ප්රශ්නය : දැනට ලංකාවේ බැංකු වලින් දෙන International Master,Visa Debit කාඩ්ස් ගැන විස්තරයක් කරන්න...Master ආයතනය නිකුත් කරන කාඩ්පත් වලට ලංකාවේදී සහ අන්තර්ජාතිකව ලැබෙන වට්ටම් සහ වාසි පිලිඔවද සහ Visa ආයතනය නිකුත් කරන කාඩ්පත් වලට ලංකාවේදී සහ අන්තර්ජාතිකව ලැබෙන වට්ටම් සහ වාසි පිලිඹඳව හොඳ පැහැදිලි කිරීමක් දෙන්න....
මේ ගැන විස්තර කරන්න කලින් වීසා/මාස්ටර් කියන්නේ මොනවද කියලා කියන්න වෙනවා. මේවා ඇමෙරිකාව මත පදනම් වූ ආයතන. මේ දෙකට අමතරව ඇමෙරිකන් එක්ස්පස් ආයතනය, ජපානයේ JCB ආයතනය ක්රෙඩිට්/ඩෙබිට් ගනුදෙනු පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කරනවා. ඩෙබිට් එහෙමත් නැත්නම් හැර කාඩ් කියන එකේ සාමාන්ය තේරුම තමන්ගේ ගිණුමට සෘජුව සම්බන්ධ කර එහි ඇති මුදල් පරිහරණය කිරීමේ අවස්තාව සැලසීමයි. නමුත් වීසා ඩෙබිට් කියන්නේ VISA ආයතනය සමගින් එකතුව කරන හර කාඩ්පත් සන්නමක්. එයින් පසු ඔවුන් එම පන්නයේ සන්නම් කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. එයින් එකක් තමයි VISA debit කියන්නේ. අනිත් එක VISA Electron. මේ දෙකෙන්ම බොහෝවිට එකම දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ඔබේ ඉතිරි කිරීමේ හෝ ජංගම ගිනුමත් සමග සම්බන්ධ වෙලා එහි තිබෙන ශේෂය මත භාණ්ඩ මිලදී ගැනීම හෝ ATM යන්ත්ර මගින් මුදල් ලබා ගැනීමට ඉඩ සැලසීම. සාපේක්ෂව VISA Debit වලට වඩා VISA Electron පරණයි. මතක තබා ගන්න මේවා ඔවුන්ගේ සන්නම්(Product) නාම දෙකක් පමණයි. Master කියන්නේ VISA වලට ඉන්න ප්රධාන තරගකරුවා. එනමුත් ඔවුන් කාඩ් මගින් කෙරෙන සොරකම් වැළකීම වැනි මෙහෙයුම් වලදී සාමූහිකව කටයුතු කරනවා. දැන් ඔබේ ප්රශ්නය වෙත යොමු වෙමු.
ශ්රී ලංකාවේ සියළුම බැංකු මේ වනවිට වීසා හෝ මාස්ට ර්ජාලයන් සමග එකතුව ඩෙබිට් කාඩ් පත් නිකුත් කරනවා. මෙම ප්රශ්නය අසා බොහෝ කලක් ගත වී ඇති බැවින් ඩෙබිට් කාඩ් ගනුදෙනු තවදුරටත් ආගන්තුක නොවන සමයක් වන අද දින මෙය කියවන ඕනෑම කෙනෙකු ළඟ ඩෙබිට් කාඩ් පතක් තිබෙනවා.
ඒවායෙන් ලැබෙන වට්ටම් පිලිබඳ මෙවැනි සටහනකින් විස්තර කිරීම පහසු නෑ. අද ඔබේ ජංගම දුරකතනයට එවැනි දේ පිලිබඳ අවශ්ය ප්රමාණයටත් වඩා කෙටි පණිවුඩ ප්රමාණයක් ලැබෙනවා ඇති. නමුත් අන්තර්ජාතික පාපන්දු සංගමය (FIFA) ආයතනය ඔවුන් විසින් සංවිධානය කරන කිසදු තරගාවලියක් පවතින සමයක, එම නාමය යොදාගෙන කෙරෙන ගනුදෙනු වලදී කිසිදු ගාස්තුවක් අය නොකිරීමට මේ ආයතන වලට නියෝග කර තිබෙනවා. හොඳම උදාහරණය 2010 දී දකුණු අප්රිකාවේ පැවති තරගාවලිය වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලයේ කෙරෙනු ප්රවර්ධන වැඩසටහන් වලදී 25%ක වට්ටමක් සියළු රන් කාඩ් හිමියන්ට සලසනු ලැබුවා. රුපියල් 1000ක් වූ ඇතුලත් වීමේ ගාස්තුව වෙනුවෙන් අප ගෙවනු ලැබුයේ රුපියල් 750ක් පමණයි. නමුත් ඒ රුපියල් 1000ම ඇතුලත් වීමෙන් පසු භාවිතා කිරීමේ පහසුව සලසා දෙනු ලැබුවා.
ඒ නිසා සහතිකවම අන්තර්ජාතිකව ලෝක කුසලාන පාපන්දු තරගාවලි පවතින සමයන්හී ගාස්තු කිසිවක් අය නොකරන බව සහතිකවම පවසන්න පුළුවන්.නමුත්මේ බොහෝ දේ ලබාදෙන්නේ ක්රෙඩිට් කාඩ්වලට.
ඇත්ත වශයෙන්ම VISA/Master සංකේත සහිතව නම් කාඩ්පත නිකුත් කරන්නේ, ඔබ කාඩ්පත ලබා ගන්නා බැංකුව පිලිබඳ කිසිදු විශේෂයක් නෑ. නමුත් කාඩ්පත පවත්වාගෙන යාම වෙනුවෙන් ඔවුන් අය කරන ගාස්තු, වෙනත් රටවල භාවිතාවේදී අය කරන ගාස්තු බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒ නිසා ඒ - ඒ බැංකු සඳහන් කරන ගාස්තු සහ පොලී පිලිබඳ නිසි අධ්යනයකින් පසුවය ඔබේ බැංකුව ඔබ තෝරා ගත යුත්තේ. මුළින්ම ඔබගේ අවශ්යතාවත් ඉන්පසුව බැංකු ලබාදෙන පහසුකම් සහ ගාස්තු සංසන්දනය කර බැලීමට කාලයක් ගෙන නිවැරදි කාඩ්පත තෝරා ගැනීම ඔබ විසින්ම කලයුතුයි.
ලංකාවේ බැංකුවකින් නිකුත් කරනු ලැබූ International Master හෝ Visa Debit කාඩ් පතකික් වෙන රටකට ගිහිං ඒ කාඩ් එකෙං සල්ලි ගත්තොත් ගන්න මුදලට අමතරව කොපමණ මුදලක් එම රටේ ATM යන්ත්රය අයිති බැංකුව විසින් ලබා ගන්නවාද?? එම ලබා ගන්නා මුදල බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවද...??..ඔය ප්රශ්නයටම අනික් පැත්ත ගහලා ඇහුවොත් විදේශිකයෙක් මෙරටට පැමිණ ඔහුගේ Master හෝ Visa කාඩ්පතින් මුදල් ගත්තොත් අමතරව කොපමන මුදලක් ඔහුගෙන් ඔහු මුදල් ලබා ගන්නා ATM යන්ත්රය අයිති බැංකුව විසින් ලබා ගනියිද?? ඒ මුදලත් බැංකුවෙන් බැංකුව අනුව වෙනස් වෙනවද...එහෙම වෙනස් වෙනවනං එහෙම වෙන්න හේතු මොනවද???
ඔබ මේ ප්රශ්න ඉදිරිපත් කරන්නේ යම් දැනුම සහිතව බව පැහැදිලියි. නමුත් මේවා ඉතා වැදගත් ප්රශ්න. බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නෑ. ගනුදෙනු පිලිබඳ ගාස්තු තනිකරම පනවන්නේ රට කුමක් වුවත් ඒ බැංකුව විසින්. එය ඔවුන්ගේ වියදම් මත පදනම්ව කරනවා. නමුත් වීසා හෝ මාස්ටර් ජාලා භාවිතාව වෙනුවෙන් ඉතා කුඩා ගණනක් ඔබ ලබා ගන්නා හෝ වියදම් කරන මුදලින් ලබා ගන්නවා. මෙය සියයට දශම ගණනක්. නමුත් වෙනත් රටවල ගාස්තු අය වෙන්නේ ඩොලර් වලින්/පවුම් වලින් නිසා, ඒවා අප වැනි රටක කෙනෙකුට දාරා ගන්න අපහසුයි. දැන් පැහැදිලියි නේද බැංකුවෙන් බැංකුවට මේ ගාස්තු වෙනස් වන බව.
ප්රශ්නයේ අනිත් පැත්ත ඉතා සරලයි. අපි ඩොලර් තුනක් අය කලොත් ඒ ගණන අපිට රුපියල් 450 ක් පමණ වුවත්, ඇමරිකාවේ කෙනෙකුට එය ඩොලර් තුනයි. ඔවුන්ට මේවායේ යම් වාසියක් ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඔවුන්ගේ රටවල තිබෙන ආර්ථිකමය ශක්තියට සාපේක්ෂව.ඒවා තමන්ගේ රටේ ජීවත් වුණත් ඔවුන්ට ලැබෙන දේවල්.නිතරම විදෙස් ගත වෙන කෙනෙකුට වඩා පහසුයි ලංකාවේ තියෙන විදේශීය බැංකුවක කාඩ් පතක් ලබා ගැනීම. මොකද ඔවුන්ගේ ශාඛා ජාලය පුළුල්. තමන්ගේ ගනුදෙනුකරුවෙකුට ඔවුන් අඩු ගාස්තු විදේශයකදී වුවත් ලබා දෙනවා. නැවතත් ලංකාවේ බැංකු වුවත් මේ ගාස්තු අතර වෙනස් කම් තියෙනවා. එහෙම වෙනස් වීමට හේතුව වෙළඳපොල අනුව ඔවුන් තීරණය කරන මුදල.
Internet Banking වලදී හොඳ සේවාවක් සපයන සහ වඩා කාර්යක්ෂමව ගනුදෙනු කල බැංකුව මොකක්ද??....එහෙම වෙන්න ඒ බැංකුව Internet Banking සේවාව ලබා ගන්නා පාරිභෝගිකයන්ට ලබා දෙන පහසුකම් මොනවාද??
මේ ප්රශ්නයට පිළිතුරැ දෙන්න අවශ්ය තොරතු මා සතුව නෑ. එහෙම කරනවා නම් ලංකාවේ සියළු බැංකු වලින් ඒ පහසුකම ලබාගෙන සෑහෙන කාලයක් ගනුදෙනු කරන්න ඕනේ. නමුත් ඒ ගනුදෙනු වෙනුවෙන්ම ක්රෙඩිට් කාඩ්පතක් නොමැති අය වෙනුවෙන් මා දන්නා තරමින් සම්පත් බැංකුව වෙබ් කාඩ්පතක් ලබා දෙනවා. එහි තිබෙන වාසි තමයි ඔබ කලින් තැන්පත් කල මුදලක් නිසා එහි ප්රමාණය පිලිබඳ ඔබ දැනුවත්. ඒ වගේම දරාගැනීමට හැකි වියදමක්.
මේකටත් කලින් ප්රශ්නෙටම දුන් උත්තරය එක පැත්තකින් දෙන්න වෙන්නේ. මොකද එහෙම කරන්න නම් ලොකු රිසර්ච් එකක් කරන්න වෙනවා. ඔබ මේ තොරතුරු හොයන්නේ එවැනි අදහසකින්ද කියන සාධාරණ සැකය ඔබේ ප්රශ්න මත ඇති වෙනවා. නමුත් එක දෙයක් කියන්න පුළුවන්. ගනුදෙනු කරුවා User Interface ගැන එතරම් වැඩ වෙන්නේ නෑ මේ කාර්යයේදී. අවශ්ය වෙන්නේ වඩාත් සරල, පැහැදිලි, ඉක්මනින් ලෝඩ් වෙන, ගනුදෙනුකරුවාට හුරුපුරුදු එකක් තිබීම. වඩා හොඳ කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒ කියන්නේ එහි සිත්ගන්නා ස්වරූපය භාවිතා කරන කෙනාගේ රුචි අරුචි මත වෙනස් වෙනවා. මගේ ඉන්දියන් මිතුරෙක් ICICI බැංකුවේ ඔන්ලයින් බෑන්කින් මා සමග සිට ගනුදෙනුවක් කළා. එය ඉතා සිත් ගන්නා සුළු එකක්.
මේක ඉතා වැදගත් ප්රශ්නයක්. ඔබ යම් වෙළඳ ආයතනයකින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා ගෙවිය යුත්තේ එහි සඳහන් මිල හෝ ඊට අඩු අගයක්. මොකද සමහර වෙළඳ ආයතන කාඩ් ගනුදෙනු කරුවන්ට වට්ටම් ලබාදෙන නිසා. නමුත් කාඩ්පතින් ගෙවන විට අමතර 2%,3%,3.5% වැනි මුදල් වෙළෙන්දන් ඉල්ලා සිටිනවා. එවැනි මුදලක් ගෙවීම ප්රතිෂේප කරන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ POS යන්ත්රයට අදාළ බැංකුව විමසා ඔවුන්ට ඇමතුම ඒ මොහොතේම ලබා දෙන්න. එම කොමිස් මුදල වෙලේන්දාගෙන් අය කරන්නේ අදාළ කාඩ් මධ්යස්ථානය. සමහර කූඨ වෙළෙන්දන් එය ගනුදෙනුකරුගෙන් ලබා ගන්නවා, නැතිනම් ලබාගැනීමට තැත් කරනවා. එය සම්පූර්ණයෙන් වැරදි ක්රියාවක්.
ලංකාවට NFC ඇති ජංගම දුරකතන මගින් බිල්පත් ගෙවීම් වැනි කාර්යක්ෂම තාක්ෂණ ක්රම එන්න තව කොච්චර කල් යයිද??? ... ඒ ආවත් ඒ ඒවා සුපිරි වෙලද සැල් වලට සීමා වෙයිද....??....මෙවැනි තාක්ෂන සහිත උපකරණ නිකුත් කරන්නේ බැංකු විසින්ද??..උදාහරණයකට ගොඩගේ book shop එකට NFC Payment Machine ගැනීමට අවශ්ය වූවා යයි සිතමු...එවිට එය මිලදී ගත යුතු වන්නේ ලංකාවේ බැංකුවක් හරහාද??
NFC කාඩ් සහ ඒවා ඇති මොබයිල් කියන්නේ දෙකක්. කාඩ්පත් නම් නිකුත් කරන්නේ බැංකු පමණයි. ක්රෙඩි කාඩ්පත් නිකුත් කරන බැංකුවක කාඩ් මධ්යස්ථාන තමයි NFC මගින් මුදල් ලබාගැනීමට හැකි යන්ත්ර හඳුන්වා දිය යුත්තේ. මේවා සඳහා වැයවන මූලික පිරිවැය වැඩියි. ඒ කාඩ්පත් කස්ටමයිස් කරන ස්ථාන ලංකාවේ නෑ. ඉතින් අඩුම වශයෙන් අපි ඒවා ඉන්දියාවට හෝ යවා එම සේවාව ලබාගත යුතුයි. ඉතින් එක් කාඩ්පතක් වෙනුවෙන් වැයවන පිරිවැය වැඩියි. ලංකාවේ තවමත් නෑ. HNB බැංකුව ඒ සඳහා ඉදිරිපත් වුවත්, තවමත් එය සිදු කර නෑ. තවමත් ඒවා ලංකාවේ නෑ. හඳුන්වා දුන් මුල් කාලයේ ඒවා සුපිරි වෙළඳ සැල් වලට සීමා කරනවද කියන කාරණය, ඒ බැංකුවේ තීරණයක්. ඔව් රටක මහා බැංකුව ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නේ මූලිකව බැංකු වලට, නමුත් මොබයිල් මගින් කෙරෙන ගනුදෙනු වෙනම අංශයක්. ඒවා ජංගම දුරකථන ආයතන මගිනුත් කරගෙන යනවා. ඔව්. ගොඩගේ මහතා ඒ ගැන විමසිය යුත්තේ ලංකාවේ බැංකුවකින්. ඉදිර්යේදී මේ අවස්ථා තුන්වෙනි පන්තියේ ආයතන වෙත ලබාදෙයිද කියා දැන්ම කියන්න බෑ. මූල්ය නොවන ආයතන වෙත එවැනි අවස්ථා දීමේ හැකියාව අඩුයි. නමුත් එයට කලින් EMV තාක්ෂණය ප්රචලිත වේවි. දැනටමත් තරමක් දුරට එය සිදුකර හමාරයි. ඒ චිප් කාඩ්පත් මගින් ගනුදෙනු කරන යන්ත්ර.Global Payments වැනි ආයතන අයකරගනීමේ යන්ත්ර ලබාදීමේ කටයුතු වල යෙදී සිටිනවා. ඔවුන්ගේ නමින් කියැවෙන පරිදි ලෝක මට්ටමේ ආතනයක් නිසා පිළිගැනීම වැඩියි.




