Tuesday, October 31, 2023

පර්සිත් යන්න ගිහිං ......

 ඩේවිඩ් බූනෝ

තස්මේනියාවේ මෝඩයානෝ

ඉක්මනට මෙහෙ එනෝ

දොලහ වෙන්නත් එනෝ

~ අංකල් පර්සි


David Boon

Tasmanian goon

Comeback soon

Before noon


From the book “I’m Percy Cricket crazy” by Denzil Perera


Saturday, October 21, 2023

කෝපි තියෙන්නේ බොන්නම විතරක්ද ......

 කෝපි කියන්නේ හරියට අර අන්ධයන් හත්දෙනා දැක්ක අලියා වගේ කියලයි මට හිතෙන්නෙ. එක් එක්කෙනා තමන්ට ගෝචර විදියට තම- තම ණන පමණින් තමයි මේක කියවගෙන තියෙන්නෙ. මොනවා කෝපි කියවනවා මං නම් ඔය ඇහුවමයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඇත්ත කෝපි බොනවා වගේම කෝපි විඳින්නත් පුළුවන්. ඒ ඇඟේ හලාගෙන නෙවෙයි, සුවඳ ඇස් පියාගෙන ආග්‍රහණය කරලා. දන්නවනේ අර බදින මාළු සුවඳත් එක්ක බත් කාපු කතාව. අන්න ඒ වගේ. ගීතයක් ශ්‍රවණය කරලා, කෝමල හඬක්, ගැඹුරු හඬක් අහලා ඔබට විඳින්න පුළුවන්. ඒ වගේම ලස්සන දෙයක් දැකලා විඳින්න පුළුවන්. 


සුවඳින් විඳින්න පුළුවන් බොහොම විරල ඒ වගේම සුලබ දෙයක් තමයි කෝපි සුවඳ. හැබැයි සුවඳ විඳින්න පුළුවන් බොහෝදේ පරිසරයෙන් හොයාගන්න පුළුවන්. සමහරු පෙට්‍රල් සුවඳට, දිගු පෑවිල්ලකට පස්සේ වහිනකොට එන සුවඳට වගේ බොහොමයක් සුවඳවල් වලට කැමතියි. අකමැති දේවකුත් එමටයි. දූරියන් විශේෂයි. සමහර රටවල බස් ඇතුලේ දූරියන් ග්‍ර්නියන්න තහනම්. හැබැයි සමහරුන්ට දූරියනුත් ආගමක්. දන්නවද ඔය ගඳ දේවල් බොහොමයක් සුවඳ වැඩිකම නිසා අපට ගඳ ලෙස දැනෙන්නේ. 



කෝපි මං වගේ සමහරුන්ට ආගමක් වගේ වුණාට, තවත් කෙනෙකුට ඒක මහ මර උගුලක්. හැබැයි එයාලත් කෝපි හදනකොට එන කෝපි සුවඳට ආසයි. ඉතිං මං බොහෝ වෙලාවල් වලට මගේ මේසේ කෙලවරේ තියෙන කෝපි මැෂින් එකේ ජග් එක දිගු කරනවා බොන්න කියලා. බොහෝ දෙනෙකුගේ උත්තරය තමයි "කෝපි බිවුවම බඩ වේලවනවා" කියන එක. මගේ අත්දැකීම් වලට අනුවනම් මේක මිථ්‍යාවක්. හැබැයි මං එහෙම කියන අයගේ මථය සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නෑ. මොකද එක්-එක් අයගේ ශරීර විවිධාකාර නිසා. හැබැයි මට හිතෙනවා මේ දේවල් මානසිකයි කියලා. අපේ මිනිස්සු කෝපි බොන්නම පුරූදු වෙලා තිබුණේ බඩේ අමාරුවක් වෙලාවට. බඩ වේලවාගන්න. එහෙම හිතලා කෝපි බීලා වතුර අඩුවෙන් බීලා ඒ වැඩේ සාර්ථක කරගන්නවා. ඔවුන් නොදන්නෙ දේ මම මේ ළඟදී අවබෝධ කරගත්තා. 


ඉස්සර මටත් ඔය පරම්පරාවෙන් ආපු විශ්වාසය තිබුණා. ඉතිං මාත්

කෝපි බිවුවෙම බඩ වේලවාගන්න ඕනේ වුණ වෙලාවට. පස්සේ කාලෙක නෙස්කැෆේ ආවා අපේ රටට. මං ඒකට පුදුම විදියට ඇබ්බැහි වුණා. ඉන් පස්සේ දවසකට කෝපි කෝප්ප 5ක් බොන ගානට බිවුවා. ඒත් බඩ වේලුවේ නෑ. මං ඒ ඔස්සේ හිතන්න ගත්තා. ඒ වගේම හොයන්න ගත්තා. එහෙම හොයන පිස්සුවක් තියෙන එකෙන් හැම දෙයක් ගැනම සත්‍යය සොයාගන්න මෙවලමක් ඇඟිලි තුඩක දුරින් තියෙනවා. ඒ තමයි ගූගල් සෙවුම් යන්ත්‍රය. ඒක කොයිතරම් ප්‍රබලදැයි විස්තර කරන්න මෙය අවස්ථාව නොවෙයි. මං හොයාගත්තා නෙස්කැෆේ ස්ඵටිකකරණය කරන්නේ කොහොමද, ස්වාභාවිකද, ඇඟට අගුණද වගෙර් කාරණාවල් රැසක්. ඒ එක තැනකදී කියවපු දෙයක් තමයි කෝපි බොනවනම් හොඳට වතුරත් බොන්න කියන එක. කෝපි ජලයේ දියවෙන නිසා, හොඳින් වතුර බිවුවොත් වැඩිහරිය පිට වෙලා යනවා. වකුගඩු වල ගල් වගේ ප්‍රශ්න එන්නෙම නෑ. බඩ වේලවන එකටත් අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුම හොඳින් ජලය පානය කිරීම. මුළින් මං හිතුවේ මේක නෙස්කැෆේ වලට ආවේනික ලක්ෂණයක් කියලා. මොකද නෙස්කැෆේ වලට මගේ බඩ වේලන්න ගත්තේ නෑ. නමුත් සැඟවුනු සාධකය හෙවත් එක්ස් ෆැක්ටර් එක මගේ ජලපානය. හැබැයි එකපාර වතුර වීදුරුවක් ඇදලා දාන එක නෙවෙයි මේ කියන්නෙ. වතුර බෝතලයක් හෝ වීදුරුවක් ළඟ තියාගෙන මිනිත්තු  කිහිපයකට වරක් තොල-කට තෙමන එක. අයියෝ එහෙම බීලා ඇත්ද ? ඔබට හිතෙන්න පුළුවන්. එහෙම බොනකොට නිතර ජලය ඉල්ලා සිටින්න ඇඟ වගබලාගන්නවා. අන්න ඒකට හොඳ මහත්තෙලා නෝනලා වගේ ප්‍රතිචාර දැක්වුවොත් ඇති. දන්නෙම නැතිව ඔක්කොම පෙවිලා.   


කෝපි වලට කරන්න පුළුවන් තවත් විශ්මකර්ම වැඩක් මට දැනගන්න ලැබුණා පර්ෆියුම් එකක් ගන්න ගිය වෙලාවක. ඒ නුගේගොඩ කූල්

ප්ලැනට් එකේ තියෙන එක්ස්ක්ලූසිවු ලයින් එකේ වෙලඳ සහයකයස්ගෙන්. මිනිහා මට දැන් සුදුපාට කාඩ්බෝඩ් තීරුවලට මං ආසකියපු සුවඳට ආසන්න ඒවා ටෙස්ටර් වලින් ගහලා දෙනවා, පොඩ්ඩක් හොලවලා. ඇයි එහෙම කරන්නේ? නැතිනම් සුවඳ බලන එකාට ක්ලෝරෆෝම් ඇල්ලුවා වගේ තියෙයි. ඩෝප් වෙන්නත් බැරි නෑ. හැබැයි පුතෝ ඩෝප් වෙන්න හිතාගෙන ඒ මිනිස්සු අමාරුවේ දානවා එහෙම නෙවෙයි. මම දන්නවානේ ලංකාවේ පුතයලගෙ හැටි. පෝය දවසට කෝෆ් සිරප් බීපු එවුන්නේ. කොහොමත් ලොක්ඩවුන් එක අවුරුදු පහක් විතර තිබුණනම්, ගෘහ කර්මාන්තයක් විදියට පෙරිල්ල පවත්වාගෙන ගිහින් විදේශ විනිමය උපයන්නත් තිබුණා. ඉතිං මට මෙහෙම සුවඳ දැනෙන්නෙ නැතිව යනකොට ඒකා අරගෙන ආවේ නැද්ද රෝස්ට් කෝපි ඇට දාපු කප් එකක්. මේක සුවඳ බලලා බලන්න කියලා. වැඩේ හරි. අර සුවඳ ඛන්ඩනය කරන්න ඒක මරු. ඒ කිවුවේ බ්‍රේක් කරන්න. එහෙම කිවුවම තේරුණා නේ. ඔව් මං ගඩ කාලෙකට ඉස්සර ඉඳං දන්නවා අපේ මිනිස්සුන්ට හරියට සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ, දෙමළත් බෑ(කොහෙත්ම) කියලා. ඒ නිසා  මතක තියාගන්න කෝපි තියෙන්නේ බොන්නම විතරක් නොවේ කියලා.

Tuesday, October 17, 2023

ජැක්සන් ඇන්තනි ගැන අප්‍රකට කතාවක් ......

 ජැක්සන් ඇන්තනි කළාකරුවා ගැන මේ අප්‍රකට කතාව මා සමග පැවසු කෙනා ගැන මම හෙලිකරන්නේ නෑ. ඒකට හේතු කිහිපයක්ම තිබෙනවා. ආසන්නම හේතුව ඔහු මේක කියලා අපේ කතානායකයාට හොඳටම හිනා වුණා. නමුත් ඒ මොහොතේ පවා එය එසේ වුයේ වාසනාවකට බවයි මගේ හැගීම වුණේ. ඇත්ත වශයෙන්ම එය එසේ වීම 100%ක් හොඳයි. ඒ අද අපි ඔහු ගැන අසන ඔහුගේ විවිධ අංශයන් ගණනාවක දැක්වූ දක්ෂතා අසන්න්ටන නොලැබී යන්න ඉඩ තිබුණා. 


ඔබ අසා තිබෙනවාද ගිටාරයක් නිසා දිවි ගලවාගත් පුද්ගලයෙක් හැන ? එහෙම අයෙකු ගැන ඔබ හෝ මම නොදන්නවා නොවුණත් ලෝකයේ බොහෝ අය සිටින්න පුළුවන්. මා දන්නා එක් අයෙක් හෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ අපේ අසල්වැසි නිවසේ කුලී පදනම මත වාසය කල විරාජ් අයියා සහ ඇන්ටන් අයියා. කොහොමද ඔවුන්ට දිවි ගලවාගන්න ගිටාරය පිහිටට ආවේ. ඒ 88-89 අඳුරු යුගයේ.ඔවුන්ගේ ජීවන වෘත්තීය වූයේ සංචාරක හෝටල් වල කැලිප්සෝ සංගීත කන්ඩායමක් ලෙස වාදනයේ යෙදීම. ඔවුන් දෙදෙනා එසේ උපයන මුදලින් යැපෙන්නන් 10-12 සිටි බව මගේ

විශ්වාසයයි. එනිසා මාසයේ දවස් 30ම පිටේ ගිටාර් දෙකක් එල්ලාගෙන පාපැදි වලින් සවස් යාමයේ පිටවනු දැකීම අපේ ගමේ සුලබ දර්ශනයක් වුණා. ඔවුන් එක් දිනක් සුපුරුදු ලෙස රාජකාරිය හමාර කොට මධ්‍යම යාමයත් පසුකොට ආපසු නිවස බලා එන අතරතුර හමුදා ඛන්ඩයක් අල්ලාගෙන ඔවුන්ගේ කඳවුර වෙත ගොනගොස් තිබුණා. ඔවුන් හසුවූ එම මොහොතේ සිට හිරු උදාවනතුරු නැවතත් ගිටාරය වයා ගී ගැයීම අවේලාවේ වීදි සංචාරය නිසා ඔවුන් ලැබූ දඬුවම වුණා. නමුත් එය පවා සුන්දර දඬුවමක් ලෙසයි මා දකින්නේ. එකල සාමන්‍ය අයෙක් මේ තත්වයට මුහුණදුන්නානම් සිදුවනදේ අප කවුරුත් හොඳින් දන්නා කරුණක්. 


නමුත් ජැකාගේ දිවිය ගිටාරයක් නිසා ගැලවීය යන කතාව හුදෙක් හිතළුවක්නොවෙන බව එය පැවසූ පුද්ගලයා අනුව මා දන්නා කරුණක්. මෙයද ඉහත කතාවේ කාලවකවානුවට අදාල සිද්ධියක්. ජැකා ඒ වණවිට පසුවී ඇත්තේ තාරුණ්‍යයේ. එම වකවානුවේ එම වයස්වල සිටිනවුන් එක්කෝ හමුදාවට, එසේත්නැතිනම් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට එකතු වීම සුලබ දෙයක්. අපවැනි අධ්‍යාපනයට කැපවූවන්ද අතරින් පතර සිටින්නට ඇත. අපේ කතානායකයාටද එවැනි කැලෑවක සිදුවන කෑම්ප් එකකට ආරාධනාවක් ලැබී තිබුණි. තනිපයින් ඔහු ඒ සඳහා එකඟ වන්නට ඇත. අහවල් දින අහවල් දින වේලාවට අහවල් තැනට ඇඳුම් බෑගයක් සමග පැමිණෙන්න්ට ආරාධනාවක් මිතුරන් හරහා ලැබී තිබිණි. එම ස්ථානයට ළඟාවන වෑන් රථයක් බලාපොරොත්තුවෙන් ඔහු හිඳ ඇතිනමුත් එකී වාහනය පැමිණ නොමැති හේතුවෙන් ඔහු පෙරලා නිවසට පැමිණ ඇත්තේ දැඩි කණස්සල්ලකිනි. නමුත් සිදු වී ඇත්තේ අනෙකකි. එකී වාහනය පොරොන්දු වූ පරිදි නියමිත වෙලාවට එහි  පැමිණියත් මේ හාදයා ඇඳුම් බෑගයට අමතරව තවත් උපකරණයක් රැගෙන විත් තිබුණි. ඒ ගිටාරයයි. ඒ මේ සංවිධානය අප්‍රකටව තරුණයන් තම අරමුණු සඳහා එක්රැස් කල කාලයයි. ඔහු ගිටාරයක් සමග සිටින විටාර කන්ඩායමේ පැමිණි නායකයා "පිස්සෙක්" යනුවෙන්. පවසා ඔහු හලා ගොස් ඇත. ඒ ඔහුගේ මෙන්ම සුවසහසක් රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ වාසනනාවකටයි. ඔවුන් තරුණයින් එක්කාසු කොට ඇත්තේ ගරිල්ලා සටන් පුහුණුවක් ලබා දීමටයි. අර පිස්සෙක් යනුවෙන් ඔහුට පැවසූ කෙනා කවුරුන් නමුත් හොඳ තීරණයක් ගෙ. ඇතිබව මගේ විශ්වාසයයි.


Sunday, October 8, 2023

2023 ලෝක කුසලානය

 සිංහලෙන් ලියන්න හොඳම මාධ්‍යය බ්ලොග් කියපු මම, දැඩි මථයේ එල්බිලා හිටපු මමත්, බුකියට සින්න වුණා. ඒත් ඩ්‍රැකියගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න මේ වැඩේ කරගෙන යන්න හිතුවා. බුකියේ දාපුවම මේකෙත් දාන්නම්




මේ වගේ ඒවා දාපු සැණින් බළන්න නම් මගේ පේජ් එකට එක්කාසු වෙන්න වෙනවා.
www.fb.com/yesudika

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...