Showing posts with label දැකීම ( Observations ). Show all posts
Showing posts with label දැකීම ( Observations ). Show all posts

Wednesday, April 22, 2015

අවුරුද්දට නුවර එළියේ යන්නේ ඇයි ? ,,,,,, Why Colombo Citizen visit Nuwara Eliya in Sinhala New Year Season

මේ දවස් වල ඔෆිස් එකේ කණක් ඇහිලා ඉන්න නෑ. ඒ අපිත් එක්ක ඉන්න නෝනා නුවර එළියේ ගිහින් ඇවිත් ඒකෙ පුර වරුණාව එයාගේ ක්ලෑන් එකත් එකක් බෙදා ගන්න අපූරුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අහගෙන ඉන්න සිදු වෙලා තිබීම නිසාය. ඉස්සර නම් මටත්, මගේ සගයාටත් මේවාට ඇහුන්කන් දෙන්න අනිවාර්යයෙන් සිදු වුණා. දැන් අපි දෙදෙනාම මේ ඇත්තී සමග ඇයි-හොඳැයියක් නැති නිසා මේවා අසන්නට වෙන්නේ බලහත්කාරයෙනි. එකම දේ දහ පහළොස් වතාවක් අසන්නට සිදු වීම කරුමයකි. මෙවැනි වෙලාවකට මා කරන්නේ ඉයර්ෆෝන් කණේ ඔබා ගැනීමය. 
Nuwara Eliya Flowers Hakgala Gardens
පින්තූරය ගත්තේ : www.sundayobserver.lk

ඉස්සර රටේ බොහෝ දේවල් කොළඹ සිදු වීම නිසා, එය මහලොකු තැනක් වී තිබුණි. අපි කොළඹ යැයි මහත් ආඩම්බරයෙන් කියා ගන්නා පිරිස් අප දැක ඇත. නමුත් අද දකින්නට ඇති තත්වය වෙනස්ය.   ඉතා කුඩා රටක් වන ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකම කොළඹ මෙන්ම එක සේ නාගරීකරණය වී පවතී. අද ලංකාවේ එක් අයෙකුට අඩුම වශෙන් ජංගම දුරකථන අංක දෙකක් ඇති බව සංගණන වාර්තා පෙන්වා දෙයි. ඩෙනිමද, ස්මාර්ට් ෆෝන් එකද, 3G ද 4G ද එකලෙස කොළඹ මෙන්ම පිට පළාත් වලද ඇත. කොළඹ අයට වඩා පොෂ් විදියට සිටින්නට උත්සාහ කරන ගම්වැසියන්ද ඉඳහිට දැකගත හැක. 

ඇත්තටම කොළඹ ඉපැදුනු අය ඕනෑවට වඩා පොෂ් නැත. පොෂ් වෙන්නට අමුතු උත්සාහයක් ගන්නේද නැත. නමුත් කොළඹට සංක්‍රමණය වූ තදාසන්න ප්‍රදේශ වල අය එය මහත් අභිරුචියකින් කරගෙන යන බව දකින්නට ඇත. ඒ ඔවුන්තුල ඇති කුමක් හෝ හීනමානයක් නිසාය. කොළඹට පිට පළාත් වලින් ආ අය, පිටරටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙන් වෙනම රංචුවක ජීවත් වෙයි. ඔවුන් අවුරුදු සමරන්නේද, මරණය මගුල කරන්නේද ඔවුන්ගේ පළාතේ සනුහරය සමගය. උදාහරණයකට කොළඹට දකුණින් සංක්‍රමණය වූ අය එකට එකතු වන අතර, නුවරින් පැමිණියවුන් වෙනම එකතු වේ. 

දැන් අපේ මාතෘකාවට එමු. කොළඹ අය අවුරුද්දට නුවරඑලි යන්නේ ඇයි ? නුවර එලියට අප්‍රේල් මාසයට වසන්තය උදා වන නිසාද ? ශ්‍රී ලංකාවට ඉර මුදුන් වන මෙවැනි කාලයක, නුවර එලිය වැනි අධික ශීත දේශගුණයක් ඇති ප්‍රදේශයක මේ කාලය ගෙවා දැමීම පහසු නිසා යැයි බොහෝ දෙනෙකු සිතා ඉන්නට ඇත. නමුත් සත්‍යය එය නොවේ. අද කොළඹ බොහෝ ගෙවල්, හෝටල්, සහ සාප්පු සංකීර්ණ වායු සමනය කර ඇත. එමෙන්ම වාහන වලද වායු සමාන යන්ත්‍ර ඇත. එනිසා ප්‍රශ්නය එය නොවන බව පැහැදිලිය. නමුත් මේ කාරණය පදනම් කරගෙන එහි යන්නෝද විරල නොවේ.

මා පොෂ් වීම පිළිබඳව මුලින් කථා කලේ, මේ ගමන තමන් පොෂ් යයි සෙස්සන්ට පෙන්වන්නට අවුරුද්දට නුවර එලි යන කොටස බහුතරය බව වටහා ගැනීමට අපහසු නැති නිසාය. එසේ නොගියොත් තමන් නෝන්ඩි වන ගතියක් තිබෙන නිසා කෙසේ හෝ නුවර එළියේ බඩ ගාන්නට උත්සාහ ගන්නෝද විරල නොවේ. මේ කාලයට නුවර එළියේ කිසිදු හෝටලයක කාමරයක් සොයා ගැනීම කළුනික හොයනවා වගේ වැඩකි. සියලුම සංචාරක හොටල්ද, නිවාඩු නිකේතනද අතුරු සිතුරු නැතිව පිරී පවතී. රජයේ, සංස්ථා මණ්ඩල ආදියේ නිවාඩු නිකේතන වෙන් කරවා ගන්නට සියල්ලෝම දත කන්නේ එහි යාමට ඇති කැමැත්තට වඩා ශේප් එකයි පාරයි කර ගැනීමට පහසු නිසාය. එකී නිවාඩු නිකේතන ලබා දෙන්නේ නාමික මුදලකට වීම මේ පොරකෑමට හේතු සපයයි. අනෙක එවැනි ස්ථාන වල පහසුකම් අතින්ද කිසිම අඩුවක් නැත. ඉතිං අඩු ගණනකට මේවා වෙන් කරගත්තොත් බෝනස් එකක් වන්නේය. දැන් මෙවැනි ආයතන මේවා වෙන් කරන්නේ ලොතරැයි ක්‍රමයටය. නැතිනම් එවැනි රාජකාරි කරන අයට ලේසියෙන් තමන්ගේ රැකියාව කර ගන්නට නොහැක. මේ ක්‍රමය නොතිබුනානම් එවැනි තැන් වල ජරාව කන්නන්ද වැඩි වනු ඇත. 

සැමදා සීතලත් සමග ඔට්ටුවන නුවර එලිය වාසීන්ට අප්‍රේල් මාසයේ විශේෂත්වයක් නැත. ඔවුන් කරන්නේ තම නිවාස අවුරුදු කාලයේදී කොළඹින් එන්නන්ට බදු දී, ආසන්න ප්‍රදේශයක වෙසෙන තම ඥාතීන් වෙත හෝ දන්නා කියන තැනක නවාතැන් ගැනීමය. එමගින් ඔවුන් සැලකිය යුතු මුදලක් උපයා ගනියි. මේ තරමටම නුවර එළියේ යන්නේ ඇයිදැයි ඔබටද හිතෙන්නට ඇත. සීතලද, බලන්නට තිබෙන හක්ගල මල් වත්තද, ග්‍රෙගරි වැවද, එසේත් නැතිනම් තේ වතුද ?  නැතිනම් ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය නිසාද ? මේ කාලයට කොළඹින්ම එහි ගොස් සිටින සූරාකන කඩ සාප්පු කරුවන් නිසාද ? ගොඩක් දෙනෙකු එකතු වන තැනක ෆන් එක වැඩි නිසාද ? මේ කිසිවක් නොවේ. 

සත්‍ය කාරණය මේ වෙනකකි. නමුත් මෙය ඈත අතීතයේ සිට පැවත එන්නක් බව පැහැදිලිය. සුද්දන් රට පාළනය කල යුගය දක්වා දිවෙන පුරුද්දක් බව පැහැදිලිය. සුද්දන් කිසිම දෙයක් හේතුවක් නැතිව කළේ නැත. මේ ප්‍රශ්නයට මා නිවැදි පිළිතුර සොයා ගත්තේ රිවරිනා හෝටල් සමූහයේ සේවය කල කාලයේදීය. ඒ අවුරුද්දට එහි ආ කොළඹ වැසියන්ගෙන් කල විමසීමක ප්‍රතිඵලයක් ලෙසය. අවුරුද්දට ඩවුන් සවුත් යන්නේද, නුවර එලි යන්නේද එකම කරුණකට බව පැහැදිලි වන්නේ එදා නොව අද දිනදීය. එකල සුද්දන්ගේ සහ නගර වැසියන්ගේ ආවතේව කලේ දුර බැහැර ප්‍රදේශ වලින් මෙහි ආ දුප්පත් ගැමියන්ය. ඔවුන් අවුරුද්දට ගමේ යාම සිරිතක් මෙන්ම අනිවාර්ය අංගයක් විය. මේ කාලයේදී අතට පයට සේවකයන් තබාගෙන සිටි සුද්දන් සහ ඒ පන්නයේ ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ දෙයක් කර ගන්නට නොහැකි විය. 

සුද්දා රාජකාරියට කොළඹ සිටියද වඩා ඇලුම් කලේ සීතල නුවර එළියටය. එනිසා ලැබුණු ඉසිඹුවෙන් ඔවුන් නුවර එලියට බඩ ගාන්නට විය. ඒ නිසා ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් වැනි විනෝදය පදනම් වූ තරගාවලි ඔවුන්ම ලක ලැස්ති කර ගන්නට ඇත( එහි පසුබිම පිලිබඳ පැහැදිලි අවුබෝධයක් නැත). සුද්දන් රට හැර ගිය පසු ඉතිරි වූ ඔවුන්ගේ සමීපතමයන්ගේද, නගරයේ රාජකාරි කල අනෙක් අයගේද දින චරියාව සුද්දන්ට දෙවෙනි නොවීය. පසුකාලීනව මේ රැල්ලට සිදු වන්නට විය. කොහොමත් කොළඹ තිබෙන සියලු ආයතන, කඩ සාප්පු, සේවා සපයන ස්ථාන වල සේවකයන් පිට පළාත් වල ජනතාවය. මේ අය අවුරුදු නිවාඩුවට ගමේ ගියවිට කොළඹට ඇඳිරි නීතිය මෙන් වෙයි. මුළු නගරයම පාළු ස්වභාවයක් උසුලයි. කොළඹ වෙසෙන්නන්ගෙන් 40% දකුණේ අය බව මා කොහේ හෝ කියවා ඇත. දකුණේ අය අවුරුදු සමරන්නේ තම උපන් ගම්පියසේදීය. ඉතින් එනිසා ඒ මත යැපෙන කොළඹ පොෂ් හෝ නොපොෂ් අයට වෙනත් පලාතක් බලා යාමට සිදු වීම අරුමයක් නොවේ. අවුරුද්දට නුවර එළියේ යන්නේ එහි ඇති කෙන්ගෙඩියක් නිසා නොවන බව දැන් ඔබට පැහැදිලිය. 

තමන්ට හවුහරණක් නැති මොහොතක සිදු වූ ඇබැද්දියක්, තමන් විඳි කුමාර සැපක් සේ පාරම් බාන මිනිසුන්ට අප අනුකම්පා කල යුතුය. 

__________________________________________
අද ලෝක මිහිකත දිනයයි. අද දිනයේදී වැඩිවන උෂ්ණත්වය ගැන කථා වනු ඇත. ඒ අතින් ගත් විට මෙය කාලීන මාතෘකාවකි. 
මෙය කියවන ඔබද අවුරුද්දට නුවර එලියට යන්න ඇත. සමහරවිට දරුවන් සමග අවුරුදු නිවාඩුව ගත කරන්නට විය හැක. නමුත් මගේ විවේචනය එවැනි අය ගැන නොව රැල්ලට සහ පොයියට එහි යන්නන් ගැනය. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...