මාතෘකාව දැක්ක ගමන් ඔබට මොනවද හිතුනේ ? මම හිතන්නේ බොහෝ දෙනෙක් බලන්න ඇත්තේ ඇඩ්‍රස් බාර් එක දිහා, නැතිනම් බ්ලොග් එකේ ලෝගෝ එක දිහා. බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අපේ හමුදාව ගැන ලියන අපේ විචාරක මහතාගේ වැඩක් කියලා. නැතිනම් නේවි එකේ ගයානිගේ බ්ලොග් එක කියලා. එහෙම හිතුවනම් වැරදි නෑ. ඒත් ඔබ ඇවිත් ඉන්නේ ඇවිද්ද පය ..... බ්ලොග් එකට කියලා ඔබට පැහැදිලි ඇති. "ඌ මොනවද දන්නේ යුද්දේ ගැන ?" බොහෝ දෙනෙකුට මේ පැනය හිතේ ඇති වෙන්න ඇති. විශේෂයෙන්ම අපේ දේශාට මේ වගේ අදහස් එනවා. එහෙම කිව්වට දේශා මගෙත් එක්ක තරහා වෙන එකක් නෑ. කොහොම වුණත් කවුරුත් කියන පලියට නිකම්ම භාර ගන්නේ නැතිව, හොඳින් හොයා බලලා බාර ගන්න එක හොඳ ලක්ෂණයක්. යුද්ධය ගැන මෙලෝ අත්දැකීමක්(හමුදාමය) නැති මම කොහොමද නොදන්නා දෙයක් ගැන ලියන්නේ. මේකත් අපේ අතර තියෙන තවත් එක දුර්වල කමක්. අපිට පිටින් බලලා දෙයක් ගැන යම් විනිශ්චයකට එන්න පුළුවන් වුණත්, ඒ දේ ශාත්‍රීයව නැතිනම් විද්‍යාත්මකව නොදැන ලිවීමෙන් වෙන්නේ අර මතුපිටින් පේන දේ ලිවීමමයි. එහෙම ලිව්වම තවත් මතුපිටින් බලන කෙනෙකුට ඒක රසවත් වෙන්න පුළුවන්. නැතිනම් ඔබ කියන ඕනෑම දෙයක් බාර ගන්න කෙනෙකුට ඒක හරි වෙන්නත් පුළුවන්. එහෙම දෙතුන් දෙනෙකුගේ ඇගයීම සමග මම ලියපු දේ හරි කියලා හිතුනොත් ඔබට වෙන්නෙත් වැල්ලේ ඔලුව හංග ගත්ත පැස්බරාට වුණ දේමයි.
මාතෘකාවෙන් පිටට ගියාම ඔහේ ඉබාගාතේ යන එකත්, එක අතකින් ස්ටයිල් එකක්. තවත් පැත්තකින් වැඩේ නීරස වෙන්නත් පුළුවන්. මේක අපේ බ්ලොග් කරුවෝ හඳුන්වන්නේ හැලප ස්ටයිල් එක කියලා. නමුත් මගේ විශ්වාසය නම් ඒ ස්ටයිල් එකට මුළින්ම ලිව්වේ මහින්ද අබේසුන්දර කියලා. ඒ "මහින්දගේ ආගි කතා" කියන කොළමෙන්. ඒක මම පුදුම විදියට රස වින්දා පමණක් නොවෙයි. මම බැංකුවට බැඳුනු කාලේ ඒ.ටී.එම්. එකෙන් දෙන රිසිට් එකෙන් ලියපු 4 X 4 පත්තරරේ ලියපු බොහොමයක් ලිපිත් මේ ආරට ලියපුවා. එහෙම ගත්තම මම ලියපු මුල්ම ලිපි පෙළ ඒවා තමයි. ඒවා මොකටද මෙතනට. මාතෘකාවට බහිමු පඳුරු තැලිල්ල පැත්තකින් තියලා.
මගේ ජීවිතේ මට ලැබුණු හොඳම කළමනාකරුවෙක් තමයි, නුගේගොඩ අපේ ඔෆිස් එකේ හිටපු විතාරණ මහත්මයා. මම අදටත් ගෞරවයෙන් මතක් කරන පුද්ගලයෙක්. හැඩරුව කිව්වොත් දිඹුලාගල හාමුදුරුවෝ වගේ. එතැනින් එහාට අටුවා-ටීකා, ටිප්පනි අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙක් දන්නවා. ඒත් එතුමා ගැන යමක් කියන්න ඕනේ. මිනිහා හරි සෘජු කෙනෙක්. තමන්ගේ තීරනයේම පිහිටලා කටයුතු කරන්නේ. අමු සිංහළෙන් තමයි කතා කරන්නේ. ඇඳුම් අඳින්නේ එකම පාටකින්. ඒ බේජ් පාටෙන්. කලිසමත් කමිසයත් එකම පාටයි. . ඉතිං මේ කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම කියන කතාව එතුමාගේ කතාවේ නිතරම තියෙන එකක්. එයා කියපු වැඩක් කරන්න බෑ කියලා, කෙලින්ම මාව ගෙදර යවන්න ලැස්ති වුණා, එක පාරක්. ඒ කතාව මම අඩක් ලියා නිම කරපු බ්ලොග් පොස්ට් එකක් විදියට තවමත් ඩ්‍රාෆ්ට් විදියට තියෙනවා. ඒක මුල් කාලේ ලියපු එකක්, බ්ලොග් ගැන අඩු අත්දැකීමක් තිබුණු කාලේ ලියපුවා ලියන ශෛලියෙන් නෙවෙයි දැන් ලියවෙන්නේ. ඒ නිසා දැන් ඒක අවසන් කලොත් කෙසෙල් ගහකට බෝගන්විලා බට් කළා වගේ තියෙයි. නමුත් ඒ ලිපියේ පලවෙනි කොටස එහෙම තිබියදී මම දෙවෙනි කොටස ලිව්වා.
වරක් අපේ මේ කළමනාකාර තුමාව මුණගැහෙන්න අපට පරිගණක සපයන ආයතනයක, කණට කරාබුවක් දාපු මහත්මයෙක් ආවා. මිනිහා මොන විදියට පැහැදිලි කළත් අපේ ලොක්කා රෝන්ග් ටෝක් මයි දුන්නේ. අනිත් එක අමු සිංහලෙන්. මැෂින් කියලා අපි භාවිතා කරන වචනේ එතුමා යන්ත්‍ර විදියටත්, කැපෑසිටි කියන වචනය ධාරිතාව ලෙසත්, මදර් බෝර්ඩ් කියන වචනය මව් පුවරුව ලෙසත් ආදී වශයෙන් සියලුම වදන් සිංහලෙන් යොදමින් කථා කරන පුද්ගලයෙක්. ලොක්කාව මේච්චල් කරන්න පහසු තැන, කරබුවා කඩ්ඩෙන් කොටන්න පටන් ගත්තා. ඔහුගේ ජීවිතයේ කරන ලද වැරදීම විනිශ්චය එය බව ඔහුගේ සේවකයින් සමග පසුව පවසා ඇත. විතාරණ මහතාට ඉතා ව්‍යක්තව ඉංග්‍රීසි බස හැසිරවිය හැකි බව දන්නෝ අල්පය. එදා අසුනින් නැගී සිට ඔහු කරාබුවාට දුන් කඩු පහරවල් විස්තර කරන්නට සමතෙකු අදද, අප අතර නැත. ඒ තරමට බරසාර වචන හේ දනී. නමුත් සිංහලෙන් කථා කරන කිසදු මොහොතක ඒවා යොදා නොගනී. යම්කිසිවෙකු ඉංග්‍රීසි භාවිතා කරයි නම් ඔහු එයට ගැලපෙන ලෙස කතා කරයි. එකල ඔහු නිරන්තරයෙන් මා හට දුන් අවවාදයක් නම්, ඉංග්‍රීසි උසස් පෙළ විභාගය කරන ලෙසය.
"උසස් පෙළ ඉංග්‍රීසි කරපු කෙනෙක් එක්ක කවුරුත් හැප්පෙන්න එන්නේ නෑ"ඔහුගේ වදන් අදත් මගේ හිතේ රාව ප්‍රතිරාව දෙයි. ඔහු මට ජීවිතයට වටිනා අවවාද දෙකක් දී ඇත. එකක් ඉහත ඔබ කියවන ලද අවවාදයයි. අනෙක මෙහි සටහන් නොකරමි. මන්ද ඔහු දුන් එම අවවාදයට අදාළ කාරණය දැනටත් සිදු වී හමාර නිසාය.
මම ඒ වනවිට පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක රස බලමින් සිටියෙමි. පසුව අපගේ වෙනත් කළමනාකාර මහතෙක් මැදිහත්ව මා මෙතැනට ගන්නා ලද අතර, ඒ ඔහුගේ සහයකයා ලෙසය. මට තිබුණේ ඔහු සාදන මෘධුකාංග ටෙස්ට් කිරීම, ඒවා ශාඛා වල ස්ථාපනය කිරීම, අදාළ සේවක මහත්ම මහත්මීන්ට අවැසි පුහුණුව ලබා දීම වගේ කටයුතුය. එය අපූරු රාජකාරියකි. මේ මෘදුකාංගය ලංකාවේ ප්‍රධාන නගර වල ඇති ශාඛා වලට පමණක් රැගෙන යාමට සිදු විය. කොළඹ, නුවර, අනුරාධපුර, කුරුණෑගල, ගාල්ල, හික්කඩුව වැනි සංචාරයකයින් නිරතුරු ගැවසුණු ප්‍රදේශ වලට එය විශේෂ වුණා. ඊට අමතරව බණ්ඩාරනායක ගුවන් තොටුපලෙහි ඇති කවුන්ටර් වලටත් යාමට සිදු වුණා. ඒ කාලේ ලංකාවේ තිබුණු යුධමය වාතාවරණය නිසා ගුවන්තොටට යාම එතරම් පහසු කටයුත්තක් වුයේ නෑ. ඒ සඳහා එතෙර ගනුදෙනු ඒකකයේ ප්‍රධාන කළමනාකරුගේ ලිඛිත ඉල්ලුම් පත්‍රයක් ගුවන්තොටුපල බලධාරීන් වෙත ගෙන යා යුතුයි. කෙනෙකු මෙවැනි ස්ථාන වල රස්තියාදු වීම ප්‍රිය නොකලද, මා තුල සිටි මාධ්‍යකරුවා ඒ සඳහා තුල කිසිදු විරෝධයක් ඇති කලේ නෑ. බලා හිඳීම මගේ විනෝදාංශයක් බව මා ලියු පසුගිය සටහනකින් ඔබ දකින්නට ඇති.
ඒත් .... මං මේ කියන්න ආවේ ..... ආ..... කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම. ඒ කාලේ මම අර කලින් කිව්වා කළමනාකාර තුමා මාව එයාගේ බඩියා කර ගන්න හැදුවා. ඇත්ත වශයෙන්ම බඩියා කියන වචනය හොඳ වැඩියි. මිනිහා හරි ඒකාධිපතියා අදටත්. කිව්වා දේ ඒ විදියටම ඕනේ. හැබැයි මම කලින් කිව්වා විතාරණ මහත්මයාටත් කිව්ව දේ ඒ විදියටම ඕනේ. මොකක්ද මේ දෙන්නාගේ වෙනස ? විතාරණ මහත්මයා සත්‍ය මත පදනම්ව තමයි කටයුතු කරන්නේ. මිනිහාගේ පංගු-බේරු, පාට-පක්ෂ, ලොකු-පොඩි බේද නෑ. වැඩ කරනවා නම්, අද ආ කෙනත්, අවුරුදු දහයක් හිටිය කෙනාටත් එකයි. අද ආ කෙනා හොඳක් කළොත්, ඒක ප්‍රසිද්ධ්යේම පසසනවා. ඒ වගේම අවුරුදු දහයක් වැඩ කරපු කෙනා වැරද්දක් කලොත් නිර්දය ලෙස පහර දෙනවා. කරපු කෙනාට ලැජ්ජාවේ ඉන්න බැරි වෙන්නම. ඒ නිසා මිනිහා එක්ක කවුරුත් වැඩ කලේ ඉතාම ප්‍රවෙසම්ව. හැබැයි ඒ වගේම ඉක්මණින් සිසිල් වෙනවා. පස්සේ තමන් රළු වුණා වැඩියි කියලා, කනස්සලු බව ප්‍රකාශ කරනවා. මට දවසක් කිව්වා "මම හරියට දැදුරු ඔය වගේ, වෙලාවකට බොහොම සැරයි, තවත් වෙලාවකට බොහොම ශාන්තයි" කියලා. දැන් අර අපි කිව්ව, ඒකාධිපතියා මිනිහා සලකන්නේ එයාට පක්ෂපාතී අයට, කන්න-බොන්න ගේන අයට, මිනිහගේ ගුණ වයන අයට. මිනිහාගේ අණක් නොතැකුවොත් ඒක මතක තියාගෙන ඉඳලා පහර දෙනවා. එක පාරක් පහර දීලා මදිනම් තව-තවත් පහර දෙනවා. අනිත් අයට තැන-නොතැන නොබලා අර කියපු කෙනා ගැන විවේචන කරනවා. මේ දෙදෙනාගෙන් කවුරුද හොඳ කියලා දැන් ඔබට පැහැදිලියි. ආ තවත් දෙයක් අර දෙවෙනියා හරි ආත්මාර්ථකාමියා. තමන්ට ලැබෙන දේ ගැන තමයි නිතරම හිතුවේ. දවසක් Y2K වෙනුවෙන් කරන ලද මෙහෙය අගයන චක්‍රලේඛණයේ තමාගේ නම නැතියි, දිගු ගෝරනාඩුවක් මේ ඒකා-අධිපතියා කළා. බැරිම තැන විතාරණ මහතා සියල්ලගේම අවධානය ඉල්ලාගෙන රෙදි ගැලවෙන දේශනාවකින් සංග්‍රහ කළා. හරි ඒක මම වෙනම වෙලාවක කියන්නම්. ඔය කියන ඒකාධිපතියා ගැන මම සටහනක් තම්බන්නම ඕනේ.
ඉතිං මේ නිලධාරියා මාව ඇබිත්තයා(ඒක තමයි හොඳම වචනේ) කර ගන්න හදන එකට විතාරණ මහතා මුල ඉඳලා විරුද්ධ වුණා. ඒ අන් කිසිවක් නිසා නොව, තරුණයෙකු වශයෙන් මාගෙන් ලබාගත හැකි සේවය ලඝු කිරීමට අර පුද්ගලයා දැරූ උත්සාහය ව්‍යර්ථ කිරීමට. එයින් මගේ අනාගතයටද සිදු විය හැකි පාඩු ඇති බව මටද වැටහී තිබුණා. මන්ද විතාරණ මහතා මා යොදවන්න උත්සාහ කලේ සම්පූර්ණ බැංකු පද්දතිය පිලිබඳ කටයුතු වලට වන අතර, එකී පුද්ගලයා උත්සාහ කලේ ඔහුගේ පද්දතියේ මා හිර කර තැබීමටය. එයින් මට අවැඩක් මිස යහපතක් සිදු වන්නේ නැත. මාස ගණනකට පමණක් වැඩ කිරීමට සිදු වන එම පද්දතියේ කටයුතු නීරස බව මට සතියකින් පමණ වැටහිණි. ඔහු මා ඒ සඳහා වෙන් කර තබා ගැනීමට ගත් උත්සාහය විතාරණ මහතා හඳුන්වා දෙනු ලැබුවේ "කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම" ලෙසය. එය පැවසු දිනයේදී එය හුදු විහිළුවක් ලෙස පෙනුනද, ඔහු එසේ පැවසුවේ ගැඹුරු අර්ථයකින් බව මට අද වඩාත් පැහැදිළි වේ.
මේ කතාව මගේ මනසට ආවේ වර්තමානයේ සමාජය තුල සිදු වන විවිධ කණ්ඩායම් ගොණු වීම් පිලිබඳ අසන්නට ලැබෙන විටයි. මේ ක.ක.බැ. වැඩිමනත්ම සිදු වන්නේ දේශපාලනය තුලයි. එය අපට වඩාත් ඉස්මතුව පෙනෙන්නේ ඒ පිලිබඳ ජනතාව දක්වන උනන්දුව සහ මාධ්‍ය ආවරණය නිසාය. මෙසේ ක.ක.බෑ නොවුණු කිසිදු පක්ෂයක් වර්තමානයේ දකින්නට නැත. ඒ පිලිබඳ මා උදාහරණ සපයන්නටද උත්සුක වන්නේද නැත. නමුත් එක්තරා විදියකින් සමිති, සමාජ, සංගම් ආදී වශයෙන් නා-නාවිධ සංවිධාන හතු පිපෙන්නා සේ ඇති වේ. බොහෝ ඒවාට ආයුෂ අඩුය. නමුත් හොඳ ජන පදනමක් ඇති ඒවා ඉදිරියට ගමන් ගනී. යහපත් අරමුණු වෙනුවෙන් ඇති වන්නාවූ සංවිධාන තුල වුවද මේ කියන කඳවුරු බැඳීම සිදු වෙයි. අද සමාජය තුල මෙසේ ඇතිවන කණ්ඩායම් වැඩියක් උපන් ගම් ප්‍රදේශ සහ අධ්‍යාපනය ලැබූ පාසල් අනුව ගොණු වේ. උදාහරණයකට, අපි දකුණේ, අපි නුවර, අපි කුරුණෑගල, අපි රත්නපුරේ, අපි මහින්දෙ, අපි සීවලී වාගේ නම් වලින් වේ. මෙසේ කණ්ඩායම් ගැසීම ගම පදනම් කරගෙන බොහෝ විට සිදු වේ. තවමත් බිහි නොවූ ඒවා වන්නේ ගාලු පාරේ අපි, හයිලෙවල් පාරේ අපි, නුවර පාරේ අපි වාගේ ඒවාය. ඉදිරියේදී එවැනි ඒවා බිහි වුවද එය පුදුමයට කරුණක් නොවේ. මෙල්බර්න් නගරයේ පවා අපේ අය විවිධ කණ්ඩායම් සිය ගණනක් ගොඩ නගාගෙන ඇති බව අසන්නට ලැබුණි.
අද මේවා වඩ-වඩාත් සිදු වන්නේ ෆේස්බුක් සමාජ ජාලය හරහාය. යහපත් දෙයක් දකිණු රිසියෙන් උදේ පාන්දර ෆේස්බුක් සමාජ ජාලයට ගොඩ වන අපට දකින්නට ලැබෙන්නේ, සිත් තැවුල්, සිත් රිදවීම්, පලිගැනීම්, අවලාද, මඩ, චෝදනා, ගර්ජනා ආදී නරක අතමය. ඉඳ-හිට හොඳ වීඩියෝවක්/ෆොටෝවක් දකින්නට ලැබේ. එය එසේ වුවාට කම් නැත කියා සිතෙන්නේ සංග සමාජය තුලද විවිධ හැල-හැප්පීම් දකින විටය. ඒ සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල සත්ධර්මයට විවිධ අර්ථකතන සපයන්නට යාමෙන් හෝ වත්කම් ප්‍රශ්න නිසාය. "ඕනෑම ගැටුමක් ඇති තැනක කෙලවර කාන්තාවක් ඇත යන්න" අපේ පැරණි කියමන බොරුවක් බව වර්තමානය විසින් ඔප්පු කර හමාරය. අද කාන්තාව චීත්ත නොඅඳින පරිසරයක සමහර පිරිමින් චීත්ත ඇඳ ඇතැයි නිතර අසන්නට ලැබේ.
වරක් සිංහල බ්ලොග් අවකාශයේද මෙවැනි කඳවුරු දෙකක් ඇති විය. නමුත් එවර සිදු වුයේ කඳවුර තුල කඳවුරු බැඳීමක්ද යන්න මට අදටත් ගැටලුවකි. එහි සිදු වූයේ පැරැන්නන් පිරිස අලුතෙන් එක් වුවන් ප්‍රතික්ෂේප කිරීමය. මාද බ්ලොග් ලියන්නට පිවිසි සමයේදී එක් වූ පිරිසට පැරණි පිරිස බ්ලොග් අඩවි වල කමෙන්ට් මගීන් සහ ඔවුන් එක් වී සාදාගත් බ්ලොග් අඩවියක් මගින් පහර දෙන ලදී. ඒවායේ විශේෂය ඇනොනිමස් වශයෙන් පැමිණ වාද-විවාද වල පැටලීමයි. මේවා පුද්ගලික මඩ ප්‍රහාර දක්වා දීර්ඝ විය. "කබ්බන්" ලෙස එදා නමු වූ අපට ඔවුන් පහර දුන් තරමටම අපේ අයද ප්‍රති ප්‍රහාර එල්ල කරන ලදී. මා මෙහිදී අප යනුවෙන් හඳුවන්නට කැමති නැති වුවද, ඔවුන් කිසි සේත් අප "ටොයියන්" ලෙස නොසලකන විට අප නිකම්ම කබ්බන් ලෙස නම් විය. නමුත් මේ අතර වාරයේ සංවිධානය වන බ්ලොග් ගෙට් සහ අවුරුදු උත්සව වලදී අප සමග ඉතා කුළුපගව මේ කටයුතු කරගෙන යන්නට ඔවුන් වග බලා ගත්හ. නමුත් තිරය පිටුපසදී අපට නිර්දය ලෙස පහරදීම් වලට අමතරව මේ ගෙට් සහ උත්සව වලට සහභාගී වුවහොත් පහර දෙන්නෙමු යන තර්ජනද ඉදිරිපත් විය. නමුත් ඒ අතර අප සමග ඉතා කුළුපගව කටයුතු කල නිහතමානී පැරැන්නන් පිරිසක්ද විය. පසුව "බ්ලොග් ලියන කබ්බෝ" නමින් ෆේස්බුක් සමූහයක්ද ඇරඹිණි.
පසුව අප තේරුම් ගත්තේ බ්ලොග් කරුවන් යන ලේබලය යටතේ සිටින, බ්ලොග් කෙරුවාවෙන් පරිනත නැති පිරිස මෙම පහරදෙන කණ්ඩාමේ සිටින බවයි. එකල ජනප්‍රියම බ්ලොග් කරුවන් අපගේ ආගමනය අස්වැසිල්ලක් කරගත් බව පැහැදිලිය. නමුත් අදට වඩා බොහෝ කියවන්නන් පිරිසක් එකල සිටි බව මගේ විශ්වාසයයි. ඔවුන් බ්ලොග් වලින් ඈත් කරවුයේ මේ කඳවුරු ප්‍රශ්නයද යන්න අප සියළු දෙනා අපගෙන්ම අසා ගත යුතු පැනයයි. එදා-මෙදාතුර සියලුම බ්ලොග් කියවමින්, කලාතුරකින් කමෙන්ට් කරන දෙදෙනෙකු මගේ කාර්යාල සගයන් වේ. ඔවුන්ගේ විශ්ලේෂණයට අනුව වැඩියෙන් ප්‍රහාරයට ලක් වුයේ අප අතර සිටි හොඳින්ම හිට්ස් ලැබෙන්නන් බවය. මේ ප්‍රශ්න කාලයත් සමග තුනී වී ගිය අතර, අළු යට ගින්දර තිබේදෝයි මම නොදනිමි. අද ඔවුන්ද, අපද බ්ලොග් කෙරුවාව නොකෙරෙන තරම්ම අකර්මණ්‍ය වී ඇත. ඔවුන් යලි ක්‍රියාත්මක කරවා ගන්නට පහුගිය කාලයේ "බ්ලොග් වසන්තය" නමින් උත්සාහයක් ඇති වුවද ? ඒවා බීරි අලින්ට වීණා ගැයීමක්ම විය. අප මෙසේ වැටි වැටි හෝ දුවන්නට උත්සාහ ගන්නේ ඔවුන්ට සිදු වූ දෙයම අපටත් සිදු වේය යන බිය නිසාය. ඔවුන් නැවතත් සක්‍රීය වනවානම් මා පුද්ගලිකව කැමතිය. මන්ද බොහෝ අය මතය සමග ගැටුනද, ඒවා පුද්ගලික කර ගන්නට නොගියේය. හමු වූ විටෙක කා-බී ප්‍රීති වන්නට ඔවුන්ද අපද වග බලා ගතිමු.