කාලාන්තරයක් තිස්සේ කරපු උත්සාහයක ප්‍රතිඵලයක් විදියට හරියටම පහුගිය ඉරිදා රාත්‍රී 8:30 ට බස් රේඩියෝවේ "මා ආ මග" වැඩසටහනට සම්පත් දායකයා විදියට එකතු වෙන්න මටත් පුළුවන් වුණා. බොහෝ දෙනෙකුට ඒක සජීවීව අහන්න බැරි වුන බව දැනුම් දීලා තිබුණා. ඔන්න ඒ අයගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න අවස්ථාව ඇවිත්. මේ වැඩසටහනේ භාරදුර කාර්යයක් ඉටු කරන තිසර මධුවන්ත නොහොත් සිහින මල්ලි අද උදේම මට ඒ ලින්ක් ටික එවලා තිබුණා.
මේක කොටස් හතරකින් තියෙනවා. හැබැයි මම තෝරපු සිංදු ටික නම් ඉවත් කරලා. ප්‍රමාණය අඩු කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. සින්දු ටිකේ ලින්ක් ටිකත් මම දාන්නම්.
මේකෙදී විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ කිහිප පලක්ම ඉන්නවා. මේ වැඩසටහනට ගැන මුලින්ම කිව්වේ අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදානේ. ඒ වෙනකොට ලක්මාල් එක්ක රසික නානායක්කාර නොහොත් රණා මේක ගැන මුලික අදහස සාකච්ඡා කරලා තිබුණා. මගෙන් අටමා ඇහුවා මේකට සහභාගී වෙන්න කැමතිද කියලා. පස්සේ රණා එක්ක කාලයක් තිස්සේ කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් මල්ඵල ගැනීමක් විදියට තමයි පහුගිය 28 වෙනිදා සම්පත් දායකයා විදියට මාව තෝරා ගත්තේ. ඇත්තටම ඒ වැඩේදී රණා දක්වපු උනන්දුව පැසසුම්සහගතයි.
බොහෝ කාලයක් මේ වැඩසටහන මෙහෙයවන්නා විදියට කටයුතු කරන දුලිප් සිකුරාජපති නොහොත් ඕනයා දැඩි කැපවීමක් කරලා තමන්ගේ මිතුරකුගේ නිවසේ ඉඳන් තමයි වැඩසටහන මෙහෙයවීම කලේ. ඉතිං ඕනයාටත් ස්තූතිවන්ත වෙනවා දක්වපු උනන්දුව සහ ඉතාමත් රසවත් විදියට සහ මිත්‍රශීලී විදියට ඒ වැඩසටහන කරපු ආකාරයට.
මේ වගේ තාක්ෂණික ක්‍රියාවලියක් පිටුපස්සේ ඉන්න කුඩා සිරුරක් තිබ්බත් අයෝමය පුද්ගලයා වෙන්නේ තිසර මධුවන්ත. දන්නා භාෂාවෙන් කිව්වොත් සිහින මල්ලී. මේකේ පර්යේෂණ කාලයේදී ඉතාමත් ලොකු උත්සාහයක් ගත්තා ස්කයිප් වලින් එන කෙනෙක්ව කෙලින්ම වැඩසටහනත් එක්ක සම්බන්ධ කරන්න. ඉදිරියේ දවසක අපිට ඒ පහසුකමත් අත්විඳින්න ලැබෙයි. ඉතිං තිරය පිටුපස්සේ ඉඳන් කරන ඒ සේවය අපි කවුරුත් අගය කරන්න ඕනේ. මේ පර්යේෂණ කාලේ උදව් කරපු නෙරංජි ටත් අපේ ස්තුතිය හිමි වෙන්න ඕනේ.
ඇත්තටම මේ වැඩසටහන යත්දී බස් රේඩියෝව මම දාගෙන හිටියේ නෑ. ඒ සමග එකතු වෙලා ශ්‍රවණය කරපු සියලු දෙනාටත්, ඒ හරහා ඉතා වැදගත් ප්‍රශ්ණ ගොඩක් යොමු කරපු අයටත් මගේ ස්තුතිය හිමි වෙන්න ඕනේ. මට මේකේ නිෂ්පාදන අංශයෙන් යොමු කරපු ප්‍රශ්ණ වලට තමයි මම පිළිතුරු දුන්නේ. තව මොනවා හරි ප්‍රශ්ණ තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට යොමු කරන්න. හැකි විදියට පිළිතුරු දෙන්නම්.
එතනදී සජීවීව එකතු වෙච්ච සමකය වටේ බ්ලොග් අඩවියේ නිර්මාතෘ නලීන් දිල්රුක්ෂ ට, ජපානයේ සිට එකතු වෙච්ච කෙන්ජි, අපේ බ්ලොග් සහෘද්ධ මාතලන්, මේ වැඩසටහනේ එක් දිගහැරුමක් මෙහෙයවපු වැපා, නවෝද්‍යා, මනුර තමෙල්, එංගලන්තයේ ඉඳගෙන ශ්‍රවණය කරමින් ප්‍රශ්ණයක් යොමු කරපු මගේ බාල සහෝදරයා සොමීන්ද්‍ර ටත් ස්තුති කරන්න කැමතියි. ඒ වගේම යම් අතපසු වීමකින් මෙහි නම් සඳහන් කිරීමට නොහැකි වූ, මෙයට සක්‍රීයව දායක වෙච්ච සියලු දෙනාටත් මගේ ස්තුතිය එක් කරන්න කැමතියි.
අවසාන වශයෙන් බස් රේඩියෝවේ සියලු දෙනාටත් මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.
මේ වැඩසටහනේදී අපිට අහන්න ලැබුණේ මම ඉල්ලපු ගීත වලින් කිහිපයක් පමණයි. හේතුව තමයි ඔබගේ ප්‍රතිචාර වැඩි කම. නමුත් අපේ වැඩසටහන කරපු නිෂ්පාදක කණ්ඩායම මේ වැඩසටහන හරියටම වෙලාවට පටන් ගෙන වෙලාවටම අවසන් කළා. කාලය පැය දෙකක් හරියටම ගත්තේ. ඒකත් අගය කරන්න ඕනේ දෙයක්. මේකේ මම කැමතිම ගීතය තිසර හොයාගෙන තියෙන්නෙත් බොහොම අමාරුවෙන්. මම හිතන්නේ තිස්ස දොඩන්ගොඩ වෙන්න ඕනේ ගීතය ලබා දුන්නේ. ඒ "නිදිකුම්බා මල් කැකුලී" කියන ගීතය. ඒක මියුරු ගී වල තියෙනවා. ඒ ලින්ක් එක තමා මම මෙතන දාලා තියෙන්නේ. තිසර පුළුවන් නම් ඒ ගීතය මට එවන්න.
මෙතනට ගිහින් සනත් නන්දසිරි ගායකයාව තෝරන්න
එතන ගීත අංක 276
සඳෙන් එහා කඳු මුදුන් නිවී - මිල්ටන් මල්ලවාරච්චි
ප.ලි. : මේකේ ප්‍රමුඛ කාර්යභාරයක් කරපු ලිෂාන් පුවක්ඕවිට මගේ මිත්‍රයට ස්තූති කරන්න මට එදත් අමතක වුණා, අදත් අමතක වුණා. මම ලිශාන්ගෙන් සමාව අයදින ගමන්ම, මේ සඳහා අලංකාර බැනර් එක නිර්මාණය කරපු ලිශාන්ට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
ප.ලි. : මේකේ ප්‍රමුඛ කාර්යභාරයක් කරපු ලිෂාන් පුවක්ඕවිට මගේ මිත්‍රයට ස්තූති කරන්න මට එදත් අමතක වුණා, අදත් අමතක වුණා. මම ලිශාන්ගෙන් සමාව අයදින ගමන්ම, මේ සඳහා අලංකාර බැනර් එක නිර්මාණය කරපු ලිශාන්ට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
පැය දෙකක් අහන්න ඉන්න කියලයි ඔහේ කියන්නේ.. මේ පැය අටෙන්ම.. හෙට ගෙදර ඇවිත් මාව හමු වෙන්න එහෙනං නෝ ජොබ් කොම්පැනියට එකතු උනාම.. හැක්.. හැක්.. ජය වේවා
ReplyDeleteබස් රේඩියෝ මම අහල නෑ ඒ ගැන නොදනී. හැබැයි ඒ ගැන ඇති වෙන්න අහල තියෙනවා. ඒ උනත් ඒ පිරිවරේ මෙහෙය අගය කරන්න ඕන.. බස් රේඩියෝ සම්පුරුණ සෙට් එකේම නං ගං බ්ලොග් අරව මේවා විස්තර විචාරයක් වෙලාවක කරන්ටකෝ සුදීක... ජය වේවා අපිව කම්බස් කරන බස් රේඩියෝ එකටත්..
මේක අහන්න බැරි වුණ. ඒත් අහන්න කැමති අයගේ පහසුවට තමයි මේක අප්ලෝඩ් කරේ.
Deleteවරුවේ හීයට ගිහින් වත්තේ හතරමායිම හොයන්න හොඳ නෑ කියලා කියමනක් අහලා ඇතිනේ. ඒ වගේ එතන තියෙන ප්‍රශ්ණ මට අදාළ නෑ.
යකෝ දැන් බස් රෙඩියොවේ ඉන්ටව් එකකට යන්න ඔච්චර කට්ට කන්ඩ ඔනේද ෂා ඒ කියන්නේ අපේ බස් රෙඩියෝව දැඩි ඉල්ලුම් කාරි තත්වයකට ඇවිත් එලනේ...
ReplyDeleteඒ හැටි කරදරයක් නෑ මචං. වැඩේ වුණේ අපි කට්ටියට එක වෙලාවකට මුණගැහෙන්න තිබ්බ අමාරුව.
Deleteමෙතන උත්සාහය කිව්වේ මගේ උත්සාහය නොවෙයි, බස් රේඩියෝ අයගේ උත්සාහය.
Deleteමුලින්ම අහන්න තියෙන්නේ මොකද සුදීක අයියේ මෙච්චර මහප්‍රාණ මේ පෝස්ට් එකේ.. ඕනෙ තැනයි එපා තැනයි හැමතැනම මහප්‍රාණ.... පොඩ්ඩක් ආයිත් කියවලා බලන්න.
ReplyDeleteලින්ක් දෙක පස්සේ තමයි අහන්න වෙන්නෙ.. ඒත් අනිවා අහනවා...
මේකේ ඒ හැටි දෙයක් නෑ.
Deleteඑදා හරිම ජොලි රැයක් අපට නං.
ReplyDeleteනැත්තං. නැත්තං.
Deleteඇත්තටම මට හුග කාලෙකින් මුණගැහුනු සමීපතමයන් සමග ගෙවුනු විනාඩි කීපයක් කියල ඒ සෑ මගෙ මතකයෙ රැදේවි.
Deleteමෙවැනි වැඩ සටහන් දිගටම කලොත් අප කවුරුත් ගොඩක් සමීප වෙයි කියල හිතනව.
ඇත්තටම කෙන්ජි සජීවීව සම්බන්ධ වුණ එක සතුටක්.
Deleteමටත් බස් රේඩියෝව අහන්න පුළුවන් කොරමය පොඩ්ඩක් කියලා දෙනවලකෝ අයිබෝවන්ලා ......... කලින් සුදික යනවයි කියල දැන්මම මම හිතුවේ ලංකාවේ ගත්ත රෙදිඕ චැනල් එකක් කියලා
ReplyDeleteමේක වෙබ් එකේ යන එක මැලේ
Deletewww.buzzradio.lk
මම ආවේ බොහොම පරක්කු වෙලා හොඳටම මහන්සි වෙලා උන්නේ. ඒත් නැගලම ගියා. සින්දු සිලෙක්ෂන් එක නම් පට්ට. නිදිකුම්බා මල් කැකුලී ආස සින්දුවක් උනාට තේරුම දැන ගත්තේ එදා...
ReplyDeleteමෙතන තියෙන සමහර සින්දු අද කාලේ වැඩිය නෑසෙන නිසාම තමයි මම තෝරා ගත්තේ.
Deleteසුදික, PayPal වලින් ගනදෙනු කිරීමට අනාගතේදී ලැබේ කියලා බලපොරෝතුවෙමු . ඒ ගැන මහ බැංකුවේ නිලදාරීන් කියලා තිබුනා .
ReplyDeleteඔව්. ඒකෙන් රටට වෙන කිසි හානියක් නෑ. දැන් වෙන්නේ රටෙන් පිටට මුදල් ගලා යන එක විතරයි. අනිත් පැත්තට එන්න නම් මේක කඩිනමින් ඇති වෙන්න ඕනේ.
Deleteඅහලා බලන්නම් ...
ReplyDeleteමේක නෑහුවත් මොකේ, උඹේ බ්ලොග් එක ලියනවනම්.
Deleteඅහලම බලමු.
ReplyDeleteඋඹ ඉතිං අහන, කියවන එකා මිසක් ලියන එකෙක්යැයි.
Deleteඔන්න ඩවුන්ලෝඩ් කලා.. නිදහසේ අහනව දැන්..
ReplyDeleteඅර සින්දු සෙට් එකෙන් වැඩි හරියක් මාත් කැමති ඒවා.
ඩවුන්ලෝඩ් කලානම් අප්ලෝඩ් කරන්නත් වෙයි වගේ. මේ ලින්ක් එක බ්ලොච්ක් කරලා.
Deleteඑහෙම සීන් එකක් ද.. මං නම් අවුලක් නැතුව බා ගත්ත.
Deleteමල්ලි කොහෙට හරි අප්ලෝඩ් කරලා ලින්ක් ටික එවපන්.
Deleteආ..මං ඩවුන්ලෝඩ් කලේ එක කොටසයි මං හිතන්නෙ. ඒක නම් ඔය තියන්නෙ තවමත්.
Deletehttp://www.hulkshare.com/vuow47i5uwow
මමත් අහලම කොමෙන්ට් එකක් දාන්නම් ..
ReplyDeleteපොඩි තාක්ෂණික ගැටළුවක් තියෙනවා නිවැරදි වූ වහාම දැනුම් දෙන්නම්.
Deleteකෝ අහන්න ලිංක් එකක් නෑනේ... නිදිකුම්බා මල්කැකුලී ගොඩක් පැරැණි ගීයක් කාලෙකට පස්සේ ඇහුවේ.
ReplyDeleteමොකක් හරි ගැටළුවක් තියෙනවා. හවස හොඳට තිබ්බා. ඒ URL එක බ්ලොක් කරලා.
Deleteසිංදු තේරීමනම් පට්ට .
ReplyDeleteහොඳ රසවින්දනයක් තියෙන මාමා කෙනෙක් . හි හි හි හි හි හි ........
නැතුව නැතුව.
Deleteබොහෝම ස්තුතියි ලස්සන ගීත එකතුවට හා ලින්ක් වලට, නිවිහැනැහිල්ලේ අහන්න ඕනේ.
ReplyDeleteහොඳයි අහලා ගුණ දොස් කියන්න.
Deleteඔන්න දිගටම එන්න හිතා ගෙන ෂැගියා ත් ගොඩ වැදුන
ReplyDeleteෂැගී ... කෑම .... කෑම ...
Deleteඑන්න දිගටම.
ඩේටා බින්දුවට බැහැලා ඉන්නේ. අලුත් කරපු ගමන් බාගෙන අහන්න ඕනේ.
ReplyDeleteහරි මචං.
Deleteනිවාඩු පාඩුවේ අහනවා. හැබැයි අනිවා අහනවමයි
ReplyDeleteඅහන්න. අහන්න.
Deleteදේශකයා කියන්නේ ඔයා කලුතර්න් ජන්දේ ඉල්ලනවා කියලා
ReplyDeleteමමත් දැක්කා දේශකයාගේ පොස්ට් එක. හික් හික් ...
Delete"This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"
ReplyDeleteමේ ලින්ක් එක පෙන්නනේ නෑනේ. නියම සින්දු ටිකක් ඒත් ඉතින් කරුමෙට මේක බ්ලොක් කරලනෙ
අදයි මචං වැඩට ආවේ. සනීප නැතුව හිටියා. මේ දැන් අහන ගමන්. නියමයි.
ReplyDeleteඅහල මට කෝල් එකක් දෙන්න.
Deleteවිභාග කාරියේ ඉවර කරලා බ්ලොග් කියවන්න ආවා විතරයි. නිස්කලන්කේ අහලා බලන්නම් අයියා :)
ReplyDeleteහරි හසිත. අහල ගුණ දොස් කියන්න. ප්‍රශ්ණයක් තියෙනවනම් අහන්න.
Deleteකෝ සුදික මම දාපු කමෙන්ට් එක?
ReplyDelete