මුලින්ම මාගේ බ්ලොග් හිතවතුන්/හිතවතියන් සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා.
ඒ වගේම මම මේක අව්ස්ථාවක් කර ගන්නවා මාස තුනහමාරක් ඇතුලත් මගේ බ්ලොග් එකේ සමාජිකත්වය ලබා ගත් සියළුම දෙනාටත්(24), ඒ සඳහා මා දිරිමත් කරමින් කමෙන්ට් 89ක් එක් කල සියළු දෙනාටත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න.

මම අවුරුද්දට ගමේ යන්න හිටියේ 11ස් වෙනිදා. එදා හවස ඇති වෙච්චි සුනාමි පලහිලව්ව හින්දා ඒ ගමන පහුවදාට කල් දාන්න සිද්ද වුනා. මොනවා වුනත් එදා කොලඹ කොටුවේ අය ඇතුළු බොහෝ දෙනෙක් හැසිරිච්ච විදිහ ඉතාමත් ශෝකජනකකයි. ඒ වගේ කලබලයෙන් මිනිස්සු දඟලනවා මම කවදාවත් දැකලා නෑ. සුනාමියක් තියා මොන කරදරයක් ආවත් මහ පාරට බැහැලා ඉබාගාතේ දුවගෙන යන එක අල ගෙඩියක් තරම් වත් පුංචි මොලයක් තියෙන කෙනෙක් කරන දෙයක්ද ? හොඳ වෙලාවට මම ඩිස්කවරි නාලිකාවේ හැමදාම රෑ 9.00 ට යන Man vs Wild වයිල්ඩ් නරඹලා තිබුනේ. ඒකෙදි බෙයාර් ග්‍රිල්ස් (Bear Grylls) කියන (හිටපු හමුදා නිලධාරියෙක්) පෙන්වා දෙනවා කොහොමද ආපදාවකදී හැසිරෙන්න ඕනේ කියල. ඔහු නිතරම කියන දෙයක් තමයි කිසිම වෙලාවක කලබල වෙලා දඟලන්න එපා කියන එක. එහෙම දඟලන්න ගියාම තමන්ගේ ශක්තිය වැය වෙනවා කියල. ඉතිං මමත් මගේ මිතුරාත් ඒ ක්‍රමය අනුගමනය කලා. පාර දිහා බැළුවාම මුළු පාරම වාහන වලින් පිරී ඉතිරී ගිහින්. එහෙම වෙලාවක සුනාමි ආවානම් සොරිම තමයි. අපි කල්පනා කලේ පැරණි වුනත් අපි ඉන්න මේ ගොඩනැගිල්ලේ සවි කරපු H අයන් කණු පද්දතිය ඉතාම ශක්තිමත්, තුන්වෙනි මහලට ගියාම කොහොමත් අඩි 60ක් විතර උස තියෙනවා. උඩම තට්ටුවට ගිහින් ඒ කණුවක් බදා ගත්තත් බේරෙන්න පුළුවන්. ඉතිං අපි කලේ කලබල වෙලා පාරට පනින්නේ නැතුව පහු වෙලා පිටත් වෙච්ච එක. අපි 4.15ට පිටත් වෙලා 5.00 විතර වෙත්දී කරදරයක් නැතුව නුගේගොඩට ගියා.
රාජකාරියේ යෙදිල ඉන්න ගමන් මම නිරතුරුවම ගෙදරත් සමග සම්භන්ධ වෙමින් ඒ පැත්තේ තොරතුරු ගැන දැනුවත් වුනා. අපේ කර්‍යාල ගොඩනැගිල්ල ගැන වචනයක් සඳහන් කරන්න වටිනව. අවුරුදු 100කට වඩා පැරණි මගේ කර්යාල ගොඩනැගිල්ලට භූමිකම්පාව දැනුනේ නෑ. වෙනත් කාර්යාල වල ඉන්න අපේ සහෘදයින් කථා කල දේවල් වලින් තමයි අපි ඒ ගැන දැනුවත් වුනේ. මෙහි දෙවන තට්ටුවේ තමයි මගේ කාර්‍යාලය තියෙන්නේ. එහි බිමට අතුරා තිබෙන්න ලී. ඒ නිසා හෝ මෙහි තිබෙන ඉතා ගන බිත්ති නිසා යන කාරණා දෙකෙන් එකක් නිසා හෝ දෙකම නිසා රිච්ටර් මාපකයේ අංශක 8.6ක් ලෙස සටහන් වූ භු කම්පනය අපට දැනුනේ නෑ.
අපේ අම්මා හා තාත්ත අපේ ගේ ළඟම තිබෙන උඩකොටුව පුරාණ රජ මහ විහාරයට යාබදව තිබෙන ෂීලා මිස්ලගේ(අම්මත් එක්ක එකට උගන්නපු ) ගෙදර ගිහින් තිබුනා. අවුරුදු 61ක් වන මගේ අම්මා ඇවිදිනේ බොහොම අමාරුවෙන්. ඒත් ජීවත් වීමට ඔනෑම සත්වයකු දක්වන ආශාව ඇයව අඩි 250ක් පමණ උසින් තිබෙන කන්දක් නග්ගවන්න සමත් වෙලා. පස්සේ ඇයගේ කකුල් රිදෙන බව දැන ගන්න ලැබුනා. මගේ අක්කා ඉන්නේ බෙන්තොට ටාජ් හෝටලයට ආසන්නයේ. ඒ කියන්නේ රේල් පාර පැන්නහම මුහුදට යන දුරින්. සුනාමියක් ආවානම් ඒ ගෙදර අනිවර්යයෙන් මුහුදු රළ සිප ගන්නවා. අක්කා හා මගේ සිඟිති දියණිය දෙද්දුව කියන කිලෝමීටර 10ක් පමණ දුරින් ඇති ඇල්පිටිය පාරේ ඔවුන්ගේ වෙනත් නිවසකට ගොස් තිබුනා. එය අඩුම තරමින් මුහුදු මට්ටමට වඩා අඩි 25ක් වත් උසින් පිහිටි සුන්දර ගම් පියසක්.
මම ඊලඟට මුහුදුබඩ වෙසෙන මගේ සහෘද්ධයන් අමතා ඔවුන්ගේ තත්වය විමසා සෑහීමකට පත් වුනා. විශේෂයේන්ම කල්මුණේ ඉන්න රියාජ්. ඔවුන් පහුගිය වතාවේ සුනාමියෙන් හොඳටම බැට කෑවා. ඔවුන්ගේ දරු මල්ලන් ආරක්ෂිත ස්ථාන වල ඉන්න බව දැනගත් විගස මගේ හිතට සතුටක් ආවත්, තවත් කී දාහක් අවදානම් ප්‍රදේශ වල ඉන්නවාද යන සිතුවිල්ල මගේ හිතේ ගිගුම් දුන්නා.

මගේ දුව මුලින්ම ඉන්ජෙක්ෂන් ගහද්දී හිනා වෙවී බලන් හිටිය එහෙත් එහි තිබෙන වේදනාව දැනගත් පසු ඉන්ජෙක්ෂන් යන නම අපේ කටින් පිට වූවත් ඇය අඬන්න පටන්ගන්නවා. මෙවර සුනාමි අණතුරු ඇඟවීමේදීත් අපේ අය හැසිරුනේ මගේ දියණිය වගේ නේද කියලා මට හිතුනා. 2004 දී ශ්‍රීලංකාවේ අපිට සුනාමි කියන වචනය පවා අළුත්. එහෙත් එහි ඵල විපාක් අපි සියැසින් මෙන්ම රූපවාහිණී තිරයේත් දුටුවා. මෙවර අපේ අය එම අණතුරු ඇඟවීමට ප්‍රතිචාර දැක්වූවේත් ඒ සියළු අත්දැකීම් සහිතව. හැමොටම තමන්ගේ දරු මල්ලන් හා පවුලේ අය සිහිපත් වෙන්න ඇති. එනිසයි මා අර කලින් සඳහන් කල අනවශ්‍ය කලබල වීම ඇති වුනේ.
මම ගෙදර ගිය ගමන්ම නතර වුනේ රූපවහිණිය ඉස්සරහ. අපේ ඒවගේ දෙන්නෙත් අන්තර්ජාතික නාලිකා වල යන දේවල්ම නිසා, මම විදෙස් නාලිකා බලන්න පටන් ගත්තා. රෑ හත අට වෙනකනුත් මොනවත් නොවුන නිසා හා අභාග්‍යසම්පන්න කිසිවක් අහන්න තරම් අවාසනාවන්ත නොවුන නිසාත් මා අයිපීඑල නරඹන්න පටන් ගත්තා.
මේක සාමාන්‍ය මිනිස් පුරුද්දක්. අපි, දෙන්නෙක් රණ්ඩුවකට පැටලීගෙන එනකොට බොහෝ අය බලාගෙන ඉන්නේ මේ රණ්ඩුව දුර දිග ගිහින් අර දෙන්නා අතර ගුටි බැට හුවමාරුවක් වෙනකම්. මම මේක හොඳටම දැක්ක දවසක් බස් එකක් ට්‍රැෆික් එකට හිර වෙලා තියෙද්දී එලියේ මිනිස්සු දෙන්නෙක් එහෙම වාද විවාද වෙලා එක පාරටම එක මිනිහෙක්(නගර සභාවේ වැඩ කරන කෙනෙක් වෙන්න ඔනෑ) තැඹිලි කපන මිනිහෙක්ගේ මන්නය අරගෙන අනිකා පස්සේ පන්නන්න පටන් ගත්තා. මම හිටිය බස් එකේ හිටි හැම කෙනෙක්ම වගේ ජනෙල් වලින් එලියට ඔළුව දාගෙන බැළුව ඊලඟට වෙන්නෙ මොකක්ද කියල. ඒ වෙලාවේ මගේ කල්පනාවට ආවේ මිනිස්සු වැඩි දෙනෙක් දකින්න කැමති එතන බෙලි කැපීමක් සිදු වුනානම් බව. සුනාමියත් ඒ වගේමයි. අපි බලපොරොත්තු වුනේ සුනාමිය එනවාමයි කියල නේද. ඔබේ හදවතට තට්ටු කරල බලන්න මොකක්ද හිතුවේ කියලා. මම ගෙදර යනකම් ප්‍රාර්ථන කලා එහෙම නොවෙන්න කියල.
මේ සටහන කියවපු අයට මගෙන් වුනේ සුළු-පටු අසාධාරණයක නොවෙයි. මම හිතන්නේ මේක මට විතරක් වෙන දෙයක් නොවෙයි. දෙයක් පටන් ගත්තහම එක දිගටම ඒ වැඩේ කරලා ඉවර නොකර පසුවට කල් දැම්මොත් පස්සේ ඒක සම්පූර්ණ කරනන්න තියෙන ආසාව හෝ උණන්දුව හීන වෙනවා. මට මේ වගේ දේවල ගොඩක් වෙලා තියෙනවා. හොඳම උදාහරණය මේ බ්ලොග් එකට මම මගට ලියලා පබ්ලිෂ් නොකරපු පොස්ට් තුනක්ම තියෙනවා.
කොහොමින් කොහොමින් හරි මට නොදැනීම නින්ද ගිහින් මහ රාත්‍රියේදී ඇහැරුනා. ඒ වෙනකොටත් රුපවාහිණියේ මා නරඹමින් සිටි අයිපීඑල් තරගයේ නැවත විකාශණයක් යමින් තිබුනා. නැවතත් සවස් යාමයේ සුනාමි විස්තර නැරඹූ නාලිකාව දමා පැය භාගයක් පමණ බලා සිටියත් එම සුනාමිය පිලිබඳ අළුත් තොරතුරක් දකින්නට ලැබුනේ නෑ. එම සුනාමිය සිරස් අතට සිදු වූවක් නිසා සුනාමි අණතුරක් නැති බව වේලසනින්ම දැන සිටියත් තොරතුරු දැන ගැනීමට තිබෙන මගේ උණන්දුව මා තවත් පැය භාගයක් නිදි වර්ජිතව තබන්නට සමත් වූවා. ඊලඟ වතාවේ මට ඇහැරෙද්දි උදෑසන හතත් පහු වී තිබුනා. මම දනි පනි ගා නැගිට උඩ තට්ටුවට ගොස බැලූවේ මස්සිනාත් ඔහුගේ දියණියත් ගමනට සූදානම් වී ඇත්ද යන්නයි. ඔවුන්ට තවමත් ඉර උදා වී නැති බැවින් මා නැවතත් පහල මාලයට ගොස් මගෙ බෑග් එක සකසන්න පටන් ගත්තා.
මේ ලිපිය දිගටම ලියනවා ඒත් හුඟ කාලයකින් ලියන්න බැරි වුන හින්දා ලියන ලියන කොටස පෝස්ට් කරනවා.
Oba kiyana eka hariyata hari.Lankawe TV walin janathawa danuwath karanna puluwan godak dewal thiyanawa.Wena ratawal podi ayage idala loku aya dakwama danuwath wenne,school/news pepar/TV walin karana danuwath kirima anuwa.Lankawe karanne para wada karana Aanduwalata dawasa purama KADE yama noweida?
ReplyDeleteගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිස්සු කනාමැදිරියටත් බයයිලු ! මනුස්ස ස්වභාවය තමයි.
ReplyDelete