳු කැලෑවේ තිබුණ ගඳපාන ගාල කවුරුන් හෝ පාරා තිබුණොත් මේ වැහි දවස් වල පුදුමාකාර ගඳක් ඇති වෙන්නේ.
විමලසිරි හාමුදුරුවෝ අපේ නැන්දාගේ ලොකු පුතාගේ හොඳම ගජයා. දෙන්නා එකට එකතු වෙලා එල සිගරට් එක උරන්නේ. අපිට කැරම් බෝඩ් එක පාවිච්චි කරන්න ලැබෙන්නේ, උන්නාන්සේට සිගරට් එකක් නිමල් බේකරියෙන් ගෙනැත් දුන්නොත්. නිමල් බේකරියට යන්නේ පන්සල පිටිපස්සේ තියෙන, ඉස්පිරිතාලේ පාරෙන්. එතැනින් ඩික්මන් අයියලාගේ ගෙදරින් ඉවර වෙන ගුරු පාරට පන්සල පිටිපස්සෙන් ගේට්ටුවක් ඇරලා තිබුණා. ඉතිං අපේ ගම්වල බොහෝදෙනෙක් මේක ෂෝර්ට් කට් එකක් විදියට පාවිච්චි කරා ඉස්පිරිතාලෙට යන්න. දැන් වගේ දැඩි නීති රීති නොතිබුණ ඒ කාළේ බොහෝදෙනෙක් රවුමේ ගිහිං ගේට්ටුවෙන් යන්නේ නැතිව කම්බි වැටෙන් රිංගලා ඉස්පිරිතාලේ ගියා. මේ රෝහලට ගුණසේකර අනුස්මරණ රෝහල කියන නම ලැබුණේ, අපේ ගමේ එවකට හිටිය කෝටිපතියෙක් වෙච්ච ඩොනල්ඩ් ගුණසේකර මහතාගේ පරිත්‍යාගයෙන් ඉදි කරපු මේ රෝහල රජයට පරිත්‍යාග කරපු නිසා. මේ රෝහල විවෘත්ත කරන්න ඔන්න මෙන්න තියෙන කාලේ ලංකාවට කපිල වස්තුපුර සර්වඥ දාතුන් වහන්සේලා වැඩම කරවා තිබුණා.
ඩොනල්ඩ් ගුණසේකර මහත්මයාගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා, අපේ ගම හරහා මේ රථය ගමන් කරන විට මේ රෝහල පිටුපස ඉදි කරපු විශේෂ කපිලවස්තුපුර චෛත්‍ය ආකෘතිය ඉදිරියේ තාවකාලිකව ඉදිකරපු මඩුවක සර්වඥ දාතුන් වන්හන්සේ වැඩම කරවා ප්‍රදර්ශනය කරන්න. මමත් කලින්ම ඉස්කෝලෙන් ඇවිත් මේ පෝලිමේ ඉදිරියෙන්ම හිටියා. හදිසියේ සැරසිලි කරමින් උන්න ඩොනල්ඩ් ගුණසේකර මහත්මයාට(ඉලාස්ටෝ සමූහ ව්‍යාපාරයේ අධිපති) බ්ලේඩ් තලයක් අවශ්‍ය වුණාම, මම ගාව තිබුණ බ්ලේඩ් තලය දෙන්න ලැබීම මහ ලොකු දෙයක් වුණා මට ඒ කාළයේ. මෙහෙම සුදානම් වෙලා උන්නත්, එතැන නවත්වන්නේ නැතිවම ඒ රථය ඉදිරියට ඇදෙනවා මල්වැස්සට තෙමි-තෙමි අපි බලාගෙන උන්නා. ඩොනල්ඩ් ගුණසේකර මහත්මයා කනස්සළු ස්වභාවයකින් පිටවෙලා ගියා.
ඔතැනින් ගිහිං තමයි අපි නිමල් බේකරියට යන්නේ. නිමල්බේකරියේ හැදෙන පාන් සහ කෙටි ආහාර වල සුවඳ ඒ වටපිටින් ගියත් දැනෙනවා. ඉස්සර අපි හරි ආසයි හාෆ් බොයිල් බිත්තරත් එක්ක, උණු-උණු පාන් පුංචි කෑලි වලට කපලා බෙලෙක් පිඟානකට පත්තර කෑල්ලක් දාලා දෙන එක කන්න. මට ඒ කාලේ ගෙදරින් ඕවට සල්ලි ලැබෙන්නේ නෑ. කොහොමත් ආහාර වේල් තුනට අමතරව කනවානම් ගහකින් කඩා ගත්ත හෝ අහුලා ගත්ත දෙයක් තමයි. හැබැයි මගේ අත් අකුරු ලස්සන නිසා මට කියළා ලවු ලේටර්ස් ලියා ගත්තු කුමාර අතේ සල්ලි ගැවසුන නිසා ලියුම ලියලා දුන්නට පස්සේ අපි දෙන්නා යන්නේ නිමල් බේකරියට. එහෙම ගිහිං තමයි ඔය හාෆ් බොයිල් කෑම කෙරුවේ.
පන්සලේකැරම් ගහන්න මමයන්නේ කළුතර ඉස්කෝලේ ගිහිං ඇවිත් දවල්ට කාලා හවස හතරට විතර. මේ වෙනකොට අපේ නඩේ අනික් අය එක්කෝ කැරම් ගැහිල්ල පටන් අරං, නැත්නම් හතරවෙනියා එනකං බලන් ඉන්නවා. අපේ ගේ පිටිපස්සේ ග්‍රවුන්ඩ් එක තියෙන නිසා දැනගන්න ලේසියි හවසට කෙරෙන්නේ ක්‍රිකට් ගැහිල්ලද නැතිනම් කැරම් ගැහිල්ලද කියළා. පන්සලේ කැරම් ගැහිල්ල කාලයක් කෙරීගෙන ගියා. ඒ වුණත් අපේ ඉස්සරහ ගෙදර හිටිය මහින්ද/මහේෂ් කියන අයිය මලෝ යුගලට සල්ලි ඌශ්නේ ගහලා තිබුණ නිසා කැරම් බෝඩ් එකක් අරගෙන ආවා. වැඩේ තියෙන්නේ මෙවුන් හම්බ කරන සල්ලි වලින් නෙවෙයි එහෙම කළේ. මහින්දලාගේ අක්කා රට (සුවිස්) ඉඳන් එවන සල්ලි වලින්. මේ කාලේ එයාලට වැන් එකක් එහෙමත් තිබුණා. පස්සේ මහින්දලාගේ ඉස්තෝප්පුව රස්තියාදු තිප්පලක් වගේ වුණා. අපේ අම්මා නම් කීයටවත් කැමති වුණේ නෑ, මම එතැන කැරම් ගහන්න යන එකට. මොකද එතැනට නානාප්‍රකාර මිනිසුන් ආව ගිය නිසා. අනික හැමදාම හවස් වෙත්දී මහින්දලාගේ තාත්තා දෙකක් දාගෙන් අම්මා එක්ක ජාතිය අමතන්න ගන්නවා.
ඔහොම ටිකක් වැඩිපුර දාගත්ත දවසක, පුටුවකට වෙලාඇලට් එකක් දාගෙන හිටිය ඊබට් නොහොත්
මහින්දලාගේ පියාණෝට ටකස් බකස් ගාන මේ සද්දෙත මල පැන්නා. ගේ පිටිපස්සට ගිහිං අලවංගුව(නාරස්සනේ) අරගෙන ඇවිත් දමලා ඇරියා කැරම් බෝඩ් එකට. එදා හවස මම ගියාම ඒක තිබුණේ මෙන්න මේ වගේ. ඉතිං මොකේදැයි දැන් වළඳන්නේ කියළා මම ආපහු ගෙදර ආවා. නමුත් ටිකක් කල්පනාවට වැටුණා මෙකට් මොකක්ද කරන පුළුවන් කියළා.
ඒත් මගේ ඔලුවට කිසිම දෙයක් ආවේ නෑ. මේ කාලයේම හන්දියේ ගාර්ජ් එකේ ටිනකරින් වැඩ කරන නිවුටන් අයියාගෙන් මම ඉල්ලගෙන තිබුණා තිනර් ටිකක්. මේ තිනර් එකට මට හම්බෙන - හම්බෙන රෙජිෆෝම් කෑලි කඩලා ඔබලා ගම් එකක් හදාගන්න තමයි ඔහොම කළේ. ටික දවසක් යනකොට ගම් එක හරි ගියා. මගේ ඉස්කෝලේ යුනිෆෝම් එකක් ඉරිලා තිබුණා. පිට පැත්තේ හින්දා වැඩි අවුලක් තිබුණේ නෑ. මම කළේ වෙන සුදු රෙදි කෑල්ලක් ඉල්ලගෙන ආවා ටේලර් වැඩ කරන විමලවීර අයියගෙන්. එක අර ඉරුණ තැනට තියලා මේ ගං ඒකෙන් ඇලෙව්වා. වැඩේ ගොඩ. ඉන් පස්සේ ඒ ෂර්ට් එක ඉස්කෝලේ අඳින්න පුළුවන් වුණා.
මට හිතුණා මේකටත් ඒ ගම් ඒකෙන් මොනවා හරි කරන්න පුළුවන් කියළා. පොඩ්ඩක් කිට්ටු වෙලා බැලුවම පෙණුනා මේකේ ලෑල්ලට භාවිතා කරලා තියෙන්නේ එම්.ඩී.එෆ්. (ඒ කාලේ අපි කිවුවේ තේ පෙට්ටි ලෑල්ලක් කියළා). ඊට පස්සේ මේ තේ පෙට්ටි ලෑල්ලක් හොයන මෙහෙයුම අපි දියත් කළා. මේ වගේ ඒවා ගෙවල් වල නෑ. මොකද කිලෝ පහක් විතර දාන්න පුළුවන් ඒ වගේ පෙට්ටියක් ගෙදරක තිබුණා නම් කාගෙන් හරි ඉල්ලන් ආපු එකක්. ගෙදරක් තේ කිලෝ පහක් ගන්නේ නෑ. එච්චර තේ බොන්න තරම් ලොකු පවුලක් කොහෙද තියෙන්නේ? කොච්චර තේ හදලා දුන්නත් ඒ වගේ පෙට්ටි තේ, තේ කඩවල ගන්නේ නෑ. පස්සේ කාට හරි පුළුවන් වුණා, ඒ තේ පෙට්ටියක උඩු පියන් කෑල්ලක් හොයාගෙන එන්න.
|
පින්තුරය ගත්තේ : https://www.calicocraftparts.co.uk/
|
ඔන්න ඔය උඩින් තියෙන එක වගේ එකක් තමයි මම කියන්නේ. මේක කියවන පරණ අයටනම් මතක ඇති. මේක හොයා ගත්තත් අපි මොකක්ද කරන්නේ කියන කාරණය හිතා ගන්න අමාරු වුණා. මං මහින්දගෙන් ඇහුවා "මේක කපලා කොටලා හැදුවට කමක් නැද්ද ?" කියළා. ඌ ටිකක් කල්පනා කරළා "ඕන දෙයක්" කියළා කිවුවා. ඒක කැඩිලා තියෙන්නේ හරියට සයිප්‍රස් රට වගේ. ඒ වගේ එකක් කොහොමද මේකෙන් කපන්නේ ? ටික වෙලාවක් කල්පනා කරාම, නිවුටන් අයියලා ගැරේජ් එකේ කරන වැඩේ සිහිපත් වුණා. කොහොම දිරපු තැනක් වුණත් එයාලා හතරැස් කොටුවක් කපලා තමයි අලුත් තහඩු කෑල්ලක් තියලා වෙල්ඩින් කරන්නේ. ඉන් පස්සේ පොඩි කියත් පටියක් හොයා ගත්තා. මේක එහෙම ලේසියෙන් කපලා ඉවත් කරන්න බෑ, මොකද යටින් මේකේ ආධාරක් පටි තියෙනවා අඟලේ-අඟලේ පොලු වලින් ගහපු. අඟල් හයේ විතර පරතරයකින් ඒවා තිබුණේ. මේ කපන වැඩේ ගරාජ් එකේ ටික කාළයක් වැඩ කරපු සුසන්ත භාරගත්ත. අන්තිමට හතරැස් නැති වුණත්, ඒ වගේ එකක් කපා ගත්තා. ඉන් පස්සේ ඒක මැනලා සමාන කොටුවක් ලෑලි කෑල්ලෙන් කැපුවා. තියලා බැලුවම සමහර තැන් වල පොඩි හිඩැස් තියෙනවා මිලි මිට්ටර දෙකේ තුණේ. ඇතුලේ තියෙන හරස් පොලු වලයි-ලෑල්ලෙයි ගම් ගාලා ඇලෙවුවා. ඒ ගම් එක පට ගාලා වේලෙනවා. ඒ වගේමයි ඇලෙවුවොත් ඇලෙවුවා.
ඊට පස්සේ අර හිඩැස් වලට ගම් එක්ක බොරික් කුඩු කලවම් කරලා පිරෙවුවා. පස්සේ වැලි කඩදාසියකි අර කැපුම් තියෙන තැන් ගෑවා. පස්සේ හොදට බොරික් දාළා ගහලා බැලුවා. මුලින්ම ගහපු පාරවල් ගියේ ඉස්සරහ හිටිය කෙනාගේ ඔලුව උඩින්. කට්ටිය හිනා වෙන්න පටන් ගත්තා. ආයෙත් ටික වැලි කඩදාසිය ඇල්ලුවා. දවස් කිහිපයක් ගියාව පොඩි පොඩි පැනිලි තිබුණා. පස්සේ හරි ගියා. ඕක තමයි මම කරපු පළමු DIY නොහොත් අටවන මාටිං වැඩේ. දැන්නම් කරන්නෙම ඒවා. මොකද යූබටයේ වීඩියෝ තියෙනවා ඕන තරම්.
++++++++++
ReplyDeleteඑළ. රෙජිස්ටරේ මාක් කරන්න ආවෙ. හොඳම දේ අන්තිමට.😂
බත් කාල කියවන්න තියාගත්තා. දෙතුන් පාරක් ආයෙ එන්නම්. කමෙන්ට් බලන්නත් එක්ක.😊
නියමයි සුදීක, මාටින් වික්‍රමසිංහ මහතාගෙ "අපේ ගම" මතක් වුනා.👌😊🙏
Deleteකියවන්න ගත්තෙ, ජාමෙට. එලියෙ නරියෙකුත් හූ කිව්වා.😂 කතාව බොහොම හොඳට ගලාගෙන යනවා, පරිසරය වැනිල්ල, වේදිකාව සැකසීම බොහොම අපූරුවට කරල තියනවා. කතාවෙ මුල් කොටසෙ පාලුව මැකෙන්න, ගමක පිංතූරයක්/චිත්‍රයක් තිබ්බ නං හොඳයි කියල හිතුනා, ඒත් ඒක මගේ රුචියක් විතරයි. ස්තූතියි. ඔහොම යං.🙏😊👌
බුදු සන්තෝ ඒක අප්ඩේට් වෙන්න ගිය වෙලාව. මේ දැන් තමා රෝලට ආවෙ.🤔
Deleteමේ RSS version 2 ගැන මුකුත් දන්නවද?
අද ආපහු ෆීඩ් බර්න් කළා. බොහොම ස්තුතියි. මේක කලින් ලියාගෙන ගිහිං මග නවත්තපු එකක් අවසන් ඡේද දෙක විතරයි ඇද ලිවුවේ.
Deleteපොස්ට් දෙකයි ඉස්සර දාලා තිබුණේ. පස්සේ පහ කරා. ඒක වෙන්නැති සීන් එක. RSS ගැන මතකය අඩුයි. ඒ කාලෙනම් හොඳට අප්ඩේට් වෙලා හිටියා. RSS ගූගල් කාරයෝ සපෝර්ට් කරන්නැති කතාවක් තියෙනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඑක කාලයක අපි සෙල්ලම් කරපු බිලියඩ් ටේබල් එකේ රෙද්දෙ පැච් මතක් වුනා.
ReplyDeleteබොහොම හොදට ලියල තියනව
රෙදි ඉරුණා නම් අලුතින්ම දාන්න ඕනේ. ඉස්සර ලියපු එකක් හින්දද මන්දා කට්ටියට රහ වැටිලා.
Deleteමළගෙවල් වල මිසක් කැරමක් ගහන්න සෙට් වෙන්නැති කාලයක් තිබුණ. ඒ සෙට් වුණත් එක්කො හවස නැත්තං අවම රෑ 12න් පස්සෙ. මොකද ලොකු ලොකු උදවිය එක්ක කැරම් තලන්න අපිට බෑ නෙව. ඒ දවස් වල ආසාව තිබ්බෙ බෝඩ් එකක් ගන්න. නමුත් සල්ලි තිබ්බෙ නෑ. දැං සල්ලි හොයල කැරම් බෝඩ් එකක් ගත්තට අර ආසාව නෑ. ඉඳ හිටල කොල්ලො සෙට් වෙලා ගැහුවොත් ඇර දැං කිසි ගෝ එකක් නෑ 😃
ReplyDeleteමරුවට ලියල තියේ
මේ කැරම් ක්‍රීඩාවේ දෙවෙනි ඉනිමක් ගැන ලියන්න පුළුවන්. මොකද අපි ඉන් පස්සේ කැරම් ගහන්න ගියේ බෙන්තොට බීච් හෝටලේ ක්වාටස් එකට. ඒ අය අපි එක්ක මිත්‍ර වුණේ ක්‍රිකට් ගහන්න ග්‍රවුන්ඩ් ඇවිත්. එතැන හිටෙයේ වෘත්තීය මට්ටමේ කැරම් ක්‍රීඩකයෝ. තමින් එක්ක බෝරික නාවලා ගහන්නේ. ඉන් පස්සේ නමයම එක පාරෙන් දාපු අවස්ථා තිබුණා. පස්සේ මේ බෝඩ් එක අපේ මිතුරෙකුගේ ගෙදරකට ආවා. එතැනදී වෙච්ච ඒවානම් ලියන්නම වටිනවා. රිවරිනා එකේ මං වැඩ කරන කාලේ ටුනමන්ට් එකක සෙමියටත් ආවා. පස්සේ බැංකුවේදී පලවෙනි දෙවෙනි කොච්චි මග ඇරගෙන මේල් ට්‍රේන් එකේ ගෙදර එනවා, හවස කැරම් ගහලා.
Deleteමේ රටාවටම, ලියමුකො ඕන පුම්කක් ප්‍රීති වෙසක් කියලා.:)
Deleteබෝරික් දාල ගහපු පළවෙනි දවස මතකයි. බැණුං ඇහුව කුණු සංසාරයක් වෙන්න 😂😂😂 පරණ පුරුද්දට ඩම් එක දාල ගැහුව ගැහුවමයි ඉත්තො ටික කොහෙ ගියාද නෑ. බෝඩ් එක ෆුල් හින්දුස්තාන් 😂😂😂
Deleteබස්සා : මේ මං ඉස්සර ලියලා අතඇරපු පොස්ට්, පොඩ්ඩක් ගසලා බසලා දැම්මේ. මුලින්ම ඒ ටික ඉවරයක් කරන්න හිතුවා.
Deleteමහේෂ් : මට හිතා ගන්න පුළුවන්. ගහන ගමන් අත ඔළුවට උඩට ඉස්සුවද? අපේ මහින්දයා ඉස්සර ගහන්නේ දබරැඟිල්ල උඩ මැදඟිල්ල තියලා පුංචි තල්ලුවක් එක්ක. උගේ ෂොට් බොහොමයක් එලියට තමයි යන්නේ. ඌ කියන්නේ ඒවා පොට් එකට වැටුනට සමානයි කියළා. ඉස්සර මූ අපේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් කළා. සල්ලි අතේ තිබුණ නිසා කවුරුත් මොනවත් කිවුවේ නෑ.
පැරණි බ්ලොග් රචකයෙක්. ආයෙ ලියනවා. ලස්සන මතක සටහනක්
ReplyDeletehttps://katusuhadawatha.blogspot.com/2021/10/blog-post.html
මේ ඔහෙලත් ගිහින් බුරලා එන්ට, ඈ?
ඔය යෝදයා අපේ ගෙදරදී වැඩි වෙච්ච සීන් ඒකමයි මගේ මතකෙට එන්නේ.
Deleteඔය තේ පෙට්ටි, කඩවලට තේකොල දාන ලොරි වලින් ගන්න පුලුවං සල්ලිවලට.
ReplyDeleteමොනව උනත් නියම ටිංකරිං වැඩක් කරල තියෙන්නෙ.
ප්‍රසා ඒ පැත්තේ තේ කොළ ප්‍රවාහනය පටන් ගන්න නිසා හොයා ගන්න ඇති. අපේ පැතිවල සිල්ලර කඩ වල තමයි මේවා තියෙන්නේ. ඒවා මිනිස්සු බුක් කරලා අරගෙන යන්නේ. දැන්නම් ඉතිං ඕනෑම දෙයක් හාඩ්වෙයාර් වල තියෙනවා නේ. පස්සේ තේරුණේ මේක 100% තිබුණේ නැත්නම් වැඩ නෑ.
Deleteආයිමත් බොලොග් එක මතක් වෙලා තියෙන්නේ.😀😀
ReplyDeleteඅපි ඉතිං අර බලුකුක්කෝ වගේ දුවගෙන දුවගෙන ගිහිං පාර අයිනේ මොනවා හරි දැක්කොත් නැවතිලා බලං ඉන්නවා.
Deleteකොලු කාලේ නොකරන අටවන ඇටවුම් කොයි කාලේ කොරන්නද.. දැන් කොලු උන්දලාට ඒ දේවල් නැති ඒකයි මට දුක
ReplyDeleteදැන් එවුන් ඔලුව දෙකට නමාගෙන ෆෝන් එක අස්සට එබෙන්නේ, ඉස්සර අපි ලිං වලට එබෙනවා වගේ, වතුර කඳුලක් එනකං.
Deletehm......
Deleteසුපිරි! ඇත්තටම ඒක සුපිරි වැඩක්! ඔබ පවසන පරිසරය මටත් එකසිය ගානට හුරුයි! මොකද අපේ ලොකු අම්මලා හිටියේ දෙද්දූව! ඔඅය ඉලස්ටෝ එක තියෙන හරියේ එකම පොල් රුප්පාව! ඔය වගේ ම අහසේ ගෑවෙන්න උසක තිබ්බ පංසලක් තිබ්බා දෙද්දුව හංදිය පහු කරලා ඇල් පිටිය පැත්තට යද්දි! මගේ ලොකු අම්මගේ පුතා රෙජිනල්ඩ් ඩයස් බණ්ඩාරනායක උන්නැහේත් ගියේ කළුතර ඉස්කෝලෙකට වගෙයි මතක!
ReplyDeleteකැරම් බෝඩ් එකට දැම්ම පැච් එකටත් වඩා සුපිරි මේ බ්ලොග් ලෝකෙට දාපු පැච් එක! ලියමු! නොනැවතී ලියමු!
මං කෝල් එකක් දෙන්නම් ඒ විස්තර අහගන්න. ඔය පන්සලට මම ගිය අවුරුද්දේ ගියා හාමුදුරුවෝ කිහිපනමක් වඩම්මන්න. ඔවු බ්ලොග් එකට ඇබ්බැහි වුණාමත් නවත්තන්න බෑ.
DeleteHarima apooru kathawak.Carrom board ekata barapathala siyum sath kamak karalane goda aragena thiyenne.
ReplyDeleteබොහොම ස්තුතියි සරත් මහත්මයා/මිත්‍රයා
Deleteබලාගෙන ගියහම ක්‍රිකට් විතරක් නෙමේ ගහල තියෙන්නේ. මමත් අල්ලපු ගෙදරක කැරම් ගහන්න ගියා. මගේ යාළුවෙක් ගේ ගෙදර. ඒ ගෙදර ලස්සන ගැහැණු ළමයෙකුත් හිටිය, එයාගේ ලස්සන අක්කා මගේ වයසේ. ඒකෙන් කැරම් ගහන එක නැවතුනා. එයා මාත් එක්කම කැරම් ගහනවා අල්ලපු ගෙදර ඇන්ටි දැකලා
ReplyDeleteරෙඩා පොට් කර ගත්තද ?
Deleteපිස්සුද ඒ පොඩි කාලේ ඕව දන්නවය , ගහන ගහන පාරට පරාදයි. අනේ අපරාදේ කියන්න බැහැ ඒ නඟා කතා කරානේ බං මේ පාර ලංකාවට ආව වෙලේ අම්මගේ අසනීප ගැන අහන්න අවුරුදුම කීයක්ද . ඕං ඉන්නව දැන් ෆේස් බුක් එකේ
Deleteඑහෙනං උඹට නොතේරුනාට එයා බලන් ඉඳලා වගේ?
Deleteසක්කරයා තමා දන්නේ ඒවානම් :)😋
Deleteහැක්, අපි නොදන්න චෙස්!🤣
Deleteමම නම් චෙස් දන්නවා, ඔයා දන්නේ නැත්ද?
Deleteමමත් චෙස් ක්‍රීඩා කරලා තියෙනවා. චෙස් කිවුවම මතක වුණේ Queen of Katwey ෆිල්ම් එක. මේකත් ට්‍රු ස්ටෝරි. අනික අපිට කළින් අපේ සෙක්ෂන් එකට ආව බැච් එක මුලින්ම කැරම් ගහන්න ගියාම ලන්ච් බ්රේක් එකේ, එතැන ෆුල්. උපමාලිකා අපේ පැරණි ඒ වගේම දක්ෂ සේවිකාවක්. එයා චෙස් දන්නේ කවුද කියළා ඇහුවම, ලෙස්ලි මට පුළුවන් කියළා අදින්න ගිහිං. උපමාලිකා පලවෙනි මුව් එක ගත්තා. දැන් ලෙස්ලියා අත්දෙකම කම්මුලේ තියාගෙන වැලමිටි දෙක කලවා උඩින් තියාගෙන ෆුල් සීරියස් බෝඩ් එක දිහා බලාගෙන ඉන්නවා. අන්තිමට ලන්ච් බ්රේක් ඉවර වෙලා නතර කරළා උපමාලිකා කියළා තියෙනවා "හවූ සීරියස් යූ ආර්" එච්චර කල්පනා කළේ මොන මුව් එකද කියළා. මූ කිවුවලු මං චෙස් දන්නෑ කියළා.
Delete1975 මාත් බෙන්තොට හිටියා මාස කීපයක්. post එක කියවන අතරේ හිත තිබුණේ එහෙ. බෙන්තොට බීච් හෝටලයට හැරෙන පාර ඉදිරිපිටින්ම පාරේ අනිත් පැත්තේ තිබුණු 'බෙන්තොට ජුවෙලර්ස්' සාපුවට අපේ බතික් රෙදි දුන්නා. ඒක සිරිසේන මුදලාලිගේ. එයාගේ ලොකු පුතා M.P. ටෙරන්ස්. අතුල, සුසන්ත, ජගත් පූතාලාත්- දූලා දෙන්නෙකුත් හිටියා. ලොකු නංගිගේ නම මතක නෑ. දෙවෙනියා kumudu. සුදීක ඒ පැත්තේ නිසා අහන්නේ, එයාලව දන්නවද? (අපේ මල්ලියාව වගේ එයාලවත් හම්බ වෙලා තියේ නම්..)
ReplyDeleteමේ මොනවා අහනවද ? එතකොට අර දීපාල් ඔයාගේ මල්ලිද ? මට කියලා තියෙනවා ගම මහරගම කියලා. ඌ පුදුම ආදරයක් ලංකාවට තියෙන්නේ. ඒ වගේම මට මුණගැහිලා තියෙන අරුම පුදුම මනුස්සයෙක්. පොඩි එවුන් දෙන්නට නම් දාලා තියෙන්නේ නිමල්-මාර්කෝ කියලා. ඉංග්‍රීසි ඌරුවට කථා කරනකොට අහං ඉන්න ආසයි. මගේ යාළුවෙක් තමයි දීපාල්ගේ ගජයා. සෙට් වෙන වෙලාවට මටත් කථා කරනවා. හේතුව ටිකක් වැඩි වුණාම දීපාල් ඉංග්‍රීසි පමණයි. යාළුවාකථාවට මාව මාට්ටු කරනවා. දවසක් පොඩි එකාගේ බෑග් එක
Deleteඅමතක වෙලා බැහැලා. පිටකොටු ගිහිං බෑග් එක හොයාගෙන, මදි හරියට එන්න සල්ලිත් බස් කාරයගෙන් ඉල්ලලා. නෝනත් හරිම හොඳයි. අපි එක්ක කථාවට සෙට් වෙනවා.
ටෙරන්ස්- අතුල දෙන්නා හැඳිනුවත් ලොකුවට ආශ්‍රයක් තිබුණේ නෑ. එයාලට පාළම ලඟ බෝට් හවුස් එකක් තිබුණා රේන්බෝ කියලා. සුසන්ත ඉස්සර මගේ හොඳම මිත්‍රයෙක්. ජගත් මල්ලී සෙට් වුණේ ෆුට්බෝල් ගහලා. එයාලා අපේ පවුළේ හිතවතුන්. අක්කලා දෙන්නා කොළඹ හොස්ටල් ඉඳං ඉගෙන ගත් නිසා මතක නෑ. ඔය හරියේ හැම කෙනෙක්ම මාව දන්නවා සුභාෂ් කියන නමින්. ටෙරන්ස් අතුල දෙන්නා ප්‍රසිද්ද මෝටර්සටිකල් වේගෙන් පැදීමට. අපේ සයිකල් රේස් එක දවසට දෙන්නා බයික් දෙකේ යනවා.
යකඩෝ! දීපාල් තමා අපේ පවුලේ බාලම පිරිමියා. එකයි බඩා මල්ලියා කියලා ඒ කාලේ රටම කියන පුරුදු වුණේ.
Deleteබෝට් හවුස් එක ගැනත් ආරංචි වුණා, ටෙරන්ස් සුද්දියෙක් බැඳලා හිටි බවත් ආරංචි වුණා. අපි පාද යාත්‍රාවේ යද්දී හමුවුණු කෙනෙක්ගෙන් විස්තර අහද්දී තමා කියැවුණේ ටෙරන්ස් අභාවප්‍රාප්ත වෙලාය කියලා. විස්තරයක් හරි contact නොම්මරයක් හරි හමු වුණොත් මට කියනවද, හොඳ මහත්තයා වගේ.
හරී මං ඉල්ලලා දෙන්නම්.
Deleteමෙතන තියෙනව නියම කැරැම් ගේමක්, රෙඩා පොට් කරන්නෙ මාරියෙන්...
ReplyDeleteපිස්සු හැදෙයි සඳ බබලයි කියන්නේ ඔව්වට තමයි.
Deleteමම මේ බොබීගෙ බලු කතාව කියවල ආවෙ. ඒ කතාව නියමයිනෙ. ඒකට කමෙන්ට් හොඳටෝම මදි.
ReplyDeleteසුදීක, මේ පේජ් එක එක සැරේ ලෝඩ් වෙන්නෙ නෑ. කමෙන්ට් එක කොටාගෙන යනකොට, පේජ් එක රි-ෆ්‍රෙෂ් වෙලා, කොටපු ටික වාෂ්ප වුනා. පොඩ්ඩක් බලන්න.
ක්‍රෝම් වල ඔහොම කේස් එකක් ආවා කියළා අපේ විචාරක මහත්තයා ඉස්සර කිවුවා මතකයි. ඒක ක්‍රෝම් බ්‍රවුසරයේ කේස් එකක්. මොනවා කරන්නද ටොමියෝ කමෙන්ට් බලාගෙන ලිවුවනම් නවත්තන්නේ මුල් හරියේ. හැබැයි ඉස්සර සිංහල බ්ලොගර්ස් සින්ඩිය නිසා බොහෝ දෙනෙක් කියෙවුවා. ඒ වගේම බ්ලොග් පොස්ට් වැටෙන වේගේ වැඩි නොසා බොහෝ දෙනා කමෙන්ට් කරන්නේ නෑ.
Deleteමම පොඩි ප්‍රචාරක අත්හදා බැලීමක් කරගෙන යනවා. ඔයාගෙ, ඩ්‍රැකීගෙ බලුකතා, පෝස්ට් එක අගට ඇමිණුවා. තැන්, තැන් වල ගිහින් බුරලත් ආවා. මට ඉතින් දහදුරාවෙ ගිහින් පුරුදුයි, නෙව?
Deleteකියවන්නො සහජයෙන්ම රජ කම්මැලියො- මාත් එහෙමයි. ලේසියෙන්ම ලින්ක් දාලා, හොම්බට ඇනලා දුන්නෙ නැත්නම් කියවන්නෙ නෑ. දැන් කියන්න ඕනෙ, ඇවිත් කියවලා, ලුහුටලා ගියාට කාරි නෑ, කමෙන්ට් නැතුවත් කාරි නෑ, වැටක්වත් ගහලා පලයල්ලා කියලා.වැටාධිපති, හිටවන-මාටින්ට ප්‍රාජේට තමයි වැටට කොපි රයිට්ස් තියෙන්නෙ. වැට කියන්නෙ, සරල, දිග, පොසිටිව් කතාවක් කෙටියෙන්.😂
++++++++++++++++
පණ අදිමින් හිටි බ්ලොග් වලට ජීව හුලං පිම්බ එක හොඳා. ඒත් කමෙන්ට් තමයි, ඒක පවත්වාගෙන යන්නෙ. නැත්නම් ලෙඩා මැරෙනවා.
සුදීක, අජිත් බ්ලොගර් එකේ, අලුත් සිංඩියක් හදන්න ට්‍රයි කරනවා. ඒත් හරි හමන් බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් නෑ. හැකි නම්, කොලම් වැඩි ගානක් තියෙන(3,4,5) බ්ලොගර් ටෙම්ප්ලේට් එකකට ඔත්තුවක් දෙන්න.
Deleteමට XML ස්ක්‍රිප්ට් ටිකක් අවුල්. දන්න උපදෙසක් දුන්නොත් වටිනවා.
https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html?showComment=1634347712616#c136658561663166210
@ටොමියා : ඔය වැටේ කථාව කිවුවම මතක් වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අකුරු. ඒවා සේරම වැටක් ගහලා වගේ තමයි. බොහොම ස්තුතියි ප්‍රවර්ධනය වෙනුවෙන් කරන වැයමට.
Delete@බස්සා : අටමා තමයි ඕකට හපනා. තීම් එකේ නෙවයි ප්‍රශ්නේ තියෙන්නේ. අටමා කරලා තියෙන්නේ බ්ලොග් රෝල් කිහිපයක් වෙනම කැටගරි අනුව ෆලෝ කරලා ඒවා එල්ලීම.
උබට වැටිලා තියන කෙමෙන්ට් ටික දැක්කාම අයියන්ඩි ඩබල්පුශප් බ්‍රා එකක් වගේ සතුටුයි
ReplyDeleteපොස්ට් එක නිකන් ස්පොර්ට් බ්‍රා එකක් වගේ
එල ද බ්‍රා
අර ටී පනස් හය අතේ තියෙන එවුන් කුරුම්බා කඩන්නෙත් වෙඩි තියලා වගේ, මෙන්ඩා විශේෂණ දෙන්නෙත් බ්‍රා වලින්. අපි ඉතිං ඕවා අඳින එකක් යැයි? අඳින එවුන් කියන්නේ ගලවනකන් සිහියක් නෑ කියළා. මම ඒත් බැලුවා කෝ මෙන්ඩා කියළා. බලුපැටිය දැන් මෙන්ඩගේ තැන අරං.
Deleteමගේ කාර්යාල මිතුරියකගේ බ්ලොග් එකක් තියෙනවා. කඳුළු සිත්තම්
ReplyDeleteපොඩ්ඩක් ගිහිං බලන්න. ලස්සනට කවි ලියන්න පුළුවන්. වැඩියෙන් නිසඳැස් ලියන්නේ. ඒවා ගීත කරළා උරේෂා රවිහාරි, නෙලූ අධිකාරී ගායනා කරලත් තියෙනවා. එයාට බ්ලොග් ලියන්න ආරාධනා කළේ මම.
ලින්ක් එක දෙන්න....
Deleteඅයියන්ඩි...මම එක බ්ලොග් එකකට ගිහින් ඒකේ රෝල දිගේ අනිත් බ්ලොග් වලට යන්නේ...ආය මට ඔයාව මිස් වෙන්නේ නැහැ..මම ක්‍රමයක් හදාගත්ත
ඔය උඩ කමෙන්ට් එකේ තියෙන කඳුළු සිත්තම් කියන වචනේ ලින්ක් එකක්. එක ක්ලික් කරන්න.
Deleteගියා...අයියන්ඩි...පලවෙනි කවියනම් එල ද බ්‍රා
Deleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDelete++++++
ReplyDeleteඅලුත් මාසයක් එළැඹ ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ අලුත්ම බ්ලොග් ප්‍රශ්න වට තරඟාවලියක් සමගයි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.
ReplyDelete1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.
(A) කොළඹ ගමරාල
(B) රසිකලොජි
(C) මාරයා
(D) කොලොම්පුරේ
2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.
(A) හැලපයා
(B) හිස් අහස
(C) ජෙනරාල් විචාරක
(D) ඉකොනෝමැට්ටා
3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.
(A) තට්ට මංජුවා
(B) තට්ට රසිකලොජි
(C) තට්ට කොළඹ ගමයා
(D) තට්ට පුංචි සාදු
4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.
(A) හැලපයා
(B) කොලොම්පුරේ
(C) අන්සතු දිනපොත
(D) ගූතලන්
5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.
(A) තට්ට කොළඹ ගමයා
(B) පුංචි සාදු
(C) තට්ට පැරා
(D) මාරයා
6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.
(A) අගලවත්තේ පී ජයසිංහ
(B) ලංඩනයේ ඩී කීර්ති
(C) අම්පාරේ ඊ සඳරු
(D) කඩවත ටී මංජු
7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය
(A) ලෝටස් අජිත්
(B) ගූතලන්
(C) හැලපයා
(D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි
8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න
(A) කොළඹ ගමයා
(B) ලෝටස් අජ්ජා
(C) ලන්ඩන් අජිත්
(D) අගලවත්තේ අජිත්
9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.
(A) කොලොම්පුරේ නාවිකයා
(B) කල්‍යාන මිත්‍ර නාවුකයා
(C) හිරකරුවා බ්ලොග් අඩවිය
(D) දේශකයා
10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.
(A) ඔබා මාමා
(B) රසිකලොජි
(C) ආටියා
(D) තට්ටයා
මෙම ප්‍රශ්න වලට උත්තර සපයා තෑගී දිනන්න. ජයග්‍රහයකයන්ට 12.5KG ගෑස් සිලින්ඩරයක බරට යට ජංගි. ගොනා හරි පාරට දාගන්න. යට ජංගි දිනා ගන්න. අදම උත්තර සපයන්න.
liyannata කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න
ReplyDeleteරජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!
ReplyDelete“අන්න රජතුමා හෙළුවෙන්!” කියලා පොඩිඑකෙක් කියපු කතාව හැමෝම දන්නවානෙ. මේ එකේ ඉතිරිය.
“හෙළුවෙන්” කිව්ව එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. ඇමති තනතුරු වෙනස් කළා. භාණ්ඩාගාර ඇමති අශ්ව ඉස්තාල භාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා.
හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු තුනයි! කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මූත්‍රා කළා.
මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව’ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයා ගෙන ගියා.
“මං හෙළුව පෙන්නාදීපු නිසා හැමෝම අමාරුවෙ වැටුණා නේද?” පොඩ්ඩා ඇහුවා.
තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි.
කොහොමද එක පාරටම දැන ගත්තේ මහ රජතුමා හෙළුවෙන් කියලා?
“අයියෝ ඒක සුළු දෙයක් නෙ. ඇඳුමෙන් වැහිලා තියෙන්න ඕනෙ අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ තැනැත්තා හෙළුවෙන් කියලා තමා. මට කරද්දී ගුරුතුමා ඕක කියලා දුන්නේ.
ඇමති මණ්ඩලේ තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේට ම මුල ගුරුතුමන්ලා බව සියල්ලන්ම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමට තමන්ගේ රාජකාරි අමාරුවෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝ ම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝපවෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.
“ඒ සිද්ධිය වෙන කොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් බාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්!” බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.
“අපේ ගව පට්ටිවල මස් අඩු වෙන කොට අලුතෙන් තණකොළ, පුනක්කු දෙනවා. ඒ වගේමයි, උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගෙ කෑම පාලනය කරනවා. ඒ වගේ ම ගැළපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ.”
පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින් ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුනගේ දීමනා අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්වන්න යැව්වා. වෙණ වයන අය කෘෂිකර්මය උගන්වන්න යැවුවා. ඒත් එක්කම පාඨමාලාවල ‘හෙළුව’ පිළිබඳ ලියැවුණු පොතපත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැන ගන්න නිසා ඉතිහාසය උගන්වන එකත් නතර කරලා දැම්මා.
අඩු දීමනා නිසා ගුරුවරු පාඨමාලා හැර දමා ගිහින් කසිප්පු පෙරීම වගේ ජීවන මාර්ග තෝරා ගත්තා. තවත් අය රට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.
“උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා.” ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් නොගත් අනුවණ පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා.
කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක් ද මේ සිදු වන්නේ? වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!” රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.
තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බැව් ඇමති මණ්ඩලය වටහා ගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජ සභාවට ගියා.
“රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොලුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි වැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!”
මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳ ගත් රජතුමා ද ඇමති මණ්ඩලයත් සමඟ මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා.
‘හෙළුව’ යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු එ්ක වැළැක්වූවා. “හෙළුව? ඒ මොකක්ද?” රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසය නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා.
කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. “ප්‍රීතියි! ප්‍රීතියි! ඇමතිවරුනි, ප්‍රීතියි!” රජතුමා උද්දාමය පළ කළා.
ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට සළු ඇඳ ගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලා ගෙන ඉන්නවා. ගවපට්ටිකරුවන් සුසුම් හෙළනවා.
-රසික සූරියආරච්චි-
ලියන්නේ නතේයි
ReplyDelete