මම ද්විතීක අධ්‍යාපනය ලැබුවේ කළුතර මහ විද්‍යාලය ලෙස එකල හැඳින්වූ, අද කළුතර විද්‍යාලය ජාතික පාසල නමින් හඳුන්වන, දැයට දක්ෂයන් රැසක් බිහිකළ විදුපියසෙන් බව මා කියවන ඔබට නොරහසකි. එම විදුහලේ අධ්‍යාපනය ලැබූ කාලය ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීමකි. මන්ද මා අධ්‍යාපනය කල කාලයේ විටෙක මුහුණ දුන් දුක් ගැහැට, සහ තවත් වරෙක නිදහසේ කෙළිදෙලෙන් ගතකළ ඒ සොඳුරු ගැටවර විය දෙස වැඩිහිටියෙකු ලෙස ආපසු හැරී බලන විට සෑහීමකට පත් විය නොහැකි බැවිනි. අධ්‍යාපනයට කිසිදු තරගයක් නොතිබූ එහි, කැමති අය කැමති දෙය කළ යුගයක් පසුකළ, ජීවිතයේ ඉවක්-බවක් නැතිව ඔහේ ගෙවුණු කාලය අලි-ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැකිය.
මේ පසුතැවිල්ල පසු කාලයක එක්තරා විදියට වෛරයකට පෙරළිණි. අවසාන මා උගත් පාසලට ශාප කරන තත්වයකට පත් විය. ඒ උසස් අධ්‍යාපනය නිසි ලෙස සම්පූර්ණ කර ගැනීමට එහි වූ කණ්ඩායමට කිසිදු වගක් නොතිබුණද, අධ්‍යාපනය ලබා සරසවි වරම් ගන්නට සැබෑ උවමනාවකින් පසුවූ අතළොස්සක ඉදිරියෙන්ම වූ මා වැනි පුද්ගලයෙකුට අස්වැසිල්ලක් ලබන්නට එහි කිසිවක් නොතිබූ නිසාය. පළමු උත්සාහයේදී මා නියමිත ලකුණු සීමාවට පසුපසින් සිටියද, දෙවන උත්සාහක් ගැනීමට එය කාලය නොවන බව මගේ ළදරු විය ඉක්මවා ගිය පුංචි මොළයට අවුබෝධ වෙමින් පැවතිණ. කැම්පස් යනවාද, වලපල්ලට යනවාද එකල තාරුණ්‍යයේ පසු වූ අප නිතරම අපේ ඇතුළත සිටින පුද්ගලයාගෙන් විමසු පැනයයි.
මේ වෛරය තවත් කාලයකදී එකල තාරුණ්‍යය මර්දනය කළ රජය වෙතද, තාරුණ්‍යය ප්‍රචණ්ඩත්වය කරා ඇදගෙන ගිය ජවිපෙය වෙතද දෝලනය විය. පසු කාලයකයදී මා හිත හදා ගත්තේ, අද අප ජීවත් වීමම, මදිද යන සිතුවිල්ලෙනි. මෙය "මට එහෙම නොවුනානම් අරෙහම කරන්න තිබුණා, මෙහම කරන්න තිබුණා" යන, බොහෝ දෙනා සිත සනසාගන්නට කරන සාම්ප්‍රදායික ප්‍රයෝගය නොවේ. මා ගැන එවකට අනාවැකි පළකළ බොහේ දෙනෙකු විශේෂයෙන්ම පාසලේ සහ ඉන්පිටතදී අධ්‍යාපනය ලබාදුන්ම ගුරුවරු විමතියට පත්කළ, මාගේ ප්‍රතිඵලය ඒ තැන මා බොහෝකලක් රඳවා තබන්නට සමත් විය.
මා කොළඹට සංක්‍රමණය වූ පසු මගේ පාසැල හෝ මිතුරන් සමග තිබෙන සබඳතා සහමුලින්ම නැති වූ අතර, අතරින් පතර අහම්බෙන් මුණගැසුණු කෙනෙකු සමග අතීතයට යාම පමණක් සිදු කෙරිණි. බැංකුවේ රාජකාරියට ආ විගසම වාගේ කළුතර ශාඛාවට රාජකාරි කටයුතු වලට යාමට සිදු වීම එක්තරා අස්වැසිල්ලක් විය. කළුතර නගරයේ සියලු අහුමුලු අතැඹුලක් සේ දත් මාහට, රාජකාරි මිතුරන් සමග මේ ස්ථාන වල කරක් ගැසීමට හැකි විය. ඒත් නිකමට හෝ පාසැලට පිය නගන්නට හිත එකඟ කර ගැනීමට නොහැකි වූයේ මගේ සිතේ පැහැවමින් තිබුණු පෙරකී වෛරයයි. විශේෂයෙන්ම මාගේ භෞතික විද්‍යාව සඳහා වූ ප්‍රායෝගික සටහන් පොත සොරකම් කිරීම ගැන තිබුණු පසුතැවිල්ල වචනයෙන් විග්‍රහ කල නොහැකි එකකි. මගේ පියා විභාග අධීක්ෂණයට ගොස් එකතු කරගෙනවිත් තිබු ප්‍රස්ථාර කොළ එක් කරමින් මවිසින්ම බැඳී එම පොත සහ සියලු පොත් වලට මම අසීමිතව ආදරය කළෙමි. විශේෂයෙන්ම ඒවායේ ඇති අන්තර්ගතයට මම ප්‍රේම කළෙමි. පොත පතින් උගත් දේ ප්‍රායෝගිකව අත්දකින විට ලැබෙන සතුට මේ යයි කිව නොහැකිය. ඒ මා හුදෙක් විභාගය රවටා ඉදිරියට ගිය පුද්ගලයෙකුට වඩා, උගත යුතු දේ උගෙන, විභාගය යකාට ගියදෙන් කියා සිතූවකු බැවිනි.
වරක් පන්තියේ සියලු සිසුන් අධ්‍යාපනය හෝ ප්‍රායෝගික කටයුතු නොකරන කලෙක, මාගේ ගුරුභවතුන්ගේ ලබාගත් විශේෂ අවසරයකින් මා විද්‍යාගාරයට ගොස් තනිවම පරීක්ෂණ කළා අද මෙන් මතකය. නියත පීඩන උපකරණය අත්වැරදීමකින් පෙරළී මුළු විද්‍යාගාරය පුරාම ජලය විසිරුණු ආකාරයද, ඒ මොහොතේ එම විද්‍යාගාරයේම සාමාන්‍යපෙළ විද්‍යා සිසුන් සමග සකච්ඡාවක නිරත වූ විදුහල්පති තුමාගේ අවධානයට යොමු වූ කල්හී මා තරමක් භීතියට පත් වුවද, මා සැහැල්ලුවට පත් කලේ මගේ ගුරුවරියගෙන් මා පිළිබඳ විස්තර අසා සාමාන්‍යපෙළ සිසුන්ට ආදර්ශයට මා පෙන්වූ විටය.
සමාජ මාධ්‍ය ජාලාවලට අතීතය ප්‍රතිනිර්මාණය කළ හැකි බව මා වටහා ගත්තේ 2008 වසරේ අග භාගයේදීය. ඒ බොහෝදෙනා පිල්ලියක් සේ දකින ෆේස්බුක් ගිණුමක් ඇරඹීමත් සමගය. විවිධ වර්ග වල ඊ මේල් ගිණුම් අත්හදා තිබුණද, ඊ මේල් සමූහයන්ගෙන් යම් - යම් සමාජ බැඳීම් ගොඩනගාගෙන තිබුණද, ෆේස්බුක් තරම් ඉතා වේගයෙන් අතීතය ප්‍රතිනිර්මාණය කරන වෙනත් මෙවලමක් නැතැයි මා බිය නැතිවම පවසන්නේ පසුකලෙක නයාට අඳුකොළ මෙන් පැවති පාසල සමග මා සෙනෙහෙන් එක් කරන්නට මේ කදිම මෙවලම සමත් වීම නිසාය.
ෆේස්බුක් ගිණුම අරඹා ටික කලකින් එහි හතරකොන දිග් විජය කල මා හට වැටහුණේ, මගේ පාසැලට ෆේස්බුක් පිටුවක් ඇරඹුවහොත්, කාලයත් සමග ගිලිහී ගිය මිතුරන් එකෙකු දෙන්නෙකු හෝ සොයා ගත හැක යන සිතුවිල්ලයි. හිතට ආ දේ දෙවතාවක් නොසිතාම සිදුකළද, එය එතරම් ජනප්‍රිය වේදෝයි යන කුකුස මා තුළ විය. මෙම විදුහලෙන් අධ්‍යාපනය ලබා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින අතළොස්සෙන් කෙනෙකු වන මා එය ඉටු කල යුතු බව මට හැඟිණි. නොබෝ දිනකින්ම මේ සිතුවිල්ල මල්ඵල ගැන්විණි. ආදී සුසුන් මෙන්ම පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් එය සමග එක්කාසු වූවා පමණක් නොව, මගේ පුද්ගලික මිතුරන් බවටද පත් විය.
පසුකාලීනව ආදී ශිෂ්‍ය සංගමයට මා එකතු කරගැනීමට එහි ක්‍රියාකාරිකයින් කටයුතු කරන ලද අතර, 70 වෙනි වර්ෂ පූර්ණ සැමරුම සඳහා සුදානම් කල පා ගමනට එකතු වන්නට මට සිදු වූයේ එවකට එහි ප්‍රධාන සංවිධායකත්වය උරදී කටයුතු කල සෝමවංශ අමරසිංහ මහතාට මා මුණගැසීමට ඇවසි බව ආදී ශිෂ්‍ය සංගමයේ තවත් ක්‍රියාකාරිකයෙකු වූ රංග හරහා මා දැනුවත් කොට තිබීමය. මා එම හමුව ගැන පසු වූයේ යම් තැතිගැන්මකිනි. මා අතින් වරදක් සිදු වූවාදැයි මා නැවත-නැවතත් මෙනෙහි කළෙමි.
ඒ වනවිට ෆේස්බුක් හරහාම යම් මිත්‍රත්වයක් ගොඩ නගාගෙන සිටි රන්ජන් (පරණවිතාන) අයියාගෙන් ඒ ගැන විමසා සිටි අතර, මා එයට සහභාගී වනවාට ඔහුද සතුට පළ කළේය. එය යම් තරමක දිරිගන්වීමක්ද විය. එදින ඉතා ආනන්දජනක උදෑසනක් විය. නමුත් මගේ සහභාගීත්වය මගේ පැරණි මිතුරන් බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවක් විය. ඒ කොළඹ ජීවත් වෙමින්, දියණියක සිටින කෙනෙකු පාසල පිළිබඳ මෙතරම් උනන්දුවක් දක්වන්නේ මන්ද ? යන ගැටලුව නිසාය. ඒ වනවිට මට මුණගැසුණු කිසිවෙකු ෆේස්බුක් ගිණුමකට හිමිකම් නොකීවේය. පා ගමනේදී මා පත්තර වාර්තාකරුවකුගේ රාජකාරියට පනපෙවුවේ මගේ පැරණි මිතුරෙකු වූ ජනක සමගය. රූපවාහිනියේ සේවය කල හෙතෙම පාගමන රූගත කළේය. මා ජංගම දුරකථනය ආධාරයෙන් චායරුපකරණයේ නිරත විය.
ගමන අවසානයේ මෙහි ප්‍රධාන අරමුණ සිහි ගැන්වී රංග සොයාගෙන ගමන් ගත්තේ මාගේ බාල සොයුරියගේ පුතණුවන්ද සමගය. රංග මොහොතක් හෝ ප්‍රමාද නොවී මා සෝමවංශ අමරසිංහයන් වෙත කැඳවාගෙන යන ලදී. ජවිපෙය වැනි පක්ෂයක නායකයෙකු කුමන ආකාරයේ කෙනෙකුදැයි මට ඒ වෙනතුරු නිනව්වක් නොමැති විය. නමුත් ඉතා සැහැල්ලුවෙන් සිනහාමුසුව මා සමග දොඩමළු වූයේ කලෙක පටන් දන්නා කෙනෙකු සමග මෙනි. සොයුරියගේ පුතණුවන් දැක, මාගේ පුතාදැයි විමසා,
"පුළුවන්නම්පිට මට පිටරටවල් වල ඉන්න අයගේ ඊ මේල් ඇඩ්‍රස් ටික එවන්නකෝ. මේ ඉස්කෝලේ වැඩ වලට පොඩි දඩයක් ගහන්න"යි සිනාමුසු මුහුණින්ම පැවසීය.
නිතරම රතු වස්ත්‍රාභරණයෙන් සැරසෙන ඔහු එදින කොළපැහැති ඇඳුමෙන් සිටිනු දකින මගේ සිත සිනහවකින් පිරවූවද, සොහුගේ නිහතමානී, සැහැල්ලු ඒ වාගේම කැපවීම දකින විට වෙනත් සතුටකින් මගේ සිත පිරී තිබුණි. අදද ඔහු මුණගැසීම මගේ දිවියේ සිදු වූ ගෞරවාන්විත සිදු වීමක් සේ හඟිමි. මන්ද ඒ ඔහුට මා මුණගැසීමට ඇවසි බව පණිවුඩයකින් දන්වා තිබු නිසාය. ඒ මා කළ සැඟවුණු මෙහෙයට ලැබුණු මහා ත්‍යාගය එය වූ නිසාය.
සෝමවංශ අමරසිංහ නමැති කළුතර මහා විදුහලේ ආදී සිසුවාගේ අභාවය වෙනුවෙන් ලියන්නට යෙදුණු මේ සටහන පල කරන්නට පමා වීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරමි. එතුමා වැනි සුන්දර මිනිසුන් නිර්වාණය සාක්ෂාත් කරගත යුතුමය. සොයුරාණනි ඔබට නිවන් සුව !!!

/මා හුදෙක් විභාගය රවටා ඉදිරියට ගිය පුද්ගලයෙකුට වඩා, උගත යුතු දේ උගෙන, විභාගය යකාට ගියදෙන් කියා සිතූවකු බැවිනි/ +++,
ReplyDeleteමම නම් විභාගේ කෙසේ වෙතත් සෙටිපිකෙට් යකාට ගියාවේ කියලයි හිතුවේ, ඒක හැබෑ මෝඩකමක්.
මගෙත් වෙනසක් නෑ. සහතිකයටව වඩා දැනුම වටිනවා. එකම දේ එකතැන රැදී සිටීම. තැනකින් තැනකට මාරු වෙනවා නම් සහතික වල අවශ්‍යතාව එනවා. හොඳයි මං වගේ තවත් කෙනෙකු සිටීම ගැන සතුතු වෙනවා.
Deleteසෝමවංශගෙන් ලැබෙන ඊළඟ කැඳවීමට තව දශක හයක් පමණ කල් ගත වේවායි පතමි!
ReplyDeleteඒ කැඳවීම සොමවන්ෂගෙන්ම කියලා කොහොමද හරියටම කියන්නේ ?
Deleteඅනේ මන්ද මචං .මම කැමති කෙනෙකුත් නොවේ. අකමැති කෙනෙකුත් නොවේ. නමුත් උඹට හොඳනම් මම මුකුත් කියන්න යන්නේ නැහැ. රටේ කොටසකට හොඳ වූ කෙනෙකුට වරදක් කියන්න මම කැමති නැහැ. උඹ කරපු වැඩ ටික නම් හොඳයි පාසැල වෙනුවෙන්.
ReplyDeleteumbta Honda ithin UNP eke puka sodana ewun thamayi.
Delete@අජිත් : මම කතා කලේ ඔහුගේ දේශපාලනය ගැන නෙවෙයි. ඔහු පාසල වෙනුවෙන් කරපු සේවාව. ඇත්තටම ඒ සඳහා වෙලාවක් වෙන් කර ගැනීම පවා අගය කලයුතු දෙයක්.
Delete@ රන්සකු : කැමති කෙනෙකුට කැමති මතයක් දරන්න ඉඩ තියෙනවා. ඒ අජිත්ගේ දේශපාලන මතය. අපිට වෙනස් මත තියෙන්න පුළුවන්. නමුත් මම හැම කෙනාගෙම හොඳ සහ නරක වෙන වෙනම දකිනවා.
@රන්සකු යුඑන්පි එකට පුක හෝදන එවුන් වෙනුවෙන් මම කතා කරලා තියෙන්නේ කවද්ද කියපන් බලන්න. ම මොකෙක්ගෙවත් පුක හෝදන එවුන් එනුවෙන් කතා අකරන්නේ නැහැ. හැබැයි හැම දේශපාලන පක්ෂෙකම ඉන්න හොඳ මිනිස්සු වෙනුවෙන් කතා කරනවා. උඹල වගේ එකෙක් වෙනුවෙන් ජිවිතේ දෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. සෝමවංශ කියන්නේ ජවිපෙ නායකත්වයටසුදුස්සෙක් නෙමෙයි. වෙන පෝස්ට් එකක් දුන්න නම් වඩා හොඳයි.
Deleteඑක ක්ශේත්‍රයකට වැඩක් නැති කෙනෙක් තව ක්ශේත්‍රයක බල කණුවක් වෙන්න පුළුවන්. ඔහු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේම හිටියනම් මීට වඩා සමාජයට වැඩ කොටසක් වෙන්න තිබ්බ.
ReplyDeleteරෝහණ විජේවීරව රුසියන් විශ්ව විද්‍යාලෙන් පිටමන් නොකෙරුවනම් ඒකෙනුත් රටට වැඩක් වෙන්න තිබ්බ.
මගෙනම් විශ්වාසය ඔහු සහ ජවිපෙය ලංකාවේ දේශපාලනය තුල සෑහෙන භූමිකාවක් කළා කියන එක. අපි අගය කලයුතුයි ඔහුගේ නායකත්වය තුල ජවිපෙය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අනුගත වීම. ඔහු පාසැලට නම උපරිම සේවාවක් කල කෙනෙක්. ඒ ගැන මම හොඳින්ම දන්නවා.
Delete//ජවිපෙය ලංකාවේ දේශපාලනය තුල සෑහෙන භූමිකාවක් කළා කියන එක//
Deleteනැතුව නැතුව චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩු ඊට පස්සෙ කොටි පෙන්නා සුනාමි 'වීරයා' ජනපති කිරීම වගේ.
///නැතුව නැතුව චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩු ඊට පස්සෙ කොටි පෙන්නා සුනාමි 'වීරයා' ජනපති කිරීම වගේ.///
Deleteජවිපෙ කරපු ලොකුම වැඩේ ඉයන්ට අමතක වෙලානේ, හුටං ජනපති කරවීම සහ ඉයන්ලගේ නායකයව අගමැති කරවීම...
ඔය මොනවා නැති වුණත්, පවතින රාජ්‍යයට එරෙහිව මුලින්ම පාරට බහිනේ ජවිපෙ සෙට් එක මෑතක් වෙනකං.
Deleteඉස්කෝලේ සම්බන්ධ මතකසටහන් අකුරක් නෑර හිතේ රන්දිල තියන එක හැම කෙනාටම අනන්‍ය කාරණාවක්.. හරි ගිය තැන් වලට වඩා වැරදුන තැන් තමයි අද උනත් අපි බොහොම සතුටින් මතක් කරන්නෙ. පංතියේ ඉගැනීමෙන් දක්ෂතා දක්වල ඒ ගැන ලැබුණු ප්‍රශංසාවට වැඩ අපට මතක හිටින්නේ සහ ආසාවෙන් මහක් කරන්නෙ ගුරු වරුන්ගෙන් ගුටිකාපු හැටි සහ තාප්පෙන් පැනල ඉස්කෝලේ කට් කරපු වගේ සිද්ධි.(මොකක් නිසා එහෙම වෙනවද දන්නෙ නෑ)
ReplyDeleteසෝමවංශ සහෝදරය සුදීක අයියට හිතවත් බවක් ගොඩනැගුන වගේම අපි දකින සමාජයට එපාකරපු චරිතත්පුද්ගලිකව ආශ්‍රය කලොත් බොහොම ලෙන්ගතු චරිත. විමල් වීරවන්ශත් ( විමලසිරි ගම්ලත් හෝ විභූති හෝ මොකක්හෝ නමකින්) කලිතර විද්‍යාලේ ඉගෙනගත්ත නේද? එහෙමන්ත් නැත්තං තිස්ස විද්‍යාලෙද?
සහතික ඇත්ත සජ්ජා. පාසල් කාලේ ඇබැද්දි කීයක් නම් තියෙනවද ? තවමත් නොලියපු වගේම ලියපු.
Deleteවිමල් මට හමු වෙලා නෑ. ඔහු තිස්ස විද්‍යාලයේ තමයි.
මටනම් හොඳම දේශපාලනඥයෝ මැරිච්ච උන්. කරුමෙට මැරිලත් හොඳක් හිතාගන්නබැරි කාලකන්නි තමයි වැඩිම.
ReplyDeleteමේක පොදුවෙ කල ප්‍රකාශයක් මිසක් සෝමවංශ අමරසිංහ ගැන කරපු ප්‍රකාශයක් නෙවෙයි.
මැරුණට පස්සේ ඉතින් කරදරයක් නෑනේ නේද ? මැරුණම හොඳ කියවෙන්න වැඩ කිරීම තමයි ඔවුන්ගේ යුතුකම. නැත්නම් මිනිස්සු වලටත් හෙන ඉල්ලනවා.
Deleteඉස්කෝලේ එක්ක තිබුණු තත්ත්වය වෙනස් කර ගත්ත එක ගොඩාක් හොඳයි... නොලැබුණු දේ වගේම ලැබුණුදේත් වැඩීනේ...
ReplyDeleteසෝමවංශට නිවන් සුව පතමු...
ඔව් නිර්මාණි. ඒ කිසි දෙකට ඉස්කෝලේ පාලි නෑ. මිනිස්සු තමයි වැරදි. දැන් මම සේවය කරන ආයතනයට මම හදවතින් නමස්කාර කරනවා. නමුත් සමහර නරුම පුද්ගලයන් මේක කැත කරනවා.
Deleteමම ඉස්කෝලෙට ලොකු ආදරයක් නැහැ...
ReplyDeleteඅඩු ගානේ කැම්පස් එකටවත් ලොකු බැඳීමක් නැහැ...
මගේ ක්‍රමය ඉන්න තැන එක්ක බැඳීම් ඇති කර ගැනීම, එතනින් ඉවත් වෙලා වෙන තැනකට ගියාම ආපහු අර පරණ තැන එක්ක බැඳීම අඩු වෙලා යනවා...
සමහර විට නැති වෙලාම යනවා...
මගේ බැඳීම ඇති එකම තැන අපේ ගෙදර සහ ගම...
ඒක තමයි හරි. අපි කොච්චර කරත් වහල්ලු.
Deleteඉස්කෝල වල ඕ.බී අරක්ගත්තු කුම්භාණ්ඩයො වගේ උන් වැඩක් කරන එකෙක්ගෙ මූණක් දැකපු ගමන් ගැස්සෙන බව නම් ඇත්ත.සෝමවංශ අමරසිංහ හොඳ කැසිල්ලක් තිබුන කෙනෙක් බව ඔබ හා සම්බන්ධ සිද්ධියෙන්ම තහවුරු වෙනවා.තමුන් බැබලෙන්නෙ නැතුව ආයතනය බබලවන්න ඒ කැසිල්ල නැතුව බෑ.දැන් ඇත්තටම එහෙම අය නැති තරම්..
ReplyDeleteජයවේවා..!!