Showing posts with label සාකච්චා(Interview). Show all posts
Showing posts with label සාකච්චා(Interview). Show all posts

Saturday, September 28, 2013

ලොල්ද මන්දා අංක 11 : සෝවාන් හාමුදුරුවන්ගේ බණ ......

මේ දවස් වල රුපවාහිනියේ,  ගුවන්විදුලියේ ඇති වෙන්න බණ අහන්න ලැබෙනවා. ඇත්තටම ඒක හොඳ ප්‍රවනතාවයක්. ස්වාමීන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේ යෙදෙන එක මොනතරම් වටිනවද ? ඒත් මෑතකාලීනව මේ ස්වාමීන් වහන්සේලාව වටේ ගුරුකුළ ගොඩනැගෙන්න පටන් ගත්තා. සමහරු කියනවා අර හාමුදුරුවෝ හොඳයි, මේ හාමුදුරුවෝ හොඳයි. අර හාමුදුරුවෝ ලස්සනයි,ශාන්තයි, දැක්කම හිත පැහැදෙනවා. අපි යන්නේ අර පන්සලට, අපිනම් යන්නේ අර අසපුවට, බෞද්ධයෝ නිර්මාංශ විය යුතුයි, එහෙම නිර්මාංශ ප්‍රශ්නයක් නෑ.  මුදලට මාර්ග ඵල විකුණන අයත් ඉන්නවා. ඒ වගේම මතු බුදු වෙන බවට විවරණ දෙන අයත් ඉන්නවා.  ඉතිං මේ වගේ නානාප්‍රකාර දේවල් නිසා මතගැටුම ඇති වෙනවා. කොටින්ම මමත් මේවට යහමින් දායක වෙනවා. ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ මතවාද වටා ජනතාව ගොණු වෙලා කල්ලි ගැහෙන එක. හැමෝම පොදු අරමුණ වෙත යනවා වෙනුවට මේ වගේ දේවල් අල්ලාගෙන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා.
පින්තුරය ගත්තේ : http://www.youtube.com/watch?v=j5AxekJdyrg

මේ අතරට අලුතෙන්ම එකතු වෙලා තියෙන එක තමයි "අපි අහන්නේ සෝවාන් හාමුදුරුවන්ගේ බණ" කියන වාක්‍යය. සමහරු ඉන්නවා රහතන් වාහන්සේලාගෙන් බණ අහපු. හැබැයි මම නෑ කියන්නේ නෑ. අපි බණ අහන ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් මාර්ග ඵල ලබපු. නමුත් උන් වහන්සේලා තමන් එහෙම මාර්ග ඵල ලැබුවා කියල දේශනා කරන්නේ නෑ. අනිත් එක අද කාලේ මේ විසූක දස්සන තියෙන ලෝකේ එහෙම සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වාසය කරන්න බෑ. මටත් ළඟදී මම දන්නා මහත්මයෙක් ඔය කථාව කිව්වා. මම ඒ ගැන වාද විවාද කරන්න ගියේ නෑ. මොකද කෙනෙක් ගොඩ නගාගෙන ඉන්න ශ්‍රද්ධාව නැති කරන්න උත්සාහ කිරීම පවක්. එතුමා ඒ බණ මටත් කොපි කරලා දුන්නා. මමත් අරන් ආවා මිසක් අහන්න ලැබුණේ නෑ. සමහර විට මගේ පව්කාර කමට වෙන්න පුළුවන්. දවසක් මම බස් එකක යන ගමන් මෙන්න මේ වගේ සංවාදයක් කණට වැටුණා.

පළමු මගියා : මචං මම මේ දවස් වල හරි ෂෝක් බණ ටිකක් අහනවා. 

දෙවන මගියා :  හොඳයි. හොඳයි. බැරිද අපිවත් නිවන් දක්කන්න ? (විහිලුවට මෙන්)

පළමු මගියා : මචං උඹලට හැම දෙයක්ම විහිළු. දැන් කීයද වයස ? හැරමිටියෙන් යනකොට පන්සිල් අරන් වැඩක් නෑ. දැන්ම බණ ටිකක් අහන්න පටන් ගනිං.

දෙවන මගියා :  හරි. හරි. අපිත් නාහම ඉන්නේ නෑ. මමත් එහෙන් මෙහෙන් අහනවා බස් එකේ යනකොට.

පළමු මගියා : ඒ මොකද බස් එකේ විතරක්.

දෙවන මගියා :  නෑ ඉතිං දැන් තියෙන හැම එෆ්.එම්. එකේම බණ යනවනේ. ඒගොල්ලෝ එකනේ චැනල් එක අහනවට සල්ලිත් දෙන්නේ. 

පළමු මගියා :  අපි නම් අහන්නේ සෝවාන් වෙච්ච හාමුදුරුවන්ගේ බණ.

දෙවන මගියා :  මමත් අහලා තියෙනවා රට ගිය කාලේ. 

පළමු මගියා : ඈ. මොන රටෙදීද ? ඇත්තටම පිට රටවලත් ඉන්න පුළුවන් සෝවාන් හාමුදුරුවෝ.

දෙවන මගියා :  ඉන්නවා නේන්නම්. ඉන්දුනීසියාවේ තමයි මම දැක්කේ. එහෙ සෝවාන් හාමදුරුවරු ඕන තරම්.

පළමු මගියා : මම නෑ කියන්නේ නෑ. ඒත් ඉන්දුනීසියාව කියන්නේ මුස්ලිම් රටක් නේද ?

දෙවන මගියා :  ඒ වුනාට සෝවාන් හාමුදුරුවරු ඉන්නවා. මම බණත් අහලා තියෙනවා. 

පළමු මගියා : හරි එහෙනම් කියපන් බලන්න හාමුදුරුවන්ගේ නම ? මම හොයලා බලන්නම්. ඔය රටවල ඉන්න හාමුදුරුවෝ අපේ හාමුදුරුවොත් එක්ක සම්බන්ධ කම් ඇති. 

දෙවන මගියා :  නම තමයි සෝවාන්. එහෙ හාමුදුරුවරු නම් දාගන්නේ එහෙම තමයි. තව හාමුදුරු කෙනෙක් ඉන්නවා දිට්ඨිසම්පන්නෝ කියලා. මෙහෙත් ඉන්නේ ධර්මදූත වගේ නම් තියෙන අය. 

Thursday, August 1, 2013

ගිය ඉරිදා "මා ආ මග" ට සවන් දෙන්න බැරි වුන අයට ....

කාලාන්තරයක් තිස්සේ කරපු උත්සාහයක ප්‍රතිඵලයක් විදියට හරියටම පහුගිය ඉරිදා රාත්‍රී 8:30 ට බස් රේඩියෝවේ "මා ආ මග" වැඩසටහනට සම්පත් දායකයා විදියට එකතු වෙන්න මටත් පුළුවන් වුණා. බොහෝ දෙනෙකුට ඒක සජීවීව අහන්න බැරි වුන බව දැනුම් දීලා තිබුණා. ඔන්න ඒ අයගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න අවස්ථාව ඇවිත්. මේ වැඩසටහනේ භාරදුර කාර්යයක් ඉටු කරන තිසර මධුවන්ත නොහොත් සිහින මල්ලි අද උදේම මට ඒ ලින්ක් ටික එවලා තිබුණා. 

මේක කොටස් හතරකින් තියෙනවා. හැබැයි මම තෝරපු සිංදු ටික නම් ඉවත් කරලා. ප්‍රමාණය අඩු කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. සින්දු ටිකේ ලින්ක් ටිකත් මම දාන්නම්.



මේකෙදී විශේෂයෙන්  ස්තුති කරන්න ඕනේ කිහිප පලක්ම  ඉන්නවා. මේ වැඩසටහනට ගැන මුලින්ම කිව්වේ අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදානේ. ඒ වෙනකොට ලක්මාල් එක්ක රසික නානායක්කාර    නොහොත් රණා මේක ගැන මුලික අදහස සාකච්ඡා කරලා තිබුණා. මගෙන් අටමා ඇහුවා මේකට සහභාගී වෙන්න කැමතිද කියලා. පස්සේ රණා එක්ක කාලයක් තිස්සේ කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් මල්ඵල ගැනීමක් විදියට තමයි පහුගිය 28 වෙනිදා සම්පත් දායකයා විදියට මාව තෝරා ගත්තේ. ඇත්තටම ඒ වැඩේදී රණා දක්වපු උනන්දුව පැසසුම්සහගතයි.

බොහෝ කාලයක් මේ වැඩසටහන මෙහෙයවන්නා විදියට කටයුතු කරන දුලිප් සිකුරාජපති නොහොත් ඕනයා දැඩි කැපවීමක් කරලා තමන්ගේ මිතුරකුගේ නිවසේ ඉඳන් තමයි වැඩසටහන මෙහෙයවීම කලේ. ඉතිං ඕනයාටත් ස්තූතිවන්ත වෙනවා දක්වපු උනන්දුව සහ ඉතාමත් රසවත් විදියට සහ මිත්‍රශීලී විදියට ඒ වැඩසටහන කරපු ආකාරයට.

මේ වගේ  තාක්ෂණික ක්‍රියාවලියක් පිටුපස්සේ ඉන්න කුඩා සිරුරක් තිබ්බත් අයෝමය පුද්ගලයා වෙන්නේ තිසර මධුවන්ත. දන්නා භාෂාවෙන් කිව්වොත් සිහින මල්ලී. මේකේ පර්යේෂණ කාලයේදී ඉතාමත් ලොකු උත්සාහයක් ගත්තා ස්කයිප් වලින් එන කෙනෙක්ව කෙලින්ම වැඩසටහනත් එක්ක සම්බන්ධ කරන්න. ඉදිරියේ දවසක අපිට ඒ පහසුකමත් අත්විඳින්න ලැබෙයි. ඉතිං තිරය පිටුපස්සේ ඉඳන් කරන ඒ සේවය අපි කවුරුත් අගය කරන්න ඕනේ. මේ පර්යේෂණ කාලේ උදව් කරපු නෙරංජි  ටත් අපේ ස්තුතිය හිමි වෙන්න ඕනේ.

ඇත්තටම මේ වැඩසටහන යත්දී බස් රේඩියෝව මම දාගෙන හිටියේ නෑ. ඒ සමග එකතු වෙලා ශ්‍රවණය කරපු සියලු දෙනාටත්, ඒ හරහා ඉතා වැදගත් ප්‍රශ්ණ ගොඩක් යොමු කරපු අයටත් මගේ ස්තුතිය හිමි වෙන්න ඕනේ. මට මේකේ නිෂ්පාදන අංශයෙන් යොමු කරපු ප්‍රශ්ණ වලට තමයි මම පිළිතුරු දුන්නේ. තව මොනවා හරි ප්‍රශ්ණ තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට යොමු කරන්න. හැකි විදියට පිළිතුරු දෙන්නම්. 

එතනදී සජීවීව එකතු වෙච්ච සමකය වටේ බ්ලොග් අඩවියේ නිර්මාතෘ නලීන් දිල්රුක්ෂ ට, ජපානයේ සිට එකතු වෙච්ච කෙන්ජි, අපේ බ්ලොග් සහෘද්ධ මාතලන්, මේ වැඩසටහනේ එක් දිගහැරුමක් මෙහෙයවපු වැපා, නවෝද්‍යා,  මනුර තමෙල්, එංගලන්තයේ ඉඳගෙන ශ්‍රවණය කරමින් ප්‍රශ්ණයක් යොමු කරපු මගේ බාල සහෝදරයා සොමීන්ද්‍ර  ටත් ස්තුති කරන්න කැමතියි. ඒ වගේම යම් අතපසු වීමකින් මෙහි නම් සඳහන් කිරීමට නොහැකි වූ, මෙයට සක්‍රීයව දායක වෙච්ච සියලු දෙනාටත් මගේ ස්තුතිය එක් කරන්න කැමතියි. 

අවසාන වශයෙන් බස් රේඩියෝවේ සියලු දෙනාටත් මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.   

මේ වැඩසටහනේදී අපිට අහන්න ලැබුණේ මම ඉල්ලපු ගීත වලින් කිහිපයක් පමණයි. හේතුව තමයි ඔබගේ ප්‍රතිචාර වැඩි කම. නමුත් අපේ වැඩසටහන කරපු නිෂ්පාදක කණ්ඩායම මේ වැඩසටහන හරියටම වෙලාවට පටන් ගෙන වෙලාවටම අවසන් කළා. කාලය පැය දෙකක් හරියටම ගත්තේ. ඒකත් අගය කරන්න ඕනේ දෙයක්. මේකේ මම කැමතිම ගීතය තිසර හොයාගෙන තියෙන්නෙත් බොහොම අමාරුවෙන්. මම හිතන්නේ තිස්ස දොඩන්ගොඩ වෙන්න ඕනේ ගීතය ලබා දුන්නේ. ඒ "නිදිකුම්බා මල් කැකුලී" කියන ගීතය. ඒක මියුරු ගී වල තියෙනවා. ඒ ලින්ක් එක තමා මම මෙතන දාලා තියෙන්නේ. තිසර පුළුවන් නම් ඒ ගීතය මට එවන්න. 










මෙතනට ගිහින් සනත් නන්දසිරි ගායකයාව තෝරන්න
එතන ගීත අංක 276





සඳෙන් එහා කඳු මුදුන් නිවී - මිල්ටන් මල්ලවාරච්චි

ප.ලි. : මේකේ ප්‍රමුඛ කාර්යභාරයක් කරපු ලිෂාන් පුවක්ඕවිට මගේ මිත්‍රයට ස්තූති කරන්න මට එදත් අමතක වුණා, අදත් අමතක වුණා. මම ලිශාන්ගෙන් සමාව අයදින ගමන්ම, මේ සඳහා අලංකාර බැනර් එක නිර්මාණය කරපු ලිශාන්ට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. 

Thursday, April 4, 2013

බොරු නැත්තෙමය මහතුන් පැවසු තෙපුල ... III

එක්තරා ගොළු මනුස්සයකුගෙන් එයාගේ යාලුවෙක්(කථා කරන්න පුළුවන්) දැනට අවුරුදු දහයකට විතර කලින් අහලා තියෙනවා එයා කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා. එතකොට ඒ ගොළු මනුස්සයා හස්ත මුද්‍රාවෙන් කියාලා තියෙනවා මාවන් අතපත්තු කියලා. කොහොමද කිව්වේ ? ඔන්න උත්තරේ හොයන්න ඔයාලට බාරයි.

ඔබ දන්නවා නේ මම මේ දවස් වල ඉන්නේ කොහේද කියලා ? ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ඔය ලෝක ප්‍රසිද්ධ මාධ්‍යවීදීන් වාඩි වෙලා වැඩ කරන පුටු මේස පරිහරණය කරන්න ඔයාලත් එක්ක බ්ලොග් ලියන මේ සුදීකටත් චෑන්ස් එක ලැබුනා. ඒ තනිකරම බ්ලොග් ලිවිල්ල නිසා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ථමාන සහ හිටපු ක්‍රීඩකයන් වගේම ජාත්‍යන්තර ක්‍රීඩකයන් බොහොමයක් සමග ඇසුරු කරන්න ලැබෙනවා. ඉතිං මම වගේ ක්‍රිකට් අසනීපයකින් ඉන්න කෙනෙකුට ඒක මොන වගේද කියලා කියන්න වචන නාස්ති කලොත් අපරාධයක්. අද ඉන්දියාවත් ඔස්ට්‍රේලියාවත් අතර තිබ්බ ක්‍රිකට් තරගයේ වීරයා වෙච්ච ජාස්කරන් සිං වෙත කුසලානා ලබා දුන්නේ, ලංකාවෙන් බිහි වෙච්ච අග්‍රගණ්‍ය පිතිකරුවෙක් ලෙස ලෝක ක්‍රිකට් ප්‍රජාව පිලි ගන්න මාවන් අතපත්තු මහතාගේ අතින්. එහෙම කෙනෙක් ආපු ගමන් නදීර උඩවත්ත මගේ සහෘද්ධයා මගෙන් අහනවා ඉන්ටර්වීව් එකක් ගන්නවද කියලා. මම තවම එපා කිව්වේ එකම එකයි.

ඉතිං මාවන් එක්ක කථා කරන්න ලැබෙන එකේ වටිනාකම මේ මාතෘකාවෙන්ම කියල තියෙනවා. ඔන්න එහෙනම් මාවන් එක්ක කරපු සම්මුඛ සාකච්චාව කියවන්න



මට දැනගන්න පුලුවන්ද එක දිගට ටෙස්ට් ඉනිම හයකම ෆේල් වෙලා, ඉන් පස්සේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන හැම රටකටම එරෙහිව ටෙස්ට් ශතකය ගානේ වාර්තා කරන්න ආත්ම ශක්තිය හදා ගත්තේ කොහොමද කියලා ?
මං හිතන්නේ අත්දැකීමුත් එක්ක ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරලා, මං ඉස්සෙල්ලම පාසලෙන් ආපු ගමන් තමයි ජාතික කණ්ඩායම නියෝජනය කෙරුවේ. ඒ එනකොට තිබුණු අත්දැකීමුයි මම තරග වාර කීපයක් ක්‍රීඩා සමාජයට, එස්.එස්.සී.  ක්‍රීඩා සමාජයට තරග කරයින් පස්සේ තිබුණු අත්දැකීම් අතර ලොකු වෙනසක් තිබුණා. ඉතිං මං හිතනවා ඒ අත්දැකීම් තමයි මට පිටුවහලක් වුණේ ඊට පස්සේ ලකුණු රැස් කරන්න. 
 

සාජා වලදී පලවෙනි එක්දින ශතකයට යන්න මම දැක්ක අරවින්දත්  බොහොම ලොකු සටනක යෙදිලා තමයි ඒ ශතකයට ගියේ. ඒක මොන වගේ අත්දැකීමක්ද මුලින්ම ශතකයක් ලබනකොට ?
මුලින්ම ශතකයක් ලබනකොට මම හිතන්නේ මොන ෆොර්මැට් එකේ වුනත් පලවෙනි ශතකය හරිම අමාරුයි ලබා ගන්න. ශතක ලබාගන්න ක්‍රමය පිතිකරුවෙක් වශයෙන් මම දන්නැති හින්දා. හැබැයි එක ශතකයක් ලබා ගත්තට පස්සේ, ඊට පස්සේ ශතක ලබන විදිය, ලකුණු ලබා ගන්නා ආකාරය, ඒ ක්‍රමය තමන් දන්නා හින්ද ටිකක් ලේසි වෙනවා. ලබා ගැනීම ලොකු සතුට ඒ වගේම ලොකු අත්දැකීමක්. ඊට පස්සේ තමන් රස කරන ලකුණුත් එක්ක සංසන්දනය කරලා බලද්දී පලවෙනි එක තමයි අමාරුම ශතකය.
 

එතකොට 200යේ, මම බලාපොරොත්තු වුණේ 200යේ රෙකොර්ඩ් එකත් දෙවෙනියටවත් නතර වෙයි කියල. ඒ ගැන මොකද හිතෙන්නේ ?

එක අවස්තාවක ඇත්ත වශයෙන්ම මටත් එහෙම හිතුණා. මොකද මට හිතුණා, මට ලකුණු දහයක් ගහනවට වඩා දෙසීයක් ගහන එක ලේසියි කියලා. අර මං ඉස්සෙල්ල කිව්වා වගේ අර මේ පුරුද්දකට ගියාම මම දන්නවා කොහොමද ගහන්න ඕනේ, කොච්චර වෙගේකින්ද? , ටෙස්ට් මැච් එකේ කොයි අවස්ථාවෙද ලකුණු රැස් කරන්න ඕනේ, කොයි වෙලාවෙද කියන එක මගේ අර ඇඟට - සිස්ටම් එකට එනවා. මටත් හිතුනා ඇත්තටම එහෙම. හැබැයි ඉතිං අවාසනාවකට වගේ, ඒ තත්වය ... මට දෙක - තුනක් මිස් වුණා. මට හිතෙනවා මට දහයක් නම් ගහන්න තිබ්බ කියලා කොහොමටත්. ඒ අවස්තාව, මට හිතෙනවා ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවය වෙන්න ඇති ඒ තත්වය මට උදා කර ගන්න බැරි වුණේ. 


දැන් පුහුණුකරුවකුගේ භූමිකාව විදියට කොහොමද? පුහුණුකරුවෙක් අනිත් ක්‍රීඩකයන්ව දිරිමත් කරනවා වගේ  දේවල් කරන්නේ

ඔව්. මං හිතන්නේ මං දැනට මගේ කාර්යභාරය වෙලා තියෙන්නේ ජාතික කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු වශයෙනුත් උප පුහුණුකරු වශයෙනුත් මගේ කාර්යභාරය වෙලා තියෙන්නේ දැන් ඉන්න ක්‍රීඩකයන්ට. දැන් ඉන්න පිතිකරුවන්ට විශේෂයෙන්ම එගොලන්ට එග්ලොලන්ගේ හැකියාව අනුව ඒගොල්ලන්ගේ හැකියාවන් තව දියුණු කර ගන්න අදහස් මම යෝජනා කිරීමක් සෑහෙන දුරට කෙන්රෙන්නේ මොකද ඒ වගේ  ස්ථාන දුරකදී මට ක්රීදයෙක්ගේ තාක්ෂණික මට්ටම හදන්නවත්, එහෙමෙ ටිකක් අමාරුයි, ඒගොල්ලන්ගේ මානසික මට්ටමයි, එගලොල්ලන්ගේ හැකියාවන් එක්ක තව ඒගොල්ලන්ට කරන්න  පුළුවන් දේවල තව ඒගොල්ලන් දැකපු නැති පැති යෝජනා කිරීමක් තමයි මම සෑහෙන දුරට කරන්න බලන්නේ. ඉතිං ඒ යෝජනවල් හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුලුවන්, හොඳ ඒවා ගන්න පුළුවන්, නරක ඒවා යන්න දෙන්න පුළුවන්. මොකද මේ ලෙවල් ඒකේ, ඒ තත්වයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍පිතිකරුවන්ට ඒක තමයි වෙන්න ඕනේ. හරි අමාරුයි තාක්ෂණික වශයෙන් හදන්න හරි අමාරුයි.
ටෙස්ට් තරගයකදී ලකුණු 200ක් ගහන්න වැඩියෙන්ම ඔන්න වෙන්නේ තාක්ෂණයද නැත්නම් ප්‍රවේගකාරී බවද ?


මං හිතන්නේ තාක්ෂනය තමන්ට ශක්තියක් වෙනවා. තමන් දන්නවනම්, දැන් අපි කියමු නිදසුනක් විදියට අපිට තට්ටු තිහක බිල්ඩිමක් ගහන්න ඕන වුනහම අපට බිල්ඩිම ගහන්න පටන් ගන්න පුළුවන් ඔක්කොම තියෙන සල්ලිත් එක්ක, ගහගෙන යන්න පුළුවන්. හැබැයි අපිට ඔය ෆවුන්ඩේෂන් එක ශක්තිමත් නැත්නම්, ඔය කියන තට්ටු ගාන, තට්ටු තිහ වෙන්න පුළුවන්, හතලිහ වෙන්න පුළුවන් අපට ගහ ගන්න අමාරුයි. ඉතිං අපට තාක්ෂනය කියන එක අපට, තාක්ෂනය පිලිබඳ අපේ ශක්තියක්, ඒක පිලිබඳ අපේ විශ්වාසයක් තියෙනවා නම්, ඒ ලකුණු රැස් කිරීම පිලිබඳ අපිට ගැටළුවක් මතුවෙනවා අඩුයි, මොකද අපිට ඒ තාක්ෂනය තියෙන බව මං දන්න හන්දා. තාක්ෂනය නැත්නම් මට ඒ තාක්ෂනය ගැන හිතන්නත් වෙනවා ලකුණු රැස් කිරීම ගැන හිතන්නත් වෙනවා. ඉතිං තාක්ෂණයේ තියෙන වටිනාකම ඒකයි. 
 මාවන් එක්ක තවත් බොහෝ දේ කථා කරන්න තිබුණත්, කාලය හරස් වීම නිසා ඉතා කෙටියෙන් එම සාකඡ්චාව හමාර කරන්න සිදු වුණා. 

Tuesday, April 2, 2013

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ මහමොලකරු සමග දොඩමළුව

බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාව ඔබට අලුතෙන් හඳුන්වා දීමට අවශ්‍යද ? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ගහට පොත්ත සේ සබඳතාවක් ඇති පුද්ගලයෙක් වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා මුල්ම ටෙස්ට් තරගයේ සිට මේ දක්වා කුමන හෝ අයුරකින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා සම්බන්ධ වී ඇත. විටෙක කණ්ඩායම් කළමනාකරුවකු  වන ඔහු තවත් විටෙක පුහුණු කරුවකු වෙයි. මේ සියල්ලටම වඩා අප අගය කල යුතු දේ වන්නේ ඔහුගේ නිහතමානීත්වයයි. ඕනෑම කෙනෙකු සමඟ සිනා මුසු මුහුණින් කතාබස් කරන ඔහු වැන්නන් රටටම ආදර්ශයකි. 

සුදීකට අද සන්ධ්‍යාවේ රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු හමු විය. තරගාවලි අධ්‍යක්ෂ වරයා වශයෙන් ඔහු වඩාත් කාර්ය බහුල මොහොතක ඉතාම තැන්පත් ස්වභාවයකින් කතාබස් කිරීම එතුමාගේ වෘත්තීය දක්ෂතාව මොනවට විදහා දක්වයි. ඇවිද්ද පය කියවන ඔබ වෙනුවෙන් මා එතුමාගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා


 දැන් ඔබතුමා මේ තරගාවලියේ අධ්‍යක්ෂවරයා, මීට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවකු වශයෙන් ඔබ සේවය කර තිබෙනවා ඒ කළමනාකරණ අත්දැකීම කොහොමද ඩිරෙක්ටර් විදියට, වගකීම ?

 ඇත්තටම ජාතික කණ්ඩායමේ කළමනාකරු වුනහම ඉතාමත් දැඩි වගකීමක් තිබෙනවා. ඉතිං ක්‍රීඩකයන් පාලනය කරන්නේ කෙසේද ? ක්‍රීඩකයන් සමග කොහොමද ඔවුන්ගේ හැසිරීම් රටාව මොකක්ද ? ඔවුන්ගේ අවශ්‍යතාවයන් මොකක්ද ? ඒ තියෙන සෑම දෙයක් ගැනම සෑහෙන අවුබෝධයක් තියෙනවා. මං හිතන්නේ ඒ අවුබෝධය ඉතාම උදව් වෙනවා මේ වගේ තරගාවලියක් සංවිධානය කරනකොට. ඉතිං ඒ අවශ්‍ය හැම දෙයක් ගැනම හොඳින් බලල ඉවර වෙලා ඒවට සම්බන්ධ වෙන්නට හැකියාවක් ලැබෙනවා. ඉතිං මං හිතනවා ඒ ආභාෂය ගොඩාක් ප්‍රයෝජනවත් වුනා කියලා. 
 මේ ටුනමන්ට් එකේ මොනවද විශේෂ, ඒ කියන්නේ, අලුතෙන් දෙයක්, මං හිතන්නේ ජාතික කණ්ඩායමේ කරනවට වඩා මේක මට තේරෙන විදියට නම් වගකීම වැඩියි. තනිකර ඔබ තුමා අතට තමයි ඔක්කොම වගකීම් ටික ලැබෙන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන්  
 ඔව්. ඇත්තටම ජාතික කණ්ඩායමේ ලංකාවට කරනකොට ඉතාමත් සුළු කොටසක තමයි වගකීම ලැබෙන්නේ. නමුත් මෙතන මුළු තරගාවලියේම සෑම අංගයක් කෙරෙහිම වගකීම මා වෙත තමයි පැවරිලා තියෙන්නේ. ඉතිං ඔබ කිව්වා හරි,  ඉතාමත් විශාල වගකීම් සම්බාරයක් පැවරිලා තියෙනවා. ඉතිං එය තමයි පළපුරුද්දත් සමගම, ඒ කියන්නේ කරන්නට හැකියාව ලැබීම මම හිතනවා ඉතාමත් සන්තෝෂයට කාරණයක්. ගිය වසරේත් කණ්ඩායම් තුනක් සහභාගී වුණා. ඒ කණ්ඩායම තුනත් සමග වර්ෂාවෙන් ඉතාමත් බාධාවක්  ඇති වුනා ගිය වසරේ. නමුත් කෙසේ හෝ ගිය වසරේ තරගාවලිය සම්බන්දීකරණය කර ගන්න හැකි වුණා. ඉතිං මේ වසරේ බලාපොරොත්තු වෙනවා වර්ෂාවෙන් බාධාවක්  ඇති නොවෙයි කියලා. ඉතිං එහෙම වුනත් ඒවටත් අපි ඉතාමත් සුදානමින් තමයි ඉන්නේ.  කොයි අන්දමේ බාධාවක් ඇති වුනත්, එය හොඳින් කරන්නට අපිට හැකියාවක් ලැබෙයි කියලා මා හිතනවා. 
දැන් මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රිලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ අයි.සී.සී. එකේ අනුග්‍රය හෝ ඒගොල්ලන්ගේ අනුදැනුම මතද මේක සිද්ධ වෙන්නේ ? 

 ඇත්තටම අයි.සී.සී. එකේ අනුදැනුමක් මේ තරගාවලියට නෑ. මේ තරගාවලිය ඇත්තටම රෙඩ්බුල් ඉවෙන්ට් එකක් විදියට ඔවුන්ගේ කම්පනියේ සම්පූර්ණයෙන්ම මේ වියදම් දරාගෙන පැවැත්වෙන තරගාවලියක්. ශ්‍රී ලංකා ක්‍රිකට් අපිට ඇත්තටම උදව් වෙලා තියෙනවා ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අපිට ලබා දීම දිවා-රාත්‍රී තරග වලට. ඉතිං මං හිතනවා උපාලි ධර්මදාස මහත්මයත්, නිශාන්ත රණතුංග මහත්මයත් ඉතාමත්ම උවමනාවෙන් අපිට මේ ක්‍රීඩාංගණය ලබා ගැනීමට අවශ්‍ය වෙච්ච් වෙලාවේදී උදව් කරා. මට මතකයි ගිය වසරේදීත් අපට අවශ්‍ය වෙච්ච වෙලාවේදී කවර, ඒ වගේම සුපර්-සොපර් ලබා දුන්නා ඒ තරගාවලිය පවත්වන්න. ඉතිං එහෙම සහයෝගයක් ලබා දුන්නැත්නම් ඒ තරගාවලිය කවදාවත් හිතපු තරම් උසස් තත්වයෙන් පවත්වා ගන්නට ලැබෙන්නෑ. ඉතිං මං හිතන්නේ මං ඔවුන්ට ඉතාමත් ස්තුති වන්ත වෙන්න ඕනේ මේ තරගාවලියට සහයෝගය දක්වලා මේ ආකාරයෙන් පවත්වාගැනීමට උදව් කිරීම ගැන.  

ඔබගේ මේ පත්වීම දෙවෙනි වරට, ඔවුන් ඔබ ගැන විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඔබ හිතන විදියට මොකක්ද මේකේ රහස ?

ඇත්තටම ගිය වසරේ තරගාවලියේදී යම්කිසි කෙනෙක් ඇවිල්ල පලවෙනි දවසේ ක්‍රීඩා පිටිය දිහා බැලුවනම්, සී.සී.සී. ක්‍රීඩාංගනයේ තමයි පහුගිය වෙලාවේදී පැවැත්වුනේ. ඉතිං අපි සී.සී.සී. ක්‍රීඩාංගණය තෝරා ගත්තේ මහජනයාට ඇත්තටම ලේසියෙන් එන්න පුළුවන්, කොළඹ හත නගරයේ කේන්ද්‍රස්ථානයක තිබුණේ. ඒක් හින්දා අපට හිතුනා එතන පහසු හොඳ තැනක් කියලා නමුත් අවාසනාවන්ත විදියට වැස්සෙන් ඉතාමත්ම බාධා ඇති වුණා. නමුත් අපිට පුළුවන් වුණා ඒ තරගාවලිය වතුර අයින් කරලා, අපි ඇත්තටම මෝටර් දම්මලා වතුර පොම්ප කරලා ඉවර වෙලා තමයි අපි ඒ මැච් එක සෙල්ලම් කරන තත්වයටගියේ. ඉතිං මං හිතනවා ඒ විශ්වාසය තමයි ගොඩක් වෙලාවට රෙඩ්බුල් ආයතනයට තියෙන්නේ. ඕනෑම අවස්ථාවකට මුහුණ දීලා, ඒ තරගාවලිය හොඳින් පවත්වන්නට අවශ්‍ය සෑම අංගයක්ම මං ගාව තිබෙනවා කියන එක තමයි ඔවුන්ගේ විශ්වාසය. 
මං මේක හැම කෙනාගෙන්ම අහන ප්‍රශ්නයක්, ක්‍රිකට් ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙක එකට ගෙනියන එකේ සාර්ථකත්වය ලබන්න පුලුවන්ද ? අපි ශ්‍රී ලංකාවේ දකින්නෑ එහෙම සාර්ථක වුණ අය බොහොම කලාතුරකින්. නමුත් වින්ටර්/සමර් සීසන්ස් තියෙන අය මේක සමබර කර ගන්නවා. 
ඇත්තටම මම හිතනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්නට කාලයක් නැති කම මම හිතන්නේ මේකට බලපානවැයි කියලා මම හිතනවා. නමුත් මම දකින විදියට මේ දෙක එකට කර ගැනීමට  ගොඩක් වෙලාවට බැරි වෙනවා. එහෙත් පුළුවන් වෙන්නට අවශ්‍යයි. අපි දකිනවා ජෙහාන් මුබාරක්, කුමාර් සංගක්කාර, හේමන්ත බොතේජු ක්‍රීඩකයන් යුනිවර්සිටි මට්ටමට ගියා. ඒ වගේම ගොඩක් හොඳින් උසස් පෙළ සාර්ථක වෙච්ච ක්‍රීඩකයන් ගොඩක් සිටිනවා. ඉතිං මං උනත් උසස් පෙලට ක්‍රෙඩිට් හතරක් ලැබුවා. ඉතිං අපිට හැකියාව තිබුණා ඒ දෙක සමබරව පවත්වාගෙන යන්නට. ඉතිං බැහැයි කියලා දෙයක් නෑ. මා දන්නවා ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා පාසල් පළමු පෙලට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ලංකාවේ යුනිවසිටි වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ. ඉතිං මං හිතනවා ඒ දෙක සමබරව පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා තමන්ට උවමනාවක් තිබෙනවානම්.  

Thursday, March 14, 2013

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් විස්සයි20 ලෝක තරගාවලිය ලංකාවට

ඔබට මතක ඇති පහුගිය ජනවාරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු කැම්පස් ක්‍රිකට් තරගාවලිය. ඒ පිලිබඳ දිගින් දිගටම වාර්තාකරණයේ යෙදෙන්න මටත් ආරාධනා ආවා. ලංකාවේ කැම්පස් 14 ක් අතුරින් මෙම ලෝක තරගාවලිය නියෝජනය කරන්න වරම් දිනා ගත්තේ එහි අවසාන මහා තරගය දිනා ගත්ත මොරටුව විශ්ව විද්‍යාලය. ඔබට මතක ඇති ඒ ජය වෙනුවෙන් මම දාපු පොස්ට් එක "බැංගලෝරයට ඉංජිනේරුවන් පැටවීම" කියලා. නමුත් ඉන්දියාවට වීසා ලබා ගැනීමේ ඇති ගැටළු නිසා මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්න රෙඩ්බුල් බලධාරීන් තීරණය කරලා.

පහුගිය වතාවේත් මේ තරගාවලිය පැවැත්වුණේ ලංකාවේ. ඒ සඳහා සහභාගී වුනේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානය. නමුත් මෙවර තරගාවලියට රටවල් හයක් නියෝජනය කරමින් විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙහි පැමිණීමට නියමිතයි. එහි සමාරම්භය යයි කිව හැකි අවස්තාවක් ඊයේ දින කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරන මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී එන තරු දෙකක් වන දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න විසින් ලබා දෙන ලද උපදේශන සැසියත් සමගින්. බොහෝ ජනමාධ්‍යද මෙම අවස්තාව ආවරණය කිරීමට පැමිණ තිබුණා. මේ සඳහා වෙබ් සහ බ්ලොග් අඩවි පවතවාගෙන යන අයවද කැඳවා තිබුණා. බ්ලොග් වලින් ඒ සඳහා ආරාධනය කර තිබුනේ සුදීකට. 
මොරටුව කණ්ඩාමට පිතිකරණය පිලිබඳ දේශනයක් කරන ලහිරු තිරිමාන්න. පසුබිමේ දිනේෂ් චන්දිමාල් සමග සුහද පිළිසඳරක යෙදෙන පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා.

මෙහෙදී වෙබ්/බ්ලොග් මාධ්‍ය කණ්ඩායම සමග පැවැත්වූ සම්මුඛ සාකඡ්චාව එය පැවැත්වූ ආකාරයටම මෙහි සටහන් කරන්නම්

ප්‍රශ්නය(Colombo Campus Web Team) : People playing for the universities, what's the possibility of playing in the national level Cricket ? Are there any chances if they playing well ? 
පිළිතුර : Yeah, it is a good opportunity for all the campus students. Because you know in Sri Lanka you never know, if someone doing well in I mean in batting or bowling, now obviously right now they have a good chance to play in national level. So I think this is a great opportunity for students, I mean RedBull is doing a great job. So if they do well in the RedBull World Championship, I think they have a good chance to play, they have a good opportunity to play for Sri Lanka well. 

ප්‍රශ්නය(Colombo Campus Web Team) : Moratuwa Team playing at the final. Are you watching them from the beginning or watching the finals ?
පිළිතුර : I couldn't follow the tournament because of the national duties you know. I wasn't in the country for two and half months.But Irfam told me about the tournament. I think these students did well in the RedBull event.  






ප්‍රශ්නය(Colombo Campus Web Team) : Any idea to pick up the players to national level or SLPL? 
 පිළිතුර : Yeah, because of the format. I think it did in Twenty20 format. So it's great chance for the young guys. I think nowadays there are lot of chances to play in Sri Lanka level. You have SLPL you have Porvincial Tournament, you have Club Tournament. They can play for Club Cricket in the beginning. After that they can go through to play Sri Lanka Level.  



ප්‍රශ්නය(Colombo Campus Web Team) : Do you think T20 is a good format ? 


පිළිතුර : I mean players potential can't put into  one format. If they are talented they can play in any format. Yeah this is good opportunity. 




 ප්‍රශ්නය(Colombo Campus Web Team) : It is an overall idea that Test Cricket is the best. No people are playing T20 Cricket , adopted to the T20 Cricket. If you select a player from the T20 level, is it possible to gain a certain level ?

පිළිතුර : I don't think because you know, at the moment if you pick up a player from the T20 level to a Test level, I don't think he can play straight-a-way to to the Test Cricket. So you have to practice hard, if there are chances to play Club Cricketand Provincial Cricket you can develop your skills. So I don't trust in this T20 to Test Cricket straight-a-way but still they have a good chance to play Club Cricket and develop. 


 ඊට පස්සේ සුදීකත් ප්‍රශ්නයක් ඇහුවා. 

සුදීක : දැන් මේ ටුනමන්ට් එක තියෙනවනේ. මේක දෙවෙනි අවුරුද්දට කෙරීගෙන යන්නේ. මේ කෙරෙන විදියට, අපි දන්නවා ලංකාවේ ක්‍රිකටුයි අධ්‍යාපනයයි දෙකම එකට කරපු අය නෑ. හරියට කරපු අය එක්කෙනයි දෙන්නයි බොහොම කලාතුරකින්. ඔයාට වුනත් ගොඩක් මිස් වෙන්නැති ස්ටඩීස්. දැන් මේ ෆොර්මැට් එක යන විදියට කවුරු හරි පෙළඹෙන්න පුලුවන්ද ක්‍රිකටුයි අධ්‍යාපනයයි බැලන්ස් කරගෙන ඇවිල්ලා, අධ්‍යාපනෙත් කරන ගමන් ශ්‍රී ලංකා ටීම් එකට එන්න ?
පිළිතුර : ඔව් මං හිතන්නේ මේක ලොකු අවස්ථාවක්. මොකද දැන් අපි ක්‍රිකට් ගහන කාලේ විශේෂයෙන් මම උදාහරණයකට ගත්තොත්, මට ගොඩක් ඒග්සෑම්ස්  මිස් වුණා. ඉතිං මං ඕ ලෙවල් කල්ලා, මමත් ඒ හතයි බී තුනයි ඊට පස්සේ ඒ ලෙවල්ස් වලට ගියා. මං  ආසයි ඉගෙන ගන්න. හැබැයි ක්‍රිකට් හිංදා - අන්ඩර් නයින්ටීන් වර්ල්ඩ් කප් තිබ්බා. ඉතිං ගොඩක් මිස් වුනා. මේගොල්ලන්ට ඇවිල්ල තියෙන්නේ ලොකු චාන්ස් එකක්. දැන් අපි වුනත් ආසයි ඉස්කෝලේ යන කාලේ කැම්පස් එකට යන්න. නැෂනල් ක්‍රිකට් ගහන්න. ඉතිං මේගොල්ලෝ ගිය මාවතේ ගොඩක් ඉදිරියට ගිහිල්ල තියෙනවා. කැම්පස් එකට ගිහිල්ල තියෙනවා. දැන් මේගොල්ලන්ට තියෙන්නේ, මේගොල්ලන්ට තව චාන්ස් එකක් ඇවිල්ල තියෙනවා ක්‍රිකට් වලින් ඉස්සරහට යන්න. ඉතිං මම හිතනෝ මේගොල්ලන්ට දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන් නං මේක ලොකු චාන්ස් එකක් කියලා මොකද රටට උගත් ක්‍රිකටර්ස්ලා ටිකක් බිහි වෙයි කියලා විශ්වාසයක් තියෙනවා ඉදිරියට.
ආයෙමත් කලම්බු කැම්පස් නියෝජිතයා ප්‍රශ්න කළා
  ප්‍රශ්නය(Colombo Campus Web Team) : When you start play Test Cricket you were an opener. Then you came again for the Test Cricket as a two down or three down player. Is it much more easier to play in the middle order than playing as an opener. Because in the time around  five years there won't be first three players around. If you like to adopt for the middle order ?
පිළිතුර : Yeah. That's right. It's all about you have to have self belief. I mean  you have to have your mindset correct. Because you know if you ask to open in next matches I have to open. So it's all about in the mindset. You have to change it quickly. So you can go a long way.

දේශණය කරන අතරතුර.

කෙටි දේශන අතරතුර

චන්දිමාල් ක්‍රීඩකයෙක් හා පිළිසඳරක.


පහරක් එල්ල කරන ආකාරය ප්‍රදර්ශණය කරමින්.
 අද රාත්‍රී 08.30 ට තිබෙනවා තවත් විශේෂ අවස්තාවක්. ඒ මේ නවක තරු දෙදෙනා සමග Google Hangout  සැසියක්. මෙහිදී සුදීකගේ ප්‍රශ්නයකටත් පිළිතුරු දීමට නියමිතයි. මේ සඳහා සජීවීව සම්බන්ද වෙන්න ඔබටත් අවස්ථාවක් තිබෙනවා. නමුත් ප්‍රශ්ණ ඇසීමට නොහැකියි. සිදු වන දේ නරඹන්න පුළුවන්.


Saturday, February 2, 2013

බොරු නැත්තෙමය මහතුන් පැවසු තෙපුල - II

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය වාර්තා කරන්න ලැබුණු ආරාධනයෙන් හිටපු ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කලුවිතාරණ සමග සුහද සංවාදයක යෙදෙන්න අවස්ථාව ලැබුණා කියා ඔබ දන්නවා. එම අවස්ථාවේම තවත් ආරාධිතයෙක් අපත් සමග දොඩමලු වුණා. අපේ ප්‍රේක්ෂකයින්ට තරමක් නුහුරු නමක් වුනත්, පසුගියදා ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු ටෙස්ට් තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කරමින්, ඉතා දිගු ගමනක පෙර මග සලකුණු සනිටුහන් කරන්නට සමත් වූ මේ ආරම්භ පිතිකරුවා දිමුත්, දිමුත් කරුණාරත්න. නොපැකිලිව අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා.

අද මෙතන ඉන්නේ ක්‍රිකට් සහ අධ්‍යාපනය කියන කාරණා දෙකම සාර්ථක කර ගත්ත අය. දිමුත් අපි දන්නවා  ක්‍රිකට් පැත්තෙන් දැන් හොඳ සාර්ථකත්වයක් ලබල තියෙනවා, අධ්‍යාපනය කොහොමද වුනේ ?

ආ.. අධ්‍යාපනය, පාසැල් කාලයේ නම් මං හොදින් අධ්‍යාපනය ලැබුවා. මගේ ඕ ලෙවල් රිසල්ට්සුත් හොඳට තිබ්බ, ඒ ලෙවල් රිස්ල්සුත්  හොඳ වුණා. හැබැයි මට කැම්පස් එකකට නම් යන්න ලැබුන්නෑ මොකද මම ක්‍රිකට් තමයි මගේ ආසාව තිබ්බේ දිගටම කරන යන්න. ඉතිං ඒ හිඳ මං ක්‍රිකට් පැත්තට බර වුනා. ඉතිං මං හිතනවා ක්‍රිකට් පැත්තට බරවුන හේතුවෙන්  හොඳ සාර්ථකත්වයක් ඒ පැත්තේන් ලබා ගත්ත කියල. හැබැයි ලැබෙන හැම අවස්ථාවකම ඉගෙනීම් කටයුතු පුළුවන් පුළුවන් විදියට කරනවා. බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ක්‍රිකට් ඉවර වුනාට පස්සේ මොනවා හරි ඉගෙනීම් පැත්තෙනුත් ඉස්සරහට කරගෙන යන්න. 

ඒක අහන්න සතුටුයි ඇත්තටම දැන් අපේ ශ්‍රී ලංකාව ගත්තොත් උපාධිදාරී ක්‍රිකට් ක්‍රීඩකයෝ බොහොම අඩුයි. ඕස්ට්‍රේලියාව එංගලන්තේ වගේ රටවල් වල ඒගොල්ලොන්ට අවස්ථාව තියෙනවා මේ ... ක්‍රිකට් ගහලා එක්කෝ විවේකයක් හම්බෙච්ච වෙලාවේ සම්පූර්ණ කරන්න. ඒ වගේ තත්වයක් ලංකාවේ ගොඩනැගෙයි කියල හිතනවද ඉස්සරහට ?

මම හිතනවා එහෙම වෙයි කියලා. මොකද ඒ රටවල් වල තියෙන්නේ   එහෙ තියෙනවා ක්‍රිකට් කාලවල් දෙකක් ඔෆ් සීසන් සීසන් කියලා. ඉතිං ඒ ගොඩක් වෙලාවට ඒ ප්ලේයර්ස්ලා ගොඩක් වෙලාවට ඔෆ් සීසන් එකෙක් කරන්නේ ස්කිල් වරක් තමයි. එතකොට ඒ අමතරව ඒගොල්ලොන්ට ඒ කාලයක් තිබෙනවා ඉගෙනීම් කටයුතුත් කරන්න. ඉතිං මෙහෙ එහෙම පොඩ්ඩක් අඩුයි මොකද මෙහේ මුළු අවුරුද්ද පුරාවටම ක්‍රිකට් තියෙන හින්දා ගොඩක් ප්ලේයර්ස්ලා දිගටම ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඉතිං මං හිතන්නේ ඒකයි වෙන්නැති ඒ රටවල ගොඩාක් උපාධිදාරීන් ගොඩක් බිහි වෙන්නෙත් මෙහෙ නැති වෙන්නෙත්. ඉතිං එහෙම කියල, ඒ කියන්නේ, අවස්ථාවල් නැති කර ගන්නත් හොඳ නෑ. මොකද කුමාර් සංගක්කාර කියන්නේ ලෝයර් කෙනෙක් එයා. හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේ තව කට්ටිය ඉන්නවා ඉගෙන ගත්ත කට්ටිය. ඉතිං හරියට දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන් නම්, මං හිතනවා ඒක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා වගේම ලොකු සාර්ථකත්වය වෙයි, ක්‍රිකට් වගේම ඉගෙනීම් පැත්තෙනුත් සාර්ථක වුනොත්. 

දැන් ලැබෙන අති විශාල මුදල් සම්භාරය හින්දද ගොඩක් අයගේ අධ්‍යාපනයට උනන්දුව අඩු වෙන්නේ ?

එක පැත්තකින් බැලුවොත් එහෙම හිතන්නත් පුළුවන්. සමහරක් කට්ටිය, දැන් මං වගේ නම්, මං ගොඩාක්ම ආසාවෙන් හිටියේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්ඩ. මගේ එක ආසාවක් තිබ්බේ කවදා හරි ලංකාවට තරගයක් ක්‍රීඩා කරන්න. ඉතිං දැන් ඒ ආසාවත් එක්කම ඒ ඒ අපේ තිබ්බ ආශාවට මුදල් හම්බ වෙනවා. අපි ඒ කියන්නේ මුදල් පස්සේ හඹා යන්නේ නෑ
සුදීක : ඒ වෙනුවෙන් කරපු කැප කිරීම වෙනුවෙන්

ඒ වෙනුවෙන් කරපු කැප කිරීම් වලට හම්බෙන නිකං ත්‍යගයක් විදියට තමයි සල්ලි හම්බ වෙන්නේ. හැබැයි සල්ලි හින්දා ක්‍රිකට් ගහන්න ගියොත් කවදාවත් සල්ලි හම්බ වෙන්නේ නෑ. මොකද ඒක තණ්හාවක් මිසක්, අර එයා ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආසාව නිසා නෙමෙයි. ඉතිං ආශාවට අපි කැප කිරීම කරොත් සල්ලි කියන දේ නිකම්ම හම්බ වෙනවා.

ඉදිරියෙදී  අනාගතයේදී ඔයා දකිනවද ශ්‍රී ලංකාවේ මේ දෙකම බැලන්ස් කරගෙන යන අය ඉන්නවද කියලා ?

ඔව් දැන් මේ තරගාවලිය බැලුවහම මට පේනවා හොඳ ක්‍රීඩකයෝ බිහි වෙලා ඉන්නවා . ඒගොල්ලෝ දෙකම හරියට බැලන්ස් කරන් ආපු කට්ටිය. ඉතිං මෙගොල්ලන්ටත් පුළුවන් ඉස්සරහට  ඉගෙනීමේ කටයුතු කරන ගමන් තව හොඳ ක්ලබ් එකකට ගිහිල්ල සෙල්ලම් කරලා ඒගොල්ලන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවත් ඉම්පෘ කර ගත්තොත්, ඒ දේවල් එගොල්ලන්ටත් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිටත්   අපි ක්‍රිකට් ක්‍රීඩාව පරිපූර්ණ කර ගත්ත වගේම අනික් පැත්තත් අපිත් සමබරතාවයක් කර ගෙන යන්න  අපිට අවස්ථාවක් හම්බුනොත්. මං හිතනවා ඒ වෙලාව සමබර කර ගත්තොත් මං හිතනවා ඉදිරියට හොඳ ක්‍රීඩකයෝ වගේම හොඳ නොලේජ් තියෙන ප්ලේයර්ස්ලත් එන්න. 

දෙමව්පියෝ අතෙත් යම්කිසි වගකීමක් තියෙනවා නේද? ඒගොල්ලෝ තමයි ළමයින්ගේ අනාගතේ කොයි පැත්තට යන්න ඕනෙද කියලා තීරණය කරන්නේ. දෙමව්පියෝන්ටත් පොඩි වගකීමක් තියෙනවා ළමයින්ගේ දක්ෂතා අඳුනගෙන, ඒ ඔස්සේ යවන්න



ඔව්, ඇත්තටම ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. මොකද හැමෝටම බෑ ඩොක්ටර්ස්ලා වෙන්න, හැමෝටම බෑ ක්‍රිකටර්සලා වෙන්න. ඉතිං පොඩි කාලේ එයාගේ ඒ දක්ෂතා හඳුනාගෙන, දෙමව්පියෝ දැන ගන්න ඕනේ එයාව ඒ පැත්තට යොමු කරන්න. මං හිතනවා එහෙම කරොත් එහෙම එයාගේ ඒ ආසාවල් කරන ගමන්ම අනිත් දේවල් වලටත් උනන්දු වෙයි. මොකද පියෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ආසයි කියන පුද්ගලයව ග්‍රවුන්ඩ් එකටත් යවන්නේ නැතිව පොතේ පතේ තිබ්බහම එයා ඒක කරන්නේ කිසිම ආසාවකින් නෙවෙයි. එයා අපි කියමු ක්‍රිකට් ක්‍රීඩා කරන්න යැවූවොත් එයා ඒ දේවලින් ඉගෙනීම් කටයුතුත් ආසාවෙන් කරයි. දෙමව්පියොත් ගොඩක් මේකට එකතු වෙන්න ඕනේ ඒ පුතා හෝ දුව සමග  ඔවුන් කරන දේ, ක්‍රිකට් ක්‍රීඩාව හෝ කිසියම් ක්‍රීඩාවක් කරන එයා ආස දෙයක් තියෙනවනම් ඒ පැත්තටත් යොමු කරලා අනිත් පැත්තත් ඒ හා සමබරව කරගෙන යන්න උදව් වෙන්න. 

දැන් අපි දකිනවා ටුවෙන්ටි-ටුවෙන්ටි ක්‍රීඩාව හින්ද අලුත් පාරවල් නිර්මාරණය වෙනවා පොතේ නැති අලුත් පාරවල්. දැන් ඔයා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට තමයි වැඩියෙන් ඉදිරිරියට ඇවිත් තියෙන්නේ. ටෙස්ට් ක්‍රිකට් වල තියෙන තාක්ෂණික ගතිය ඉදිරියට අඩු වෙලා යයිද ටී ටුවෙන්ටි නිසා ?

මට හිතෙනවා එහම වෙයි කියලා. මොකද දැන් අපි බැලුවම ඩේවිඩ් වෝර්නර් වගේ ප්ලේයර් කෙනෙක් ඔහු හොඳ පාරවල් සමගම ටුවෙන්ටි-ටුවෙන්ටි පහරවලුත් එල්ල කරනවා ටෙස්ට් ක්‍රීඩාවේදි. ටෙස්ට් ක්‍රීඩාව කියන්නේ ප්ලේයර් කෙනෙක්ව ටෙස්ට් කරන තැනක්. එතන ඒ කියන්නේ , එයා කොහොමද ? එයා කොයි වගේ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න පුලුවන්ද ? කොච්චර වෙලා එයාට පිතිකරණයේ හෙදෙන්න පුලුවන්ද ? කොරච්චර වෙලා එයාට මේ අර ශක්තිය දරාගෙන ක්‍රීඩා කරන්න පුලුවන්ද ? කියල බලන ස්ථානයක් තමයි ටෙස්ට් ක්‍රිකට් කියල කියන්නේ. ඒ වුනාට ටුවෙන්ටි-ටුවෙන්ටි ක්‍රීඩාව   කියන්නේ පොඩි වෙලාවක් ඇතුලත ඉක්මනින් වේගයෙන් ලකුණු ලබා ගන්න දෙයක්. මං හිතනවා ඒ ක්‍රීඩාවන් දෙක දෙවිදියක්. හැබැයි එහෙම බැලන්ස් කරගෙන යන්න පුළුවන් කට්ටියත් ඉන්නවා. ටෙස්ට් ක්‍රීඩාවේදී ටෙස්ට් ක්‍රිකට් ප්ලේයර් හැටියට ක්‍රීඩා කරන්නත්, ටුවෙන්ටි ටුවෙන්ටි ක්‍රීඩා කරද්දී ටුවෙන්ටි-ටුවෙන්ටි ක්‍රීඩා කරන ආකාරයත්. හැබැයි අපේ වගේ රටක, මං හිතන්නේ ගොඩක් වෙලාවට අපි පොඩ්ඩක් ඕක පටලෝගන්නවා. අපි ගොඩක් වෙලාවට අපි සාමාන්‍යායෙන් ටිකක් ඇග්‍රෙසිව් ප්ලේයර්ස්ලා ඉන්නේ ගොඩක් වෙලාවට. ඉතිං අපේ ඒ ඇටෑකිං මෝඩ් එකම තමයි සමහරක් විට ටෙස්ට් ක්‍රීඩාවටත් ගෙනියන්නේ. ඒකයි අපි සමහරක් වෙලාවට හොඳ පිතිකරු පන්දු යන්වන්නන් ඉදිරියේ ටිකක් අඩු ලකුණු වලට දවා ගන්න හේතුත් මං හිතනවා ඔය වගේ වෙනවා කියල. මොකද අපේ පන්දුවට පහර දෙද්දී අපේ කියන්නේ ෂොට් සිලෙක්ෂන්ස් එහෙම ගොඩක් අඩු ඒ කියන්නේ වැරදි වෙන්න හේතුව මං හිතනවා ඒ හින්ද කියලා. හැබැයි එක පැත්තකිනුත් මම ඒකෙ පනහ-පනහ තියෙන්නේ. ඒකේ සාර්ථකත්වයකුත් තියෙනවා, අසාර්ථකත්වයකුත් තියෙනවා. සමහරක් විට අපට ටෙස්ට් තරගාවලියක් එනවා පන්දු .... ඕවර්ස් නමයකදී ලකුණු 60ක් 70ක් ගහන්න, වුණාම එතකොට් ඒක අඩිතාලමක් වෙනවා ටුවෙන්ටි ටුවෙන්ටියෙන් ටෙස්ට් ක්‍රිකට් එකට. ඒ වගේම දෙවිදියක් තියෙනවා. ඉතිං ඒක හරියට බැලන්ස් කරන් ගියොත්. ඒක හරියට ටෙස්ට් ක්‍රීඩාව ටෙස්ට් ක්‍රීඩාව විදියටත්, ටුවෙන්ටි ටුවෙන්ටි ඒ විදියටත් කරගෙන යන්න පුළුවන්. 

අපේ රටවල් වල සාමාන්‍යයෙන් ක්‍රීඩකයන්ගේ ජනප්‍රියත්වයත් සැහෙන බලපානවා. ලබා ගන්න ජනප්‍රියත්ව දැන් අපේ තරංග පරණවිතනා, තිලාන් සමරවීර  මන් හිතන්නේ දිමුත් ගත්තත්, වැඩි ප්‍රසිද්ධියක්, හුඟක් නෑ අනිත් ය තරම් ටී ටුවෙන්ටි ප්ලේයර්ස්ලට ලොකු ප්‍රසිද්ධියක් හා මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ඒක නිසාද වැඩියක් ටී ටුවෙන්ටි වලට වැඩි අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ ?
ඔව්. මෙහෙමයි දැන් ලංකාවේ, මේ ආසියාතික රටවල් වල පමණයි ඔය දේ සිද්ද වෙන්නේ. මොකද ලංකාවේ මිනිස්සු බැලුවම ගොඩක් ටිකක් කාර්ය බහුලයි. ඉතිං ඒගොල්ලෝ උදේට වැඩට යනවා, ගිහිල්ල එන්නේ හවස, හවස ආවයින් පස්සේ තමයි ගෙදර ටී වී එක දාලා මැච් එක බලන්නේ. ගොඩක් වෙලාවට ටී ටුවෙන්ටි වගේ තරගයක් යන්නේ දිවා රාත්‍රී තරගයක් හැටියට. ඉතිං මිනිස්සුන්ට ගොඩක් බලන්න පුළුවන් අවස්තාවල් තියෙනවා. තරගය ගොඩක් වෙලාවට සෙනසුරාදා ඉරිදා ඒ වගේ නිවාඩු දවස් වලට තමයි ගොඩක් වෙලාවට පවත්වන්නේ. මොකද මිනිස්සු ගොඩක් අර ගෙන්න ගන්න පුළුවන් හින්දා. හැබැයි ටෙස්ට් තරගයක් එහෙම  නෙවෙයි. උදේ සුපුරුදු වෙලාවට ,උදේ දහයට පටන් ගන්නේ හවස පහට ඉවර වෙන්නේ. සෙනසුරාදා ඉරිදා කියලා වෙනසක් නෑ. සතියේ දවස් වල තමයි ගොඩක් පටන් ගන්නේ. එතකොට මිනිස්සුන්ට ඒක බැලෙනවා අඩුයි. ඉතිං මං හිතනවා එක වෙන්නැති  ජනප්‍රියතත්වයට ගොඩක් ටුවෙන්ටි ටුවෙන්ටි හේතු වෙන්නේ. මොකද මිනිස්සුන්ට කාර්ය බහුල ජීවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙලා බලන්න පුළුවන් හින්දා වෙන්න ඇති. හැබැයි ඒක තිබෙන්නේ මේ වගේ ආසියාතික රටවල් වලට පමණයි. ආසියාතික කියන්නේ ගොඩක් වෙලාවට ලංකාව 
සුදීක : ඉන්දියාව
ඕ ඉන්දියාවේත්, මන් හිතන්නේ ඕන දෙයක් (මද සිනහවෙන්)  ඕන වෙලාවක මිනිස්සු. හැමදෙයක්ම දාලා ඇවිල්ල තරගයක් නරඹනවා ටෙස්ට් හෝ වන්ඩේ හෝ ටුවෙන්ටි-ටුවෙන්ටි හෝ ඕන දෙයක්. හැබැයි ගොඩක් වෙලාවට අපි පිටරටවල් වල බැලුවම ඒගොල්ලෝ ටෙස්ට් ක්‍රීඩාවට මහත් ආදරයක් දක්වනවා. ඒගොල්ලෝ උදේ පාන්දරම ටෙස්ට් ක්‍රීඩාව පටන් ගන්නවා නම් නමයට විතර ඒගොල්ලෝ උදේ හතහමාරේ ඉඳන්ම ඇවිල්ල ඒගොල්ලන්ගේ ආසනවල ඉඳගෙන ඒගොල්ලෝ මාර ආසයි. හැම තරගයකම පන්දුවෙන් පන්දුවට බලනවා. ඒ කියන්නේ කිසිම අර මේ ....
සුදීක : පක්ෂපාතී නැතිව 
ඕ පක්ෂපාතී නැතිව. මොකද එගොල්ලේ අර හොයන්නෑ. ලොකු පාරවල් හොයන්න ඕනේ නෑ. ඉක්මනට ගේම් එක, එහෙම නෙවෙයි. ඒගොල්ලන්ට ඕනේ ලොකු ගේම් එකක්. එතකොට තමයි අර තරග වදින බැටල් එක ටිකක් ලොකු වෙන්නේ.  එතකොට ඒගොල්ලෝ ආසයි ඒ බැටල් එක කොහොමද, මොකද එක දවසක් ඉන්න පුළුවන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම උඩින් , අනිත් දවසේ  ඉන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම උඩින්. මේ බැටල් එක දවස් පහක් තිස්සේ යත්දී අර ඒගොල්ලන්ට තියෙනවා කිසියම් වූ ආශාවක්. හැබැයි ටුවෙන්ටි ටුවෙන්ටි කියන්නේ එක පන්දු ඕවරයෙන් තරගයක් වෙනස් වෙන්න පුළුවන් තරගයක්. ඉතින් ඒකට වඩා ටෙස්ට් තරගයේ ගොඩක් වෙලාවට ලංකාවේ හේතුව මේ කාර්ය බහුලත්වය එක්ක තමයි කියල මම හිතනවා. 
 මේ සංවාදයේදී මා තේරුම් ගත්තේ ඔහු ක්‍රිකට් පිලිබඳ හොඳ අධ්‍යනයක පසු වන බවයි. ඔහුගේ ඉදිරි අනාගතයට අපි සුබ පතමු.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...