Sunday, October 18, 2026

ඉදිරිපෙළ සහ පසුපෙළ ......

 මා කුඩාකල සිට පුරුදුව සිටියේ පෑසැලේ පන්තියේදී ඉදිරිපෙළ අසුනක වාඩි වීමටය. එය කෙසේ සිදුවූවාදැයි නොදනින මුත්, දක්ෂ ළමුන් ඉදිරිපෙළ තබාගෙන ඉගැන්වීමේ ගුරුවරුන්ගේ පුරුද්ද නිසා මෙය සිදුවූවායැයි මම සිතමි. ඔබට සිතන්නට තිබෙන්නේද එයයි. ශ්‍රීලංකාවේ සෑම පාසෑකම සිදුවන්නේද එයයි කීවොත් මා නිවැරද්‍යි නේද ?


සාමන්‍ය පෙල දක්වාම ඉදිරිපෙල හිඳගත් සිසුවෙකු වූවා පමණක්, නොව පෙරකී සුදුසුකම් සැපිරූ සිසුවෙකු වීමටද හැකි විය. නාමුත් එය කිවයුතු කතාවක්දැයි ඔබට සිතෙනු ඇත. ඉදිරිපෙළ සිටිමින්, පසුපස් පෙළවල් වල සිටිනා සිසුන්ගේ නොපනත් ක්‍රියා වලට ඔවුන් විවිධාකාරයේ දඬුවම්, ගැරහුම් සහ පහත්කිරීම ගුරුවරුන් සිදුකරනා ආකාරය විටෙක සතුටින්ද, තවත් විටෙක කණගාටුවෙන් සහ උපේක්ෂාවෙන්ද බලා සිටියෙමි. තවත් විටෙක එවැනි මිත්‍රයෙකු අපහසුතාවකට පත්වන මොහොතක ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී තරවටුටද ලක්වී ඇත්තෙමි. ඒ කතා අතුරින් මහක ඇති එකක්,  සටහන් කිරීම වටී.


මා එවකට අධ්‍යාපනය ලැබූයේ කළුතර නගරයේ විනය පිලිබඳ ඉහළ නමක් දිනාසිටි ඥානෝදය මහා විද්‍යාලයේය. මා එහි ගතකල අවසන් වර්ෂයේදී 11 වසර 1 සී යනුවෙන් නම්කල පන්තියේ ඉංග්‍රීසි එල් හැඩයෙන් යුක්ත ඩෙස්ක් පේලියේ ඉදිරියෙන්ම පැවති ආසන තුනෙන් එකක මා සිටි අතර අනෙක් දෙක රවීන්ද්‍ර ලියනගේ සහ හරිතප්‍රිය සිටි බව මගේ මතකයි. අප පාසැලට අළුතෙන්ම ගුරුමාරුවක් ලබා ආ ගුරුවරයෙක් ගණිතය උගැන්වීමට අප පංතියට් ආ අතර, හෙතෙම සංඛ්‍යානය අපහට ඉගැන්වීම ආරම්භ කරන ලද, එම පාඩමෙහි නිතර කියවෙන "මාතා පංතියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන මධ්‍යන්‍යය ගනණය කරන්න" යන වැකිය අදටත් කටපාඩම් වූවා පමණක් නොව, එම ගුරුවරයාටා "මාතෙයා" යනුවෙන් නම් තැබීමට අප පංතියේ සිටි කටකාරයෙකු සමත් විය.  මාතෙයා යන නාමයට ගැලපෙන්, තඩි උදරයක් සහ තරබාරු සිරුරකට මේ ගුරුභවතා උරුමකම් කීවේය. දිනක් ඔහු සුගත්ගෙන් ප්‍රශ්නයක් විමසූ අතර, අධ්‍යාපනයට වැඩි උණන්දුවක් නොදැක්වූ සුගත්, ගල් ගිල්ලා මෙන් සිටින විට, මා ඉදිරිපත් වී උත්තරය ලබාදුන් විට, "ඔයාගේ සුගත් නෙවෙයිනේ" යනුවෙන් පැවසූ විට මා හනික මගේ පොතේ මුල් පිටුවේ සුගත් යනුවෙන් සටහන් කර "මමසුගත් තමයි" යනුවෙන් පිළිතුරු ලබා දුනිමි. එය නැසූකන්ව හෙතෙම තම උගැන්වීම කරගෙන ගියේය. සුගත් සහ උපුල් නිවුන් සහෝදරයන් දෙදෙනා පාසැල නිමාවත් සමගම දිව යන්නේ එලවලු මාකට් එකට වූ අතර ඒ තම පියාට සහයෝගය ලබා දීමටය. එහි අත්දැකීම අපහට විස්තර කරන අතරතුර දෙදෙනාග්ව්න් කෙනෙකු පවසන්නේ "ලාභයි කියනවාට අපි කියන්නේ ලූබූවයි කියලා" යනුවෙනි. ඒ එලවළු වෙළඳාමේ උපසංස්කෘතිය තුල ඇති වචනය

අප දැනගත්තේ වෙළඳ දෙබෑයන් සේ අප නම්කල සුගත්-‍උපුල් ජෝඩුව නිසාය. ඔවුන් දෙදෙනා, වැඩි ප්‍රසිද්ධියක් ඉසුලූවේ අන්ඩපාල

වැඩ වලටය. දවසින් බොහෝවේලා ගතකලේ විදුහල්පති තුමාගේ කාර්‍යාලය ඉදිරිපසය. ඒ දණබිම ඈණ, අත් මාරුකර කන් අල්ලාගෙනය. ඔවුන්ට ඒවා පංතියේ ඉගෙනීමට වඩා, ප්‍රිය අත්දැකීම්‍ විය.


ගුරුවරුන් විසින් මෙසේ කුඩාකාලයේම කොන් කරනා සිසුන් යලිත් කිසිදු දවසක, ඉදිරිපෙළට නොඑනවා පමණක් නොව, අධ්‍යාපනයට දස්කම් නොදක්වන්නෝ බවට පත් වෙති. නමුත් මා උසස්පෙළට අධ්‍යාපනය සඳහා පැමිණීමෙන් පසුව, පංතියේ වැඩිදෙනා, ගුරුවරිය පිළිබඳ තැකීමක් නොකොට, තමන්ගේ ලෝක වල, තමන්ට රිසිදේ කරමින් කාලය ගෙවන කල්හී, එම පාසැලට මාරුවීමක් ලැබ ආ, අප පන්තිභාර ආචර්‍යවරිය වූ ධර්මා මහත්මියට එයට ඉහිලුම් නොදුන්නේය. ඇය විශාල පරිවර්තනයක් සිදු කලාය. මා ඇතුළු ඉදිරිපෙළ සිටි කිහිපදෙනා පසුපසම ඩෙස්ක් පේලියටත්, පසුපසම සිටි පිරිසි ඉදිරි පෙළටත් ආදී වශයෙන් හුවමාරු කලාය. එයින් ඇය බලාපොරොත්තු වූයේ, යම් තරමක හෝ අධ්‍යාපනයක් සියලුපිරිසට ලබා දෙන්නටය. ඒ අතරවාරයේ අප අයාලේ නොයවා රඳවාගන්නටත් ඇය වග බලා ගත්තාය. අප සිටියේ අධ්‍යාපනයේ සැබෑ උවමනාවින්ම බව ඒ වනවිටත් ඇය පසක් කරගෙන සිටියාය. ව්‍යායාම සාර්ථක නොවූ බව පසක් වූයේ උසස්පෙළ ප්‍රත්ඵලත් සමගය. එයින් යම් තරමකට හෝ සමත් වූයේ මමත් චන්දනත් පමණි. අජිත් මහින්ද විෂයන් තුනක් සම්මාන(C) ලැබූවත්, එකක් අසමත් වී තිබිනි. ලකුණු ලැබිය හැකි මට්ටමේ පසු වූයේ අප දෙදෙනා පමනි. 


මෙම පසුපස පේලියේ සිටීමේ වාසි මෙන්ම අවාසිද ඇත. සෑම දෙනාම සිදුකරන දේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇතිමුත්, එය බාධාවක් වන අවස්ථා බොහෝමයි. ඉන් පසුව මා අධ්‍යාපනය ලැබූ සෑම තැනකම පිටුපස පේලියේ හිඳ ගැනීම ප්‍රිය කලේය. නමුත් එක් ගුරුවරයෙකු පමණක් අවසන් පේලියෙන් ප්‍රශ්න ඇසීමට පුරුදුවී උන්නේය. ඒ මා බීසීඑස් සඳහා අධ්‍යාපනය අයිඩීඑම් ආයතනයෙන් ලැබූ අවස්ථාවකය. ඔහු ප්‍රශ්න අසන සෑම විටෙකම දිව මතුරක් සේ පැවසූ වැකියක් වෙයි 


"Geniuses are in last row" (ප්‍රතිභාසම්පන්නයන් සිටින්නේ අවසන් පේලියේ)


යනුවෙනි. ඒ කීම අර්ධ සත්‍යයක් යන්න මගේ විශ්වාසයයි. දක්ෂයින්ට තැනක් නැත. ඔවුන් මඩගොහොරුවේ පිපිනු නෙළුමක් සේ විකසිත වෙයි. අවශ්‍ය වන්නේ ඔවුන් ආරක්ෂා කර ඉදිරියට යැවීමයි. නැතිනම් ඔවුන් Tall poppy syndrome නැමති තත්වයට ගොදුරු වෙයි. මටද එය සිදුවූ අවස්ථා තිබේ.



No comments:

Post a Comment

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...