Showing posts with label පර්යේෂණ(Research). Show all posts
Showing posts with label පර්යේෂණ(Research). Show all posts

Friday, April 17, 2015

වයි-ෆයි ඔබේ සෞඛ්‍යයට අවදානම්ද ?...... Is Your Health at Risk From Wi-Fi ? ......

Wi-Fi signal in wall tiles Blue and Dark Blue

අප ජීවත් වන්නේ රැහැන් රහිත තාක්‍ෂණයකින් දිවෙන යුගයකයි. අපගේ එදිනෙදා ජීවිතයේදී ජංගම දුරකථනය සහ වයි-ෆයි තාක්‍ෂණය  යොදා ගැනීම අතිශය සාමාන්‍ය දසුනක්. කොහොමනමුත්, අප වැඩි අවධානයක් යොමු නොකරන මේ රැහැන් රහිත තාක්ෂණයේ භයානකත්වයක් තිබෙන බව පෙනී යනවා.

සෞඛ්‍යමය කාරණා

දින 365හේ පැය 24 හිම, සෙල්ෆෝනය සහ වයි-ෆයි භාවිතයේ පැවතීම සමහර පුද්ගලයන්ට සෞඛ්‍ය ගැටළු සහ ප්‍රශ්න ඇති වීමට හේතු වූ බව චෝදනා කරනවා. කවුරුවත් තමන්ගේ සෙල්ෆෝනය හෝ වයි-ෆයි සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කර දමන්නේ නැහැ. එනිසා අප අතිවිශාල විද්‍යුත් චුම්බක තරංග රළකට උවමනාවටත් වඩා නිරාවරණය වී සිටිනවා. 

 හිස කැක්කුම, නිදිමත නැති වීම, සිත එකඟ කර ගැනීමට නොහැකි වීම, විඩාපත් බව, කැරකිල්ල සහ අක්‍රමවත් හෘදස්පන්දයනයත් ඇතුළුව, විද්‍යුත්-චුම්බක සඳහා සංවේදී භාවය පුළුල් පරාසයක රෝග ලක්ෂණ ප්‍රමාණයකට සම්බන්ධ වනවා. මේ පිලිබඳ සිදු කෙරෙන පර්යේෂණ, තවමත් මේ රෝග ලක්ෂණයන් සඳහා විද්‍යුත්-චුම්බක තරංග හේතු වන බවටම ඔප්පු කිරීමට ඉතිරිව ඇති මුත්, ඒ සඳහා පෙර පරිස්සම් වීමේ උපාය මාර්ග ගැනීම තවමත් ඉතා වැදගත් වනවා. එය කල හැක්කේ ජංගම දුරකථන, විදුලි උපකරණ සහ රවුටර් වැනි උපකරණ සැලකියයුතු දුරකින් තැබීමෙන්. එමගින් විද්‍යුත්-චුම්බක කිරණ වලට නිරාවරණ අඩු කර ගත හැකිය.

පෙර පරිස්සම් වීමේ උපාය මාර්ග 

ජංගම දුරකථන භාවිතා කරනවිට කණේ පළඳින ස්පීකර් භාවිතාව සහ ඔබේ සිරුරට හැකිතාක් දුරකින් එය තබාගෙන සංවාදයේ යෙදීම, ඔබ නිතර ගැවසීමට හොඳටම ඉඩකඩ ඇති  ස්ථාන ආසන්නයේ රවුටර් නොතැබීම සහ විදුලි උපකරණ ඔබේ සයනයෙන් අඩුම තරමේ අඩියක් වත් ඈතින් තැබීම මෙම උපාය මාර්ග වලට ඇතුලත්. 

කරුණු

මෙම කරුණට අදාළ සෞඛ්‍ය ගැටළු කිහිපයක් ඇති බව මෑතකදී සිදුකෙරුණු ඩෙන්මාර්ක අධ්‍යනයක් පෙන්වා දෙනු ලබනවා. ඩෙන්මාර්ක සිසුන් සීඝ්‍රයෙන් වැඩෙන සලාද වර්ගයක බීජ 400ක් කොටස් දෙකකට වෙන් කර කාමර දෙකක තබනු ලැබුවා. මෙම කාණ්ඩ දෙකටම සමාන ප්‍රමාණයක සත්කාරයන් කරනු ලැබුවා. නමුත් එක් කාමරයක් අසල වයි-ෆයි රවුටර තැබුවා. දින 12කට පසුව, රවුටර ආසන්නයේ ඇති කාමරයේ ඇති බීජ  වලින් අංකුර ඇදී වැඩුනේ නෑ. නමුත් අනෙක් බීජ කොටස සාමාන්‍ය ආකාරයට වැඩුනා.

විද්‍යාඥයින් සහ පර්යේෂකයින් සැලසුම් කර තිබෙනවා  විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර, සාමාන්‍ය ජංගම උපකරණ ක්‍රියාවලියක් මගින් ලබා දෙමින්, මෙම අධ්‍යනය නැවතත් සිදු කරන්න. 

මේ අතර වාරයේ, ඹබ වටා ඇති තාක්ෂණික උපකරණ වල ඇති භයානකත්වය පිලිබඳ දැනුවත් වීමට කාලය එළැඹ ඇත. ඒ සඳහා ඉදිරිපත වී මෙම දැවැන්ත ශක්ති ප්‍රභවයන්  පිලිබඳ කථිකාවක් ඇති කර ගන්න. භාවිතා නොකර අවස්ථා වල රවුටර් ක්‍රියා විරහිත  කරන්න. එම ක්‍රියාවන් දිගුකාලීනව සිදු කිරීමේ ප්‍රශංසාව ඔබටම හිමි වනු ඇත.  

තොරතුරු සහ පින්තූර මුලාශ්‍ර www.wellnessbin.com වෙතින්.

_______________________________
දැන් ඔබට මෙහි ඇති ඕනෑම කොටසක් හයිලයිට් කොට ට්විටර් සහ ෆේස්බුක් වෙබ් අඩවි වල බෙදා හරිය හැක. 

Saturday, March 28, 2015

මෙන්න කරනවා නම් වැඩ : ශ්‍රී ලංකාවේ නම් දිග වැඩිද ? Are Sri Lankan names too long ?

ආහ් ! අයිඩියාස් ගැන මා කොතැනක හෝ ඔබට පවසා ඇතත්, මට එය පිළිපදින්නට නොහැකි වීම නිසා මාසයක් පමණ කාලයක් බ්ලොග් සටහනක් නොලියා සිටින්නට මට හැකි විය. යම් දෙයක් පිළිවෙතක් සේ කරගෙන යනවිට අබිං කෑවා සේ කරගෙන යන මා, එම ක්‍රියාව නවතුවහොත් ඒ පැත්ත වත් නොබලා, එහෙම දෙයක් කළාදැයි විචාරයක් නැතිව සිටින්නටද ඒ ලෙසම දක්ෂය. මගේ මේ ලක්ෂණයට විටෙක මගේ සමීප මිතුරන් සිනා සේ. මා අලුතෙන් දෙයක් පටන් ගන්නා විට "වැඩි කලක් කරන එකක් නෑ" යන්න ඔවුන්ට හිතෙන දේ විය හැක. නමුත් කියන්න අවැසි දේ පසෙක ලා මා මාතෘකාවෙන් පිට පැන්න අවස්ථාද මාගේ බ්ලොග් අත්දැකීම තුල විරල නැත. ඉන් සිදු වන්නට ගියේද එවැනි වැඩකි. තවත් මොහොතක් ගියානම් මා මා ගැනම ස්වයං විවේචන ලිපියක් ලිය හමාර කරන්නට ඉඩ තිබුණි.
Pen and the application form
පින්තූරය ගත්තේ : http://www.sra.gov.ph/

මිනිස්සුන්ගේ නම් ගැන මට තිබෙන්නේ පුදුම උනන්දුවකි. ඕනෑම කෙනෙකුගේ නමක් ඇසු විට ඒ ගැන මොහොතක් කල්පනා කිරීම මගේ සිරිතය. මේ වනවිට නම් සම්බන්ධ පොස්ට් කිහිපයක්ම ලියා තිබේ. ඒ කලින් කී කුතුහලය නිසාය. නමුත් මාගල් වැනි දිග නම් තිබීමෙන් තමන් මෙන්ම අනෙක් අයද අපහසුතාවට පත්වන බව ඔබටත් සිතුනාද ? මේ මාතෘකාව මගේ සිතට ආවේද  ආහ් ! අයිඩියා එකක් විලාසය. වාසනාවකට අද උදෑසන මගේ මතකයට එය යලිත් ආවේය. නැතිනම් එයද ගං ජලයට විසි කල ගල් කැටයක් මෙන් එහි පතුල සොයා යනු ඇත.

මෙය කොතනින් පටන් ගන්නදැයි මගේ සිතට දෙගිඩියාවක් දැනේ. දෙගිඩියාව යනු යම් දෙයක් ගැන දෙපැත්තට සිතීමය. "එක්කෝ කරනවා - අනේ බෑ. එහෙම කරලා ලෙඩක් වැටෙයිද ?" වගේ සිතුවිල්ලකට වැටීම දෙගිඩියාව ලෙස අපි දකිමු. සමහරවිට තුන් පැත්තකට හිතන්නට වෙන වෙලාවල්ද තිබිය හැක. එයට අපි තෙගිඩියාව යයි නොකීවද, ඇත්ත වශයෙන්ම භාවිතා කළ හැකි වචනය එයයි. හොඳයි, අපිට ඒ වගේ හතරක්, පහක්, හයක් හතක් අන්ත එකවිට පොදි ගැසෙන විට අප භාවිතා කල යුත්තේ කුමන වචනයක්ද ? සිවුගෙඩියාව, පන්ගෙඩියාව, හයගෙඩියාව, හත්ගේදියාව, අටගෙඩියාව.... වගේ ඒවාය. ඔහොම හිතන්නට ගියහොත් තව අපූරු වචන එලියටා එන්නට හැක. නමුත් මේ වෙලාවේ මට එන්නේ මල්ටිගෙඩියාවකි.

හොඳයි මට තියෙන ප්‍රශ්නය "ලංකාවේ අපේ නම් මෙච්චර දිග ඇයි ?" මෙය සමාජ ප්‍රශ්නයක් නොවේද ? ඇත්ත වශයෙන්ම මෙය ප්‍රශ්නයක්. මොකද අපේ පැරණි අය නම් දමා ගැනීමේදී "යකා දොඩංගොඩ බදා ගත්තා වගේ" ප්‍රතිපත්තියක් අනුගමනය කලද ? යම් අයෙක් ඔබ අමතන්නේ එක් නමකිනි. රාජකාරි මට්ටමෙන් නම් නම සහ වාසගම සමග නම් දෙකකිනි. නැතිනම් භාවිතාවට පහසු නමකිනි. මේ වෙලාවේ දහසක් උදාහරණ ඔබේ හිතට එන බව මම දනිමි. අපේ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍රරාජපක්ෂ වුවද මේ රටේ හෝ ලෝකයේ ඔහු දන්නා අය ඔහුට අමතන්නේ මහින්ද රාජපක්ෂ යනුවෙනි. මගේ කාර්යාලයේ දම්මිත් නමැති මිතුරෙකු සිටී නමුත් කිසිවෙකු ඔහුට දම්මිත් යනුවෙන් අමතන්නේ නැත. දම්මික යන ආමන්ත්‍රණයට පහසු නමකින් සියල්ලෝම ඔහු අමතයි. 

අපේ කාර්යාලයේ ප්‍රශාන්තිලා දෙදෙනෙකු ඇත. ඔවුන් ලොකු ප්‍රශාන්ති සහ සහ පොඩි ප්‍රශාන්ති යනුවෙන් මුලින් අමතා පසුව පොඩි ප්‍රශාන්තිට "පොඩ්ඩි" යනුවෙන් අමතන්නට පටන් ගෙන ඇත. දැන් ඇය පොඩ්ඩිය. නමුත් ඇගේ නියම නම ප්‍රසන්ති ය, මේ වගේ උච්චාරණයට අමාරු නම් ජනතාව කිසිදු විටක බාර නොගනී. ඔවුන්ගේ දෙමාපියන් දහසක් බලාපොරොත්තු ඇතිව ඇයට තබන ලද අපූරු නමට පින් සිදු වන්නට අද ඇය පොඩ්ඩි බවට පත් වී ඇත. මේ මොහොතේ නොකියාම බැරි තවත් කාරණයක් මගේ මතකයට එයි. ඒ මා බැංකුවට බැඳුනු මුල් කාලයේ අත්දැකීමකි. ඉහත කී උදාහරණය නිසා මා "කොටා" නොවී බේරුණේ අනුනමයෙනි. කතාව මෙසේය. 

මා ඉපදී හැදී වැඩුණු බෙන්තොට නොහොත් බෙන්තර ගමේ සියල්ලන්ම පාහේ මා අමතන්නේද, මා ගැන දන්නේද "සුභාෂ්" යන නමිනි. ඉතිං බැංකුවට ආ විට මගේ නම විමසන විට එය සුභාෂ් යනුවෙන් කියූවේ පුරුද්දටය. නමුත් මෙතන පොඩි කොස්සක් තිබුණි. ඒ මා සමග තවත් සුභාෂ් කෙනෙකු මේ දාහත් දෙනෙකුගේ කණ්ඩායමේ සිටීමය. නමුත් අහඹු ලෙස ගත්විට ලංකාවේ මිනිසුන් ලක්ෂයක සුභාෂ් ලා දෙදෙනෙකු සොයා ගත හැකිද ? වඩා රසවත් කාරණය අනෙකා මට වඩා අඟල් හය හතක්ම උස වීමයි. ටික දිනකින් ඔහු "උස සුභාෂ්" ද, මා නිකම්ම සුභාෂ් ද යනුවෙන් යනුවෙන් අමතන බව මට දැනිණි. නමුත් ඔවුන්ගේ පෙර අත්දැකීම් අනුව උස කෙනාට "දිගා" යනුවෙන් අමතනු දැක ගත හැකි වූ අතර, මෙවර එය සුභාෂ්ට පට නොබැඳෙන බවට සහතිකය. මිටි සුභාෂ් යනුවෙන් එකෙකු හෝ මා ඇමතීමේ අවදානම ඇත, සමහර විට කෙනෙකු කොට සුභාෂ් යනුවෙන් මා ඇමතිය හැක. එසේ වුවහොත් වැඩි කාලයක් යන්නට මත්තෙන් මා කොට සුභාෂ් වී පසුව කොටා වනු ඇත.  එවෙලාවේ බුද්ධිමත්(කට්ට) වූ මා ඉල්ලා සිටියේ මට දිල්රුක් යනුවෙන් අමතන ලෙසය. එවැනි වෙලාවල් වල උපක්‍රමිකව පල්ලම් බැසීම ප්‍රඥාගෝචරය. :)


මිනිසුන්ට කෙතරම් දිග නම් තිබුනද, සෙසු අය ඔවුන්ව අමතන්නේ ආමන්ත්‍රණයට පහසු නම් දෙකකිනි. අපේ රටේ අයගේ නම් දිග වැඩි යයි මැසිවිලි නගන්නේ විදෙස් රටවල ආගමන විගමන නිලධාරීන් බව ඔබ දන්නවාද ? ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සකස් කෙරෙන පාස්පෝට් ලියවිල්ල හොඳම උදාහරණයය. එහි මාගල් වැනි දිගු නම් වලට ඉඩ නැත. ඔබේ නමින් කොටසක් එයින් ගිලිහී තිබෙනු සමහරවිට ඔබ දැක තිබෙන්නට පුළුවන්. ඒ පෙර කී ප්‍රමිතිය නිසාය. ඔබේ උප්පැන්න සහතිකය දෙස විමස්ලිමත්ව බැලුවොත් එහි නම ලිවීවට ඇති ස්ථානයේ පේලි දෙකකට නම් ලිවීමට ඉඩ ඇති බව පැහැදිලි වනු ඇත. නමුත් එසේ නම් දහයක් පමණ තිබීම කාගේ පහසුවට හේතු වේද ? මේ ඒවා නිවැරදි කර ගැනීමට කදිම කාලය බව මට මෙන්ම ඔබටද සිතෙන්නට හැක. ඔබට කොපමණ දිග නමක් තිබුනද, ඉන් ලැබෙන වාසියක් නැත්තේය. එකම වාසිය වන්නේ ඔබව යම් වරදකට නීතියේ රැහැනට කොටු කිරීමට ඇති පහසුව පමණි. ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගන්නා විට "ඔබේ මවගේ අවිවාහක නම" කුමක්දැයි අසන්නේද මේ කාරණයටය. හේතුව ඔබව තනිකර අඳුනා ගැනීමට බව ඔබට නොසිතෙන්නට ඇත.  මෙය වෙනත් ජාතීන්ට ගැටළුවක් වුවද අපටනම් මහලොකු ගැටළුවක් නොවේ. 

හිතන්න, අපේ රටේ මුස්‌ලිම ජාතිකයන් නම් තබන ආකාරය. බොහෝ දෙනෙකුට මොහොමඩ් හෝ අහමඩ් කියන පොදු නාමය ඇත. බොහෝ දෙනෙකුට මොහොමඩ් කෑලි දෙකක් ඇත. උදාහරණයක් ලෙස "මොහොමඩ් රියාස් මොහොමඩ් ඉර්ෆාන්" මෙහි මොහොමඩ් රියාස් යනු ඔහුගේ පියාගේ නමේ කොටසකි. මේ ආකාරට ඔහුගේ පුතෙකුට නම් තබන විට මොහොමඩ් ඉර්ෆාන් යනුවෙන් නම් තැබීම කරනු ඇත. අපේ දමිළ සහෝදරයෙකු නම් තබන්නේ පියාගෙන් නම මුලට ගෙන වෙනත් නමකිනි. මුත්තයිය්යා මුරලිදරන්ගේ පියාගේ නම අවසන් වන්නේ මුරලිදරන් මුත්තයියා (රසිකලොජිස්ට් ගෙ නිවැරදි කිරීම අනුව)යනුවෙනි. මේ ආකාරයෙන් නම් තැබීම නිසා එම ජාතීන් දෙකට තිබෙන්නේ සීමිත නම් ප්‍රමාණයකි. වෙනත් යුරෝපීය ජාතීන්ටද සීමිත නම් ප්‍රමාණයක් ඇත. එවැනි නම් ඇති අවස්ථාවක හරියටම කෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට නම් මවගේ අවිවාහක නම වැදගත් වේ. නමුත් කෝල් සෙන්ටර් වල සිටින කොල්ලන් කෙල්ලන් මෙය පුද්ගලයන් හඳුනා ගැනීමට යොදා ගැනීම අද විහිළුවක් බවට පත් වී ඇත. මෙසේ මවගේ නම වැදගත් වන්නේ කලින් කී මොහොමඩ් රියාස් මොහොමඩ් ඉර්ෆාන් යනුවෙන් නම ඇති සමාන පියවරුන්ගේ නම් ඇති අය බහුලව සිටින නිසාය. දමිළ නම් වලද මේ සම්භාවිතාවන් වැඩිය. 

ලංකාවේ සිංහල කෙනකුට තිබෙන සාමාන්‍ය නම් ගණන කවුරුන් හොඳ ගණනය කර ඇතිද ? එය විශ්ව විද්‍යාල සිසුවෙකුට කරන්නට කදිම ව්‍යාපෘති මාතෘකාවක වනු ඇත. දකුණු කොරියාවේ පිරිමින්ගෙන් 92% කට "කිම්" යන නාමය ඇති බව මා කියවා ඇත. එවැනි පොදු නාම රටක පැවතීම සාමාන්‍ය වුවද, නම් පහක් හයක් පැවතීම අසාමාන්‍ය ලක්ෂණයකි. 

මගේ මතකය දිව යන්නේ මා මහජන බැංකුවට එකතු වූ මුල් කාලයටය. එකල අපට ශාඛා පරිගණකගත කිරීමට දත්ත ප්‍රවේශනය කිරීමට සිදු විය. එවැනි විටෙක "ඇත්තටම මොකටද මෙච්චර දිග නම් ?" කියන සිතුවිල්ල මට සිය දහස් වරක් ඇති විය. 1998 දී අප දෙපාර්තමේන්තුවට එකතු වූ එක් සොයුරියක් නිසා අපගේ වැටුප් වලට අදාළ පරිගණක පද්දතියක නම සඳහා ඇති ඉඩකඩ වෙනස් කිරීමට සිදු විය. හේතුව අැගේ නමට මුලකුරු දහයක් පමණ පැවතීමයි. එනිසා ඇගේ සම්පූර්ණ නම ඇතුලත් කිරීමට නම් පද්දතියේ ඒ සඳහා වන ඉඩකඩ පුළුල් කිරීමට සිදු විය. පුද්ගලයෙකු හඳුනා ගැනීමට ප්‍රමාණවත් වන නාමයක් හැරෙන්නට ඒ පුද්ගලයාගේ ගම, දරන ලද පදවි තානාන්තර ආදිය එකතු කිරීම ඇත්ත වශයෙන්ම විහිළුවකි. මේවා අතීතයේදී නම්බුවට කාරණා වුවද අද කාලයේදී වෙනස් විය යුතු බව පැහැදිලිය. මගේ දියණියට නම් තැබීමේදී මේ සම්ප්‍රදාය වෙනස් කිරීමට මා උත්සාහ කලද, මගේ මවගේ දැඩි පෙරැත්ත කිරීම මත මටද හැම දෙනාම යන පාරේ යන්නට සිදු වියේ.

අප මෙසේ නම් කෙටි කර ගත යුත්තේ ඇයි ? වසර දෙදාහේදී සෑම දිනයක්  සඳහන් වන තැන එහි වර්ෂය  අංක හතරකින් ඉදිරිපත් කිරීමට සිදු වූවා ඔබට මතක ඇත. ඒ පිලිබඳ සමීක්ෂණයක යෙදුනු එක් පුද්ගලයෙක් එම කටයුත්ත නිසා වසරක් වෙනුවෙන් සිදුවන මුද්‍රණ වියදම(එක් ආයතනයක) ගණන් බලා තිබුණි. එය මිලියන ගණනක් බව මගේ මතකයයි. අප මොහොතකට සිතමු, ශ්‍රී ලංකාවේ සෑම පුද්ගල නාමයක්ම නම් දෙකකට සීමා කළා කියා. එනිසා ලබා ගත හැකි ලාභය කොපමණද ? එවැනි නමක් සඳහන් වන සෑම ස්ථානයකම යම් ඉඩ ප්‍රමාණයක් ඉතිරි වේ. උප්පැන්නය, ජාතික සහ කාර්යාල හැඳුනුම්පත්, සියලුම පරිගණක පද්දති වල නම් සඳහා තැබෙන ඉඩ ප්‍රමාණය, මේ සියල්ලේම මුද්‍රණ වියදම්, සියල්ල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගත හැක. දුරකථන නාමාවලියක ප්‍රමාණය අර්ධයක් වනු ඇත. ප්‍රවෘත්ති පත්‍ර, සඟරා වලද ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇත. පරිගණක පද්දති සඳහා වැය වන මුදලද අඩු වනු ඇත, ඒවා බැකප් කරන ටේප්, සී.ඩී. පට සහ පෙන් ඩ්‍රයිව් වල ධාරිතාවද සෑහෙන ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැක. ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වලටද පැටවෙන බර අඩු වනු ඇත. 

මෙවැනි රැඩිකල් වෙනසක් ඇති කල හැක්කේ රටක පාලනයටය. එවැනි වෙනසක් කළහොත් රටේ සමස්ත කාර්යක්ෂමතාවද යම් මට්ටමකින් ඉහල යනු ඇත. මන්ද මේ නම් කියවීමට යන කාලය වුවද මිලට සම කල හැකි ධනයක් වීම නිසාය. 

බුදු දහම අදහන රටක සිටින අපි නාමයක් - රූපයක් නැති ආත්මයක් සඳහා කෙටි කාලීන නම් දීමේදී මෙතරම් ආත්මාර්ථකාමී වන්නේ ඇයි ?

______________________

යලිත් බ්ලොග් සටහනක් ලිවීමට මට බල කල එලද බ්‍රා මෙන්ඩියාගේ ඉල්ලීමට ඇහුන්කන් දීමක් වශයෙනි.

Thursday, August 21, 2014

ශ්‍රී ලාංකිකයන් ඕපදූප/තොරතුරු පිපාසයෙන් පෙලෙන්නෝද ? ...... Are Sri Lankans hunger in Gossip/Information .....

මේ අදහස මගේ හිතට ඇවිත් බොහෝ කාලයක් වුවත්, ඒ පිලිබඳ පර්යේෂණය කිරීම තව-තවත් පසුපසට දැමුනේ ලිවීමට වෙනත් මාතෘකා තිබීම සහ කාලය පිලිබඳ ගැටළු නිසාය. මේ පිලිබඳ සොයා බලන්නට මගේ හිතට අදහස ආවේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේය. එකල මා භාවිතා කල බ්‍රවුසරය වුයේ ෆයර්ෆොක්ස්ය. ඒ සඳහා තිබු දිගුවන්(Extension) අතර මා වඩාත් ප්‍රිය කළ එකක් වූ Alexa Traffic Rank එක නිරතුරුවම මා බ්‍රවුසරයට එක් කරගෙන තිබුණේ, එදා defence.lk සහ tamilnet.com සඳහා වන පිවිසුම් වල ප්‍රමාණය දැන ගැනීමටය. සමහරවිට ලොව පුරා විසිරී සිටින සිංහල/දමිළ අය ඕපාදුප හෝ තොරතුරු හොයන්නට පටන් ගන්නේ මේ යුද්ධය නිසාම වන්නට පුළුවන. 
පින්තූරය ගත්තේ : www.picturequotes.com

ගොසිප් වෙබ් අඩවි වල මූලිකම අරමුණ වනුයේ ජනතාවට නිවැරදිව තොරතුරැ වාර්තාකරණය නොව තමන්ගේ අඩවියට බොහෝ දෙනෙකු ආකර්ෂණය කර ගැනීමය. අද බොහෝ ජනමාධ්‍යද නිවැරදි සහ වේගවත් තොරතුරු වාර්තාකරණයෙන් බැහැර වන්නේ කලින් සඳහන් කල ට්‍රැෆික් රෑන්ක් හෝ රේටින්ග්ස් නිසාවෙනි. වැඩිම දෙනෙකු නරඹන, වැඩිම දෙනෙකු කියවන හෝ වැඩිම දෙනෙකු පරිශීලනය කරන නාලිකාව, ප්‍රවෘත්ති පත්‍රය හෝ වෙබ් අඩවිය වීම මේවායේ අරමුණ වී තිබීම එයට හේතුවයි. එම වර්ගීකරණ වල හිනිපෙත්තේ රැඳීම එකී ආයතන වලට වෙළඳ දැන්වීම් ලබා ගැනීමේ ලා ප්‍රමුඛ කාර්යයක් සිදු කරයි. සියල්ල දැන්වීම් මත පදනම් වන යුගයක ඒවායේ හරි වැරදි සොයා බැලීම කෙතරම් යුක්තිසහගතදැයි නොදනිමි. මන්ද ආයතනයක පැවැත්ම පවා ලැබෙන ආදායම මත පදනම් වන නිසාය.

නමුත් මාගේ සිත්ගත් කාරණය වෙනකකි. ඒ සිංහලයා හෝ අඩු වැඩි වශයෙන් දමිළයා මේ තරමට තොරතුරු පසුපස හඹා යන්නේ ඇයිද ? යන්නයි. එයට ප්‍රධාන හේතුව මා කලින් සඳහන් කලාක් මෙන් දශක තුනක් පැවති යුද්ධයම නම්, මේ වනවිට එය සමනය වන්නට ප්‍රමාණවත් කාලයක් පසු කොට ඇත. අඩු වැඩි වශයෙන් මානව හිමිකම් පිලිබඳ කාරණා ඉඳහිට මතු වී නැති වී යන බව සත්‍යයකි. එහෙත් ඒවා පිලිබඳ දිගු සංවාද ඇති වන්නේ නැත. අවම වශයෙන් සතියකින් දෙකකින් මේවා වියැකී යයි. සිංහලයා(ප්‍රධාන වශයෙන්) සොයන්නේ ජාතික, ආගමික හෝ දේශගුණික තොරතුරු පමණක්ම නොවන බව හතු පිපෙන්නාක් මෙන් බිහිවන ගොසිප් වෙබ් අඩවි දෙස බලන කල පැහැදිලි වෙයි. ඒවාගේ බොහෝ විට ඵල වන්නේ ඕපාදූප ගණයේ තොරතුරුය. බොහෝවිට තොරණ් ස්වභාවයේ නිවී-නිවී දැල්වෙන අකාරයේ බැනර්(කුඩා දැන්වීම්) වලින් මේවා පෝෂිතය. සමහරවිට බලා සිටින්නට අපහසු වේගයකින් ඒවා  දිලිසෙන අකාරයෙන් නිමවන්නේ ඔවුන් අතර ඇති තරගය මොනවට විදහා දක්වමිනි. මේ බොහෝ අඩවීන් ගෙන එන තොරතුරු බොහෝවිට සමානය. නළු නිළියන්ගේ, ක්‍රීඩකයන්ගේ, දේශපාලකයින්ගේ අභ්‍යන්තර ජීවිත ගැන තොරතුරු, ලිංගික අතවර, පැහැරගැනීම්, මංකොල්ලකෑම් මේවා ආතර ප්‍රධාන තැනක් ගනී. සමහර විට යූටියුබ් හී ඵලවන වීඩියෝ සහ චිත්‍රපට සඳහාද සබැඳියාවන් ඵල කරයි. 

මේ සඳහා බොහෝ දෙනෙකු යොමු වන්නේ ෆේස්බුක් හී, බෙදා(share) ගැනීම් මගිනි. නමුත් මේ අඩවි වලට නිරතුරු පිවිස කිහිප වතාවක් තොරතුරු විමසන අයද වෙයි. මේ පිලිබඳ අදහසක් ගැනීමට Alexa Traffic Rank එක ප්‍රමාණවත්ය. එහිදී ඒවා වැඩි වශයෙන් භාවිතා වන රටේ මෙන්ම ලෝකයේ වර්ගීකරණ ස්ථානය පෙන්නුම් කරයි. එමගින් අදාළ අඩවිය කෙතරම් ජනප්‍රියදැයි අදහසක් ගත හැකි වේ. අංක එකේ සිට 250 දක්වා ශ්‍රී ලංකාවේ Traffic Rank බලාගෙන එන අතරතුර, මා හට හමු වූ ප්‍රවෘත්ති සහ ගොසිප් අඩවි පිලිබඳ සටහනක් පහතින් දැක්වේ. ඒවා ප්‍රධාන වශයෙන් ඊයේ(19.08.2014) දිනයට අදාලවය. මෙම වර්ගීකරණ ස්ථාන පහත් දහයත් අතර අගයක විචලනය වීම සාමන්‍ය ලක්ෂණයකි. 


දේශීය
ලෝක
අඩවිය
වෙනත්
රට/මාධ්‍යය
9
6132
http://gossiplankanews.com


13
9573
http://adaderana.lk


14
5690
http://hirufm.lk


16
10869
http://lankacnews.com


17
4638
http://lankadeepa.lk


21
13255
http://nethfm.com


22
10931
http://newsfirst.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
30
2361
http://tharunaya.co.uk
94
දකුණු කොරියාව
34
11496
http://dailymirror.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
42
20109
http://gossip-lankanews.com


46
7200
http:/divaina.com


53
10652
http://lakbima.lk


55
46
http://bbc.co.uk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
56
93
http://dailymail.co.uk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
59
27207

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
62
146
http:///bbc.com

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
63
59169
http://gossipbook.lk


69
47996
http://gossiplankahotnews.com


73
17584
http://rivira.lk


75
43230

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
78
19847


82
39536


83
29699
http://lankatruth.com

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
84
27271
http://dailynews.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
85
19733
http://dinamina.lk


86
21103
http://mawbima.lk


100
29931
http://sundaytimes.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
102
16672
http://shaafm.lk
327
දකුණු කොරියාව
106
53460
http://newstamilwin.com


110
3941
http://tharunee.lk


114
63


123
12469
http://lankahotnews.net
478
දකුණු කොරියාව
142
35931
http://hirutv.lk


154
41213


161
6092

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
169
138

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
170
25833
http://infolanka.com


171
20257
http://www.lankachannels.info


172
201763
http:/gossiplanka9.info


176
69990
http://lankanewsalert.com


187
268
http://ndtv.com
31
ඉංග්‍රීසි මාධ්‍යය / ඉන්දියාව
199
72584


201
42238
http://gossipelankanews.info

ඉංග්‍රීසි මාධ්‍යය
242
217361


249
111954
http://www.lankaviews.com


250
99678
http://lankagossip.info







ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක් සඳහා බලපාන ප්‍රධාන සාධක කිහිපයක් වෙයි. පසුගිය මාස තුනෙහි පිවිසීම්(Hits) ප්‍රමාණය, වෙනත් අඩවි වලින් ලබා දෙන සබැඳියාවන්(Back-links) ප්‍රමාණය ඉන් ප්‍රධානය. මෙයට අමතරව පිවිසුම්කරුවකු ගත කරන කාලය සහ යලි පැමිණීම(Bounce Rate) ආදියද ඔවුන් සැලකිල්ලට ගනී. මේ අනුව පැහැදිලි වන්නේ අඩවියකට, නිත්‍ය පිවිසුම් ප්‍රමානයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි. එනිසා මේ අඩවි වල පරිපාලකයන්(Admins) විවිධ ප්‍රයෝග යොදමින් පාඨකයා ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරයි. නමුත් මේවා පිලිබඳ පුළුල්ව අධ්‍යනය සහ ප්‍රායෝගික දැනුම සපයන වෙනමම මාතෘකාවක්ද වෙයි. ඒ Search Engine Optimization (SEO). ඒ පිලිබඳ වැඩි අවුබෝධයක් නැතත් අන්තර්ජාලය තුල අතෝරක් නැතිව ඒ සඳහා ලිපි පලවී ඇත.

ලෝක වර්ගීකරණය වල දහදාහකට අඩු වර්ගීකරණ අංකයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව වැනි කුඩා රටක වෙබ් අඩවියකට හැකිවීම එක්තරා අකාරයකට මවිතයට හේතු වේ. සිංහලෙන් කියවන ප්‍රමාණය ලෝකයේ වෙනත්  භාෂා වලින් කියවන ප්‍රමාණය හා සැසඳීමේදී ඉතා ස්වල්පය.  ඉංග්‍රීසි භාෂාවෙන් ඵලවන ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 337 වන ස්ථානයේ පසු වෙයි. ලොව මහත් ආන්දෝලනයට තුඩු දුන් විකිලීක්ස් අඩවිය සිටින්නේ අපේ ගොසිප් සයිට් වලට වඩා පිටුපසිනි. ඒ 14770 වන ස්ථානයේය. ලෝකයේ වැඩිම ප්‍රමාණයක් කියන චීන(සහ ඉංග්‍රීසි) බසින් ඵලවන ඒෂියා ටුඩේ අඩවිය 127546 ස්ථානයේ පසු වීමෙන් පෙනෙන්නේ චීනුන් තොරතුරු ගැන උනන්දුවක් නැති බව නොවේද ? චීනයේ තවත් අඩවියක් වන http://www.beijingbulletin.com පසු වන්නේ 4068432 ස්ථානයේය. ලංකාවේ ගොසිප් අඩවි මෙතරම් ඉහලට පැමීණී තිබීම එක්තරා අයුරකින් අපට ආඩම්බර වන්නටද හැක. එහෙත් සියල්ල රඳා පවතින්නේ අපේ ජනතාවගේ ඕපාදුප වලට තිබෙන කැමැත්ත මතය.  

බ්ලොග් ලියන්නන්ද(මමද ඇතුළුව) පාඨකයන් ආකර්ෂණය කර ගැනීමට විවිධ උපක්‍රම යොදා ගනිමින් සිටී. අද ඵල වන බොහෝ පත්තරද මෙයට සමගාමී අකාරයේ පුවත් ඵල කරයි. බලාගෙන යනවිට මෙය කාලයේ තාලය බවට පත් වී හමාර බව පැහැදිලිය. ඔබ සිතනා ආකාරයට සිංහලෙන් ලියන බ්ලොග් අඩවි වලින් මුල් 250 අතර තිබෙන්නේ කුමක්ද ? එය නොදුටු ලෝකය බ්ලොග් අඩවියයි. ඒ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම තුල 200 වන ස්ථානය හිමි කරගෙන සිටී. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...