මගේ මතකයට අනුව ඒ එක්දහස් නවසිය අසූ තුන වසරයි. බෙන්තොට මගේ නිවසට යාබද පාසල් ක්‍රීඩාංගණයේ සෑම සති අන්තයේ දිනකම ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට අප කැමැත්තක් දැක්වූවෙමු. තවත් එක දිනක මා පන්දුවට පහර දෙමින් සිටියදී විදේශික යුවලක් එම ස්ථානයට පැමිණ තරගය නරඹන්නට විය. අප කණ්ඩායමේ කිහිප දෙනෙකුම ඔවුන් කලින් දන්නා බව එළියේ සිදු වන ක්‍රියාවෙන් පැහැදිලි විය. මහින්ද, කුමාර සහ මිල්රෝයි ඒ අය වූහ. එකල මා දවා ගන්නට සමත් පන්දු යවන්නෝ අපගේ ප්‍රදේශයේ නොවීය. ඒ මා නොම්මර එකේ ලෑල්ලෙකු වූ නිසාය. එකල ලකුණු ගැන ඒ හැටි නිනව්වක් නොවීය. නමුත් පිත්තටම ලැබෙන ෆුල් ටොස් පන්දුවක් අපේ නිවසට යාබද නිවසේ පිටුපසට එල්ල කිරීමේ හැකියාව මට ලැබුණේ එල්ලේ ක්‍රීඩා කිරීම නිසා බව අදටත් මගේ විශ්වාසයයි.
අපගේ යාබද නිවස පිටුපස කොටස කුඩා හබරල ගහන කැලෑවක් සහිත මඩ ගොහොරුවකි. මගේ පියාට අනුව අපගේ නිවසේ පිටුපසින් ලන්දේසි ඇළක් තිබී ඇත. දැන් එය ගොඩ වී ඇතත් එහි මඩ ගතිය තවමත් ඇත. ඉතිං මේ ක්‍රීඩාංගණයේ එක් කොටසක් මේ ඇල ගොඩ කල කොටසේ ඇත. එනිසා එහි තිබෙන වන ගහණය කඩොලාන පරිසරයක තිබෙන ගස් සහ පැළෑටි වලින් පිරී ඇත. ලුණුවිල නමැති ජලජ ශාඛයද මේ ආශ්‍රිතව යහමින් තිබුණි. එය ආයුර්වේද බෙහෙත් වට්ටෝරු වලට නැතිවම බැරි ද්‍රව්‍යයකි. වැඩි වශයෙන් හබරල වර්ගද, වෙල් ආතා සහ තවත් නොදත් බොහෝ පැළෑටි වර්ග එහි විය. නමුත් කිසිවෙක් මේ ප්‍රදේශයට පන්දුව ගියහොත් සොයන්නට කැමැත්තක් නොදක්වයි. ඒ මෙය යාබද නිවාසෙහි කුලියට වෙසෙන ජයවර්ධන නමැති පුද්ගලයා සහ ඊට පෙර සිටි බොහෝ අයද තමන්ගේ කුණු වල ලෙස භාවිතා කිරීම නිසාය. මෙයට බෝතල් කටු විසි කර තිබීම මේ භීතිකාවට ප්‍රධාන හේතුව විය. නමුත් වමතින් පහර දෙන කෙනෙක් මෙම ප්‍රදේශයට පහර දුන් විට අපගේ කණ්ඩායමේ සිටින කොලු-කුරුට්ටන් අපූරු වචන දෙකක් කියා කෑ ගසයි. ඒ "ප්‍රීති කැලේ" යනුවෙනි. ඒ භාවිතා කරන ලද උපත් පාලන කොපුද යහමින් එහි වූ නිසාය.
එම තරගයේදී මා ක්‍රීඩා කල අකාරය ගැන පැහැදුණු බ්‍රයන් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා මට ත්‍යාගයක් දෙන්නට පොරොන්දු විය. ඒ ඔහු ඊළඟ වරට පැමිණෙන විටය. මට අවශ්‍ය කුමක්දැයි ඔහු විමසා සිටියේය. එහෙත් එක වරටම මගේ සිතට කිසිවක් නො-ආවේය. මා ඔහුගේ ලිපිනය ඉල්ලා සිටියේ පසුව දන්වා එවන පොරොන්දුවටය. එවිට තම බෑගය හැර ඔහු ලිපිනය සටහන් කරන්නට සුදානම් වන විට, එහි සිටි ඔහු කලින් හඳුනන අය ඉදිරිපත් වී මගේ ලිපිය ඔවුන්ගේ කවරයේම එවන්නට ඉදිරිපත් විය. එයට හේතුව ඔවුන්ව කපා දැමීමට මට හැකි නිසා බව පසුව තේරුම් ගතිමි. අපගේ ප්‍රදේශයේ මෙසේ සංචාරකයන් වෙන් කරගෙන සිටීම සාමන්‍යයකි. එක් සුද්දෙකු හෝ කිහිප දෙනෙකුට ඔවුන් "පාටිය" යනුවෙන් ආමන්ත්‍රණය කරති. මගේ පාටිය, අපේ පාටිය යනුවෙන් එසේ වෙන් කරගත පසු වෙනත් අයට ඔවුන් සමග ගනුදෙනු කිරීමට තහනම්ය. මේවා බෙදා ගන්නට නොහැකිව ඇතිවන රණ්ඩු-සරුවල්ද බහුලව ඇත.
මම කිහිප විටක්ම මගේ සොයුරියත් සමග එකතුව ලියුම් ලියා දුන්නද, ඒවා බ්‍රයන් යුවලට ලැබෙන පාටක් නොවීය. අවසන් වශයෙන් අපගේ නිවස ඉදිරිපිට සිටින මහින්දව අල්ලාගෙන අපේ ලියුමද ඔහුගේ ලියුම සමග යවන ලෙස ඉල්ලා සිටියෙමු. කොහොමත් මහින්දට ඉංග්‍රීසි කියවීම, ලිවීම නොහැකි වූ නිසා ඔවුන්ගේ ලියුම් ලියවා ගන්නේ මුදල් ගෙවමිනි. මෙය අවස්ථාවක් කරගත් අප ඔවුන්ගේ ලියුම් නොමිලයේ ලියා දෙන්නට ඉදිරිපත් වූ විට අපගේ ලියුමද යවන්නට මහින්ද එකඟ විය. අවසානයේ බ්‍රයන් මහතාට පණිවුඩය සන්නිවේදනය කර ගන්නට අපට හැකි විය. ඔහු නැවතත් පැමිණෙන්නේ ඊළඟ වසරේ මැද හරියේ බව දැනගන්නට ලැබිණි. ඒ සඳහා තවත් බොහෝ කාලයක් තිබුණි.
මගේ නැන්දාගේ පුතෙකු වූ විජේසේන අයියා කොළඹ ගිය විට ඔහුගේ මුලකුරු ප්ලාස්ටික් තීරුවක මුද්‍රණය කර තම ඔරලෝසුවේ අලවාගෙන තිබෙනු දැක, "ඒ කුමක්දැයි" ප්‍රශ්න කළවිට කොළඹ ගිය විට එය මුද්‍රණය කරගත් බවත්, ඒ සඳහා රුපියල් විසිපහක් වැනි මුදලක් අය කල බවත් පැවසීය. එය දුටු දිනයේ සිට ඒ පිළිබඳ උනන්දුවක් මා තුළ ඇති විය. ඉතිං බ්‍රයන් මහතාගෙන් මා ඉල්ලා සිටියේ එලෙස ප්ලාස්ටික් මත අකුරු තබන යන්ත්‍රයක් ගෙන එන ලෙසය. බ්‍රයන් මහතා නැවතත් ලංකාවට පැමිණ ඇති බව කණින් කොනින් ආරංචි විය. අනෙක් අය ඔහු හමු වී තමන්ට ගෙනා දේ රැගෙන ආවත්, අපට ඔහු හමු වීමට අවසර දෙමාපියන්ගෙන නොලැබිණ. නැවතත් කුඩා ලිපියක් සකස් කල අප එය මහින්ද අතේ එවන ලෙසත්, ඔහු අවංක පුද්ගලයෙක් බවත් සටහන් කොට මහින්ද අතේ යැවීමු. අපට සවස් කාලයේදී එම ත්‍යාගය සහිත බෑගයද, කුඩා ලිපියක්ද ලැබිණි. අක්කා ලියුම බලන අතර මම පාරසලය දිග හැර බැලුවෙමි.
පින්තූරය ගත්තේ : www.walmart.com |
එහි තිබුණේ හරියටම ඉහළ පින්තූරයේ තිබෙන අකාරයේ යන්ත්‍රයකි. මගේ සතුට ඉහ වහා ගියද එය ක්‍රියාත්මක කරන අකාරයක් ගැන දැනුමක් නොවීය. ඉන්පසු ඒ සමග එන කුඩා අත්පොත බලා එයින් එක ටේප් පටියක් යන්ත්‍රයට ඇතුළත් කර ගත්තේ ප්‍රවේසමිණි. පහළ තිබෙන ලීවරය මිරිකන විට එහි අකුරු මුද්‍රණය විය. උඩ අකුරු සහ අංක තිබෙන රවුම කරකවා අපට අවශ්‍ය අකුර හෝ අංකය නියමිත තැනට ගෙන අකුරු මුද්‍රණය කල හැක. මුලින්ම මගේ සහ අක්කාගේ නම් පාට පාටින් මුද්‍රණය කර ගන්නට අප සමත් වීමු. මල්ලිලා දෙදෙනාට සහ නංගීටද කිහිපයක් මුද්‍රණය කර දුන්නෙමු. කළගුණ සැලකීමක් වශයෙන් මහින්දටද කිහිපයක්ම පාට පාටින් මුද්‍රණය කර දුනිමු. නමුත් මේ හැම වතාවකම එය ක්‍රියාත්මක කළේ මා පමණකි. එය කිසිවකුට අල්ලන්නට අවසර නොදුන්නෙමි.
පින්තූරය ගත්තේ : www.ciao.co.uk |
පින්තූරය ගත්තේ : http://graphicdesigncontextualstudies.blogspot.com |
පින්තූරය ගත්තේ : http://kola.manufacturer.globalsources.com |
වසර මැද වාර විභාගය ළඟ එන බැවින් එය පසෙක තබා පාඩම් කරන ලෙස අම්මා බොහෝ විට කෑ ගැසුවාය. අවසානයේ මමද පංතියේ එක,දෙක,තුන ස්ථානයක් හිමි කර ගැනීමේ අරමුණින් පාඩම් කිරීම ආරම්භ කරන ලද්දේ, සියලු පන්ති වල සිටින හොඳම අය එකතු කර සෑදු පන්තිය නිසා සෑහෙන සටනක් දීමට අවශ්‍ය නිසාය. විභාගය තිබෙන කාලය අතරතුර මා එය පාසලට රැගෙන ගොස් මගේ මිතුරන්ටද ලේබල් මුද්‍රණය කර දුන්නෙමි. එහෙත් සීමිතවය. එහි පටි අවසන් වුවහොත් එම යන්ත්‍රයෙන් පලක් නොවනු ඇත.
දිනක් දිවා විවේකයේ අහාර රැගෙන ආපසු යනවිට අපේ පංතියේ ගුණවීර එය අතට ගෙන යහමින් වැඩය. එවෙලෙහි මට ඇති වූ කේන්තිය කොපමණද කියා දන්නේ මා පමණි. වහාම මා යන්ත්‍රය උදුරා ගත් අතර, අපේ පංතියේ චණ්ඩියා වූ ලොකු රවියා ගුණවීරගේ බෙල්ලෙන් අල්ලා ගන්නා ලදී. ඒ මේ වනවිය සියලු මිතුරු මිතුරියන්ට ලෝබ නැතිව මා ලේබල් ගසා දුන් බැවිනි. නමුත් ලොකු රවියාට තරමක් වැඩියෙනි.
පින්තූරය ගත්තේ : |
ටික කලක් යනවිට මෙය තද කරනවිට, එහි තිබූ තද ස්ප්‍රින් වල හයිය නිසා ප්ලාටික යන්ත්‍ර කරමුලින් කැඩී ගියේය. පසුව කම්බි දෙකකින් තද කර ටේප් ටික අවසන් වනතුරු පාවිච්චි කරන ලද අතර, අන්තීමෙදී මගේ ලට්ට-ලොට්ට පෙට්ටියේ කෙළවරක් එයට උරුම විය.
අද වුනානම් මොනවද ඉල්ලනෙ .එකමද?
ReplyDeleteඔව්. අද වුණත් මම ආසයි.
Deleteඒක තමා සුදීක ක්‍රිකට්වලට මෙච්චර ආසා නේද? හොඳ පිතිකරුවෙක්නේ. අපරාදේ සුද්දාගෙන් ඉල්ලන්ට තිබුනේ හොඳ බැට් එකක්...:D
ReplyDeleteඒක ටෙනිස් බෝල් මැච් එකක්. ඉල්ලුවානම් සුද්දා පහුවදාම ලංකාවෙන් රුපියල් පනහක බැට් එකක් අරං දෙයි.
Deleteඔන්න ඉස්සර මාත් ආසාවෙන් හිටපු බඩුවක්. මට ඔය ජාතියේ එකක් තිබිලා නෑ කවදාවත්. මොකක්ද බං ඕකට කියන නම්?
ReplyDeleteආහ්, මම තවත් ආසාවෙන් හිටපු එකක් තමයි අර 3D View Maser එක. අර රෝදයක ස්ලයිඩ් දෙක ඇස් දෙකට සෙට් වෙන්න එන්නේ ට්‍රිගර් එකකුත් එක්ක.
DYMO Plastic Embosser කියලා තමයි නෙට් එකේ තියෙන්නේ.
Deleteමාර ආසාවක්නෙ තිබිල තියෙන්නෙ.
ReplyDeleteදැක්කනේ. :)
Deleteපොඩිකාලේ ඔහොම තියෙනවා කියන්නේ ඉතින් දන්නා කියන්න ඔක්කොම අතර රජ වෙන්න පුළුවන් කාරණාවක් තමයි..... කතාව කියවල දන්නෙම නැතුව අයෙත් පොඩිකාලේට ගියා.....
ReplyDeleteඔව්. ඔව්. ඒක බලන්නම සෑහෙන කට්ටියක් හිටියා.
Deleteමම නං ඉස්සර ඉදන් ආසයි උඩයන ප්ලේන් එකකට
ReplyDeleteට්‍රයි කලොත් බැරි වෙන එකක් නෑ.
Deleteඒ කියන්නෙ "මැෂින්"නැති කුරුම්බැට්ටි ප්ලේන් ද....?
Deleteමගේ පෑනේ මිතුරියක් හිටියා austria වල.මං ඒකිට ලියලා ඇරියා මට කැමරාවක් එවන්න කියලා.ඒකි ඊට පස්සේ ලියුම් එවන්නේ නැතුව ගියා...
ReplyDeleteඒකි කැමරාවක් එව්වා කියමුකෝ ..ඊට පස්සේ ...?
Deleteස්පෙලින් මිස්ටේක් එකක් වත් වුණාද?
Deleteහැබැයි සමහර සුද්දියො හොඩ වැල දිග අයට, මනි ග්‍රෑම්/වෙස්ටර්න් යුනියන් වලින් දවසෙන් මනි අරං පරක්කු නොකර බැම්බ වලින් අදම ගන්න පැට්යෝ..කියල නම් අහල තියෙනව.
Deleteඅන්තිමට ලට්ට ලොට්ට ගොඩට තමා වැටෙන්නෙ.. ආදරෙන් තියාගෙන ඉන්න සෙල්ලම් බඩු පවා අන්තිමට එතැන..
ReplyDeleteඒ කාලෙ ඕක වටිනා මැෂිමක් වෙන්න ඇති. ටයිප් රයිටර් එකක් වගේම..
මට මතක් වුනෙ අර කඩවල් වල බඩු-මිල ගහන මැෂින් එක..
ඔව් මචං. ඒ කාලේ ටයිප් රයිටර් එකකුත් තිබ්බේ එහෙම තැනක.
Deleteඅර බඩු මිල ගහන එකක් මම ගෙනාව මැලේසියාවෙන්.
පට්ටම පොස්ට් එකෙන් අහුලා ගත්ත "ප්‍රීති කැලේ"
ReplyDeleteනරකම කෑල්ල අහුලා ගත්තා.
Delete>>මගේ පාටිය, අපේ පාටිය යනුවෙන් එසේ වෙන් කරගත පසු වෙනත් අයට ඔවුන් සමග ගනුදෙනු කිරීමට තහනම්ය.<<
ReplyDeleteසුදික ගෙ මේ කොටස සහතික ඇත්ත බව මට කියන්න පුළුවන්.
"මේජර් සර්"චිත්‍රපටය බේරුවල බාබේරියන් රිෆ් හෝටලයේ මසක් පමණ නැවතී රූ ගත කිරීම් කරද්දී සියැසින් දැක්ක,ඔය කියන වගේ කස්ටිය අයිය පාට් දාගෙන කෙල ගන්න හැටි.
සුදික මලය ඇතුළු සියලු දෙනාට ආරාධනාවයි...අද සෑට ගොඩවන්න Buzz එකට,
අසන්න ප්‍රෂ් නලින් පත්තර කාරයාගෙන්.
අද අනිවාර්යයෙන්ම එකතු වෙනවා නලීන් එක්ක.
Deleteඒවගේ සුද්දෝ දැන් එනවා අඩුයි...
ReplyDeleteමේ ගැජට් එක මම දැක්කෙත් අදමයි...මේකෙන් අර පටි වලට නම් මුද්‍රණය කරලා ඇලෙව්වෙ පොත් වලද ?
ReplyDeleteපොත් වල විතරක් නෙවෙයි, ගෙදර දොරවල් වලත් ඇලෙව්වා.
Deleteනියම භාණ්ඩයක් නේ. අද තමයි හැබයි දැන ගත්තේ
ReplyDeleteඅද වගේ තාක්ෂණය දියුණු යුගයක නම් මේක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට මේක ලැබුණු කාලේ මහමෙරක් වගේ තමයි.
Deleteමං ගාවත් දෙක තුනක්ම තිබුනා.. අපේ තාත්තා රට ඉදන් එද්දී ගෙනත් දුන්න ඒවා.. තාම ඇති ගෙදර..
ReplyDeleteමගේ එකට මොනවා වුණාද මන්දා ? නංගිලා මල්ලිලාම තුන් දෙනෙක් නේ.
Deleteමටත් ඒකක් ගන්න ආසාවක් ආවා මේක කියවලා ...
ReplyDeleteදැන් ඕනෑතරම් ආදේශක තියෙනවා. ඉස්සර නම් හරි වටිනවා.
Delete// අන්තීමෙදී මගේ ලට්ට-ලොට්ට පෙට්ටියේ කෙළවරක් එයට උරුම විය. //
ReplyDeleteතාම තියෙනවද ?
හපෝ නෑ.
Deleteනියමයි සුදීක අයියා...
ReplyDeleteමම දන්නෙත් අදයි.... මට කොයින්ද තෑගි හම්බු වෙන්නෙ....
ඇයි එහෙම හිතන්නේ. තෑගී ලැබෙයි.
Deleteඅපිට ඔහොම දානපති සුද්දෝ මුණ ගැහුනේ නැහැනේ..:(
ReplyDeleteමූ එච්චර දානපතියෙක් නෙවෙයි.
Deleteඅදමයි මෙහෙම ගැජට් එකක් දැක්කේ
ReplyDeleteමේක අද යුගයේ එකක් නෙවෙයි.
Deleteඔය ගැජට්ටුව ගැන ඇහැව්වෙත් අද!
ReplyDeleteතව කොච්චර දේවල් ඇත්ද ?
Deleteසුදීක........සුද්දෙක් මට සුද්දියෙක්ව තෑග්ගට දුන්නා දවසකට..මම ගල්කිස්සේ වැඩ කරන කාලේ.....මීට අවුරුදු 30 කලින්.
ReplyDeleteඉතින් ඒ කතාව ලියලා නෑනේ "අවුල් වෙන්නට පෙර "එකේ , ලියන්න බැරි සීන් මුකුත් වුනාද අරූ අයියේ ...?
Deleteමම පොඩි කාලෙ ඉඳන් ආසා කළේ බස් එකේ ටිකට් කඩන මැෂිමට.. :) සුදීක අයියෙ.. ඇත්තමයි
ReplyDeleteඒකත් ඇත්තටම මේ ජාතියේ එකක් නේ.
Deleteඔය ගැජට් එක නම් අයි දැක්කේ එත් ඔය නම ප්‍රින්ට් කරගෙන් තියෙනවා මාත් රුපියල් තිහක් දීලා
ReplyDeleteදැන් එකක් ගෙන්න ගත්ත නම් කීයක් හරි හොයා ගන්න තිබුණා.
Delete