කුසගිනි උරුම අපහට ඇති | සැනසිල්ල |
අහරක් තනන විට හමනා පවන් | රැල |
මාසේ අගට දෑතට එන සොච්චම් | මුදල |
ගෙන එයි මගේ මුළු පවුලට | හසරැල්ල |
| |
මිදුලේ අඹ ගහේ තවමත් ගෙඩි | පිරිලාද |
මහරෑ වවුල් මංකොල්ලය අඩු | නැතිද |
වවුලන් එලවන්න ටකය මුළු රෑ | හොලවනවාද |
ලණු වැල් ඇඳේ නොනිදන අප්පච්චිට | හතිද |
|
|
මුළු ගහ අපි දෙන්නේ දාහට | දෙදාහට |
එනමුදු මෙහේ ගෙඩියක් වැඩිවේ | සීයකට |
අඹරා මේසයට එන මේ | වීදුරුවකට |
නෝනලා ගෙවයි තුන්සීයක් නැතිවම කිසි | ගානකට |
| |
සිසිලස සපිරි මේ සුවිසල් | ශාලාවේ |
අමුත්තන්ට දොර අරිනට මා මෙහි | වේ |
"ගුඩ් මෝනිං"ද පවසන්නට මට සිදු | වේ |
එනමුදු ඔවුන් නෑ ඒ ගැන | තැකුවේ |
| |
කැමැත්තෙන්ම මා දොර මුර | කරන්නේ |
අහරක් දකින විට කාටද කෙළ | නූනන්නේ |
අප වැන්නන්ට නැ මේවා | දිරවන්නේ |
නරියගේ මිදී ඔවදනයි හැමවිට | සිහිවන්නේ |
| |
පොඩි නංගියේ මල්ලියේ සැමදා පාසල් | යන්න |
උනන්දුවෙන් හැම අකුරම | උගනින්න |
අපවැනි අයට වෙන මග නෑ ගොඩ | යන්න |
කන්නන්ගර මැතිඳු දිවරෑ | නමදින්න |
| |
කවි ලිවීමට මට හැකියාවක් නොමැති බව දනිමි. එහෙත් මාගේ මිතුරියකගේ මුහුනුපොතේ දුටු මේ ඡායාරූපය මගේ සිත සසල කරන්නට සමත් විය. මේ පිලිබඳ සටහනක් ලිවීම රස නැත. එයට සරිලන්නේ කවියක්ම පමණි. කවි ලියන අයට මෙහි තිබෙනා ආකාරයට කවිපද සැකසීමට අවශ්‍යනම් පහත සබැඳියාවෙන් එය පහසුවෙන් සිදු කර ගත හැක.
http://siwpada.blogspot.com/#top
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී....
ReplyDeleteසහතිකවම නාඩියෝ. පොඩි මුදලක් අතට ලැබුණට මේ අයට ගොඩ යන්න බෑ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුදීක අයියෙ කවි ටික කියෝගෙන එද්දි එකපාරටම මතක් උනේ මේ දුක්ගැනවිල්ල..අදාල නැති උනත් දාන්නං ඈ :D
Deleteවැසි දෙවිඳේ තුරු රජිඳා එපා තෙමන්න
හෙට උදේම මිටි බඳින්න කඩේට දෙන්න
එක දවසක් තව රැඳෙන්න එපා වහින්න
අඬන නංගි නළවගන්න දිවැස් හෙළන්න……
අප්ප දෙවිඳු අරන් ගියා සුර පුරයට නොවෙද එයා
අම්ම බුදුන් අරන් ගියා නිවන් පුරට නොවෙද එයා
ඒ දෙන්න දීල ගියේ සිදාදියට නොවෙද එයා
දෙවියො බුදුන් බලන් දිනේ අනේ කියන් හෙටද කියා ……
දර මිටියට කැපුව ගහේ රුක් දෙවියෝ උරණ වෙලා
මතු බුදුවන අපෙ අම්මා අප්ප එක්ක එකතු වෙලා
අප දෙදෙනා තනිකර දා එළොව බලා යන්න වෙලා
තුන් මාසේ ගෙවෙන දිනේ බණ අහන්න සමා වෙලා ……
ඔව් ඇත්තටම. බොරළු ඇනෙන පය රිදවන ගීතයේත් මේ ටික තියෙනවා.
Deleteසුදීක
Deleteහරිම සංවේදී කවියක්. ගැලපුම, විරිත ... අප්සට් උනාට නිර්මාණාත්මකයි,.. ඔහොම යන් ...
"ගෙඩි සියයක් බිම හෙලුවත්
අප්පච්චිට එක ගෙඩියයි ......." නන්දා මාලනී
KAPS
බොහොම ස්තුතියි ඇනෝ
Deleteජීව්ත වල හැටි තමයි සුදීක අයියා.
ReplyDeleteඔව්. සමහරවිට අනිත් අයට නැති හිතේ සතුටක් මේ මිනිස්සු ගාව ඇති.
Deleteසසල වන කවියක්
ReplyDeleteපින්තූරය දැකලා මගේ හිත සසල වුණා. කවි ලියන්න දක්ෂයෙකු නොවුණත් මගේ අරමුණ ඉටු වී ඇති බව ඔබේ කමෙන්ටුවෙන් පැහැදිලි වේ.
Deleteහැඟීම්බර කවියක්. මේ තැන් වලට යන එන විට මේ කවිය මතක් වී පොඩි ගාණක් හෝ ඔවුන් අතේ තියා යමු.
ReplyDeleteඇත්තටම මම බොහෝ විට කරන දෙයක්. සුපර් මාකට් වල වැඩ කරන මිනිසුනුත් මේ වගේම දුකක් දරාගෙන ඉන්න වෙන කොටසක්. තමන්ට දෙයක් කන්න ලැබුණත් ගෙදර අය මතක් වීම කෙතරම් දුකක්ද?
Deleteකවි පබැඳුම අතින් දුර්වල වුනත්, අදහස නම් පොහොසත්. මෙවැනි රැකියාවල නිරතව සිටින බොහෝදෙනා, මේ තත්වයේ තමයි ඉන්නේ.
ReplyDeleteඇත්තටම මට කවි ලියන්න බැරි බව මම දන්නවා. කියන්න ඕනේ දේ කියවුණා කියලා හිතෙනවා.
Deleteමම හිතන්නේ අපේ අය බොරුවටත් ශෝක වෙනවා.. ඔය මිනිස්සු හොඳ පඩියක් ගන්නවා...
ReplyDeleteහරි හොඳ පඩියක් ගත්තත් ලබා ගන්න බැරි දේවල් තියෙනවා. තමන්ට රස අහරක් කන්න ලැබුණු විට තමන්ගේ පවුලේ අය නැතිව කන්න බැරි තැනක සිටීම. අතීතයේ වැරදුනු තැන්(අධ්‍යාපනය) වගේ (දුප්පත් කම නිසා). අපේ ඔෆිස් එකේ හත අටක් ඉන්නවා. බොහෝ දෙනා හමුදාවෙන් විශ්‍රාම ගත්තු අය. එයාලට ගැටළුවක් නෑ. නමුත් මේ රකියාවම කරන අය ඉන්නවා. අපිටත් ලැබෙන වැටුප ප්‍රමාණවත් නැති කාලෙක මේ මිනිසුන්ට වියදමට සරිලන වැටුපක් ලැබේය කියලා හිතන්න අමාරුයි. දන්නවද කෙනෙකු වෙනුවෙන් අපි රුපියල් 350 ගෙවුවොත් මේ මිනිසුන්ට ලැබෙන්නේ කීයද කියලා ? සමහර ආයතන මේ සුළු සේවකයන්ගේ ඕ.ටී. එක දෙන්නෙත් නෑ. හූරාකෑමට ලක් වෙනවා. මම මේ මිනිස්සු යම් තරමකට ලඟින් ඇසුරු කරන නිසා දන්නා දේවල්.
Deleteගොඩක් අයට මේ සිකියුරිටි නෝනට දක්වන ප්‍රේමය අර නිදහස් චරශ්‍රයේ සිකියුරිටි මල්ලි වෙනුවෙන් තිබුනේ නෑ. සමහර විට ඌට ස්ත්‍රී නිමිත්ටහ් නැති නිසා වෙන්ටැති.
Deleteමචෝ මම කාලයක් සිකියුරිටි කොම්පැනියකත් වැඩ කලා. ගොඩක් රැකියා එක්ක බලද්දි මේ අයට ජීවත් වෙන්න සරිලන වැටුපක් ලැබෙනවා. අනික් හේතු දැක්වීම ගැන නම් කියන්න තියෙන්නේ ඔය ඔක්කෝම ගැන හිතන්න ගියොත් ෆයිෆ් ස්ටාර් වලට ගිහින් වේටර්ලා බලාගෙන ඉන්දැද්දි කන්න බොන්නත් බෑ කියලා. උඹ හෝටලේක වැඩ කලා නිසා ඒ ගැනත් දන්නවා ඇති නේ. අනික තමයි ඊට කලින් දෙමව්පියෝ.. දරුවෝ.. නැති බැරි ඝ්නාතී හිතමිත්‍රනදීන් මතක් වෙන එක. එහෙම උනොත් කවදාවත් මේවයෙන් කන්න බොන්න වෙන්නේ නෑ. අර ඉයන් මහත්තයා කිව්වා වගේ හිතට අමාරු නම් කීයක් හරි දුන්නට කමක් නෑ.. ඒත් පිටරවල නම් ඒවා කරන්න යන්න එපා.. මොකෝ ඒ රටවල් වල හැම එකාටම තමන්ගේ රැකියාව ගැන අබිමානයක් තියෙනවා.. මෙහේ කොහොමත් ඉන්නේ හිඟන මානසිකත්වයක් තියෙන මිනිස්සු නේ.. අර නාට්ටි කාරයොත් කීයක් හරි ඉල්ලන්නේ.. මීට පස්සේ නාට්ටි බලලා ඉවර උනාම පිටිපස්සට ගිහින් රුපියල් විස්ස විස්ස වත් දෙන්න ඕන. හරි පවු බං..
හරි මොහොතකට අපි හිතමු සිකුයුරිටි සේවාවල් කරන ඇයට ජීවන වියදමට සරිලන වැටුපක් ලැබෙනවා කියලා. දැන් උඹ කියපන් අපේ රටේ ජීවන වියදාට සරිලන වැටුපක් නොලැබෙන අය කවුද කියලා?
Deleteඅනේ මන්ද ඉතිං. මාතලං කියන එකද ඇත්ත සුදීක කියන එකද කියල.
ReplyDeleteපද වල පොඩි පොඩි අවුල් තිබුණත් කවි ටික ලස්සනයි.
ඒ පඩිය ගන්න විඳින දුක තේරෙනවද ? කොයි තරම් බැණුම් අහනවද? යුද්ධේ තිබුණු කාලේ කොහොමද?
Deleteඡායාරූපයේ සැඟවී තියෙන සංවේදී මොහොතක් ලස්සනට අකුරු කරලා. සිව්පද අඩවියට පාර කිව්වටත් ගොඩාක් ස්තූතියි! :)
ReplyDeleteඒ මිනිස්සුත් ආශා ඇති ඔහොම තැනකට ගිහින් කාලා,බිලා එන්න.එත් ගන්න වැටුපෙන් කරන්නත් මහා මෙරක් තරම් දේවල් තියෙනකොට මේ වගේ දේවල් රස විඳීම අතහරිනවා ඇති.
ReplyDeleteඔව් මනෝජ් මම මේක සියසින්ම දැක්කා හොටෙල් වල වැඩ කරපු කාලයේ. ඒවායේ වේටර්ලා විදියට වැඩ කරන අය, අපි එක්ක නිතරම කියනවා නිවාඩු වෙලාවල් වලට අර රෙස්ටුරන්ට් එකට ගිහිං කාලා-බීලා ටිප් එකටත් සල්ලි දුන්නා කියලා. එක පැත්තකින් මේක පීඩනයක්. අපේ වගේ රටවල් වල සමහර රැකියා පිළිගැනීමට ලක් වෙන්නේ නැති නිසා, පීඩනයකින් ඔවුන් ඉන්නේ.
Deleteපින්තූරෙට අගේට ගැලපෙන අදහස් ටික...!
ReplyDeleteබොහොම ස්තූතියි.
Deletehmmm
ReplyDeleteAccepted ? huh !
Deleteසංවේදී අදහසක් මචං ...
ReplyDeleteඇත්තට මචං
Deleteමචං ෆිල්ම් එකේ හෝටලේ කෑමකට ගෙදර අය එක්කන් යන දර්ශනය මතක් උනා
ReplyDeleteජයවේවා..!!
මොකක්ද ෆිල්ම් එක? උඹ කියන්නේ කොස්තාපල් පුඤ්ඤසෝමද ?
Deleteෆිල්ම් එකේ නම තමයි 'මචං'
Deleteමම හිතුවේ මචං කිව්වේ මට කියලා :)
Deleteමහත්වරුනි බඳුළු ඔයෙන දිය කඳුලක් අපිත් බොන්න
ReplyDeleteමතකද ඒ සිංදුව.. මේක දකිද්දි හුටාං ගාල මතක් වුණේ ඒ සිංදුව...
බෑ බෑ කියල පැත්තකට වෙලා ඉන්නවට වඩා හොදයි මෙහෙම හරි ට්‍රයි කරන එක.
අනිත් එක සුදික අයිය ආඩම්බර වෙන්නත් ඕන හැම කෙනාටම සිව්පද ශෛලිය කරන්න අමාරුයි.. ඒකෙ තියන විනය නීති නිසා.. ඒ හිංද ම තමා හුඟක් අය නිදහස් කවියට ප්‍රිය.
ආරම්භයක් විදියට සෑහෙන්න සාර්ථකයි . අඩුපාඩු ඇතත් ඒ ගැන හිතන්නෙ උවමනා නෑ. හැකි විදයට ලියන්න. හොඳ කවියෙක් වෙන්න පුලුවන් වෙයි දවසක
ජයවේවා...
මේ දවස් වල බ්ලොග් වලට එවෙන්නෑ විභාග වැඩ නිසා... ඒ හිංද නිතර දෙවේලේ නොදැක්කට අමනාප වෙන්ට එපා... ;-)
බොහොම ස්තූතියි දිරි ගැන්වීමට සහ දීර්ඝ කමෙන්ටුවට. මට නිතරම කවි ල්ලියන්න හිතෙන්නේ නෑ. නමුත් මේක මගේ මිතුරියගේ වෝල් එකේ දැක්කම මම එක කවියක් කමෙන්ට් එකක් විදියට දැම්මා. එයා ඒක ඩිලීට් කළා. මට ඊයේ මුනගහිලාත් කිව්වා, ඒක ඩිලීට් කළා තරහ වෙන්න එපා කියලා. මම කිව්වා මේ පොස්ට් එක ගැනම. මොනවා වුණත් එයාටත් ස්තූති කරන්න ඕනේ, මේ ඡායාරූපය දැම්මට.
Delete...ඔබ මතු කරපු අදහස සංවේදියි...හැබැයි මගෙ පුද්ගලික අදහස නම් තමන්ගේ මහන්සියෙන් රැකියාවක් කරන කිසිම කෙනෙක් දිහා අපි අනුකම්පාවෙන් බැලිය යුතු නැහැ...එය අගය කල යුතුයි...හොරකම් නොකර කාටවත් බරක් නොවී ජීවත් වෙනවට...
ReplyDeleteහිතේ ඇතිවෙන සිතිවිලි කවියකට ගලපගන්න පරිපුර්ණ නිර්මාණකරුවෙක් වෙන්නම ඕනේ නැහැ...ඔබේ උත්සාහය අගය කරනවා...
ඔව්. මේ අය මේවා බොහොම සතුටින් බාර ගෙන ඉන්නේ. හොඳ උදාහරණයට අපේ ඔෆිස් එකේ ඉන්න එල්.එස්.ඕ. තරම් මම පොත් කියවලා නැතිව ඇති. හැම වෙලාවකම මොනවා හරි කියවනවා. ඇය ඒ අතින් වාසනාවන්තයි. නමුත් ඔය බොහොමයක් අය තමන්ගේ අසල්වාසීන් දකියි කියන බියෙන් පසු වෙනවා.
Deleteතමන්ගේ රැකියාවේ තත්වය ගැන බයෙන් පසුවෙන්නට සිදුවීම අපේ වගේ රටවල තියන බොහොම කනගාටුදායක තත්වයක් සුදීක...ඒ නිසා මිනිස්සු කෙටි ක්‍රම වලින් මුදල් උපයන්නට පෙළඹිලා මොන තරම් සමාජයට හානිදාකයක දේවල් වල නිරත වෙනවද...ඒත් ඒ අය සල්ලි නිසා සමාජයේ වැදගත් කියන කොටසට වැටෙනවා...ඒත් තමන්ගේ මහන්සියෙන් මුදල් හොයන මිනිස්සු ඒ ගැන ආඩම්බරයෙන් කථා කරන්න පැකිලෙනවා අනික් මිනිස්සු එයාලව පහත් කරාවි කියල බයට...ඒකයි අපේ රටවල් කවදාවත් දියුණු නොවෙන්නේ...මිනිස්සුන්ගේ ශ්‍රමය නිසි ලෙස අගය නොකරන නිසා...
Deleteඑන්න පරක්කු උනත් බොහොම සංවේදී අදහසක් කියල නොකිය යන්න හිතුනෙ නෑ...
ReplyDeleteමේ කමෙන්ට් එක දැක්කේ අද. අර කවි ෆොර්මැට් කරන ලින්ක් එක හොයාගෙන ආ ගමන්.
Deleteඇත්තටම ගොඩාක් සංවේදී අදහසක් අයියේ...ඇහැට කදුළක් එන්න ඔන් මෙන්න...
ReplyDeleteඑහෙම නම් ඔබ ඉතා හොඳ හදවතක් ඇති කෙනෙක්.
Delete