ඊයේ මම දාපු ලක්ෂ දෙකේ තරගයට ගොඩාක් දෙනෙක් ඉදිරිපත් වුණා. තරගයට නම් ටික දෙනයි. ඒ වුනාට සුබ පතන්න නම් බොහොම දෙනෙක් හිටියා. හැමෝටම වැඩේ මිස් වෙලා කෙස් ගහෙන්. හැබැයි මේක දැකලා මුලින්ම කමෙන්ට් කලේ ඩ්‍රැකී (මේ නම ටයිප් කරන එක හරිම අමාරු වැඩක්). හැබැයි ජයග්‍රහණය දෙන්න පුලුවන්ද ? නමුත් බොහොම දක්ෂ විදියට එක්කෙනෙක් ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් අරං එවුවා. නමුත් ඒක ගැන මට හරි විශ්වාසයක් නෑ. මම ඒ අවස්ථාවත් කියවන පාඨකයන්ට දෙනවා කවුද හරි කියලා තෝරන්න. මම හිතන්නේ මිනිහා කොම්පියුටර් ජිල්මාට් එකක් කොරලා වගේ. මට ඕවා විශ්ලේෂණය කරන්න වැඩි දැනුමක් නැති නිසයි මම ඔබට මේ අවස්ථාවත් දෙන්නේ.
හොඳයි මම පින්තූර දෙකක් දානාවා මේ දෙකෙන් එකක් මම ගත්ත එක, අනිත් එක අපේ ඩුඩා නොහොත් හෙන්රි ජයවර්ධන එවපු එක. දැන් ඔයාලා තීරණය කරන්න ඕනේ මේ දෙකම ෆොටෝ ෂොප්ද ? මගේ එක ෆොටෝ ෂොප්ද ? හෙන්රියාගේ එක ෆොටෝ ෂොප්ද ? නැතිනම මගේ එක හරි හෙන්රියාගේ එක හරි නියම ඒවාද ? නැත්නම් දෙකම නියම ඒවාද ? කියලා. මෙන්න ෆොටෝ දෙක.
හෙන්රි ඩූඩ් දාපු එක |
මම ගත්ත එක |
මේකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක පොඩි ආතල් එකක් ආවා. ඔන්න ඔය ෆොටෝ ෂොප් එක්ස්පර්ට්ලාට වැඩක්. පුලුවන්නම් හොයන්න කවුද හරි කියලා.
ලක්ෂ දෙක මේ විදියට බෙදා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. සමාගමක ඉන්නවනේ කැපිටල් ෂෙයා හෝල්ඩර්ස්ලයි ඔර්ඩිනරි ෂෙයා හෝල්ඩර්ස්ලයි කියලා ජාති දෙකක්. ඉතිං මම හිතුවා මේක ෆලෝ කරන අයව කැපිටල් විදියට සලකන්න. මේකෙන් 50% ක් කැපිටල් කට්ටිය අතර බෙදා දෙන්න හිතුවා. ඒ අතරින් ඊයේ කමෙන්ට් කරපු අයට 10%ක් වැඩියෙන් දෙන්න. අනිත් ටික එදිනෙදා යන අය අතරේ බෙදන්න. හැබැයි මේ විදියට ජොයින් වෙච්ච දවසේ ඉඳලා අද දවස දක්වා දවස් ගණනින් බෙදලා (365+296=661).
එතකොට මෙහෙමයි ඊයේ ෆලෝ කරපු කෙනෙකුට ලැබෙන විදිය (100000/661=151. ඒ ගණන සාමාජිකයින් 268 න් බෙදනවා එතකොට 0.56 දවස් ගණන එක නිසා එයාට 0.56 දවස් සීයක් හිටිය කෙනෙකුට 56යි. තේරුනා නේ ක්‍රමය.ඊයේ කමෙන්ට් කරපු කෙනෙක්ට නම් 61යි.)
ඉතිං මේකට විසඳුම ලැබෙන කං කවුරුවත් ගැන පොස්ට් එකක් ලියන්න ලැබෙන්නේ නෑ.
___________________________________________
සංජීව මෙන්ඩිස් මේ දවස් වල නැති එක ගැන කණගාටුයි.
පින්තූර දෙකම ඇත්ත කියල තමයි පෙන්නේ ෆොටෝෂොප් කියල කියන්න බැහැ
ReplyDeleteඅපි මෙතැනදී පරීක්ෂා කරන්නේ ෆොටෝෂොප් දැනුම නෙවේ, සාමාන්‍ය දැනීම.
Deleteමම ෆලෝ කරන්නේ කවදා ඉඳන්ද කියලා කොහොමද හොයාගන්නේ?
ReplyDeleteතමන්ගේ මතකය තමයි මේකට හරි යන්නේ.
Delete?
ReplyDeleteඊයේ පොස්ට් එක බලන්න.
Deleteමන් හොරට එකක් එඩිට් කළා 200000 දාලා එවුවේ නැහැ හි හි
ReplyDeleteඒ කියන්නේ ඔයාට ස්මාර්ට් උත්තරයක් දීලා බලන්න හිතුනේ නෑ.
Deleteමට පේන්නෙ දෙකම පොටෝ ෂොප් වගෙයි.
ReplyDeleteහරියටම කියන්න පුලුවන්ද ?
Deleteඅර ගණන් ගැන කියලා පිස්සු හැදුනා වගේ උණා
ReplyDeleteඒක නම් සහතික ඇත්ත මට තාමත් කොයිල් වගේ
Deleteඅපොයි මේ දෙන්නා බොරු කරන හැටි. මම දීපු අර අමාරු ගණිත ගැටලුව විසඳූ කෙනෙක් බ්ලැක් පුමා.
Deleteමට කරකැවිල්ල වගේ ගණං හිලව් දැකලා. සුදීක හොදා රටේ රතු පෙට්ටිය නොවැම්බර මාසේ අරන් යන්න. ඇයි ඉතිං ඉලක්කං විතර නේ. මක්කවත් නෑ.. හැක්.. කොහොම උණත් ඉතිං පොඩි ආතල් එකක් තිබ්බා. අටමගේ දෙකට මොකද කරන්නේ.
ReplyDeleteඒක තමා මේකෙන් මාර ආතල් එකක් ආවා. දේශා ඔන්න බොරු කරනවා. මේකේ තියෙන්නේ සරල අංක ගණිතය.
Deleteමාත් කැපිටල් එක්කෙනෙක්.
ReplyDeleteමෙහෙම බෙදුවොත් වැඩිම අදායමක් ලබන දෙතුන් දෙනාගෙන් කෙනෙක්. රාජ් මගේ බ්ලොග් එක මුල ඉඳලා ෆලෝ කරලා, මුල ඉඳන් කියවපු කීප දෙනා අතරින් කෙනෙක්.
Deleteවුඩ ගෙ එකනම් අමු බොරු.මොකද මැලෙ ගෙ කමෙන්ට් එක තියෙනව දෙකයි විස්සයි කියල.එක දැම්මට පස්සෙ නෙ මෙක අරන් තියෙන්නෙ.එක බොරු එකෙන්ම.අනික ගැන කියන්න තුරතුරු මටනම් මදි.
ReplyDeleteමෙන්න මේ වගේ අයට මම කැමතියි. පහුගිය පොස්ට් එකේ හිට් කවුන්ටරේ තියෙන තැන බැලුවොත් ඕනෑම කෙනෙකුට දමිත් කියන දේ තේරෙනවා.
Deleteහෙහ් හෙහ් හේ. මම ඊයේ එනකොට එක කමෙන්ට් එකක්වත් පබ්ලිෂ් කරලා තිබුනේ නෑ 200002 යි. ඒක මම ඊයෙම කමෙන්ට් කරලත් ඇති. ඔය දාල තියෙන 200000 ස්ක්‍රීන් ෂොට් එක පැත්තෙන් කමෙන්ට් පෙන්නම තියෙනවා. ජිල් මාට් නේන්නම්
ReplyDeleteහෙක් හෙක් .. මේ ඉන්නේ දිනුම නුලෙන් මිස් වුණ අය. ඔන්න රෙපාට තේරුනා කාරණේ.
Deleteඅම්මටසිරි මෙයාගේ ගණන් හැදිල්ල බලපන්කො බන්සලා....
ReplyDeleteසුදික ඔයාගේ ඔලුවේ main processor එක Chinese ද ??
නැත්නම් මුළු සිස්ටම් එකම Chinese software එකකින්ද වැඩ කරන්නේ ??
චයිනීස් කියන්නේ බාලයි කියන ඒකද ?
Deleteසම්පුර්න ලාභ හා ප්‍රතිලාභ අයිතිකාරයාට විතරක් කියන එක
Deleteඋඹලට කියන්න ඔය හිට් කවුන්ටරේ ඊයෙ දවසෙම හොයලත් මට හොයා ගන්න බැරි වුනානෙ.. ඕන් දැන් තමා පේන්නෙ... :D
ReplyDeleteකාලයක් බ්ලොග් වලින් ඈත් වෙලා හිටි නිසා වෙන්න ඕනේ.
Deleteකොහොමත් ඉතින් මුල්‍ය ආයතන කරන්නෙ පාරිභෝගිකයාට ලොකුවට ඉලක්කම් පෙන්නල මුලා කිරීම නෙ.
ReplyDeleteසුදික මලයත් ඉතිං දැන් බැංකුවෙ සෑහෙන කලක් නොවැ නේද..?
ඔව් ඔව්. :)
Deleteතෑග්ගට බෝතලයක් වත් දෙනවා කිව්ව නම් මත් ට්‍රයි කරනවා !
ReplyDeleteඅනේ මෙයාගේ බීම.
Deleteසුදික මල්ලි,විදේශීය රටවල ඉගෙනුම ලබන දරුවනට,ලංකාවට නොපැමිණ සේවින්ග්ස් එකවුන්ට් එකක් ඕපන් කල හැකිද?
ReplyDeleteNRFC හැකි බව දන්නා අය සිටියද,හුගක් අයට ඉහත ප්‍රශ්නය ඇත.
කරුණාකර පිළිතුරක් ලබා දෙන්න.
මං මැදින් පැන්නා කියලා හිතන්නෙපා.කෙන්ජි අහන්නේ 18 ට වැඩි අය ගැනනම් ...ඔව්..ඔවුනට Nrfc එකවුන්ට් එකක් ඕපන් කරන්න පුළුවන් ලංකාවට නොපැමිණ.අවශ්‍යවන්නේ internet එකෙන් අවශ්‍ය පෝරමය download කරගෙන පුරවා passport පිටපතක් සමග තමන් ගිණුම ආරම්බ කිරීමට බලාපොරොත්තුවන බැංකු ශාකාවට එවීම පමණයි.බාලවයස් දරුවෙකුට වුනත් nrfc ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්.ඒ සදහා භාරකරුගේ passport පිටපතක් අවශ්‍ය වෙනවා.
Deleteවිදේශගතව සිටින පුද්ගලයෙකුට තමන්ට හෝ තමන්ගේ බාලවයස් දරුවෙකුට ලංකා රුපියල් වලින් ගිණුමක් ආරම්භ කරන්න අවශ්‍යනම් තමන් සිටින රටේ රැදීසිටින ලංකාවේ බැංකුවේ සිටින නියෝජිතයකු [representive] මගින් අදාළ කටයුත්ත කරගැනීමට පුළුවන්.
සොයා බලා හෙට මේල් එකක් එවන්නම්.
Deleteපොඩ්ඩත් වත් නෑ හසරැල්. ඔයාට ඒකට රාජකාරිමය අයිතියක් තියෙනවා. මම නොදන්නා දෙයක් නිසා උත්තර දෙන්න ගියේ නෑ. මම උත්තර දුන්න නම් OCS එකෙන් අහලා තමයි කියන්න වෙන්නේ. උඹ මෙතන මට ලොකු උදව්වක් කලේ.
Deleteදෙදෙනාටම තුති.
DeleteNRFC ගැන නොවේ මගෙ ප්‍රෂ්.
"පිටරට ඉගෙනගන්න 18 ට වැඩි දරුවන්ට ලංකා සුපියල් වලින් සේවින්ග්ස් එකවුන්ට් එකක්.ඉංගිරිස් වලින් ඉතිරි කිරීමෙ ගිණුමක්" ගැනයි මා විමසුවෙ.
පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
ජපානයේ සිටින ලංකාවේ බැංකුවක representative කෙනෙක් මාර්ගයෙන් ඔය කටයුත්ත කරගන්න පුළුවන්.හැබැයි ඒ දරුවට ලංකාවේ පුරවැසි භාවය තිබිය යුතුයි.
Deleteවිදේශ රටක ඉන්න වැඩිහිටියෙක්ට පුළුවන් නේද ,, ලංකා බැංකුවේ නම් තියෙනවා RKFC කියලා
ReplyDeletee-මේල් inttrade@boc.lk
call center +94 112204444
රොෂාන් මල්ලි මේ ගැන මොනවත් දන්නවද ?
Deleteස්තුතියි අපුර්වී.
Deleteමට උවමනා "ඉතිරි කිරීමේ ගිණුමක්"ලංකා රුපියල් වලින් ඕපන් කල හැකිද කියා.
අනේ මම නං අහිංසකයා බව උඹලා කවුරුත් දන්නවනේ. සුදීකයගේ එක වෙන්න ඇති හොර එක. උඹලා නිකං හිතාපල්ලා බැංකුවක වැඩ කරන එකාද ඉස්කෝලෙක වැඩ කරන එකාද ලොකුම හොරා වෙන්න පුලුවන් කියලා. :D
ReplyDeleteඒක නෙවෙයි බං. උඹ දැනටම මම ගැන පෝස්ට් එකක් ලියලනේ. තැන්කූ වේවා.
එහෙනං උඹ ගැන ලිව්වා කියලා හිතා ගනින්කෝ.
Deleteඅනේ හෙන්රි අහිංසකයි බන් ... බොරුනම් ඇවිත් බලපන්කො අපේ පැත්තේ
Deleteලක්ෂ දෙකට සුභ පැතුම්.....
ReplyDeleteෆොටෝ ෂොප් එක්ස්පර්ට් නම් ඒ කරන වැඩ හොයන්න බෑ...ඔය අංක එහෙට මෙහෙට කරන එක මටත් සුලු දෙයක්...
මමත් ලක්ෂ එක හමාරට ආසන්න වෙලා දැන් ඉන්නෙ...
බොහොම ස්තුතියි සිරා මලයා.
Deleteඑහෙමද ? මම කියන්නේ නිකං බලලා වුණත් මේක හොයා ගන්න පුවන්. සිරාට ඉක්මනින් ලක්ෂ දෙකට ලඟා වෙන්න පුළුවන්.
මම ලොකුකමකටම කියනවා නෙමෙයි අයියෙ...නොලියපු මාස කීපයත් ලිව්වා නම් ඔයා එක්කම දෙක සමරන්න තිබුනා...
DeleteGedarinut mawa ayin karala. ikamanta enawa "Suba aranchiyak" samaga.
ReplyDeleteJayawewa.
හපොයි. ආරංචිය සුබ වෙනවා නම් හොඳයි.
Deletedanta labana sulu welawa "awidda-paya" ta godawemai. ikmanta anit ewath enawa. etakan podi samwak dena.
ReplyDeleteබොහොම ස්තුතියි මලේ. මම දන්නවා ඔයාගේ රාජකාරි බහුල තත්වේ.
Deleteමොකක්ද මෙන්ඩිය බොට තාම සිංගලෙන් කොටන්න අමාරුව මොකක්ද ...?
ReplyDeleteපිහිට වන්න ගිලන් රථ හමුදාව සුදානමින් ඉන්නව.
නොදන්නා දෙයක් කියපන් බොල අපේ බොක්කෙ එවුවන්ට මල පන්නන්නෙ නැතිව :) .....
//පිහිට වන්න ගිලන් රථ හමුදාව සුදානමින් ඉන්නව.//
Deleteනැතිව. බොක්කෙන්ම.
aniwa..danawa oyala bokke yaluwo kiyala..tika dawasak dennako.
Deleteඅපටත් රුපියලක් හරි ලැබෙයි ද? :D
ReplyDeletePhotoshop නෙමෙයි වගේ ඒත් JavaScript එකක් දාලා edit කෙරුවද කියලානම් දන්නෙ නැ. Web Browser වල තියන ඒවා එහෙම වෙනස් කරන්න පුලුවන්,
ReplyDeleteපුලුවන් නම් කියන්නකො බලන්න මේක Photoshop ද කියලා..
Deleteමෙතනින් යන්න.
මචන් තරඟ වැදීම සඳහා යහපත් මානසිකත්වයකින් පසු නොවෙමි. මීළඟ තරඟ වාරයට සභාගී වෙමි...
ReplyDeleteහෙන්රි ඩූඩ් දාපු එක ඇත්ත, ඔයා ගත්ත එක Photoshop.
ReplyDeleteමගේ එකද Photoshop කිව්වෙ..
Deleteහෙන්රි ඩූඩ් දාපු එක ඇත්ත, ඔයා දාපු එක Photoshop
ReplyDelete