මම මුළින්ම ලියපු එළු පැටියාගේ කතා මාලාව බොහොම ජනප්‍රිය වුණා. කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒකට නෙලුම් යායෙන් සම්මානයකුත් ලැබුණා. එළුපටියාගේ කතා එතරම් ජනප්‍රිය වුණේ ඇයි ? මම කළින් ලිපියෙන් පැහැදිලි කළා වගේ, දරුවන් නිදි ගන්වන්න ගියාම එයාලා වැඩියෙන්ම කැමති දේ කතා අහන එක. නමුත් ඔබේ කතා ගබඩාව ඔබටත් නොදැනීම අවසන් වෙන්නේ හිරු දුටු පිණි මෙන්. අන්තිමේදී දෙමව්පියන් අසරණ වෙනවා. මෙහෙම අසරණ වුණු වෙලාවක මගේ හිතට නැගුණු අදහසක් තමයි මේ "එළු පැටියාගේ කතා". මේකේ තවත් දෙයක් තියෙනවා. දන්නා කතාවක් ආපහු කියන්න ගියාම අපි වැරද්දුවොත් පොඩි එවුන් අපිව නිවැරදි කරනවා විතරක් නොවෙයි, ඔවුන්ගේ නින්දටත් බාදා කර ගන්නවා. අනිත් කාරණයේ තමයි දවසේ වැඩ කටයුතු කරලා ඉන්න දෙමව්පියන්ට කතා කියාගෙන යනකොට ඉබේම නින්ද යනවා. එවෙලාවට ඇහැරෙන්නේ හීනෙන් දකින වචනයක් මහ හයියෙන් කියාගෙන. මේක අර කියාගෙන ගිය කථාවට කිසිසේත් සම්බන්ධ නෑ. එතකොට පොඩි එවුන් අහානවා එක එක ප්‍රශ්න. ඒවාට උත්තර දෙන්න ගියාම අනිවාර්යනෙන් අනාත වෙනවා.
දවස් තුනකට කළින් මගේකෙළි පොද්දටත් ආපහු ආස හිතුණා මේ කතාවක් අහන්න. එයා මට නැවතත් මතක් කළා "තාත්තේ එළු පැටියාගේ කතාවක් කියන්න බැරිද ?" කියලා. සිම්පල්නේ කියලා හිතිං හිතාගෙන මම ඇහුවා පුතා දන්නවද
එළුපැටියා වරකා කාපු කතාව
ඔන්න දවසක් එළු පැටියා ටකස්-ගකස් ගාලා පාර දිගේ ඇවිදගෙන ආවා(මේ වෙලාවේ දරුවාගේ පිටේ කොඳු නාරටිය දිගේ ඇඟිලි වලින් එළුවා ඇවිදිනවා වගේ කරන්න ඕනේ. ඒක නින්ද ලඟා වෙන්න කරන පුංචි සම්බාහනයක් වෙනවා).
මෙහෙම පාලු වත්තක් ගාවින් යනකොට එයාට ආවා පුදුම සුවඳක්. එයා එතැන නැවතිලා වටපිට බලන්න පටන් ගත්තා. ඒත් එයාට හරියටම ඒ සුවඳ එන්නේ කොතැනින්ද කියලා හොයා ගන්න බැරි වුණා. ඒ වුණාට සුවඳ එන පැත්තට එයා ඇවිදගෙන ගියා. හොඳටම සුවඳ දැනුණත් සුවඳ එන්නේ කොතැනින්ද කියලා තාම පේන්නේ නෑ. එළු පැටියා වටපිට බැලුවා. බිම බැලුවා. අන්තිමට උඩ බැලුවා. "මගෙ අම්මේ ..." එළුපටියට ඉබේම කියවුණා. එළු පැටියා ඇවිත් තියෙන්නේ වරකා ගහක් මුළට. එක පාරටම කටට කෙළත් ඉණුවා. දැන් මොකද කරන්නේ ? එළුපටියා කල්පනා කළා. ඉන් පස්සේ එයා හිතා ගත්තා ගහට නැගලා වරකා ගෙඩිය කඩාගෙන කනවා කියලා. එළුවන්ට කොහොමත් උඩ නගින්න පුළුවන්නේ. ඔන්න එයා මුළින්ම, ටිකක් උඩට නැග්ගා. ඉන් පස්සේ හෙමින් වරකා ගෙඩිය තියෙන අත්ත දිගේ ඇවිදගෙන ගියා. බිම බලනකොට පොඩ්ඩක් බයත් හිතුණා.
දැන් කොහොමද ගෙඩිය කඩා ගන්නේ ? ආයෙත් එයා කල්පනා කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ එයාට හොඳ දෙයක් හිතුණා. එළු පැටියාට ඇඟිලි නැති නිසා ගෙඩිය කඩා ගන්න බෑ. එයා කලේ වරකා ගෙඩියේ නැට්ට කටින් විකන්න ගත්තා. ටිකක් විකාගෙන යනකොට, හොඳටම ඉදිලා තිබුණ වරකා ගෙඩිය බිමට වැටුණා. "දොන්ත පතෝස්" කියළා. තව ඩින්ගෙන් එයාවත් "දොන්ත පතෝස්" වෙනවා. ඒ නිසා උඩ නගිනකොට පරිස්සමෙන් නගින්න ඕනේ. බිමට වැටිච්ච වරකා මදුළු හැමතැනම විසිරුණා. එළුපටියා පරිස්සමෙන් බිමට බැහැලා, සුවඳ හමන, පැනීම පැණිරස වරකා කන්න පටන් ගත්තේ. ඉන් පස්සේ එයා සන්තෝසෙන් කෑ ගැහුවා
"බෑහෑ ... උම්බැහෑ ..."කියලා. ඒ සද්දෙට එහා වත්තේ සෙල්ලම් කරගෙන හිටපු ළමයි ටිකත් එතැනට දුවගෙන ආවා. පස්සේ එයාලත් වැලි ගෑවිච්ච නැති වරකා මදුළු ටිකක් රස බැලුවා. හැමෝට සන්තෝසයි. ඉන් පස්සේ ළමයි ටික එළු පැටියාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන "ගිණි - ගිණි බෝලේ සෙල්ලම කළා"
තව කතා දෙකක් තියෙනවා. ඒ දෙක ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම්.
එළුපැටියා වරකා කාපු කතාව
ඔන්න දවසක් එළු පැටියා ටකස්-ගකස් ගාලා පාර දිගේ ඇවිදගෙන ආවා(මේ වෙලාවේ දරුවාගේ පිටේ කොඳු නාරටිය දිගේ ඇඟිලි වලින් එළුවා ඇවිදිනවා වගේ කරන්න ඕනේ. ඒක නින්ද ලඟා වෙන්න කරන පුංචි සම්බාහනයක් වෙනවා).
![]() | |
| පින්තූරය ගත්තේ : dreamstime.com |
දැන් කොහොමද ගෙඩිය කඩා ගන්නේ ? ආයෙත් එයා කල්පනා කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ එයාට හොඳ දෙයක් හිතුණා. එළු පැටියාට ඇඟිලි නැති නිසා ගෙඩිය කඩා ගන්න බෑ. එයා කලේ වරකා ගෙඩියේ නැට්ට කටින් විකන්න ගත්තා. ටිකක් විකාගෙන යනකොට, හොඳටම ඉදිලා තිබුණ වරකා ගෙඩිය බිමට වැටුණා. "දොන්ත පතෝස්" කියළා. තව ඩින්ගෙන් එයාවත් "දොන්ත පතෝස්" වෙනවා. ඒ නිසා උඩ නගිනකොට පරිස්සමෙන් නගින්න ඕනේ. බිමට වැටිච්ච වරකා මදුළු හැමතැනම විසිරුණා. එළුපටියා පරිස්සමෙන් බිමට බැහැලා, සුවඳ හමන, පැනීම පැණිරස වරකා කන්න පටන් ගත්තේ. ඉන් පස්සේ එයා සන්තෝසෙන් කෑ ගැහුවා
![]() |
| පින්තූරය ගත්තේ : pinterest වෙතින් |