දැන් අවුරුද්දකට විතර කලින් යාළුවෙකුගේ පාටියකට ගිහිං මහ රෑ ගෙදර එන ගමන් දැක්ක සිදුවීමක් මගේ මතකයට ආවා. මට යාළුවෙක් ලිෆ්ට් එකක් දුන්නා. ඉතිං ගෙවල් ළඟටම එන්නේ නැතිව මම හැරෙන හන්දියෙන් බැහැල ආවා. එදා හොඳට පාරේ එළිය තිබුණා.මම ටිකක් ගමනේ වේගය බාල කළා සිද්ධ වෙන දේ දැන ගන්න. මගේ ඇස් දෙකෙන්ම මම දැක්ක දේ මට අදහා ගන්නත් බැරි වුණා. හොඳට ඇඳ ගත්තු මහත්තයෙක් ගෙදරක ගේට්ටුව ගාව බිම වාඩි වෙලා. මිනිහගේ බෑග් එකත් පැත්තක තියෙනවා. ඕනනම් වයස හතළිස් පහක් පණහක් විතර ඇති. මේ මහා රෑ මිනිහෙක් වෙනත් කෙනෙකුගේ ගේට්ටුවක් ගාව වාඩි වෙලා මොනවා කරනවද ? මට ඇති වෙච්ච් ප්‍රශ්නේ ඒක. මේ වෙනකොට ඔබටත් ඒ ගැටලූවම ඇති වෙලා ඇති.
පින්තූරය ගත්තේ : www.reddit.com |
මිනිහා කිසිම වගක් නැතිව වතුර බෝතලයක් අරගෙන මුලින්ම මුණ හොද ගත්තා. මිනිහට හොඳටම ඩෝප් කියලා පැහැදිලියි. ඊට පස්සේ අර බෝතලේ කටේ තියාගෙන ගුඩු-ගුඩු ගාලා බොනවා. මිනිහා අරං ආපු වතුර බෝතලයක් වෙන්න ඇති පැත්තක බෑග් එකත් තියෙනවනේ. දුර ඉඳන් එන කෙනෙක්ද ? නෑ එහෙමත් වෙන්න බෑ. අම්භානක ගහලා දුර ගමන් යන්නේ නෑනේ. වතුර බීලා ඉවර වෙලා මූඩියත් හොඳි වහලා ගේට්ටුව කෙළවරින් තියලා මිනිහා යන්න නැගිටිනකොට මමත් එතනම. දැන් එයා ඉස්සරහට යනවා.
"අංකල් - අංකල් ඔයාගේ වතුර බෝතලේ අමතක වුණාද ?"
මිනිහා ආපහු හැරිලා මම දිහා මොහොතක් බලාගෙන හිටියා. ඊට පස්සේ මෙහෙම කිව්වා
"මේක මගේ වතුර බෝතලයක් නෙවේ කොල්ලෝ. අර බලපන් අනිත් පැත්තේ තව එකක් තියෙන්නේ. උඹටත් ඕනේ නම් බීපන්"
මේ කතාවට මට පොඩ්ඩක් ලජ්ජත් හිතුණා. ඊට පස්සේ මම සුපුරුදු වේගයෙන් ගෙදර ගියා. මම කල්පනා කළා. මගේ මතකය අතීතයට ඇදිලා ගියා. බෙන්තර පාලම පහු කරපු තැනම තියෙන පිංතාලිය මගේ මතකයට ආවා. පිංතාලිය ගැන මට මුලින්ම කිව්වේ අක්කා.
"පින්තාලියක් තියෙන්නේ රජ කාලේ දුරකතර ගෙවාගෙන යන යට තමන්ගේ පිපාසය සන්හින්දුවා ගන්න කියලා බුද්ධාගම පොතේ තියෙනවා. අපිත් ගේ ඉස්සරහා එකක් තියමුද මල්ලී"
අපේ ලිඳේ වතුර බොන්න බෑ. අපි වතුර ගන්න යන්නේ පන්සල කන්දේ පාමුල තියෙන, ඒ කියන්නේ බෙන්තොට උඩකොටුව විහාරයට අයිති ලිඳෙන්. ඒ ළිඳ නාග ලෝකයට ගැඹුරයි කියලා කියන්නේ පොඩි කාලේ මගේ හොඳම මිතුරිය වෙච්ච ලාලනී ගේ ආච්චි. අපි ඇතුළු ගම්වාසීන් හැමෝම වතුර ගන්නේ මේ ලිඳෙන්. පායන කාලෙට මේ ළිඳ අඩියටම හිඳෙනවා. එතකොට වතුර ගන්න පෝලිමේ ඉන්න ඕනේ. මේ ළි අපේ ගමට විශේෂයි. මොකද මුහුද කිට්ටුව හොඳ වතුර තියෙන තැන් බොහොම අඩුයි. ඒ වගේමයි ගං කලපුව වටේ තියෙන මඩ සහිත පස. කිසිම විදියකින් හොඳ වතුරක් එන්නේ නෑ. ඒ මදිවට පොළොව පොඩ්ඩක් හාරපු ගමන් හිරිගල්. මේ හිරිගල් වලට මගේ අත කොයි තරං හම ගිහින් ඇත්ද ?
"නාග ලෝකේ කියන්නේ මොකක්ද ? ඒකෙ ඉන්නේ නයිද ?"
ඒ ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් දුන්නේ නෑ. අක්කයි මායි ගෙදර තියෙන ලොකු ඇලුමිනියම් මුට්ටියක් අරගෙන හොඳට සෝදලා ගත්තා. ඊට පස්සේ පරණ බංකුවක් හොයාගෙන ආවා. අපි ඒ බංකුව අපේ කඩුල්ලෙන් එළියේ තියෙන තණ බිස්සේ තියලා වතුර මුට්ටිය තිබ්බා.
"අක්කේ මේක ටිකක් ඇලයි වගේ නේද ? ඉන්න මම උදැල්ල අරං එන්න"
මම ගෙයි පිළිකන්නට දුවලා උදැල්ලත් අරගෙන ආවා. විනාඩි කිහිපයකින් අපි එතන පොළොව සමතලා කරලා, බංකුව උඩ වතුර මුට්ටිය තිබ්බා. පරණ පීරිසි කොප්පෙකුත් තිබ්බා. වතුර අර ගන්න පරණ ටිංකිරි ටින්එකකට කෝටුවක් තියලා කම්බියකින් බැන්ඳා. ඒක මුට්ටියේ පියන උඩින් තිබ්බා. එහෙම තියලා අපි එළියේ තියෙන බංකුවට වෙලා බලාගෙන හිටියා. කවුරුත් වතුර බොන පාටක් නෑ. ඊට පස්සේ අපේ යාළුවෝ යද්දී කතා කරලා බොන්න කිව්වම, ඒගොල්ලෝ නම් බිව්වා. අපරාදේ අක්කයි මායි බොහොම අමාරුවෙන් ගිහිං ගෙනාපු වතුර කළේ. අපි වතුර ගේන්නේ කළේ දෙපැත්තෙන් අත් දාලා අල්ලාගෙන. මැටි කළ මේ වැඩේට හරි යන්නේ නැත්තේ අත ලිස්සලා වැටෙන වාර වැඩි නිසා. ඇලුමිනියම් කළේ අල්ලාගෙන එන අපිට හොඳට පුරුදුයි. ඉස්සර මට මාර පුරුද්දක් තිබ්බේ මේ කළේ ඇතුලට පුංචි අශෝක වීදුරුව කටේ ගෑවෙන්නේ නැති වෙන්න දාලා වතුර අරන් බොන්න. හැබැයි වැඩේ වැරදිච්ච වෙලාවලුත් තියෙනවා. එහෙම දාට කළේ අස් කරලා වීදුරු කටු අයින් කරලා පිරිසිදු කරන එකත් මටම කරන්න වුණා.
මේ අර මනුස්සයාගේ ක්‍රියාවලියත් එක්ක මගේ මතකය ගිය තැන්. නමුත් ඊට ටික කාලයක් යද්දී ගෙවල් සීයක් ගත්තොත් හැටක විතර ඔය මෙගා බෝතල් වල වතුර පුරවලා තියන එක කරනවා. පස්සේ තමයි මම දැන ගත්තේ මෙහෙම වතුර තියන්නේ බල්ලෝ ඇවිත් පහරන හෝ මුත්‍රා කිරීම වළකන්න කියලා. අපේ මිනිස්සුන්ටත් මොකක් හරි ආවොත් මෙලෝ විචාරයක් නැතිව කරගෙන යනවා. මේකෙන් වැඩිම වාසි ලබන්නේ අර වගේ දෙකක් දාලා හෙම්බත් වෙලා එන මිනිස්සු නැත්නම් වාහනේකට වතුර දා ගන්න ඕනේ වෙන අය. කිසිම කෙනෙකුට කරදර කරන්නේ නැතිව වතුර ටිකක් හොයා ගන්න පුළුවන්. අද මම වැඩට ආපු ලංගම බස් එකටත් ඔය වැඩේ වෙලා, කොන්දොස්තර ලීටර් පහේ හිස් බෝතලයක් අරං හැම තැනම දිව්වා වතුර හොයන්න. ඔන්න ඔයා වෙලාවේදී මට අර සිද්ධිය මතකයට ආවා.
පින්තූරය ගත්තේ : doitandhow.com ඇලජික් නෑ. මම කිව්වේ. |
නමුත් කවුරුත් හොයලා බැලුවේ නෑ නේද මේකේ විද්‍යාත්මක පැත්ත. ඇයි එහෙම වතුර බෝතල් දෙකක් තිබ්බම බල්ලෝ එන්නේ නැත්තේ. බල්ලොන්ට වතුර ඇලජික් කමක් නෑනේ. මේ ගැන මාව දැනුවත් කලේ මගෙත් එක්ක එකම දිනයේ බැංකුවට බැඳුණු රියාජ් නමැති සුපිරි ඩයල් එක. මේ දවස් වල අම්පාරේ වැඩ කරන්නේ. අපේ සඳරුගේ පී.සී. එකේ කේස් එක බලවන්නත් මම යැව්වේ රියාජ් ගාවට. මම හිතන්නේ සඳරුට හොයා ගන්න බැරිව තිබ්බ මදර්බෝඩ් කේස් එක හොයලා දුන්නේ රියාජ්. රියාජ් කියන්නේ 1995 දී යන්තම් දැලි රැවුල වැවීගෙන එන වයසේ කොල්ලා. ඉපදිලා තිබ්බේ කල්මුණේ. ඒ ලෙවල් කළෙත් නෑ මම හිතන්නේ, ඒ වුණාට මාර ඉවක් වගේම හොඳ අයි.කිව් එකකුත් තියෙනවා. රියාජ් ආසන්නයේ ඉඳගෙන කවුරුත් පාස්වර්ඩ් එකක් ගහන්නේ නෑ. විනාඩි ගණනකින් ඒ පාස්වර්ඩ් එක කියනවා. බලාගෙන ඉඳලා නෙවෙයි. කනට ඇහෙන සද්දෙන්. අන්න ඒ වගේ සුපිරි චරිතයක්. ගණන්, ප්‍රෝග්‍රෑමින් කප්පිත්තෙක්. කොළඹට එද්දී සිංහල අකුරක් වත් බෑ. කථා කරන්නත් බෑ. මාස ගාණක් යනකොට ඒ සේරම හරි. අපේ සුමිත් කියන්නේ ඌ වචන ටික එක පාරට තියලා ෆුට් බෝලෙකට පයින් ගහනවා වගේ ගහනවා කියලා. කථා කරන්නෙත් ඒ වගේම වේගෙන් (අයි.කිව් වැඩි අය වේගෙන් කතා කරනවා කියන එක මගේ විශ්වාසෙ)
"මචං ඔකේ වෙන්නේ මෙන්න මේකයි. වතුර ෆුල් බෝටල් තියන්න හොඳ නෑ. ටූ තර්ඩ් වගේ තියන්න ඕනේ. මූඩිය තද කරන්නත් හොඳ නෑ. පොඩ්ඩක් බුරුල් කරන්න ඕනේ. එතකොට දවල්ට රස්නේ නිසා එකෙන් පොඩි නොයිස් එකක් එනවා. අපිට ඇහෙන්නේ නැති වුණාට බල්ලොන්ට ඇහෙනවා. රෑට අනිත් පැත්ත, එළියෙන් ඇතුළට එයාර් යනවා. එතකොටත් නොයිස් එකක් එනවා. බල්ලට ඒ නොයිස් එකට ඉන්න බෑ"
මමත් දැකලා තියනවා ඔය බලු වතුර බෝතල් අපේ පැත්තෙත් ගේට්ටු ගානේ තියනවා. මම හිතුවේ වතුර සහිත බෝතලය උත්තල කාචයක් ලෙස ක්‍රියාකරමින් බල්ලට උගේම විකෘති රූපයක් පෙන්නලා බල්ලව බය කරනවා කියලා. අදයි ඇත්ත දැනගත්තේ. බොහොම ස්තුතියි. හැබැයි බොහොමයක් ගෙවල්වල තියෙන්නේ කටටම වතුර පුරවලා කිටි කිටියේ තදකරපු මූඩි සහිත බෝතල්.
ReplyDeleteමේ කියන අදහස පිළි ගන්න පුළුවන් නේද ? වැහි දවසකට ඔය කියන දේ වෙන්න බෑනේ.
Deleteමමත් හිතන් හිටියේ ඔය දේම තමයි
Deleteඅයි තෝට් බෝතලේ ඇතුළෙන් එන ඉමේජ් එකට ඩෝග් බය වෙනවා කියලා සුදීක..
ReplyDeleteහිනා වෙලා පණ ගියා.
Deleteනොයිස් එක නං මන්දා බං , මමත් ඔහොම තියලා බල්ලා එතනම රීලා ගියා , ඊලග දවසේ පුකත් හෝදගන යයි කියලා මම වතුර බෝතල් දෙක විසික්කරලා . බෙට්ටත් උදැල්ලට අරගන විසික්කරලාදැම්මා
ReplyDeleteඉමේජ් එක එන ජාතියේ බෝතලයක් ගන්න අටම් ..
Deleteමෙහෙමයි බල්ලෝ කොයි හැටි වෙතත් පාරේ යන ඩෝපර්ලා ප්‍රයෝජනේ ගනියි. වාහනයකට වතුර පොඩ්ඩක් ඕනේ වුණ කෙනෙක්ට පිහිට වෙයි.
Deleteමෙන්න මේකට ගිහින් බලන්න
Deleteඅපරාදෙ අටමො බෙට්ට විසිකලේ...තියා ගන්න තිබුනෙ...හක හක
Deleteගෙට්ටු ලග වතුර බොතල් තියනවා දැකල තිබුනට ....හරියටම එකෙන් වෙන වැඩේ දැන ගත්තේ අදනේ.... ජය වේවා!
ReplyDeleteබොහෝ දෙනෙක් දන්නෙත් නැතුවම තමයි වැඩේ කරන්නේ. මොනවා වුණත් මේවගෙන් සේවයක් වෙනවා.
Deleteදාපු කමෙන්ට් එක කෝ
ReplyDeleteඔය උඩ තියෙන්නේ.
Deleteමූ බීලා.. මහ රෑ නෙව..
Deleteඅටමා ආයෙත් අමුවෙන්ම නෙලන්න අරංද....
Deleteමම නම් ඉතින් මෙහෙම දෙයක් දැකලා නම් නැහැ.. කෝම වුනත් දැන ගත්ත එක නම් හොදයි..
ReplyDeleteලංකාවේ නම් හැම තැනම.
Deleteමේ වගේ කතාවක් ඇහුවමයි.
ReplyDelete//(අයි.කිව් වැඩි අය වේගෙන් කතා කරනවා කියන එක මගේ විශ්වාසෙ)//
මේක කතාව නම් ඇත්ත වෙන්ට ඇති කියලා හිතෙනවා. මම දන්න මහාචාර්යවරු කීපදෙනෙක්ගේ කතාව ඔය වගේ. :)
මේක ලංකාවේ සොයා ගැනීමක්.
Deleteවිසේසඥ වෛද්‍ය දිල්රුක්ෂි රුබේරු මහත්මියත් හරි වේගෙන් කතා කරන කෙනෙක්.
තමන්ගෙ ගෙදර වාහන ටයර් හතර ලගත් ඔහොම වතුර බෝතල් තියනව ගෙදර බලු නට්ට චු කරන එකෙන් බේරගන්න.
ReplyDeleteජපානේ ?
Deleteහි හි
Deleteජපාන් ගියපු ලංකාවේ කබ්බෝ...
Delete//පොඩි කාලේ මගේ හොඳම මිතුරිය වෙච්ච ලාලනී ගේ ආච්චි.//
ReplyDeleteඒ කියන්නේ සුදීකගෙ හොදම මිතුරිය වෙලා හිටියේ ආච්චි කෙනෙක්.
දැන් ආච්චි කොහොම වෙතත් අම්මා කෙනෙක්.
Deleteරියාජ් මාර ඩයල් එකක් නේද?
ReplyDeleteසත්තකින්ම මට හම්බ වුණු පුදුමාකාර මිනිහෙක්.
Deletemage Wife tiyanna haduwa. ai api vitarda ina ona? un ine kohada? Bottle deka visik kara.
ReplyDeleteමෙන්න කොල්ලෝ.
Deleteඅඩේ මේකා ඇව්ල්ලා.. කලින්ම නිදහස් උනාද වැලිකඩින්...
Deleteමම ඇස් දෙකෙන්ම දැකල තියෙනව කුපාඩි බල්ලො ඒකටත් කකුල උස්සල චූ කරල යනව....
ReplyDeleteබල්ලෝ කියන්නේ නිකන්ද ?
Deleteබල්ලො කෙසේ වෙතත් පූසො නම් පැත්ත පලාතේ එන්නේ නෑ.. අත්දැකීමෙන් කියන්නේ..
ReplyDeleteහැබයි ඉතින් දැන් නම් වතුර බෝතල් තියන එකත් ලේසි වැඩක් නෙමෙයි.. මොකෝ වතුරටත් වටිනාකමක් තියෙනවනේ...
ඒකනේ අර අංකල් චාන්ස් එක ගත්තේ.
Deleteමම නං දන්න තරමට ඕකෙන් වෙන්නෙ බෝතලෙන් උගේම මූන පෙනුනම බල්ලා හැරිල යන එක... මොකද එයාලා මුලින්ම කරන්නෙ ඉව කරලා බලන එකනේ.. මහ රෑට උනත් මූණ ඉස්සරහම ඡායාවක් වගේ එහෙට මෙහෙට වෙනවා දැක්කම බයවෙලා යනවා.. මං ඕක දන්නෙ අපේ ගෙදර ඉස්සරහ තියෙන කණුව නාවන්න හැමදාම එන බලු රැළ පන්නන්න ඔය ක්‍රමේ පාවිච්චි කරපු හින්ද...
ReplyDeleteඔයාලා බෝතලේ මුදිය යකාටවත් ගලවන්න තද කලාට පස්සේ ඉතින් නොයිස් එකක් එන්නේ නැහැනේ ,, හි හි
Deleteමූඩිය තද කිරීම තමයි ප්‍රශ්නේ. එහෙම තද කරනවා නම් අල්පෙනේනේත්තකින් හිලක් විදින්න ඕනේ උඩ හරියේ. බල්ලෝ සාමාන්‍යන් තව බල්ලෙක් දැක්කම පල්ලන් බහින්නේ අඩුවෙන්. අනිත් එක චායාවක් පෙන්නන්න ඕනේ නම් තියන්න ඕනේ කන්නාඩියක්. රෑට එළියක් නැත්නම් චායාව පේන්නෙත් නෑ. ඒ නිසා තර්කානුකූලව රියාජ් කියන එක පිලි ගන්න වෙනවා.
Deleteඉතින් ඕක තමන්ටම කරලා බලන්න පුළුවන්නේ ..
Delete01. බෝතලයක් හාෆ් පුරවන්න ..
02.මූඩියත් හාෆ් ක්ලෝස් කරන්න .
03.ඩෝග් කෙනෙක් ඉන්න තැනකට යන්න බෝතලේ අරන්
04.ඩෝග් ළඟ ඉඳලා බෝතලේ මිරිකන්න
05. නොයිස් කේස් එකක් නම් ඩෝග් අහකටයයි.. එහෙම නැත්නම්
06.බෝතලේ ඇතුළේ ඉන්න ඉමේජ් එක පෙන්නන්න
නොයිස් එකටද යන්නේ , ඉමේජ් එකටද යන්නේ කියලා බලන්න පුළුවන් මන් කියපු ක්‍රමෙන්..
මන් අපේ බල්ලගෙන් ඇහුවා.. ඌ කියනවා නොයිස් එකටලු යන්නෙ.
Deleteහි හි කොළඹ හතේ නෝනා කෙනෙක් වගේනේ සහන් භාෂාව හි හි
Deleteසහන් අපේ රියාජයාට ඔලොක්කු කරනවා නේද ? :)
Deleteපූසංගෙන් බේරෙන්න බැරුව මාත් ඔය වතුර කෙස් එක කොරල තියෙනව හැබැයි උඹ කිව්වා වාගේ වැඩිපුරම පාවිච්චි කලේ කොහේ හරි යනකොට වතුර චෙක් කොරන්ට පාවිච්චි කොරපු එකයි හික්ස් මොකද්ද බං අර ටූ තර්ඩ් කිව්වෙ තුන්කාල කියන එකද
ReplyDeleteපව් බං ඌ මුස්ලිම් වුණාට හොඳ කොල්ලා.
Deleteමාත් හිතාගෙන හිටියෙ ඔය විචාරක, සහන් කියල තියෙනව වගේ බල්ලගෙ රූපෙ බොතලෙන් පේන එකට ඌ බලවෙනව කියලයි. එහෙම වෙන්නනං ඔය ප්ලාස්ටික් බෝතල් හරියන්නෙ නෑ. වීදුරු බෝතලයක් ගන්න ඕන.
ReplyDeleteමේක ඇත්තද කියල ඉතිං බල්ලෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නෙ.
නැත්නම් බල්ලෝ ලඟින් ඇසුරු කරන එකෙක් ගෙන්. මොකද මම නම් බල්ලෝ ඉන්න කිට්ටුවකින් වත් යන්නේ නෑ.
Deleteසුදික ස්තුතියි. මාත් ඒක දැනං හිටියේ නැහැ. සමහර විට මේක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි පාට වතුර බෝතල් තියන එකත් නිකං වතුර බෝතල් තියෙන එකත් අතර වෙනසක් තියේද මන්ද? අපේ ගෙදර නං ඔය මොන බෝතලේ තිබ්බත් බල්ලෝ එන එක නවත්තන්න බැරි උනා නෙව. අයි ලයික් දිස් පෝස්ට් වෙරි මච්
ReplyDeleteඋබ හම්බ වෙන්න එන එවුන්ට බොතල් දෙන එකත් හොද වැඩක් තමයි
Deleteතව පාරක් ට්‍රයි කරන්න මූඩිය පොඩ්ඩක් ලිහිල් කරලා.
Delete//අපේ ගෙදර නං ඔය මොන බෝතලේ තිබ්බත් බල්ලෝ එන එක නවත්තන්න බැරි උනා නෙව//
Deleteඒ සිද්ධිය විස්තර කරන්න ඥාතීත්වය කියන දේ ඕන වෙනව.
මිනිස්සු මන් හිතන්නේ ඔකේ ඇත්ත හේතුව නොදැන තමයි අනිත් අය තියනවට තියන්නේ ,, මුදිය හොදට තද කරනවනේ වතුර හැලෙන නිසා , එකෙන් බල්ලට කිසි බලපෑමක් නැහැ මන් හිතන්නේ එතකොට ,,
ReplyDeleteකරන්නන් වාලේ කරන්න නම් මෙහෙම ජාතියක් නැතිව ඇති.
Deleteඋඩ දාලා තිබ්බ මෙගා බෝතල් කොටස දැක්කම මන් හිතුවේ වෙන දෙයක් ,, මොකද ප්ලාස්ටික් බෝතල් වල ප්‍රමිතිය ගැන ඔය ඉලක්කමෙන් කියවෙන නිසා ,, 1 ඉලක්කම තියෙන බෝතල් වලට වතුර පුරෝ පුරෝ අපි බිවට එය එක් වරක් පාවිච්චියටනේ හදලා තියෙන්නේ
ReplyDeleteඒ ගැන ඊමේල් එකකින් දැනුවත් වුණා. ත්‍රිකෝණය ඇතුලේ තියෙන අංක වලින් කියවෙන දේ. නරකද ඒ ගැන ලිව්වොත්.
Deleteහ්ම්ම් ඔව් අයියේ
Deleteඕක දැකලා තියෙනවා. ඒත් හරි විස්තාරේ දන්නේ නෑ. වැඩේ ඇත්තවෙන්න පුළුවන් .
ReplyDeleteමමත් ඉන්නේ 50-50 තැනක.
Deleteඅපිත් තියලා බැලුවනේ බන්. බල්ලො එන එක අඩු උනා නෙමෙයි වැඩි වුනාද කොහෙද
ReplyDeleteඑහෙම ඉට්ටයි කරන බල්ලෙක්ද දන්නෑ ?
Deleteපින්තාලි තියන එකනම් මචො රොම්බ පිනක්.බොතල් වැඩෙ දැනගෙන හිටියත් අද තමයි හෙතුවක් දැන ගත්තෙ.එකක් නෙමෙයි දෙකක්ම.
ReplyDeleteප්‍රසන්න ඔන්න දේශකය ඉන්නව අහල බලපන්
රොම්බ කිව්වේ දෙමළෙන් නේද ? දන්නවද ලංකාවේ දෙමළ කට්ටිය ඔය වචනේ පාවිච්චි කරන්නේ නෑ. මමත් දැන ගත්තේ ඉන්දියන් කාටූන් එකක් පොඩි එකී බලනකොට. වැඩේ තියෙන්නේ අපේ දෙමළ කට්ටිය ඔය වචනේ දන්නේ නැති එක.
Deleteහෆොයි මේ ලගදී මම ගිය අපාර්ට්මන්ට් එකක 2වෙනි තට්ටුවටත් බල්ලෝ එනවලු... මම අර විචාරකලා වගේ ඉමේජ් කතන්දරේ කියල එයාලගේ ගේ දොරකඩ වතුර බෝතල් ගණනාවක් තියවලා තමයි ආවේ ..... වැඩේ කියන්නේ එතනට වැරදිලාවත් අව්ව වැටෙන්නෙත් නෑ.... ඒ නදිවට බෝතලුත් කට කපලා වතුර පුරවලා ..... දැන් කොමද මේක හරිග්ගස්සන්නේ ???
ReplyDeleteතුනෙන් දෙකක් විතර දාලා, මුඩිය පොඩ්ඩක් ලූස් කරලා බලන්න.
Deleteමටත් හිතෙනවා ඇත්ත වෙන්න ඇති කියලා. ඔය වගේ තව ගොඩක් දේවල් තියනව නේ අපි හේතුව නො දැන සිරිතක් විදිහට කරන. හයෙන් පස්සෙ ගේ අතු ගාලා කුණු එළියට දාන්නෙ නෑ වගේ.
ReplyDeleteඒවනම් පැරණි සිරිත් විරිත් නේ. මෙගා බෝතල් සීන් එකට ආවේ ළඟදී නේ.
Deleteජපානෙ බල්ලො නියමිත තැනට ගිහිල්ල චු කොරල එනව මල්ලො..
ReplyDeleteලංකාවෙ බල්ලො දෙනෝ දාහක් බලන් ඉද්දි ඔයාලගෙ පැත්තෙ හෝටල් පුල් වලට ත් චු කරනවනෙ බොලං..
හොඳම උදාහරණේ කොටුව ස්ටේෂන් එක ඉදිරිපිට තියෙන අනවසර කඩ ඉවත් කරන්න කඩලා තියෙන තැන කකුල් දෙකේ එවුන් චූ කරලා. අපි ඉන්දියාවට හිනා වෙනවා.
Delete@කෙන්ජි ඔයාගේ කථාව මේ බෝතල් කතාවෙන් ඔබ්බට ගිය ලොකු කතාවක් කියලයි මන් හිතන්නේ
DeleteEX: ගණිකා වූර්තිය නීති ගත කිරීම දක්වා හි හි
මම හිතුවෙ හෝද ගන්න වතුර බෝතලයක් තියල කියල බල්ලෝ ලජ්ජාවට ජරා කරන්නෙ නෑ කියල. D
ReplyDeleteබල්ලොත් ටිකක් ආඩම්බර කාරයෝ නේ.
Deleteබොරු බං! ඕව විශ්වාස කරන්න එපා. විද්‍යාවේ නාමයෙන් පතුරවන මිත්‍යාවන් තමයි ඔය. මම දවසක් අහගෙන ඔය ප්‍රතිබිම්බය නිසා සතුන් භයවෙන කතාවක් දොරමඬලාව හරි මොකක් හරි මලදානෙක කියනව. නිරන්තරයෙන් ඇතිවෙන සද්දයක් පරිසරයේ තිබුන කියල සකුන් බයවෙන්නෙ නෑ. එකසැරේටම ඇතිවෙන ශබ්දයකින් විතරයි සතුන් භයවෙන්නෙ.
ReplyDeleteඔය කේස් එක ගැන මාත් ලිව්ව
http://raj1st.blogspot.com/2013/03/blog-post_8.html
මමත් හිටියේ රාජ් කියන මතයේම තමයි. මේ කතා දෙකෙන් සද්දේ තමයි පොඩ්ඩක් හරි විශ්වාස කරන්න පුළුවන්. මම එද්දාස් නමසිය අනු ගණන් වල සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කර ගත්තා. එකෙන් මදුරුවෝ පලවා හරිනවා. කොහොමද කරන්නේ ? පිරිමි මදුරුවා නිකුත් කර සද්දෙට සමාන සද්දයක් පිට කරනවා. එහෙම කරනකොට මදුරුවී ඉන්නේ නැතිලු. හැබැයි 100% සාර්ථක නෑ.
Deleteකොහොමද බං සද්දෙන් කියන්නේ පාස්වර්ඩ් එක? ඒක නම් අදහගන්නත් අමාරුයි.
ReplyDeleteඔය වතුර බෝතල් තියෙන සීන් එක මම වෙන කොහෙවත් දැකලා නෑ. දැක්ක එකම තැන අපේ බ්ලොග් ලියන ගාමිණී සමරකෝන්ගේ ගිරිතලේ කවාර්ටර්ස් එකේ. ඒකේ උදව්වට හිටපු සයිමන් අංකල් ක්වාර්ටර්ස් එක වටේට වතුර බෝතල් තියෙනවා රිලවුන්ගෙන් බේරෙන්න. එදත් මම ඕක දැකලා ඇහුවාම තමයි විස්තරේ කිව්වේ.
අක්කගෙයි උඹේ පුන්‍ය කර්මය නම් හරිම සොඳුරුයි.
උඹ දන්නවද මොබයිල් ෆෝන් එකේ ඉලක්කම් පේලි වලට ආවේනික සවුන්ඩ් තියෙනවා. මේකා එහෙම ටෙක්නික් එකකින් හිතා ගන්නවා වෙන්නත් පුළුවන්.
Deleteඅපේ ගෙදරත් ඔහොම බෝතල් දෙකක් තියලා තියෙනවා..කොහොමින් හරි එයින් පස්සේ බල්ලෝ ඇවිත් ජරා කරන එකනම් අඩුවුනා.., මටත් ගැටලුව තිබුනේ කොහොමද ඒක වෙන්නේ කියලා..දැන්නේ කාරනේ තේරුනේ ..
ReplyDeleteමේකට දැන් රිසර්ච් එක කරන්නම වෙනවා.
Deleteඅපේ ගෙදරත් ඔහොම බෝතල් දෙකක් තියලා තියෙනවා..කොහොමින් හරි එයින් පස්සේ බල්ලෝ ඇවිත් ජරා කරන එකනම් අඩුවුනා.., මටත් ගැටලුව තිබුනේ කොහොමද ඒක වෙන්නේ කියලා..දැන්නේ කාරනේ තේරුනේ ..
ReplyDeleteඅපේ පැත්තෙ ගෙදරක ඉස්සෙල්ලාම මේ වැඩේ කලා...හැමෝම අහුවා මේ බෝතල් තියලා තියෙන්නෙ ඇයි කියලා...හේතුව කිව්වට පස්සෙ ගමටම ලෙඩේ බෝ වුනා...මේ කුපාඩි බල්ලන්ට වෙන වැඩක් නෑ බෙටි ගහන එක ඇරෙන්න...මුන්ට ජංගි ඇන්දුවා නම් මේක පාලනය කරගන්න පුලුවන් ලේසියෙන්...
ReplyDeleteඋන් ගේට්ටු ගාවම මේ කැත වැඩේ කරන්නේ ඇයි කියලා හොයන්න ඕනේ.
Deleteමමත් බෝතල් තියල නං නෑ නමුත් අපේ පලාතෙ හැම තැනම ඔය විදියට වතුර බෝතල් තියල තියෙනව දැකල තියේ.
ReplyDeleteප්‍රතිපලේ කොහොම උනාද නං නොදනිමි.
රාත්‍රී කාලේ ජළ අවශ්‍යතා වලට නම් විසඳුම ලැබුණා.
Deleteබල්ලො යන්නෙ ප්‍රතිබිම්බය දැකලා. ඕනනම් වීදුරු බෝතලයක් බිම තියලා බඩගාගෙන ගිහින් බලන්න. අර මෑන් ගැන කියලා බොන එවුන්ට අපහාස කරන්න එපා. කෝ මේ නලියා...
ReplyDeleteඒ කියන්නේ දැන් හැමෝම වතුර තියන්න ඕනේ.
Deleteනලියා පින්නවල ගිහිං.
Deleteමචං ඔය උඩ රූපය සූර්‍ය් ආලෝකය මගින් දිවා කාලයේ ගොඩනැගිලි ආලෝකවත් කරන ක්‍රමයනේ.
ReplyDeleteහරියටම හරි. උඹ ඉතිං විද්‍යාඥයානේ.
Deleteමේක නම් මම මේ ඇහුවමයි සත්තකින්ම. මේක කව්ද අප්පා හොයාගත්ත එකා. ඉම්පෝටඩ් අයිඩියා එකක්ද?
ReplyDeleteමේකේ විද්‍යාත්මක පැත්ත දන්නේ අදනේ. :)
ReplyDeleteඅපේ ගෙදරත් තැන් කිපයකම ඔය වතුර බෝතල් සෙල්ලම කරල තැන් තැන්වල තියෙනවා. හැබැයි ෆුල් බොටල්ස් දඩාවතේ යන බල්ලොත් එනවා. හෙට ඉඳල අලුත් ක්‍රමේ අත්හදා බලන්න ඕනේ.
ReplyDelete