Sunday, December 20, 2015

බලා හිඳීම ...... Keep Watching ......

බලාගෙන ඉන්නවා කියන්නේ ලේසි වැඩක් කියලා කවුරුහරි හිතනවානම් ඒක මහා මුලාවක්. එකම දෙයක් දිහා එක දිගට බලාගෙන ඉන්න ගියාම ඇති වෙන්නේ නිදිමතක්. නමුත් ඒ බලා හිඳීම වගේ නෙවෙයි, කුමක් හෝ ලැබෙයි කියලා දිගටම බලාගෙන සිටීම. එහෙම ඉන්න එක ගැන තියෙන හොඳම උදාහරණය තමයි, එළුවාගේ බෙල්ලේ තියෙන ඇටේ වැටෙනකන් බලාගෙන හිටපු නරියාගේ කතාව'. කවුරුහරි කෙනෙක් නිෂ්පල දෙයක් සඳහා ඕනෑවට වඩා කාලය ගත කරත්දී අනෙක් අය කියන කතාවක් තමයි ඕක. නමුත් ඒකෙන් තවත් දෙයක් කියවෙනවා කියන එකයි මගේ විශ්වාසය. ඒ එහෙම බලාගෙන ඉන්නේ කපටින් බව මේ උපහැරණයෙන් කියවෙනවා. මොකද නරියා කියන්නේ කපටිකමට උපන් සතෙක් කියලා අපේ ඉතිහාස කතා වල කියවෙන නිසා. අනෙක එහෙම පතාගෙන ඉන්න අනෙක් පාර්ශවය අහිංසක පෙනුමක් තිබුණත් ශක්තිමත් කෙනෙක් කියන එකත් එළුවාගේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා. නමුත් මම කියන්න යන බලාගෙන හිඳීල්ල ඒ වගේ එකක් නෙවෙයි. මේ නිකං ඇස් දෙකෙන් දකින එක ගැනම තමයි මම කියන්න යන්නේ.

මුලින්ම කියන්න ඕනේ මම බ්ලොග් පොස්ට් එකක් නොදා මාසයක් ඇද්දා. එක අතකින් ඒකත් එක බලාගෙන හිඳීල්ලක් තමයි. නමුත් ඒ අතරවාරයේ මම තව නොයෙකුත් බලාගෙන හිඳිලි කරලා තියෙනවා. ඒ මාසය ඇතුලත ඇස් පේන්නේ නැති වෙන ගානට පරිගණක තිරය දිහාවට මුහුණ ඔබාගෙන බලාගෙන ඉන්නත් වුණා, දවස් කිහිපයක්. ඒ ඇනිමේෂන් එකක් හදන්න. ෆ්ලෑෂ් ගැන මොනවත් නොදැන, දවස් තුනක් ඇතුලත ඇනිමේෂන් එකක් කරන්න පුළුවන් වුණේ, යූටියුබ් එකට පින් සිද්ද වෙන්න. මම එකම වීඩියෝ එක සිය වතාවක් විතර බල-බලා තමයි ඇනිමේෂන් එක කළේ. අන්තිමේදී ඇස් පෙන්නේ නැතිව ගියත්, ඒකෙන් පුදුම ආත්ම තෘප්තියක් ලැබුවා. මේ පොස්ට් එක දැමීමේ අරමුණ ඒ ඇනිමේෂන් එක මෙතන ප්‍රදර්ශනය කරන එක නොවෙයි. මම කුඩා කාලේ ඉඳලා කරපු බැලිලි වගයක් ගැන බෙදා හදා ගන්න.

කිව්වා ගමන් කට්ටියට එක-එක කුණුහර්ප සිහියට එන්න ඇති. ඒක මගේ වැරද්දක් නෙවෙයි, කියවන ඔබගේ හිත්වල තියෙන වැරද්දක්. ඔන්න ඔය නිසා තමයි අපේ බ්ලොග් ලියන සෑමා "කැත හිත් වලට" කවි ලිව්වේ. ඒ කාලේ ඒවා බලපු කට්ටිය දන්නවා ඇතිනේ. නොදන්නවා නම් ගිහිං බලන්න. ඕවා සෑමා අත්අඩංගුවට පත්වෙන්න කලින් ලියපුවා. දැන් නම් කාලෙකින් ඒ වගේ පොස්ට් එකක් දැක්කේ නෑ. මම ගැලපෙන පින්තූරයකුත් යැවුවා. නමුත් මිනිහා තවමත් බලාගෙන ඉන්නවා ඇති ලියනවද නැද්ද කියලා. මොකද මායියට මාට්ටු වුණොත් කම්මුතු නිසා. ආහ් ! ලියන්න ආපු කතාව අමතක වෙනවා මේ එක-එක වල්පල් නිසා. 

මේ දවස් වල මගේ විනෝදාංශය වෙලා තියෙන්නේ, දියත උයන ඉඳලා, කොස්වත්ත හන්දිය දක්වා තියෙන මාර්ගය හදන එක බලාගෙන ඉන්න එක. මටනම් ඒ වගේ සතුටක් ලබන්න පුළුවන් වෙන දෙයක් නෑ. ඒ කියන්නේ කවුරුහරි වැඩක් කරන දිහා බලාගෙන ඉන්න එක. මගේ ඔෆිස් එකේ යාලුවෝ විහිළු කරනවා "උඹට හොඳ සුපවයිසර්" වැඩක් කියලා. ඇත්තටම මම ආසයි. සිවිල් ඉංජිනියරින් වලට බොහොමයක් දෙනා අකමැතියි. ඒ වගේම් සයිට් වල වැඩ කරන අපේ ඉවාන්ලා, කලණලාගෙන් ඇහුවනම් කියයි, මේවායේ තියෙන නීරස පැත්ත. අපි මේ වැඩ කරන අතරම, ඒ-සී කරපු කාමරයේ කෙළවරක ඉඳන් බලනවා වගේ නෙවෙයි ලංකාවේ සයිට් එකක වැඩ කරනවා කියන්නේ. මොකද එක පැත්තකින් ලෝක අණ්ඩපාල සෙට් එකක් එක්ක වැඩ කරන්න සිදු වෙන එක. අනිත් පැත්තෙන් ආරක්ෂාව ගැන නොසිතා එහෙ-මෙහෙ රිංගන්න ගිහිං සිදු වෙන විපැත්ති. මේකත් අර ගල්වඩු බාස්ගේ කතාව වගේ තමයි. අනෙක් අය කරන වැඩේ ශෝක් කියලා හිතෙන්නේ ඒ වැඩේට බැහැලාම බලපුවාම.

මේ බ්ලොග් පොස්ට්දාන්න ඊයේ හවස සුදානම් වෙච්ච වෙලාවේ, බ්ලොගර් උන්නැහේ තමන් විසින් හඳුන්වා  දෙන්නට යන අලුත්ම ෆීචර් එකක් ගැන පොඩි ඇඩ් එකක් දැම්මා. මමත් ඒකට අහුවුණා. මේක තමයි ෆොටෝ එකක් බ්ලොග් පොස්ට් එකට කෙලින්ම ඇදලා දාන්න පුළුවන්කම. වැඩේ ලේසි හින්දා මාත් අත්හදා බලන්නත් එක්ක මේ වැඩේ කළා. වැඩේ තියෙන්නේ මට ගන්න ඕනේ වුනේ මගේ ෆෝන් එකෙන් පාරේ වැඩ කරන කිහිප දෙනෙකුගෙන් යුක්ත පින්තූරයක්. මම ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික සුපුරුදු කොපි කරන ෆෝල්ඩර් එකට කොපි කළා. එතන ෆොටෝස් දහස් ගණනක් තියෙනවා. දැන් මට උවමනා අර ෆොටෝ එකම මේකට දාන්න. ඉතිං මම කලේ ෆෝන් ෆොටෝස් තියෙන ෆෝල්ඩර් එක ඇරලා අර පින්තූරේ ඇදලා දැම්මා. එක පාරක් දැම්මට ආවේ නැති හින්දා, තවත් වතාවක් දැම්මා. ඊට පස්සේ මම කොහොම හරි පුටුවෙන් නැගිටලා වෙන වැඩකට ගියා. ඒකට යන කාලෙන් ප්‍රයෝජනයක් ගන්න. ඇවිල්ල බලනකොට ඒ ෆෝල්ඩර් එකේ තිබුණ ෆොටෝ වලින් භාගයක් පොස්ට් එක ඇතුලේ. අන්තිමට මම මේක නවත්වන්න. පොස්ට් එක ක්ලෝස් කළා. එතැනින් වැඩේ නැවතුනත් ආපු ෆොටෝ අයින් කරන්න අද උදේ මිනිත්තු විස්සක් විතර ගත කළා. අපිට අවශ්‍ය දෙයක් නම් මෙහෙම ඉක්මනට වෙයිද ?

ඒකෙන් පස්සේ මම ඇවිත් තියෙන පින්තූර ටික දිහා බැලුවා. කාලෙකට කලින් ගත්ත ඒවාගෙන් මේ මාතෘකාවට අදාලා ඒවා ඉතිරි කළා. අපි එහෙනම් ඒ පින්තූර ටික පොඩ්ඩක් බලමු. පින්තූරයක වචන දාහකට වඩා වටිනවා කියලා කියමනක් තියෙනවා නේ. මුලින්ම තියෙන්නේ ඛේත්තාරමේ මැච් එකක් බලන්න ගිය වෙලාවකගත්තුෆොටෝ එකක්. මම වගේ ක්‍රිකට් පිස්සෙකුට නම් ඉතිං ක්‍රිකට් මැච් එකක් බලන්න තියෙනවනම් තව වෙන මොනවද ? බලාගෙන ඉන්නවා. අරෙහෙම අරයා අවුට් වෙලා, මෙයාට ලකුණු ගන්න බැරි වෙලා මැච් එක දිනයි කියල. සමහර අපි ක්‍රීඩා කරපු මැච් වල අවුට් වෙච්ච් විදිය හිතලා. ඒ බෝලෙට මෙහෙම ගැහුවනම් කියලා. සෙන්චරියක් ගහනකම්ම හිතනවා. මැච් එකක් ඉවර වෙලා දවස් ගාණක් යනකං මේ පසුතැවිල්ල තියෙනවා. බලාගෙන යනකොට ඒකත් එක බලා හිඳීමක් තමයි.


match between sri lanka vs new zealand
a painter painting a wall with the aid of deck hold using two ropes by fellow workers who are on top floor is a life risk no safety first at all
පලංචියේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ .....

 මේ පින්තූරය ගත්තේ අපේ බැංකුවේ ක්‍රිකට්ර්ලාගේ හමුවක් මීගමුවේදී පවත්වපු වෙලාවේ. එදා රෑ මීගමු කලපුව හෝ වෙරල දිස් වූ අකාරය තමයි මේ. මේ වගේ නිස්කලංක වෙලාවකත්, මැසි මදුරු කරදර නැතිනම්, ඕනෑතරම් වෙලා බලා හිදීම කරන්න පුළුවන්. 
sanda eliya muhudata watee thibena darshanayak
සඳ දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ .....


 මේක අපේ ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානයේ සුහද හමුවක් වෙලාවක ගත් ඡායාරුපයක්(ඩිජිටල් කැමරා වලින් ගන්න පින්තූර වලට ඡායාරුපයක් කියන එක හරිද මන්දා). මේ වගේ සුන්දර ලඳුන් පිරිසක් දිහා ඇහැ අහකට ගන්නේ නැතිව බලාගෙන ඉන්න පුළුවන් ටිකක් ඈතට වෙලා. සෞන්දර්යාත්මක ඇසකින් මේක දකින්න ඕනේ, කාමුක ඇසකින් නොවේ. ඔබට කැමති ඇසකින් බලාගන්න.


kello pond eken wathura purawanawa kukku penawa
සීගිරි සුකුමාලියේ පෙර රජ සමයේ, මතකද අපි පා වුණා පෙම් අම නදියේ ......

මේ පින්තූරය දිහා බලන්න මේක අපි නුවර එළියේ සංචාරයක් ගිය වෙලාවක ගත්තු එකක්. මේක දිහාත් මම බොහෝ වෙලාවක් බලාගෙන හිටියා. මෙතන හරි අපූරු නිර්මාණයක් තියෙනවා. ඔබට මොනවද මේ ගැන හිතෙන්නේ ?


DIY effort making car shutter handle
කැරකෙන රෝදේ පුංචි කරහ්ත්තේ ඉඳගෙන මම ඉන්නේ ......

මේවාත් කලින් සංචාරය වෙලාවේදී ගත්තපින්තූර. මේ වගේ කඳු වැටියක් දිහා ඕනෑතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්.
mountain range nawalapitiya
සීත සුළං අවට හමන්නේ ....

කළින් කියපු නුවර එළියේ සංචාරය අතරමැද අපි නාවලපිටියේ තැනක නාන්න සෙට් වුණා. හරි අපූරු තැනක්. මේ වගේ ලස්සන දිය ඇල්ලක් වැටෙන තැනක ඕනෑතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් මටනම්. ඔබට කොහොමද ?

small waterfall navalapitiya
සඳදිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ ..... /
 සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ - සඳ පාන තියෙන රැක නොයන්නේ ....

gentle waterfall nawalapitiya sri lanka
සිලි සිලි සීතල ඇල්ලේ .... දිය සැලි සැලි යයි නැළවිල්ලේ ...... 




carrot farm in nuwara eliya sri lanka bio agriculture healthy food
කඳු මුදුනේ බීට්රූට් වැවීලා ... සිරි සාරි සරු සාරයි කන්ද උඩ රටේ ......
මේකත් ඒ සංචාරයේම අත්දැකීමක්. ජීවිතයටම අමතක නොවෙන එකක්. මගේ මිතුරු සුභාෂ්ගේ කාර් එකේ සිසිලන පද්දතියයි, ගියර් සිස්ටම් එකයි එක පාරටම අවුල් වුණා. තැන්නේ හොඳින් දුවන කාර් එකක් කඳුකර පෙදෙසකදී දුවත්දී එන්ජිම රත් වීම අහන්න දෙයක් නෙවෙයි. හැබැයි ගියර් වැටෙන්නේ නැතිව ගිහින්, අතින් ගියර් එක දාගෙන තමයි ගමන ගියේ. මුලින්ම අපිට මේක කියලා දුන්නේ ත්‍රී වීල් රිපෙයාර් කරන මල්ලි කෙනෙක්. පස්සේ පහුවෙනි දවසේ හදා ගන්නකම් එහෙම තමයි දිව්වේ. එන්ජිම රත් වුණාම මග නවත්වනවා, නැවත්තුවාම ගියර් දාන්නේ බොනට් එක උස්සලා අතින්. මේ වගේ වෙලාවකත් කැමති වුණත් අකමැති වුණත් බලාගෙන ඉන්න වෙනවා. සමහරුන්ට මේක කට්ටක් වුණාට, මේවා සුන්දර ඇබැද්දි විදියටයි මම සලකන්නේ. ඒ වුණාට මහ රෑ නුවර එලිය වගේ පැත්තක, නා කපන වැස්සක තෙමි තෙමී ඉන්න ගියාම සීතල කට්ටක් තමයි. නමුත් ජීවිතයට මේ වගේ අත්දැකීම් නැත්නම් වැඩක් නෑ.

car repair raining cooling system problem scare of leeches
ලොරි භාගේ මග හිටියා එනකොට රෑ යාමේ..... (යාලුවා දැක්කොත් ඉවරයි)
මේක අපි වෙනත් සංචාරයක් යත්දී ගත්ත පින්තූරයක්. මම හිතන්නේ මොනරාගලත් - සියඹලාණ්ඩුවවත් අතරේ තැනක තියෙන පුරා විද්‍යාත්මක ස්ථානයක්. මෙතන ඇතුලට ගියාම අපූරු සෙල්මුවා නාන තටාකයක් තියෙනවා. මේ වගේ වෙල් යායක් තියෙන නිස්කලංක පරිසරයක් දිහා බලාගෙන ඉන්න බැරිද ? මමනම් හරි ආසයි.

sri lankawe aithihasika sthana uva wellassa siyambalanduwa nidan wadula
දුර පෙනෙන තැනිතලා .... අනුරාධපුර දිහා ....

කැලෑවට හැදෙන මේ වගේ සොඳුරු මල් තවමත් අපේ රටේ ඇතුලට වෙන්න තියෙනවා.
wild flowers yellow red fern family
කැලෑ මලේ කොහේ ගියාදෝ .... නිවාඩුවට ගමේ ගියාදෝ.....
මේක මගේ ෆෝන් කැමරාවේ තියෙන ෆීචර් එකක් භාවිතා කරලා පසුව සකසපු එකක්. ඒකෙ තියෙනවා Colour Props කියලා ඔප්ෂන් එකක්. එකෙන් පුළුවන් එක තැනක වර්ණයක් තෝරලා, ඒක විතරක් ඒ වර්ණයෙන්ම තියලා අනික් හරිය කළු-සුදු කරන්න. මේ පැලැටිය රතු තමයි. ඒත් අපි මල් වර්ගයක් විදියට වවන තවත් පැලයක් රතු පාටට කිට්ටු වර්ණයක් ගන්න නිසා, ඒවත් වර්නවත්වම පේනවා.  මේකට හරි යන ගීතයක් තමයි හොයා ගන්න බැරි. අපේ සින්දු ඇනෝ මල්ලිට පුළුවන් වෙයිද උත්තරයක් දෙන්න.

a deadly red plant maranthika rathu palatiya

මේ පින්තූරය හරි අපූරු ස්ථානයක ගත්තේ. බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන චිත්‍රපටිය රූගත කරපු ස්තනනය. මේ වගේ ලස්සන නදියක් ලඟට වෙලා පැතලි ගලක් අරගෙන වතුර පහරට ගහලා, ගෙම්බෝ පනින්න වගේ පැන පැන යනවා බලා ඉන්න මම පුංචි කාලේ හරි ආසයි. මල්ලක් පුරවලා ගල් අහුලාගෙන ඇල අයිනට ඉස්සර ගියේ මේ වැඩේට.
ගඟ තවම තරුණයි ......

place where bridge on the river qwai made
කළු කැළණි නදී ගලා යාවී .... හෝ ... හෝ... මනහර සිරිය ලංකාවේ .... ලංකාවේ..
බ්‍රිජ් ඕන් ද රිවර් ක්වායි චිත්‍රපටයට හදපු පාළම තැනීමේදී කළුගල් විද දමා තිබු වානේ කම්බි තවමත් එම ස්ථානයේ දකින්න පුළුවන්.

Making bridge on the river qwai over kelani river english film makers drilled granite put these iron hooks
මේ තරම් සියුමැලිද කළුගල් ......
nisala nadiya නිසල නදිය calm river
ගඟ අද්දර මා සිහිල්සෙනෙන් සැනහේ .....
මේ පින්තූරය මට කවදාවත අමතක නොවෙන තැනක්. මේක 1989 දී තිබුණ පෙනුමෙන්ම තවමත් තියෙන එක එක්තරා අතකට පුදුමයට කාරණයක්. මොකද යුද්දේ ඉවර වුණාම කොළඹ සීඝ්‍රයෙන් වෙනස් වුණා. නමුත් මේ කඩ කාමරය අට දෙනෙකුගේ නිවහනක් වෙලා තිබුණා. මගේ ප්‍රථම ප්‍රේමය ගැන පොස්ට් එක කියවපු අයට මතකනම් මම කියපු බොරැල්ල හරස් පාර පටන් ගන්න තැන තියෙන පුංචි කඩයක උඩුමහල මට මාස අටක් විතර කාලයක් නිවහන වුණු ස්ථානය. ජීවිතය පිලිබඳ වැදගත්ම පාඩම් ඉගෙන ගත්තු කාලපරිච්චේදයක්.
very old boutique near borella LRH water tank cross road more than 100 years

මෙන්න මේ කතාවත පාදක වුණේ මේ කඩ පේලියේ ගත කළ කාළය : බොරැල්ලේ සිර කරුවෙකු වීමි III කොටස - මගේ ප්‍රථම ප්‍රේමය.
මේ පින්තූරේ ගන්න ගිහින් තමයි මේ අටොරාෂියක් පින්තූර මෙතනට වැටුණේ. මෙන්න මෙහෙම පාරේ වැඩ කරන ඒවා, ගෙදර මේසන් බාස්ලා වඩු බාස්ලා වැඩ කරන ඒවා බලාගෙන, ඒ අයත් එක්ක සල්ලාපයේ යෙදෙන එක තමයි මගේ පොඩි කාලේ විනෝදාංශය වෙලා තිබුණේ. දැන් කියලත් මහලොකු වෙනසක් නෑ. එයාලගනේ ප්‍රශ්න ටිකක් අහලා, දැනුවත් වෙන එක මගේ පුරුද්ද.

road workers working near pedestrian walking battaramulla

52 comments :

  1. මමත් මේ පින්තූර දිහා බලාගෙන ඉදලා ලොකු ආශ්වාදයක් ලැබුණා. මම මේ පැත්තට ආපු මුල් වතාව.
    ජයවේ..

    ReplyDelete
  2. මමත් මේ පින්තූර දිහා බලාගෙන ඉදලා ලොකු ආශ්වාදයක් ලැබුණා. මම මේ පැත්තට ආපු මුල් වතාව.
    ජයවේ. සුබ නත්තලක්.

    ReplyDelete
  3. මමත් මේ පින්තූර දිහා බලාගෙන ඉදලා ලොකු ආශ්වාදයක් ලැබුණා. මම මේ පැත්තට ආපු මුල් වතාව.
    ජයවේ. සුබ නත්තලක්.

    ReplyDelete
  4. මමත් මේ පින්තූර දිහා බලාගෙන ඉදලා ලොකු ආශ්වාදයක් ලැබුණා. මම මේ පැත්තට ආපු මුල් වතාව.
    ජයවේ. සුබ නත්තලක්.

    ReplyDelete
    Replies
    1. මෙයා පළවෙනි දවසෙම හතර පාරක් ඇවිල්ලනෙ.

      Delete
    2. මහේෂ් සමන්ත කුමාර කම්මලගේ...

      Delete
    3. බොහොම සතුටුයි. මම ගමනක් ගියාම ගන්න පින්තූර අතන, මෙතන ඉඳගෙන ගත්තු මගේ ඒවා නොවෙයි. කාට හරි පෙන්වන්න පුළුවන් වටිනාකමක් තියෙන ඒවා. මගේ ෆොටෝ නොගන්නවාම කියන්නෙත් නෑ. නමුත් මේ වගේ තැනකට හොඳ දේවල් තමයි බහුතරය.

      Delete
  5. බොරැල්ල හරස් පාර පටන් ගන්න තැන

    මේ ළමා ඉස්පිරිතාලේ ගාව සයිකල් බසාර් හන්දියද තවමත් මේ වගේමද

    ReplyDelete
    Replies
    1. මේ ගොඩනැගිල්ල තවමත් මේ විදිහටම තියෙනවා...

      Delete
    2. @ඇනෝ : හරියටම එතන තමයි. ළමා වාට්ටුවේ වතුර ටැංකිය ලඟම. තවමත් ඒ වගේමයි. අපේ ඥාති අයියා කෙනෙකුට ඕක අයිති. මිනිහා හරි කුණා. ඒක නිසා මේක හදන්නේ නෑ. නැතිනම් මේ ඉඩම් කෑල්ලම කොච්චර වටිනවද ?

      @ඩ්‍රැකී : ඔව් තවමත් ඔහොමම තමයි.

      Delete
  6.  //මේ වගේ සුන්දර ලඳුන් පිරිසක් දිහා ඇහැ අහකට ගන්නේ නැතිව බලාගෙන ඉන්න පුළුවන් ටිකක් ඈතට වෙලා. සෞන්දර්යාත්මක ඇසකින් මේක දකින්න ඕනේ //

    ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඬල හිනැහුණා :D :D … ඕ යේස්

    ReplyDelete
    Replies
    1. "ගැහැණු ළමයිනේ
      කොහෙද බලා ඉන්නේ
      ඉගිලී යන්නද
      සිතා බලන්නේ
      ගැහැණු ළමයිනේ
      අවට අලංකාරයි නේ
      සිහිනෙන් දුටුදේ විසිරී යයි..."

      Delete
    2. "බලා ඉන්නවානේ
      බලා උන්නෙ සැමදා
      ඔබේ මුහුණ දැකලා
      මැරුණත් කමක් නෑ"

      Delete
    3. බලා ඉන්නම්
      කල්ප ගානක් වුණත්...
      (රොමේෂ් සුගතපාල)

      Delete
  7. මතක ගොඩක්. ස්තූතියි බෙදාගත්තාට.

    ReplyDelete
    Replies
    1. මේ ගමන් ගැන වෙන වෙනම ලියන්න තරම් විස්තර තියෙනවා. ඒත් ඒ තරම් නිදහසක් නෑ. මේක නිකං කොත්තු රොටිය වගේ ඔහේ ඇරලා දැම්මා.

      Delete
  8. ගිණියම් අවුවේ.. මහ වරුසාවේ 'දෙවියෝ වැඩ' ඉන්නේ...
    අව්වෙ ඉන්න එකාට මේක තේරෙන්නෙ 'දෙවියො වැඩ',(ඒ කියන්නෙ අපිව දැකලා නෑ.අපි දිහා බලල නෑ.බිසී) ඒ නිසයි අපි මේ ඉන්නෙ කියලා.
    හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  9. බොහොම රසවත් සිදුවීම් විවරණයක්. ඒ වගේම අගනා පරිසර සංචාර ඡායාරූප පෙළක්. දැන් මම කොතනින් පටන් අරගෙනද අදහස් දක්වන්න ඕනේ කියලා හිතාගන්නත් බැහැ.

    ලංකාවේ සුන්දරත්වය දකින්න දැන් තමයි බොහොම දෙනෙක් ඈත ප්‍රදේශවලට යන්නේ. හැමදාම අනුරාධපුරේ පොළොන්නරුවේ සීගිරියේ ගිහින් වැඩක් නැහැ. යාපනේ ගියත් නගරය විතරක් බලලා වැඩක් නැහැ අර්ධද්වීපයම බලන්න ඕනේ.

    Bridge on The River Kwai චිත්‍රපටිය අදටත් බොහොම පරිස්සමෙන් තියාගෙන ඉන්නවා. එතන white water rafting ගියේ නැද්ද?

    මහන්සිවෙලා යමක් ඉගෙනගත්තම ලොකු සතුටක් දැනෙනවා. මමත් බොහොම ටිකක් ෆොටෝෂොප් ඉගනගෙන පින්තූර කීපයක් හැදුවා.

    ReplyDelete
    Replies
    1. වාර්තාකරණය කියන එක මගේ ඇඟේම තියෙන දෙයක්. ඉස්සර අපි දැක්ක දෙයක් කෙනෙකුට විස්තර කරන්න කොයි තරම් මැරෙන්න ඕනෙද ? දැන් ජංගම දුරකථනයේ තියෙන කැමරාව භාවිතා කරන පුළුවන් මේ වැඩේට. ඇත්තටම මම ලංකාව වටේම රාජකාරි වලට ගිය කාලේ, මොබයිල් එකට කැමරා තියා සිග්නල් වත් හරියට තිබුණේ නෑ. අනික ඔබතුමා කියන්නැහේ සාම්ප්‍රදායිකාව ට්‍රිප් යන තැන් වලට වඩා එහෙම ගියාම සැඟවීවුණු අපූරු තැන් තියෙනවා ඒ ඒ ගම වල අය පමණක් දන්න. අපි කරන්නේ ඒ අයගෙන් අහලා මේ වගේ තැන් නරඹන්න යන එක.

      ඔව් මේ කිසිම දෙයක් අපේ යෞවනයේ තිබුණේ නෑ. එහම වුණානම් කොච්චර වටිනවද කියලා හිතෙනවා.මම පාවිච්චි කරන ෆොටෝ එඩිටින් වලට ලේසි පැකේජ් එකක් තියෙනවා. ඒකෙන් පහසුවෙන් වැඩක් කර ගන්න පුළුවන්. මගේ බ්ලොග් එකේ ඔය උඩින් තියෙන බෝඩ් ලෑල්ල පවා හදා ගත්තේ ඒකෙන්.

      බොහොම ස්තුතියි ඇගයීමට. එහෙම කරන තවත් කෙනෙකුට තමයි මේ වැඩේ අගේ තේරෙන්නේ.

      Delete
  10. බලා ඉඳීල්ල ගැන හොඳටම දන්නේ මම හිතන්නේ ලංකාවේ කෝච්චි වල යන කට්ටිය. මමත් මේ නුවර ඉඳන් ගෙදරට කිලෝමීටර් 12ක් තියාගෙන කෝච්චිය එනකල් වරු ගණන් බලා ඉඳල තියනවා..

    ReplyDelete
    Replies
    1. කෝච්චිය එනකං බලන් ඉන්දිල්ල ගැන නම් කියලා වැඩක් නෑ. මම පොඩි කාලේ බලාගෙන ඉන්නේ අර ටැබ්ලට් එන මැෂින් එක දිහාව. නැතිනම් ට්‍රැක් මාරු කරන තැන. එකම දේ නිතරම දකින්න වීම දඬුවමක්. ගමනේ යත්දී වුණත් එකම ගස්කොලන්, නිවාස, ඇල-දොළ දකිද්දී ඒ වගේ තමයි.

      Delete
  11. අපි මේ බ්ලොග් එක නොලියවෙන්නේ මොකද කියලා බලාගෙන ඉදියට අයියා නිකන්ම ඉදලා නෑ.

    ReplyDelete
    Replies
    1. ලියන්න කොයි තරම් දේවල් හිතට ආවත්, ඒකට හරි වෙලාවක් නෑ. ඔෆිස් එකේදී නම් ඕනෑතර ෆ්‍රී වෙනවා. එවෙලාවට ඉතිං බයිලයක් ගහගෙන ඉන්නවා.

      Delete
  12. හොර ගෙඩිය අද කම්මැලි කමට පෝස්ට් එකක් දාල. මට මතකයි සුධීක නුවරඑළියෙ ගිහින් මොකක්ද ටොයිලට් කේස් එකක් ගැන කිවුව ඒකෙ ෆොටෝ එකක් මෙතන නෑ නේද ? :D

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ෆොටෝ ගත්තේ ෆිල්ම් රෝල් දාන කැමරා වලින්. මගේ ගාව එකක් තිබුණේ නෑ. ඒ නිසා දැක්ක දේ වචනයෙන් තමයි විස්තර කරන්නේ.
      මෙන්න මේ සබැඳියාවෙන් ගිහින් බලන්න.

      Delete
  13. ජීවිතේ දිහා ආපසු හැරී බැලීමක්.හොද පිංතූර එකතුවක් .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෑත කාලය ගැන. බොහොම ස්තුතියි.

      Delete
  14. මාත් පහුගිය ටිකේ අපේ කඩේ ඉස්සරහ අලුතෙන් හදන සම්පත් බැංකුවෙ වැඩ ටික කෙරෙන හැටි බලාගෙන හිටිය. දැන්නං එතන වැඩ ඉවරයි.

    මොනව උනත් අලුත් දෙයක් දිහා ඔය විදියට බලාගෙන ඉන්නඑක එපාවෙන දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සහතිකවම. කොත්තු ගහන තැනක වුණත් බලාගෙන ඉන්න මං හරි ආසයි.

      Delete
  15. මෙන්න බලාගෙන ඉන්නෙක නවත්තලා බ්ලොග් පොස්ට් එකක් ලියනවනම් කොරෝම

    ReplyDelete
    Replies
    1. දැන් බ්ලොග් එක මතක් වෙනවා අඩුයි.

      Delete
  16. එක කාලයක් මට හැමදාම ඉවාන්ව මතක්වෙනවා, ඒකාලෙ ඉවාන් වැඩ කරපු කොම්පැනියෙන් අපේ පාරවල් වහගෙන කාණු හදනවා. ඉතින් ඉබිගමනින් ප්‍රීතියෙන් ඉවාන්ව මතක් කරගෙන යනවා

    ReplyDelete
    Replies
    1. ප්‍රීතියෙන්ම යන්න ඇති හහ් !!

      Delete
  17. බලන්න
    බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන
    බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන
    විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන
    බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න

    යුගෙන් යුගය සතුට සැපත සොය සොයා
    මිනිස් මොළය අහස පොළොව අභිබවා ගියා
    මලින් මලට ඇදන බඹරු නොදැක ඇස පියා
    බලන්න බඹර තුඩක මලක රහස

    බලන්න
    බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන
    බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන
    විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන
    බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න

    කොහෙන් පැමිණ කොහේ යමුද දන්නෙ නෑ
    එදා හොඳද මෙදා හොඳද අපිම දන්නෙ නෑ
    සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ
    සොයන්න මොටද නොතිර ලොවක රහස

    ගායනය - විජය කුමාරතුංග

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකටම ලියපු එකක් වගේ මලේ.

      Delete
  18. මාත් අසයි නිශ්චල දේවල් දිහා බලන් ඉන්න..මුහුද කන්දක් වේලක් එහෙම නැත්නම් ගහක් යට වැඩි වෙලා ඇතින් පෙන අහස දිහා මට ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන්..
    හැබැයි මට යන බස් එකෙන් පාර බලන එක හරි අමාරුයි
    තව උස ගොඩනැගිල්ලක රුෆ් top එකේ හුලන් පාරක් විදින ගමන් කලබල කාරී නගරයක් බලන් ඉන්නකොට හිත මෙවුව වෙනවා

    ReplyDelete
    Replies
    1. කිව්වහම මතක් වුණේ. බොරැල්ල ටවුන් එක ඉහල බිල්ඩිමක ඉඳන් ගත්තු ෆොටෝ එකක් මගේ ගාව ඇතිනේ.

      Delete
  19. ඔන්න උඩ ඉඳන් පහළට බලාගෙන ගියා ;)

    ReplyDelete
  20. මේ විනෝදාංශය හරියට භාවනාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. පස්සේ බලත්දී ස්ථානයයි සිද්ධියයි මතකයට එනවා.

      Delete
  21. පින්තූර මතක ලස්සනයි. ඒත් මට නම් බෑ බලාඉන්ට. :)

    ReplyDelete
  22. සුදීක අයියා... මේ වැඩෙත් අමුතු ගතියක් තියනව.. චිත්තරපටියක් බැලුව වගේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් ! හේ ... ඒවා හැමෝටම හරි යන්නේ නෑ. ඒ විදියට බලන කෙනෙකුට විතරයි.

      Delete
  23. වාර්තාකරණය අපූරුයි... සුදීක ගිහින් තියනවද නෝනාගම ඇඹිලිපිටිය පාරේ තියන ලියන්ගස්තොට අමුණ බලන්න.. ගිහින් නැත්තම් කතරගම පැත්තට යනකොට ගිහින් බලන්න.. ඔයාගේ විඳින විදිහ මට දැනෙන හැටියට ඔයා එතනටත් ආස වෙයි..

    ReplyDelete
    Replies
    1. මදුනාගලට නම් ගිහිං තියෙනවා අප්‍රසිද්ධ කාලෙයි, නවීකරණය කලාට පස්සෙයි. ලියන්ගස්තොට නේ හරි මම යන්නම්.

      Delete
  24. Replies
    1. ආයි සිංහල හැලුනද රජෝ ! මදැයි උඹ ආපු එකම.

      Delete
  25. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොමෙන්ට් ගොඩක් වැටිලා තියෙනවා.
    මෙයින් ඔබ යම් කිසි අපහසු තාවයකට පත්වුණා නම් මගේ බලවත් කනගාටුව..

    ReplyDelete
    Replies
    1. කවුද ඕවා ගණන් ගන්නේ. අර කමෙන්ට් දෙකේ ආදිපාද වගේ නමක් වැටෙනවා මිසක්.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...