මා ගලවා ගත් ප්‍රියන්ත නමැති මේ පුද්ගලයට කෙසේ නම් ප්‍රති උපකාර කරම්ද? මට තිබූ ගැටලුව එයයි. එම මුදල ලක්බිමට ගොඩ බට වහාම ගෙවා දැමිය හැකිය. එහෙත් එය හුදෙක් ගනුදෙනුවකින් අවසාන කල හැකි දෙයක් නොවේ. මා ඊට වඩා දෙයක් කල යුතුය. යකාගේ කම්මල මෙන් වූ මගේ හිතට මේ වෙලාවේ කිසිවක් ගලා එන්නේ නැත. මා දෙවියන් විශ්වාස කරන්නේ හෝ අදහන්නේ නැති මුත් ඉෂ්ඨ දේවතාවන් යයි කොටසක් සිටින බව පිළිගන්නේ බෞද්ධයකු නිසාය. මේ මොහොතේ මට උපකාර කිරීමට ප්‍රියන්ත මහතා පොළඹවන්නට ඇත්තේ ඔවුන්ය. දියණිය, ලෝක කුසලානය, ප්‍රියන්ත ආදී සිතුවිලි රාශියක් මගේ හිත වටේ කැරකෙන්නට විය.
මේ වනවිට ප්‍රියන්ත ගුවන් මගීන් ඇතුල්වන කවුන්ටර පසුකර ගොස් හමාරය. මා ඔවුනට වඩා මිනිත්තු දහයක් පිටුපසිනි. මේ අකරතැබ්බයට මුහුණ දුන් අනෙක් අයද මා සමගය. මාද හනි-හනික මගීන් ඇතුළුවන කවුටරය දෙසට මගේ ට්‍රොලිය පදවාගෙන ඇදිණි. එහි සිටින රේගු නිලධාරියා එම බෑග් විවෘත කරන ලෙස දන්වා පරීක්ෂා කර කර නැගී සිට
"සර් යූ හෑව් ටූ ලිකර් බෝටල්ස් හියර්. නො ලිකර් ඉන් හෑන්ඩ් ලැගේජ්"
මගේ කන් දෙක රත් විණි. එක් වරම මගේ මතකයට ආවේ අතේ ගෙන යන බෑග් වල කිසිදු දියර වර්ගයක් ගෙන යා නොහැකි බව මා හොඳින්ම දන්නා නිසාය. මට කල හැකි කිසිවක් නොවිණි. හිරේ විලංගුවේ නොවැටී බේරුනොත් ඇති යන්න එක වරම මගේ හිතට ආ සිතුවිල්ල වුවද, ඉන්දියාවේ දූෂිත නිලධාරීන්ගේ තෝතැන්ක්ක බවද එක වරම සිතට ගලා ආවේය. මා ඉන්දියාවට ඇතුලත් වුවේද එවැනි සන්තෝසමක් ගෙවමිනි. ඒ මේ විස්කි බෝතල් සඳහාය. දැන් නම් මේවාගෙන් ලාභයක් තබා, වියදම් කල මුදල වත් ලබා ගැනීමට නොහැකි තත්වයකි.
"සෝ වට් කැන් අයි ඩු. කැන් අයි සෙල් දීස්"
"ආර් යූ සෙලින් දිස්. හව මච්"
"තවුසන්ඩ් රුපීස් ඊච්"
"ඕකේ. වේට් හියර්"
ක්ෂණිකව එම ස්ථානය වසා දමා ඔහු පිටත් විය. ඔහු ආපසු පැමිණියේ කුඩා ගමන් මල්ලක්ද සහිතවය. එය පසෙකින් තබා
"පුට් ඉට් ටු ද බෑග්"
මම බෑග් දෙක හැර පෙට්ටි සහිත බ්ලැක් ලේබල් විස්කි බෝතල් දෙක එම බෑගයට දමා සිට ගතිමි. ඔහු මහත්මා ගාන්ධි තුමාගේ ලොඹු රූපය සහිත දාහේ කොලයක් මා වෙත දිගු කරයි.
"අයි සෙඩ් තව්සන්ඩ් ෆොර් වන්. නීඩ් ටූ තව්සන්ඩ්"
"නෝ. නෝ. දෙන් කාන්ට් හෙල්ප්"
මට කල හැකි කිසිවක් නොවිණි. මොහොතක් හිඳ, "ඕකේ" යනුවෙන් පවසා එම රුපියල් දාහ ගෙන මගේ බෑග් දෙක අතට ගෙන, ඔහුට ස්තුති කර ස්කෑන් පරීක්ෂණයට බෑග් දෙක සහ බෝනික්කාගේ සිලි බහලුම තැබීමි. කිසිදු හින්සාවකින් තොරව එම කඩයිම පසු කර මගීන් ගුවන් යානයට ඇතුලත් කරන තෙක් විවේක ගන්නා ස්ථානයට ගොස් වටපිට බැලීමි. එතන මාගේ ඉෂ්ඨ දේවතාව නොහොත් ප්‍රියන්ත මහතා සිනා මුසු මුහුණින් මා දෙස බලා සිටී.
මා ඔහු වෙත ඇදුනේ දෙමව්පියන් වෙත දිව යන කුඩා දරුවකි ලෙසිනි. මේ මොහොතේ මට වටිනාම පුද්ගලයා ඔහුය. අප දෙදෙනා කථාවට වැටිණි. ඔහු බවර්ස් සමාගමට අනුබද්දව සේවය කරන වෙනත් සමාගමක අලෙවි විධායකයෙකි. ඔවුන් විවිධ බෙහෙත් වර්ග ලංකාවට ගෙන එයි. මේ එන්නේ එවැනි බෙහෙත් ගෙන්වන සමාගම සම්මන්ත්‍රණයකට ගොස් බවද, තමාටද කුඩා දරුවෙක් සිටින බවද, ඔහු මසකට වරක් වත් මුම්බායට එන බවද පැවසීය. ඉන් අනතුරුව අප දෙදෙනා එම කොටසේ ඇති සාප්පු සංකීර්ණයට පිවිසියේ නිවෙස් වලට ගෙන යා හැකි දෙයක් ඇත්දැයි බැලීමටය.
එහෙත් මගේ අදහස වුයේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේන් ගන්නා දෙයක් ගැනීමටය. මේ මොහොතේ තද කළු කෙසඟ පුද්ගයෙක් අප දෙදෙනා අසලට පැමිණ
"උඹලා, දෙන්නා ලංකාවේ නේද ? මම ටෝනි යනුවෙන් පවසා අත දිගු කළේය"
මා සහ ප්‍රියන්ත ඔහුට අප හඳුන්වා දුන්නෙමු.
"මචං මම එන්නේ දකුණු අප්‍රිකාවේ ඉඳලා. එහේ රටවල් ගානක වැඩ කරා. මගේ ට්‍රිප් එක දවස් තුනයි. ඉතියෝපියන් එයා ලයින් එකේ එන්නේ. කෑම බීම ඕනෑතරම් දෙනවා. මෙහෙ රෙස්ටුරන්ට් එකෙන් කන්න පුළුවන් ඇති තරම්. යමු ෂොට් එකක් දා ගන්න. මට නිකං හම්බ වෙන එකනේ"
ආගන්තුකයකු එක වරම කරන සංග්‍රහයක් ලබා ගැනීමට තරම් අඥානයන් සේ ක්‍රියා කල හැකිද ? අනෙක වෙනත් රටක ගුවන් තොටක. මෙය කෙසේ වත් කල නොහැක. මා ප්‍රියන්ත ගේ මුහුණ බැලුවෙමි. ඔහු පිළිතුරු දෙන්න ඉදිරිපත් විය
"අපිට තව බඩු වගයක් ගන්න තියෙනවා. අපි ගිහින් ඒ පැත්තට එන්නම්"
"හරි මම මේ කියන්න හිටියේ. ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ චොක්ලට් ගණන්. මෙහෙන් ගනින් මචං. එහෙනං මං ඒ පැත්තේ බලා ඉන්නවා"
අප ඔහුගෙන් ගැලවුනෙමු. මේ එන්නේ මොනවාගේ කරදරයක්දයි අපට නොවැටහේ. ඔහුගේ ඉතියෝපියන් ගුවන් සමාගම ලංකාවට එන කොටස ඔහුට ශ්‍රී ලන්කන් සමාගමෙන් යන්නට සලස්වා ඇත. අප දෙදෙනා වෙළඳ සැලක් තුලට පිවිසුනෙමු. මා දියණියට අවශ්‍ය චොක්ලට් මිලදී ගතිමි. එවිට මා අත රුපියල් තුන්සිය පනහක් පමණ ඉතිරි විය. මා ප්‍රියන්ත අසලට ගොස් ඔහුගේ මුදල් ආපසු ලබා දුන්නේ මුව නොසැහෙන ස්තුතියක්ද සමගය. ලංකාවට ගිය පසු ඔහු මුණ ගැසී මීට වඩා දෙයක් කල යුතුය යන අදහස මගේ හිතේ තදින් කිඳා බැස තිබුණි.
මට මුදල් ලැබුණු ආකාරය ඔහුට ගැටලුවකි. මා ඒ කතාවද ඔහුට විස්තර කලෙමි. මා ප්‍රියන්තගේ බිස්නස් කාඩ් පත දෙස නැවතත් බැලුවේ ඔහුට හොරෙනි, ඔහු එම්.බී.ඒ. දක්වා අධ්‍යාපනය ලත් සැබෑ මහත්මයෙකි. අප දෙදෙනා නැවතත් ගුවන්තොට මගී පර්යන්තයේ පුටු දෙකකට බර දී වැඩි කථාවක් නැතිව උන්නෙමු. එවිට අප වෙත නැවතත් කඩා පාත් වූ ටෝනි මා අසලින් සිටගෙන කන්න-බොන්න යාමට ආරාධනය කළේය.
"අපි දෙන්නා ඩියුටි ෆ්‍රී එකෙන් ෂෝර්ට් ඊට් වගයක් කෑවා" පිළිතුරු ප්‍රියන්තගෙනි. මට ටෝනි ගැන කනගාටුවක්ද ඇති විය. එහෙත් මෙවැනි තැනකදී "අනුකම්පාව-භූමිකම්පාව" විය හැකිය. අප දෙදෙනා නැගිට්ටේ නැත. බොහෝ සෙයින් ඇවිටිලි කල ටෝනි.
"ඉඳපන් මම උඹලා දෙන්නට බොන්න මොනවා හරි ගෙනත් දෙන්නම්" යයි බමන මතින් පවසා, වැනි වැනී නැවතත් අවන්හල තුලට රිංගන ලද අතර ප්‍රියන්ත මා දෙස හැරී
"මචං ඒ යකා එක්ක වැඩිය කතාවට යන්න එපා. ඇණයක් වගේ. ෆ්ලයිට් එකේ නිදා ගන්න හම්බ වෙන එකක් නෑ" යයි පවසා කට ගන්නට පෙර ටෝනි අප ඉදිරියේය. දුඹුරු පැහැති හරහට ඉරි ඇති ටී ෂර්ට් එක සහ බාගෙට වවා ගත තැනින් තැන ඉදුණු රැවුල සහ රැලි ගැසුණු මුහුණ සිහි ගන්වන්නේ ඉතියෝපියන් කාරයෙකි.
"මචං මෙන්න මම උඹලා දෙන්නට කොකා-කොලා කෑන් දෙකක් අරන් ආවා. කෝ උඹලා දෙන්නා එන්නේ නෑනේ" යයි පවසමින් එය අප වෙත පෑ විට. නොරටකදී හමු වන සිංහලයා යන සිතිවිල්ල මගේ හිතට ආ නිසා මා එය ප්‍රතික්ෂේප නොකොට භාර ගත් අතර ප්‍රියන්තද මුවින් නොබැන එය ගෙන ඔහුගේ බෑග් එකක රුවා ගත්තේය. අප දෙදෙනා අතර වූ අසුනේ හිඳ ගත් ටෝනි කථාව පටන් ගති.
"මචං මම මුලු අප්‍රිකාවේම කරක් ගහලා තියෙනවා. මම වැඩ කරන්නේ දකුණු අප්‍රිකාවේ ඉලෙක්ට්‍රික් කම්පනියක. මම ඉන්ජිනියර් කෙනෙක්. (ඔහුගේ හැඳුනු පතද ඩයරියක් අස්සෙන් ඇද පෙන්වා). අපි දැන් කරන්නේ කැලෑවල් මැද්දෙන් හයි ටෙන්ෂන් ලයින් දාන එක. වාහන දීලා තියෙන්නේ. යන යන තැන ෆුල් සැප. උඹලට කියන්න මට අප්‍රිකාවේ ළමයිත් ඉන්නවා. (නැවතත් ඩයරිය අදිමින් ෆොටෝ එකක් පෙන්වමින්) මචං මේ ඉන්න මගේ අප්‍රිකාවේ ගෑණි. මේකිට මගෙන් ළමයෙක් හදා ගන්නම ඕනේ වුණා. උන් හරි ආසයි දිග කොන්ඩේ තියෙන ළමයි හදා ගන්න. එහෙ ඉන්න කෙල්ලෝ ඕන එකෙක්ට ළමයි. අපේ එවුන්ට වගේ නෙවෙයි කිසි ගාණක් නෑ. තාත්තා කවුද දන්නේ නෑ සමහරු. කෙල්ලෝ ළමයා පිටේ ගැට ගහගෙන කැම්පස් යනවා. ඕන තැනක බඩු ඉන්නවා. ඩොලර් පහයි ගාන. මිනිහා ගෑනිව දෙන තැනුත් තියෙනවා. උන්ට ඕනේ සල්ලි. කොන්ඩම් නැතුව නම් ඩොලර් තුනයි. (ප්‍රියන්ත අහක බලා ගනී). හැබැයි එහේ ගෑනු දහයක් ගත්තොත් නමයකට ඒඩ්ස්. වෙලාවක වරෙන්කෝ සොමියක් දාල යන්න. මම ඉන්නයි කන්නයි දෙන්නම්"
පින්තූරය ගත්තේ : http://www.unmultimedia.org |
මම සිනාසී ඔහුට ඇහුම්කන් දීගෙන සිටියෙමි. එහෙත් ප්‍රියන්ත මේ කිසිවක් නොඇසෙනා ගානට අහක බලා සිටී. නැවතත් නැගී සිටි ටෝනි
"මම යනවා තව ෂොට් එකක් දා ගන්න. නිකං දෙන එකනේ. ඒක නෙවෙයි මල්ලියා උඹ බැංකවේ නේද වැඩ කරනවා කිව්වේ. මට උඹව සෑහෙන උවමනා වෙනවා. අපේ ගෑනිගේ මොකක්ද කෙස් එකක් තියෙනවා මහජන බැංකවේ. උඹ මට උදව් කරනවා නේද? මට දියං උඹේ නම්බර් එක.(ප්‍රියන්ත නොදෙන දෙස මුහුණෙන් පෙන්වයි - මටද ගණදෙවි නුවණක් පහල විය"
මා කටපාඩමේ නම්බර් එකක් කියාගෙන ගියෙමි. ඒ මගේ පැරණි විසන්ධි කල දුරකථන අංකයයි. නැවතත් ටෝනි ගිය පසු ප්‍රියන්ත කථා කරන්නට විය
"උඹට එපා කියත්දී ඇයි නොම්බරේ දුන්නේ. දැන් ඉතිං උඹට ඉන්න හම්බ වෙන එකක් නෑ. ඒකා කොම්පන්ඥවීදියේ නේද ? උඹට නිකමටවත් හිතුනේ නැද්ද මේ වගේ එකෙකුට නම්බර් එක දෙන එක කරදරය් කියලා. මේ යකා උඹට කෝල් කරලා ඊට පස්සේ මොනවා හරි ලෙඩක් දා ගත්තොත් උඹවත් එක්කම අරගෙන යයි"
"නෑ මචං මම ඌට දුන්නේ ඩිස්කනෙක්ට් කරපු පරණ නම්බර් එකක්" ප්‍රියන්ත මගේ උරහිසට තට්ටුවක් දැම්මේ මා කල දේ අගයමිනි.
නැවතත් මට ටෝනි හමු වුයේ ගුවනේදීය. ඒ ගුවන් සේවිකාවන්ගෙන් අමතර විස්කි ඉල්ලා නොදෙන තැන ඔවුන් හමු වන්නට පිටුපසට යන ගමනය. ඔහු දුටු විට ප්‍රියන්ත අහක බලා ගන්නේ නිතැතිනි. එහෙත් මා ඔහු කියන දෙයක් සිනාසී අසා සිටියෙමි. මටද පිටුපසට යන්නට ආරාධනා කලද මා නිදිමත බවක් දෑතින් පෙන්වා මග හැරිමි. ප්‍රියන්තගේ බෑගයේ තිබූ කොකා කොලා කෑන් එකද මා වෙත දිගු කල ඔහු පවසා සිටියේ
"මං කොකා කෝලා බොන්නේ නෑ" යන්නය. මා එයද මගේ බෑග් එකේ රුවා ගතිමි. තවත් සුළු මොහොතකින් ලංකාවේ නොවේද යන සිතුවිල්ලත් සමග දෑස පියා ගතිමි.
මුල් කොටස් අමතකත් වෙලයි තිබුණේ... ඉන්දියන් ගුවන් තොටවල් ගැන නම් කියලා වැඩක් නැ.
ReplyDeleteඑක අතකින් හොඳයි නලීන්. උන් නීතිය ක්‍රියාත්මක කරා නම් මට රස්තියාදුව.
Deleteසුදික නිකන් කථාව ඉවර න වගේනේ ........ ඇත්තටම ඉවරද ???
ReplyDeleteඉවරයි ඉවරයි.
Delete"කෑම බීම ඕනෑතරම් දෙනවා. මෙහෙ රෙස්ටුරන්ට් එකෙන් කන්න පුළුවන් ඇති තරම් මට නිකං හම්බ වෙන එකනේ"
ReplyDeleteඅපරදෙනෙ නිකම් හම්බෙන්වනම් දෙමල පත්තරයි උනත් මොකෝ :D
සමහර අයියාලා ඔහොම එක්කන් ගිහිං බිල ආවාම වොෂ් රූම් යනවා.
Deleteකලින් කොටස ආපහු කියවලා එන්නම්...
ReplyDeleteලින්ක් දැම්මේ නම් නෑ. වම් පැත්තේ තියෙන ඉන්ඩෙක්ස් එකෙන් යන්න.
Deleteඑහෙනං එහෙමයි විස්කි බෝතල් දෙකේ ඉරණම කෙළවර උනේ...
ReplyDeleteඉන්දියන් කාරය ගොඩ.
Deleteකලින් කොටස නොකියව්වත් මේකත් ලස්සනයි
ReplyDeleteවෙලාවක් තිබුණොත් බලන්න. පොඩි පොඩි සිද්ධි ටිකක් තියෙනවා.
Deleteමුම්බායී මතක් කරනකොටත් හිරිකිත හිතෙනවා. මටනම් ගුවන් තොටේදී කිසිම ප්‍රශ්ණයක් උනේ නැහැ අපේ ආයතනයෙන් ගිය නිසා. ඔනාවටත් වඩා බඩු, විස්කි අපි ගෙනාවා. පරීක්ෂා කලෙත් නැහැ. ඒත් මුම්බායි නම් මිහිපිට අපායක්. මම සුදීකට video clips ටික එවන්නම්.
ReplyDeleteපුළුවන් නම් පබ්ලිෂ් කරන්න. හැමෝටම පේන්න.
Deleteසුදීක අයියා ගේ සංචාරය පිළිබඳ කොටස් වල කුමක් හෝ විශේෂ සිදුවිමක් අනිවාර්යෙන් අඩංගුය.කථාව ඒ වටා ගෙතුණ විට ඊටත් වඩා ලස්සනයි.
ReplyDeleteමට හිතෙන්නේ මේකෙදී මට වඩාත් දැනුණු තැන ඔයාට තේරිලා වගේ.
Deleteඅයියෝ විස්කි
ReplyDeleteඒවා ඉන්දියාවට අයිතිද කොහේද.
Deleteකමක් නෑ උබ ලන්කාවට ආවනෙ දෙයියනෙ කියල
ReplyDeleteඒක තමයි වැදගත් මචං.
Deleteප්‍රියන්ත ඔබට කල උදව්ව දැක්ක ගමන් මම පුදුම වෙලා,ඔබට කොමන්ට් කලා ප්‍රියන්ත නියම බුවෙක් කියල.
ReplyDeleteඉන්දියා,සිංග,මැලේ සහ තායි එයාර් පෝට් වලදී යම් උදව්වක් කරන්නෙ එයාලගෙ බැගේජ් අපේ නමින් ගෙනියන වනම් විතරයි.
ප්‍රියන්ත මහතාට මාගෙ ප්‍රණාමය පුද කරනව අපේ සහෝදරයකු දැනුවත් කලාට.
ඒ වගේම සුදික මෙහෙම කස්ටිය දැනුවත් කිරීම ගැන තුති.
රටකට යන්න සල්ලි තිබුනටම මදි.............
ප්‍රියන්තට මම ඊයේ හවස කථා කරා කෙන්ජි අයියා. නම කිව්වම මාව අඳුනා ගත්තා. මම ලින්ක් දෙක යැව්වා. ඔයාගේ කමෙන්ට් එකත් දැක්කම එයාට පුදුම සතුටක් දැනෙයි.
Deleteකතාව පටන් ගන්නකොට හිතුනේ කලින් එකක කොටසක් කියලා . ඉවර වෙනකොට හිතුනේ තව කොටසක් ඇති කියලා .
ReplyDeleteතව කොටසක් ලියන්න දෙයක් නම් නෑ. ඒත් මේක කතා මාලාවක දහවෙනි කොටස. වම් පැත්තේ තියෙනවා ඉන්ඩෙක්ස් එක වෙලාවක් තිබුනොත් බලන්න.
Deleteඒක හරි. දැනුවත් කිරීමම කොච්චර වටිනවද ආයෙත් මේ වගේ ගුවන් තොටකට යන කෙනෙකුට.
ReplyDeleteඅනිවාර්යයෙන්ම. මම කියන්නේ යන රටේ මුදල් වලින් සැලකිය යුතු මුදලක් ගුවන් තොටේදී තියෙන්න ඕනේ.
Deleteමම සින්ගා ඉදන් එනකොට පාස් එක කැන්සල් කරන්න ගියා එතන හිටියා මුණ ඇබුල් කරගත්තු එතරම් වයස නැති සුද්දෙක් මම පෝලිමේ ඉන්න ගමන ඇහුවා වස් අප් බ්‍රෝ ? කියලා පොරට ඔව්ර්ස් ස්ටේ දඩයක් ගහලා ගෙවාගන්න සින්ගපුර් ඩොලර් 5 ක් මදි මම ඔහු ඉල්ලන්න කලින්ම ඔහුට මුදලා ලබාදුන්නා ඒ වෙනුවෙන් පොර මට ගොඩක් ස්තූති කරා ඒ වගේම මගේ මේල් ඇඩ්රස් එක ඉල්ල ගත්තා තවමත් පොර මට පුංචි පුංචි තෑගී තැපෑලෙන් එවනවා මිනිහා ප්‍රංශ ජාතිකයෙක්. මම හැමවෙලේම විස්වාස කරනවා මනුස්සෙය්ක්ට උදව් කරන්න ඕනි කරදරේ වැටුනාම කියලා
ReplyDeleteඅනිවාර්යයෙන්ම. ඒවා වෙනත් විදියකින් හරි ඔයාට ලැබෙනවා. සමහරවිට ඔයාගේ දරුවන්ට.
Deleteප්‍රියන්ත අයියා එල පොරක්
ReplyDeleteහැබැයි සුදික අයියේ මේ කතාව මේ අවසන් කරපු හැටිනම් හරි නැහැ වගේ මටනම්.
කොහොමද එතකොට අවසන් වෙන්න ඕනේ ?
Deleteඅයියෝ.. ආසාවෙන් කාපු අයිස්ක්‍රීම් එක ඉවර උනා වගේ හැගීමක් ආවෙ.
ReplyDelete//මා දෙවියන් විශ්වාස කරන්නේ හෝ අදහන්නේ නැති මුත් ඉෂ්ඨ දේවතාවන් යයි කොටසක් සිටින බව පිළිගන්නේ බෞද්ධයකු නිසාය.//
කියන්නකෝ බලන්න සුදීක, බුද්ධාගමේ ඉෂ්ඨ දේවතාවන් යයි කොටසක් සිටින බව කියල තියෙන්නේ කොහෙද කියල. මo හිතන්නේ ඔකත් ඔය අංගවිකල හින්දු දෙවිවරු වගේ, පස්සේ වෙන බහුබූතයකින් ආපු සංකල්පයක්.
ඔයාට හොයා බලා උත්තරයක් දෙන්නම්. මා ධර්මය ගැන ගැඹුරුව නොදන්නා නිසා, ටිකක් කල් අවශ්‍යයි.
Deleteටෝනි සහ ප්රියන්ත් අතර වෙනස අහසට පොලව වගේ නේද?
ReplyDeleteසමාජයේ විවිධ චරිත තියෙන අය ඉන්නවා. මේ හැම කෙනෙක්ම අවශ්‍ය වෙන අවස්ථාවල් එනවා.
Deleteමේක ඉවර වෙන්න කොච්චර කාලයක් ගියාද?
ReplyDeleteඑකකට පැය දෙකක් තිබ්බොත් පැය 22. ඒ කියන්නේ දවසක් වගේ. හැබැයි ලිව්වේ යලට මහට. මුල් කොටස් ටික එක දිගට ලිව්වා. මගේ හිතට බල කරන දෙයක් තිබුණොත් ඔය ලිවිල්ලට බාදා වෙනවා.
Deleteඑතකොට ඔය පාටියද අර අවුරුදු උත්සවේ දවසේ රෙඩ්බුල් එක්කම දුන්නේ.. රස කතාව. කන්නෙත් අපේ එකෙක්මයි.. ගොඩ දාන්නෙත් අපේ එකෙක්මයි. බලපංකෝ ඒකෙත් වෙනස...
ReplyDeleteහොඳ මිනිසෙක් හඳුනා ගන්න ලැබුණා ඒ නිසා. මම ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න ඇත්තටම කැමතියි. ඒ කියන්නේ අත්දැකීම්.
Deleteකලින් එක බැලුවේ නැහැ. බලන්න ඕන.
ReplyDeleteඑහෙම කරන්න.
Deleteඅසමාන යාළුවො දෙන්නේක්වනේ සෙට් වෙලා තියෙන්නේ .. සමහර විට ටෝනිගේ පෙනුම කථාව ටිකක් අප්සෙට් උනත් විනෝදෙට බර හිත හොද කෙනෙක් වෙන්නත් බැරි නැහැ ...
ReplyDeleteඑහෙම තමයි. ඒත් ඒ වගේ අය අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ඨ කරන්න අමාරු වෙන්න පුළුවන්.
Deleteහරි හරි දැන් ඒ කියන්නේ වීස්ක්යි බෝතල් දෙක නැද්ද?
ReplyDeleteදැන්නම් හිස් බෝතල් වත් නැතුව ඇති.
Deleteමේ අන්තිම කොටස කිව්වා? මට පේන්නේ තව කොටසක් ඇති වගේ. නැති නම් උඹ කම්මැලිකමට මගින් නවත්තලා. මතකද මමත් යාලදි එකෙකුට ඔය වගේ නොම්මරයක් දුන්නා? අර යාල ඇඩ්වෙන්චර් එකේදි?
ReplyDeleteනැහැ මචං. එයාපෝට් එකේ ඉඳලා ගෙදර එන ටික ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන්.
Delete0777123456
Deleteමන් ටෝනිට මේකේ ලින්ක් එක යැව්වා
ReplyDeleteටෝනි ග්‍රෙග් ට ද ?
Deleteඅනේ මිනිහවත් හිටියනන්
Deleteසුජියා කෝ බන් උබේ බ්ලොග් එක..? ලියන්නැද්ද පටන් ගත්තට ??
Deleteකලින් එක නම් බැලුවේ නෑ මම, මගේ බ්ලොග් එක පිස්සු නටනවා මේ ටිකේ :/
ReplyDeleteඔයාගේ බ්ලොග් එක නොහික්මුණු එකක් කියලද කියන්නේ ?
Deleteඉන්දියාව ගැන මම ලියපු පෝස්ට් එකක් තියෙනවා. පඩත්තලමැ රටක්.
ReplyDeleteමුම්බායි එයාර්පෝට් එකේදී ඒ කිව් එකෙන් මේ කිව් එකට මාව මාරුකරපු නිසා වතාවක් මම ජෙට් එයාර්වේස් උන් එක්ක ඇරගත්තා. ඒ තරහට මුන් මගේ බෝඩින් පාස් එකේ Random Custom Check කියලා ලියාපි. දියර ගෙනියන්න නොදෙන හෑන්ඩ් ලගේජ් එකේ එතකොටත් සෙන්ට් බෝතල් 3ක් තිබුනා. කොහොම හරි කස්ටම් උන්ට මගේ බෑග් එක ඇරලා බලන්න හම්බු උනේ නෑ. ස්කෑන් එකේදිත් රෙදි අස්සේ ගහලා තිබුන බෝතල් පෙනුනේ නෑ.
උන්ගේ එයාර්පෝට් වල වැඩ කරන උන්ගේ කිසිම ආචාරශීලි ගතියක් නෑ. මහා මුස්පේන්තු හැත්තක්.....
ඉන්දියාවට ගිහින් ඇමෙරිකාව බලාපොරොත්තු වුන එකතමා වැරැද්ද සුදීක. ඉන්දියාව කියන්නෙ ඉන්දියාව. ගෑවිච්ච තැන වර්චස්.... අසූචි වලකට යනවා කියලා හිතාගෙන ගියානම් අද ඔහොම තැවුලක් නෑ...
ReplyDeletesudeeka aiya mamath hari asawen meka kiyewwa.thanks.
ReplyDeletemahinda
සාරි ටිකට මොකෝ උනේ :D
ReplyDelete