ඇවිද්ද පය ඔස්සේ මා මේ තරම් කාලයක් විවිධ මාතෘකා ඔස්සේ කථා කොට තිබෙනවා. නමුත් මෙවර මා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ සහමුලින්ම වෙනස් ආකාරයේ සටහනක්. මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, තිබෙන පාරක්. මෙහි නගරය මා රහසක් වශයෙන් තබා ගන්නේ ඔබට කල්පනා කිරීමට යමක් සපයන්න. පුළුවන් නම් උත්සාහ කරන්න මේ මාර්ගය හඳුනා ගන්න. අද කාලයේ කාපට් හෝ කොන්ක්‍රීට් නොදැමූ පාරක් හොයා ගැනීම් ඉතා අපහසු කාර්යයක්. නමුත් මේ විරල ගනයේ පාර බහුතරයකගේ ඇස නොගැටුණ, අදටත් ග්‍රාම්‍ය මෙන්ම ස්වාභාවික පරිසරයක් පෙන්නුම් කරන එකක්. මාගේ කාර්යාලය වෙනස් වීමෙන් පසු සති අන්තයේ නිවසේ සිට කාර්යාලය දක්වා පයින් ගමන් කිරීම එක් අතකින් විනෝදාංශයක් තවත් අතකින් හොඳ ශාරීරික ව්‍යායාමයක් බවට පත් වී තිබෙනවා.
 |
1 |
මෙහි ආරම්භය අසලම නවීන ක්‍රීඩාංගනයක් තිබෙනවා. නමුත් ඉරිදා දින උදෑසන කිසිවකු එහි ක්‍රීඩා කරනු දක්නට නොලැබීම කනගාටුවට කරුණක්.
 |
2 |
මෙහි මාර්ගය හොදටම අබලන්. එහෙම නොවුනා නම් තවමත් ජනාකීර්ණ නොවූ මේ මාවත නාගරීකරණයේ ගොදුරක් වන්නට ඉඩ තිබුණා.
 |
3 |
මෙවැනි දසුනක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශයක දකින්නට ලැබීම සතුටක්. මේ ක්‍රීඩාංගනයේ තවත් පින්තූරයක්. ඇවිදින ගමන් මොහොතක් නැවතී ජංගම දුරකථනය මගින් ගත්තේ.
 |
4 |
කැලෑවේ පිට්ටනි හදන්නේ මොකටද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් කොළඹ නගරයේ හොඳ හුස්මක් අරන් ක්‍රීඩා කරන්න පුළුවන් එකම තැන මෙතැන කියා මා භය නැතිව ප්‍රකාශ කරනවා.
 |
5 |
දිවා-රාත්‍රී තරගයකට වුවත් මෙය සුදානම්.
 |
6 |
ඉන් පස්සේ හමු වෙන්නේ මෙන්න මේ මුඩු බිම් තීරය. තවමත් මේවා එතරම් ජනාකීර්ණ වී නෑ..
 |
7 |
මේ වාහන දෙකේ ආ අය අපූරු වැඩකට අර අඳිමින් ඉන්නකොට තමයි මම එතැන පහු කලේ. ඔය ප්‍රියස් එකට දකුණින් තියෙන්නේ දුරස්ථ පාළනයෙන් ක්‍රියා කරන සැහැල්ලු ගුවන් යානයක්.
 |
8 |
මේ මුඩු බිම තව අවුරුදු කිහිපයකින් දකින්න ලැබේද ? කියන සැකය මෙතනින් යන හැම වෙලාවකම මගේ සිතේ ඇති වන ගැටළුවක්.
 |
9 |
බොහොම සශ්‍රීක ප්‍රදේශයක්. ඇත්තටම මෙය තෙත් පහත් බිමක්. එනිසා අවට උස් බිම් වල තියෙන සාරය වැසි දිනවල මේ ප්‍රදේශයට ගලා එනවා.
 |
10 |
මේ අම්මා සහ දියණියත් අපූරු වැඩක යෙදිලා ඉන්නවා. දියණිය යගුලිය විසි කිරීමට පුහුණු වෙනවා. මව අනෙක් පස හිඳ ඇයට එය ආපසු යවනවා.
 |
11 |
මගේ දුරකථනයෙන් ගන්න පුළුවන් උපරිම සමීප දසුන. ඇයට ජය අත්වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. කුඩා කාලේ පාන්දර කරපු පුහුණුවීමක් මතකෙට ආවා. ඒ ගැන පස්සේ සටහනක් තබන්නම්.
 |
12 |
ක්‍රමයෙන් ඈත වී යන අපළමා කාලයේ බැලූ බැලූ ඇත තිබුණු කුඩා ශාඛ තවමත් මෙහි දකින්නට ලැබීම සතුටක්.
 |
13 |
මෙය වැල්ලවායේ හෝ වැලිකන්ද ප්‍රදේශයේ දසුනක් නොවන බව මම යලිත් ඔබට මතක් කරමි.
 |
14 |
මේ නිවහනට තිබෙන එකම බාධාවත් මේ මාර්ගයේ දුෂ්කරතාව නමුත් එය එසේ පැවතීම ඔවුනට දිවා රාත්‍රී නිස්කලංක භාවය ආරක්ෂා කිරීමට ඉවහල් වෙනවා.
 |
15 |
මට හිතෙන්නේ මේක නොගැලපෙන අංග දෙකක් කියලා.
 |
16 |
පසෙකින් තිබෙන නදිය මත ලා හිරුරැස් වැද එක් කරන දිලිසුම දෑස් නිලංකාර කලද, දෙසවනට ලැබෙන නිහඩ බව ඇති කරන්නේ ප්‍රබෝධයක්.
 |
17 |
අයියෝ ! මේක ගැස්සුනා නේ. මේ වගේ දිය කඩිත්තක් මම රිවර්ස්ටන් ප්‍රදේශයේදී දුටුවා මතකයි.
 |
18 |
හුදෙකලාව විටෙක ඔබට ලබා ගත හැකි හොඳම ඔසුවයි.
 |
19 |
මේ පුරාවිද්‍යා සංරක්ෂිත ප්‍රදේශයක්.
 |
20 |
මම වැඩි විස්තරයක් කරන්නේ නෑ. ඔබම හිතන්න.
 |
21 |
මෙය මගේ මතකය එකවර ශ්‍රී ලංකාවේ ඈත දුෂ්කර එහෙත් සොඳුරු පරිසර පද්දති ඇති ප්‍රදේශ වෙත ගෙන යනවා.
 |
22 |
කොළඹ ... කොළඹ ... කොළඹ .....
 |
23 |
ඔන් ද ගෝ ගන්න ගියාම මෙහෙමත් වෙනවා.
 |
24 |
දෑසට ප්‍රිය දසුන්.
 |
25 |
මේ මීදුමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මං වගේ ආධුනික කැමරා ශිල්පියෙකුට වෙන දේවල් තමයි ඔය.
 |
26 |
මේ බලන්න ඉර එලියට වලවල් හෑරිලා.
 |
27 |
තවමත් නොනැසී පවතින ජලජ ශාඛ.
 |
28 |
නා ගස. ඇත්තටම පුරාණ කවියන් තොල්පෙති නා දළු වලට සම කල කාරණය වැටහෙනවා නේ.
 |
29 |
ප්‍රදේශයටම ගැලපෙන විහාරය.
 |
30 |
නා ගස. තවත් කෝණයකින්.
 |
31 |
විහාරයට වෙලාවක යන්න ඕනේ. මේ මාවතේ මැදට වන්නට තිබෙන පන්සල.
 |
32 |
මේවාත් දුලබ දසුන්. ඒ කියන්නේ සුලබ නෑ කියන එක.
 |
33 |
මානෙල් මල් නැතත්.
 |
34 |
කාටද පුළුවන් මේ ගස් වර්ගය මොනවද කියලා.
 |
35 |
මේ වගේ තැනක දවසම වුණත් ඉන්න පුළුවන්.
 |
36 |
මේ මල් සුවඳ ගැන අපේ බ්ලොග් ලියන විද්වත්තු නිතරම සාකඡ්චා කරනවා.
 |
37 |
ආරණ්‍ය සේනාසනයක සිරි සිහි ගන්වන දසුනක්.
 |
38 |
යාල විල්පත්තු ගියා වගේ.
 |
39 |
වලවල් වලින් තොර මීටර් සීයක් තිබුණා නම් ඒ අනිත් අන්තයේ.
 |
40 |
මෑතක ගොඩනගන ලද පන්සලක්.
 |
41 |
සාමාන්‍යයෙන් මේ වගේ තැන් වල කිඹුල්ලු ගැවසෙනවා. මේ වෙල් ආතා ලීයා වෙස්මූණු කර්මාන්තයට යොදා ගන්නවා. අපේ ගමේ තිබුණා නම් ඔක්කොම ගරා මූණු.
 |
42 |
ඈතින් පෙනෙන ගොඩනැගිල්ල හඳුනාගන්න පුලුවන්ද ?
 |
43 |
මෙහෙම දැක්කත් එක පාරට මතකයට එනවද ?
 |
44 |
මේ උදෑසන හතයි හතලිහට විතර. නාන්න ඇත්නම් කියලා හිතුනා.
 |
45 |
අබලන් මාවතේ කෙලවර දහම්පාසල කරා තම දියණිය කැඳවාගෙන යන පියෙක්.
 |
46 |
වටකෙයියාද ? දුනුකෙයියාද ?
 |
47 |
බොහෝ කාලයක් මම මේ ස්ථානය පසුකර ගොස් තිබෙනවා. ඒ සෑම දිනකම මේ උණ ලී වැට මා ප්‍රිය කල දසුනක්.
 |
48 |
මේ වගේ තැනක් තම වාසහබවනට තෝරා ගත්ත කෙනා එක් අතකින් පොහොසතෙක් විය යුතුයි. අනිත් අතින් වාසනාවන්ත විය යුතුයි.
 |
49 |
මේ වගේ තැනක් කලින් දැක තිබෙනවාද කියා මොහොතක් කල්පනා කර බලන්න.
 |
50 |
මේ කොරක් මහතා/මිය විතරයි මගේ ඡායාරුපය සරසන්න ඉදිරිපත් වුණේ. එතුමාට/එතුමියට මගේ ප්‍රණාමය. තවත් බොහෝ දෙනෙක් ඒ අවස්තාව මග හා පලා ගියා. සමහරවිට බ්ලොග් ෆේස්බුක් වල නැතිව ඇති.
 |
51 |
නවීන පන්සල වෙනත් පැත්තකින්.
 |
52 |
මෙතන පොඩි ලොවි බංකුවක් අටවා ගත්තනම් ?
 |
53 |
මේ ගස් අස්සෙන් කම්බි යනකොට ස්වාභාවික ගතිය නැති වෙනවා.
 |
54 |
අලුතෙන් ඉදි වූ ගොඩනැගිලි.
 |
55 |
මට මේ බෝට්ටුවට නම් හරිම ආසා හිතුණා. ගෙදර කවුරුත් නැති නිසා භය නැතිවම ෆොටෝ ගත්තා.
 |
56 |
බෙහෙත් ශාලාවක්. කවුරුත් ඉන්න/හිටිය පාටක් නම් නෑ.
 |
57 |
පාරේ මේ හරිය නම් කාපට් කරලා. හැබැයි එහෙම වුණාම ගමන වේගවත් වෙනවා. යන වාහන ප්‍රමාණය වැඩි වෙනවා. අපි වගේ ඇවිද්ද පය අගයන අයට කරදරයි.
 |
58 |
තොටුපල අයිනේ .... කවුද අත වන්නේ....
 |
59 |
වම් පැත්තට තියෙන හරස් පාර.
 |
60 |
මම හරි ආසයි මේ වතුරේ පා වෙන ජලජ ශාඛ වලට.
 |
61 |
දැන් නම් එළිමහනට ලඟයි.
 |
62 |
නාගරීකරණය පේන මානයේ.
 |
63 |
පුෂ්ටිමත් කබරගොයෙක්.
 |
64 |
දැන් නිකං ලාවට වගේ මීටර් වුනාද ?
 |
65 |
අපි වගේ දෙපා වාරුවෙන් යන අයගේ පහසුවට මේවත් තියෙනවා.
 |
66 |
කොහොමද තැන. පැදුරක් දාගෙන නිදා ගන්න වගේ ?
 |
67 |
ටිකක් දුර ගියාම මෙන්න මෙතන. බොහොම ජනාකීර්ණ තැනක්.
එහෙනං හොයා ගත්ත කට්ටිය පිළිතුරු දාන්න. පාරේ නමයි, තව මං සලකුණු කිහිපයකුයි තියෙන ෆොටෝ ටිකක් පසුවට.
මටනම් මේක දැකල නිකන් පිස්සු බම්ප් වෙනවා වගේ ලංකාවට අවුරුදු 7කින් ආවේ නැ
ReplyDeleteඑහෙනං දැන් SL කෑල්ල හලන්න වෙයි.
Deleteමෙක තියෙන්නේ පාර්ලිමෙන්තු පාරේ යකොට අර විදුලි බල මන්ඩලේ බිල්ඩිම ගාවින් අස්සට යන පාර නේව රාජගිරිය පැත්තේ ඉඳල් එනකොට දකිනු පැත්තේ පිරිවෙන හම්බෙනව නේව ඉට ටිකකට ඉස්සරහින් දකුනට නේද
ReplyDeleteහරියට හරි රාජ්.
Deleteපිටකෝට්ටේ බැද්දෙගාන සිට බත්තරමුල්ලෙ පාර්ලිමේන්තු වට රවුමට ඇති විකල්ප මාර්ගය. නම අමතකයි.
ReplyDeleteඔය පාර්ලිමේන්තු වට රවුමට අලුතින් කියන්නේ "බ්‍රෙසියර් හ0දිය" කියල. දියත උයනේ ඇති සුදු පාට වහලවල් බලන්න මොනවද මතක් වෙන්නෙ කියල.
හරියටම හරි දොස්තර ඇල්බන්.
Deleteමාත් දානව මේ වගේ පෝස්ටුවක්.
ReplyDeleteදාමු මචං රට ලෝකේ ගැන ඉගෙන ගන්න මං හරි ආසයි.
Deleteme Battaramulle, Japan Mithrathwa mawathada? Naththnum Ara waters edge eka laginma yana parada? Japan mithrathwa mawatha nowennath puluwan.. Rakiya sthanayth Guess karaganna puluwani he heeee.. mamath oya kittuwa :)
ReplyDeleteGangawe Geethaya
ජපන් මිත්‍රත්ව මාවතේ ෆොටෝ ටිකකුත් දාන්නම්. හිතාගන්න බැරිවෙයි දැක්කොත්.
DeleteMeka Nipon Mawatha he he Mata Parawal deke nam deka patalila :)
Deleteමේ නම පාලම ලඟින් යනකොට ගහල තියෙන එක.
Deleteමේ බත්තරමුල්ලෙ ජපන් මිත්‍රත්ව මාවතනේද?
ReplyDeleteඔය දියවන්නා ඔය . ඒ කොරවක්කෙක් නෙවේ නෙද? දිය කුකුළාද මන්දා උගේ නම. උන් මේ පැත්තෙ හරියට ඉන්නවා.
නම හරියටම විශ්වාස නෑ.
ඈතින් පේන ගොඩනැගිල්ල සෙත්සිරිපාය නේද?
නාගරීකරණය පේන මානෙ ඈතින් පේන කොළ පාට වහල තියන ගොඩනැගිල්ල තියෙන්නෙ දියත උයන මෙහා පැත්තෙ. Waters Edge එක හංදියෙ. මං හිතන්නෙ ඒක සංස්කෘතික හරි, ආරක්ශක හරි අමාත්‍යාංශෙ.
අර පෘෂ්ටිමත් කබරගොයාට වඩා ලොකු කිඹුලෙක් කියල රැවටෙන සයිස් එකෙක් උන්න ඔයේ. ඌව කාලෙකින් දැක්කෙ නෑ.
අර අන්තිමට පයින් යන අයට යන්න තියන පාලම පහුකරන් මාත් හැමදාම උදේ හවස යන-එනවා. හැබැයි බස් එකේ. Traffic එකේ උදේට ඉද්දි තමා එපා වෙන්නෙ.
අන්තිමටම තියෙන්නෙ දියත උයන. පෞද්ගලිකව මම ඉතාම අගයකරන තැනක්.
මම හරිනේද?
පාර නම් ඒක නෙවෙයි.
Deleteනියම ලොකේෂන් එකක්නෙ.
ReplyDeleteඅන්තිම ෆොටෝවනං දියවන්නාව පැත්තෙ වගෙයි.
අන්තිම හරිය ඉතිං දියවන්නාවේ තමයි. :)
Deleteසුදීක...මේක නම් සුපිරිම පෝස්ට් එකක්. කොච්චර උනන්දුවෙන් බැලුවත් මට හිතාගන්න බැහැ. අත්තිඩියේ පැත්තෙද?
ReplyDeletetහව ටිකක් කල්පනා කරන්න.
Deleteමෙව්වා බලද්දි ඇසට කදුලක් එනවා... ඇත්තටම කදුලු ආවෙ මෙ මාළු බනිස් එකක් කකා ඉන්න ගමන් ඇහැ කහපු නිසා වෙන්ටැති.. කොහොම හරි අපේ පැත්තට ඉතුරුවෙලා තිබ්බ ලස්සනම කුඹුරු ටික ජයග්‍රහනයෙ සිවුමන්සල විසින් යට කරලා දාලා!
ReplyDeleteදුටුවා. ඒ ආස්චර්යයේ සිව්මන්සල නේද /.
Deleteඕවත් වලවල්ද සුදීක. අපේ පලාත්, පලාත් සභාවලටයි, ප්‍රාද්ශීය සභාවලටයි අයිති සමහර පාරවල්වල වලවල්වල සයිස් එක කියන්නේ අපිට කෙසෙල් ගසුත් හිටවන්න පුළුවන්. දැන් ඩිංගිත්තක් පලාත් සභා පාරවල්නම් හැදුනා.
ReplyDeleteකොහේද ඔය පළාත ?
Deleteෆොටෝ ටික නියමයි......... ඔය කොළඹ රටේද... හිතා ගන්ඩත් බෑ......
ReplyDeleteඔව් මලේ. කොළඹ තමයි. අගනගරේ ... අගනගරේ ... එක අතකින් මේක මෙහෙම තියෙන එකත් හොඳයි.
Deleteනෝ අයිඩියා ඇට් ඕල්....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගල්කිස්සේ නම් නෙවේ.
Deleteබත්තරමුල්ල? කෝට්ටේ? රාජගිරිය?
ReplyDeleteඑක උත්තරයක් හරි.
Deleteනිපෝන් මාවත ඇතුල් කෝට්ටේ. හරිද?
ReplyDeleteමේකත් හරි මචං
Deleteඅර පාලම ලඟින් තියන පාර නේද? කොහෙටද යන්නෙ කියල දැන ගන්න ඕන නිසා අපිත් ගියා මේ ලඟදි ඕක දිගේ, සුපිරි ගෙවල් 2-3ක් තියෙනවා, පොෂ් පංසලක්, පොඩි ගෙවල් , නාන ළිං ඔක්කොම ....
ReplyDeleteමේ ඉන්නේ ගිය කට්ටිය.
Deleteඅර හදන පාලම ලඟින් ඇතුලට යන්න තියන පාර නේ, හැමදාම ඔතනින් එහෙට මෙහෙට යනවා ඒ පාර දකිනවා කොහෙටද වැටෙන්නෙ කියල බලා ගන්න ඕන නිස ගියා ඒක දිගේ, සුපිරි ගෙවල් 2-3ක්, පොඩි ගෙවල්, නාන ළිඳක්, පොෂ් පංසලක්, වගුරු බිමක්...ඒ ඔක්කොම තියනවා,
ReplyDeleteමෙන්න මගේ ජාතියේ එකෙක්.
Deleteමටත් හිතා ගන්න බෑ කොහේද මේ කියල.. හැබැයි අපේ ගෙවල් පාර නම් මීට හපන්..
ReplyDeleteකාලෙකින් ගියාද ගෙවල් පැත්තේ ? දැන් හදලා තියෙන්න පුළුවන්.
Deleteඅඩේ මගේ කොමෙන්ටුව කො බං
ReplyDeleteඒක නියම වෙලාවට පබ්ලිෂ් කරන්නම්.
Deleteමේ පාර හදනවට ලැබෙන කොමිස් කුට්ටිය මදි ඇති..නැත්නම් මෙලහකට හදලා..
ReplyDeleteමම හිතන්නේ මේක දැකලා නෑ. නැත්නම් ඕවත් වැඩද ?
Deleteබත්තරමුල්ල පැත්තේ වගනම් පේනවා....
ReplyDeleteබත්තරමුල්ල ?
Deleteඇයි 67 පින්තුරය අගට දැම්මේ. මුලින්ම දැම්මා නම් එක පාරම කියනවා.
ReplyDeleteමම දැම්මේ පටන් ගත්ත පැත්තේ ඉඳලා ගත්තු පිළිවෙලට.
Deleteකෝ ම0 දාපු කමෙන්ටුව.
ReplyDeleteබොහොම සුරක්ෂිතව තියාගෙන ඉන්නවා හරි වෙලාව එනකං.
Deleteතලංගම ලේක් පැත්තනේ මේ...
ReplyDeleteමාරයා ඉතිං නොගිය තැනක් නෑනේ. ඒ වුණාට මේ තලංගම පැත්ත නම් නෙවේ.
Deleteමම ඔය දියවන්නා ඔය පැත්තෙනම් කරක් ගහල තියෙනව සුදීක අයියේ... නියමෙට ලියල තියෙනව... ඔන්න අපිත් අපේ ගම ගැන ලියනව බනින්න එහෙම එපා ඕන්...
ReplyDeleteඅනිවා ලියන්න. අපිත් ඉතිං දිස්ත්‍රික්කේ කොල්ලොනේ.
Deleteමට මතක හැටියට ඔය පන්සල (උස බුදුපිලිමේ) තියෙන්නේ 8 කනුව යි කොස්වත්තයි අතරේ
ReplyDeleteඑතකොට මේ වගුරුබිම ?
Deleteලස්සන විස්තරයක් සමගම හොඳ ෆොටෝ ටිකක්. මම ඉතින් ඕනෑ කමක් උනාම විතරක් කොළඹ පැත්තට එන අයෙක් නිසා ඒවා තියෙන්නේ කොහෙද කියල නම් දන්නේ නැහැ.ඒ උනත් මේ ලස්සන පැත්ත ගැන තව ටිකක් විස්තර කරන්නකෝ
ReplyDeleteඅනිවාර්‍යයෙන් ඊළඟ පොස්ට් එකෙන්.
Deleteපට්ටයි සුදීක අයියේ. නියමම පෝස්ටුවක්. කතාවලින් වඩා පින්තූර වලින් කියන කතාව නියමයි. මම පින්තූර ටික බලලා ඒකෙන්ම හිතට මාර හැඟිමක් ආවේ. කොළඹ රටේ මේ වගේ තැනුත්තියෙනවද කියල හිතෙන තරමයි. යකෝ අර කබරයෙකුත් යන්නේ පාර මැදින්. අපුරැයි කිවේ බොරුවටයැ.
ReplyDeleteමාමත් ඔය ෆොටෝ සීන් එක තේරුම් ගත්තා. ඇත්තටම ෆොටෝ එකකින් වචන දාහකින් කියන්න බැරි දේ කියවෙනවා කියන එක නම් ඇත්ත. ඉදිරියේදී මේ වගේ තව වැඩ ටිකක් කරන්න බලනවා.
Deleteඔය පාරේ තියෙන පන්සල අයිනෙන් තියෙන පාරෙන් උඩට ගියාම කෝට්ටේ පාරට වැටෙනවා .. ජපන් මිත්‍රත්ව පාර හදන්න කලින් එකයි.. ඔය පාරෙයි තමා ඉස්සර පොඩ්ඩක් කාර් එක නවත්තගෙන පොඩ්ඩක් මේ... මේ... මේ.. කතා කර කර හිටියේ .. මම හිතන්නේ ඔය හරිය තව වැඩි කාලයක් ඔය විදියට තියෙන එකක් නෑ ...
ReplyDeleteඇත්තටම නිදහසේ කතා කර කර ඉන්න නම් මාරු පාර.
ReplyDeleteනියමයි මම රැවටුනා . වෙන පොට් එකක් කියල කොමෙන්ට් කියවද්දි දැක්කෙ රාජගිරියෙ කියල .
ReplyDeleteජය !!!