Showing posts with label ගෘහස්ථ කාරණා (Household Matters). Show all posts
Showing posts with label ගෘහස්ථ කාරණා (Household Matters). Show all posts

Wednesday, February 22, 2017

එළුපැටියාගේ කතා - තෙවන කොටස ......

මම මුළින්ම ලියපු එළු පැටියාගේ කතා මාලාව බොහොම ජනප්‍රිය වුණා. කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒකට නෙලුම් යායෙන් සම්මානයකුත් ලැබුණා. එළුපටියාගේ කතා එතරම් ජනප්‍රිය වුණේ ඇයි ? මම කළින් ලිපියෙන් පැහැදිලි කළා වගේ, දරුවන් නිදි ගන්වන්න ගියාම එයාලා වැඩියෙන්ම කැමති දේ කතා අහන එක. නමුත් ඔබේ කතා ගබඩාව ඔබටත් නොදැනීම අවසන් වෙන්නේ හිරු දුටු පිණි මෙන්. අන්තිමේදී දෙමව්පියන් අසරණ වෙනවා. මෙහෙම අසරණ වුණු වෙලාවක මගේ හිතට නැගුණු අදහසක් තමයි මේ "එළු පැටියාගේ කතා". මේකේ තවත් දෙයක් තියෙනවා. දන්නා කතාවක් ආපහු කියන්න ගියාම අපි වැරද්දුවොත් පොඩි එවුන් අපිව නිවැරදි කරනවා විතරක් නොවෙයි, ඔවුන්ගේ නින්දටත් බාදා කර ගන්නවා. අනිත් කාරණයේ තමයි දවසේ වැඩ කටයුතු කරලා ඉන්න දෙමව්පියන්ට කතා කියාගෙන යනකොට ඉබේම නින්ද යනවා. එවෙලාවට ඇහැරෙන්නේ හීනෙන් දකින වචනයක් මහ හයියෙන් කියාගෙන. මේක අර කියාගෙන ගිය කථාවට කිසිසේත් සම්බන්ධ නෑ. එතකොට පොඩි එවුන් අහානවා එක එක ප්‍රශ්න. ඒවාට උත්තර දෙන්න ගියාම අනිවාර්යනෙන් අනාත වෙනවා. 

දවස් තුනකට කළින් මගේකෙළි පොද්දටත් ආපහු ආස හිතුණා මේ කතාවක් අහන්න. එයා මට නැවතත් මතක් කළා "තාත්තේ එළු පැටියාගේ කතාවක් කියන්න බැරිද ?" කියලා. සිම්පල්නේ කියලා හිතිං හිතාගෙන මම ඇහුවා පුතා දන්නවද

එළුපැටියා වරකා කාපු කතාව 

ඔන්න දවසක් එළු පැටියා ටකස්-ගකස් ගාලා පාර දිගේ ඇවිදගෙන ආවා(මේ වෙලාවේ දරුවාගේ පිටේ කොඳු නාරටිය දිගේ ඇඟිලි වලින් එළුවා ඇවිදිනවා වගේ කරන්න ඕනේ. ඒක නින්ද ලඟා වෙන්න කරන පුංචි සම්බාහනයක් වෙනවා).
පින්තූරය ගත්තේ : dreamstime.com
මෙහෙම පාලු වත්තක් ගාවින් යනකොට එයාට ආවා පුදුම සුවඳක්. එයා එතැන නැවතිලා වටපිට බලන්න පටන් ගත්තා. ඒත් එයාට හරියටම ඒ සුවඳ එන්නේ කොතැනින්ද කියලා හොයා ගන්න බැරි වුණා. ඒ වුණාට සුවඳ එන පැත්තට එයා ඇවිදගෙන ගියා. හොඳටම සුවඳ දැනුණත් සුවඳ එන්නේ කොතැනින්ද කියලා තාම පේන්නේ නෑ. එළු පැටියා වටපිට බැලුවා. බිම බැලුවා. අන්තිමට උඩ බැලුවා. "මගෙ අම්මේ ..." එළුපටියට ඉබේම කියවුණා. එළු පැටියා ඇවිත් තියෙන්නේ වරකා ගහක් මුළට. එක පාරටම කටට කෙළත් ඉණුවා. දැන් මොකද කරන්නේ ? එළුපටියා කල්පනා කළා. ඉන් පස්සේ එයා හිතා ගත්තා ගහට නැගලා වරකා ගෙඩිය කඩාගෙන කනවා කියලා. එළුවන්ට කොහොමත් උඩ නගින්න පුළුවන්නේ. ඔන්න එයා මුළින්ම, ටිකක් උඩට නැග්ගා. ඉන් පස්සේ හෙමින් වරකා ගෙඩිය තියෙන අත්ත දිගේ ඇවිදගෙන ගියා. බිම බලනකොට පොඩ්ඩක් බයත් හිතුණා.

දැන් කොහොමද ගෙඩිය කඩා ගන්නේ ? ආයෙත් එයා කල්පනා කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ එයාට හොඳ දෙයක් හිතුණා. එළු පැටියාට ඇඟිලි නැති නිසා ගෙඩිය කඩා ගන්න බෑ. එයා කලේ වරකා ගෙඩියේ නැට්ට කටින් විකන්න ගත්තා. ටිකක් විකාගෙන යනකොට, හොඳටම ඉදිලා තිබුණ වරකා ගෙඩිය බිමට වැටුණා. "දොන්ත පතෝස්" කියළා. තව ඩින්ගෙන් එයාවත් "දොන්ත පතෝස්" වෙනවා. ඒ නිසා උඩ නගිනකොට පරිස්සමෙන් නගින්න ඕනේ. බිමට වැටිච්ච වරකා මදුළු හැමතැනම විසිරුණා. එළුපටියා පරිස්සමෙන් බිමට බැහැලා, සුවඳ හමන, පැනීම පැණිරස වරකා කන්න පටන් ගත්තේ. ඉන් පස්සේ එයා සන්තෝසෙන් කෑ ගැහුවා
පින්තූරය ගත්තේ : pinterest වෙතින්

"බෑහෑ ... උම්බැහෑ ..."කියලා. ඒ සද්දෙට එහා වත්තේ සෙල්ලම් කරගෙන හිටපු ළමයි ටිකත් එතැනට දුවගෙන ආවා. පස්සේ එයාලත් වැලි ගෑවිච්ච නැති වරකා මදුළු ටිකක් රස බැලුවා. හැමෝට සන්තෝසයි. ඉන් පස්සේ ළමයි ටික එළු පැටියාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන "ගිණි - ගිණි බෝලේ සෙල්ලම කළා"

තව කතා දෙකක් තියෙනවා. ඒ දෙක ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම්.

Friday, April 15, 2016

ගෘහස්ථ කාරණා ? ඒ මොනවද ? ...... Household matters ? What are they all about ?

මගේ කාර්යාලයේ සහෘදයෝ තිදෙනෙක් වෙති. ඔවුන් තිදෙනාම මා බ්ලොග් කරණයේ යෙදෙන බව දනිති. බ්ලොග් කියන්නේ, ඉන්ටර්නෙට් එකේ කොටාගෙන-කොටාගෙන යන වැඩක් බවද ඔවුන් දනිති. නමුත් මා ලියන්නේ මොනවාදැයි ඔවුන් නොදනිති.  දන්නවානම් අම්භානක නෙලති. ඒ මොකදැයි කියා කියලාඔබලාටා තේරෙන්නට ඇති. මා මෙතැන කොරන්නේ එවැනි දැලි පිහියෙන් මීකිරි කනවා වගේ වැඩක් බව දන්නේ මා පමණකි. ආහ් .... !  නෑ තව දෙදෙනෙක් දනිති. ඒ මටත් පෙර සිට බ්ලොග් රසිකයින් දෙදෙනෙකු සහ මගේ හොඳම විවේචකයින් දෙදෙනා වන සහ වෙනත් තට්ටුවක සේවය කරන මගේ මිතුරන් දෙදෙනා වෙති. 

මේ ළඟදී දිනක මට සම්මානයක් ලැබුණු බව පෙරකී සහෘදයෝ තිදෙනා දැනගත්තෝ වෙති. ඒ මා ඔවුන් දැනුවත් කල නිසා වෙති. මොනවද උඹට හම්ඹ වුණේ, ඔවුන්ගෙන් කෙනෙක් අසති. පොතකි, සී.ඩී. පටයකි, ජී.බී. අටේ පෙන් ඩ්‍රයිව් එකකි, නෝට් පොතකි, ටක්-ටික් පෑනකි, මුදල් ත්‍යාගයකි.  සම්මාන ලැබුණේ මොනවාටදැයි විමසති. ගෘහස්ථ කාරණා වලටැයි පැවසෙති. ඔවුන් විපිළිසර වෙති. පසුව මවිසින්ම ඒ පිළිබඳ විස්තර කෙරෙති. ආහ්..... !!! මේවාටත් සාම්මාන දෙනවාදැයි විමසෙති. පසුව මට පොළොව පලාගෙන යන්නට සිත් වෙති. 

දැන් නියම කාරණයට එමු. ගෘහස්ථ කාරණා යටතේ සම්මාන ලැබූ මා පසුගිය වසරේ කල ගෘහස්ථ කටයුත්තක් නැත. ඒ මගේ විශ්වාසයයි. පොඩි එවුන් නළවා ගන්නට කල පුංචි ප්‍රයෝගයක් විනිශ්චය මණ්ඩලය විශ්මිත කරන්නට සමත් වී තිබේ. එහෙත් මා මීට පෙර නම් ඒ අංශයෙන් නොයෙකුත් දෑ ලියා ඇත. කොටින්ම එහෙම ලේබලයක් මගේ බ්ලොග් අඩවියේ නැත. නමුත් පැත්තකින් එදිනෙදා ජීවිතයට යන කොටුවේ ලියා ඇත. ඉදිරියට ලියන්නටද සිතේ තබාගෙන උන්නෙමි. ඒ මා දන්නා ඒ දේ යමෙකුට ප්‍රයෝජනවත් වේ යන සිතුවිල්ල නිසාය. මෙයට අමතර DIY ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ ලියා ඇත්තෙමි. තවත් එකක් ලියන්නට ඇත. අර කොටුවේ මා ලියන්නට සිටි තවත් කරුණක් මෙසේ සවිස්තරාත්මකව දිග හරින්නේ, ලැබුණු සම්මානයට සාධාරණයක් ඉටු කරන්නටය.

මෙහි ලියැවිය යුතු මාතෘකාව හරියට පොල් ගෙඩියක් බිඳින්නේ කෙසේද ? යන්න වුවත්, මෙයට ගැලපෙන ප්‍රවේශයක් නිසා ඉහත මාතෘකාවෙන් පැමිණියෙමි. අදසිට ගෘහස්ථ කාරණා යනුවෙන් ලේබලයක්ද පටන් ගනිමි. ඒ ඔබගේ මතු ප්‍රයෝජනයටය. මෙය මට මගේ පියා ලබා දුන් ස්වල්පයක් වූ ගුරු මුෂ්ටි වලින් එකකි. මගේ පියා දන්නා කාරණා බොහෝ ඇතැයි මින් අදහස් කරන්නේ නැත. ඔහු කියා දුන් බොහෝ දේ අද කාලයට වැදගත් වන්නේ නැත. උදාහරණයකට පුෂ් බයිසිකලයකට කෙනෙකු යන ගමන් නංවා ගන්නට පෙර සිදු කළයුතු දේ වාගේ ඒවාය. නමුත් ඒවාද වැදගත් වන කෙනෙකු සිටින්නට හැක. බ්ලොග් අවකාශයේ බලාපොරොත්තු විය නොහැක. පියෙකු තම පුතුට ලබාදෙන ගුරුහරුකම් සිත්හී ධාරණය කර ගැනීම, තාරුණ්‍යයට තරම් නොවුණත්, අපද ඔවුන්ගේ තැන ගන්නා දින ඒවා කදිම දේවල්දැයි සිතේ. 

මේ පහළ පින්තූරයෙන් පෙනෙන්නේ ඊයේ සවස කිරිබතට අවශ්‍ය පොල් ඔයා (ලෙලි ගසා), මගේ පියාගේ වචනයෙන් කියනවානම් බ්ලේඩ් තලයෙන් කැපුවා සේ බිඳ ගත් පසු දිස්වන ආකාරයයි. මේ හැම ගෙඩියම බිද ගැනීමට එල්ල කරන ලද්දේ මන්න පහරවල් එකකි. නිලය බලා එල්ල කළහොත්, මන්නයේ බරද, අරකද මේකද වැදගත් වන්නේ නැත. මගේ වැඩිමහල් සොයුරියගේ දියණියක් විවාපත් වන මොහොතේ පොල් ගෙඩිය බිඳීමේ භාරදූර වගකීමට සාර්ථකව මුහුණ දුන්නේදේ මේ ශිල්පයට පින් සිදු වන්නටය.

coconut halves after broken on the banana leaf

පහළින් තිබෙන මේ පින්තූරයෙන් එය කෙතරම් දුරට බ්ලේඩ් තල කැපීමක්දැයි ඔබට පැහැදිලි වනු ඇත. ඡායාරූපය මදක් ගැස්සී ඇති එක වෙනම කාරණයකි. ඉහළ රූපය දෙස නැවත බැලුවොත් එහි සමහරක් තැන් බ්ලේඩ් පහර වැදී නැති බව පෙනෙන්ට තිබේ. එයට හේතුව මා දෙවන පහරක් එල්ල නොකරම, පිහිය විවරයට දමා විවෘත කරන්නට යාමේ ප්‍රතිඵලය. නමුත් සමස්තය හරියට සිදු වී තිබේ. 

how to break a coconut nicely


පොල් ගෙඩියක් බිඳින්නට යාම ඉතා පුංචි වැඩක් බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් නිසියාකාරව සිදු නොකළොත්, එයද කුඩු වී කෑලි කිහිපයක් බවට පත්වේ. ඕනෑම දෙයක් කරන්නට විද්‍යාත්මක ක්‍රමයක් තිබේ. නමුත් මෙය ක්‍රියාවෙන් අවුබෝධය නමැති අප කුඩා කාලයේ පාසැල්වල තිබූ දෙයට සමාන දෙයකි. මගේ පියා මට මෙය එක සිය වාරයක් පමණ පෙන්වා දෙමින් සිදු කර, පසුව මට ඒ සඳහා අවස්ථාව සලසා දුනි. ඇත්ත වශයෙන්ම මෙය සරල දෙයක් වුවද, වැඩේ වරද්දා ගතහොත් මදය කට්ටෙන් ගැලවේ. බොහෝ දෙනා ඉඳහිට වටේටම පහර දීගෙන යාමේදී හරි තැනට කණා ෂොට් එකක් වැදී වැඩේ සිදු වේ.

ඔබ කළයුත්තේ මෙපමණයි. හොඳින් කෙඳි ඉවත් කරගත් පොල් ගෙඩිය දෑතට ගෙන, එය රවුමක් කරකවා  බලන්න. එහි ඇති බෙදුම් රේඛා තුනෙන් වෙන්වන කොටස් තුනක් තිබෙන බව ඔබට පෙනෙනවා ඇත. ඉන් විශාලම කොටස සහ එයට මදක් කුඩා කොටස වෙන්වන රේඛාව තෝරා ගන්න. දෙතුන් වරක් කරකවා හෝ එය පැහැදිලිව වෙන් කර ගන්න. එම ස්ථානයට මද වේගයෙන් මන්නය හෝ කැත්ත යොදාගෙන පහරක් ගසන්න. ඔබ මවිතයට පත්කරමින් ඉහත රූපයේ දැක්වෙන පරිදි එය වෙන් විය යුතුය. මන්නයේ බර හෝ ඔබ යොදනයා බලය එහිදී වැදගත් නොවේ. වැදගත් වන්නේ ඔබ හරි ස්ථානයට පහර දුන්නාද යන්න පමණි.  

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...