Showing posts with label ක්‍රිකට්(Cricket). Show all posts
Showing posts with label ක්‍රිකට්(Cricket). Show all posts

Saturday, August 31, 2013

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ මරාගෙන මැරෙන ප්‍රතිපත්ති ......

ලෝක ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ඉන්දියාවේ හයිද්‍රාබාද් ලොකු කර නොගෙන තමන් උපන් රටේ කඳුකර පෙරමුණ වෙනුවෙන් ක්‍රීඩා කරන්නයි අපේ ක්‍රිකට් බලධාරීන් යෝජනා කර ඇත.ක්‍රිකට් සම්බන්ධයෙන් මේ තරම දේශ හිතෛෂී ප්‍රකාශයක් මා මීට පෙර  අසා නැත. එක්කෝ මට මතක නැත. 

පින්තූරය ගත්තේ : http://kumarsangakkara.lk
මා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලෙස නොහඳුන්වා, ලෝක ක්‍රිකට් ක්‍රීඩක ලෙස හඳුන්වන්නේ, ඔහු ලංකාවෙන් බිහි වුවද, අද ලෝකයේම ජනාදරයට පාත්‍ර, ලෝකයම ඉතා කැමැත්තෙන් බලා සිටින, කියන දෙයක් අසා සිටින ලෝක වස්තුවක් බවට පත් වී හමාර නිසාය. මේ සිද්ධිය මාලිංග මූලික කරගෙන සිදු වුවා නම්, බලධාරීන්ගේ මේ ප්‍රකාශයට අලගු තබන්නට තවත් බොහෝ දෙනෙක් එකතු කර ගන්නට හැකියාව ඇත. එහෙත් සංගක්කාර යනු ආවාට ගියාට වචන පිට නොකරන, වැදගත් මහත්මයකු ලෙස ලෝකයම පිළිගෙන ඇති, හුදෙක් පිත්තෙන් පන්දුවට පහර දෙන තවත් එක්  ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවේ. අද ලෝකයේ ඕනෑම කණ්ඩායමක නායකයෙකුට කණ්ඩායමක් තෝරා ගන්නට කීවොත් එම කණ්ඩායමට නම් කරන වර්ගයේ ක්‍රීඩකයෙකි. ඔහුගේ වටිනාකම පිටිය තුලත්, ඉන් පිටත් මනාව ප්‍රකට කරන්නට කුමාර් සංගක්කාර සමත් වී ඇත. හැබවින්ම ඔහු සමතෙකි. 

සියලු දෙනාම පළමුවෙන් තේරුම් ගත යුතු දෙය නම් අයි.පී.එල්. සහ චැම්පියන්ස් කුසලානය යනු අයි.පී.එල්. මගින්ම සංවිධානය කරන තරගාවලීන් බවයි. චැම්පියන්ස් තරගාවලියට ඔවුන් කණ්ඩායම් තෝරා ගන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුල් කණ්ඩායම් තුන සහ අනෙකුත් රටවල් තුල පවත්වන විස්සයි20 දේශීය තරගාවලි හරහාය(ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරගාවලියේ මුල් කණ්ඩායම දෙක, දකුණු අප්‍රිකාවේ රෑම් ස්ලෑම් තරගාවලියේ මුල් කණ්ඩායම් දෙක, කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ එක් කණ්ඩායමක් වශයෙනි). මෙම තරගාවලියට හෝ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙක් අදාලා කණ්ඩායම නියෝජනය කරනු විනා තම රට නියෝජනය නොකරයි. හේතුව මේවා රටවල් අතර තරග නොව එකී කණ්ඩායම් අතර තරග වීමයි. 

මෙම තරගාවලියට පහුගිය අවුරුද්දේ තෝරා ගැනුනේ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ජයගත් ඌව නෙක්ස්ට් කණ්ඩායමයි. එම කණ්ඩායමේ පකිස්ථානයේ උමාර් ගුල්ද, නවසීලන්තයේ ජැකොබ් ඔරම්ද  සිටි බව මතක් කල යුතුයි. මේ වසරේදී එම තරගාවලිය නොපැවැත්වෙන්නේ ඒ සඳහා අවශ්‍ය බරපැන පොම්ප කිරීමට පසුගිය වසරේ එකඟතාවන් ඇති කරගත් කණ්ඩායම හිමිකරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙනි. එය වෙනමම මාතෘකාවක් ඔස්සේ සාකච්ඡා කලයුත්තකි. මෙවර චැම්පියන්ස් කුසලානයට කණ්ඩායමක් නම් කිරීමට අවශ්‍ය නිසාම ඉතාම චාමෙට පැවැත්වූ දේශීය විස්සයි20 තරගාවලිය දිහා අප බලා සිටියේ ඉතා අනුකම්පාවෙනි. එය හරියට සුනාමියට අසු වූ නගරයක මිනිසුන් සිහි ගන්වන ආකාරයේ එකක් විය. අයි.පී.එල් බැලු කෙනෙකුට එය නවදැලි හේනට ගිය මානසිකත්වය ඇති වීම නවතාලිය නොහැක. කොටින්ම කියනවා නම් කිසිම "ගෝ " එකක් නැත. එනමුදු ලෝකයට විවිධ වාර්තා එකතු කරමින් සිටින අපි එහිද වාර්තාවකට හිමිකම් කියයි. ඒ රටක ක්‍රිකට් බලධාරීන් කණ්ඩායමක් ඉදිරිපත් කරමින් අයි.පී.එල් වෙතින් මුදල් ලබා ගන්නා පළමු අවස්ථාව එය බැවිනි. අනෙකුත් සියලුම කණ්ඩායම් වෙනුවෙන් අදාලා කණ්ඩායම වෙත මුදල් ගෙවීම සිදු වේ. 

එවැනි දියාරු තරගාවලියකින් තෝරා ගත් කණ්ඩායම "මෙන්න අපේ චැම්පියන්ලා" යයි පම්පෝරි ගසා අයි.පී.එල් එකට පෙන්වන්නට අපේ බලධාරීන් සිතුවා වන්නට හැක. එහෙත් මෙම කණ්ඩායම එහි නියම තරගාවලියට අවතීර්ණ වීමට නම්  ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ හතරවන ස්ථානයට පත් සන්රයිසස් හයිද්‍රාබාද්, පකිස්තානයේ ෆයිසලාබාද් වුල්ව්ස්, නවසීලන්තයේ ඔටෙගෝ වොල්ට්ස් යන කණ්ඩායම් සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ජය ගත යුතුය. ඒ අතින් ගත් විට සංගක්කාරට මෙම කණ්ඩායම් දෙකෙන් කොයික නියෝජනය කලත් එකය. එහෙත් මෙම කණ්ඩායම් දෙක සැසඳූවොත් වඩා ශක්තිමත් සහ වඩාත් සංවිධානාත්මක කණ්ඩායම සන්රයිසස් කන්ඩායම බව පිළිගත යුතුය. 

කණ්ඩාම් තෝරා ගැනීමේ ගැටලුව ඉදිරියට ආ පළමු වතාව මෙය නොවේ. පසුගිය වසරේ එවැනි සිද්ධියක් බටහිර ඉන්දීය ක්‍රීඩකයන් වන පොලාර්ඩ්ට සහ බ්‍රාවෝට් ඇති විය. ඒ ගැන ක්‍රීක්ටර්ෆ් වෙබ් අඩවියේ පලවූ අපූරු වාර්තාවක පරිවර්ථනයක් ඇවිද්ද පය බ්ලොග් අඩවියේ පසුගිය වසරේ පල කළෙමු. එය කියවූවානම් මෙය ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට පහසු වනු ඇත. අයි.පී.එල්. සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යොමු කරන්නේ අපගේ බලධාරීන්ය. එම ගිවිසුම් වලට අත්සන් තබන්නේ ක්‍රීඩකයා පමණක්ම නොවේ. පාලක මණ්ඩලය වෙනුවෙන්ද කෙනෙකු අත්සන් තබයි. ඉතිං මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ද බැදී සිටී. ඒ අනුව යම් ක්‍රීඩකයෙක් අයි.පී.එල්. කණ්ඩායම නියෝජනය නොකර තම රටේ කණ්ඩායම හෝ වෙනත් රටක කණ්ඩායමක් නියෝජනය කරයි නම් එය ගිවිසුම උල්ලංඝණය කිරීමකි. එවිට ගිවිසුම් ප්‍රකාරව නියම වන දඩ මුදලක් පෙරලා අයි.පී.එල්. වෙත ගෙවීමට ඔවුන් බැදී ඇත. 

මෙය මරාගෙන මැරීමක් ලෙස මා නම් කලේ එමගින් මුල්‍ය අලාභ සිදු වන්නේ කුමාර්ට පමණක් නොවන බැවිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයකටද සැලකිය යුතු මුදලක් අහිමේ වේ. මෙම තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතද ඩොලර් මිලියන 1.5 ක මුදලක ලැබේ(සහභාගී වන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු මුදලින් 10% ක කොමිෂන් මුදල් මගින් හා කණ්ඩායම සහභාගී කරවීමට ලැබෙන ඩොලර් මිලියන භාගයක මුදල). එයින් ඩොලර් එක් ලක්ෂ පනස් දාහක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අහිමි වේ. නමුත් සන්රයිසස් වෙතින් කුමර්ට ලැබෙන මුදලින් කොටසක් අඩු කිරීමට ඔවුන්ට හැකියාව ඇත.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙයට දෙන්නට හැදුවේ, රට අමතක කර මුදල් පසුපස දුවන තත්වයක් යන ලේබලයයි. දැන් එය ඔවුන්ටම පාරා වළල්ලක් වී ඇත. රට වෙනුවෙන් සෑම අතින්ම ගරු නම්බු නාම හිමි කර ගන්නා කුමාර් වැනි ක්‍රීඩකයන් රටට සම්පතක්ය. 2011 කොලින් කවුඩ්රි දේශනයත් සමග ක්‍රිකට් ලෝකය මවිත කල කුමාර්ට, ක්‍රිකට් රන් දෙවොල ලෙස සැලකෙන එම්.සී.සී. හී ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකත්වය පවා හිමි වුණි.

මේ සිද්ධියෙන් පසු ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක් වන කුමාර්, 2003 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලැබීමෙන් පසු දේශීයව තමන් වෙතට ලැබුණු සහ ඉපයූ කිසිම මුදලක් තමා නොගත් බවද, ඒවා සෙසු ක්‍රීඩකයන් අතරේ බෙදා දුන් බවද පවසා ඇත. තම ක්‍රීඩා සමාජය තමා වෙත ලබා දුන් මුදල් එහි සේවකයන්ට පරිත්‍යාග කල බවද ඔහු පවසා ඇත. එමගින් ඔහු පෙන්වන්නට උත්සාහ දරා ඇත්තේ තම වචන වලින් පමණක් නොව ක්‍රියාවෙන්ද "මුදල් පසුපස නොගිය අයෙක් බවයි". මෙවැනි දේ කිසි දිනක පවසන්නට ඔහු සිතා නොසිටින්නට ඇත. නමුත් බලධාරීන් ඔහු පත් කල අසීරුතාව නිසා මේ දේවල් හෙළි කරන්නට ඔහුට සිදු වන්නට ඇත. නියමිත දිනට ක්‍රීඩකයන්ගේ පඩි වත් ලබා නොදෙන තත්වයක එවැනි චෝදනාවක් කිරීම කෙතරම් යුක්තිසහගතද ? ඇත්ත වශයෙන්ම මුදල් උපයන්නට අවශ්‍ය නම් ඔහුට මේ වනවිටත් විවිධ රැකියා අවස්ථා ඇත.  අයි.සී.සී. ආයතනය පවා තනතුරු ලබා දෙන්නට සුදානම්ය. ක්‍රිකට් නිවේදකයෙක් වන්නට ඔහුට ඉහල හැකියාවක් ඇත.

මෙවැනි ජාතික සම්පත් නොව ලෝක සම්පත් ලෙස සැලකිය හැකි ක්‍රීඩකයන්ට පල නොකියා පලා බෙදීමෙන් ඔවුන් අකාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්වන්නට දරන උත්සාහයන්ද යන්න අපට ඇති වන සැකයයි. 

Sunday, August 25, 2013

ඉදිරියේදී විනිශ්චයකරු වෙනුවට රිටක් හිටවයිද ?

කාලෙකින් ක්‍රිකට් ගැන කුමක් හෝ ලියන්නට නොහැකි විය. ඇවිද්ද පය කියවන  පාඨකයන් බොහෝ දෙනෙක් ක්‍රිකට් ගැන වැඩි උනන්දුවක් නැති බව දනිමි. එහෙත් ක්‍රිකට් ගැන නොහිතනනා මොහොතක් මගේ ජීවිතයේ තිබී නොමැත. ඒ තරමට ක්‍රිකට් සමග සමීප සබඳතාවක් මට ඇත. මගේ ක්‍රිකට් පිස්සුව කෙතරම්ද කියනවා නම්, ඊයේ උදෑසන කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සජීවීව නරඹමින් සිටින අතරතුර මා කුඩා නින්දකට වැටී, සිහිනෙන් එම තරගාවලිය ක්‍රීඩාංගණයේ නරඹමින් සිටිනු දුටුවෙමි. 

අද මෙම සටහන තබන්නේ එම තරගාවලියේ අවසන් තරගය නරඹන අතරතුරය. එක් අතකින් මෙම තරගාවලිය ලංකාවේ අපට වැදගත්ය. හේතුව මෙම අවසන් පූර්ව තරග දෙකම ජයග්‍රහණය කරා මෙහෙයවූයේ අපේ ක්‍රීඩකයන් දෙදෙනක් වීමය. එක් අවසන් පුරවා  තරගයක දිල්ෂාන් තරගයේ වීරයා වූ අතර, අනෙක් තරගයේ වීරයා වූයේ සංගක්කාරය. දිල්ෂාන්ගේ කණ්ඩායමේ මාලිංගද, සංගක්කාරගේ කණ්ඩායමේ මුරලිද ක්‍රීඩා කිරීම, මෙම තරග නැරඹීමට අප පොළඹවන තවත් හේතූන්ය.

මට විවිධ අවස්ථා වල නොයෙක් අදහස් පහල වේ. බොහෝ විට ඒවා නව නිර්මාණයන් බවට පත් කල හැකි ඒවාය. ඔබටද එවැනි අදහස් පහල වී තිබෙන්නට පුළුවන්. මා එලෙසෙ සිතු බොහෝ දේ සති ගණනකින් හෝ මාස ගණනකින් අදාලා සමාගම් නිර්මාණය කර තිබෙන දැකීම පුදුමයට කරුණකි. එහෙත් ඔබට තිබෙන නිර්මාණ අදහස් ඔබ යතාර්ථයක් බවට පත් නොකළහොත්, ඒ අදහස පහල වන වෙනත් කෙනෙකු එසේ කරනු ඇත. 

මා එලෙස සිතූ තවත් දෙයක් දැන් යතාර්ථයක් බවට පත් වෙමින් තිබේ. නමුත් මා සිතූ ආකාරයට මදක් වෙනස්ව එය නිමවා ඇත. මෙම නව නිර්මාණය කුමන නමකින් හඳුන්වනවාදයි මා නොදනිමි. මුලින්ම මගේ අදහස ඉදිරිපත් කරන්නම්. මගේ නිර්මාණය මා නම් කිරීමට සිතා සිටියේ තර්ඩ් අයි(Third Eye) නමිනි. එනම් විනිසුරු පළඳින කූලින් වර්ගයේ කන්නාඩියක්, හෝ අව් කන්නාඩියකට සවි කල හැකි කුඩා කැමරාවකි. 


තර්ඩ් අයි අදහස ඉදිරිපත් කලේ නම්, විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මගින් එම තීරණය ලබා දීමට මා යෝජනා කරනු ඇත. එවිට එක අයෙක් වැරදි තීරණයක් ලබා දුන්නත් තවත් දෙදෙනෙකුගෙන එය නිවැරදිව ලැබෙනු ඇත. 

එසේ සවිකරන කැමරාවක් මගින් විනිසුරු දකින මට්ටමට බොහෝ සෙයින් සමාන දසුනක් ලබා ගත හැක. එම දසුන් යොදාගෙන තෙවන විනිසුරුට තීරණ දීමට පහසු වනු ඇත. නමුත් විනිශ්චකයරු දකින දසුනට සමාන දසුනක් පමණක් එය ලබා දේ. උදාහරණයකට විකට්ටුව දෙස බලා සිටිය යුතු මොහොතක ඔහු ඉවත බැලූයේ නම් එම කැප් වීව් කැමරාව ලබා දෙන්නේද එවැනිම දසුනකි. නමුත් එය නොවෙනස්ව තැබීමට නම් එය විනිසුරුගේ ස්ථානයේ සවිකළ හැකි රිටක් හෝ බටයක් විය යුතුය. එවිට පන්දු රකින කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හෝ පන්දුව එහි නොගැටුනහොත් එය පැහැදිලි දසුන් ලබා දේ. නමුත් ඕවරයකට පසු අන්තය මාරු වනවිට එය අනෙක් අන්තයට රැගෙන යාමද සිදු කල යුතුය. අද මෙය ඔබට විහිළුවක් මෙන් පෙනුනද අනාගතයේදී මෙය සිදුවීමට බොහෝ ඉඩකඩ ඇත. 






මෙමගින විනිසුරුවන්ට සපයන පහසුකම් බොහෝ ඇත. ක්‍රීඩාංගණය මැදදී ඇතිවන පීඩනය, ප්‍රේක්ෂකයන්ගේ නාදය මගින් සිදුවන බාදාවල් මගහරවා, සීතල එමෙන්ම පිටත නාදයන් ඇතුලතට නොඑන(Sound Proof) කාමරයක සිට තීරණය ලබා දිය හැක. එවිට බොහෝවිට වඩාත් නිවැරදි තීරණය ලැබෙනු ඇත.

පෙර පැවති ලෙස කිසිදු තාක්ෂණික සහයක් නොමැතිව තරග කෙරෙනවාට කැමති බොහෝ දෙනෙක් ඇත. ඇත්තටම පෙර වාර්තා සියල්ල තාක්ෂණය අවම කාලයක තැබූ ඒවාය. එනිසා එම අද තැබෙන වාර්තාවන් වඩා නිවැරදි සහ අපහසු ඒවා වේ. තාක්ෂණයේ හොඳ පැති මෙන්ම නරක පැතිද බොහොමයක් ඇත. ඕනෑවට වඩා තාක්ෂණික වීමෙන් තරගයේ රිද්මයට බාදා සිදු වන බව බොහෝ දෙනා පිළිගන්නා මතයයි. නමුත් මීළඟ පාපන්දු ලෝක කුසලානයේදී තාක්ෂනය යොදා ගැනීමට FIFA තීරණය කරන්නේ වඩාත් සාධාරණව තරගය සිදුවීමට එය පිටිවහලක් වන බැවිණි.

Saturday, June 8, 2013

2013 චැම්පියන්ස් කුසලානය කාටද ?

1998 වනවිට ලෝක ක්‍රිකට් සමුළුවේ සභාපති ධුරය දැරූ ජග්මොහාන් දල්මියා මහතාගේ අදහසකට අනුව අයි.සී.සී. පිළිමුන් පිටු දැකීමේ තරගාවලිය (ICC Knock-out Tournament) ලෙස ආරම්භ වූ එක්දින ක්‍රිකට් තරගාවලිය අවුරුදු දෙකකට වරක් පවත්වන්නට යෝජනා විනි. එය 2006 දක්වා නොකඩවා ක්‍රියාත්මක වූ අතර 2008 දී සත්කාරකත්වය බාර වූ පාකිස්ථානයේ  ආරක්ෂක  තත්වය නිසා එය අත්හැර දමා 2009 දී එය නැවතත් දකුණු අප්‍රිකාවේදී පණ ලැබීය. මුල සිටම එහි නම වෙනස් කම් වලට ලක් විය. අයි.සී.සී. නොකවුට් ලෙස ආරම්භ වූ එය, පසුව පුංචි ලෝක කුසලානය (Mini World Cup) ලෙසත් 2002 වසරේ සිට   ශුරයන්ගේ කුසලානය(ICC Champions Trophy) ලෙස හඳුන්වනු ලැබීය. කෙසේ වෙතත් මෙම වසරේ පැවැත්වෙන තරගාවලියෙන් මෙය අවසන් වන අතර, මෙයට ආදේශකයක් ලෙස 2017 දී ලෝක ටෙස්ට් ශූරතාව ක්‍රියාත්මක වනු ඇත. 
පින්තුරය ගත්තේ : http://www.wisdenindia.com

මෙම තරගාවලියෙන් මුලිකමව කරුණු දෙකක් ඉෂ්ඨ කර ගන්නට එවකට සභාපති වරයා බලාපොරොත්තු විය. එහිලා අංක එකේ තිබුණේ අයි.සී.සියේ අරමුදල් තර කර ගැනීමයි. ඔවුන්ගේ දෙවන බලාපොරොත්තුව වුයේ ටෙස්ට් ක්‍රීඩා නොකරන රටවල් වල ක්‍රීඩකයන්ට ලෝක කුසලානයක ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නටත්, එම රටවල ප්‍රේක්ෂකයින්ට සජීවී තරග නැරඹීමට අවස්ථාවක් දීම මගින් උනන්දුවක් ඇති කිරීමත්ය. නමුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලි ඇරඹීමත් සමගම එක්දින වලට තිබූ ජනප්‍රියත්වයනේ වැඩි කොටස එම තරගාවලි වලට ලැබිණි. නමුත් අද විස්සයි විස්සේ ඉදිරි අනාගතය අවිනිශ්චිත තැනකට ගෙන ඒමට බුකි කරුවන් සමත් වී ඇත. එය වෙනමම සකච්ඡා කලයුතු බැරෑරුම් මාතෘකාවකි.

මෙවර චැම්පියන්ස් ලෝක කුසලානය පැවැත්වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය වන එංගලන්තයේය. එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනමම හැදෑරිය යුතු විද්‍යාවක් බඳු වේ. ඒ ගැන විචාරය කරන්නට එංගලන්තයෙන් පිට අය බිය දක්වීමම එයට හොඳම උදාහරණයකි. මන්ද එංගලන්ත තණතීරු සහ කාලගුණය එහි පවත්වන තරග වල ප්‍රතිඵල වලට සෘජුවම බලපාන බැවිනි. මගේ විශ්වාසයේ හැටියට මෙවර තරගාවලියේ ජය කාටද යන්න දැන ගැනීමට පහතින් දැක්වෙන දර්ශක ඉතා වැදගත් වේ.  
  1. දේශගුණය
  2. විකට්ටු සහ ක්‍රීඩාංගන
  3. කණ්ඩායම් වල වත්මන් තත්වය
  4. නව නීති රීති
  5. පෙර පුහුණුව
  6. ඉතිහාසය
  7. ශ්‍රේණිගතකිරීම
දේශගුණය

මෙය එංගලන්තයට හොඳින් හිරුරැස් පතිත වන කාලයකි. එහෙත් පසුගිය පුහුණු තරග වලදී ලැබුණු තොරතුරු අනුව, කෙතරම් එළියක් තිබුනද උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20ක ප්‍රමාණයේ පවතියි. මේ කාරණය නිසා ඝර්ම කලාපීය දේශගුණයට හුරු වී තිබෙන ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාවේ සහ පකිස්තානයේ සමහර ක්‍රීඩකයන්ට එම දේශගුණික තත්වයන් තුල සුපුරුදු දක්ෂතා වලට ඒමට නොහැකි වනු ඇත. ඉන්දියාවේ සහ පකිස්තානයේ සමහර ක්‍රීඩකයන් වෙසෙන පෙදෙස් වල සීත දේශගුණය නිසා යම් මට්ටමකට ඔවුන්ට එය දරා ගත හැකි වනු ඇත. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට මෙම දේශගුණයට සමාන දේශගුණික තත්වයන් ඔවුන්ගේ රටවල ඇත. 

මෙම දේශගුණික තත්වයන් බලපාන්නේ ක්‍රීඩකයින්ටම පමණක් නොවේ. කොහොමත් රතු පන්දුවට වඩා වැඩි දෝලනයක සුදු පන්දුවේ දැකිය හැකිය. එනිසා එංගලන්තයේ තිබෙන සීත සහ වලාකුලින් බර කාලගුණික තත්ත්ව වලදී වැඩි දෝලනයක් බලාපොරොත්තු විය හැක. එහෙත් මේ දක්වා පැවැත්වුණු තරග වලදී වැඩි දෝලනයක් පෙන්නුම් කලේ නැත. නමුත් එංගලන්තයේ කාලගුණය වෙනස් වීමට දවස් ගණන් අවශ්‍ය නැත. එහි කාලගුණික වාර්තා පැය කිහිපයෙන් කිහිපය යාවත්කාලීන කරන බව එහි දිගු කාලයක් ජීවත් වන අයගෙන් ලැබෙන තතු සාක්ෂි දරයි. එම නිසා කාලගුණික සහ දේශගුණික සාධකහි වැඩි වාසිය සත්කාරක එංගලන්තයට සහ එම තත්වයට පසුගිය සති කිහිපයේම එහි සංචාරය කරන නවසීලත්නය, එම දේශගුණික තත්වයන්ට හැඩ ගැසීමට පහසු සුදු හම සහිත අනෙකුත් කණ්ඩායම් වලට ලැබෙනු ඇති.

විකට්ටු සහ ක්‍රීඩාංගන

එංගලන්ත විකට්ටු සාමාන්‍යයෙන් වේග පන්දු සහ මදවේග පන්දු යවන්නට උචිත වේ. ඒවායේ දෝලනයත් ඉහල නැගීමත් වැඩි නිසා පිතිකරුවන්ට රිසි සේ පිත්ත හැසිරවීමට කාලයක් නැත. පන්දුව පතිත වනවාට වඩා වේගයකින් ලැබෙන නිසා පිතිකරුවන් වෙනදාට වඩා වේගවත් විය යුතුය. මෙහිදී වඩාත් අසීරුතාවට ලක්වන්නේ ආසියාතික තණතීරු වලට හුරු වී සිටින අපේ ක්‍රීඩකයන්ය. මෙම වේගවත් තත්වයන්ට එංගලන්ත, නවසීලන්ත, ඕස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකානුවන් හුරු වී ඇත. එංගලන්තයේ සමහර ක්‍රීඩාංගන වල ලකුණු හතරක් දිවීමෙන් ලබා ගැනීමට හැකි තරම දුරක හතරේ සීමාව පවතින අතර සමහර පැති වල ඉතා ළඟ පවතී. මේ තත්වයන් වඩා හොඳින් කලමනාකරණය කර ගැනීමට කවුරුන් සමත් වේද යන්න පැවසිය නොහැකිය. එහෙත් කුමන තත්වයක් යටතේ වුවත් හොඳින් ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවට මෙහි වැඩි වාසි ලැබෙන බව මගේ විශ්වාසයයි.

කණ්ඩායම් වල වත්මන් තත්වය

සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතර පවතී ටෙස්ට් සහ එක්දින තරගාවලි චැම්පියන්ස් තරගාවලියේ පුහුණු තරග පැවැත්වෙන අතරතුර අවසන් විය. මේ නිසා එක්දින කණ්ඩායමක් ලෙස එකට එක්වී ක්‍රීඩා කිරීමට අනෙකුත් කණ්ඩායම් වලට වඩා මෙමෙ කණ්ඩායම් දෙකට අවස්ථාව ලැබිණි. මෙහිදී එකට ක්‍රීඩා කිරීම පමණක්ම නොව එකම සමුහයක් ලෙස කාලයක් සිටීමද කණ්ඩායමේ ශක්තියට ඉතා හොඳ බව මා අත්දැකීමෙන් දන්නා කරුණකි. අනෙකුත් බොහෝ කණ්ඩායම් වල ක්‍රීඩකයන් අයි.පී.එල් තරගාවලියේ කොටස්කරුවන් ලෙස එක්කෝ තරග ක්‍රීඩා කල අතර, නැතිනම් බංකු වලට වී නරඹන්නන් ලෙස කාලය ගත කරන ලදී. එනිසා ඔවුන් තමන්ගේ රටවල අනෙකුත් ක්‍රීඩකයන් සමග එකට කටයුතු කිරීම මෙන්ම ඔවුන්ගේ දක්ෂතා ගැන ඇති මතකයද අවදි කර ගත යුතුව ඇත. මේ සඳහා යම් කාලයක් ගත වනු ඇත.


නව නීති රීති

මෑතකදී හඳුන්වා දුන් අන්ත දෙකෙන්ම නව පන්දු භාවිතා කිරීම සහ යාර තිහේ සීමාවේ නව නීතිය නිසා දඟ පන්දු යවන්නන් බහුල ආසියාතික රටවලට කෙලින්ම අපහසුතා ඇති වේ. මෙම එක්දින තරගයක් අවසන් වනවිට පන්දුවක් පරණ වී තිබෙන්නේ ඕවර විසි පහකි. පන්දුව පරණ වන්නට වන්නට වැඩි වාසිය අත් වන්නේ දඟ පන්දු යවන්නන්ටය. අනෙක් කාරණය එහි තද ගතිය සහ සුදු පැහැය අඩු නිසා පිතිකරුවන්ට එයින් අවාසි වනු ඇත. නමුත් නව නීතිය නිසා වේග පන්දු යවන්නන් කෙරේ වැඩි ව්ශ්වාසයක් තබන ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය වැඩි වාසි ගනු ඇත. මෙයින් යම් මට්ටමකට පකිස්තානය සහ බටහිර ඉන්දීය ක්‍රීඩකයන්ද වාසි ලබා ගනු ඇත. මෙයින් පැහැදිලි අවාසිය අත් වන්නේ ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවටය. වැඩි වේග පන්දු යවන්නන් යෙදවීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අවස්ථා අවමය. ඒ ඔවුන් සතුව හොද දඟ පන්දු යවන්නන් දෙදෙනෙකුට වඩා සිටින නිසාය. මෙම කණ්ඩායම් වල තරග සංයුතිය වෙනස් වීමෙන් කණ්ඩායමේ සමතුලිතතාවය පිලිබඳ ගැටළු ඇති වනු ඇත. 

මුරලි ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන කාලයේ පන්දුව අතට ගන්නේ දොළොස් වෙනි පන්දු ඕවරයේ සිටය. ඉතාම කලාතුරකින් ඔහුට ඊට කලින් පන්දු යැවීමට සිදු වුවත් ඔහු එසේ කරන්නේ දැඩි අකමැත්තෙනි. දැන් මුරලි ක්‍රීඩා කළා නම් ඔහුට පන්දු යවන්නට සිදු වන්නේ විසිතුන් වන ඕවරයේ හෝ විසි හතරවන ඕවරේ සිටය. එසේ වූවානම් අපට අත්වන තත්වය පැහැදිලිය. 

පළමු පවර් ප්ලේ තත්වයෙන් පසුවත් යාර තිහෙන් ඔබ්බේ රැඳවිය හැකි ක්‍රීඩකයන් ගණන් හතරක් දක්වා අඩු කිරීමෙන් එහි අවාසියද ආසියාතික කණ්ඩායම් වලට අත් වේ. එමගින් දඟ පන්දු යවන්නන්ට පහර දීමට පිතිකරුවා පොළඹවන තත්වයක් ඇති වේ.  

එමනිසා එම වෙනස් වූ නීති රීතිද වැඩි වේග පන්දුයවන්නන් සිටින සහ යොදවන කණ්ඩායම් වලට ලැබේ. ආසියාතික කණ්ඩායම් වලටද අකමැත්තෙන් වුවද වැඩි වේග සහ මද වේග පන්දු යවන්නන් යොදවා ක්‍රීඩා කිරීමට සිදු වේ. එමගින් දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට දුර්වල පිතිකරුවන්ට ස්ථාවර වීමා කදිම අවස්ථාවක් සලසා ඇත. 

පෙර පුහුණුව

මෙම තරගාවලියට වඩාත් උචිතම පෙර පුහුණුව ලැබුණේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්තයටය. අනෙක් කණ්ඩායම් වල පෙර පුහුණුව බොහෝවිට ලැබුනේ අයි.පී.එල්. තරගාවලිය තුලය. නමුත් එහි දස්කම් දැක්වූවන්ට මෙහි යම් අවාසි සහගත තත්වයක් ඇත. නමුත් එම තරගාවලියේදී ක්‍රීඩා නොකල අයට පහසුවෙන් මෙම තණතීරු වලට හැඩගැසිය හැක. 

ඉතිහාසය 

මේ තරගාවලියේ ඉතිහාසය බැලුවහොත් එය අවුරුදු දෙකෙන් දෙකට කණ්ඩායම් ලබා ගන්නා ස්ථාවරත්වය මත ජයග්‍රාහකයන් තීරණය වන්නක් බව මුලින් පෙනුනද පසුව මෙය කාලීන ලෝක ශූරයන්ගේම තවත් ගොදුරක් බවට පත් වී ඇති බව පෙනේ. 1998 දී මෙය දකුණු අප්‍රිකාවද, 2000 දී නවසීලන්තයද, 2002 දී සමශූරයන් ලෙස ශ්‍රීලංකාව සහ ඉන්දියාවද, 2004 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ද,  2006 සහ 2009 දී එය ඔස්ට්‍රේලියාව විසින්ද දිනාගෙන ඇත. අවසන් තරගයකට ඔස්ට්‍රේලියාව ආ අවස්ථා දෙකේදීම ඔවුන් ජය ගෙන ඇති අතර, නවසීලන්තය එක් දිනුමක් සහ එක අනුශූරතාවක් ලබාගෙන ඇත. බටහිර ඉන්දීය කණ්ඩායම දෙවරක් අනුශූරයන් වී ඇත. ඉන්දියාව සහ එංගලන්තය එක වරක් අනුශූරයන් වී ඇත. 

ශ්‍රේණිගතකිරීම්

කණ්ඩායම් වල වත්මන් තත්වය හොදින්ම විදහාපාන තවත් දර්ශකයක් වන්නේ ශ්‍රේණිගතකිරීමය. මෙම තරගාවලියට පෙර වර්ගීකරණයන්ට අනුව එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ඉහලම සිටින්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාවය. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාව, එංගලන්තය,ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටී. විස්සයි20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ පාකිස්තානය ඉදිරියෙන් සිටී. මා මේ සියලු ශ්‍රේණිගතකිරීම් සැලකිල්ලට ගන්නේ ඒ සියල්ල මගින් කණ්ඩායම් වල එකමුතුව ක්‍රීඩා කිරීමේ හැකියාව මැන ගත හැකි නිසාය. මෙම දර්ශකයන් තුන තුලම ඉන්දියාව මුල් ස්ථාන හතරෙන් එකක සිටී. දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය එක්දින සහ ටෙස්ට් වර්ගීකරණ වල ඉහලින් ඇත. ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කණ්ඩායම් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම වල ඉදිරියෙන් සිටී. 

මෙම ශ්‍රේණිගත කිරීම් දිගුකාලීන ස්ථාවර භාවය සහ මෑතක ස්ථාවර භාවය පිලිබඳ සාක්ෂි සැපයි. ඒ අනුව ඉන්දියාව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම වන අතර, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ඊට පිටුපසින් සිටින අනෙකුත් රටවල්ය.

මෙම සියලු කාරණා සැලකිල්ලට ගත් විට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් කණ්ඩායම් හතර වීමට බොහෝ ඉඩකඩ තිබේ. නමුත් මේ තරගාවලියේ කළු අශ්වයා ලෙස සැලකිය හැකි කණ්ඩායම නවසීලන්තය වේ. සත්කාරක එංගලන්තය සමග එංගලන්තයේදී මෑතකදී නිමාව දුටු එක්දින තරගාවලිය ජය ගැනීමෙන්ම එය තහවුරු වේ. එමනිසා ඔස්ට්‍රේලියාව පරදවා ඒ කාණ්ඩයේ දෙවන කණ්ඩාම නවසීලන්තය වීමට බොහෝ ඉඩකඩ ඇත. එසේ වුවහොත් නවසීලන්තය පෙරළිකාර ලෙස මේ කුසලානයට හිමිකම් කියනු ඇත. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන අනාවැකි පල කිරීම මෝඩ ක්‍රියාවක් බව බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි. ක්‍රිකට් ඒ තරමටම අවිනිශ්චිත ක්‍රීඩාවකි.


පින්තුරය ගත්තේ : www.sportinglife.com
ප.ලි. රාජ්ගේ(සිංහල) ඉල්ලීම ඉටු කර ඇත. 

Monday, May 20, 2013

යලිත් ඉන්දියාව ජය ලැබූ IPL තරගාවලිය

මේ ගෙවී යන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසාන සතියයි. හයවන වරටත් පවත්වනු ලැබූ මෙම තරගාවලිය අවසන් වන්නේ සියලුම අංශ වලින් ඉන්දියාව ජය ගනිනිමිනි. මෙය හුදෙක් රසිකයන් පිනවන තරගාවලියක් ලෙසින් පෙනුනද, මෙමගින් ඉන්දියාව ලෝකයට පෙන්වන විවිධ අංග රාශියක් ඇත. ලලිත් මෝදි නමැති ප්‍රධානියාගේ පටන්  රජීව් ශුක්ලා දක්වා ආ ගමන් මගේදී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මඩි තරවිය. හත්වන වරටත් මෙය පැවැත්විය යුතුදැයි එහි ප්‍රධානියාගේ සිට එය රූපවාහිනියෙන් නරඹන ප්‍රේක්ෂකයාගෙන් ඇසුවහොත්, එක හඬින් "ඔව්" යන පිළිතුර ලබා දෙනු ඇත. 

IPL තරගාවලියෙන් ඉන්දියාව බලාපොරොත්තු වන්නේ මොනවාද ?
  •  ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තුල ඉන්දීයා ආධිපත්‍ය පැතිරවීම.
ඉන්දියාව විස්සයි20 තරග වල පමණක් නොව, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේම තීරණාත්මක සාධකය බවට පත් වී හමාරය. පසුගිය සමයේ විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමය (Umpire Decision Review System) අසාර්ථක කිරීමේලා බලපෑ සාධකය ඉන්දියාව බවට පත් විය. පසුව මෙය ක්‍රීඩා කරන රටවල් දෙකට තීරණය කිරීමට අවස්ථාව ලබා දුන්නේ වෙන කරන්න දෙයක් නොමැති විටය. මෙයට විරුද්ධ වීමට විශේෂ හේතුවක් ඉන්දියාවට නැති වුවද, මෙය හුදෙක් තමන්ගේ බලය පෙන්වීමේ අවස්ථාවක් කරගෙන තිබෙන ආකායරක් පැහැදිලි වේ.
  • ඉන්දියාවේ ආයෝජනය කර ලාභ ලබන බහුජාතික සමාගම් වල ලාභයෙන් වැඩි කොටසක් ඉන්දියාවේම රඳවා ගැනීම 
සුපුරුදු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සහ එක්දින තරගාවලි සහ රංජි කුසලාන පළාත් තරගාවලිය පැවතුනා නම්, ඉන්දීය කණ්ඩායමට ලබා ගත හැක්කේ අනුග්‍රාහකයා කිහිප දෙනෙකුගේ මුදල් පමණි. එයද අයි.සී.සියේ දහසක් සම්බාධක මැදින් ලබා ගත යුතුයි. ලොව සියලුම රටවල් වලට ලැබෙන්නේ මෙම නීතිරීති පද්දති තුල ලබා ගත හැකි අනුග්‍රාහක මුදල්ය. නමුත් විස්සයි විස්ස තරගාවලියයේ කණ්ඩායම් වල විවිධ කොටස් සඳහා අනුග්‍රහය දැක්වීමට මෙකී බහුජාතික සමාගම් වලට ලබා දී ඇත. (පෙප්සි, කොකා කෝලා, නොකියා, වෝඩාෆෝන් ඉන් කිහිපයකි).
ඉන්දියාව ඇත්ත වශයෙන්ම ඕනෑම දෙයක් ප්‍රවර්ධනය සඳහා කදිම ස්ථානයක් බවට පත් වී ඇත්තේ, ඔවුන් මෑතකදී ලබා ගත ආර්ථික දියුණුවත් සමගය. ඔබ ඉන්දීය රුපවාහිනි නාලිකා නරඹනවා නම් ඒවායේ විකාශනය වන වෙළඳ දැන්වීම් මගින් ඒ බව දැන ගත හැක. අනෙක මේ තරගාවලිය තුලම ඉන්දීය දේශීය සන්නම් නාම සම තත්වයේ තබා ගැනීමෙන් ඔවුන්ට ජාතික මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීම් ලබා ගැනීමට අවස්තාවක්ද උදා කර ඇත. 
  • නවක ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තත්වයේ අත්දැකීම් සහ  හොඳ ආර්ථික තත්වයක් ලබා දීම
ඉන්දියාවේ ජනගහනයට අනුවද, එහි පළාත් නියෝජනය අනුවද ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් දහයකට සරිලන ක්‍රීඩකයන් පිරිසක් ඉන්දියාව සතුය.  නමුත් IPL නොපවතුනා නම් ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙන්නේ ක්‍රීඩකයන් 20කට අඩු සංඛ්‍යාවකටය. අද ඒ තත්වය වෙනස්ය. ලොවපුරා සිටින වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් රැසක් පොදි කමින් මේ කණ්ඩායම් වලට ක්‍රීඩා කරති. ඒ වගේම පුහුණු කරුවන්, භෞත චිකිත්සකයන්, විශ්ලේශකයින් විශාල පිරිසකගේ සහය මෙම කණ්ඩායම් වලට ලැබේ. සමහර ජාත්‍යන්තර ක්‍රීඩකයන් ගෙන්වා ගන්නේ ක්‍රීඩා කරවන්නටම නොව ඔවුන් සතු විසේසඥ ඥානය ඉන්දීය ක්‍රීඩකයන්ට ලබා දීමටය(ෂේන් වොන්, මුරලිදරන්, සංගක්කාර, මහේල). IPL පලවන අදියරේදී නවකයන් ලෙස පටන් ගත් සුරේෂ් රයිනා, යුසුප් පතාන්, රෝහිත් ශර්මා අද සිටින තත්වය දෙස බලන්න. සුරේෂ් රයිනා විස්සයි20න පටන් ගෙන ටෙස්ට් දක්වා ක්‍රීඩා කල පළමු ක්‍රීඩකයාය. මෙම වෙන්දේසි ක්‍රමයෙන් ඔවුන්ට ලැබෙන ආර්ථික මට්ටම ගැන අමුතුවෙන් කිව යුතු නැත. නමුත් මුදල් පසුපස යන එකදු ඉන්දීය ක්‍රීඩකයෙක් ඔබට දකින්නට හැකිද ? මුදල් වලට තරග පාවා දීමේ චෝදනාව එක්තරා චිත්‍රපට දර්ශනයක කොටසක් බව මගේ විශ්වාසයයි. මන්ද පසුගිය  තරගාවලිය අග භාගයේද මෙවැනි චෝදනාවන්ට ලක් වූ ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වූ අතර, ගන්නා ලද පියවරක් වාර්තා නොවුනි.
  • ඉන්දීය ක්‍රීඩකයින් හමුවේ ලොව හොඳම ක්‍රීඩකයින් හෑල්ලුවට පත් කිරීම. 
මෙයට හොඳම උදාහරණ සපයන්නේ ශ්‍රී ලංකාවෙන් එහි කණ්ඩායම් නායකත්ව සපයන්නට යැවූ සංගක්කාර, මැතිව්ස් හා ක්‍රීඩකයන් වූ දිල්ශාන්, අජන්ත මෙන්ඩිස්ය. ඔවුන් පැත්තකට තැබුවේ ලකුණු හෝ කඩුලු අතරට නොපැමිණීම පදනම් කරගෙනද? මෙම තරගාවලියට ක්‍රීඩා කල බොහෝ ඉන්දීය පැරණි ක්‍රීඩකයන් ලකුණු අතරට ආවේ නැත. එහෙත් ඔවුන් එම කණ්ඩායම් වල සිටින අනෙකුත් ඉන්දීය ක්‍රීඩකයන්ට අවස්ථා දුන්නේ නැත. මේ අතරින් ඔවුන් ශ්‍රී ලංකාවට දක්වන කුඩම්මාගේ සැලකිල්ලද දකින්නට ලැබේ. නමුත් මුළු IPL ජවනිකා වලම විකුණන චරිතයක් වන මාලිංගට මේ ගැටලුව අදාළ වුයේ නැත. මේ අතින් කුමන කාරණාවකට හෝ චන්දිමාල් ගත් තීරණය හරි යයි අපට හැගේ. මෙහිදී ඉන්දීය නිවේදකයන් ඇතුළුව බොහෝ දෙනා දෝනිව මහා චරිතයක් කරන්නට ගන්නා උත්සාහය පැහැදිලිව පෙනේ. ඊට අමතරව විරාට් කොහොලිවද මීළඟ ඉන්දීය නායකත්වයට ගොඩ නගන අයුරක් පෙනේ. 
පින්තුරය ගත්තේ : http://timesofindia.indiatimes.com
  •  අනාගත ආයෝජන 
මේ සියල්ලටම වඩා ඔවුන් ලැබූ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් කළහැකි ආයෝජන වශයෙන් ගත හැකි ක්‍රීඩකයින් කිහිපයක්ම සොයා ගැනීමයි.  හනුමා විහාරි, වොහාරා, මන්දීප් සිං, සන්දීප් ශර්මා , සංජු සැම්සන්, කරන් මේ අතුරුන් ඉදිරියෙන්ම තිබෙන නම් කිහිපයයි. මෙවැනි නවකයන් ඉදිරීයේම ජාත්‍යන්තර තරු පුටුවල හිඳුවා තබීමෙන්ම ඔවුන්ට ඒ ක්‍රීඩකයන් ගැන තිබෙන භිය තුරන් වනු ඇත. 
  • කණ්ඩායම් වල හිමිකාරත්වය
කණ්ඩායම් වල හිමිකාරත්වය ඔවුන් ලබා දී ඇත්තේ ඉන්දීය කෝටිපතියන් කිහිප දෙනෙකුටය. අම්බානි, විජේ මාලියා, ෂාරුක් ඛාන්, ශිල්පා ශෙට්ටි, ප්‍රීටි සින්ටා හොඳම උදාහරණය. නැතිනම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ය. ඒවා පිටස්තර රටවලට හෝ තරගාවලියට මුදල් යොදවන සමාගම වලට මිලදී ගත නොහැකිද ? 
  • අනෙක් රටවල විස්සයි20 ප්‍රීමියර් තරගාවලි අඩාල කිරීමට කටයුතු කිරීම
කලාප බලවතා ලෙස ඔවුන් මේවා කලද, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හෝ පකිස්තානයට මේවා කල නොහැක යන මතයේ සිට ක්‍රියා කිරීම. උදාහරණයකට ඔවුන්ගේ ක්‍රීඩකයින් සහභාගී නොකරවීම. බටහිර ඉන්දීය ක්‍රීඩකයන්ට ඔවුන්ගේ රටවල කණ්ඩායම  අතහැර චැම්පියන්ස් තරගාවලියේදී  ඉන්දීය කණ්ඩායම නියෝජනයට බල කිරීම. 
ප්‍රීමියර් ලීග් විස්සයි20 තරගාවලි පැවැත්වීමේදී ඉන්දියාව අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන් තුල තිබෙන සංවිධාන ශක්තියක් නිසාවත්, ඔවුන් සතු ක්‍රීඩක සංචිතය නිසාවත් නොවන බව මගේ විශ්වාසයයි. නමුත් ඉන්දියාව වැඩිම සමත්කම් දක්වන ක්ෂේත්‍ර කිහිපයක් මේ තරගාවලි රසවත් කරන්නට දායක වන නිසා මෙසේ IPL සාර්ථක වන බව මගේ මතයයි. ඉන්දියාව චිත්‍රපට නිපදවීමෙන් කප් ගසා තිබෙන රටකි. එමෙන්ම රුපවාහිනි මෙගා සීරීස් වලින්ද කප් ගසා ඇත. මීට අමතරව අලංකරණය සහ නැටුම් වලටද දක්ෂතා දක්වන රටකි. ඉතිං මෙම තරගාවලියක සියලු දේ රුපවාහිනි විකාශනයකට අවශ්‍ය අන්දමට තීරණය වන යුගයක ඔවුන් මෙවන් සමත්කමක් දැක්වීම පුදුමයට කරුණක් නොවේ. මේ ලිපියෙන් මා මතු කරන්නට උත්සාහ කරන කරුණ මෙය නොවේ. 

විස්සයි20 ක්‍රීඩාවේ අනාගතය ගැන අනාවැකියක් කියන්නට මා සුදානම්ය. හත්වන සහ අටවන IPL තරගාවලිය වනවිට මෙය ලෝකයේ සියලුම දෙනා තේරුම ගනු ඇත. ඔබ චන්ද්‍රිකා මගින් ලබා දෙන රුපවාහිනී නාලිකා නරඹනවා නම්, රෙස්ලින් නමැති පසුගිය දශකයේ සිට ජනප්‍රිය වීගෙන එන රුපවාහිනි වැඩසටහන් ගැන දැනුමක් තිබිය යුතුය. එය දවස් දෙකක් නැරඹුවහොත් කුඩු කෑවා මෙන් දිගටම නරඹන්නට ඇබ්බැහි වනු අප සමාජෙයේ සුලබව දකින දෙයකි. ඒ අන්දමින්ම හින්දි හෝ දෙමල චිත්‍රපට හෝ මෙගා සීරීස් නරඹන්නට ගතහොත් ඒවාද කුඩු කෑවා මෙන් ඇබ්බැහි වන්නට ගත වන්නේ දින කිහිපයකි. ඉදිරියේදී ප්‍රේක්ෂකයා නොමග යවන, එහෙත් ප්‍රේක්ෂකයාට අවශ්‍ය පරිදි මේවා පිටපතකට අනුව කෙරෙන තරග බවට පත් වනු ඇත. පහුගිය IPL තරග බලා සිටි විට ඒවා හොඳින්ම පැහැදිලි වේ. තවත් කලක් යන විට මේවයේ පිටපත් රචකයන්ට වෙනමම රැකියා අවස්ථා හිමි වන යුගයක් ඇති වනු ඇත. තරග ආරම්භයේ කල යුතු කථාවේ සිට අහවල් ඕවරයේ අහවල් පන්දුවේදී සිදු විය යුතු දේද මේ පිටපත් වල අඩංගු වනු ඇත. මේවාට ක්‍රීඩකයින් අතර ඇතිවන ට්විටර් වැනි සමාජ ජාලා පනිවුඩද උපයෝගී කර ගනු ඇත. මේ සඳහා සරල උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ 
පින්තුරය ගත්තේ : sports.ndtv.com
  • ෂේන් වොට්සන් සහ පොලාර්ඩ් අතර ඇති වන වචන හුවමාරුව, පසුව වොට්සන් දවා ගැනීමට උඩපන්දුව රැකගෙන පොලාර්ඩ් කරන රංගනය, හතරේ සීමාවේ සිට කරන උසුළු විසුළු.
  • අද සංරයිසස් හා කොල්කටා අතර තරගයට පෙර ස්ටේන් යැව්වා යයි පවසන ට්විටර් පණිවුඩයකින් කියවුනේ "අද දිනයේ මගේ ප්‍රධාන සතුරා ජාක් කලීස් " බවයි. ඊට පිළිතුරු දෙන කලීස් යවන පණිවුඩයේ සටහන් වන්නේ "අද දින රාත්‍රියේදී බාර් එකේ හමුවන මිතු-හතුරා(frenemy) ස්ටේන්" බවයි. 
  • අපූරුවට අද දින තරගය ජයගෙන එන සංරයිසස් කණ්ඩායමේ කඩුලු අනපේක්ෂිත ලෙස දැවී යාම. විශේෂයෙන්ම වයිට්ගේ දුවද්දී දැවී යාම. 
පින්තුරය ගත්තේ : www.facebook.com
පින්තුරය ගත්තේ : http://iplt20.com

පින්තුරය ගත්තේ : kannadigaworld.com
  • ලොව විශිෂ්ටතම විනිසුරු ලෙස දිගු කලක් රැදී සිටි සයිමන් ටවුෆල් මහතා විස්තර විචාරකයෙක් ලෙස තරගාවලිය අතරතුර සහභාගී වීම. ප්‍රේක්ෂකයන්ගේ ට්විටර් පණිවුඩ වලට පිළිතුරු සැපයීම. 

අනාගතයේදී මේවා වඩ-වඩාත් තීව්‍ර ලෙස දකින්නට හැකි වනු ඇත. වඩා හොඳ පිටපත් ලියන රචකයන්ට ඉහල දීමනා ලබා ගත හැකි වනු ඇත. 



Thursday, April 4, 2013

බොරු නැත්තෙමය මහතුන් පැවසු තෙපුල ... III

එක්තරා ගොළු මනුස්සයකුගෙන් එයාගේ යාලුවෙක්(කථා කරන්න පුළුවන්) දැනට අවුරුදු දහයකට විතර කලින් අහලා තියෙනවා එයා කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා. එතකොට ඒ ගොළු මනුස්සයා හස්ත මුද්‍රාවෙන් කියාලා තියෙනවා මාවන් අතපත්තු කියලා. කොහොමද කිව්වේ ? ඔන්න උත්තරේ හොයන්න ඔයාලට බාරයි.

ඔබ දන්නවා නේ මම මේ දවස් වල ඉන්නේ කොහේද කියලා ? ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ඔය ලෝක ප්‍රසිද්ධ මාධ්‍යවීදීන් වාඩි වෙලා වැඩ කරන පුටු මේස පරිහරණය කරන්න ඔයාලත් එක්ක බ්ලොග් ලියන මේ සුදීකටත් චෑන්ස් එක ලැබුනා. ඒ තනිකරම බ්ලොග් ලිවිල්ල නිසා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ථමාන සහ හිටපු ක්‍රීඩකයන් වගේම ජාත්‍යන්තර ක්‍රීඩකයන් බොහොමයක් සමග ඇසුරු කරන්න ලැබෙනවා. ඉතිං මම වගේ ක්‍රිකට් අසනීපයකින් ඉන්න කෙනෙකුට ඒක මොන වගේද කියලා කියන්න වචන නාස්ති කලොත් අපරාධයක්. අද ඉන්දියාවත් ඔස්ට්‍රේලියාවත් අතර තිබ්බ ක්‍රිකට් තරගයේ වීරයා වෙච්ච ජාස්කරන් සිං වෙත කුසලානා ලබා දුන්නේ, ලංකාවෙන් බිහි වෙච්ච අග්‍රගණ්‍ය පිතිකරුවෙක් ලෙස ලෝක ක්‍රිකට් ප්‍රජාව පිලි ගන්න මාවන් අතපත්තු මහතාගේ අතින්. එහෙම කෙනෙක් ආපු ගමන් නදීර උඩවත්ත මගේ සහෘද්ධයා මගෙන් අහනවා ඉන්ටර්වීව් එකක් ගන්නවද කියලා. මම තවම එපා කිව්වේ එකම එකයි.

ඉතිං මාවන් එක්ක කථා කරන්න ලැබෙන එකේ වටිනාකම මේ මාතෘකාවෙන්ම කියල තියෙනවා. ඔන්න එහෙනම් මාවන් එක්ක කරපු සම්මුඛ සාකච්චාව කියවන්න



මට දැනගන්න පුලුවන්ද එක දිගට ටෙස්ට් ඉනිම හයකම ෆේල් වෙලා, ඉන් පස්සේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන හැම රටකටම එරෙහිව ටෙස්ට් ශතකය ගානේ වාර්තා කරන්න ආත්ම ශක්තිය හදා ගත්තේ කොහොමද කියලා ?
මං හිතන්නේ අත්දැකීමුත් එක්ක ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරලා, මං ඉස්සෙල්ලම පාසලෙන් ආපු ගමන් තමයි ජාතික කණ්ඩායම නියෝජනය කෙරුවේ. ඒ එනකොට තිබුණු අත්දැකීමුයි මම තරග වාර කීපයක් ක්‍රීඩා සමාජයට, එස්.එස්.සී.  ක්‍රීඩා සමාජයට තරග කරයින් පස්සේ තිබුණු අත්දැකීම් අතර ලොකු වෙනසක් තිබුණා. ඉතිං මං හිතනවා ඒ අත්දැකීම් තමයි මට පිටුවහලක් වුණේ ඊට පස්සේ ලකුණු රැස් කරන්න. 
 

සාජා වලදී පලවෙනි එක්දින ශතකයට යන්න මම දැක්ක අරවින්දත්  බොහොම ලොකු සටනක යෙදිලා තමයි ඒ ශතකයට ගියේ. ඒක මොන වගේ අත්දැකීමක්ද මුලින්ම ශතකයක් ලබනකොට ?
මුලින්ම ශතකයක් ලබනකොට මම හිතන්නේ මොන ෆොර්මැට් එකේ වුනත් පලවෙනි ශතකය හරිම අමාරුයි ලබා ගන්න. ශතක ලබාගන්න ක්‍රමය පිතිකරුවෙක් වශයෙන් මම දන්නැති හින්දා. හැබැයි එක ශතකයක් ලබා ගත්තට පස්සේ, ඊට පස්සේ ශතක ලබන විදිය, ලකුණු ලබා ගන්නා ආකාරය, ඒ ක්‍රමය තමන් දන්නා හින්ද ටිකක් ලේසි වෙනවා. ලබා ගැනීම ලොකු සතුට ඒ වගේම ලොකු අත්දැකීමක්. ඊට පස්සේ තමන් රස කරන ලකුණුත් එක්ක සංසන්දනය කරලා බලද්දී පලවෙනි එක තමයි අමාරුම ශතකය.
 

එතකොට 200යේ, මම බලාපොරොත්තු වුණේ 200යේ රෙකොර්ඩ් එකත් දෙවෙනියටවත් නතර වෙයි කියල. ඒ ගැන මොකද හිතෙන්නේ ?

එක අවස්තාවක ඇත්ත වශයෙන්ම මටත් එහෙම හිතුණා. මොකද මට හිතුණා, මට ලකුණු දහයක් ගහනවට වඩා දෙසීයක් ගහන එක ලේසියි කියලා. අර මං ඉස්සෙල්ල කිව්වා වගේ අර මේ පුරුද්දකට ගියාම මම දන්නවා කොහොමද ගහන්න ඕනේ, කොච්චර වෙගේකින්ද? , ටෙස්ට් මැච් එකේ කොයි අවස්ථාවෙද ලකුණු රැස් කරන්න ඕනේ, කොයි වෙලාවෙද කියන එක මගේ අර ඇඟට - සිස්ටම් එකට එනවා. මටත් හිතුනා ඇත්තටම එහෙම. හැබැයි ඉතිං අවාසනාවකට වගේ, ඒ තත්වය ... මට දෙක - තුනක් මිස් වුණා. මට හිතෙනවා මට දහයක් නම් ගහන්න තිබ්බ කියලා කොහොමටත්. ඒ අවස්තාව, මට හිතෙනවා ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවය වෙන්න ඇති ඒ තත්වය මට උදා කර ගන්න බැරි වුණේ. 


දැන් පුහුණුකරුවකුගේ භූමිකාව විදියට කොහොමද? පුහුණුකරුවෙක් අනිත් ක්‍රීඩකයන්ව දිරිමත් කරනවා වගේ  දේවල් කරන්නේ

ඔව්. මං හිතන්නේ මං දැනට මගේ කාර්යභාරය වෙලා තියෙන්නේ ජාතික කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු වශයෙනුත් උප පුහුණුකරු වශයෙනුත් මගේ කාර්යභාරය වෙලා තියෙන්නේ දැන් ඉන්න ක්‍රීඩකයන්ට. දැන් ඉන්න පිතිකරුවන්ට විශේෂයෙන්ම එගොලන්ට එග්ලොලන්ගේ හැකියාව අනුව ඒගොල්ලන්ගේ හැකියාවන් තව දියුණු කර ගන්න අදහස් මම යෝජනා කිරීමක් සෑහෙන දුරට කෙන්රෙන්නේ මොකද ඒ වගේ  ස්ථාන දුරකදී මට ක්රීදයෙක්ගේ තාක්ෂණික මට්ටම හදන්නවත්, එහෙමෙ ටිකක් අමාරුයි, ඒගොල්ලන්ගේ මානසික මට්ටමයි, එගලොල්ලන්ගේ හැකියාවන් එක්ක තව ඒගොල්ලන්ට කරන්න  පුළුවන් දේවල තව ඒගොල්ලන් දැකපු නැති පැති යෝජනා කිරීමක් තමයි මම සෑහෙන දුරට කරන්න බලන්නේ. ඉතිං ඒ යෝජනවල් හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුලුවන්, හොඳ ඒවා ගන්න පුළුවන්, නරක ඒවා යන්න දෙන්න පුළුවන්. මොකද මේ ලෙවල් ඒකේ, ඒ තත්වයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍පිතිකරුවන්ට ඒක තමයි වෙන්න ඕනේ. හරි අමාරුයි තාක්ෂණික වශයෙන් හදන්න හරි අමාරුයි.
ටෙස්ට් තරගයකදී ලකුණු 200ක් ගහන්න වැඩියෙන්ම ඔන්න වෙන්නේ තාක්ෂණයද නැත්නම් ප්‍රවේගකාරී බවද ?


මං හිතන්නේ තාක්ෂනය තමන්ට ශක්තියක් වෙනවා. තමන් දන්නවනම්, දැන් අපි කියමු නිදසුනක් විදියට අපිට තට්ටු තිහක බිල්ඩිමක් ගහන්න ඕන වුනහම අපට බිල්ඩිම ගහන්න පටන් ගන්න පුළුවන් ඔක්කොම තියෙන සල්ලිත් එක්ක, ගහගෙන යන්න පුළුවන්. හැබැයි අපිට ඔය ෆවුන්ඩේෂන් එක ශක්තිමත් නැත්නම්, ඔය කියන තට්ටු ගාන, තට්ටු තිහ වෙන්න පුළුවන්, හතලිහ වෙන්න පුළුවන් අපට ගහ ගන්න අමාරුයි. ඉතිං අපට තාක්ෂනය කියන එක අපට, තාක්ෂනය පිලිබඳ අපේ ශක්තියක්, ඒක පිලිබඳ අපේ විශ්වාසයක් තියෙනවා නම්, ඒ ලකුණු රැස් කිරීම පිලිබඳ අපිට ගැටළුවක් මතුවෙනවා අඩුයි, මොකද අපිට ඒ තාක්ෂනය තියෙන බව මං දන්න හන්දා. තාක්ෂනය නැත්නම් මට ඒ තාක්ෂනය ගැන හිතන්නත් වෙනවා ලකුණු රැස් කිරීම ගැන හිතන්නත් වෙනවා. ඉතිං තාක්ෂණයේ තියෙන වටිනාකම ඒකයි. 
 මාවන් එක්ක තවත් බොහෝ දේ කථා කරන්න තිබුණත්, කාලය හරස් වීම නිසා ඉතා කෙටියෙන් එම සාකඡ්චාව හමාර කරන්න සිදු වුණා. 

Tuesday, April 2, 2013

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ මහමොලකරු සමග දොඩමළුව

බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාව ඔබට අලුතෙන් හඳුන්වා දීමට අවශ්‍යද ? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ගහට පොත්ත සේ සබඳතාවක් ඇති පුද්ගලයෙක් වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා මුල්ම ටෙස්ට් තරගයේ සිට මේ දක්වා කුමන හෝ අයුරකින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා සම්බන්ධ වී ඇත. විටෙක කණ්ඩායම් කළමනාකරුවකු  වන ඔහු තවත් විටෙක පුහුණු කරුවකු වෙයි. මේ සියල්ලටම වඩා අප අගය කල යුතු දේ වන්නේ ඔහුගේ නිහතමානීත්වයයි. ඕනෑම කෙනෙකු සමඟ සිනා මුසු මුහුණින් කතාබස් කරන ඔහු වැන්නන් රටටම ආදර්ශයකි. 

සුදීකට අද සන්ධ්‍යාවේ රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු හමු විය. තරගාවලි අධ්‍යක්ෂ වරයා වශයෙන් ඔහු වඩාත් කාර්ය බහුල මොහොතක ඉතාම තැන්පත් ස්වභාවයකින් කතාබස් කිරීම එතුමාගේ වෘත්තීය දක්ෂතාව මොනවට විදහා දක්වයි. ඇවිද්ද පය කියවන ඔබ වෙනුවෙන් මා එතුමාගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා


 දැන් ඔබතුමා මේ තරගාවලියේ අධ්‍යක්ෂවරයා, මීට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවකු වශයෙන් ඔබ සේවය කර තිබෙනවා ඒ කළමනාකරණ අත්දැකීම කොහොමද ඩිරෙක්ටර් විදියට, වගකීම ?

 ඇත්තටම ජාතික කණ්ඩායමේ කළමනාකරු වුනහම ඉතාමත් දැඩි වගකීමක් තිබෙනවා. ඉතිං ක්‍රීඩකයන් පාලනය කරන්නේ කෙසේද ? ක්‍රීඩකයන් සමග කොහොමද ඔවුන්ගේ හැසිරීම් රටාව මොකක්ද ? ඔවුන්ගේ අවශ්‍යතාවයන් මොකක්ද ? ඒ තියෙන සෑම දෙයක් ගැනම සෑහෙන අවුබෝධයක් තියෙනවා. මං හිතන්නේ ඒ අවුබෝධය ඉතාම උදව් වෙනවා මේ වගේ තරගාවලියක් සංවිධානය කරනකොට. ඉතිං ඒ අවශ්‍ය හැම දෙයක් ගැනම හොඳින් බලල ඉවර වෙලා ඒවට සම්බන්ධ වෙන්නට හැකියාවක් ලැබෙනවා. ඉතිං මං හිතනවා ඒ ආභාෂය ගොඩාක් ප්‍රයෝජනවත් වුනා කියලා. 
 මේ ටුනමන්ට් එකේ මොනවද විශේෂ, ඒ කියන්නේ, අලුතෙන් දෙයක්, මං හිතන්නේ ජාතික කණ්ඩායමේ කරනවට වඩා මේක මට තේරෙන විදියට නම් වගකීම වැඩියි. තනිකර ඔබ තුමා අතට තමයි ඔක්කොම වගකීම් ටික ලැබෙන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන්  
 ඔව්. ඇත්තටම ජාතික කණ්ඩායමේ ලංකාවට කරනකොට ඉතාමත් සුළු කොටසක තමයි වගකීම ලැබෙන්නේ. නමුත් මෙතන මුළු තරගාවලියේම සෑම අංගයක් කෙරෙහිම වගකීම මා වෙත තමයි පැවරිලා තියෙන්නේ. ඉතිං ඔබ කිව්වා හරි,  ඉතාමත් විශාල වගකීම් සම්බාරයක් පැවරිලා තියෙනවා. ඉතිං එය තමයි පළපුරුද්දත් සමගම, ඒ කියන්නේ කරන්නට හැකියාව ලැබීම මම හිතනවා ඉතාමත් සන්තෝෂයට කාරණයක්. ගිය වසරේත් කණ්ඩායම් තුනක් සහභාගී වුණා. ඒ කණ්ඩායම තුනත් සමග වර්ෂාවෙන් ඉතාමත් බාධාවක්  ඇති වුනා ගිය වසරේ. නමුත් කෙසේ හෝ ගිය වසරේ තරගාවලිය සම්බන්දීකරණය කර ගන්න හැකි වුණා. ඉතිං මේ වසරේ බලාපොරොත්තු වෙනවා වර්ෂාවෙන් බාධාවක්  ඇති නොවෙයි කියලා. ඉතිං එහෙම වුනත් ඒවටත් අපි ඉතාමත් සුදානමින් තමයි ඉන්නේ.  කොයි අන්දමේ බාධාවක් ඇති වුනත්, එය හොඳින් කරන්නට අපිට හැකියාවක් ලැබෙයි කියලා මා හිතනවා. 
දැන් මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රිලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ අයි.සී.සී. එකේ අනුග්‍රය හෝ ඒගොල්ලන්ගේ අනුදැනුම මතද මේක සිද්ධ වෙන්නේ ? 

 ඇත්තටම අයි.සී.සී. එකේ අනුදැනුමක් මේ තරගාවලියට නෑ. මේ තරගාවලිය ඇත්තටම රෙඩ්බුල් ඉවෙන්ට් එකක් විදියට ඔවුන්ගේ කම්පනියේ සම්පූර්ණයෙන්ම මේ වියදම් දරාගෙන පැවැත්වෙන තරගාවලියක්. ශ්‍රී ලංකා ක්‍රිකට් අපිට ඇත්තටම උදව් වෙලා තියෙනවා ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අපිට ලබා දීම දිවා-රාත්‍රී තරග වලට. ඉතිං මං හිතනවා උපාලි ධර්මදාස මහත්මයත්, නිශාන්ත රණතුංග මහත්මයත් ඉතාමත්ම උවමනාවෙන් අපිට මේ ක්‍රීඩාංගණය ලබා ගැනීමට අවශ්‍ය වෙච්ච් වෙලාවේදී උදව් කරා. මට මතකයි ගිය වසරේදීත් අපට අවශ්‍ය වෙච්ච වෙලාවේදී කවර, ඒ වගේම සුපර්-සොපර් ලබා දුන්නා ඒ තරගාවලිය පවත්වන්න. ඉතිං එහෙම සහයෝගයක් ලබා දුන්නැත්නම් ඒ තරගාවලිය කවදාවත් හිතපු තරම් උසස් තත්වයෙන් පවත්වා ගන්නට ලැබෙන්නෑ. ඉතිං මං හිතන්නේ මං ඔවුන්ට ඉතාමත් ස්තුති වන්ත වෙන්න ඕනේ මේ තරගාවලියට සහයෝගය දක්වලා මේ ආකාරයෙන් පවත්වාගැනීමට උදව් කිරීම ගැන.  

ඔබගේ මේ පත්වීම දෙවෙනි වරට, ඔවුන් ඔබ ගැන විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඔබ හිතන විදියට මොකක්ද මේකේ රහස ?

ඇත්තටම ගිය වසරේ තරගාවලියේදී යම්කිසි කෙනෙක් ඇවිල්ල පලවෙනි දවසේ ක්‍රීඩා පිටිය දිහා බැලුවනම්, සී.සී.සී. ක්‍රීඩාංගනයේ තමයි පහුගිය වෙලාවේදී පැවැත්වුනේ. ඉතිං අපි සී.සී.සී. ක්‍රීඩාංගණය තෝරා ගත්තේ මහජනයාට ඇත්තටම ලේසියෙන් එන්න පුළුවන්, කොළඹ හත නගරයේ කේන්ද්‍රස්ථානයක තිබුණේ. ඒක් හින්දා අපට හිතුනා එතන පහසු හොඳ තැනක් කියලා නමුත් අවාසනාවන්ත විදියට වැස්සෙන් ඉතාමත්ම බාධා ඇති වුණා. නමුත් අපිට පුළුවන් වුණා ඒ තරගාවලිය වතුර අයින් කරලා, අපි ඇත්තටම මෝටර් දම්මලා වතුර පොම්ප කරලා ඉවර වෙලා තමයි අපි ඒ මැච් එක සෙල්ලම් කරන තත්වයටගියේ. ඉතිං මං හිතනවා ඒ විශ්වාසය තමයි ගොඩක් වෙලාවට රෙඩ්බුල් ආයතනයට තියෙන්නේ. ඕනෑම අවස්ථාවකට මුහුණ දීලා, ඒ තරගාවලිය හොඳින් පවත්වන්නට අවශ්‍ය සෑම අංගයක්ම මං ගාව තිබෙනවා කියන එක තමයි ඔවුන්ගේ විශ්වාසය. 
මං මේක හැම කෙනාගෙන්ම අහන ප්‍රශ්නයක්, ක්‍රිකට් ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙක එකට ගෙනියන එකේ සාර්ථකත්වය ලබන්න පුලුවන්ද ? අපි ශ්‍රී ලංකාවේ දකින්නෑ එහෙම සාර්ථක වුණ අය බොහොම කලාතුරකින්. නමුත් වින්ටර්/සමර් සීසන්ස් තියෙන අය මේක සමබර කර ගන්නවා. 
ඇත්තටම මම හිතනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්නට කාලයක් නැති කම මම හිතන්නේ මේකට බලපානවැයි කියලා මම හිතනවා. නමුත් මම දකින විදියට මේ දෙක එකට කර ගැනීමට  ගොඩක් වෙලාවට බැරි වෙනවා. එහෙත් පුළුවන් වෙන්නට අවශ්‍යයි. අපි දකිනවා ජෙහාන් මුබාරක්, කුමාර් සංගක්කාර, හේමන්ත බොතේජු ක්‍රීඩකයන් යුනිවර්සිටි මට්ටමට ගියා. ඒ වගේම ගොඩක් හොඳින් උසස් පෙළ සාර්ථක වෙච්ච ක්‍රීඩකයන් ගොඩක් සිටිනවා. ඉතිං මං උනත් උසස් පෙලට ක්‍රෙඩිට් හතරක් ලැබුවා. ඉතිං අපිට හැකියාව තිබුණා ඒ දෙක සමබරව පවත්වාගෙන යන්නට. ඉතිං බැහැයි කියලා දෙයක් නෑ. මා දන්නවා ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා පාසල් පළමු පෙලට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ලංකාවේ යුනිවසිටි වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ. ඉතිං මං හිතනවා ඒ දෙක සමබරව පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා තමන්ට උවමනාවක් තිබෙනවානම්.  

Monday, April 1, 2013

හෙටින් ඇරඹෙන ලෝක කැම්පස් විස්සයි20 ශුරතාව

ඊයේ සන්ද්‍යාවේ ගල්කිස්ස මුහුදු වෙරළේ පැවති අති උත්කර්ෂවත්  හඳුන්වාදීමේ සාදයත්  සමග ඇරඹෙන ලෝක කැම්පස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා සියළු කටයුතු සුදානම් බව එහි තරගාවලි අධ්‍යක්ෂ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඊයේ ගල්කිස්ස මුහුදු වෙරළට එක්වූ ලෝකයේ රටවල් හයක ශුරතා දිනාගත් කණ්ඩායම් සමග එක්ව පැවතී මාධ්‍ය හමුව සහ කාණ්ඩ දෙකකට කණ්ඩායම් වෙන් කිරීමේ මුලික පියවර සමග බොහෝ දෙනා ඉතා සුහදව අදහස් හුවමාරු කර ගත්තේ හෙට සිට එකිනෙකා පරයා නැගී සිටින්නට සිටින කණ්ඩායම් බව අමතක කරමිනි. ලෝකය එක යායක් බව මොනවට පසක් කල මේ හඳුනා ගැනීමේ උළෙල මා සහභාගී වූ හොඳම උළෙල බව කිසිදු චකිතයකින් තොරව පවසමි. 

ගල්කිස්ස සුන්දර වෙරල තීරයේ වැලි තලාව මත කුඩා ක්‍රිකට් ක්‍රීඩාංගණයක අසිරිය ගෙන තිබුන අතර අවසානය වන තෙක් සිදු වන්නට යන්නේ කුමක්ද යන්න කිසිවකුට නිසි වැටහීමක් නොතිබිණි. ගල්කිස්ස  වෙරලට ඊයේ සන්ද්‍යාවේ එක් වූ මහජනතාව ඉතා විමතියෙන් බලා සිටියේ සිදු වන්නට යන්නේ කුමක්ද කියාය. ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය නියෝජනය කරමින් එක් වූ සුදීක, මෝරා ස්පිරිට්(මොරටුව සරසවිය) සහ කොළඹ සරසවියේ මාධ්‍ය කණ්ඩායම් වල අයටද මෙය විමතියට කරුණක් විය. ගල්කිස්ස වෙරල තීරයේ ඇති ගෝල්ඩන් මයිල් අවන්හල ලෝකයේ රටවල් හයක තාරුණ්‍යයෙන් පිරී ඉතිරී ගිය ඒ මොහොත වචනයෙන් විස්තර කල නොහැකි තරමේ සොඳුරු අත්දැකීමක් වුණා. 

හවස 5.00 වත්දී මුලින්ම එහි ලඟා වුනේ එංගලන්ත කණ්ඩායම. ඔවුන් දුටු විට අපට හිතුනේ සරසවි යන තරුණ ගැටව් ටිකක් නොව ජාතික කණ්ඩායමේ සිටින තරම්ම හැඩි දැඩි කණ්ඩායමක් බවය. එහෙත් ඔවුන් ඉතා ඉක්මනින් එහි සිටි අප හා කුළුපග වුණා. සියළු දෙනා ඉතා කැමැත්තෙන් අප වෙත අදහස් දක්වන්නට ඉදිරිපත් වුණා. 

ඉන් අනතුරුව අසල්වැසි ඉන්දීය කණ්ඩායම එහි ලඟා වුණා. ඉන්දියාව වෙනුවෙන් මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ උතුරු ඉන්දීය අනුබද්ධ විශ්ව විද්‍යාලයක්(College) වන චන්දිගාර්හී ඩී.ඒ.වී. සී. ය. මෙම විද්‍යාතනය නියෝජනය කල ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන යුවරාජ් සිං විස්සයි20 ක්‍රිකට් වලදී අමතක කල නොහැකි චරිතයක්. 

කහකුරුල්ලන් පැමිණියේ ඉන් අනතුරුවයි. මෙම තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අඩුම උස ඇති කෙනා අඩි 5 යි අඟල් 10 ක් උසයි. ඔවුන්ගේ කණ්ඩායමේ විශේෂත්වය වන්නේ එයට නායකත්වය දෙන්නේ ඉන්දියානු ජාතිකයෙක් වීමයි. ඔහු බැන්ගලුරු වැසියෙක්. එම ස්ථානයට පැමිණි වඩාත් නිහතමානී කණ්ඩායම ඔසියන් යයි බය නැතිව පැවසිය හැක. 



කවුරුත් නොසිතු මොහතක එහි පැමිණි පකිස්තානු කණ්ඩායම ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත කණ්ඩායම් තුනෙන් එකක්. ඔවුන්ගේ කණ්ඩායම සමග විශේෂිත පුද්ගයකෙක් පැමිණ සිටියා. ඒ පකිස්ථානු කණ්ඩායමට නායකත්වය දුන් සහ දිගු කලක් එහි කඩුලු රකින අත් ආවරණ පැළඳි මොයින් ඛාන්. ඔහු ඉතාම කුළුපග පුද්ගලයෙක්. 



ගල්කිස්ස මුහුදු වෙරළට රාත්‍රිය රැගෙන ආවේ සත්කාරක කණ්ඩායම වන ශ්‍රී ලංකාව. මෝරා ශාර්ක් ලෙස වඩාත් ජනප්‍රිය, මොරටුව සරසවි කණ්ඩායම සුපුරුදු නිල් පැහැති කමිස පැළඳ එහි පැමිණ සිටියා. 



සුදීකගේ ජංගම දුරකථනය දහවල් කාලයේ ඉතා පැහැදිලි ඡායාරුප ගෙන දුන්නත් රාත්‍රිය එයට සුභ නෑ. 

තරගාවලියේ ලජ්ජාක්රුවන් ලෙස කවුරුත් හඳුනා ගත් බංගලි කොලු පැටව් ටික කෙලින්ම කැමරාවට මුහුණ දුන්නේ නෑ. 



මේ සියළු දෙනා පැමිණි විගස තරගාවලයේ අධ්‍යක්ෂ තුමා වැල්ලේ තනා තිබු කඩුල්ල අසල A ස B කාණ්ඩ වේලට මෙම කණ්ඩායම් ගොනු කරන්නට නවතම ක්‍රමයක් යොදා ගත්තා. ඒ මල්ලක බහා තිබූ පන්දු හයක් ලබා ගැනීමට ඔවුන්ට සැලැස්වීමෙන්. එහි අංක 1 සිට හය දක්වා ලකුණු කර තිබුණා. එහි අනුපිලිවෙලට අනෙක් පස ඇති කඩුල්ලට කණ්ඩායමේ නායකයා පන්දු යැවීමට නියමිත වුවා. ඔවුන් යවන පන්දුවෙන් බිඳෙන කඩුල්ලේ කණ්ඩාමේ නායකයාගේ අත්සන යොදන්නට සංවිධායකයින් කටයුතු යොදා තිබුණා. 


මුලින්ම මල්ලට ඇත දැම්මේ එංගලන්ත නායකයා. 



තුන්වෙනි වතාවේ කඩුල්ල බිඳ දැමු ඕස්ට්‍රේලියානු නායකයා පන්දුව යවමින්. 

ඉන්පසු මෙම කඩුළු එකිනෙක ගෙන එහි මුදුනත අලව තිබු ස්ටිකර් ඉවත් කර A සහ B කාණ්ඩ වලට අයත් කණ්ඩායම් තෝරා ගත්තා. එය පසෙක සුදානම් කර තිබූ පුවරුවේ සටහන් වුනේ මේ ආකාරයට.



ඒ අනුව A කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ පාකිස්ථානය තරග කරන අතර B කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බංග්ලාදේශය. මෙහි අවසාන පූර්ව වටයට එළඹීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු වනවා. 

Friday, March 22, 2013

රෝයි ඩයස් සහ මාවන් අතපත්තු අතර සිටිය යුත්තා

අද රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් ගැටුම පැවැත්වෙන දිනයයි. මේ දවස් වල සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් තරගාවලියක සිටින නිසා පාසැල් ක්‍රිකට් ගැන සොයා බලන්නට වෙලාවක් තිබුනේ නෑ. ඒත් මගේ මිත්‍ර නදීර උඩවත්ත ගාල්ලේ සිට එවූ ට්විටර් පණිවුඩයකින් ගාල්ලේ මහා සටන පැවැත්වෙන බව දැන ගන්නට ලැබුණා. ගාල්ලේ රිච්මන්ඩ් කියූ පමණින්ම මගේ ඉදිරියේ මැවෙන එක් ක්‍රිකට් රුපයක් තිබේ. ඒ චන්දන අමරසිංහයි. චන්දන අමරසිංහ යනු කුඩා කාලයේ මගේ ක්‍රිකට් වීරයාය. වීරයා කියන නම මේකට හරියටම ගැලපෙනවාද ? නැත. මගේ ක්‍රිකට් ඇරඹු දා සිට මා අනුකරණය කල ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු විය.
පින්තුරය ගත්තේ : http://cricketique.wordpress.com

දැන් අපේ මාතෘකාව දෙසට හැරෙමු. ඔබ රෝයි ඩයස් ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැක තිබේද ? ඔබේ පිළිතුර නැත නම් ඔබට කියන්නට තිබෙන්නේ "මේ දෑස මක්කටද ?" කියයි. මන්ද රෝයි ඩයස් ක්‍රීඩා කරනු නොදක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කිරීමේ පලක් තිබේද ? යන්න මගේ සිතට එන ගැටළුවක් නිසාය. ඔබ එක් දහස් නවසිය අසූ ගණන් වල ඉපදුන කෙනෙකු නම් ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ කුඩා ළදරුවෙක්ය. එනිසා ඒවා දකින්නට ඔබට අවකාශ නැත. අද වගේ පඳුරකට එක ගානේ චැනල් ඒ කාලයේ තිබුනේ නැත. රෝයි ඩයස්ගේ ක්‍රිකට් දිවිය 1982 - 1987 අතර කෙටි කාලයයි. එකල අද මෙන් සෑම මාසයකම ක්‍රිකට් දකින්නට තිබුනේද නැත. ඔබගේ පිළිතුර ඔව් නම් ඔබ 1975 ට කලින් ජන්ම ලාභියෙකු විය යුතුය.
පින්තුරය ගත්තේ : http://www.espncricinfo.com/

ඒ කෙසේ වෙතත් ඔබ මාවන් අතපත්තු ක්‍රීඩා කරනවා දැක තිබිය යුතුමය. මාවන් අවසාන වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලේ 2007 වසරේදීයි. ඔහු ගැන නොදන්නා කෙනෙකුද සිටිය නොහැක. නමුත් මා කතා කරන්නට බලාපොරොත්තු වන්නේ මාවන් අතපත්තු හෝ රෝයි ඩයස් ගැන නොවේ. රෝයි ඩයස් හා මාවන් අතපත්තු අතර තැබිය හැකි තවත් එවන් ක්‍රීඩකයෙකු ගැනය. රෝයි සහ මාවන්ගේ සමානත්වය ගැන කතා නොකොට ඒ ක්‍රීඩකයා ගැන කතා කල නොහැක.
පින්තුරය ගත්තේ : http://www.espncricinfo.com/

රෝයි ඩයස් යනු ශ්‍රී ලංකාවෙන් බිහි වූ තාක්ෂනය අතින් ඉහලින්ම සිටින ක්‍රීඩකයා යයි මා බය නැතිවම පවසමි. එයට විරුද්ද වන්න අර්ජුන රණතුංග මහතාටවත් බැරිය. ඔහුගෙන් එම ප්‍රශ්ණය ඇසුවොත් එයට ලැබෙන පිලිතුරද එයම වනු ඇත. මාවන් යනු රෝයිට පමණක්ම දෙවෙනි වන තාක්ෂණික පිතිකරුවා යයි මා පැවසුවොත් එයටද අර්ජුන රණතුංග මහතා එකඟ වනු ඇත. එහෙත් මේ දෙදෙනා අතර තැබිය හැකි, ඒ කියන්නේ මේ දෙදෙනා අතර තිබෙන තාක්ෂණික හිඩැස පිරවිය හැක්කේ චන්දන අමරසිංහටැයි මා පැවසුවොත් මෙහි සිටින ඔබ සැම ඔලුව කසන අතර අර්ජුන රණතුංග මහතා නිකට කසනු ඇත. නමුත් අර්ජුන රණතුංග මහතාට නිසැකවම චන්දන අමරසිංහ ඇස ගැටී තිබිය යුතුය. චන්දන අමරසිංහ යනු මේ දෙදෙනාට අතරමැද කාලයක ක්‍රීඩා කල, මේ දෙදෙනාගේ තාක්ෂණික දක්ෂතාවයන් අතරමැද තැබිය හැකි ක්‍රීඩකයෙකි. රෝයි ඉවත් වුයේ 1987 දී වන අතර මාවන් ආරම්භ කලේ 1997 දීය(පළමුව ඔහු 1990 දී ඇතුලත් කලද සාර්ථක නොවීය). මේ අවුරුදු දහයක කාලය චන්දන අමරසිංහට එතනට එන්නට කදිම කාලයක් වුවත්, කොහේ හෝ ඇති වරදක් නිසා ඔහු අකාලයේ පරවූ තවත් මලක් යයි කිව හැක. 

මා හා එකඟ වන්නට හැකි කිසිවෙක් මේ බ්ලොග් එක කියවනවාදැයි සැක සහිතය. ඔබ චන්දන අමරසිංහ ක්‍රීඩා කරනු දැක ඇත්ද ? ඒ පිළිතුරට ඔව් කියන්නට පුළුවන් කෙනෙකු සිටිනවාදැයි ඔබ දන්නා ක්‍රිකට් වලට සම්බන්ධ කෙනෙකුගෙන් අසා බලන්න. චන්දන අමරසිංහ උපත ලැබුවේ බෙන්තොට හබුරුගල නමැති ග්‍රාමයයේය. මට මෙන්ම මගේ දෙමව්පියන්ටද ඔහුගේ පවුල විශේෂ වේ. ඒ මගේ දෙමව්පියන්ගේ විවාහයට සාක්ෂි වශයෙන් අත්සන් කල එක් පුද්ගයෙක් චන්දන අයියාගේ පියා වීමය. ඔහු ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය සහ බෙන්තොට ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කල දක්ෂ තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෙකි. ඔහු පසුව සිංගර් සමාගමට එක් වී ක්‍රීඩා කල අයෙකි. එකල සිංගර් සමාගම වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලිය තුල ජයකෙහෙලි නැංවූ කාලයකි. මේ කාලයේම අර්ජුන රණතුංග මහතා යුනියින් ඇෂුවරන්ස් සමාගම වෙනුවෙන් ක්‍රීඩා කල නිසා චන්දන අමරසිංහ සහ ඔහු ක්‍රීඩා කල තරගයක් තිබෙන්නට පුළුවන්. එහෙත් අර්ජුනට ක්‍රීඩකයන් කැඳවීමට හැකියාව ආවේ 1992 පමණ කාලය වන විටයි. මේ වනවිට චන්දන අමරසිංහගේ හොඳ කාලයක් නොවුණු අතර, ඔහු ක්‍රීඩා කලේ සිංගර් ආයතනයට පමණි. චන්දන ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා නොකිරීම බලවත් වරදකි. එයට හේතුව මා නොදනිමි. 

ඔහුට ජාත්‍යන්තර තලයට එන්නට නොලැබුණේ ඒ කාලයේම ගාල්ලෙන් බිහි වූ තවත් ක්‍රීඩකයෙකු වූ මිහිර එගොඩගේ නිසා වන්නට පුළුවන්. ඒ කාලයේ පිටස්තර ක්‍රීඩකයින් සංචිතයට කැඳවන්නේ බොහොම සීමිතවයි. චන්දන අමරසිංහ සහ මිහිර එගොඩගේ එකවිට සංචිතයට කැඳවිය නොහැකි තත්වයක් ඒ කාලයේ තිබෙන්නට ඇත. මගේ මතකය අනුව 1983/84 කාලයේ මිහිර එගොඩගේ එංගලන්ත සංචාරයකට ගිය අතර ඉන් අනතුරුව අපගේ බෙන්තොට ක්‍රීඩා සමාජය හා ගාලු ක්‍රීඩා සමාජය අතර තරගයට බෙන්තොට ගාමිණි විද්‍යාල ක්‍රීඩාංගනයට මේ දෙදෙනාම ක්‍රීඩා කළා මට අද වගේ මතකය. මේ දෙදෙනාම හොඳින් ක්‍රීඩා කල අතර, වඩා ප්‍රවේගකාරී පිතිකරු වුයේ මිහිර එගොඩගේය. 

එම සංචාරයට අසංක ගුරුසිංහද අනිවාර්යයෙන්ම සහභාගී වුවා විය යුතුය. එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන ස්ථානය (රෝයි ඩයස් සහ මාවන් අතර) හිමිකම් කීවේ ගුරුසිංහය. ගුරුසිංහ ඇත්ත වශයෙන්ම දක්ෂ ක්‍රීඩකයෙකි. එහෙත් මා කතා කරන්නේ තාක්ෂනය අතින්ය. ටෙස්ට් තරගයකට වඩාත් නිවැරදි තාක්ෂනය ඇති ක්‍රීඩකයන් ක්‍රීඩා කල යුතුය. එකල අද මෙන් ටෙස්ට්, එක්දින වෙන වෙනම කණ්ඩායම් තිබුණා නම් සහ අද වැනි හොඳ තත්වයක් පිට පළාත් ක්‍රීඩකයින්ට තිබුණා නම් චන්දන අමරසිංහවද ඔබට දකින්නට ඉඩ තිබුණි. මෙය මගේ මතයක් නොවන බවද සඳහන් කල යුතුයි. ඒ කාලයේ අප ක්‍රීඩා සමාජය හා ක්‍රීඩා කල (ඩේලි නිවුස් කුසලානයට) බොහෝ අනෙක් කණ්ඩායම් වල අයද මේ මතය ඵල කළා මතකය. ක්‍රීඩා කල හැම කෙනෙකුටම ජාතික කණ්ඩායමට එන්නට වරම් ලැබෙන්නේ නැත. එහෙත් එකල ක්‍රීඩා කල ප්‍රමාණය අතර චන්දන අමරසිංහද ශ්‍රී ලංකා ඒ සංචිතයකට වත් එන්නට හැකි ක්‍රීඩකයෙක් බව මගේ විශ්වාසයයි. 

මා කුඩා කල චන්දන අයියා ඇවිදින විදියට ඇවිදින්නත්, ඔහුගේ තාක්ෂණය කෝපි කරන්නත් නිරතුරු උත්සාහ කළා. නමුත් තාක්ෂනය අතින් නම් යම් තරමකට ඉදිරියට එන්නට මට හැකි වුණා. මා ඔහු යනුව යමින් අත් දිග සුදු කමිසයක් මසා ගන්නට කල වෑයම ඔබ කියෙව්වද ?

Thursday, March 14, 2013

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් විස්සයි20 ලෝක තරගාවලිය ලංකාවට

ඔබට මතක ඇති පහුගිය ජනවාරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු කැම්පස් ක්‍රිකට් තරගාවලිය. ඒ පිලිබඳ දිගින් දිගටම වාර්තාකරණයේ යෙදෙන්න මටත් ආරාධනා ආවා. ලංකාවේ කැම්පස් 14 ක් අතුරින් මෙම ලෝක තරගාවලිය නියෝජනය කරන්න වරම් දිනා ගත්තේ එහි අවසාන මහා තරගය දිනා ගත්ත මොරටුව විශ්ව විද්‍යාලය. ඔබට මතක ඇති ඒ ජය වෙනුවෙන් මම දාපු පොස්ට් එක "බැංගලෝරයට ඉංජිනේරුවන් පැටවීම" කියලා. නමුත් ඉන්දියාවට වීසා ලබා ගැනීමේ ඇති ගැටළු නිසා මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්න රෙඩ්බුල් බලධාරීන් තීරණය කරලා.

පහුගිය වතාවේත් මේ තරගාවලිය පැවැත්වුණේ ලංකාවේ. ඒ සඳහා සහභාගී වුනේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානය. නමුත් මෙවර තරගාවලියට රටවල් හයක් නියෝජනය කරමින් විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙහි පැමිණීමට නියමිතයි. එහි සමාරම්භය යයි කිව හැකි අවස්තාවක් ඊයේ දින කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරන මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී එන තරු දෙකක් වන දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න විසින් ලබා දෙන ලද උපදේශන සැසියත් සමගින්. බොහෝ ජනමාධ්‍යද මෙම අවස්තාව ආවරණය කිරීමට පැමිණ තිබුණා. මේ සඳහා වෙබ් සහ බ්ලොග් අඩවි පවතවාගෙන යන අයවද කැඳවා තිබුණා. බ්ලොග් වලින් ඒ සඳහා ආරාධනය කර තිබුනේ සුදීකට. 
මොරටුව කණ්ඩාමට පිතිකරණය පිලිබඳ දේශනයක් කරන ලහිරු තිරිමාන්න. පසුබිමේ දිනේෂ් චන්දිමාල් සමග සුහද පිළිසඳරක යෙදෙන පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා.

මෙහෙදී වෙබ්/බ්ලොග් මාධ්‍ය කණ්ඩායම සමග පැවැත්වූ සම්මුඛ සාකඡ්චාව එය පැවැත්වූ ආකාරයටම මෙහි සටහන් කරන්නම්

ප්‍රශ්නය(Colombo Campus Web Team) : People playing for the universities, what's the possibility of playing in the national level Cricket ? Are there any chances if they playing well ? 
පිළිතුර : Yeah, it is a good opportunity for all the campus students. Because you know in Sri Lanka you never know, if someone doing well in I mean in batting or bowling, now obviously right now they have a good chance to play in national level. So I think this is a great opportunity for students, I mean RedBull is doing a great job. So if they do well in the RedBull World Championship, I think they have a good chance to play, they have a good opportunity to play for Sri Lanka well. 

ප්‍රශ්නය(Colombo Campus Web Team) : Moratuwa Team playing at the final. Are you watching them from the beginning or watching the finals ?
පිළිතුර : I couldn't follow the tournament because of the national duties you know. I wasn't in the country for two and half months.But Irfam told me about the tournament. I think these students did well in the RedBull event.  






ප්‍රශ්නය(Colombo Campus Web Team) : Any idea to pick up the players to national level or SLPL? 
 පිළිතුර : Yeah, because of the format. I think it did in Twenty20 format. So it's great chance for the young guys. I think nowadays there are lot of chances to play in Sri Lanka level. You have SLPL you have Porvincial Tournament, you have Club Tournament. They can play for Club Cricket in the beginning. After that they can go through to play Sri Lanka Level.  



ප්‍රශ්නය(Colombo Campus Web Team) : Do you think T20 is a good format ? 


පිළිතුර : I mean players potential can't put into  one format. If they are talented they can play in any format. Yeah this is good opportunity. 




 ප්‍රශ්නය(Colombo Campus Web Team) : It is an overall idea that Test Cricket is the best. No people are playing T20 Cricket , adopted to the T20 Cricket. If you select a player from the T20 level, is it possible to gain a certain level ?

පිළිතුර : I don't think because you know, at the moment if you pick up a player from the T20 level to a Test level, I don't think he can play straight-a-way to to the Test Cricket. So you have to practice hard, if there are chances to play Club Cricketand Provincial Cricket you can develop your skills. So I don't trust in this T20 to Test Cricket straight-a-way but still they have a good chance to play Club Cricket and develop. 


 ඊට පස්සේ සුදීකත් ප්‍රශ්නයක් ඇහුවා. 

සුදීක : දැන් මේ ටුනමන්ට් එක තියෙනවනේ. මේක දෙවෙනි අවුරුද්දට කෙරීගෙන යන්නේ. මේ කෙරෙන විදියට, අපි දන්නවා ලංකාවේ ක්‍රිකටුයි අධ්‍යාපනයයි දෙකම එකට කරපු අය නෑ. හරියට කරපු අය එක්කෙනයි දෙන්නයි බොහොම කලාතුරකින්. ඔයාට වුනත් ගොඩක් මිස් වෙන්නැති ස්ටඩීස්. දැන් මේ ෆොර්මැට් එක යන විදියට කවුරු හරි පෙළඹෙන්න පුලුවන්ද ක්‍රිකටුයි අධ්‍යාපනයයි බැලන්ස් කරගෙන ඇවිල්ලා, අධ්‍යාපනෙත් කරන ගමන් ශ්‍රී ලංකා ටීම් එකට එන්න ?
පිළිතුර : ඔව් මං හිතන්නේ මේක ලොකු අවස්ථාවක්. මොකද දැන් අපි ක්‍රිකට් ගහන කාලේ විශේෂයෙන් මම උදාහරණයකට ගත්තොත්, මට ගොඩක් ඒග්සෑම්ස්  මිස් වුණා. ඉතිං මං ඕ ලෙවල් කල්ලා, මමත් ඒ හතයි බී තුනයි ඊට පස්සේ ඒ ලෙවල්ස් වලට ගියා. මං  ආසයි ඉගෙන ගන්න. හැබැයි ක්‍රිකට් හිංදා - අන්ඩර් නයින්ටීන් වර්ල්ඩ් කප් තිබ්බා. ඉතිං ගොඩක් මිස් වුනා. මේගොල්ලන්ට ඇවිල්ල තියෙන්නේ ලොකු චාන්ස් එකක්. දැන් අපි වුනත් ආසයි ඉස්කෝලේ යන කාලේ කැම්පස් එකට යන්න. නැෂනල් ක්‍රිකට් ගහන්න. ඉතිං මේගොල්ලෝ ගිය මාවතේ ගොඩක් ඉදිරියට ගිහිල්ල තියෙනවා. කැම්පස් එකට ගිහිල්ල තියෙනවා. දැන් මේගොල්ලන්ට තියෙන්නේ, මේගොල්ලන්ට තව චාන්ස් එකක් ඇවිල්ල තියෙනවා ක්‍රිකට් වලින් ඉස්සරහට යන්න. ඉතිං මම හිතනෝ මේගොල්ලන්ට දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන් නං මේක ලොකු චාන්ස් එකක් කියලා මොකද රටට උගත් ක්‍රිකටර්ස්ලා ටිකක් බිහි වෙයි කියලා විශ්වාසයක් තියෙනවා ඉදිරියට.
ආයෙමත් කලම්බු කැම්පස් නියෝජිතයා ප්‍රශ්න කළා
  ප්‍රශ්නය(Colombo Campus Web Team) : When you start play Test Cricket you were an opener. Then you came again for the Test Cricket as a two down or three down player. Is it much more easier to play in the middle order than playing as an opener. Because in the time around  five years there won't be first three players around. If you like to adopt for the middle order ?
පිළිතුර : Yeah. That's right. It's all about you have to have self belief. I mean  you have to have your mindset correct. Because you know if you ask to open in next matches I have to open. So it's all about in the mindset. You have to change it quickly. So you can go a long way.

දේශණය කරන අතරතුර.

කෙටි දේශන අතරතුර

චන්දිමාල් ක්‍රීඩකයෙක් හා පිළිසඳරක.


පහරක් එල්ල කරන ආකාරය ප්‍රදර්ශණය කරමින්.
 අද රාත්‍රී 08.30 ට තිබෙනවා තවත් විශේෂ අවස්තාවක්. ඒ මේ නවක තරු දෙදෙනා සමග Google Hangout  සැසියක්. මෙහිදී සුදීකගේ ප්‍රශ්නයකටත් පිළිතුරු දීමට නියමිතයි. මේ සඳහා සජීවීව සම්බන්ද වෙන්න ඔබටත් අවස්ථාවක් තිබෙනවා. නමුත් ප්‍රශ්ණ ඇසීමට නොහැකියි. සිදු වන දේ නරඹන්න පුළුවන්.


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...