Sunday, April 1, 2012

ඇමේසින්ග් තායිලෑන්ඩ් (Amazing Thailand )


මේ දවස් වල සැටලයිට් ටීවී වල නිතර දකින්න ලැබෙන වෙලඳ දැන්වීමක් තමයි ඇමේසින්ග් තායිලෑන්ඩ් (Amazing Thailand) කියන්නේ. ඇත්ත වශයෙන්ම ඔවුන් විශ්මිත ජාතියකි. ඒ අතින් ගත්තාම අපි හරිම සාම්ප්‍රදායික, අවස්ථාවන් මග හැර ඇති ජාතියක්. අප එක් වරක් නොව සිය දහස් වාරයක් ලජ්ජාවට පත් විය යුතු කාරණා ගොඩක් තියෙනවා. ඔවුන් ඔනෑම දෙයක් වෙළඳපොලට ගෙන එන්නේ ඉතාම සිත් ගන්නා සුලු ආකාරයකට. මෙය වටිනාකමක් එකතු කිරීමක් (Value Addition) ලෙසයි මා දකින්නේ.  


මෙහි පලමු කාරණය ලෙස මා ගන්නේ පලතුරු වෙලඳාම. ඔවුන් මග දෙපස තබාගෙන විකුණන පලතුරු වර්ග වන්නේ දූරියන්, වරකා, කොමඩු (රතු සහ කහ ), පේර, ගස්ලබු, අඹ, පලතුරක් නොවුනත් කුරුම්බා. ඉතිං මේ ජාති ටික ලංකාවේත් විකුණනවානේ. ඔබේ හිතට එහෙම සිතිවිල්ලක් 

ආව නේද? ඔව් අනිවර්යයෙන්ම. ඇත්ත අපිත් මේ ජාති ටික විකුණනවා. හැබැයි එහෙම්මම. ඒ කියන්නේ අපි දූරියන් විකුනන්නේ ගෙඩි පිටින් ඔවුන් ඒවායේ මද ඉවතට ගෙන රෙජිෆෝම් හා සෙලෝෆෙන්  ෆොයිල් භාවිතා කොට අගනා පැක් එකක් ලෙස විකුණනවා. ඉතිං මොකක්ද වෙනස ? සෞක්‍යය ආරක්ෂිත බව. අප ඒ ගැන සිතුවේ නෑ නේද. අපි ඵලතුරක් සුද්ද කලත් ඒවා දානේ සිලි කවර වල. දාලා ගැටයක් ගහනවා. ඔන්නම් කාපිය කියන්නා වගේ. ඒවා තුලින් ඇතුලත තිබෙන ආහාරය නිසි ලෙස ප්‍රදර්ශණය වන්නේ නෑ. ඉතින් පාරිභෝගිකයා ආකර්ශණය කර ගැනීම අතින් තායි කාරයො ඉන්නෙ අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන්. වරකා අපි විකුණනේ කොස් වහල්ලත් එක්කම. නමුත් ඔවුන් එය සුද්ද කරල නැවතත් අර කියපු ඇසුරුම් ක්‍රමයට ඉදිරිපත් කරනව. අනිත් කාරණය තමඉ මේ ජාති කොයි තරම් අපි විකුණවද කියන එක. බැංකොක් වල අඩියක් අඩියක් ගාගෙන් පලතුරු විකුණන්න තියෙනවා. ඔවුන් ඒවා විකුනන්නේ මුඛවාඩම් දාගෙන, අත් ආවරණ දාගෙන, පිරිසිදු ඇඳුම් ඇඳගෙන. ලංකාවේ ඔවුන්ට සාපේක්ෂව පලතුරු විකුණනේ බොහොම අඩුවෙන. අපි විකුණුවත් විකුණන්නේ ඇපල්, පෙයාර්ස්, දොඩම්(රට එක ). අපේ රටේ ඒවා අපි විකුනන්නේ නෑ නේද? මම මේවා 2004දිත් දැක්කා. කිය කියා ඇවිද්දා මිස මෙහෙම අපේ හඬ ඉදිරිපත් කරන්න අවකාශයක් තිබ්බේ නෑ. පත්තර වලට ලියන්න කාටද අවස්ථාවක් ලැබෙන්නේ. පේර, ගස්ලබු, අන්නසි මේ කියන කිසිම පලතුරුක් ඔවුන් අපි වගෙ ඔහේ කෑලි කපල විකුණනේ නෑ. දවසින් දවස ඔවුන් ඒවා කපන්න්ලත් අලුත් විදි සොයා ගනිමින් ඉන්නවා. 



සෙලෝපේන් කවරයකට දාල, චුරු හැලෙන්නැතිව, මිරිස්, ලුණු, සීනි කුඩු ටිකක් ඉහලා, ටිකක් ලොකු ටූත් පික් එකක් එක්ක දෙන්නෙ. අම්මපා දැක්කහම කන්න හිතෙනවා. අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනෑ නම් අඩුම ගානේ අපි තායිලන්තය කොපි කරන්න ඕනේ. 


කුරුම්බා තමයි ඔවුන් ඉතා ලස්සනටම වෙළඳපොලට ගේන්නේ. මම හිතන්නේ පින්තූරයක් වචන දාහකට වඩා වටිනවා කියල තියෙන නිසා පහල තියෙන පින්තූරයේන් ඒක බලන්න පුලුවන්. අපේ තැඹිලි කපන, කුරුම්බා කපන අය බෙල්ල කහන්නේත් ඒ මන්නයෙන්ම නේද ? ඔවුන් මේව ගෙන්නේ ගස් වලින් කඩපුව නෙවෙයි හරියට කර්මාන්ත ශාලාවක හදපුව වගෙයි. 
 


ඔවුන් මේ සියළුම පළතුරු වර්ග තබා තිබෙන්නේ කුඩු කරන ලද අයිස් මත. එයින් ඔවුන් කියාපාන්න උත්සාහ ගන්නේ එම පළතුරු නැවුම්ව ලබා දීම ගැනයි. බලන්න මේ කාන්තාව ගෙන යන තැටිය තුල තිබෙන්නේ සැන්විච්, කේක් සහ රසකැවිලි. 



Add caption

අප සිටින්නේ කොතැනද ? ආසියාවේ ආශ්චර්යය වන්නට නම් අප මේ ටික වත් කල යුතුයි. සංචාරක කර්මාන්තයේ අපට සිටින ප්‍රබලම තරඟකරුවා තායිලන්තයයි. ඔවුන් පරදන්න නම් අඩුම තරමින් ඔවුන්ව අප කොපි කල යුතුයි. මේය සුළු ව්‍යාපාරියකා වෙත ගෙන යා යුතුයි. සිලිකවර වෙනුවට සෙලෝපේන් භාවිතා කරන්න පුරුදු කල යුතුයි. මේවා බ්ලොග් කරුවන් වශයෙන් අප අන්තර්ජාල අවකාශයට පමණක් සීමා වෙනවා. පත්තර වලට ලියන මහත්වරු මෙව දකිනවානම ඔබේ පන්හිඳත් මේ වෙනුවෙන් මෙහෙයවන්න. මෙය මහින්ද රාජපක්ෂගේ රටවත් නාමල් රාජපක්ෂගේ රටවත් නොව අප සියලු දෙනාගෙ රටයි. මෙය දියුනු වූවොත් එහි ප්‍රතිලාබය අප සැමටයි. 


ප.ලි.


සංචරකයගේ හිත සතුටින් තැබීමට තායි වැසියා හැකි උපරිම උත්සාහයක යෙදෙයි. මන්ද ඔවුන්ට මේ සියළු දේ ලැබෙන්නේ සංචාරකයන් ඔවුන්ගේ රටට පැමිණෙනවානම් පමණයි. සුළු හෝ චෝදනවක් කිරීමට ඔවුන් ඉඩ තබන්නේ නැහැ.    

8 comments:

  1. Godak mahansi wela thiyanwa info hoyaganda, wisheshayen pic ganda ehema.Mage adahasa nam mekai.writer mona unath oya pare depaththe (lankawe) tiyana ewa kaala beela nam tiyana paatai, eth kawadawat eka winadi 30kata wada nam e place eke indala nati paatai.kotimma kiwweot lankawe e dewal wikunana ayage view eken dakala ne kiyana ekai mage adahasa.ekak thama oya kiyana widiyata pack karanda giyot, 30rs thambili 50rs wei(selopane eka environment polution ekata).e kiyanne 20rs lankawe parisara dushanayata yahamin api daayaka wenawa kiyana eka.e nisa e wage nati eka gana api sathutu wenda one.anika oya hama palathurakma, fresh thathwen thiyanne ewala, pothu thiyanakan witharai, pothu gahapu gaman ewa malawenawa ikmanata, fresh ne...anika oya polythine cover wala apit aaharayata nusudusu dust thiyanawa(artificial ewa) , ewalin cancer hadenawa.nirmaana sheeliwa denna puluwan welendo innawa, eth pitakotuwe neme.lankawe oya pennanda hadana sundara thailanthayata wada godak issarahin inne kiyalai mage hangeema.oya artificial ewata wada, natural ewalin lankawa godak issarahin innawa.discourage kanda neme ,eth api ape rate anagathe diha balanda one, oya podi lassanata wada.apit me loke inna jeewiyo , anit jeewiyo wagema.parisara hithkaamiwa hithnada purudu wemu...jayaweva....

    ReplyDelete
  2. @cp ඔයා මා ගැන ආපු විනිශ්චය ටිකක් හරි ටිකක් වැරදි. මම ඔනෑතරම් පාරවල් අයින් වල කොත්තු රොටි එලවළු රොටි හදන තැන්වල, අන්නාසි,අඹ කපන තැන් වල බලාගෙන ඉඳල තියෙනව. ඒක මගේ පොඩි කාලේ ඉඳල එන පුරුද්දක්. අපේ ගමේ වෙස්මූණු කපන කෙනෙක් හිටිය ජිනදාස කියල එක කාලයක් මගේ වැඩේ ඉස්කෝලේ ගිහින් ඇවිත් මිනිහා වෙස් මූණු කපන විදිහ බලා ඉන්න එක. පරිසරය සුරකින එකට මමත් කැමතියි. ඒත් සංචාරකයන්ගේ සිත් ගන්න අපි දැන් පාවිච්චි කරන ෂොපිං බෑග් වලට ආදේශකයක් ලෙස සෙලොෆේන් බෑග් යොදා ගත්තොත් පරිසරයට වෙන හානිය අඩුද වැඩිද ? අවශ්‍ය වන්නේ ඒවා ප්‍රතිචක්‍රීය කරන ක්‍රමයක් හා පිරිසිදු කරන ක්‍රමයක් පමණයි. එක් අතකින් පාරේ විසි කරන ෂොපිං බෑග් නිසා කානු පද්දතිය හිර වෙලා. මේ සම්බන්ධ නීති රීති ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍යයි.

    නෙළුම් කොල, කෙහෙල් කොල, කොට්ටම්බ කොල, තේක්ක කොල, කැන්ද කොල, බෙලි කොල සමහරක් දේවල් වලට ආදේශක ලෙස යොදා ගන්න පුලුවන්. ඒත් සංචාරකයන් ඒවා පිලිබඳ මොන ආකල්පායක් දාරවිද කියන එක ප්‍රශ්ණයක්. ඇස පිනවීමත් ආහාර ජීර්ණයේ එක කොටසක් කියල මම අහල තියෙනවා.

    කමෙන්ට් කලාට ස්තුතියි.

    ReplyDelete
  3. Ape aya hithagana inne muhuda aine idam tika wena rata wala ayata vikunala snacharaka viyaparaya diyunu karanna puluwan kiyala ewayean komis aragana, Europe walata naya denna puluwan kiyala ahinsaka Janathawata NAYA penwana eka.Ape rate kochchara dewal thiyanawada Vidhesikayata hadunwala denna ? Thabili dakkama suddo puduma wenawa.Ratata yana kala dasawa bala sitimi MaMa.

    ReplyDelete
  4. Hi...sorry oya gana waraddak kiwwanam...man me blog eka dakala mage adahasa man kiwwe...oya asia wala ratawal keepayakatane gihin thiyana eka hondai.Man kiyan ne shoping bag sankalpaya honda deyak ehema kiyala.Mokada mamt oya kiyanawa wagema wena widiyakata hithana kenek.KOtinma man supermarket giyat, shoping bag epa kiyana kenek,magema gedara hadapu bag ekak puluwan hama welema aran yanawa, e wagema e rep lata kiyanawa, puluwan tharan bag dena eka adu karanna kiyala.mokada me punchi lankawa, diwyalookayak.eka oyatat danewa athi oya ratawal keepayakata hari gihin thiyana nisa.Mama sampurnayenma loke wate 1parak gihin thiyanawa, sin,korea,honkong,abudhabi, dubai,muscut,USA(california), mexco walata gihin thiyanawa.itin me punchi ran divaina raka gannai api ape adahas hadaganna one.mokada me rate thathwe mokak unat deshapalana mathaya mokak unat, me api hamoma ipaduna, ape amma.eya kochchara dukak daragena innawada.e nisa, api e wenuwen piliwetin pelagasi, idiriyata yamu.sthuthui, samawenna man singlish walin comment karata.(forigners la th dan pramote karanne natural dewal, europe country wala)..

    ReplyDelete
  5. Hi...sorry oya gana waraddak kiwwanam...man me blog eka dakala mage adahasa man kiwwe...oya asia wala ratawal keepayakatane gihin thiyana eka hondai.Man kiyan ne shoping bag sankalpaya honda deyak ehema kiyala.Mokada mamt oya kiyanawa wagema wena widiyakata hithana kenek.KOtinma man supermarket giyat, shoping bag epa kiyana kenek,magema gedara hadapu bag ekak puluwan hama welema aran yanawa, e wagema e rep lata kiyanawa, puluwan tharan bag dena eka adu karanna kiyala.mokada me punchi lankawa, diwyalookayak.eka oyatat danewa athi oya ratawal keepayakata hari gihin thiyana nisa.Mama sampurnayenma loke wate 1parak gihin thiyanawa, sin,korea,honkong,abudhabi, dubai,muscut,USA(california), mexco walata gihin thiyanawa.itin me punchi ran divaina raka gannai api ape adahas hadaganna one.mokada me rate thathwe mokak unat deshapalana mathaya mokak unat, me api hamoma ipaduna, ape amma.eya kochchara dukak daragena innawada.e nisa, api e wenuwen piliwetin pelagasi, idiriyata yamu.sthuthui, samawenna man singlish walin comment karata.(forigners la th dan pramote karanne natural dewal, europe country wala)..

    ReplyDelete
  6. මට අමතක වුනා ලියන්න චයිනා ටවුන් එකේදී වයසක සීය කෙනෙක් දෙළුම් ක්‍රෂ් ඩ්‍රින්ක් එකක් දුන්නා හරියට අමෘතය බිව්ව වගේ. රෙඩ් බුල් කියන්නේ මොනවද කියල හිතෙනවා. හැතප්ම ගානක් කඩ අස්සේ රවුම් ගහල හෙම්බත් වෙලා හිටිය අපිට තිබ්බ තෙහෙට්ටුව කොයින් ගියාද නෑ. හැබැයි මෙකත් අර කිව්ව වගේ අගය එකතු කිරීමක් කරල තමයි දුන්නේ. පොඩි ප්ලාස්ටික් බෝතලයකට දාලා කුඩු කරපු අයිස් තුල ගිල්වල තියලා.

    ReplyDelete
  7. ගිය එකා දන්නව ඒ පැත්තේ තත්වය...සහෝ හරි...

    ReplyDelete
  8. සංචාරය කරන විට මට දැනුණ දෙයක් තමයි ලංකාව සහ අන් විදේශීය රටවල් අතර සේවා සපයන්නන්ගේ ගුණාත්මකභාවයේ විශාල පරතරයක් ඇති බව.

    කොටින්ම කිව්වොත් "Customer is a King" කියන දේ නොදත් බොහෝ දෙනා ලංකාවෙ සේවා සැපයුම් ස්ථාන වල ඉන්නව.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...