විස්මයජනක දෙයක් සිදුවන ඕනෑම මොහොතක, මිනිසුන්ගේ කටින් පිටවන වචන වන්නේ "මගේ දෙයියනේ" (ඉංග්‍රීසියෙන් නම් OMG - Oh ! My God නැතිනම් awesome) යන්නයි. එහෙත් 1977 අගෝස්තු 18 වැනිදා, තමන්ගේ මුළුතැන්ගෙයි මේසයක ඉඳගෙන උන් ජෙරී එහ්මන්, තමන් ඉදිරියේ ඇති පරිගණක මුද්‍රිතයක දුටු ඉලක්කම් සහ අකුරු හයක එකතුවක් දුටු විට ඔහු තෝරා ගත්තේ ඉංග්‍රීසි බසෙයි ඉතා කුඩාම හැඟුම් ප්‍රකාශන වචනයකි - එම සංකේත හය පසුව ලෝකයේ විශාලම ප්‍රහේලිකා අතුරින් එකක් බවට පත් විය. සැණෙකින් රතු පෑන අතට ගත් ඔහු, එම සංකේත වටා රවුමක් ඇඳ පසෙකින් මෙසේ ලිවීය
![]() |
| Image courtesy of the OSU RO and NAAPO |
ජෙරී එහ්මන් මෙම අකුරු තුනේ වචනය "Wow" ලියන විට, ඔහු ඔහියෝ ජනපද සරසවියේ මහාචාර්ය වරයෙක් වශයෙන්, පිටසක්වල බුද්ධි ගවේෂණය කරන ආයතනයේ (Search for Extra Terrestrial Intelligence - SETI) ස්වෙච්ඡා සේවකයෙකු වශයෙන් සේවය කළේය. සෑම දින කිහිපයකට වරක්ම, පාපැදියක පැමිණෙන පණිවුඩකරුවකු, ඔහියෝහී ඩෙළවෙයා ප්‍රදේශයේ පිහිටුවා ඇති දැවැන්ත රේඩියෝ සංඥා දුරේක්ෂය මගින් ලබා ගන්නා ඈත විශ්වයේ සිට පැමිණෙන හඬවල් පිළිබඳ පරගණක මුද්‍රිත ජෙරී වෙත ලබා දෙයි. යම් විස්මිත දෙයක් මතුවුවහොත්, ඔහු එය අනෙකුත් සෙටි(SETI) සහෘද්දයන් වෙත දන්වයි.
එදින ඔහු දුටු දෙය, ප්‍රතිචාර ලැබූ දේව කන්නලව්වක් වැනිය.
මම පිටසක්වල ජීවියෙක් නම් .....
වසර දහඅටකට ප්‍රථම, කෝනල් භෞතික විද්‍යාඥයින් දෙදෙනක් වන පිලිප් මොරිසන් සහ ගුසෙප්පේ කොකොනි, පෘතුවිය වෙත සංඥාවක් එවීමට පිටසක්වල බුද්ධිමත් ශිෂ්ටාචාරයක් පවතීද යන්න ගැන
අදහසක් ගන්නට උත්සාහ කර ඇත. "අප රේඩියෝ සංඥා ලැබෙනවාදැයි බැලිය යුතුයි" ඔවුන් පවසයි. රේඩියෝ සංඥා ජනිත කිරීමට වැඩි ශක්තියක් අවශ්‍ය නැත, එහෙත් අභ්‍යාවකාශය හරහා අතිවිශාල දුරක් ගමන් කරයි.
![]() |
| Image courtesy of the OSU RO and NAAPO |
කොකොනි සහ මොරිසන් අනුමාන කරනවා පිටසක්වල ජීවීන් සංඛ්‍යාත තෝරා ගන්නේ, ගණිතය සහ රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති ජීවියකුට ගෝචර වන ඒවා බවය. විශ්වයේ වඩාත් පොදු පදාර්ථය වන්නේ හයිඩ්‍රජන්ය. හයිඩ්‍රජන් අනුවකට එක්තරා වේගයකින් පහර දීමෙන් අනුනාදයක් ලැබේ.එය මෙගහර්ට්ස් 1420(MHz).ක්. ඔවුන් පවසනවා "ඉතිං බලන්න, මෙගාහර්ට්ස් 1420කින් පැමිණෙන, ලොකු ශබ්දයක් බලන් සිටින අපගේ අවධානය එය වෙත යොමු වෙනවා"
අගෝස්තු 15 වෙනිදා හරියටම බලාපොරොත්තු වූ අයුරින්ම එය ආවා.
ජෙරී දුටු දෙය වුයේ, ඔව් එය රේඩියෝ සංඥාවක්, ඔව් එය මෙගා හර්ට්ස් 1420 කට ඉතාමත් ආසන්න සංඛ්‍යාතයක එකක් (නිවැරදි අගය 1420.4556 MHz, එය බලාපොරොත්තු වූ තැනින් බොඳවී). එය මිනිත්තු 2ත් 2 1/2 අතර කාලයක් පැවතිණි. එය විශාල ශබ්දයක්. කොකොනි සහ මොරිසන් අනාවැකි පළ කල ආකාරයේ සම්ප්‍රේෂණයක්. ඔබ මේ මුද්‍රිතය දෙස බැලුවොත්, ඔබට 6EQUJ5 යන අක්ෂර මාලාව දැකිය හැකිය.
විද්‍යා රචකයකු වන මයිකල් බෘක්ට අනුව, ඔහුගේ 13 වැනි පොත වන "Things That Don't Make sense" "ඉලක්කම් සහ අක්ෂර, වීද්‍යුත්-චුම්බක සංඥා රිසීවරය වෙත ලැබීමේදී එහි තීව්‍රතාව මැනීමට අත්‍යවශ්‍ය වනවා. අඩු ශක්තියකින් එන තරංග 0 සිට 9 දක්වා අංක වලින් සටහන් කරගන්නා අතර ඉහළ ශක්තීන්ගෙන් යුත් සංඥා සඳහා, පරිගණකය අක්ෂර යොදා ගණන්ව : 10 A අකුරිනුත්, 11 B ආදී වශයෙන්". ඉංග්‍රීසි හෝඩියේ අග හරියේ අක්ෂර ලැබෙද්දී ඔබට ඉතා ශක්තිමත් සංඥා ලැබෙනවා.
![]() |
| Image courtesy of the OSU RO and NAAPO |
එනිසා තමයි ජෙරී U අක්ෂරය(ඉංගීසි හෝඩියේ 21ක් වෙනි අකුර U වේ) දකිද්දී ඔහුට දැනුණා කිසිවක් සිදු වෙයි කියා.
ජෙරී පවසනවා "මා මීට් කලින් එතරම් ශක්තිමත් සංඥාවක් දැක නෑ. "U" ලොග් අගයන්ගේ ගත් විට, සාමාන්‍ය සංඥාවක් හා සැසඳීමේදී එය (ගැඹුරු අභ්‍යාවකාශයේ සිට එන) තිස්ගුණයකට වඩා වැඩි ශබ්දයක්. එය එක්තරා මට්ටමක 'හලෝ' කීමක් ඒ වගේම එය ජෙරීගේ ප්‍රතිචාරය පැහැදිලි කිරීමක්.
"එය වාව් ගෑමට හොඳම කාරණාව. මම විස්මයට පත් වුණා" යයි ජෙරී තවදුරටත් පැවසීය.
සක්වල ඝෝෂාකාරී ස්ථානයකි.
![]() |
| B.J. Mochejska (CfA), J. Kaluzny (CAMK), 1m Swope Telescope |
ජෙරී පුදුම වූ තරමටම ඔහු තුළ ප්‍රහෙලිකාවක්ද ඇති විය. ඒ කොහි සිට මේ සංඥාව පැමිණියේද යන්නයි ? SETI විද්‍යාඥයින් එය සැගිටෙරියස් තාරකා මණ්ඩලයේ සිට පැමිණි බව සොයා ගත්තා, M55 ගෝලාකාර රාශියට වයඹට වනන්නට මෙය පිහිටා ඇත. නමුත් එය ජනිත වූ ස්ථානය සෙවූ ඔවුන්ට, එහි ග්‍රහලොවක් හෝ තරුවක් හෝ කිසිවක් නැති බව පැහැදිලි විය. නමුත්, තවමත් එම සංඥාවේ ඒ.එම්/ එෆ්.එම්. ස්වභාවයේ පටු ආයාමය සහිත සංඛ්‍යාතය, එය සිතා මතා එවූවක් යයි යෝජනා කිරීමට අමුතුවෙන් නොකිවයුතු පුදුමාකාර ලෙස වද දෙන්නකි. සමහරවිට මෙම සංඥාව එවූ පුද්ගලයා කවුරුවූවත් හෝ කුමක්වූවත් එතනින් ඉවත් වී තිබිය හැක.
නැතිනම් එසේ නොවන්නටද පුළුවන. සමහරවිට සංඥාවක් නැති වන්නටම පුළුවන්. ජෙරී සහ කණ්ඩායම මෙයට සමාන වෙනත් විකල්ප ගැන සොයා බැලීය. එය චන්ද්‍රිකා සන්නිවේදන පනිවුඩයක්ද(නැත), හමුදා සංඥාවක්ද(නැත), ගුවන් යානා සංඥාවක්ද(නැත), ගුවන්විදුලි තරංගයක්ද(නැත) ? ස්වභාවික දෙයක් විය හැකිද? ස්පන්දනය වන තරුවක් ? එතනින් තමයි එය බේරුම් කර ගැනීමට හැකි වුවේ.
තාරකාවිද්‍යාඥයින් විශ්වයේ හඬ නගන්නන් සොයාගැනීමේ කාර්යයේ දිගටම නිරත වූහ: ගට්ටනය වන කළු විවරයන්, හදිසියේ ක්‍රියා විරහිත වන අඳුරු තාරකාවන්, පිපිරෙන ගැමා කිරණ ආදී වශයෙන්. කොලොම්බියා සරසවි තාරකා විද්‍යාඥයකු වන කැලෙබ් ශාර්ෆ් පවසන්නේ අප සෑම වසරකම තවත් අලුත් දේ දැන ගන්නා විට, වියහැකි දේ කිසිදා නොසිඳෙන බවයි.
ජෙරීට එහ්මන්ට තිබෙන ලොකුම ප්‍රහේලිකාව වන්නේ "එක සංඥාවක් පමණක් ලැබුණේ ඇයි? එය පිටසක්වල බුද්ධිමත් ජීවීයකු යම්තැනකට යවන්න උත්සාහ කල පණිවුඩයක් නම්, ඔවුන්ට එය කිහිප වතාවක් යැවීමට තරම් හැගීමක් ඇති නොවිනිද ? සංඥාව 1977 අගෝස්තු 15 වනදා පතිත වුවත්, එය නැවත සිදු නොවීය.
"එය තමයි විද්‍යාත්මක ක්‍රමයට පදනම" යනුවෙන් කොලොම්බියාහී ශාර්ෆ් පවසයි. "ඔබට එය නැවත සිදුවීමට අවශ්‍යද ?". ඒ විදියටම අනෙකුත් විද්‍යාඥයින්ට එම සොයාගැනීම සනාථ කල හැක".
Wow ! සංඥාව ගැඹුරු අභ්‍යාවකාශයේ සිට උවමනාවෙන්ම පෘථිවිය වෙත එවූවා සැලකිය හැකි ගුණාත්මක බැවින් යුත්, පටිගත කල එකම සංඥාව වේ. ජෙරී එහ්මාන් එය පිටසක්වලින්ම ලැබුණු එකම සංඥාවට තමා සවන් දුන්නේ යයි පවසන්නේ නැත. එය පැමිණි අත ගැන තවමත් විවෘත්ත ගැටලුවක් ඔහුට ඇත. ජෙරී එහ්මාන්ට පැවසිය හැක්කේ, (හැකි උපරිමයෙන්) එසේ නොවිය හැකි සියලුම කාරණා ඉවත දැමිය හැකි බවත්, පිටසක්වලින් ලැබුණු පණිවුඩයක් බව ඔහුට තවමත් ඉවත දැමිය නොහැකි බවත්ය.
2008 දී මයිකල් බෘක් ලියා පළ කල " Things THat Don't Make Sense" නමැති පොතෙහි, හත්වන පරිච්ඡේදයෙහි ඇති මේ පිළිබඳ සටහනෙහි "Wow ! පණිවුඩය බොහෝවිට මා කියවූ හොඳම දේ විය හැකියි" යනුවෙන් සටහන්ව ඇත.
මී කලින් මේ ලිපියට ප්‍රවේශයක් ලැබුණ මේ ලිපි දෙක නොබැලු අය ඉන්නවාද ? .......
[1] ලෝකයේ මෙතෙක් නොවිසඳුණු අභිරහස් දහය - I කොටස
[2] ලෝකයේ මෙතෙක් නොවිසඳුණු අභිරහස් දහය - II කොටස



