| ගිනිගත්හේන යනුවෙන් පවසන විට මා කුඩාකල මතකයට එන්නේ ගිනිගෙන විනාශවී ගිය හේනකි. එය කොහි පිහිටා තිබෙනවාද ? උෂ්ණ කලාපයට අයිති කොටසක්ද ? ශීත කලාපයට අයත් ගමක්ද ? යන්න ගැන කිසිම නිනව්වක් නැත. අද මෙන් අන්තරජාල පහසුකම් නොතිබුණ කාළයක, ඒ පිලිබඳ වැඩිපුර සොයා යන්නට ආශාව තිබුනද, ඒ සඳහා අවස්ථාවන් විරල විය. එකළ සිටි වැඩිහිටියන් අද මෙන් කාරුණික නොවීය. පිට පුරා දැඩි අතුල් පහරක් එල්ල කරන්නටද සමහරවිට මෙවැනි ප්රශ්ණයක් ප්රමාණවත්ය. මා උසස්පෙළ අවසන් කරනවාත් සමගම ශ්රී පාදය කරුණා කරන්නට අපේ ක්රීඩා සමාජ පාපන්දු හා ආශ්රිත පිරිස සුදානම් වුවත්, මේවාට සහභාගී වීම සඳහා මට අවස්ථාවක් උදා වේදැයි මා සිටියේ මද දෙගිඩියාවකය. මේ වෙනුවෙන් මා ජයගතයුතු කරුණු දෙකක් වෙයි. ඒ මේ සඳහා අවසර ලබා ගැනීම සහ එයට සහභාගී වීම සඳහා අවශ්ය බරපැන සපයා ගැනීමයි. එකළ අම්මා කිසිදු දිනක නිවසින් පිට රාත්රියක් ගත කිරීම සඳහා අවසර ලබා දුන්නේ නැත. එසේ කිරීමට අවශ්ය නම් ඒ සඳහා මාසයක පමණ පෙරසුදානමක් අවශ්ය වේ. මා එය සිදු කළ ආකාරය පිළිබඳව කිසිදු මතකයක් නැත. ඒ කාළයේ මා මුදල්
________________________________
පද්දතියට ඇතුලත් කර, ජංගම ගිණුම්, උකස් පද්දතිය,ප්රධාන ලෙජරය ආදී මෙකි නොකී සියල්ල නව පද්දතියට ඇතුලත් කොට, ශාඛාවේ අත්හුරු ක්රමයට වැඩ කළ සේවකයින්ට නව පද්දතිය පිලිබඳ පූර්ණ පුහුණුවක් ලබා දීමය. මෙවැනි ගමනකදී මා හා නාමල් පද්දතිය පරිවර්තනයට කාළය ගත කරත්දී, අකිල කරන්නේ ටර්මිනල් සවිකර, ඒවායේ කේබල් පිළිවෙලකට අකුලා තැබීමයි. සාපේක්ෂව අප දෙදෙනාට යම් වගකීමක් තිබේ. ඒ සිකුරාදා පැමිණෙන අප සඳුදා උදේ වන්නට ප්රථම මේ සියල්ල හමාර කිරීමයි. මෙවැනි ගමනකදී පැරණි ශාඛාව සහ බොහෝ විට නව ගොඩනැගිල්ලක ඇති ශාඛාවක් අතර බඩුමුට්ටු එහා මෙහා කිරීමට සිදු වෙයි. ශාඛාවේ අය මෙවාවට කරදර වන අතරේ, ශාඛාවේ පිරිමි පාර්ශවය හවසට හවසට මේසයක් වටා සෙට් වීම සාමාන්ය දර්ශනයකි. මෙවැනි ගමන් වලදී ඔවුන් අපව ඒ මේස වලට අනිවාර්යයෙන් සහභාගී කර ගනියි. සමහර කපටි පුද්ගලයින් අනෙක් අය මග හැර අප සිවුදෙනා සමග පමණක් සෙට් වීමට උත්සාහ කරයි. එවැනි උත්සාහයන් කරන්නේ පරිගණක ගත කිරීමේ ක්රියාවලියෙන් පසු පද්දති භාරකරුවා වීමටය, එය එක්තරා අයුරකින් ශාඛාවේ නිළ නොවන කළමනාකාර තනතුරක් වැනි බලතල හිමිවන අවස්ථාවක් නිසා පමණක්
________________________________
විශාල තැතිගැන්මකින්. සමහර සේවකයින් පරිගණකයක් ඉදිරියේ වාඩි වන්නේ ජීවිතයේ ප්රථම වතාවට. සමහරුන්ගේ වයස පනස් ගණන්. මේ වගේ අයට කුඩා දරුවකුට උගන්වනවා වගේ පහසුවෙන් උගන්වන්න බෑ. ඔවුන්ට එක් යතුරක් තද කරන්න කිවුවොත්, යතුර උඩ ඇඟිල්ල තියලා කරකනවා. එතකොට අකුරු පේලියක් වදිනවා. ඉතිං මේ විදියට පටන් අරගෙන, සති දෙකක් ඇතුලත අපේ සහයෝගය නැතිව වැඩ කරගෙන යන්න එයාලට පුළුවන්. පුළුවන් වුණත්, බැරි වුණත් අපි එනවා. නැත්නම් ජීවිත කාලෙම හිටියටත් එයාලා තනියම වැඩ කරගෙන යන්නේ නෑ. අපි මෙහෙ ආවට පස්සේ කරන්නේ එයාලා වරද්ද ගත්ත තැන් හදා ගන්න දුරකථනයෙන් උපදෙස් දෙන එක. පළවෙනි දවසේ වැඩේ බොහොම අපූරුවට අවසන් කරලා අපි රෑ හත වෙනකොට නවාතැනට ගියා. නමුත් දෙවෙනි දවසේ අර පුද්ගලයා අවුට්-අවුට් කියා හැමතැනම ඇවිදිනවා. ඒ කාළයේ තිබුණා අපේ පද්දතියේ ශාඛාව තුලනය වී ඇත්දැයි බලන පොදු ලෙජරයට අයත් කොටසක්. බොහෝවිට අපි භාවිතා කළේ මේ වැඩසටහන. එය තුලනය වී ඇතිනම්, බැච් බැලන්ස් යනුවෙන් සටහන වෙනවා. අසමතුලිත අවස්ථාවක සොරි නොට් බැලන්ස් යනුවෙන් තිරයේ දිස් වෙනවා. මේ පුතයා(කිවුවට 40 පැනලා), සොරි not එක, සොරි නොට් එක
දන්නේ නෑ. රුක්ගොමුවකින් හෙවන වුණු වංගු සහිත ඔයක් කිව්වොත් නිවැරදි තැනක. එතැන තියෙනවා අඩි හයක හතක දිය ඇල්ලක් වගේ බොහොම සීරුවට කඩා හැලෙන තැනක්. එතැනට ඇවිත් හිටිය පොඩි එවුන් වගයක් ටියුබ් එකක් දාගෙන වේගයෙන් ගලන මේඔයේ පහලට ටික දුරක් ගිහිං නැගිටලා අර ටියුබ් එක කරේ දාගෙන ඉහලට යනවා. අපිටත් මේ සෙල්ලමට ආසහිතිලා පොඩි එවුන්ගෙන් ඉල්ලගෙන මේ ටියුබ් ගමන ටික වෙලාවක් කළා. පොඩි එවුන් නරක වෙයි කියළා හිතලද කොහෙද උන්ගේ මහ එවුන් ඉක්මනට යන්න තීරණය කරපුනිසා ටියුබ් එක හිල් වෙන්න කලින් පොඩි එවුන්ට යන්න පුළුවන් වුණා. අපේ කට්ටිය අවශ්ය කරන කළමනා එහෙමත් අරගෙන ඇවිත් තිබුණ නිසා සමහරවිට පොඩි එවුන්ගේ මහ එවුන් හිතන්න ඇති අපි ටියුබ් එකේ ගාස්තුව විදියට පොඩි එවුන්ට ෂොට් එක ගානේ දෙයි කියළා. එහෙම වුණොත් ඉතිං මහ එවුන්ට කෙළ ගිල ගිල තමයි ඉන්න වෙන්නේ.මොකද ඒ වගේ වැඩකට නොදන්නා එවුන් හවුල් කරගෙන අනාගත්ත අත්දකීම් බොහොමයක් තියෙන නිසා, ඒ වගේ අභීත තීරණයක් ගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. මෙන්න මෙතැනදී ඉරෝෂාගේ කැමරාව ක්රියාත්මක වුණා. ඒ ඡායාරුප අපිට පසු අවස්ථාවක බලන්නට සැලස්වුවත්, එයින් කිහිපයක් මේකට
_______________________________
ගත්තා. එය බලන්න බැරි වෙන්න අටකට විතර නවලා ස්ටෙප්ලර් කටු ගහලා තිබුණා. එය ගැලවූ පසු අගය හරි. මම නැවතත් පද්දතියේ පෙන්වන අගය බලන්න, ඒ වැඩසටහන නවතාඇ ක්රියාත්මක කළා. මම අගයයන් දෙක දෙස නෙත් යොමු කළා. වෙනස් !!! පස්සේ මම දින දෙක සංසන්දනය කළා. මට ඒ වෙලාවේ මේකා කළ මගඩිය පැහැදිලි වුණා. මේ වෙනකොට මේ හාදයා දකින්න හිටියේ නෑ. ඔහු කර තිබුණේ කලින් දවසේ මුද්රිතයක් අරගෙන ඒ අගයට පිවිසුම් පැනවීම. මට යකා ආවේශ වුණා. පස්සේ මිනිහා ආවම සියල්ලම ඉදිරියේ කිවුවා. "මේකෙන් ඕටී කරලා හදන ගෙයි කාමරයක් මටාත් ඕනේ" කියළා. මිනිහා මීක් නෑ. ඔය වගේ අය කාලාතුරැකින් හිටියත්, බොහොම විරලයි. ඒ නිසා මේ වගේ සඳහනක් කළේ එහි රසවත් බව ඔබට කීමට. නැතිව මහජන බැංකුව නමැති මා ඇතුළු බොහෝ දෙනකු ජීවත් කරවන සුවිසල් ආයතනට වචනයකින් හෝ අගතියක් කරන අදහසින් නොවෙයි. ඔය ගිනිගත්හේනේ සිස්ටම් එක බාර දුන්න රත්නායක කියළා කෙනෙක් හිටියා මිනිහා සිස්ටම් කියන එකට කියන්නේ සිස්ටන් එක කියළා. ඉතිං අපිට වඩා වැඩිහිටියෙක්ගේ ඉංග්රීසි නිවැරදි කරන්න යන්නත් බෑ. කියන සමහර දේවල් තේරුම් අපහසුකම වගේම හිනා යන්න ආවත් හිනා වෙන්නත් බෑ.
________________________________
________________________________
එහි කාමර වෙන් කර ගත්තා. මේ යුගයේ ලංකාවේ කුමන පළාතකට අපි විසිත්ත කළත්, මගේ ජොගින් ඇඳුම් කට්ටලය රැගෙන යන්න, මම අමතක කරන්නේ නෑ.දැන් මම දෛනිකව ව්යායාම නොකලත්, දැනට අවුරුදු 4 කට පෙර එය ජීවිතයේ අත්යවශ්ය අංගයක් වෙලා තිබුණා. ඒ වෙනුවෙන් සිහින් සිරුරක් පවත්වාගෙන යන්න මම වෙනත් ක්රමයක් අනුගමනය කරනවා. ඒ ගැන පොස්ට් එකක් පසුව ලියන්නම්.
මේ ගමනට එකතු වුණු අපේ රියැදුරු මහතා ගැන වචනයක් සඳහන් කරන්න ඕනේ. ඔහුගේ නම සෝමරත්න, ඔහු ව්යාපාරිකයෙක්. ඒ නිසා අපිට කරදර අඩුයි. මේ වගේ ගමන් වලට එකතු වෙන සමහර රියැදුරු මහත්වරු පූල් එකේ ගාන සේටල් කරන්නේ නැතුව මාරු වෙන්ව. පූල් එක කියන්නේ, මේ වගේ ගමනකදී පවත්වාගෙන යන පොදු අරමුදල. මුලින්ම හැමෝගෙන්ම රුපියල් 2000ක් විතර එකතු කර ගන්නවා. ඒ අරමුදල හසුරුවන්න එක් අයෙකුට භාර දෙනවා. ඉන් පස්සේ එන හැම වියදමක්ම දරන්නේ ඒ අරමුදලින්. එයා කරන්නේ ඒ බිල් තමන්ගේ ළඟ තබාගෙන, පොදු ගිණුමක් පවත්වාගෙන යන එක. ඒ වියදම බෙදලා අදාළ අයගේ වියදම් තීරුවට එකතු කරනවා. තව මුදල් අවශ්ය නම් නැවත එකතු කරනවා.
________________________________
අතකින් වාසියි. එයාලා ඇඟට ගොඩ වෙන්න එන්නේ නෑ. ඉතිං සෙනෙවිරත්න ලොක්කා අපි යමුද තේකක් බොන්න කියළා කථා කළා. කවුරුත් මේ වෙනකොට උදේටත් සප්පායම් වෙලා. එහෙනං උඹ පලයන් කියළා, නාමලා මාව පංගාර්තු කළා. මමත් එතුමා එක්ක ගිහිං ආගිය තොරතුරු කථා කරන ගමන් තෙකක් රස බැලුවා. එතකොට මම තේ බොනවා. දැන් බොන්නේ නෑ. අනික මේ වගේ පළාත් වල තේ හරිම රසයි. හේතුව විස්තර කරන්න අවශ්ය නෑ. කොලිටි බඩු මේ පැතිවල හිඟන්නොත් බොන්නේ. මේ වගේ ගමන් වලදී ලැබෙන වාසි කිහිපයක්ම තිබෙනවා. ඒ මේ වගේ පළාත් වල තිබෙන වස-විසෙන් තෝරා ආහාර පරිභෝජනයට ලැබෙන අවස්ථාව, අනික ඒවා මිලදී ගෙන එන්න ලැබෙන අවස්ථාව. සමහර වෙලාවට අපි තොග පිටින් ගෙනැත්, අපේ අසල්වැසි, ඥාති අය අතර බෙදා දෙනවා. ඒ තරමට ඉස්තරම්, ඒ වගේම මිලත් අඩුයි. මේ ගමනේ රියැදුරු සෝමරත්න ව්යාපාරිකයෙක් කියළා මම කිවුවා. එයාට අයිති කඩයක් තමයි නාරාහේන්පිට අභයාරාමයට පාරෙන් අනික් පැත්තේ තියෙන්නේ. එතැන සරු ව්යාපාරයක් තියෙනවා. ඉතිං සෝමරත්න, මුදලට ලෝභ නෑ. ඒ වගේමයි හොඳ මහත්මයෙක් වගේ හැසිරෙනවා, නිතරම ඉහළ කළමනාකාරීත්වයට සේවය කළ කෙනෙක්. මිනිහා බ්රාන්ච් වලට
________________________________
කියළා. මමත් ගොනා වගේ අරගත්තා. දා ගත්තම සුදුවට රවුම් දෙකක් පෙනුණා. මේකා කොළ කෑලි දෙකක් රවුමට කපලා. ඒකෙ පුරුෂ පක්ෂයේ සෙට් එකක් ඇඳලා අලවලා. වැඩේට මටත් හිනහා. පස්සේ ඉතිං ඕක මුළු අංශයේ ඉන්න හැම එකාටම මාසයක් විතර කියවලා රසය ගන්නවා. වලස්මුල්ලෙදී කරපු තවත් රසවත් වැඩක් මතක් වුණා. ඒ විස්තරය පසුවට.
ඔය බ්රාන්ච් වල සුළු සේවකයෝ සෙට් එක පුදුම ආතල් කොට්ඨාශයක්. ගිනිගත්හේනේ හිටිය කෙනාගේ නම මට මතක නෑ. පලවෙනි දවසේ හවස, මැනේජර්, එතකොට උපදේශක සිකුරිටි, මේ පියන් හරි ලේබර් හරි කෙනා විතරක් ඉතුරු වෙන්න අනික් අය ගියා. සිස්ටම් කරන්න දාලා තිබුණ රත්නායක අනික් කෙනා මගේ මතකය නිවැරදි නම් දර්ශිකා. ඒගොල්ලොත් ගියා. ඉන් පස්සේ බෝතලයක් අනුමත කරන්න අපිටත් ආරාධනා කරා. මම බොන්නේ බියර් නිසා මට කාර්ල්ස්බර්ග් එකක් ගෙනැවිත් තිබුණා. ඉතිං කට්ටිය සෙට් වෙලා යන අතරේ, මම මේසෙට ඔලුව ගහගෙන පොඩි නින්දක් අරගෙන. දැන් අර ලේබර් උන්නැහේ(කිවුවට 30ක් විතර ඇති කාළ වර්ණ පොරක්) මොකක්දෝ කථාවක් කියනවා. වල් ඌරෝ මුණගැහුණු කතාවක්. ඒ කාලේ අපි බ්රාන්ච් ගිය ගමන්ම හොයන්නේ
________________________________
එකතු කරගන්න පුළුවන්. ඒ වගේම එතුමා ඇමති කෙනෙකුගේ පුද්ගලික ලේකම් වරයෙකු වශයෙන් ලබපු රසවත් කතා ටිකක් එකතු කරන්න පුළුවන් වෙයි. මේ වෙනකොට මම බොහොම සංයමයෙන් එතුමාට ඇහුම්කන් දෙනවා. ගිනිගත්හේනේ පළමු සතියේදී අපිට බ්රාන්ච් එකේ අයත් එක්ක වැඩිය සෙට් වේවි ඉන්න ඉඩකඩ නැති වුණත්, දෙවෙනි සතියේ එයාලා වැඩ තනියම කරගෙන යන තත්වයකට ආවම, අපිට වේලාසනින් වැඩ අහවර කරගෙන ඒ කටයුතු වලට වේලාසනින් සුදානම් වෙන්න පුළුවන් වුණා. මේ බ්රාන්ච් එකේ කෙල්ලෙක් හිටියා කවුන්ටරයේ, කැම්පස් යන්න කළින් බැංකුවේ තාවකාලික පදනම මත සේවය කරන. ඉතිං මේ අය අපිට් එක්ක ඉක්මනින්ම කුළුපග වෙන කට්ටිය. හේතුව තමයි මුලින්ම ට්රේනින් දෙන්න වෙන්නේ කවුන්ටර් වල ඉන්න උදවියට වීම. එයාලගේ වැඩ, කරගෙන යන්න අපේ සහය අත්යවශ්ය වෙනවා. මේ කෙල්ලගේ නමත් මට ඒ හැටි මතක නෑ. ඒ කෙල්ල ඇවිත් මගෙන් ජාවා(ක්රමලේඛන භාෂාවක්) පොතක් ඉල්ලුවා. මම කිවුවා, මගේ ගාව නම් නෑ හොයලා බලන්නම් කියළා. බලනකොට ඒ කෙල්ලගේ අයියා ජාවා ඉගෙන ගන්නවා, ඒත් කැම්පස් එකේ. ඒ කෙල්ල දවසක් කවුන්ටර් පුටුවේ පණුවෙක් වගේ නලියමින් සාමනේර ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක අල්ලාප-බැලුවම තමයි දැන ගන්න ලැබුණේ
________________________________
මම ඒ ගැන දැන ගත්තේ, අපේ බැංකුවේ ක්රීඩා උත්සවයක් අමතන්න ආපු මහාචාර්ය ලක්ෂ්මන් පියසේන මහතා කළ කතාවකින්. එතුමා කතා කරමින් මේ බැංකුවේ නිර්මාතෘ වින්සන්ට් සුබසිංහ මහතා ගැන සඳහන් කරමිකන් කියා සිටියා "එතුමා මුලින්ම මේ බැංකුවට බඳවා ගත්ත සේවකයින්ගෙන් සම්මුඛ සාකච්ඡාවේදී විමසපු කාරණයක් තමයි, මිනිසුන්ගේ දහඩිය ගඳ-සුවඳ ඉවසන්න පුලුවන්ද ? කියන එක". මගේ හිතේ මේ වාක්ය කිහිපය බොහොම ගැඹුරු විදියට පැලපදියම් වුණා.
දෙවෙනි සතියේදී අපි ඔවුන් ලඟට වෙලා පුහුණු කටයුතු කරන්නේ නෑ. අපි බොහෝවිට පද්දති කාමරයේ සිට ඔවුන්ට අවශ්ය වූ විට පමණක් පිටතට පැමිණ අවශ්ය උපදෙස් ලබා දෙනවා. මෙවැනි දවසක තේ බොන්න එලියට ගිය අවස්තාවක අපත් සමග ශාඛාවෙන් එකතුපුද්ගලයෙක්, පැරණි ගොඩනැගිල්ලක් අසළ මිටි බංකුවක හිඳ සිටින අපිළිවෙල දිගු රැවුලක් සහිත පුද්ගලයෙකු පෙන්වා, නියම මෑන් කෙනෙක්, පොඩ්ඩක් කතා කරළා බලමුද කිවුවා. අපිටත් විශේෂ හදිසියක් නොතිබුණු නිසා ඔහුගේ අදහසට එකඟ වුණා.
මේ මුණගැසීමට අවුරුදු දහඅටක් වත් වෙන නිසා, මට හරියටම මේ මනුස්සයාගේ නම මතක නෑ. කොහොමත් අවුරුදු 80 කට
________________________________
ඔහු තවත් බොහෝ දේ පැවසුවා, නමුත් අද මට ඒ ගැන නිශ්චිත මතකයක් නෑ. | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 2 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 3 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 4 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 5 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 6 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 7 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 8 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 9 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 10 | අවශ්යතාවයක් ඇති වූ විට දිව යන්නේ අක්කා වෙතය. කෙසේ හෝ එම විනෝද චාරිකාවට එක් වුයෙමි. එහි ගමන් මග යොදාගෙන තිබුණේ ගිනිගත්හේන හරහාය. මා මුලින්ම ගිනිගත්හේන දුටුවේ එදාය. එහි කිසිම ගිනිගත් ස්වභාවයක් නැත. ඉතා සිත්ගන්නා සුළු මනස්කාන්ත පරිසරයක් එයට ඇත. ඉන්පසුව මා මේ නගරය වෙත පෙමින් බැඳුනේය. ඕනෑම කෙනෙකුට එවැනි නගර කිහිපයක් ඇත. ගිනිගත්හේන එසේ මා ප්රිය කරන එක් නගරයකි. ඉන් පසුව මගේ රාජකාරි කටයුතු සඳහා මෙම නගරය කිහිප වරක් පසු කරන යන්නට අවස්ථාව උදා වුවද, එම නගරයේ නවාතැන් ගෙන එහි සති දෙකක කාළයක් සේවය කරන්නටඅවස්ථාව උදා විය. ගිනිගත්හ්න ගමනට මා එක් වුයේ ඉතා කැමැත්තෙනි. නාමල් සහ අකිල මේ ගමනට එක් වූ කණ්ඩායමේ අනෙක් දෙදෙනාය. එහි ප්රධානත්වය ගත්තේ නාමල්ය. ඉන්පසු අත්දැකීම ඇති මමත් සහ අකිල වගකීම් අතින් නාමල්ට වඩා අඩු බරක් දැරුවෙමු. මෙවැනි ගමනකදී අපගේ වගකීම වන්නේ, කොළඹින් රැගෙන යන සර්වරය, ටර්මිනල් සහ මුද්රණය යන්ත්ර නව ශාඛාවේ සවි කර, පැරණි ශාඛාවේ තිබෙන පැරණි පද්දතියේ ඇති දත්ත නව නොව, දෛනිකව පද්දතිය සමතුලිත කිරීමේ වගකීම හිමි වන්නේ මෙකී පුද්ගලයාට නිසා, ඔහුට සැලකිය යුතු අතිකාල ප්රමාණයක් හිමි වන නිසාය. ඉතිං ඔවුන් අපට සමීප වීමට උත්සාහ කරයි. නම් වශයෙන් සඳහන් කිරීමට වුවත්, එවැනි පුද්ගලයෙකු අපට රක්වානේදී මුණගැසිණි. එහිදී ප්රධාන වගකීම දැරුවේ මා වූ අතර, සුපුරුදු පරිදි අකිලද මෙම ගමනට එකතු විය. පද්දතිය ක්රියා කරවීමේ සඳහා පත්කළ පුද්ගලයා මුල සිටම උත්සාහ කළේ හැකිතරම් අතිකාල ප්රමාණයක් කර මඩිය තර කර ගැනීමටයි. ඔහු නිතරම අපගෙන් ඉල්ලා සිටින්නේ ගොඩකවෙල ශාඛාවට ගෙනැවිත් සවිකළ වර්ගයේ පරිගණක පද්දතියක් මෙහිද ස්ථාපනය කරන ලෙසයි. ඒ ඇයිදැයි අප විමසා සිටි විට, ඔහු පවසන්නේ එම පද්දතිය ස්ථාපනයෙන් පසුව සිස්ටම් ඔෆිසර් අලුත් ගෙයක් හැදුවා යන්නයි. පළමු සඳුදා දිනයේදී සියළු කටයුතු පිලිබඳ පැහැදිලි පුහුණුවක් ඔවුන් වෙත ලබා දීම අපගේ වගකීමයි. සඳුදා උදයෙන්ම අපි ශාඛාවට පිවිසෙන්නේ උදෑසන තේ එක පමණක් පානය කිරීමෙන් පසුවයි. උදෑසන ආහාරය ගැනීමට කඩ ගානේ යන්න ගියොත්, සඳුදා පැමිණෙන ගනුදෙනුකරුවන්ට සේවය ලබා දීම තබා, පද්දතිය හසුරුවාගන්නටවත් ඒ සේවකයන්ට නොහැකි වෙනවා. ඔවුන් ඉන්නේ
_______________________________
වශයෙන් දිව මතුරක් වගේ කියාගෙන යනවා. එයින් ඔහු බලාපොරොත්තු වන්නේ, පොදු ලෙජරය බැලන්ස් නොවී පැවතීමයි. එවිට ඔහුගේ අතිකාල මීටරය කරකවන්න පුළුවන්, ඒක සොයන නියායෙන්. එදා අවුට්-අවුට් ගාගෙන යනකොට මම ඇහුවා මොකද කියළා. මිනිහා කියනවා 110.87 වගේ ගානකින් අවුට් කියළා. අපි දන්නා සෙල්ලම් සේරම දාලා හෙවුවා, අහු වුණේම නෑ. පස්සේ මම ඇහුවා ටී.ඕ.ඩී. ඉන්ටරස්ට් දැම්මද කියළා. ඒ කියන්නේ තාවකාලික අයිරා වෙනුවෙන් දෛනිකව අය වෙන පොළිය. මේක දවස ගානේ උදේ ගන්නා මුද්රිතයක් එහම නැතිනම් ප්රින්ට්අවුට් එකක් මගින් බලා ගන්නවා. එයට වවුචරයක් අමුණා, එය ගිණුම් ගත කරනවා. මේ ප්රින්ට් අවුට් වලට අපේ ශාඛා වල අය එක්තර වචනයක් භාවිතා කළා. ඒක මහජන බැංකු උප සංස්කෘතියේ වචනයක්. එහෙම මුද්රිතයක් ලබා ගන්නවට කියන්නේ. ප්රින්ට් අවුට් එකක් අදිනවා, ප්රින්ට් වෙනවාට කියන්නේ ප්රින්ට් අවුට් ඇදෙනවා කියළා. ඇදෙන්නේ සාමාන්යයෙන් සර්පයෝ නේ. මම ඔය වාග් මාලාව භාවිතා කළේ නෑ. ඒකට හේතුව පිට තැනක කිවුවාම එතැනට ඒ වචන ඒලියන් වෙන නිසා. ඉතිං කලින් කිවුව ඉන්ටරස්ට් ගාන ඇහුවම මිනිහා වවුචාරයේ ලියපු ගාන බලලා කියනවා. මගේ සාමාන්ය පුරුදුදක් තිබුණා, ඒ වගේ දේවල් ලබා ගත්ත මුද්රිතයෙන් බලන. මම ඒ වවුචරය ඉල්ලා
________________________________
මේ වගේ බ්රාන්ච් වල ඉන්න පියන්ලා බොහෝ විට සොමියට බරයි. ගිනිගත්හේනේ සිකුරිටි ගාඩ් මහත්මයා තමයි ඒ කාලේ හිටපු කළමනාකාර තුමාගේ උපදේශක. කාටද සිස්ටම් දෙන්න ඕනේ, කවුන්ටරේට දාන්නේ කාවද? ආරම්භ කරන දවසේ තියෙන උත්සවයේදී පොල්තෙල් පහන දල්වන්න දෙන්නේ කාටද කියන ඒවා ඔක්කොම තීරණය කරන්නේ එයා. අපිට සමහර දේවල් වලට ඇඟිලි ගැහ්නන්න බෑ. නමුත් සිස්ටම් එකේ වැඩ වලට දාන කෙනා දේශපාලන පත්වීමක්(ඒ කිවුවේ හිතවත් කම් වලට වෙච්ච) වුණොත් අපි කම්බස්. ඇයි ඉතිං කොච්චර ඉගැන්නුවත් ගඟට කපන ඉණි වගේනේ. ගඟ කිවුවම මතක් වුණේ. අපි ගිනිගත් හේනේදී ලැබුණු මද ඉසිම්බුවකදී ගියා ගඟේ නාන්න. මේවායේ ෆොටෝ වගයකුත් තිබුණා අපේ ඉරෝෂා ළඟ. ඉස්සර එයා බ්රාන්ච් යනකොට කැමරා එකයි ෆිල්ම් රෝල්ල් දෙකක් විතරයි අරගෙන එන්නේ. ඇල්බම් ඇති ගෙදර ගොඩ ගහලා. එතකොට ඔය ෆේස්බුක්, අරබුක්, මේ බුක් තිබුණේ නෑ. ඔක්කොම ප්රින්ට් කරා. අපේ ඒවා දීලා සල්ලි ගත්තා. එයාගේ ඒවා ඇල්බම් වල දා ගත්තා.අපි නාන්න ගියේ ගිනිගත්හේන නාවලපිටිය පාරේ කිලෝමීටරයක් විතර නාවලපිටිය පැත්තට ගියාම තියෙන තැනකින් පල්ලමට බැහැලා. එතැන මාර සපෝට් එක. මේවා තවම ඒ විදියට සුරැකිලා තියෙනවද
________________________________
එකතු කරන්න ගියොත් තව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.මම හිතන්නේ අපි මේ විවේකය ගත්තේ, ඉරිදා දාහවල් විවේකයේදී. ඉන්පස්සේ අපිට තියෙන්නේ නිදි මැරීමක් නිසා, මේ වගේ විරාමයක් ගත්ත එකත් හොඳයි කියළා හිතෙනවා. අපි හවස් වරුවේ හෙමින් සීරුවේ ශාඛාවට ලඟා වුණා. ඒ දවස් වල සිදු වෙන දේ සාමාන්යයි.ඒවායේ ගත යුක්තක් නැති නිසා, ඒ සියල්ල මෙහි සඳහන් කරන්න යන්නේ නෑ. පහුවදා උදෙන්ම අපි ශාඛාව කරා ලඟා වුණා. ගිනිගත්හෙනේදී අපිට ඉන්න අපූරු නවාතැනක්, ඒ කියන්නේ ගෙස්ට් හවුස් එකක් ලැබුණා. ඒක පිහිටලා තියෙන්නේ ගිනිගත්හේනේ ඉඳලා කොළඹ පැත්තට කිලෝමීටර් දෙකක් විතර පල්ලම් බැස්සම හමු වෙන හරියක. පුදුම නිස්කලංක, ඒ වගේම කඳු බෑවුම අපූරුවට පෙනෙන තැනක. එහි කිසිම කාමරයක මදුරු දැල් දකින්න නැති නසා අයිතිකරුගෙන් අපි ඒ ගැන විමසුවා. ඔහු කියා සිටියේ වරක් සංචාරකයෙකුද ඒ ගැන විමසා සිටි බවයි. ඔහු උත්තර දී ඇත්තේ "ඉෆ් යූ බයිට් එනි මොස්කිටෝ, අයි විල් ගිව් යූ ෆ්රී" කියාය. ඔහුගේ මේ පම්පෝරිය අසා සිටින්නට ගියොත් අපිට ප්රමාද වන නිසා, එය තෝරාගෙන අපි බෑග් එහි රඳවා පැමිණියා. මුල් දවස් කිහිපයට කාමර දෙකක් සහ පසුව එක් කාමරයක් වශයෙන් අපි ________________________________ අවසානයේදී සියලු දෙනා තමන් ගෙවිය යුතු මුදල් ප්රමාණය පියවනවා. නැතිනම් එකතු කර ගත් මුදලින් ගෙවන්න තියෙන අයට ගෙවනවා. මේක හසුරවන්න ගිහිං අතින් පාඩු කරගත් අවස්ථා බොහොමයි. සමහර කූඨ මිතුරන්, මේ කාළය මැදදී ගමේ යන්න ඕනේ වුණොත්, මේ මුදලින් කීයක් හරි ඉල්ලාගෙන යනවා. බැංකුවේ කියළා වෙනසක් නෑ. කොතැනත් ඔය වගේ අය ඉන්නවා.
________________________________
ගියාම, පියන්ට කතා කරලා කියනවා "කෝ මේ මහත්වරුන්ට බොන්න මොනවා හරි අරං එන්න. මැනේජර් මහත්තයට කියන්නේ එයාගේ ඇලවන්ස් එකන් ගෙන්නන්න කියලා" අණ දෙන්නේ හරියට ලොක්කෙක් වගේ. කොහොම හරි වැඩේ කෙරෙනවා. නැතිනම් ඉතිං සවුත්තුව දානවා. සෝමරත්න මගේ උදේ ඇවිදීමේ වෑයමට එකතු වුණා. අපි දෙන්නා කතාවක් දාගෙන ටවුමට කන්ද නගිනවා. ඉන් පස්සේ එළකිරි දෙකක් බීලා, ඇම්බුන් හරි ආනමාලු හරි කෙසෙල් ගෙඩි දෙකක් කාලා. තව දෙකක් අතින් අරං පල්ලම් බහිනවා. ඒ දෙක නාමල්ටයි අකිලටයි ගෙනියන්නේ. අපි යනකොටත් සමහරවිට උන් දෙන්නා නිදි. ඉන් පස්සේ වෙලාව තිබුණොත්, මම ගෙනියන පොතක් බලනවා. මේ කාලේ මගේ ගාව තිබුණේ, දොස්තර ජයවීර බණ්ඩාර එයාගේ ජීවිත කතාව ලියපු පොත. පොතේ නම මට මතක නෑ. කොහොම හරි ඒ පොත බලලා, අකිල මට කෝචෝක් එකක් දානවා "උඹට ඉතිං වැලේ වැල් නෑනේ" කියලා. අකිලයා කරන මේ වගේ අන්ඩර වැඩ වළින් පුදුම රසයක් ඇති වෙනවා. දවසක් හවස අපි කලින්ම පිටත් වුණා. මගේ බෑග් එකේ නිතරම මගේ රේබෑන් වර්ගයේ සන්ග්ලාස් එක තිබුණා. එදා ඉර බැහැලා යන දර්ශණය ඉතා හොඳින් දකින්න ලැබුණා. අකිල මට කිවුවා සන්ග්ලාස් එක ගෙන බලපන් ________________________________ දුවන පුහුල් නොහොත්, වයිල් බෝ නොහොත් වල් ඌරා. ලංකාවේ පැති කිහිපයක වල් ඌරු මස් රසබලලලා තියෙනවා. ඒවයේ වෙනස්කම් තියෙනවා. වියළි කළාපයේ සහ දැඩි ශීත ප්රදේශ වල වල් ඌරා රසයි. එහම කියළා අනික් පළාත් වල ඒවා ගෙනාවම නිදැල්ලේ යන්න ඇරියේ නෑ.
අරකා දිගටම කියවනවා හරියට දේව පාමුල ගියපු ගොලුවෙක් වගේ. මට ඇහැරුණා කෙටි නින්දකින් පස්සේ. මේකා කියනවා "මහත්තයා කාල්ස් බියර් එකක් බීලා ඔලුව ගහං ඉන්නවනම්, අපිට කොච්චර නින්ද යන්න ඕනෙද, අපි බිවුවේ විස්කි නේ"කියළා. කතාව ඇත්ත. එයාලාගේ බෝතලේ ලෝකල්වුණත් විස්කි නේ.ගෙනල්ලා තිබුණේ, වී ඇන්ඩ් ඒ කියන වර්ගය. තනිකර ආර්ටිෆිෂල් කියළා තමයි බොහෝ දෙනාගේ මතය. නැතිව ඉතිං ලංකාවේ කොහොමද විස්කි හදන්නේ. මමත් මේ ළඟදී තමයි දැන ගත්තේ, මේවා හදන්නේ බාර්ලි වළින්, ඒවා වැවෙන්නේ එකතරා දේශගුණික තත්වයන් යටතේ, සිංගල් මෝල්ට් කියන්නේ මොනවද ? බ්ලෙන්ඩ්ඩඩ් විස්කි කියන්නේ මොනවද ? කියළා. ඒ පිලිබඳ විස්තරාත්මක ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් ඉන්නේ විස්කි පිලිබඳ හොඳ අධ්යනයක යෙදුණු මහත්මයෙකුගේ ගෙදරක. ඉතිං එතුමාගේ දැනුම මෙතැනට
________________________________
සල්ලාපයක යෙදෙනවා. අපේ අකිලගේ කටට මේ වගේ වෙලාවට එන දේවල් මෙතන විස්තර කරන්න බැ. මේක දවස් කීපයක් යනකොට ඒ කෙල්ලව මට ජෝඩු කරන්නත් ලාස්තිය.මම මේ වගේ ශාඛාවල් වල නිරීක්ෂණය කරපු දෙයක් තමයි, එක පාරටම සෙනග පිරිලා ඉතිරිලා යනවා, තවත් මොහොතකින් පාලුවට යනවා. හරියට මුහුදේ රළ වගේ. ඒ ගැන සොයා බැලුවම දැන ගන්න ලැබුණා, කඳු පැතිවල තියෙන ගමාන වලින් බස් නගරයට ආවම, එක බස් එකේ එන අය සියල්ලන්ම බොහෝවිට බැංකුවට එනවා කියළා. ඔවුන් මේ ගම්මාන වල ගොවිතැන් කරන උදවිය, ඔවුන්ගේ අස්වන්න විකිණීමෙන් ලැබෙන ආදායම බැංකුගත කරලා යන්නයි ඔවුන් එන්නේ. මේ සමහර මිනිසුන් මුදල් ආපසු ගැනීම ලැජ්ජාවට කාරණයක් ලෙස සිතන පුද්ගලයින් බව දැනගනත් ලැබුණා. නගරයේ සහ ගමේ මිනිසුන්ගේ පැහැදිලි වෙනසක් ඒක. මේ වගේ බස් එකක සෙනග ආවම මුළු ශාඛාවම ඔවුන් පාවිච්චි කරන විවිධ වර්ගයේ සුවඳ විලවුන් වර්ග සහ ඔවුන්ගේ දහඩිය සුවඳ මිශ්ර අමුතුම ගඳක්ද-සුවඳක්ද කියා හිතන්න බැරි එකකින් මුළු ශාඛාවම පිරී යනවා. මහජන බැංකුවේ අපිට මේ දහඩිය ගඳ-සුවඳ ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ.
________________________________
ආසන්න පුද්ගලයා අපගේ ශාඛාවේ මිතුරා දැන හඳුනාගෙන ඔහු සමග කතාවට වැටුණා. ඒ සීයා මේ පළාතේ කෙනෙක් නොවෙයි. නමුත් තරුණ කාලේ මේ පැත්තේ සේවයාට ඇවිත් ඇති වෙච්ච ආදර පලහිලව්වක ප්රතිඵලයක් විදියට තමයි ඇද මෙහි ස්ථිර පදිංචි කාරයෙක් වෙලා තියෙන්නේ. අංකල් මොකක්ද කරපු රස්සාව ?මං ඒ කාලේ වැඩ කළේ ඔටෝමොබිල් ඇසොසිෂයන් එකේ. ඒකෙ සාමාජිකයින්ගේ වාහන බ්රේක්ඩවුන් වුණාම ගිහින ඒවා හදන්න උදව් කරනම එක තමයි අපි කළේ. මම ඒ කාලේ මේ පැත්තේම තමයි වැඩ කළේ. එක දවසක් එක ගෙදරක හිටපු තඩි ඇල්ශේෂන් බල්ලෝ දෙන්න් දැකලා මට හීන් දාඩිය දැම්මා. ඉස්සර අපි මෝටර් සයිකල් වලින් තමයි යන්නේ. මම ඉස්සර ඒ වගේ මෝටර් සයිකල් එකතු කළා. මේ තියෙන්නේ ඒ වගේ එකක්. තමන් ඉන්න ඉස්තොප්පුවෙන් ඇතුල් පැත්තේ තිබුණු පුංචි බයික් එකක් අපිට පෙන්නුවා. ________________________________ |
Showing posts with label සංචාරක(Travel). Show all posts
Showing posts with label සංචාරක(Travel). Show all posts
Sunday, June 9, 2019
ගිනිගත්හේනේදී හමු වූ අපූරු මිනිසා ......
Saturday, June 1, 2019
සියෑමයේ තෙවෙනි සැරිය ......
සියෑමයට ගිය පළමු සහ දෙවෙනි (මේ සටහනට පස්සේ තිබෙන සටහන් තුනම[ 1 , 2 , 3 ]තායිලන්ත සංචාරය ගැන ලියවුණු ඒවා. උනන්දුවක් තියෙන අය සඳහා) සංචාර සටහන් ඔබ කියවන්නට ඇතැයි මා සිතනවා. සිතුවාට වැඩක් නෑ. බ්ලොග් කියවන බොහොමයක් දෙනෙක් 2012-13 අවධියේ බ්ලොග් කියවපු ලියපු අය නොවන බව මා දන්නවා. ඉතිං බහුතරයකට මේවා මග ඇරෙන්න ඇති. මම එදා කිවුවා වගේම අදත් කියන්නේ අපිට තායිලන්තයෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙන බව. අපි මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව කිට්ටුවට යන්න කලින් බලන්න ඕනේ තායිලන්තය කිට්ටුවට යන්න.
මේ ගමන් තුනේදී මම දැක්ක ප්රධාන වෙනසක් තමයි තායි බාත්(තායිලන්තයේ මුදල් ඒකකය) එකට අපි ගෙවිය යුතු මුදලේ වෙනස. මගේ පලවෙනි තායි සංචාරයේදී එය පැවතුනේ බාත් එකක් සඳහා රුපියල් 2.50 ත් 2.75 අතර මුදලක. මම මෙහෙම අතරමැදි ගානක් කියන්නේ, හරියටම අගය මතක නැති නිසා. අන්තර්ජාලයේ පෙන්වන අගය අනුව ඔය කිට්ටු අගයක් තියෙන්න ඕනේ. දෙවෙනි වතාවට මම ගියේ 2012 දී, ඒ වතාවේ මේ අගය රුපියල් හතරකට අඩුවෙන් තිබුණා. මෙවර එහි අගය කෙතරම් ඉහළ ගිහින්ද කියනවනම් හැම වියදමක් කරන්න කලින් දෙවරක් හිතන්න අපට සිදු වුණා. 31 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමේ එක් අයෙක් ඇරුණම කිසිවෙක් ගුවන් සේවාවෙන් ලබාදෙන කිලෝ 30 සීමාව ඉක්ම යන්න සමත් වුණේ නෑ. 31.4 ක් ලෙස සටහන් වූ අපේ සාමාජිකයා පළමු වතාවට විදෙස් ගත වුණු කෙනෙක්. එනිසා ඔහු සාපේක්ෂව විශාල මුදලක් එහි රැගෙන යන්න ඇති. මෙවර එහි අගය රුපියල් හයකට ආසන්න අගයක් ගෙන තිබුණා.
කලින් වතාවල වගේම මට මෙවරත් මේ අවස්ථාව උදා වුණේ ක්රිකට් හින්දා. මුල් වතාවේ ක්රීඩකයෙකු ලෙස මේ අවස්ථාව උදා වුණත්, මෙවරකණ්ඩායම් කළමනාකරුවෙකු ලෙසින් සහභාගී වුණේ. ගමනේ වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන් ජනසතු සේවා ක්රිකට් සංගමය අඩු වියදම් ගුවන් සේවාවක් වන තායි ලයන් ගුවන් සමාගම තෝරා ගත්තා. ඒ නිසා රුපියල් තිස් දාහකට ආසන්න (ටිකක් වැඩියෙන්) මුදලකට අපිට ටිකට් පත ලබා ගන්න පුළුවන් වුණා. නමුත් මේ අවස්ථා තුනේදී වීසා ගාස්තුවත් ක්රම-ක්රමයෙන් ඉහළ ගිහිං තිබෙන බව පෙනුණා. පෙර අවස්ථා දෙකේදී අපි කෙළින්ම තායි තානාපති කාර්යාලය හරහා වීසා ලබා ගත්තත් මෙවර සමාගමක් හරහා එය ලබා ගන්න සිදු වුණා. එනිසාම එහි ගාස්තුව ඉහළ ගිහිං තිබුණා. 2004 දී එය රුපියල් 2000/= ක්, 2012 දී එය 4600/=ක් සහ 2019 දී රුපියල් 10,000/= ආදී වශයෙන් ඉහළ ගොස් තිබුණා. තුන්වෙනි පාර්ශවයක් එයට මැදිහත් වීම නිසා මේ ගාස්තුව ඉහළ යන්න එක හේතුවක් ලෙස සටහන් කරන්න පුළුවන්. ඔවුන් එසේ මැදිහත් වීමෙන් කිසියම් පහසුවක් මේ ක්රියාවලියට එකතු වී තිබුණේ නෑ. ඒ වෙනුවට ඔවුන් පරීක්ෂා කරන ලියකියවිලි ප්රමාණය ඉහළ ගොස් තිබුණා. සාමාන්යයෙන් මෙවැනි වීසා ලබා ගැනීමකදී ඔබේ ගිණුමෙහි පැවතිය යුතු මුදලක් ඔවුන් සටහන් කරනවා(බොහෝවිට මෙම මුදල් අවශ්යතාව සලකා බලන්නේ කෝඩුකාර සංචාරකයින්ගේ). 2004 දී එවැනි විමසුමක් කළාදැයි මට මතක නැතත්, 2012දී එය රුපියල් 75,000/= ක් සහ අද එය රුපියල් 85,000/= වශයෙන් සටහන් කරන්න පුළුවන්(එය ඩොලරය හමුවේ රුපියල අව ප්රාමාණය නිසා සිදු වී ඇතැයි විශ්වාස කරන්න පුළුවන්). එනිසා විදේශ සංචාරයක් කියන්නේ හැම අතින්ම සංචාරකයාට බරක්. සාපේක්ෂව මැලේසියාවේ අය කිරීම් ස්ථාවර මට්ටමක පවතිනවා 2010දී 500/=, 2015දී 551/=ක් සහ 2016දී 539/= ලෙස එහි අගය සටහන් වෙනවා. මින් අදහස් වෙන්නේ මැලේසියාව සංචාරකයින්ගේ ආගමනයට අනුබල දෙතත් තායිලන්තය එය සීමා කිරීමක යෙදී සිටින බවයි. නමුත් එහි සිටිනා විදේශිකයින් ප්රමාණය දුටු විට අපේ ඇස් උඩ යනවා.
මුල්වර බැංකොක් නගරයේ විදුලි දුම්රිය සේවාව ස්ථාපනය කර තිබුණේ ඉතා කෙටි දුරක් සඳහායි. මම යන හැම රටකම වගේ දුම්රිය ප්රවේශපත්රයක් අමතරව ගෙවා මෙහි රැගෙන එන්නේ මෙවැනි දැනුවත් කිරීමකදී එය වැදගත් වන්නට ඉඩ තිබෙන නිසායි. 2004 දී එසේ ලබාගත් ටිකට්පත සුරැකිව තබා ගන්න මට හැකි වුණා.
2004 දී මෙය පැවතුණේ සංචාරක ආකර්ෂණය සහ එක්තරා ප්රදේශයක් ආවරණය කරමින් ගමන් ගන්නා ස්වදේශිකයින් සඳහා බවයි මගේ විශ්වාසය. 2012 සංචාරයේදී මට එම අහස් දුම්රිය මාර්ගය භාවිතා කරන්න හෝ සොයා බලන්න නොහැකි වුණා. එයට හේතු කිහිපයක්ම තිබුණා. විවිධ ආයතන වළින් එකතු කළ කණ්ඩායමක් සමගින් එක්ව හිත මිතුරු කම් ගොඩ නගාගෙන එක් පිලක් ලෙස කටයුතු කරන්න අවශ්ය කාළය ඒ පිරිස සමගින් ගත කරන්න සිදු වුණා. අනෙක මගේ සේවා ස්ථානයෙන් මේ වෙනුවෙන් සහභාගී වුණේ කිහිප දෙනෙකු නිසා මේ ගමන යන්න එකතු කර ගත හැකි කණ්ඩායම සීමිත වුණා. සාමන්යයෙන් මෙවැනි සංචාරයකට පෙර අතුව අප සැලසුම් කරන බොහෝ දේ වෙනස් කරන්න එහි ගිය විට සිදු වනවා. මෙයට ප්රධාන හේතුව වන්නේ එම කණ්ඩායමට සහභාගී වන විවිධ ආයතන වල පිරිස් නිසා. ඔවුන් ආ-ගිය තැන් පිලිබඳ කරන විස්තර නිසා, අපගේ සැලසුම් වෙනස් කර ඔවුන් අත්විඳි දේ අත්හදා බලන්න සිදු වෙනවා. බොහෝ අය මෙවැනි යා හැකි තැන් පිලිබඳ ඉඟි ලබා ගන්නේ, ටුක්-ටුක් හෙවත් තුන්සක් රියදුරන්ගෙන්. නමුත් ඔවුන් බොහෝවිට සිදු කරන්නේ ඔවුන්ගේ ලාභය පිණිස මේ අහිංසක පිරිස වල්මත් කිරීමයි. උදහාරනයකට, ඔවුන් යෝජනා කරනවා බොබේ මාර්කට්(මෙය ලංකාවේ පමුණුව වැනි තොග වශයෙන් රෙදිපිළි අලෙවි කරන ප්රදේශයක්) සඳහා ප්රවාහනය නොමිලේ ලබා දීමට, ඒ වෙනුවෙන් ඔබ කලයුත්තේ ඔවුන් පෙන්වන වෙනත් මිල අධික වෙළද ස්ථානයකට ගොඩවී එහි මිනිත්තු කිහිපයක් ගත කිරීම පමණයි. මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ මධ්යස්ථානය ඉන් එකක්. ඉතිං අප වැනි රටවල අය ඒ රස්තියාදුව භාර ගන්නවා. නමුත් ගමන් කලයුතු කාළය සාපේක්ෂව වැඩියි. ඒ වෙනුවෙන් ඔවුන්ට තෙල් හෝ ගෑස් සඳහා මුදලක් ලබා දෙන බව ඉන් එක් රියදුරෙක් 2012 ගමනේදී මා හා පැවසුවා.
මතකය අවධි වූ මොහොතේ, මා හා කුළුපග වූ ටෝනි නමැති මෝටර්සයිකල් රියදුරු ගැන සටහනක් තැබීම යුතුකමක් ලෙස සලකමි. 2012 වසරේදී අපට පතායා නගරයේ සැරිසරන්නට ලැබුණේ පැය තුනක් වැනි කෙටි කාළයක්. බැංකොක් වලින් සවස පහට පිටත් වූ අප පතායා වෙත ලඟා වත්දී කෙමෙන් අඳුර වැටෙමින් තිබුණත් රාත්රිය තරුණ වන්නට යන බව හාත්පස සලකුණු වලින් පැහැදිලි වුණා. ඇත්ත වශයෙන්ම පතායා යනු විශාල නගරයක් නොවේ. එය වර්ග කිලෝමීටර් පහත් දහයත් අතර ප්රමාණයක් පැතිරුණු විනෝදාස්වාදයෙන් සපිරි සංචාරක පාරාදීසයක්. රාත්රී ආහාරය අවසන් කළ අප වෙත සංචාරයේ කළමනාකරුවෙකු ලෙස ක්රියා කළ අනුර වීරසිංහ මහතා හරියටම රාත්රී 10:30 ට නැවතත් එම ස්ථානයට පැමිණෙන ලෙසත්, අවශ්ය වුවහොත් ඔවුන්ගේ අංක වලට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් දන්වා සිටියා. අප කණ්ඩායමේ 50කට අධික පිරිසක් සිටි නිසා මේ සැවොම එක් කණ්ඩායමක් ලෙස ගමන් කිරීම ප්රායෝගික ක්රියාවක් නොවේ. කොහොමත් මෙවැනි සංචාර වලදී සුපිරි වෙළඳ සැල් වැනි තැනක දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් සිටීනම්, කණ්ඩායම් වශයෙන් නොගොස්, යලි එකතු වන තැනක් කථිකා කර, තනි තනිව යාම කාගේත් කාළය ඉතුරු කරන බව අප අත්දැකීමෙන් දන්නා දෙයක්. මා මුලින්ම ගමන් ගත්තේ ඒ.ටී.එම් යන්ත්රයක් සොයාගෙන. මුදල් ගෙන ආපසු හැරෙනවාත් සමග මා ඉදිරියේ පෙනී සිටි ප්රසන්න තරුණයෙක් එක් දිගට කථා කරන්න පටන් ගත්තා
"සුබ සන්ද්යාවක් සර්. මගේ නම ටෝනි. මේ තියෙන්නේ මගේ ගමන් බලපත්රය. මගේ රාජකාරිය මෝටර් සයිකලයෙන් සංචාරකයන් ප්රවාහනය. සර්ට, මොනවද ඕනේ කරන්නේ. මම ඔබව රැගෙන යන්නම්, අවශ්ය තැන් වලට"මේ මොහොතේ මගේ මතකයට ආවේ, නර්මදා මේ සංචාරයට එකතු වනවිට, රුපියල් 5000ක් මා අත තබා කළ ඉල්ලීම. ගමනේ අවසානයට කෙමෙන් ලඟා වී තිබුණත්, ඇය පවසා සිටි "Hard Rock Cafe - Bangkok" ටී ෂර්ට් එක තවමත් මිලදී ගැනීමට මා අපොහොසත් වී තිබුණා. නමුත් පතායා නගරයේ ගෝල්ඩන් රොක් කැෆේ එකක් තිබෙන බව, මෙහි පැමිණෙන්නට පෙරම මා දැනුවත් වී සිටියා. එයට ප්රථම මගේ දුරකථනයේ බැටරිය ඉතා පහළ මට්ටමක පැවති නිසා, මුලින්ම බැටරි චාජරයක් සහ පසුව හාර්ඩ් රොක් කැෆේ ටී ෂර්ට් එක මිලදී ගත යුතු බව ඔහුට පවසා සිටියා. එයට සාවධානව ඇහුන්කන් දී සිටි ටෝනි ඔහුගේ සැලසුම දිගහැරියා.
"සර්. අපි මෙහෙම කරමු. හාර්ඩ් රොක් කැෆේ එකට සර් යන්න. ගිහිං එතැන මිල ගණන් අහන්න. ගන්න ඕනේ කියළා හිතෙනවනම් ගන්න. නැතිනම් සර් ආපහු එන්න. මම දන්නා තැනකින් අඩුවට එකක් හොයා දෙන්නම්. ඒත් අපි මුලින්ම යමු චාජර් එක ගන්න"ඔහු මා රැගෙන අඳුර පිරි අතුරු පාරවල් රැසක් පහු කරමින් ගියා. මගේ හිතේ මේ මොහොතේ යම් චකිතයක් ඇති නොවුණා කීවොත් එය සාවද්යයක්. ඔහු බයිසිකලය නවතා ඉදිරියට ඇදෙද්දී මම ඔහුට හොරෙන් බයිසිකලයේ අංක තහඩුවේ චායාරුපයක් ලබා ගත්තා. ඉන් පස්සේ ඉතාම සාධාරණ මිලකට මහල් කිහිපයකින් යුත් වෙළඳ සංකීරණයක දෙවෙනි මහලේ වෙළඳ සැලකින් චාජරය මිලදී ගත්තා. ඉන් පස්සේ මා යලිත් ඔහුගේ මෝටර් සයිකලයට ගොඩ වුවා. යලිත් වේගයෙන් පටු, අඳුරු අතුරු පාරවල් රැසක් පහු කරමින් ඔහු මා හාර්ඩ් රොක් කැෆේ වෙත රැගෙන ගියා. එය ඉතා සුවිසල් මට්ටමේ ස්ථානයක්. සාමාන්යයෙන් මෝටර් සයිකලයකින් කෙනෙකු ලගා නොවන මට්ටමේ ස්ථානයක්. එය ලංකාවේ සිනමන් ග්රෑන්ඩ් මට්ටමේ හෝටලයක්. නමුත් ඒ හෝටලයේ පිටුපසට වන්නට තමයි ගෝල්ඩන් රොක් කැෆේ එක පිහිටලා තිබුණේ. ටෝනිට රථ ගාලෙහි රැඳී සිටින ලෙස දන්වා, මට අදාළ ස්ථානයට ලගා වන ආකාරය පැහැදිළි කළ පිළිගැනීමේ නිලධාරියා, යලිත් මා ඔවුන්ගේ පිළිගැනීමේ කවුන්ටරයෙන් පිටතට කැඳවාගෙන ආවා. හාර්ඩ් රොක් කැෆේ එක වෙත යා යුතුව තිබුණේ හෝටලය පසෙකින් ඇති අඩ අඳුරු කොන්ක්රීට් ඇතිරූ මාවතක් හරහායි. අද ගූගල් මැප් එක හරහා එය දෙස බැලීමේදී පෙනෙන්නේ ඔහු මා කැඳවාගෙන ගොස් ඇත්තේ ගෝල්ඩන් රොක් හෝටලය වෙත බවයි. සමහරවිට එය ඔහුගේ කමිෂන් මුදල නිසා විය හැකියි. මිනිත්තු කිහිපයක අවෑමෙන් අදාළ ස්ථානයට ලගා වුවත්, අතරමග මා දුටු දර්ශණ ගැනද යම් සටහනක් කළ යුතුයි. නාන තටාකයක් වැනි තැනක ලයිලෝ මත අඩ නිරුවතින් හැසිරෙන යුවලවල් රාශියක් පසුකර ගමන් ගත් බව අදත් මගේ මතකය අවධි කරවයි. මෙහි ඡායාරුපයක් මා ගත්තාදැයි මගේ මතකය නිවැරදිව නොපවසයි. නමුත් අවසිහියෙන් මෙන් එහි යම් ඡායාරුප කිහිපයක් ලබා ගත්බව මගේ විශ්වාසයයි.ජංගම දුරකථනයටකැමරාව එක් කළ දවසේ සිට, මා මිලදී ගත් සියළුදුරකථන වල හොඳ මෙගාපික්සල් ප්රමාණයක කැමරාවාක් තිබුණා. ඒ මා ඒ ගැන සැලකිලිමත් වූ නිසා. මේ කාළයේ මා සතුව තිබුණේ N8 වර්ගයේ දුරකථනයක්. එහි මෙගාපික්සල් 12ක කැමරාවාක් තිබුණ බව මගේ විශ්වාසයයි. ඉතිං බ්ලොග් කරුවෙකුට එවැනි කැමරාවක් තිබීමේ වැදගත්කම ඔබට වැටහේවි පසුගිය සටහන් කිහිපයක් දෙස බැලුවානම්.
මා හාර්ඩ් රොක් කැෆේ වෙත පිවිස මගේ අවශ්යතාව ඔවුන් හා පැවසුවා. ඔවුන් සතු ටී ෂර්ට් සියල්ල හාර්ඩ් රොක් කැෆේ පතායා යනුවෙන් සටහන් වූ ඒවා. මා ඔවුන් හා පැවසුවා මට අවශ්ය බැංකොක් යනුවෙන් මුද්රිත ටී ෂර්ට් එකක් බව. ඔවුන් මට බැංකොක් වල ඔවුන්ගේ අවන්හළේ ලිපිනය ඔවුන්ගේ කාඩ් පතක ලියා දුන්නා. මා එකෙනෙහිම නර්මදාට දුරකථන ඇමතුමක් ලබා ගත්තා. මගේ ටෙලිෆෝනය චාර්ජ් කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගැනීමටද හැකි වුයේ, ඔවුන්ට බලාපොරොත්තු තරම් ගණුදෙනු කරුවන් ප්රමාණයක් නොමැති හෙයින්. චාජරයේ තිබෙත්දීම ඇය හා සම්බන්ධ වූ මා මෙහි ඇති ටී ෂර්ට් සහි ඒවායේ මිල ගණන් පවසා ටෝනි මා හා පැවසු විස්තරය දැනුම් දුන්නා. මිලෙහි ප්රශ්ණයක් තමාට නැති බවත්, එය හාර්ඩ් රොක් කැෆේ බැංකොක් යනුවෙන් සටහන්ව තිබිය යුතු බවත් ඇය පවසා සිටියා. නමුත් මෙහි තිබෙන ටී ෂර්ට් එක්ක මිල බාත් 450ක් පමණ වූ බව මගේ මතකයයි. ඔවුන්ට ස්තුති කළ මා නැවතත් ගිය මාරගයේම ආපසු පැමිණියා.
මා නැවතපැමිණෙන තෙක් ටෝනි බලා සිටියේ පාසැලෙන් දරුවා ගන්නට සිටිනා පියෙකු මෙනි. මේ ගැන මට සැකයක් සහ මවිතයක් එකවිට ඇති වුණා. තායි මිනිසුන්ගේ කාරුණිකත්වය, හුදෙක් සේවාව සපයා මුදල් මිට මොළවා ගැනීමට එහා ගිය වගකීම් සහගත බවක් එකතු වූ වෘත්තීය මට්ටමක තිබෙනවා. ඔවුන් මුදල් උපයා ගන්නා රැකියාවට මෙන්ම ඔවුන්ට මුදල් ගෙවන්නට යොදුන් දහස් ගණනක ඈත සිට පැමිණෙන සංචාරකයා ඔවුන්ගේ දෙවියන් හා සමානව සිතා ක්රියා කරනවා. ශ්රී ලාංකිකයන්ට සෙසු දකුණු ආසියාතිකයින්ට වඩා ඔවුන් ඇල්මක් දක්වනවා. ඉන්දියානුවන් ඔවුන්ට අප්රිය පිරිසක් වී තිබෙන්නේ ඇයිදැයි විමසන්නට නොහැකි මට්ටමට අප සහ ඔවුන් අතර භාෂා බාධකය හරස් වෙනවා. නමුත් ඒ ඉස්සර, දැන් අපිට ගූගල් පරිවර්තකය සහය වනවා. මෙවර සංචාරයේදී මා භාවිතා කළේ ඌබර් වැනිම තායිලන්තයේ සේවාවක් වන ග්රැබ් යෙදවුම හරහා කෙරෙන් වෙන් කිරීම්. ඌබර් තායිලන්තයේ ටික කලක් තිබුණත්, ස්වදේශික සේවා සපයන්නන්ගේ විරෝධය මත එය තහනම් කර තිබෙනවා. එය ලංකාවේ මෙන් දාමරික ක්රමයකට ක්රියාත්මක නොවන්නක්. ග්රැබ් රි සේවය කරන රියදුරන් වෙන් කළ මොහොතේ පටන්, කෙටි පණිවුඩ හරහා අප හා සම්බන්ධ වනවා. එක් වරක් මා මවිතයට පත් කරමින් පැහැදිලි ඉංග්රීසියෙන් කෙටි පණිවුඩ එවූ රියැදුරු හමු වූ මොහොතේ ඔහු මුණිවත රකින ආකාරය පුදුමයක් ජනිත කළත්, තවත් මොහොතකදී ඊළඟ පැනය සඳහා නැවතත් දුරකථනයේ අකුරු කොටන ආකාරය දුටු විට කාරණය වැටහිණි. ඔහු භාවිතා කරන්නේ ගූගල් පරිවර්තකය බව දැකීමෙන් මගේ මුවග සිනහවක් ඇති කළා. නමුත් ඔවුන්ට තමන්ගේ භාෂාව පිලිබඳ ඇති නිපුණතාව පැසසුමට ලක් විය යුතුයි.
ඉන්පසුටෝනි මා නංවාගෙන නැවතත් එහාට මෙහාට පටු අඳුරු මාවත් ඔස්සේ මිනිත්තු කිහිපයක් සැරිසරා වෙළඳාම අවසන් කොට නිවෙස් බලා යනුවස් තමන්ගේ බඩු භාණ්ඩ අකුලන නමුත් විඩාපත් නොමැති වෙළඳ පිරිසක් මද්යයේ තම සයිකලය නතර කළා. ඔවුන්ගේ භාෂාවෙන් සට-පට ගා එක් වෙළෙන්දියක් වෙත මගේ අවශ්යතාව සන්නිවේදනය කළ ටෝනි, ඇයගේ හිස මත තිබු පාර්සලය බිම තබන්නට සමත් වුවා. තවත් මොහොතකින් එය ලිහා ටී ෂර්ට් තොගයක් මා අභියස තැබුවා. එයින් සුදු පැහැති ටී ෂර්ට් එකක හාර්ඩ් රොක් බැංකොක් යනුවෙන් මුද්රණය වී තිබෙනු දැක මා ඉතා සොම්නස්ව එහි මිල අසා සිටියා. ඇයට ඉංග්රීසි බස කොහෙත්ම හසුරවන්න බෑ. ටෝනි යලිත් මගේ පිහිටට ආවා. එහි මිල බාත් 125ක් බව ඇය පවසන බවඔහු කියා සිටියා. මාක්ෂණිකව මගේ පසුම්බිය ගැනීමට අත තබන්නට පෙරම, ඒ සඳහා 75ක් සඳහා ටෝනි කේවල් කරන ආකාරයක් පෙනුණා. නමුත් මා ඇය පත්වූ අපහසුතාවත් සලකා 125කට එම ටී ෂර්ට් එක මිලදී ගත්තා. ටෝනි මා ආ තැනටම මා රැගෙන ගියා. ඔහුගේ ගාස්තුව විමසා සිටි විට, මා කැමති ගණනක් ගෙවන මෙන් ඔහු ඉල්ලා සිටියා. නමුත් ඒ වනවිටත් ටෝනි මා රැගෙන යාම වෙනුවෙන් මුදල් නොවුනත් යම් උපයාගැනීමක් සිදුකර අවසන්. මා ලබාදුන් බාත් 150න් ඔහු 100 ක් ආපසු මා අත තැබුවේ මා මවිතයට පත් කරමින්. මෙවර අප අප පතායා නගරයේ රාත්රී දෙකක් ගත කළා. ටෝනිගේ අංකය මගේ දුරකථනයේ සුරැකිව තිබුණත්, එය ක්රියා විරහිත මට්ටමට පත් වී තිබුණා.ඌබර් සේවය හරහා යම් වෘත්තීය මට්ටමක අපගේ රියදුරන්ද ලඟාකරගෙනතිබෙන බවපෙනී ගියත්, බහුතරයතවමත් ඌණ සංවර්ධිත බව සටහන් කළ යුතුව තිබෙනවා. මාෆියා මට්ටමින් මේවා සේවා සපයන නව රැකියා උත්පාදනය වනක්ෂේත්ර බවට පත් කර ගැනීම අප කාගේත් වගකීම බව සටහන් කළ යුතුවනවා.. විශේෂයෙන්ම ඌබර් ඊට් හරහා යම් රැකියා ප්රමාණයක් උත්පාදනය වෙමින් පවතිනවා. මා වාහනයේ හසුරුවන විට මෝටර් බයිසිකල් කරුවන්ට සහ තුන්සක් රියදුරන්ට ඉඩලබා දෙන්නේකළාතුරකින් වුවත් ජීවන අරගලයට එක් වී ආහාර බෙදා හරින මෙවැනි මෝටර් සයිකල් කරුවන්ට හැකි හැමවිටම ඉඩ සලසා දෙනවා. ඔවුන් අපට සේවාවල් දෙකක්ම් සපයනවා. ඒ ආහාර බෙදාහැරීමෙන් සහ රැකියා වියුක්තියට ඔවුන්ම විසඳුම් සොයා ගැනීමෙන්.දැන් ඉහළවෘත්තිකයන් පවා ඌබර් සඳහා තමා කාර් රථයයොදවන අවස්ථා බහුළයි. මෙම තත්වය ඉදිරියේදී වර්ධනය වුවහොත් බොහෝ ප්රශ්න වලට විසඳුම් ලැබෙනු ඇත. මක් නිසාද යත් තමන්ගේ රැකියාව මතම නොයැපෙන තත්වයක් තුළ, රැකියා සහිත එමෙන්ම වාහනයක් පදවාගෙන සේවයට වාර්තා කරන පුදගලයින්, එක් අතකින් තමන්ගේ ජීවන බරට ගැලපෙන අමතර රැකියාවක නියුතු වෙයි. එවැනි වාහනයක් දිනය අවසානයේ නිවස බලා ගමන් ගන්නා විට තවත් කෙනෙකු එම රථයේ රැගෙන යාමෙන්, බොහෝ දෙනෙකු තමන්ගේ වාහය මාර්ගයට දැමීමෙන් වලකිනවා. එසේ පාරට පැමිණෙන වාහන ප්රමාණය අඩු වනවිට සාපේක්ෂව රථවාහන තදබදයද අඩු වෙනවා. එවැනි විටක බොහෝ දෙනෙකුගේ කාළය, මුදල් ඉතිරි වනවා. එමෙන්ම රථවාහන තදබදය අඩු වනවිට ඌබර් ලබා දෙන ගාස්තුවද සාපේක්ෂව අඩු වනවා. එයිද පොදු ප්රවාහනයට පැටවෙන බරෙන් යම් ප්රමාණයක් අඩු වෙනවා. මෙහි සමතුලිතතාවයක් තුළ, සියළුදෙනා සතුටින් සිටින මට්ටමකට ගෙන ඒමට හැකි වනවා. ඌබර් වැනි සේවාවන් රටට එනවිට මාෆියා ත්රී රෝද රථ කරුවන් ඒවා වටලා පහර දෙන්න උත්සාහ කරන්නේ ඔවුන්ගේ ඒකාධිකාරයට එයින් මරු පහරක් එල්ල වන නිසයි. රජය එවැනි සේවාවන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. එවැනි ලෝ සුපතල සේවාවක් සඳහා විදේශිකයින් යොමු වීම නිසා, යම් විදේශ විනිමය ප්රමාණයක් ආකර්ෂණය කර ගත හැකි වනවා.
මෙහි දෙවෙනි කොටස ඉක්මනින්මබලාපොරොත්තු වන්න.
Monday, September 26, 2016
අමූදාගේ අරගලය ...... Amudha's Struggle ......
මම බ්ලොග් ලියන්නෙක්ද කියන තරමටම මට බ්ලොග් අමතක වෙලා. එපා වෙලාද කියලත් වෙලාවකට මට හිතෙනවා. පහුගිය මාස කිහිපයේදී ලිවීම වගේම කියවීමත් සිදු වුණේ බොහොම අඩුවෙන්. නමුත් මේ අතරවාරේ ලිපියක් දෙකක් කියවන්නත් සිදු වුණා. ඒ මගේ කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙක්ම බ්ලොග් රසිකයින් නිසා. ඔවුන්ගේ දැනුවත් කිරීමෙන් බ්ලොග් දෙක තුනකට ගොඩ වුණා. වෙලාවකට මේක අල්ලලා දාන්නත් හිතුණා. ඒත් මම දකින කියන දේ බෙදා ගන්න තවමත් මුහුණු පොතට වඩා බ්ලොග් හොඳයි කියන අදහස මා දරන නිසා යලිත් බ්ලොග් එකටම රිංගුවා.
අමුදා මට මුණ ගැහෙන්නේ අහම්බයෙන්. ඇත්තටම ඒක අහම්බයක්මද ? ඔව්. මම උවමනාවෙන්ම ඇය සොයා නොගිය නිසා එය අහම්බයක් ලෙස සටහන් කරන්න පුළුවන්. අමූදාව මම දැක්කේ මැලේසියාවේ, ක්වාලාලාම්පුර් නගරයේ, ඉම්බි කියන ප්රදේශයේ තියෙන ටයිම් චතුරශ්රයට ප්රවේශය සපයන ගුවන් පදික මාරුව අබියසදී. දැන් ඔබට මේ අමූදා කියන්නේ කවුද කියන එක ගැන ලොකු කුතුහලයක් ඇති වෙලා ඇති. නමුත් මා තුල සිටින සැඟවුණු මාධ්යවේදියා නිසා තමයි අද මේ සටහන තබන්න කරුණු-කාරණා ගොනු කර ගන්න ලැබුණේ. ඕනෑම දෙයකට හොස්ස පොවලා බලන එක සිංහලයාගේ සිරිත නිසාමදෝ මන්දා මමත් අමුදා ළඟ මොහොතක් නැවතුණා.
මම තුන්වෙනි වතාවටත් මැලේසියන් භූමියට පය ගැහුවේ, පෙර පරිදිම ක්රිකට් සංචාරයක් සඳහා. අතරින් පතර ලැබෙන විවේකයේදී සාප්පු සවාරියේ යෙදෙන එක, මේ වගේ සංචාරයක වැදගත්ම කොටසක්. තමන්ගේ ඥාති මිත්රාදීන්ට, ඒ වගේම තමන්ට ඕනෑ කරන දේවල් ගන්නත් මේ වගේ විවේකී වේලාවන් කළමනාකරණය කර ගැනීම වැදගත්. මට මොනවද ගන්නේ කියන එක පිලිබඳ පැහැදිලි අදහසක් නැති වුණත්, මේ ටයිම් චතුරශ්රය ආශ්රිතව තිබෙන ලෝ-යැට් ප්ලාසා එකට හැම වතාවකම නොවැරදීම යන එක මගේ පුරුද්දක්. ඒ පරිගණක/ජංගම දුරකථන වලට නම ගිය ස්ථානය මේක නිසා. නිකං රවුමක් ගැහුවත්, අද ලෝකයේ තිබෙන නවීන තාක්ෂණය ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ මිලට වඩා අඩුවෙන් යමක් ගන්නත් පුළුවන්. හැබැයි මෙතැන ඉන්න බොහොමයක් වෙළෙන්දන් කයිරාටිකයෝ. මට මෙතනින් කර ගන්නම අවශ්ය වූ දෙය තමයි, මගේ අලුත් ටැබ්ලට් සහ නෝට්බුක් අතර ඇති උපකරණයේ තිරයට ආවරණය දා ගන්න එක. මොකද මේ ටච් ස්ක්රීන් ටිකක් අතපත ගානකොට ඉරි ඇඳෙන නිසා. කෝ අමුදා ? ඔබට හිතෙනවා ඇති. ඉන්න මම කියන්නම්.
මම අමූදා සිටින ස්ථානයට යනවිටත් හීන් බඩගින්නක් දැනීගෙන එමින් තිබුණා. ඉතිං මගේ ප්රමුඛතා අතර බඩ පුරවාගැනීමත් තිබුණා. මේ වනවිට මම අතින් කටින් බඩු මලු කිහිපයක් එල්ලාගෙන උන්නේ. ඔවුන් තමන්ගේ ජීවිකාව කරගෙන යන්නේ පෙරකී පඩිපෙළ යට තිබෙන හෙවනේ. මේ පදික මාරුවක් අපේ රටේ තියෙන ඒවාට වඩා තරමක් ඉහළින් තියෙනවා කියන එක තමයී මගේ විශ්වාසෙ. ඒ වගේම මේවායේ පඩි වලට අමතරව එලිවෙටර් එකකුත් තිබෙනවා. මේ පඩිපෙළ එක් අතකින් ඉම්බි ගුවන් දුම්රිය ස්ථානයට පිවිසුම සපයනවා. ඒ කියන්නේ අමුදා ඉන්නේ ඉම්බි දුම්රියපොළ යට. අපේ රටේ වගේ ඉතාම ජරාජීර්ණ වූ ස්ථානයක් ඔබේ මතකයට එනවාද ? නමුත් මේවා ඉතා පිරිසිදු ස්ථාන බව සඳහන් කරන්නම ඕනේ. ලංකාවේ නම් මේ වගේ තැන් වල අපිට නවතින්න හිතෙන්නෙම නෑ. ඒ පික්-පොකට් තර්ජනය ප්රධාන හේතු ගණනාවක් නිසා. නමුත් පික්-පොකට් ගැහිල්ල අතින් මැලේසියාව අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටිනවා. ඒ මේ වගේ ජනාකීර්ණ තැන් වලදී ඔබේ පසුම්බියට විදීමෙන් පමණක් නෙවෙයි, ඔබට නොදැනීම ඔබේ මුදල් වලට හෙමිහිට විදින ක්රමත් ඔවුන් සතු නිසා. නොකියාම බැරි වුණත් ඒ කාරණයත් කියන්න ඕනේ.
මේ ටයිම් චතුරශ්රයයේ බිම් මහලේ තියෙන ආහාර අංගනයට මම අවස්ථාවක ගොඩ වුණේ, ඉතාම අධික බඩගින්නකින්. මම හිතන්නේ හවස තුනත් පහු වෙලා. එයාලගේ ළඟ ලෝකයේ බොහෝ රටවල රසයන්ගෙන් යුක්ත ආහාර සපයන කවුන්ටර ගණනාවක්ම තියෙනවා. මටත් උවමනා වුණා, ඉක්මනට බඩට මොනවා හරි දා ගන්න. මම ආහාර පිඟාන කැමති දේ වලින් පුරවාගෙන ගෙවන්න සුදානම් වුණාම තමයි තේරුම් ගියේ, ඔවුන් මුදල් ලබා ගන්නේ කලින් නිකුත් කල කාඩ් පතක් මගින් කියලා. ඉතිං මට සිදු වුණා, කෑම පිඟාන පැත්තකින් තියලා මේ කියන කාඩ් පතක් මිලදී ගන්න. ඒ සඳහා මැලේසියන් රිංගිට් විස්සක අවම මුදලක් ගෙවන්න සිදු වුණා. නමුත් මගේ කෑම වේල රිංගිට් නමයයි ගණනක්. මට බොන්න දෙයකුත් අවශ්ය නිසා මම විස්සේ කාඩ්පතක් ගත්තා. නමුත් මෙහි මිලදී ගැනීමේ හැකියාව දහනමයක් පමණයි. අත යටින් රිංගිට් එකකට විදලා. අපේ මුදලින් රුපියල් තිස් හතක් විතර. මේ වගේ ගනුදෙනු කරුවන් ගසාකන විවිධ ක්රම මේ ස්ථාන ආශ්රිතව ක්රියාත්මක වෙනවා. ස්වදේශිකයන් මේවා ගැන දැනුවත්. ඔවුන් මේ පැතිවල කරක් ගහන්නෙත් බොහොම අඩුවෙන් බව මගේ මිතුරෙක්(මැලේසියානු) පවසා සිටියා.
අමුදාගේ පෝලිමේ සිටින තෙවන ගනුදෙනු කරු මම. මට කලින් සිටින්නේ සිරියානු කතක්. ඇය සිරියාව හැරපියා මැලේසියාව නිජබිම් කරගත් අයෙක්. මා ඇයත් සමග දොඩමලු වුණේ, එහි තත්වය පිලිබඳ පැහැදිලි අවුබෝධයක් ලබා ගන්න. මා පවසා සිටියා සිරියාව මුහුණ දුන් තත්වය පිලිබඳ අප ඉතා කනගාටු වූ බව. ඒ වගේම යුද්ධයේ අත්දැකීම් ඇති අප වැනි රටකට එය තදින් දැනෙන බව. ඇය දුන් පිළිතුර මා අන්ද-මන්ද කිරීමට සමත් වුණා.
"ඔබ සිතන්නේ මාධ්ය වල තිබෙන සියළු දේ සත්ය යයි කියාද ?"
මේ පිලිබඳ යම් අවුබෝධයක් මා සතු නිසා, මා ඇයගේ අදහස හා එකඟ වුවා. යම් මාධ්යවේදියෙකු අහම්බෙන් ගොඩ වැදී ඉදිරිපත් කරන අදහසට වඩා බොහෝවිට සත්ය සහමුලින්ම වෙනස් බව අප අත්දැකීමෙන්ම දන්නා දෙයක්. නමුත් අද සමාජ මාධ්ය ජාලා ප්රධාන ධාරාව අභිබවා මේ කර්තව්ය සිදු කරන නිසා, සත්ය වේගයෙන් ලොව පොරා ගලා යනවා.
අමූදාගේ තමන්ගේ ජීවන අරගලය ගෙන යන්න දෙන සටන ගැන මට එක්තරා ආඩම්බරයක් මෙන්ම දුකක් ඇති වුවා. ඇය තමන්ගේ රැකියාව කරන ගමන්ම චතුර ලෙස ඉංග්රීසි හසුරවමින් අප හා දොඩමලු වුණා. අයිස්ක්රීම් කෝටුවක, සිහින් නයිලෝන් නූල් පාට දෙකකින් යොදාගෙන ගනුදෙනු කරුවාගේ නම වියමින් කළ කී ටැග් නිෂ්පාදනය ඇයගේ ජීවන වෘත්තීය වී තිබෙන්නේ බොහෝ කලක පටන්. මම ඇයගේ අවසරයෙන් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් ලබා ගත්තේ බ්ලොග් ගැන සිහින් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින්. මා ශ්රී ලංකාවේ බව දැනගත් පසු ඇය පවසා සිටියේ, පාසල් අවධියේ ජනාධිපති ප්රේමදාස මහතා ඔවුන්ගේ පාසැලට ආ බවත්, ඈ හා කතා කොට ඇති බවත්ය. එතුමා ගැන ඉතා පැහැදීමකින් ඇය කථා කළා. ඒසමගම නොබෝ දිනකින මැලේසියානු නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන ගුවන් ප්රදර්ශනය සඳහා පුහුණු වන මිග් යානා ගමන් කරන හඬ ඇසුණා. ඒ ගැන සඳහන් කරමින් ඇය තමන්ගේ රටේ ජනාධිපති හෝ අගමැතිගේ ආර්යාව ගැන දැඩි විවේචනයක් එල්ල කළා. ඒ ඇයගේ වියදම් අධික බව පවසමින්. මගේ මුවගට සිනහවක් නැගුනත්, මා කිසිවක් පැවසූවේ නෑ.
තමා මේ ශිල්පය උගෙන ගත්තේ පාසල් අවධියේ බවත්, අද සිටින දරුවන් මෙවැනි දෙයක් ඉගෙන ගැනීම වෙනුවට ජංගම දුරකථනයක් හසුරුවමින් සිටින බවත් චෝදනාත්මක මුඛයෙන් ඇය පවසා සිටියා. මිනිත්තු කිහිපයක් වැනි කුඩා කලකින් එය සාදා නිම කරන්න ඇය සතුව ඇති නිපුණත්වය මා තුල පුදුමයක් ජනිත කළා. මන්ද එය මාගේ සිත පරිගණක (ඩොට් මෙට්රික්ස්) මුද්රණ තාක්ෂණය වෙත ගෙන ගිය නිසා. 7 x 5 ආකාරයෙන් තිත් යොදා ගනිමින් අකුරු නිර්මාණය වන ආකාරයටම ඇය මෙම නූල් කැබලි හසුරුවමින් අපුරුවට තම ගනුදෙනු කරුවන්ගේ නම් වියමන් කරන්නට සමත්. පහලින් තිබෙන පින්තූර වලින් වගේම වීඩියෝවෙන් එය සිදු වන ආකාරය පිලිබඳ යම් අදහස ගන්න පුළුවන්.
මේ සඳහා ඇය යොදා ගන්නේ කතුරක් සහ ලයිටරක් පමණයි. මේ නූල් කෙලවර ලිහීම වලක්වන්න ඈ ලයිටරයෙන් පුච්චා සීල් කරනවා. කතුර යොදා ගන්නේ සමාන දිගට ඒවා කපා ගැනීමටයි. මෙහි තිබෙන ගනුදෙනුකරුවන්ගේ නම් සටහන් කරගන්නා පොත සහ නිමකර ඇති අනෙකුත් කී ටෑග් කිහිපය දුටු විට ලෝකයේ විවිධ ජාතීන් වල අය, මේ නිෂ්පාදනය ආකාර්ශනය කරගෙන තිබෙන බව පැහැදිලියි.
"සහෝදරයා මගේ ස්වාමියා හමුදා නිලධාරියෙක්. එයාට මෙහෙම ඉරක් ඇන්දොත් කෙලින් තියෙන්න ඕනේ. මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ලොකු දෙන්නා දැන් වැඩිහිටියෝ. කොල්ලෝ දෙන්නා. ඒ දෙන්නාට රෑ දහයෙන් පස්සේ ගෙදර එන්න එයාගෙන් අවසර නෑ. දවසක් උන් දෙන්නාට අපේ එක්කෙනා මෙහෙම කිවුවා
"මම දන්නවා උඹලා ඉන්නේ ක්වාලා ලාම්පූර් වල කියලා. ඒ වුණාට රෑ දහයට කලින් ගෙදර ඉන්න ඕනේ"
මේ ළමයි කරන හැම වරදකට, එයා දොස් කියන්නේ තමුසේගේ දරුවෝ. මට අහන්න හිතෙනවා මගේ විතරක්ද කියලා. ඒ වුණාට මම අහන්නේ නෑ.
මම බැන්දේ ආදර සම්බන්ධතාවයකින්. බඳින්න කලින් මම මේ තරම් උස(අඟල් පහක් විතර දෑතින් පෙන්වයි) සපත්තු දාගෙන ක්ලබ් ගානේ ගිය කෙල්ලක්. නමුත් බැන්දට පස්සේ ඒ මොනවත් නෑ. නමුත් දවසක් මේ කතාවක් දිග්ගැස්සිලා, එයා මට 'පලයන් ගෙදර' කියලා කිව්වා. මමත් කඳුළු පුරෝගෙන අපේ ගෙදර ගියා. අපේ අම්මා මට දුන්නා නියම ලෙක්චර් එකක්.
"මේ අහගනින්, බැඳපු ගෑණියෙක් ගෙදර එනවනම් එන්න ඕනේ තමන්ගේ මිනිහත් එක්ක. මෙහෙම තනියෙන් ආවොත්, උඹට වෙන්නේ, ඒකාගෙන් දික්කසාද වෙලා වෙන මිනිහෙක් එක්ක යන්න. එහෙම ගිය දාක, ඒ මිනිහා උඹගෙන් අනිවාර්යයෙන් අහනවා, කලින් මිනිහා ගැන. ඒක ඉවර වෙන යුද්ධයක් නෙවෙයි. ඒ නිසා උඹ ආපු අතක් බලාගෙන පළයන්. එනවනම් වරෙන් මිනිහත් එක්ක"
සහෝදරයා, මම ආපහු ගෙදර ගිහිං, ඉකි ගහ-ගහ දවස් ගානක් ගත කළා. කොහොම හරි අපි දෙන්නා තවමත් එකට ඉන්නවා. අපේ පුත්තුන්ටත් මේ වැඩේ ටිකක් පුළුවන්. උත්සව කාලෙට ලොකු ඕඩර් එනවා. මහත්තයා දැන් පෙන්ෂන්. ඒත් මගේ දරුවන්ට අවශ්ය දේ දෙන්න මම මේක කරගෙන යනවා.
මේ දුවට වයස කීයද ? එයා ටිකක් ට්රයි කරනවා නේද ?
අයියෝ සහෝදරයා, මෙයා මේක ඉගෙන ගනීද කියලා මට සැකයි. දැන් ළමයි මෙහෙම එකතැන ඉඳගෙන වැඩක් කරන්න කැමති නෑ.තවත් වෙලා ඇය සමග දොඩමළු වීමට අවශ්ය වුවත්, මට තිබෙන සීමිත කාළය කළමනාකරණය කරගත යුතු බැවින් ඇයගේ ගාස්තුව වූ රිංගිට් දහය ගෙවා පිටත් වූවෙමි.
එහි සිටි කාළය තුළ, ඇයට යාබදව මෙමරි කාඩ් වෙළඳාමක් කරන කම්මැලියා මට රජ ගහේ ඇණයක් විය. ඔහුගෙන් මෙමරි කාඩ්පතක් මිලදී ගන්නා ලෙස බොහෝ වාර ගණනක් ඇවිටිලි කලද, මා ඊට හසු වුයේ නැත. ඒ වෙනුවට මා ඔහුට රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොත ඇසුරින් දේශනයක් දුන්නෙමි. ඒ අයිස් ක්රී වෙළෙන්දාගේ කඩදාසි කෝප්ප අවසන් වූවිට, යාබදව වොෆල් වෙළෙන්දාගේ මන්දගාමීව විකිනෙන වොෆල් ඉල්ලා, එයින් කෝන් සාදා, ඒ තුලට අයිස් ක්රීම් දමා විකුණා ගිය ගමන, අද ඔබ වෙතට පත් වන අයිස් ක්රීම් කෝන් එකෙහි මූලාරම්භය බව මගේ මතකයට ආ විටය. මා ඔහුට පවසා සිටියේ, මෙමරි කාඩ් පතක් මිලදී ගන්නේ නම්, අමුදාගෙන් නම් කිහිපයක් සාදා ගැනීමට අවස්ථාවක් සපයන බවට පවසා මෙමරි විකුණන ලෙසය. එය තේරුම් නොගත් ඔහු මා හට පැවසූවේ, කුඩා කල සිට තමා උනන්දු වුයේ බොක්සිං ක්රීඩාවට නිසා, තමාට මේ ඉරණම අත් වූ බවය.
Tuesday, October 28, 2014
කවුළු නැති ගුවන් යානා අවුරුදු 10 කින් ගුවනේ ..... Windowless Planes in next ten years
සෑම වසරකම බිලියන 3.1 ක් ජනයා ලොව පුරා සැරිසරනවා. කෙනෙකු නිස්කලංකයේ නිවාඩුවක් ගත කරන්න, තවත් කෙනෙක් ව්යාපාරික ගනුදෙනුවකට, එහෙමත් නැත්නම් ත්රාසජනක අත්දැකීමක් ලබන්න හෝ ආදරය වෙනුවෙන්. ඒ සඳහා ඉන්ධන ගැළුම් දෙලක්ෂ විසිදාහක් වැය කරමින් කාබන් ඩයොක්සයිඩ් ටොන් 705 ක් වාතලයට මුදාහරිනවා. ගමනාන්තයට ළගා වීමටම නොවේ, එහි තිබෙන ජනෙල් ඉවත් කළහොත්, ඔබේ දෑස් අන්කවරදාකටත් වඩා විවෘත වනවා පමණක් නොවෙයි,අඩුබරකින් යුත් යානයක් , නිෂ්පාදක සහ මගියාගේ වියදමද අඩු කර ගැනීමට හැකිය. මෙම තාක්ෂනයට ගුවන්යානයේ සැකිල්ල තුනීලෙස, සහ වැඩි ශක්තියකින් නිමවන්නට හැකිය. ඒමගින් මගියාට වැඩි පළලික් යුත් ආසනයක්ද, අඩු ඉන්ධන දහනයක් සහ අවම කාබන් ඩයොක්සයිඩ් ප්රමාණයක් මුදා හැරීම විශේෂත්වයකි. සජීවී, දීප්තිමත් මෙන්ම නොනවතින වීඩියෝ දර්ශණ මගින් හාත්පස දර්ශන, විනෝදාත්මක වීඩියෝ දර්ශන සහ තොරතුරු ඒවායේ විකාශනය කෙරෙන අතර යානය තුල සේවාවන් ඇඟිලි තුඩක දුරකින් ලබා දීමට හැක. ඔබේ සංචාරය ඔබේ ආකාරයට ඇරඹීමට කාලයයි මේ.......
මෙම සංකල්පය හඳුන්වා දී ඇත්තේ බ්රිතාන්යයේ ක්රියාවලි නවීකරණ මධ්යස්ථානය (Centre for Process Innovation) විසිනි.
ද ගාඩියන් පුවත්පතට වාර්තා කරන අන්දමට ගුවන්යානයේ කවුළු සම්පූර්ණයෙන්ම දීර්ඝ ඕලෙඩ් වර්ගයේ රූපවාහිනී තිර වලින් ආවරණය කරන අතර යානයේ පිටත සවි කරන කැමරා මගින් ලබා ගන්නා හාත්පස දර්ශන ඒවායේ නිරතුරුව ප්රදර්ශනය කෙරේ. එයට අමතරව විනෝදාත්මක වැඩසටහන්, යානය තුල සේවාවන් ඇනවුම් කිරීම සහ අන්තර්ජාල පහසුකම්ද මේවායෙන් ලබා ගත හැක.
කවුළු ඉවත් කිරීම මගින් යානයේ ස්කන්ධය අඩුකරගත හැකි නිසා ගුවන් මගියාගේ ගාස්තුව මෙන්ම ගුවන්සේවාවේ වියදම්ද අවම කර ගත හැක.
ඔක්තෝම්බර් 15 වෙනිදා යූ ටියුබ් වෙත මුදා හරින ලද වීඩියෝවක් මගින් එම මධ්යස්ථානය දන්වා සිටින්නේ වසරකට බිලියන තුනකට අධික ජනතාවක් ගුවන් ගමන් වල යෙදෙන බවත් ඒ සඳහා යොදා ගන්නා ඉන්ධන ගැළුම් දෙලක්ෂ විසිදාහ මගින් කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 705 වායුගෝලයට මුදා හරින බවයි.
ආචාර්ය ජොන් හෙලිවෙල් උපුටා දක්වන ගාඩියන් පුවත්සේවය පවසන්නේ "අප ගුවන්ගතවන්නන් සමග නිරතුරුව කතාබහේ යෙදුනා. අපට තේරුනා යානයේ බර අඩු කර ගැනීමේ අවශ්යතාවක් පවතින බව"
"මෙය තර්කානුකූල සිතිවිල්ලක් ඔස්සේ ඉදිරියට යාමකි. උදාහරණයක් වශයෙන් ගත්තොත් භාණ්ඩ ප්රවාහනය කරන ගුවන්යානා කවුළු රහිත ඒවායි. කවුළු ඉවත් කල පසු මගීන්ට කුමක් කල හැකිද ? ඔබ හිතුවාද ? ඇත්ත වශයෙන්ම කවුළුව අසලම ආසන වල සිටින මගීන්ට මින් යම් අපහසුතාවකට මුහුණ පාන්න සිදු වේ"
හෙලිවිල් මහතා පවසන්නේ කවුලුරහිත ගුවන්යානා පිලිබඳ සිහිනය වසර දහයකදී සැබෑවක් වන බවයි.
"අප සියල්ලන්ම ඒ පිලිබඳ දැන් කථා කරන්නේ එය ගුවන් යානා සංවර්ධනය කර්මාන්තයේ කලයුතු අවශ්යතා සමග ගැලපෙන නිසයි.
සියලුම පින්තූර සහ සටහන http://www.buzzfeed.com ඇසුරෙනි.
ප.ලි. මේ ගැන ඔත්තුව ලබා දුන් රන්ජන් ධර්මරත්න මහතාට ස්තුතිය.
Wednesday, January 15, 2014
ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීම .....II කොටස Reach your nose other way Part II
උදෑසන දහයට කිට්ටු වෙලාවක පෙම්වතියගේ නිවසට ලඟා වුණත්, කරුමයට කකුල් හතරක් ඇත කියලා මට හිතුනේ, ඇය හෙට තිබෙන තමන්ගේ වැඩිමහල් සහෝදරයාගේ විවාහ මංගල උත්සවයේ කටයුත්තක් සඳහා නිවසින් බැහැර වී තිබීමයි. ගෙන ගිය කේක් පෙට්ටිය පසෙකින් තැබූ මා වටපිට බලන විට වෙන්ඩ මාමණ්ඩිය සිනා මුසු මුහුණින් ඇය නිවසේ නොමැති බව දන්වා සිටියේය. ඔබට හිතෙන්නට පුළුවන් "ඇයි කලින් දන්වලා යන්න තිබුණා නේ" කියා. නමුත් මට අවශ්ය වුයේ ඇය මවිතයට පත් කරන්න. අන්තිමට වැඩේ හුලං. සුපුරුදු පරිදි වෙන්ඩ මාමණ්ඩිය උයා දුන දවල් බත අනුභව කර බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියේ ඇයගේ සම්ප්රාප්තිය මේ දැන් සිදු වේ කියා. එම නිවසේ බල්ලා මා නිතරම මුලාවේ දැමීමට සමත් වුයේ ගහක අත්තක් සෙලවුනත් බිරීම නිසයි. නිවැසියන් නිවසෙන් පිට වී යලි එනතුරු බලා සිටින කණ්ඩායමක් තමයි සුනඛ නිකාය. හාම්පුතුන්ගේ ඉව ඉතා ඈතදීම දැන ගන්නා ඔවුන් පෙරමගට ගමන් ගන්නේ තම හිතවත්කම මොනවට කියා පාමින්.
ක්රම-ක්රමයෙන්(ග්රැජු-ග්රැජුවලි) දොළහේ, එකේ, දෙකේ, තුණේ, හතරේ කනිසම් නිවසේ පසුපස බිත්තිය අරා සිටින ඔරලෝසුව නිවැරදිව සංඥා කලත්, ඇයද - මවද පැමිණියේ නැත. ඔවුන් රත්නපුරය බලා ගමන් ගෙන තිබුණා. බිම ආලේප කර තිබෙන ෆ්ලෝ-පේන්ට් වලින් නික්මෙන ටර්පන්ටයින් ගඳ මට එතරම් ආගන්තුක දෙයක් නොවූවත්, එය මේ මොහොතේ මට මහත් වදයක් වූවා. අවසානයේ මස්කෙළිය බලා යන අවසන් බස් රථය හෝ අල්ලා ගැනීමේ බලාපොරොත්තුව සිතේ දාරාගෙන නිවසින් පිට වුණා. මා ආ බවවත් දන්වන්නට ඇයගේ ජංගම දුරකථනය ක්රියා කලේ නෑ. අපේක්ෂා භංගත්වයෙන් කිලෝමීටරයක් මග පයින් ගෙවා ප්රධාන පාරට අවතීර්ණ වුයේ, හැකි ඉක්මනින් ආපසු යන්නට ලැබේවා යන පැතුම සිතේ දරාගෙන. මා කුමන බස් රථයකට ගොඩ වුවාද, කෙතරම් වෙලාවක් එම රථයේ රැදී සිටියාද යන්න දැනීමට තරම් යහපත් මානසික තත්වයක් තිබුණේ නෑ. අවිස්සාවේල්ල බස් නැවතුමට අනෙක්පසින් ඇති බස් නැවතුම(දුම්රිය ස්ථානය ඉදිරිපස) මස්කෙළිය, හැටන් ආදී ගමනාන්ත සටහන් කර තිබෙනු මා මීට පෙරත් දැක තිබුණා. එම බස් නැවතුමේ මා ඇරෙන්න තව දෙතුන් දෙනෙක් සිටියද, කිසිම බස් රථයක මස්කෙලිය සටහන් වී තිබුණේ නෑ. පැමිණෙන බොහෝ බස් රථ හැටන් හෝ නාවලපිටිය සටහන් වී තිබුනා. වෙලාව සවස හය ආසන්න වත්දී මා දෙගිඩියාවකට පත් වුණා. මා කොළඹට ගොස් හෙට උදෑසනින් පිට වනවාද, නැතිනම් තවත් බලා හිඳීනවාද ?
අවසානයේ මේ ගමන කොටස් දෙකකින් හමාර කරන්න මා තීරණය කළා. ඉතා හිමින්සීරුවේ පැමිණි හැටන් වායු සමනය කල බස් රථයකට ගොඩ වූවා. එහි රියදුරු තැන අසල ආසනය හිස්ව පැවතියා. මා එතනින් හිඳගන්නවාත් සමගම වම්පස අසුනේ සිටි මහළු, බියකරු පෙනුමැති පුද්ගලයා මා දෙස බලා නැවතත් ඔහු ඇත තිබූ ලියවිල්ලක් දෙස දෑස් යොමු කළා. දෙහිවිට වනතෙක් මන්දගාමීව පැමිණි බස් රථය තේ පානය සඳහා නතර කළා. ඉතා කඩිනමින් චයිනීස් රෝල් දෙකක් ගිල දමා, ස්ප්රයිට් කෑන් එකක් ගෙන මා බස් රථයට ගොඩ වූයේ එය ඉක්මනින් පිටත් වේවායි පතමින්. නමුත් එහි පැමිණි මගීන්ට පවා මට තිබෙන හදිසිය තිබුනේ නෑ. මග දෙපස තිබෙන බෝක්කු-පාලම වල තිබෙන අංක කියවනවා හැරෙන්නට මට කල හැකි දෙයක් තිබුනේ නෑ. මඩ පැහැයෙන් චණ්ඩ ලෙස ගලා යන කැළණි ගඟ පසක් කලේ, මේ පොහෝදින ඉහල කඳු ප්රදේශ වැසිදියෙන් නහවනවා ඇත යන්නයි. අවාසනාවක මහත, කොට කොටා යන බස් රථයට ඇසළ පෙරහැරක් ඉදිරියට හමු වීමය. එය ගහට-ගහක් මොරටුවේදී හමු වීම වැනිය. ඒ.සී. යන්න සටහන් කර තිබුණත් මේ බස්රථය ගමන් කරන්නේ මග දෙපස තිබෙන ඒ.සී. වලිනි. මේ ප්රදේශ වලට සබැවින්ම වායු සමනය අවශ්ය නැත.
රාත්රී හත පමණ විට හැටන් නගරයට බස් රථය ලඟා වුණා. මගේ මීළඟ ඉලක්කය මස්කෙලියට යන බස් රථයක් සොයා ගැනීමයි. නමුත් මේ නගරය පාළුවට ගොස් ඇති සෙයක් දිස් වුවා. නොනවතින චුරු-චුරු වැස්ස සහ තෙත බරිත පොළව ගෙන දුන්නේ මුළු දිනයම මේ වැස්ස පවතින්න ඇති යන හැගීම. චිරි චිරියට අමතර මඩ, අඳුර, සීතල යන උල් සහිත ආයුධයකින් අණින ස්වභාවයක් මෙවැනි අවස්ථාවක ඇති වන්නේ නිරායාසයෙන්. මා මගේ පසුම්බිය ඇද බැළුවෙමි. එහි රුපියල් නවසිය ගණනක් ඇත. යම් හෙයකින් ගමනාන්තය වෙත ලඟා වීමට නොහැකිනම් මා නවාතැනක් සොයා ගත යුතුය. තේකක් බීමේ අවශ්යතාව ඇති වුවද, එයට මේ මොහෙතේ ප්රමුඛතාව ලබා දිය නොහැක. පසෙක නවත්වා ඇති ඩෙලිකා වැන් තුන හතර ඉදිරිපස, ජැකට් වලින හිස සිට වසාගෙන සිටින ඒවායේ රියදුරන් මට පෙනුණේ, නගරයට පැමිණෙන ආගන්තුක අය ගිල ගැනීමට සිටිනා රකුසන් ලෙසයි. අප වැනි ඉබාගාතේ යන්නන් ඔවුන්ට සම්පතක වුවත්, ඔවුන් අප නොදුට ගණනට හැසිරෙන්නේ, අප ඔවුන් වෙත ලඟා වනතුරුය. නමුත් මේ මොහොතේ එවැනි විකල්පයකට යනවාට වඩා මෙහි නවාතැන් ගැනීම පහසුය. මා වටපිට බැලීමි. පාරෙන් එහා පැත්තේ සිටින පුද්ගලයෙකු කෑ ගසන හඬක් ඇසේ. නමුත් එය බස් කොන්දොස්තර වරයකුගේ හඬක් නොවන බව පැහැදිලිය. වඩාත් ලං වනවාත් සමග ඇසුණු ඒ මහළු හඬ මගේ සිතේ අස්වැසිල්ලක් ඇති කළේය.
"මස්කෙළිය - නෝර්වුඩ්, මස්කෙළිය - නෝර්වුඩ්"
මේ අර බස් රථයේ සිටි ලොක්කාය. මා හනික ඒ දෙසට ලඟා වුණේ, වෙනත් කෙනෙක් ඒ තැන ගන්නට පෙරය. ඔහු මේ වනවිටත් ත්රී-රෝද රියදුරෙක් සමග ගණනක් කථා කරගෙන හමාරය. ඒ රුපියල් හාරසිය පනහක්ය. එය අන්තිම සාධාරණය.
"පුතා මස්කෙලියටද යන්නේ ? මේකට රුපියල් හාරසිය පනහක් යනවා, පුතාට කීයක් දෙන්න පුලුවන්ද ?"
මහළු නමුත් ශක්තිමත් ස්වරයකින් ඔහු අසා සිටී. මා ගත් කටටම
"මම භාගයක් දෙන්නම්"
ලෙස පිළිතරු දුන්නත්. ඔහු
"නෑ පුතා ඔයා රුපියල් සීයක් දෙන්න. මම කොහොමත් නෝර්වුඩ් වලට යන්න ඕනනේ"
"හරි යමු"
පුටු-පුටු හඬින් ත්රී වීලරය පණ ගැන්විණි. චුරු-චුරු වැස්ස තවමත් එසේමය. මම සැනසුම් සුසුමක් හෙලීමි. මහළු පුද්ගලයා කථා කරන්නට පටන් ගත්තේය.
"පුතා මස්කෙළියෙද, නෝර්වුඩ්ද ?"
"නෑ අංකල්. ඒ දෙකම නෙවෙයි. මම රාජකාරියකට මස්කෙළියට සති දෙකකට ඇවිත් ඉන්නේ"
ත්රී රෝද රථය ඉතා හෙමින් පුටු - පුටු ගමනින් යයි. එහි දුර්වල එළියෙන් දකුණු පස ඇති විශාල කළුගල් තාප්පයක් දිස් වේ. කාණු පුරා වතුර ගලා බසී. තවත් මොහොතක් පුටු-පුටු-පුටු ගෑ ත්රී රෝද රථය නතර විය. එය පණ ගැන්වීමට ත්රී රෝද රථ රියදුරා ගන්නා ලද සියළු උත්සාහයන් ව්යර්ථ විය. කරුමයකි.
"මහත්තයා තෙල් ඉවර වෙලා"
"ඇයි. අයිසේ තමුසෙට ඕක කියන්න මෙච්චර දුරක් එන්න හිටියේ"
මහළු පුද්ගලයාට හොඳටම කේන්තිය. මට ඇත්තේ "අද නම් මහා කරුම දවසක්" යන හැගීමයි.
"පුතා දැන් කරන්න දෙයක් නෑ. ආපහු ටවුමට යමු"
දැන් මහල්ලා සහ මා සරණාගත තත්වයකට පත්ව ඇත. මා ලේන්සුව ගෙන හිස ආවරණය කර ගත්තද, මහල්ලාගේ සන්තකයේ තිබුණේ කුඩා ගමන් මල්ලකි ඔහු එය හිසට තබාගෙන, බඩ තඩියත් ඔසවාගෙන යන ගමන ඇති කරන්නේ අනුකම්පාවකි.
"පුතා මම ඊබට් සිල්වා එකේ වැඩ කරේ. අවුරුදු තිස් ගාණක් වැඩ කරලා. අද අස් වෙලා යන ගමන්. පුතා කොහෙද වැඩ කරනවා කිව්වේ"
"මම මහජන බැංකුවේ. මෙහෙ බ්රාන්ච් එක කම්පියුටරයිස් කරන්න ආවේ"
"ආ ඒක හොඳයි. නැත්නම් අපිට හැමදාමත් පෝලිමේ පැය ගණන් රස්තියාදු වෙන්න වෙනවා. හෙට මට කොහොමත් බැංකුවට එන්න වෙනවා. මගේ ෆන්ඩ් එකේ චෙක් එක මාරු කර ගන්න"
"හරි එන්න අන්කල්. මම උදව් කරන්නම්"
මේ කතාබහ අතරතුර යාන්තමට නැවතත් මඩ නාගෙන නගරයට පාත් වුනෙමු. මෙවර ත්රී වීල් කරු හමු වූ හැටියේම අන්කල් ඔහුට ප්රශ්න පත්තරයක්ම ඉදිරිපත් කළේය. ඒ අතරින් වඩාත්ම සිත් ගත්තේ
"මේ පුතා අපිට මග රස්තියාදු ගහන්න නම් බෑ. කලින් ගිය එක පැට්රොල් නැතුව නතර වුණා. පැට්රොල් නැත්නම් ගහයෙන යමු"
මෙවර මා කැමැත්තෙන්ම භාගයක් ගෙවීමට ඉදිරිපත් වූ විට, අංකල් විරෝධයක් නැතිවම වාහනටය ගොඩ විය. සීතල එන්න එන්නම් දැඩි විය. නෝර්වුඩ් හරියට ලඟා වත්ම මගේ හිතට සැනසුමක් ඇති විය. මේ සීතල තවත් විනාඩි කිහිපයකින් නැති වනවා නේදැයි සිතුණා. අංකල්ට නොවක් ස්තුති වන්ත වීමට මා වග බලා ගත්තේ, මේ මොහොතේ ඔහු මට පියෙකු මෙන් වූ නිසාය. ඔහුගේ කොටස මා අතට දී, රියදුරාට මා ඇරලවන අකාරය විස්තර කර, පාරෙන් පහලට ඔහුගේ බකල අඩි තබා ගමන් ගන්නා අකාරය මා තුල ඇති කලේ ශෝකයකි.
පැය ගණනක් මුළුල්ලේ මහ මග ගිය ගමනක් මෙසේ රාත්රී නවයට පමණ අවසන් කර හෝටලයට යන්නට පෙර, රාත්රී ආහාරය ලෙස කොත්තු රොටියක් ලබාගෙන ඇඟ රත් කර ගැනීමට කෝපී කෝප්පයක්ද පානය කර, හෝටලයට ලඟා වනවිට කාමරයේ ජනේලයෙන් උඩුකය නිරාවරණය කරගෙනම සිටින අකිල දුටිමි.
ඇත්තටම මේ ගමන ඔලුව වටෙන් අත දා නහය ඇල්ලීමටත් වඩා දිගු එකකි. බොගවන්තලාව හරහා පැයකින් පමණ යා හැකි ගමනට පැය හයක් හතක ගත වීම කනගාටුවට කරුණකි. මේවා ඉදිරියේදී වෙනස් වනු ඇත.
_______________________________________
මෙහි අතුරු කතා හැකි තරම් අඩු කලේ, ඔබගේ බලවත් ඉල්ලීමටය. නැතහොත් අතුරුකතා කිහිපයක් එබීමට ඉඩ තිබිණි.
Monday, January 13, 2014
ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීම ..... Reach your nose other way
අද උදේ පහට විතර දොර ඇරගෙන කුස්සිය පැත්තට ගියේ, මටයි පොඩි එකීටයි උදෑසන තේ වෙලා සාදා ගන්නට වතුර ලිපේ තැබීමටය. අද උදෑසන හීතල වෙනදාට වඩා වැඩි යයි මට සිතුනා. මේ දින වල අධික සීතල නිසා නිදන කාමරයේ සියළු ජනෙල් වසා දමන්නේ පින්න නිසා කෙලි පොද්ද ලෙඩ වෙන්න පුළුවන් නිසා. එවැනි සීතලක් මට මින් පෙර කොළඹදී දැනී නැහැ. දුරුතු මාසයේ සීතලට මා කුඩා කල සිටම ප්රියයි. නමුත් ඒ සීතල නිසා හිත යට සැඟවිලා තිබුණ තවත් අපූරු අත්දැකීමක් මතකයට පැමිණියා. අපේ සේවිකාව ඊයේ උදෑසනම තම ගම් බිම් බලා පිටත් වුයේ තයිපොංගල් උත්සවය සමරන බලාපොරොත්තුවෙන්. මේ ගෘහ සේවිකා රැකියාවේ යෙදී සිටින බොහොමයක් දෙනා හිංදු ආගමේ තියෙන හැම උත්සවයක්ම සමරන්න වග බලා ගන්නවා. ආයතන වල රැකියා කරන අපි තමයි එවැනි දින වලත් බොහෝවිට සේවයට වාර්තා කරනවා. ඒ ඔවුන්ට එවැනි උත්සව සමරන්න අවශ්ය බරපැන සපයන්නම පමණක් නොවෙයි. නිවාස ණය ඇතුළු තවත් බොහෝ ණය නිසා මාසික පඩිපත කෘෂ වීම නිසා අතිකාල මත යැපෙන්න මා වැනියවුන් බොහෝ දෙනෙකුට සිදු වී ඇති නිසා. ඔවුන් මෙසේ ලැබෙන සෑම අවස්තාවකම ප්රයෝජනයට ගැනීම ඉවසන්න බැරි විටෙක මා ඇයගෙන් මෙවැනි ප්රශ්නයක් ඇසුවා
"ඕගොල්ලන්ට අවුරුදු කීයක් තියෙනවද ? අවුරුද්දකට ?" කියලා.
මා මුලින් හිතුවේ මෙය අප වැනි ගෘහ සේවිකාවන් සිටින අයට ආවේනික ගැටළුවක් ලෙසය. නමුත් එය තවත් බොහෝ දෙනාට බලපාන ගැටළුවක් බව පසක් වුණේ, මේ දිනවල මා මුද්රණ කටයුත්තක වෙනුවෙන් නිතරම මුද්රණාලයක් වෙත පියමනින නිසා. එහි අධිපතිවරයාත් මීට සමානම අදහසක් දැරුවා. ඒ මේ සතියේ මැදට එන නිවාඩු දෙකම එතුමාගේ මුද්රණ සේවකයන් ලබා ගන්නා බව. සමහරවිට ඇඟ වෙහෙසලා වැඩ කරන අය නිසා වෙන්නත් පුළුවන්. මා ගෘහ සේවිකාව සමග වැඩි වාද විවාද වලට නොයන්නේ, එවැනි දක්ෂ සේවිකාව සොයා ගැනීමේ අපහසුව දන්නා නිසයි. ඉදිරියේදී ඇය ගැන වෙනම සටහනක් තබන්නම්.
මගේ මතකය නිවැරදි නම ඒ 2002 අගෝස්තු මාසයයි. ඔය කියන වකවානුවේ මා සති දෙකක කාලයක් සඳහා මස්කෙළිය ශාඛාවේ රාජකාරියේ යෙදී සිටියා. එකල මා කල රාජකාරිය පිලිබඳ යමක් සටහන් කරන්නේ මෙහි පැමිණෙන නවක පාඨකයන් වෙනුවෙනි. එවක මගේ රාජකාරිය වුයේ ලංකාව පුරා විසුරුණු ශාඛා ජාලයෙන් පරිගණකගත වන ශාඛා වල නව පද්දතිය ස්ථාපනය සහ සේවක පුහුණුවයි. ජීවිතයේ මා ලැබූ සොඳුරු මෙන්ම කටුක අත්දැකීම් බොහොමයකට පසුබිම් වුයේ මේ රාජකාරියය. ඒ නිසාම තමයි ඇවිද්ද පය ...... බ්ලොග් එකට "රාජකාරි ගවේෂකයාගේ මතක සටහන්" යනුවෙන් තේමා පාඨය එක් කලේ. අද කියන්න යන සතිය මේ සතියට බොහෝ සමාන ලක්ෂණ තිබුණා. හේතුව සතිය මැද පසළොස්වක පෝය යෙදී තිබීම. හිතන්න, දුර ඈත නගරෙක ඉන්න වෙලාවක සතිය මැද නිවාඩුවක් එනවා කියන්නේ මොන වගේද කියලා. එක අතකින් බැලුවොත් ඒක බෝනස් එකක්, තවත් අතකින් කරුමයක්. බෝනස් එකක් වෙන්නේ ඒ පළාතේ බලාකියාගන්න හොඳ තැනක් තිබීම. කරුමේ වෙන්නේ එහෙම දවසක නිකං ඉන්න වුණොත්. මට මේ දෙකටම නැති දෙයක් තමයි කරන්න වුණේ. ඒ කියන්නේ සරල රේඛාවකින් ඇන්දොත් කිලෝ මීටර් පනහකටත් වඩා අඩු දුරකින් ඉඳපු මගේ පෙම්වතිය බලන්න යන එක.
![]() |
| පින්තූරය ගත්තේ :http://globalbhasin.blogspot.com/ |
ඉතිං මම අර කියපු හීතල නොඅඩුව තියෙන පළාතක් තමයි මස්කෙළිය. කවුරු හරි මගෙන් ඇහුවොත් ලංකාවේ සීතලම කොහේද කියලා මගේ උත්තරය මස්කෙළිය. සමහරවිට ඊට වඩා සීතල තැන් ඇති මම නොගිය. එක පැත්තකිනි චුරු-චුරු වැස්ස, අනිත් අතින් දත් පැළෙන සීතල. දවල් රෑ කියලා වෙනසක් නෑ. රෑට නම් ඉතින් හොඳට පොරවාගෙන ගුලි වෙලා නිදියන්න පුළුවන්. ඒත් දවල්ට ශාඛාවේ කවුන්ටරයක ඉන්න කෙනෙක් ගාව හිටගෙන මේ සීතල දරා ගන්න ගියාම තියෙන සනීපෙ කියලා වැඩක් නෑ. බ්රාන්ච් එකේ අයත් එක්ක කතා වෙලා එයාලගේ චමරියේ උයන කෑම කන්න අවස්ථාව හදා ගත්තේ දවල්ට වුණත් එළියේ ඇවිදින්න තියෙන අමාරුව නිසා. මගේ මතකයේ හැටියට ඒ කර්තව්ය කරේ ඥානසිරි කියලා මහත්තයෙක්. අපිත් දවල්ට දානෙට වඩිනවා වගේ චමරියට ගිහිං පිළිවෙලකට තියලා තියෙන ඇඳන් වල වාඩි වෙලා උණු - උණුවේ බෙදා දෙන බත් කට පිච්චි-පිච්චි බඩට දා ගන්නවා. බ්රාන්ච් එකේ ඉන්න ගෑනු ළමයිත් ජාති බේදයකින් තොරව ඇවිත් මේ ඇඳන් වල වාඩි වෙලා කනවා. මුස්ලිම් තරුණියක් වෙච්ච නිම්නාස් වගේම දමිළ තරුණියක් වූ ලලිතා කියන දෙන්නත් අපිත් එක්කම ඇවිත් මේ ව්යාපාරෙට හවුල් වුණා. එක අතකින් ඒ අය අපේ ඇසුරට කැමති වුණා. අපිත් ඒ වගේමයි. අපේ බ්රාන්ච් එකට එන කුරියර්(බොහෝ දෙනෙක් කියන්නේ කූරියා කියලා) සේවාවේ තරුණයා කියන්නේ
එක්කෝ වහින්න ඕනේ. නැත්තං පායන්න ඕනේ. එක තැනකට වැහැලා තව තැනකට පායනකොට තමයි එපා වෙන්නේ. වහින හරියේදී වැස්සේ නාගෙන ගිහිං පායන හරියකදී හුලං වදිද්දී තියෙන්නේ පුදුම අමාරුවක්. ඒ වගේම තමයි සමහර ගස් වල මල් පාරට වැටිලා වැස්සත් එක්ක එකතු වෙලා සෙවල වගේ හැදිලා තියෙන තැනක බෙන්ඩ් එකක් ගන්න ගියාම. එක දවසක් මම එහෙම බෙන්ඩ් එකක් ගන්න ගිහිං ලිස්සපු පාරට තේ වත්තකට විසි වෙලා ගියා. මට එතන සිහිය නැතිව සෑහෙන වෙලාවක් ඉඳලා මගේ වාසනාවකට ඒ හරියේ දළු කඩන්න ආපු අක්කා කෙනෙක් දැකලා තිබුණේ.
ඉතිං ඒ ටික අතුරු කතාවක් වුනත් මෙතනට එකතු කලේ මේ පැතිවල ජීවිත වල දුෂ්කරතාව තේරුම් කරන්න. අද ඒ වගේම හීතලක් දැනුණා, අනිත් අතින් හෙට - අනිද්දා දෙක සතිය මැද නිවාඩු. බොහෝ දෙනෙක් වගේ මේ නිවාඩුවට මමත් කැමති වුණා ඒ කාලේ හැටියට. මොකද මට ඒ කාලේ පෙම්වතිය බලන්න යන්න රැයක් දවාලක් නෑ. සමහර දවසකට රෑ දෙකට විතර ඇහැරුනොත් ඒ වෙලාවේ පිටත් වෙනවා. කොළඹ ඉඳලා බලන්ගොඩ කිට්ටුව තිබුන මේ පලාතට කිලෝ මීටර් සීයක් වුණත්, මස්කෙළිය සහ බලන්ගොඩ අතර තියෙන්නේ බොහොම කෙටි දුරක්. හැබැයි තවමත් මේ පළාත් එක අතර කේබල් කාර් නෑ. අනාගතයේ එහෙම එකක් ආවොත් හොඳයි. බොහෝ දෙනාගේ කාලේ ඉතිරි වෙනවා. ඔය කියන පෝය දවසට කලින් දවසේ හවස් වෙද්දී බ්රාන්ච් එක පාලුවටම ගියා. ඉතිරි වුණේ මමයි මගේ සගයා වෙච්ච අකිලයි බ්රාන්ච් එකේ කළමනාකාර තුමා(එතුමත් පිට ගං කාරයෙක්) මස්සිනා කියන ලේසි වචනයෙන් හඳුන්වපු අපේ මිත්රයා(නම මතක නෑ) කියන හතර පස් දෙනෙක් විතරයි. මම නින්දට ගියේ උදෑසන හතරට එලාම් එක තියලා. ඒ පාන්දර හතරයි තිහට තියෙන බස් එක අල්ලා ගන්න.
මම හතරට එලාම් එක වදින්න මොහොතකට කලින් ඇහැරිලා එලාම් එක වැඩි වෙලාවක් වදින්න නොදී අක්රීය කලේ මගේ මිත්රයාගේ නින්දට බාදා කරන්න තියෙන අකමැත්තට. තවත් විනාඩි ගණනකින් ඉතා ස්වල්ප ප්රමාණයකින් ඇඟ හෝදාගෙන කලින් සුදානම් කරගෙන තිබුණ ඇඳුම ඇඳ ගත්තා. මම උදේ යනවා කියලා අකිලට කියලා තිබ්බ නිසා, පාන්දර ඇහැරවලා කරදර කිරීම අනවශ්ය නිසාත් හෙමින් දොර වහගෙන යන්න පිටත් වුණා. හැමදාමත් ගෙදරින් එලියට යනකොට තියෙන පුරුද්දට සාක්කු පහටම තට්ටුවක් දාල බලලා හෝටලයේ පඩිපෙළ බැහැගෙන එලියට ගියා. හොද වෙලාවට මේ හෝටලයේ මුරකරුවෙක් හිටියේ. සමහර පැති වල තියෙන හෝටල් සහ තානායම් වල සේවකයෝ එන්නේ උදේ හතට විතර එතකං අපි ඉන්නේ නිවාස අඩස්සියේ වගේ. හතරයි තිහට තව විනාඩි දහයක් විතර තියෙන නිසාත්, දැඩි සීතල ඉවසන්න අපහසු නිසාත් ඒ වෙනකොට නගරයේ විවෘත්තව තිබුණ හෝටල් දෙකෙන් එකකට ගොඩ වෙලා කිරි කෝපි එකක් බී වහා බිල ගෙවා පිට වූවා. ඉන් පස්සේ කලින් දැනගත්ත පාර දිගේ පාන්දර වුණත් යුහුසුළුව ගමන් කරන කිහිප දෙනාට එකතු වුණා. මගේ මතකයට ආවේ රුසියානු පොත් වල තියෙන පරිසරය. ඇත්තටම කතාවක් ලියද්දී ඒ ප්රදේශයේ කාලගුණය ගැන අදහසක් දුන්නේ නැතිනම් ඒක ලොකු අඩුපාඩුවක්. සමහර පළාත් වල උදේ පාන්දර හතරටත් දාඩිය දානවා. අපි ලියද්දී ඒ ගැනත් සටහන් කරන්න වටිනවා.
කලින් අසා දැනගත් පරිදි බස් නැවතුම සොයා ගන්න අපහසු වුයේ නැත. අප ගෙනත් ඇරලවූ වාහනය හෝටලයේ නවතා තිබුණත්, එහි රියදුරා වූ රොෂාන් පෙරදින පාන්දර කොළඹ බලා පිටත් වුයේ මෙහි ආ ගමන එන්න පිටත් වෙත්දී හෝමාගම පොලීසිය විසින් රඳවා ගත්ත ඔහුගේ(අකිලගේ) රියදුරු බලපත්රය රැගෙන ඒමටය. ඒ වනවිට ඔහු සතුව තිබුණේ පොතුහැර පොලීසිය මගින් ලබා දී තිබූ දඩ කොළයකි. එය රඳවා ගැනීම ප්රතික්ෂේප කල නීතිගරුක පොලිස් නිලධාරියා වෙනත් රියදුරු බලපත්රයක් ඇතිනම් රඳවා ගත හැකි බව දන්වා සිටි විට, අකිලගේ රියදුරු බලපත්රය ලබා දුනිමු. එම නීතිගරුක නිලධාරියා මෙසේ දඩ ලියවිල්ලක් ලබා දීමට ප්රථම අප ඔහුට සුපුරුදු ඉල්ලීම් මාලාව ඉදිරිපත් කලද ඔහු අප කියන සියල්ල සාවධානව සවන් දී, ඉතා නිරවුල්ව සිනහ මුසු මුහුණින් පිළිතුරු ලබා දුන්නේ අප නිරුත්තර කරමිනි. අප බැංකුවේ හදිසි ගමනක් යන බව පැවසූ විට ඔහුගේ උත්තරය වුයේ, හදිසි වෙලාවට අධික වේගයෙන් ගමන් ගැනීමට අවසරයක් බැංකුව ඔබ වෙත ලබා දී තිබේද යන්නයි. එනිසා ඔහු සමග එවැනි ගොඩින් බේරා ගැනීමක් පහසු නැති බව වැටහී ගිය විට, අපට නිහඬව ඔහුගේ කටයුතු නිහඬව කරගෙන යාමට ඉඩ දීම හැරුණු කොට කල හැකි කිසිවක් නොවිණි. සියල්ල අහවර වූ පසු මා ඔහුට කිට්ටු කර "මෙහි ගමන් කල හැකි උපරිම වේගය කුමක්ද ?" යන ප්රශ්නය ඉදිරිපත් කල විට, "හැත්තෑවකට අඩුවෙන් යන වාහන අපි අල්ලන්නේ නෑ" යන පිළිතුර ලබා දුනි.
නිසල එහෙත් සීතල මස්කෙළිය නගරයට මදක් පහලින් ඇති එක බස් නැවතුමක වටවී සිටින ස්වල්ප දෙනා වත් හඬක් නොනගන මේ මොහොතේ එහි ඇත්තේ දැඩි පාලු ස්වභාවයකි. ඉතා ඈතින් බොඳ වූ එළි දෙකක් සමගින් මතු ගොඩ-ගොඩ හඬ සමගින් ඉබි ගමනේ ආ බස් රථය අප සිටින ස්ථානයේ තිරිංග යොදනවාත් සමග තැනින් තැන සිටි පිරිස බස් රථයේ දොරටුව අසල රොක් විය. අප ගොඩ වී හමාර වුවත් මේ බස් රථ වල කෙරෙන අනෙකුත් රාජකාරිය වූ තැපැල් මල්ල බාරගෙන අහවර වන තුරු බස් රථය පිටත් නොවිණි. ටිකට් පත ලබා ගත විගස මම දෑස් පියා ගත්තේ මද හෝ නින්දක් ලැබීමටය. මා නින්දෙන් අවදි වනවිට් බස් රථය ඉතා අලංකාර පෙදෙසක් පසු කරමින් සිටියි, ඒ ගිනිගත්හේන නගරය පසු කොට මද දුරක් ගමන් කල විට හමු වන පෙදෙසයි. හිරු එලිය නැතත් අරුණෝදය නිසා හාත්පස පැහැදිලිය. පහලින් පුලින් යායක් වැනි වලාකුල් රැසක් ඇත. අතරින් පතර පෙනෙන තුරු ලතා මේ මනස්කාන්ත දර්ශනය වඩ-වඩාත් අලංකාර කරයි. මේ වනවිට සියළු ආසන පීරී ඇත. හිටගෙන සිටින අය අතර පාසල සිසුවෙක්ද වේ. අද වැනි පොහෝ දිනක පාසල් පැවැත්වේද ? නමුත් ඒ ශිෂ්යත්ව විභාගයට පෙනී සිටින සිසුවෙකි. උදෑසන එම බස් රථය අවිස්සාවේල්ල නගරයට පිවිසිණි.
අවිස්සවෙල්ලෙන් බස් රථයෙන් බසින විට මට දැඩි උණුසුමක් දැනිණි. ඒ මස්කෙළිය විසින් ගිලගෙන තිබූ මගේ ශාරීරික උෂ්ණත්වය යලි ලැබීම නිසාය. අවිස්සාවේල්ලේ සමූපකාර අවන්හලට ගොඩ වූ මා ඉඳිආප්ප වලින් සප්පායක් වී නැවතත් බලන්ගොඩ දෙසට යන බස් රථයක බලාපොරොත්තුවෙන් බස් නැවතුම්පල ඉදිරිපස ඇති කුඩා බොස් හෝල්ට් එකට වී සිටියෙමි. තවත් මොහොතකින් බලන්ගොඩ බස් රථයක්ම එහි විත් නතර විය. දෙවරක් නොසිතාම මම බස් රථයට ගොඩ වී හිඳ ගතිමි. බස් රථයපැල්මඩුල්ලට ලඟා වෙත්ම මගේ මතකයට ආවේ මා ඇගේ නිවසට යාමට කිසිත් මිලදී නොගත් බවය. නැවතත් පැල්මඩුල්ලෙන් බැස ගත් මා එහි ලඟා වනවිට උදෑසන නවයත් පසු වී තිබිණි.
ඉතා රසවත්ම කොටස වන ආපසු එන ගමන දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.
Thursday, November 28, 2013
රෑනඅත්තකන්ද තුන්වෙනි කොටස - TheThird Part Ranaaththakanda
මේ යාල සහ කුමන රක්ෂිතයන් අතර ඝන කැලෑවක දෙරැයක් ......Two Nights in a Thick Forest
යන හිසින් ලියූ හේන් ගොවියන් සමග ගතකළ සොඳුරු එමෙන්ම කටුක රාත්රීන් දෙක පිළිබඳ අත්දැකීම් මාලාවේ තෙවන කොටසයි.
හිරු නැගෙන්නට තවත් හෝරාවකුත් මිනිත්තු තිහකට ආසන්න කාලයක් ඇත. නිවසේදී පවා පැය හතරක නින්දකින් පසු අවදි වුවහොත් යළිත් නිදා ගැනීම සිහිනයක් බඳුය. එහෙත් මා ඇහැරුණේ එලාම් ඔරලෝසුවට නම් යළි නිදිසුව ලබා ගත හැක. එහෙත් අද දිනය විශේෂය. මා අවදි වුවේ අපගේ නින්ද වෙනුවෙන් සහ ඔවුන්ගේ වගාව වෙනුවෙන් කොටස් වශයෙන් නිදි වැරූ ගොවි මිතුරන්ගේ අදිසි කෑගෑම නිසාය. මම දෑස පියා ගත්තද යළි නින්ද නොඑන බව සක්සුදක් සේ දනිමි. පොරවනය ඉවත් කර වාඩි වූ මම වටපිට බැලීමි. පෝය දිනයට පහන් වන හිමිදිරියේ ලා සඳ එළියෙන් චමත්කාර දසුනක් කෙසේ වෙතත් බියකරු වටපිටාවක් මා අවට ඇත. මගේ මිතුරන් අතරින් සම්පා පසුවන්නේද කුකුල් නින්දේ බව වැටහුණේ, මිමිණිල්ලෙන්ම කියූ වදන් කිහිපක් නිසාය.
මීටර් සීයකට මත්තෙන් ඇති ඝන කැලෑව නිසොල්මනේ පසු වේ. මුලින් ඇසුණු අලි හඬ සහ ඊට ප්රතිචාර ලෙස සියලු හේන් වල ගොවීන් දැක්වූ හූ හඬ සහ බැණ අඬගෑම් පහව ගොසිනි. ඉඳ හිට කෑ ගසාගෙන යන කෑදැත්තෙකුගේ හඬ හැරෙන්නට හිමිදිරිය තවමත් නිසොල්මන්ය. මේ වනවිට වායු ඝනත්වය සෑහෙන වැඩි තත්වයකට පත්වී ඇත්තේ රාත්රී දහය එකොළහ පටන් මේ දක්වා එක දිගට වැටෙන පින්න නිසාය. ඇත්තටම වා තලය දුමකින් වැසී ගත් කලක සිරි පෙන්වයි. එනිසාම කිසිවක් පැහැදිලි දර්ශනය නොවේ. අලියා හඬක් නොනගාම ආසන්නයට පැමිණියහොත් අප අමාරුවේය. ඔවුන් එසේ පැමිණෙන්නේ අස්වැන්න කපා ඇති කාලයට බව පෙරදින සන්ධ්යාවේ ඔවුන් සමග කල සාකච්ඡාවෙන් අනාවරණය විය. එනිසා ගොවීන් තුළඅලියා ගැන කිසිදු පැහැදීමක් නැත.
මට අධික තිබහක් දැනිණ. එහෙත් මා සිටින්නේ ගෙදර ගියොත් අඹු නහී වැනි තත්ත්වයකය. ට්රේලරයේ මා නිදා ගත්තේ හරි මැදට වන්නටය. මා ආත්මාර්ථකාමීදැයි ඔබට සිතෙනු ඇත. සත්ය එය නොවේ. මේ අප නිදියන්නට ගිය පිළිවෙලය. සම්පා, දලූවා, මම, සුභාෂ් සහ රසික. යම් සැකයක් වේ නම් පසුගිය සටහන බලන්න. මා නැවතත් දිගෑදුනෙමි. දලුවා සහ සම්පා පලංචියේ ලී ඉරණ සගයන් දෙදෙනෙකු වැනිය. එකෙක් "ක්රාස්" ගාන විට අනිකා "ක්රීස්" ගායි. එය පෙර කතිකාවක් පරිදි සිදු වන්නේ සිනහ නංවමිනි. නමුත් මේ ඒ සඳහා කාලය නොවේ. අද දිනය කෙසේ වනු ඇතිද ? ඒ පිළිබඳ නිශ්චිත සටහනක් මා ළඟ නැත. විටෙක හමා යන සුළඟ සිහිල් බව දැඩි කරන අතරේ සඳ වසා වලාකුළක් ගමනේ යෙදේ. එවිට මුළු යායම අඳුරේ ගිලේ.
මෙවර මා ගැස්සී අවදි වුයේ කිසිදු බාහිර හඬකට නොව, මාගේ ස්වභාවික ඔරලෝසුව ක්රියාත්මක වීමෙන් බව මොහොතකදී පසක් විය. තවත් බලා සිටීමෙන් පලක් නැත. මා නිවසේ සිටිනා ඕනෑම දවසක මේ වෙලාවට අවදියෙන් සිටී. තිබෙන එකම ගැටලුව දෙපයින් නැගිටින්නට නොහැකි කමය. මගේ උසට නම් මේ පියස්සේ මැද හරියේ හිට ගත හැක. එහෙත් මා ට්රේලරේ කෙළවරට යන්න නම් දෙදෙනෙකුගේ කඳන් වල මද හරියෙන් පැන යා යුතුය. එය කල නොහැක්කේ හරියට පැහැදිලිව නොපෙනෙන නිසාය. හිස සිට දෙපතුල තෙක් පොරවාගෙන මමියක සිරි ගෙන නිදන සුභාෂ්ගේ අත් පෑගේන්නට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත. මගේ ළඟම ඇති ජංගම දුරකථනයෙන් වෙලාව බැලීමි. එහි පහයි තිස් ගණනක් සටහන් වී ඇත. වෙන දෙයක් වුණාවේ යයි සිතා, කකුල් තිබෙන කොටසට ගොස් සම්පා ඉන්නා පැත්තෙන් බැසීමට සිතා වාඩි වූ ගමන්ම දළුව පසුකර සම්පා ළඟට ගියා පමණි.
"කොහෙද යන්නේ ?"
සම්පා ප්රශ්න කරයි.
"අනිත් පැත්තෙන් බැහැපන්"
ඔහුගේ කතාව ඇත්තය. සම්පා ඉන්නේ ට්රැක්ටර් එන්ජිම ඇති පැත්තේය. එහි ඇති කෑලි-බෑලි නිසා ඒ පැත්තෙන බැහීම කරදරය. දැන් මට ශරීරකෘත්යක දැඩි අවශ්යතාව දැනේ. මා නැවතත් තාරා ගමනින් අනෙක් කෙළවරට සාර්ථක ගමනක් ගියේ අනෙක් අය ගැඹුරින් නිදිසුව ලැබූ නිසා බව පැහැදිලිය. හෙමින් පහළට බැස කාගේදෝ සෙරෙප්පු දෙකක් පයලාගෙන, බාල්දිය ගෙන වතුර බැරලයෙන් වතුර එකක් පුරවා ගතිමි. එහි තවත් බාල්දි දෙකකට වඩා ජලය නැත. මා මේ සුදානම් වන්නේ අති-ස්වභාවික ශරීරකෘත්යයක් සඳහාය. බාල්දි ගැටෙන හඬින් අවදී වූ කදිරා සහ රත්නයා කථාවක් පටන් ගති. මා ඉදිරියට ඇදෙන්නට වුයේ පෙරදින ලබාගත් උපදෙස් අනුවය. මීටර් කිහිපයකදී මා නැවතූ රත්නයා,
"ඔහේ යන්න එපා සර්, අර පැත්තේ වාඩිය පිටිපස්සට යන්න"
යයි අතින් පෙන්වූයේ අපේ වාඩියට දකුණින් වූ අත්හැර දමා තිබෙන වාඩියක් පෙන්වමිනි. මා වැඩි කාලයක් ගත නොකොට අදාළ ප්රදේශයේ පැහැදිලි තැනක් සොයාගෙන මගේ අවශ්යතාව ඉටු කරගන්නට සැරසෙත්ම, ඊට මීටර් විසිපහක් පමණ වම් පැත්තෙන් ඉදිරියට ඇදෙන කදිරා දුටිමි. ඔහු සුපුරුදු පරිදි තුවක්කුව කරේ තබා, දෙපසින් දෑත් ඒ මත දමාගෙන හැල්මේ කැලය දෙසට ගමන් කරයි. මගේ අවශ්යතාවට විනාඩියක් වත් ගත නොවීය. මා නැවත බාල්දිය රැගෙන එනවිට වාඩියේ සෙසු සියල්ලන්ම ඇහැරී ඇත. අපේ අය තවමත් නිදි සුව විඳිමින් පසුවේ. රතනයා වතුර ගේන්නට යාමට සැරසෙන්නේ පාපැදියේ හිස් බැරලය ගැට ගසමිනි. ලිපේ වතුර මුට්ටියක් රත් වේ. මා ඒ අසලට යනවාත් සමග සම්පාද එළියට පැන වහා ගිනිගොඩ වෙත දුව ගියේය. එතනින් වාඩි වී තම දෑත් උණුසුම් කර ගන්නේ ඔහු ස්වාභාවයෙන්ම කෙසඟ සිරුරකට හිමිකම් කී බැවිනි. එවැනි අයට සීතල වඩා තදින් දැනෙන බව පිළිගැනීමයි. ඒ ඔවුන්ගේ සිරුරේ තෙල් තට්ටුව සාපේක්ෂව තුනී නිසාය. මෙහි වෙසෙන රෑනඇත්තකන්ද වැසියන් නම් කොහොමත් කෙසගය. ඒ ඔවුන් දෑතේ සවියෙන් බත සරි කර ගන්නා අය වන බැවිනි.
තවත් මිනිත්තු කිහිපයකදී එළිය දෙගුණ විය.
"ගල උඩට නැග්ගා නම් ලස්සන ෆොටෝ ටිකක් ගන්න පුළුවන්, ඉර නැගගෙන එනකොට"
එසේ කීවේ මැස්සහි පද්මාසනයෙන් වාඩි වී සිටින සමන් නොහොත් සුද්දාය. ඔහු මෙහි සිටින අනෙක් අයට වඩා වයසින් අඩු බව පැහැදිලි වුවත්, යමක් කමක් දන්නා සැටියක් පෙනේ. ඇත්තටම සුද්දා කොළඹ - මොනරාගල බස් රථයක් හේන් ගොවිතැන නොකරන කාලයට පදවයි. ඒ යනවිට කෙල්ලන් සෙට් වූ ආකාරය ඔහු විස්තර කරන්නේ සිනාසෙමිනි. වරක් ඔහු පුද්ගලික බැංකුවක ආරක්ෂකයෙකු වශයෙන් සේවය කර ඇත. එහිදී කළමනාකරුවා දින කිහිපයක් ඔහුගේ මෝටර් රථය පාක් කිරීමට සුද්දාට දී ඇත. සුද්දා ගමේ සිටින විට විවිධ වර්ග වල වාහන හසුරුවා ඇති නිසා, මෙවැනි කාර් රථයක් හැසිරවීම ඔහුට ටොයිස් වැඩක් විය. දිනයක් මැනේජර් මහතාගේ නිවසට යාමට ඔහුට ඇරයුම් කර ඇත. ඒ යන අතරතුර තමාගේ ඩ්රයිවර් වන්නට කැමතියි විමසා ඇත. නවාතැන් සමගම ලැබෙන රැකියාවක් නිසා සුද්දා එකඟ වී ඇත. නිතරම නෝනාගේ ප්රවාහන කටයුතු කිරීමට සුද්දාගේ රාජකාරිය විය. පසුව නෝනා තමා පොළඹවාගත් ආකාරය ඉතා රසවත් ලෙස ඔහු විස්තර කරයි. මොනරාගල වැනි පළාතක කෙනෙකුට මෙවැනි දේ අරුමයක් නොවේ නේදැයි අප ඇසූ විට ඔහු කියා සිටියේ.
තවත් විනාඩි දෙකකින් ගල්තලාවට ගොඩ වූ මා නැගෙනහිර අහසෙහි නැග එන සූර්යයාගේ චමත්කාර දසුන මගේ ජංගම දුරකථන කැමරාවට හසු කර ගතිමි. සමහරවිට ඔබ මේ වනවිටත් එය ෆේස්බුක් එකෙන් දැක තිබෙන්නට පුළුවන්. එහෙත් ඒ අතරින් එක් ඡායාරුපයක් බ්ලොග් පමණක් බලන කිහිප දෙනා වෙනුවෙන් එකතු කරන්නම්.
තවත් මොහොතකින් බයිසිකලය තල්ලුකරගෙනම රතනයා ආවේය. ඒ වනවිට අපේ දෙදෙනෙකු හැර අනෙක් සියලු දෙනා ඇහැරී සිටී. අප කිහිප දෙනෙක් මේ වනවිට තේ පානය කිරීමද අවසන් කර තිබේ. එතරම් ඉක්මනින් වතුර නටනවා මා මීට පෙර දැක නැත. ඇත්තටම මෙහි යොදන ලද ලී දැවීමෙන් ලැබෙන උෂ්ණත්වය ඉතා අධිකය. මා යද්දී නෙස්කැෆේ ත්රී ඉන් වන් පෙට්ටියක්ම රැගෙන ගියේ, තේ පානය නතර කොට බොහෝ කාලයක් වන නිසාය. උතුරන වතුර ටිකක් වීදුරුවකට දමා එම පැකට්ටුවක් සාදාගෙන පානය කළෙමි. මට තිබෙන පුදුමය නම තේ පානය කල පසුද බොහෝ දෙනෙකුට ශරීරකෘත්ය සඳහා අවශ්යතාවක් නැති වීමයි. සමහර අයට මෙය කදිමට පාලනය කල හැක.
පතහාට යාමට රතනයා කතා කල විට
"ඒකට කොහෙන්ද වතුර. ඊයේ වැස්සේ නෑනේ" යයි එකෙකු කී විට.
"මං හිතා උන්නේ ඒකට සොභාවෙන්ම වතුර උනනවා කියලා" යයි රතනයා කී විට, ඇතිමලේ පිරිස රතනයාට හිනා වුයේ ඔලොක්කුවටය.
"ඒකට කොහෙන් උනන්නද?"
"එහෙනං අපි යමු අනික් පතහට" යයි රතනයා කීවේ ලැජ්ජාව මුසු සිනහවක් මුවේ රඳවාගෙනය. දැන් අපි එකිනෙකා වැලේ තිබෙන තුවා සහ ෂෝට් ගෙන නාන්න යාමට සුදානම් වේ. ඊයේ රාත්රියේද ටේලරය ගලවා දමා රතනයා සහ සුභාෂ් වතුර බැරලයක් රැගෙන එන්නට මේ පතහාට ගිය බව සිහපත් වුයේ මේ සටහන තබන මොහොතේදීයි. අප ඒ ගමන ගියේ පයින්මය. මේ ගමනට අර ආහාර පිසින්නට ආ දෙදෙනා සහභාගී නොවීය. තවත් අලුත් කෙනෙකු මේ වනවිට අපේ නඩයට එක් වී ඇත. ඒ බුද්ධයා කොළුවාය. අවුරුදු දහසයක් පමණ වන බුද්ධයාගේ පියා ජීවතුන් අතර නැත. මව විදෙස්ගතව ඇති නිසා ඔහු මේ හේන් කරන කාටත් උදව් පදව් කරමින් ජීවත් වේ. කිලෝමීටර් දෙකකට ආසන්න මේ ගමන නිසා තවත් හේන් කිහිපයකම සිරි නරඹන්නට අපට හැකි විය. මේ යන අතරමග තවත් එක් කන්දක් පෙන්වූ රතනයා එහි දෙසීයකට පමණ එකවර සිටිය හැකි ගල්ගුහාවක් තිබෙන බව පැවසීය. /;ඉතිං අපිට ඉන්න තිබුණේ එතැන" නේදැයි කෙනෙකු පැවැසූ විට, "මයෙ අම්මා එහෙ ඉන්න බෑ වලස්සු ඉන්නවා ගල් ගුහා වල" පිළිතුර ලැබිණ. ඇත්ටටම මේ ප්රදේශයේ වලසුන් සිටිනවා යයි පිළිගන්නට හැක්කේ, සැන්ඩෝ නමැති දරුවන් දෙදෙනාද සමග හේනක් කරන තරුණයා වලසෙකු සමග සටන් කොට කැත්තෙන් කොටා මරා දමන්නට සමත් වීම නිසාය. මෙම ජල මූලාශ්රයට යාමට එක්තරා මට්ටමක කාලයක් පසු කිරීමට අපට සිදු විය. අපත් සමග ගිය සුභාෂ් කෙළින්ම එක් කපොල්ලකින් කැලයට රිංගන විට මා අසා සිටියේ "මචං පාර දැනගෙනද ඔය රිංගන්නේ" කියාය. සැබවින්ම ඔහු තෝරා ගත් පාර නිවැරදිය. තවත් විනාඩි කිහිපයකින් අප පතහා ළඟට පැමිණ ඇත. නමුත් එය වතුර ටිකක් ඇති වතුර වළකට වඩා සුවීශේෂී එකක් වුයේ එහි කෙළවරක ඇති ගසක් යටින් ස්වභාවික උල්පතක තිබීමයි. නමුත් මෙහි වතුර බොර වී තිබෙන්නේ එහි එන අලි ඇතුන් නිසා වන්නට හැක.
මේ දුර ගෙවා අවසන් වනවිට බොහෝ දෙනෙකුට ශරීරකෘත්ය අවශ්යතා ඇතිවුණි. ඒ අයට ඒවා ඉටු කර ගන්නට කාලය දී මම, සුභාෂ් සහ රූපේ එකතුව ඊට පෙනෙනා දුරින් පිහිටා ඇති නටඹුන් වූ චෛත්යක් බැලීමට ගල් කුලක් තරණය ආරම්භ කරන ලදී. අංශක අසූවකට නොඅඩුව ඇති ගල් කුළට රුපයා ගොඩ වුවත් අපට එය අසීරු බැවින් බෑවුම සහිත වෙනත් පැත්තකින් ගොඩ වීමු. එහි විස්තර අකුරු කරනවාට වඩා පින්තූර එකතු කිරීම පහසුය.
මෙහි නිදන් හාරා ඇත්තේ මීට් දිගු කාලයකට ඉහතදී බව ගම්මුන් පවසයි. ඒ එක්දහස් නවසිය අනූ ගණන් වලය.
අපට නා ගන්නට වතුර බාල්දිය රැගෙන තරමක් ඈතට යාමට සිදු විය. එනිසා රත්නපාලගේ ඉල්ලීමට බුද්ධයා කොලුවා කාටත් වතුර ඇද දෙන්නට කාරුණික විය. මා ඔහුට පිං සිද්ධ වේවා !!! යනුවෙන්ම කෘතඥතාව පල කළේ ස්තුතියි හෝ තැන්කිව් යනුවෙන පැවසීම කල උපකාරයට තරම් නොවන නිසාය. අප ආපසු එත්දී හේනක සතුන් එලවීමට යොදා ගන්නා අපූරු ගැජට්ටුවක් හමු විය. නමුත් එම හේනේ අය එහි නැත.
අප ආපසු ආවේ ඉතා දැඩි කුසගින්නක්ද සහිතවය. වාඩියේ උදෑසන බත මේ වනවිට උණු-උණුවවේම සැකසෙමින් පවතී. අපි කඩිනමින් උදේ අහාරය ගිල දැමීමු. එය ඉතාම රසවත් එකකි.
කෑම කෑ විගස රත්නයා සහ තවත් කෙනෙක් ඇතිමලේ බලා පිටත් විය. ඒ ඔවුන්ගේ නිවෙස් කරා ගොස් තම අඹු දරුවන් සමග මොහොතක් ගත කොට ඒමටයි. රත්නයාද නිවසට පැමිණෙන්නේ කොළඹ සතියේ දවස් වල රාජකාරි කිරීමෙන් පසුවය. මම, සමපා සහ රසියා එකතු වී අසල ගසක පැල් රකින අට්ටාලයකට ගොඩ වීමු. අඩි විස්සකට වැඩි ඉහළින් එය තනා තිබුණි. බොහෝ කාලයක් එය භාවිතා කොට නොතිබූ නිසා ප්රවෙසමට එයට ගොඩ විය. සමන්ද අප හා එක් විය. එහිදී ගන්නා ලද ඡායාරුප කිහිපයක් පහතින් ඇත.
අප මෙහි ගත කල කාලය තුළ කදිරා සොයා යාමට මෙහෙයුමක් සූදානම් කර ඇත. නමුත් හිස් දෑතින් කැලය තුළට රිංගීම අවදානම්ය. අපේ මිතුරන් වන සුභාෂ්, දලුවා මේ වනවිටත් පිටත් වීමට සුදානම්ය. අප අතරින් සම්පා එයට එකතු විය. මමත් රසියාත් වාඩියේ රැඳෙන්නට තීරණය කළෙමු. මෙම නඩයට නායකත්වය සැපයූවේ රුපයාය. ඔවුන් පිටත් වූ පසු අප බිස්කට් කා තේ බී කථාවේ යෙදී සිටියෙමු. එල්.ටී.ටී. ත්රස්තවාදීන් මෙම කැලයේ සැරිසරන කාලයේ අත්දැකීම් ටිකක් සමන් විස්තර කළේය. වරක් තම පියා සමග ගමන් ගත් කොලු පැටියෙකු අතරමං වී ඇත. පළමු දිනයේ ඔහු සොයා ගන්නට හැකි වී නැත. දෙවන දිනයේ රූස්ස ගසක් යටට ගොස් බැලූ විට එහි යමෙකු සිටින බව දැක, ඔහුගේ නමින් අමතා ඇත. එවිට කොලුවා ගසින් බැස තම ඥාතීන්ට පවා පිටුපා දිවගොස් ඇත. ඔහු එළවා අල්වාගෙන ගෙදර ගොස් බත් කන්නට දී, ඔහු යථා තත්වයට පත් කරගන්නට පැය කිහිපයක් ගත කොට ඇත. කොලුවාට බිය, මෙන්ම මානසික වියවුල් ගතියක්ද ඇති වී ඇත.
තවත් වරක් හමුදාව විසින් පහර දෙනලද කොටි කාන්තා බලකායේ මිනී රැගෙන එන්නට සමන්ගේ ට්රැක්ටරය යොදවාගෙන ඇත. ඔවුන් රැගෙන එනවිට එම මිනී තරමක් ඉදිමී තිබූ බව සමන් පවසයි. පසුව මොනරාගලදී ඒවා රැගෙන යන්නට තුන්වෙනි පාර්ශවයක් පැමිණ ඇත. සමන්ගේ පියා දිනයක් එසේ මෙහෙයුමක් සඳහා යුද හමුදාව කැඳවාගෙන ගොස් කොටි සිටින ප්රදේශයකට ආසන්නව පාලමක් අසල නතර කොට එක් සෙබළෙකුද ආරක්ෂාවට නතර කර ඇත. එක දිගට ඇති වූ වෙඩි සද්දය නිසා බිය වූ සමන්ගේ පියා අර සෙබලාවද තනිකර දමා ආපසු පැමිණ ඇත(සමන් කියන්නේ හුරේ රන් එක දුන් බවය). ගෙදර විත් බලන කල ටේලරය නැත. ආපසු ගොස් එය සොයාගෙන ආවේ මහත් පරිශ්රමයකිනි.
කැලේ ගිය අපේ මිතුරන් පැයකට අඩු කාලයකදී අතුරු ආන්තරාවක් නැතිව පැමිණීම සතුටට කරුණකි. ඉන්පසුව සම්පා තමාට ටිකක් නිදා ගැනීමට අවශ්ය බව පවසා ටෙලරයට ගමන් ගත් අතර, මිනිත්තු දහයක් පමණ ගිය විට, ඔහු බය කිරීමට අපේ අය කතිකා කර ගති. මේ ගමනට මා එක් නොවී සිටියේ සම්පා නොනිදා සිටීවි යන විශ්වාසය සහ මෙවැනි දේවල් නරක අතට හිටින්නට හැකි බව මගේ සිත කී නිසාය. මෙය වීඩියෝ කළහොත් අපූරු දර්ශනයක් විය හැකි බව සමන් පැවසී මුත්, ටික කලක හිටන් මා මගෝඩි වැඩ වලින් ඉවත් වී සිටි නිසා වැඩි උනන්දුවක් ගත්තේ නැත. එහෙත් අප දෙදෙනාද ඒ දෙස බලා සිටියෙමු. මුලින්ම ටේලරය අසලට සීරුවෙන් ගමන් ගත් පිරිස කුමක් හෝ සාකච්ඡා කරනු පෙනිණ. ඉන් පසු මහා විකාර ශබ්දයක් මතු කරමින් ටෙලරයට පනිනු පෙනිණ. එක වර හිට ගත් සම්පාගේ ඔලුව ඉටි රෙදි අතරින් පෙනිණ. සම්පාද "ඒ....යි" ගාමින් මහා හඬක් නිකුත් කළේය. ඉන් පසුව ට්රැක්ටරයෙන් එළියට පැන්නේ ඔලිම්පික් උස පැනීම කරන ආකාරයටයි. ඔහුගේ පස්ස බිම ඇනෙනවා අපට හොඳටම දර්ශනය විය. ඉන් පසු සමපා කෑ ගසාගෙනම දුවන්නට පටන් ගත්තේය. අපේ මිතුරන් එළවා ගොස් ඔහු අල්වා නොගන්නට ඔහුව සොයා ගන්නට බැරි වන බව සමන්ගේ අදහසයි. පසුව කල විමසුමේදී පැහැදිලි වූයේ ඒ කොටස සම්පා කර ඇත්තේ අවසිහියෙන් බවයි. ඒ වනවිට ටෙලරයේ ඇති අත්වැලෙහි වදී බරු ගැසී තිබූ කකුලට මා බෙහෙත් ගල්වන විටත් ඔහුගේ මුහුණේ තැති ගත් ස්වභාවයක් විය.
දිවා ආහාරයක් නොවීය.පස්වරු දෙකට පමණ එහි පැමිණි රතනයා ගෙනවිත් තිබූ මැටි තැටියක පොල් රොටි තනා, කට්ට සම්බල් සමග කට පිච්චි - පිච්චි ගිල දැමු අප, සවස ස්නානයට ගල්තලාව උඩ ඇති පතාහට ගිය අතර, මෙවර අලි කිහිපයක්ම අප අසල යනු දැක සියලු කටයුතු නවතා බලා සිටියෙමු. මේ අතර වෙඩි පත්තු වන හඬක් ඇසිණි. කදිරා කිසිදිනක තමන්ගේ ඉලක්කය වරදා නොගත් බව සියලු දෙනා සහතික කර කියයි. අලි යනු පුදුම සත්ව කොට්ඨාසයකි. ඔවුන් අපට වඩා කපටිය. මුලින් ආ පැටව් දෙදෙනා ක්රීඩා කරමින් ඉදිරියට ගියද, අප දුටු අලියා එතැනම හිඳිමින් කොළ අතු කඩයි. අනෙක් කිසිවෙක් ඒකා පසු කර නොඑන්නේ කුමක් හෝ අනතුරක සේයාව දන්නේ මෙනි. අප ඔවුන්ට භය යම් සේද ඔවුන්ද අපට ඒ හා සමාන භියක් දක්වයි. අලි රෑන පිටත්ව ගිය පසු අප එන්නට පිටත් වීමු. එහෙත් අතරමැදදී මට හොඳටම අලින්ගේ කුයිලය දැනිණි. අප ඒ ගමන ආපසු ආවේ ගැහෙන හදවතිනි. අපට මග පෙර සටහනේ දැක්වූ මඩ පොකුණ අසලදී කදිරා මුණ ගැසිණි. ඔහු අප දැක ඉතා නියාලු සිනහවකින් සංග්රහ කළේය. ඔහු හිද ඇත්තේ අසල හේනකය. ඔහු සිටිනවා මෙහි සිටින කෑම පාටියේ කෙනෙකු දැක ඇතත්, ඔහුට එය අප හා පවසන්න කිසිම අවශ්යතාවක් තීබී නොමැත. අප කදිරා ගැන බියෙන් පසු වුවත්, ඔවුන්ට එය ඒ හැටි ගැටලුවක් නොවන්නේ, රැයත් දවාලත් කදිරාට එක බැවිනි.
ඔවුන් ඇතිළිවැව ගොස් එනවිට පලතුරක් ගෙනෙන්නැයි අපේ අය ඉල්ලා සිටි පණිවුඩය රතනයාට ලබා දුන්නේ මම වුවත්, එහි යම් අනතුරක සේයාවක් ඇතැයි මගේ සිත මටම දොස් නැගීය. හේතුව පලතුරු සුවඳ ඔස්සේ අලි-ඇතුන්ට ඉව ඇති වී, ඒ ඔස්සේ පැමිණීමයි. දහවලේ ගෙනෙන ලද අඹ අප ඒ මොහොතේම කපා කෑවෙමු. මගේ විශ්වාසය වුයේ එය නොකළ යුත්තක් බවයි. තවත් මොහොතකින් සතෙක් එලා ගන්නට වනගත වන බව පවසා කදිරා සහ රුපයා කැලයට පිටත් විය. අපි සුපුරුදු පරිදි ට්රේලර එදින රාත්රිය සඳහා සුදානම් කළෙමු. එදින රාත්රියේ සටහන් කිරීමට වැදගත් යමකට වුයේ, එදින ගෙනෙන ලද ගෝන කරවල වල පණුවෙක් සිටීමය. අපට එය බෙදා දෙන්නට මත්තෙන් සියලු දෙනා නැවතූ සමන් ඒ දෙසට විදුලි පන්දම දක්වන ලෙස ඉල්ලා සිටියේය. ඔහු අමුතු ඉවක් ඇති පුද්ගලයෙකු බව වටහා ගැනීමට අවශ්ය බොහෝ කරුණු මේ ගමනේදී මා ඒ වනවිටත් තේරුම් ගෙන උන්නේය.
_____________________________________
එදින කදිරා ඉත්තෑවෙකුට ගිණි බිඳ ඇති මුත් සමන්ට අනුව ඒකා හොයා ගැනීමට නොහැකි වුයේ, අප පින්වන්තයන් නිසාය.
සඳරු ගේ පොස්ට් වල නිතරම කියවෙන මාපුතා යන්න අපගේ රත්නපාල බුද්ධයා කොලුවා ඇමතීමට යොදා ගන්නා විට සිහි වූයේ, මේ ප්රදේශයද නැගෙනහිර ආසන්නයේ ගම්මානයක් බවය.
තවත් මිනිත්තු කිහිපයකදී එළිය දෙගුණ විය.
"ගල උඩට නැග්ගා නම් ලස්සන ෆොටෝ ටිකක් ගන්න පුළුවන්, ඉර නැගගෙන එනකොට"
එසේ කීවේ මැස්සහි පද්මාසනයෙන් වාඩි වී සිටින සමන් නොහොත් සුද්දාය. ඔහු මෙහි සිටින අනෙක් අයට වඩා වයසින් අඩු බව පැහැදිලි වුවත්, යමක් කමක් දන්නා සැටියක් පෙනේ. ඇත්තටම සුද්දා කොළඹ - මොනරාගල බස් රථයක් හේන් ගොවිතැන නොකරන කාලයට පදවයි. ඒ යනවිට කෙල්ලන් සෙට් වූ ආකාරය ඔහු විස්තර කරන්නේ සිනාසෙමිනි. වරක් ඔහු පුද්ගලික බැංකුවක ආරක්ෂකයෙකු වශයෙන් සේවය කර ඇත. එහිදී කළමනාකරුවා දින කිහිපයක් ඔහුගේ මෝටර් රථය පාක් කිරීමට සුද්දාට දී ඇත. සුද්දා ගමේ සිටින විට විවිධ වර්ග වල වාහන හසුරුවා ඇති නිසා, මෙවැනි කාර් රථයක් හැසිරවීම ඔහුට ටොයිස් වැඩක් විය. දිනයක් මැනේජර් මහතාගේ නිවසට යාමට ඔහුට ඇරයුම් කර ඇත. ඒ යන අතරතුර තමාගේ ඩ්රයිවර් වන්නට කැමතියි විමසා ඇත. නවාතැන් සමගම ලැබෙන රැකියාවක් නිසා සුද්දා එකඟ වී ඇත. නිතරම නෝනාගේ ප්රවාහන කටයුතු කිරීමට සුද්දාගේ රාජකාරිය විය. පසුව නෝනා තමා පොළඹවාගත් ආකාරය ඉතා රසවත් ලෙස ඔහු විස්තර කරයි. මොනරාගල වැනි පළාතක කෙනෙකුට මෙවැනි දේ අරුමයක් නොවේ නේදැයි අප ඇසූ විට ඔහු කියා සිටියේ.
"ඒක ඇත්ත සර්. ඒ වුණාට මට පුදුම බයක් ඇති වුණේ. පස්සේ පස්සේ නෝනා මට සල්ලිද, ඇඳුම්ද ඉල්ලන දෙයක් දුන්නා. මම අන්තිමට රුපියල් දහදාහක් ඉල්ලගෙන ගෙදර ආවා. ඊට පස්සේ ගියේ නෑ. අර මහත්තයා යෝධයෙක් වගේ. පයින් ගැහුවොත් අලියා ගැහුවා වගේ හිටියි"සිනාසෙමින් ඔහු පවසන විට පෙනෙන ඔහුගේ නල දත එක් කරන්නේ විසුළු ස්වාභායකි. එම ප්රදේශයේ දැරියන්ගේ කන්යාභාවය අහිමි වන්නේ මල්වර වී මාසයකට අඩු කාලයකින් බව අසා මා මහත් කම්පනයකට පත් වුයේ, දියණියක් සිටින පියෙකුට එවැනි පුවතක් කිසිසේත් රසවත් නොවෙන නිසාය.
![]() |
| අරුණෝදය (Dawn) |
![]() |
| වාඩියේ ගිනිගොඩ අසල උණුසුම් වන පිරිස. |
තවත් විනාඩි දෙකකින් ගල්තලාවට ගොඩ වූ මා නැගෙනහිර අහසෙහි නැග එන සූර්යයාගේ චමත්කාර දසුන මගේ ජංගම දුරකථන කැමරාවට හසු කර ගතිමි. සමහරවිට ඔබ මේ වනවිටත් එය ෆේස්බුක් එකෙන් දැක තිබෙන්නට පුළුවන්. එහෙත් ඒ අතරින් එක් ඡායාරුපයක් බ්ලොග් පමණක් බලන කිහිප දෙනා වෙනුවෙන් එකතු කරන්නම්.
තවත් මොහොතකින් බයිසිකලය තල්ලුකරගෙනම රතනයා ආවේය. ඒ වනවිට අපේ දෙදෙනෙකු හැර අනෙක් සියලු දෙනා ඇහැරී සිටී. අප කිහිප දෙනෙක් මේ වනවිට තේ පානය කිරීමද අවසන් කර තිබේ. එතරම් ඉක්මනින් වතුර නටනවා මා මීට පෙර දැක නැත. ඇත්තටම මෙහි යොදන ලද ලී දැවීමෙන් ලැබෙන උෂ්ණත්වය ඉතා අධිකය. මා යද්දී නෙස්කැෆේ ත්රී ඉන් වන් පෙට්ටියක්ම රැගෙන ගියේ, තේ පානය නතර කොට බොහෝ කාලයක් වන නිසාය. උතුරන වතුර ටිකක් වීදුරුවකට දමා එම පැකට්ටුවක් සාදාගෙන පානය කළෙමි. මට තිබෙන පුදුමය නම තේ පානය කල පසුද බොහෝ දෙනෙකුට ශරීරකෘත්ය සඳහා අවශ්යතාවක් නැති වීමයි. සමහර අයට මෙය කදිමට පාලනය කල හැක.
පතහාට යාමට රතනයා කතා කල විට
"ඒකට කොහෙන්ද වතුර. ඊයේ වැස්සේ නෑනේ" යයි එකෙකු කී විට.
"මං හිතා උන්නේ ඒකට සොභාවෙන්ම වතුර උනනවා කියලා" යයි රතනයා කී විට, ඇතිමලේ පිරිස රතනයාට හිනා වුයේ ඔලොක්කුවටය.
"ඒකට කොහෙන් උනන්නද?"
"එහෙනං අපි යමු අනික් පතහට" යයි රතනයා කීවේ ලැජ්ජාව මුසු සිනහවක් මුවේ රඳවාගෙනය. දැන් අපි එකිනෙකා වැලේ තිබෙන තුවා සහ ෂෝට් ගෙන නාන්න යාමට සුදානම් වේ. ඊයේ රාත්රියේද ටේලරය ගලවා දමා රතනයා සහ සුභාෂ් වතුර බැරලයක් රැගෙන එන්නට මේ පතහාට ගිය බව සිහපත් වුයේ මේ සටහන තබන මොහොතේදීයි. අප ඒ ගමන ගියේ පයින්මය. මේ ගමනට අර ආහාර පිසින්නට ආ දෙදෙනා සහභාගී නොවීය. තවත් අලුත් කෙනෙකු මේ වනවිට අපේ නඩයට එක් වී ඇත. ඒ බුද්ධයා කොළුවාය. අවුරුදු දහසයක් පමණ වන බුද්ධයාගේ පියා ජීවතුන් අතර නැත. මව විදෙස්ගතව ඇති නිසා ඔහු මේ හේන් කරන කාටත් උදව් පදව් කරමින් ජීවත් වේ. කිලෝමීටර් දෙකකට ආසන්න මේ ගමන නිසා තවත් හේන් කිහිපයකම සිරි නරඹන්නට අපට හැකි විය. මේ යන අතරමග තවත් එක් කන්දක් පෙන්වූ රතනයා එහි දෙසීයකට පමණ එකවර සිටිය හැකි ගල්ගුහාවක් තිබෙන බව පැවසීය. /;ඉතිං අපිට ඉන්න තිබුණේ එතැන" නේදැයි කෙනෙකු පැවැසූ විට, "මයෙ අම්මා එහෙ ඉන්න බෑ වලස්සු ඉන්නවා ගල් ගුහා වල" පිළිතුර ලැබිණ. ඇත්ටටම මේ ප්රදේශයේ වලසුන් සිටිනවා යයි පිළිගන්නට හැක්කේ, සැන්ඩෝ නමැති දරුවන් දෙදෙනාද සමග හේනක් කරන තරුණයා වලසෙකු සමග සටන් කොට කැත්තෙන් කොටා මරා දමන්නට සමත් වීම නිසාය. මෙම ජල මූලාශ්රයට යාමට එක්තරා මට්ටමක කාලයක් පසු කිරීමට අපට සිදු විය. අපත් සමග ගිය සුභාෂ් කෙළින්ම එක් කපොල්ලකින් කැලයට රිංගන විට මා අසා සිටියේ "මචං පාර දැනගෙනද ඔය රිංගන්නේ" කියාය. සැබවින්ම ඔහු තෝරා ගත් පාර නිවැරදිය. තවත් විනාඩි කිහිපයකින් අප පතහා ළඟට පැමිණ ඇත. නමුත් එය වතුර ටිකක් ඇති වතුර වළකට වඩා සුවීශේෂී එකක් වුයේ එහි කෙළවරක ඇති ගසක් යටින් ස්වභාවික උල්පතක තිබීමයි. නමුත් මෙහි වතුර බොර වී තිබෙන්නේ එහි එන අලි ඇතුන් නිසා වන්නට හැක.
![]() |
| දකුණු පැත්තේ තිබෙන මුල යටින් හීන් සීරුවේ වතුර ගලා ඒ. උල්පත තිබෙන්නේ
තවත් ගැඹුරින් විය යුතුය.
|
![]() |
| මෙය ගලෙහි නෙළූ යම් සංකේතයක් ලෙස ඔවුන් විශ්වාස කරයි. නමුත් මෙය ජලය ගලා යාම නිසා සිදු වුවක්ද යන්න සැක සහිතයි. |
![]() |
| මගේ විශ්වාසය මෙය තවමත් පුරාවිද්යා දෙපාර්තමේන්තුවට හසු නොවූ ස්ථානයක් යන්නයි. එහි කිසිදු සටහනක් නොතිබුණි. |
![]() |
| අත්වැල සවි කර තිබෙන්නට ඇත්තේ මේ සිදුරු වලය. |
![]() |
| අසාර්ථක නිදන් ගැනීමේ උත්සාහයක්. |
![]() |
| ස්වභාවික විපත් වලින් හානි වූ චෛත්යයේ නටඹුන්. |
![]() |
| කුඩා ප්රමාණයේ ගුහාවක්. |
![]() |
| නටඹුන් සොරුන්ගේ අසාර්ථක ප්රයත්නයක්. |
![]() |
| ඉහලම තැනට හාත්පස පෙනෙන ආකාරය. මේ පෙනෙන්නේ කොටියාගල නමැති ප්රදේශයක්. |
![]() |
| මෙතනින් පහළට අඩි පහළොවක් පමණ ගැඹුරු තැනකින් විවරයක් ඇත. නමුත් එහි ඇතුල් වන්නට අප උත්සාහ නොකළේ වලසුන් සිටීවී යන බිය නිසාය. |
අපට නා ගන්නට වතුර බාල්දිය රැගෙන තරමක් ඈතට යාමට සිදු විය. එනිසා රත්නපාලගේ ඉල්ලීමට බුද්ධයා කොලුවා කාටත් වතුර ඇද දෙන්නට කාරුණික විය. මා ඔහුට පිං සිද්ධ වේවා !!! යනුවෙන්ම කෘතඥතාව පල කළේ ස්තුතියි හෝ තැන්කිව් යනුවෙන පැවසීම කල උපකාරයට තරම් නොවන නිසාය. අප ආපසු එත්දී හේනක සතුන් එලවීමට යොදා ගන්නා අපූරු ගැජට්ටුවක් හමු විය. නමුත් එම හේනේ අය එහි නැත.
![]() |
| මෙම ඡායාරුපය පැහැදිලි නොමැති වුවත් බයිසිකකයල කොටසක් එල්ලා ඇත්තේ හුලං ඇතිවිට අසල ඇති කළුගලෙහි ගැටෙන ලෙසය. |
කෑම කෑ විගස රත්නයා සහ තවත් කෙනෙක් ඇතිමලේ බලා පිටත් විය. ඒ ඔවුන්ගේ නිවෙස් කරා ගොස් තම අඹු දරුවන් සමග මොහොතක් ගත කොට ඒමටයි. රත්නයාද නිවසට පැමිණෙන්නේ කොළඹ සතියේ දවස් වල රාජකාරි කිරීමෙන් පසුවය. මම, සමපා සහ රසියා එකතු වී අසල ගසක පැල් රකින අට්ටාලයකට ගොඩ වීමු. අඩි විස්සකට වැඩි ඉහළින් එය තනා තිබුණි. බොහෝ කාලයක් එය භාවිතා කොට නොතිබූ නිසා ප්රවෙසමට එයට ගොඩ විය. සමන්ද අප හා එක් විය. එහිදී ගන්නා ලද ඡායාරුප කිහිපයක් පහතින් ඇත.
![]() |
| මෙම බැමි වල ශක්තිමත් භාවය පිලිබඳ ප්රශ්නයක් තිබුණි. |
![]() |
| උස පිලිබඳ අවුබෝධයක් මෙයින් ලැබේ යයි සිතමි. |
![]() |
| මෙහි ප්රධාන ලී ගස්කඳට සිර කර ඇත. හරස් ලී ශක්තිමත් නම් අපට කරදරයක් නැත. |
![]() |
| පහලට බසිමින්. රසියා ගහ මුලද, සමපා ඉන් පසුවද අවසාන වශයෙන් මාද සීරුවෙන් බැස ගතිමු. |
![]() |
| කෝන් ගස මුදුනේ ඇති පැල. මෙහි රැයක් ගත කරන්නට ආශාව ඇතිමුත් ගොවි මහතුන්ගේ අවසරය නොලද හෙයින් අදහස අත් හැර දැමීමට සිදු විය. |
තවත් වරක් හමුදාව විසින් පහර දෙනලද කොටි කාන්තා බලකායේ මිනී රැගෙන එන්නට සමන්ගේ ට්රැක්ටරය යොදවාගෙන ඇත. ඔවුන් රැගෙන එනවිට එම මිනී තරමක් ඉදිමී තිබූ බව සමන් පවසයි. පසුව මොනරාගලදී ඒවා රැගෙන යන්නට තුන්වෙනි පාර්ශවයක් පැමිණ ඇත. සමන්ගේ පියා දිනයක් එසේ මෙහෙයුමක් සඳහා යුද හමුදාව කැඳවාගෙන ගොස් කොටි සිටින ප්රදේශයකට ආසන්නව පාලමක් අසල නතර කොට එක් සෙබළෙකුද ආරක්ෂාවට නතර කර ඇත. එක දිගට ඇති වූ වෙඩි සද්දය නිසා බිය වූ සමන්ගේ පියා අර සෙබලාවද තනිකර දමා ආපසු පැමිණ ඇත(සමන් කියන්නේ හුරේ රන් එක දුන් බවය). ගෙදර විත් බලන කල ටේලරය නැත. ආපසු ගොස් එය සොයාගෙන ආවේ මහත් පරිශ්රමයකිනි.
කැලේ ගිය අපේ මිතුරන් පැයකට අඩු කාලයකදී අතුරු ආන්තරාවක් නැතිව පැමිණීම සතුටට කරුණකි. ඉන්පසුව සම්පා තමාට ටිකක් නිදා ගැනීමට අවශ්ය බව පවසා ටෙලරයට ගමන් ගත් අතර, මිනිත්තු දහයක් පමණ ගිය විට, ඔහු බය කිරීමට අපේ අය කතිකා කර ගති. මේ ගමනට මා එක් නොවී සිටියේ සම්පා නොනිදා සිටීවි යන විශ්වාසය සහ මෙවැනි දේවල් නරක අතට හිටින්නට හැකි බව මගේ සිත කී නිසාය. මෙය වීඩියෝ කළහොත් අපූරු දර්ශනයක් විය හැකි බව සමන් පැවසී මුත්, ටික කලක හිටන් මා මගෝඩි වැඩ වලින් ඉවත් වී සිටි නිසා වැඩි උනන්දුවක් ගත්තේ නැත. එහෙත් අප දෙදෙනාද ඒ දෙස බලා සිටියෙමු. මුලින්ම ටේලරය අසලට සීරුවෙන් ගමන් ගත් පිරිස කුමක් හෝ සාකච්ඡා කරනු පෙනිණ. ඉන් පසු මහා විකාර ශබ්දයක් මතු කරමින් ටෙලරයට පනිනු පෙනිණ. එක වර හිට ගත් සම්පාගේ ඔලුව ඉටි රෙදි අතරින් පෙනිණ. සම්පාද "ඒ....යි" ගාමින් මහා හඬක් නිකුත් කළේය. ඉන් පසුව ට්රැක්ටරයෙන් එළියට පැන්නේ ඔලිම්පික් උස පැනීම කරන ආකාරයටයි. ඔහුගේ පස්ස බිම ඇනෙනවා අපට හොඳටම දර්ශනය විය. ඉන් පසු සමපා කෑ ගසාගෙනම දුවන්නට පටන් ගත්තේය. අපේ මිතුරන් එළවා ගොස් ඔහු අල්වා නොගන්නට ඔහුව සොයා ගන්නට බැරි වන බව සමන්ගේ අදහසයි. පසුව කල විමසුමේදී පැහැදිලි වූයේ ඒ කොටස සම්පා කර ඇත්තේ අවසිහියෙන් බවයි. ඒ වනවිට ටෙලරයේ ඇති අත්වැලෙහි වදී බරු ගැසී තිබූ කකුලට මා බෙහෙත් ගල්වන විටත් ඔහුගේ මුහුණේ තැති ගත් ස්වභාවයක් විය.
දිවා ආහාරයක් නොවීය.පස්වරු දෙකට පමණ එහි පැමිණි රතනයා ගෙනවිත් තිබූ මැටි තැටියක පොල් රොටි තනා, කට්ට සම්බල් සමග කට පිච්චි - පිච්චි ගිල දැමු අප, සවස ස්නානයට ගල්තලාව උඩ ඇති පතාහට ගිය අතර, මෙවර අලි කිහිපයක්ම අප අසල යනු දැක සියලු කටයුතු නවතා බලා සිටියෙමු. මේ අතර වෙඩි පත්තු වන හඬක් ඇසිණි. කදිරා කිසිදිනක තමන්ගේ ඉලක්කය වරදා නොගත් බව සියලු දෙනා සහතික කර කියයි. අලි යනු පුදුම සත්ව කොට්ඨාසයකි. ඔවුන් අපට වඩා කපටිය. මුලින් ආ පැටව් දෙදෙනා ක්රීඩා කරමින් ඉදිරියට ගියද, අප දුටු අලියා එතැනම හිඳිමින් කොළ අතු කඩයි. අනෙක් කිසිවෙක් ඒකා පසු කර නොඑන්නේ කුමක් හෝ අනතුරක සේයාව දන්නේ මෙනි. අප ඔවුන්ට භය යම් සේද ඔවුන්ද අපට ඒ හා සමාන භියක් දක්වයි. අලි රෑන පිටත්ව ගිය පසු අප එන්නට පිටත් වීමු. එහෙත් අතරමැදදී මට හොඳටම අලින්ගේ කුයිලය දැනිණි. අප ඒ ගමන ආපසු ආවේ ගැහෙන හදවතිනි. අපට මග පෙර සටහනේ දැක්වූ මඩ පොකුණ අසලදී කදිරා මුණ ගැසිණි. ඔහු අප දැක ඉතා නියාලු සිනහවකින් සංග්රහ කළේය. ඔහු හිද ඇත්තේ අසල හේනකය. ඔහු සිටිනවා මෙහි සිටින කෑම පාටියේ කෙනෙකු දැක ඇතත්, ඔහුට එය අප හා පවසන්න කිසිම අවශ්යතාවක් තීබී නොමැත. අප කදිරා ගැන බියෙන් පසු වුවත්, ඔවුන්ට එය ඒ හැටි ගැටලුවක් නොවන්නේ, රැයත් දවාලත් කදිරාට එක බැවිනි.
ඔවුන් ඇතිළිවැව ගොස් එනවිට පලතුරක් ගෙනෙන්නැයි අපේ අය ඉල්ලා සිටි පණිවුඩය රතනයාට ලබා දුන්නේ මම වුවත්, එහි යම් අනතුරක සේයාවක් ඇතැයි මගේ සිත මටම දොස් නැගීය. හේතුව පලතුරු සුවඳ ඔස්සේ අලි-ඇතුන්ට ඉව ඇති වී, ඒ ඔස්සේ පැමිණීමයි. දහවලේ ගෙනෙන ලද අඹ අප ඒ මොහොතේම කපා කෑවෙමු. මගේ විශ්වාසය වුයේ එය නොකළ යුත්තක් බවයි. තවත් මොහොතකින් සතෙක් එලා ගන්නට වනගත වන බව පවසා කදිරා සහ රුපයා කැලයට පිටත් විය. අපි සුපුරුදු පරිදි ට්රේලර එදින රාත්රිය සඳහා සුදානම් කළෙමු. එදින රාත්රියේ සටහන් කිරීමට වැදගත් යමකට වුයේ, එදින ගෙනෙන ලද ගෝන කරවල වල පණුවෙක් සිටීමය. අපට එය බෙදා දෙන්නට මත්තෙන් සියලු දෙනා නැවතූ සමන් ඒ දෙසට විදුලි පන්දම දක්වන ලෙස ඉල්ලා සිටියේය. ඔහු අමුතු ඉවක් ඇති පුද්ගලයෙකු බව වටහා ගැනීමට අවශ්ය බොහෝ කරුණු මේ ගමනේදී මා ඒ වනවිටත් තේරුම් ගෙන උන්නේය.
_____________________________________
එදින කදිරා ඉත්තෑවෙකුට ගිණි බිඳ ඇති මුත් සමන්ට අනුව ඒකා හොයා ගැනීමට නොහැකි වුයේ, අප පින්වන්තයන් නිසාය.
සඳරු ගේ පොස්ට් වල නිතරම කියවෙන මාපුතා යන්න අපගේ රත්නපාල බුද්ධයා කොලුවා ඇමතීමට යොදා ගන්නා විට සිහි වූයේ, මේ ප්රදේශයද නැගෙනහිර ආසන්නයේ ගම්මානයක් බවය.
Subscribe to:
Posts (Atom)
ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....
89/90 අඳුරු යුගය(Dark Era 89/90)
(10)
pinth
(1)
අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff)
(15)
අතීතකාමය (Nostalgia)
(8)
අනතුරු (Accidents)
(1)
අමතක වන්නට පෙර(Before Forget it
(7)
අවන්හල් (Restaurants)
(4)
ඇතුල් පැත්ත ( Inside Story )
(1)
ඉවුම්-පිහුම්(Cooking)
(1)
එළුපැටියාගේ කතා (Baby Goat Stories)
(1)
ඔබේම දෑතින් (Doo it yourself)
(7)
කළුතර මහා විද්යාලය ( Kalutara Maha Vidyalaya )
(4)
කාළීන(Current Issues)
(65)
කුතුහලය(Curiosity)
(70)
කෙටි කතා (Short Stories)
(1)
ක්රිකට් (Cricket)
(12)
ක්රිකට්(Cricket)
(32)
ක්රීඩා(Sports)
(20)
ක්රෙඩිට් කාඩ්(Credit Cards)
(8)
ගණිත ගැටළු (Mathematical Problems)
(4)
ගමේ චරිත(My Villagers)
(12)
ගැටළු (Competitions)
(2)
ගීත ( Songs )
(2)
ගෘහස්ථ කාරණා (Household Matters)
(2)
චිත්රපට(Movies)
(3)
ජීවන අත්දැකීම් ( Life Experience)
(45)
තාක්ෂණය(Technology)
(18)
දැකීම ( Observations )
(1)
දැනුම(knowledge)
(58)
දේශපාළණ(Political)
(14)
නින්ද (Sleep)
(2)
නුවර එලිය ( Nuwara Eliya )
(1)
පරිවර්තන (Translations)
(39)
පර්යේෂණ(Research)
(16)
පාපන්දු(Football)
(14)
පිටසක්වල ( Extra Terrestrial )
(1)
පුවත් පතට ලියු (Published in Press)
(1)
පොත් (Books)
(4)
ප්රථමාධාර(First Aid)
(1)
බෙන්තොට (Bentota)
(2)
බෙන්තොට ක්රීඩා සමාජය(Bentota Sports Club)
(3)
බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel )
(1)
මං සලකුණු ( Milestones )
(7)
මගේ දුව(My Daughter)
(10)
මගේ පියා (My Father)
(2)
මගෝඩි වැඩ (Humours)
(4)
මට හමු වූ අමුතු චරිත Rediculous people I met
(3)
මට හමු වූ මිනිසුන් ( People I met )
(7)
මහජන බැංකුව (People's Bank)
(5)
මා ලියු කවි ( My Poems )
(1)
මොබයිල්(Mobile)
(3)
යෝජනා (Proposal)
(1)
රිවරිනා හෝටල් (Riverina Hotel)
(3)
රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials )
(1)
රෙඩ්බුල් කැම්පස් ක්රිකට්(Redbull Campus Cricket)
(11)
ලොල් කතා(Funny Stories)
(55)
ලෝක කුසලානය (World cup)
(4)
විද්යා ප්රබන්ධ( Science Fiction )
(1)
විනෝදාත්මක(Entertainment)
(115)
විවේචන(Critics)
(56)
ව්යායාම(Excercises)
(3)
සංචාරක(Travel)
(26)
සාකච්චා(Interview)
(8)
සුදීක(Sudeeka)
(93)
සෞඛ්යය( Health )
(2)
හැඟුම්බර(Emotional)
(42)
හිරුආරක්ෂණ(Sun Protection)
(2)
ෆේස්බුක් (facebook)
(1)




























