අපේ දෙපාර්තමේන්තුවේ ප්‍රමෝෂන් පිලිබඳ ප්‍රශ්නයක් තිබුණ කාලෙක බොහෝ දෙනා අසහනයට පත් වෙලා හිටියා. එහෙම ඉන්න කාලෙක අර "වැඩ කරමින් සිනාසෙන්න" කියන වාක්‍ය කිහිපය කඩදාසියක ලියාගෙන රෝස පාට ප්ලැටිග්නම් එකකින් වටේට ඉරි ගහලා දැන්වීම් පුවරුවේ ගෙනත් ගැහුවේ ලෙස්ලි. ලෙස්ලි ගැන කෙටිම කෙටි ලොල් කතාවකින් කිව්වා. බොහෝ දෙනෙක් බලන්න ඇති. ඉතින් මේ ප්‍රමෝෂන් ප්‍රශ්ණය ලෙස්ලිටත් තිබුණා. ඒත් මිනිහා සත පහකටවත් ගණන් නොගෙන මේ කරපු එකට බොහෝ දෙනෙක්ට තරහත් ආවා. ලොක්කන්ට ගොට්ට අල්ලනවා කියලා කියපු අයත් නොහිටියේ නෑ.
ලෙස්ලි කියන්නේ බොහොම විනෝදයෙන් කාලය ගත කරන, ලොල් කතා කියලා තමන් වටේ ඉන්න ය හිනස්සන, බොහෝ දෙනාගේ හිත දිනාගෙන ඉන්න කෙනෙක්. ඉතිං ලෙස්ලිගෙන් මේ ගැන අහන්න කිහිප දෙනෙක්ම ඉදිරිපත් වුනා
"මොකක්ද මචං මේ කරපු වැඩේ. අපි හැමෝම ප්‍රමෝෂන් නැතිව තද වෙලා ඉන්න වෙලාවක උඹ වැඩ කරමින් සිනා සෙන්න කියලා එකක් ගැහුවේ. ඕක නොදන්නා කෙනෙකුත් නෑ. ප්‍රමෝෂන් නැති වුනා කියලා අපි වැඩ නොකර ඉන්නෙත් නෑ"
"උඹලා හැම තිස්සෙම ප්‍රමෝෂන් ගැන හිතනවා. බලපන් අර ආතර් අංකල් පෙන්ෂන් යනකම්ම එකම ප්‍රමෝෂන් එකක් වත් නෑ. බලපන් ඒ මිනිහා හිනා වෙලා ඉන්න හැටි"
"කවුද බන් ආතර්, උඹලගේ අන්කල් කෙනෙක්ද? අපේ ගමේ නම් ආතර් අන්කල් කෙනෙක් ඉන්නවා. මම දන්න කාලෙක නම් මිනිහා රස්සාවක් කරලා නෑ"
"නෑ බන් ආතර් දන්නේ නැද්ද ? මිනිහට පෙන්ෂන් යනකම්ම එකම ප්‍රමෝෂන් එකක්වත් නෑ. ඒ වුනාට උඹලා වගේ කාටවත් දොස් කියන්නෙත් නෑ"
"හරි හරි කවුද එතකොට ඔය ආතර්. ෂුවර් එකටම කොලිෆිකේෂන් නැති පොරක් වෙන්න ඇති. එක්කෝ වැඩ බැරි ටාසන් කෙනක්"
"අනේ පලයන් යන්න. ඒ මිනිහා කරපුව නැත්නම් උඹලා මැච් බලලත් ඉවරයි. මම අයියට කෝල් කරලත් ඉවරයි. ආතර් කියන්නේ ආතර් සී ක්ලාක් !!! මිනිහට හම්බුන ප්‍රමෝෂන් එකක් නෑ. හැමදාම ක්ලාක්"
පින්තූරය ගත්තේ : http://tvtropes.org |
ආතර් සි ක්ලාක් කියනකොට සි කියන්නේ චීප් ක්ලාක් කියන එකලු.
ReplyDeleteඅපේ ලෙස්ලිට ඒක නොපෙනුන හැටි
Deleteඅම්මප ඉතින් දුක හිතෙනව ඕය්
Deleteඑතකොට C පස්සෙද ආවේ?? :D
ReplyDeleteඔව් අර CBK ට K පස්සේ ආවා වගේ. මේක එයාගේ ව්යිෆ්ගෙන් ආවා වෙන්න බැරි නෑ.
Deleteචීෆ් ක්ලාර්ක් නම් ඉතින් සහ සී කෑල්ල වයිෆ් ගෙන් ලැබුනා නම් ප්‍රමෝශන් හම්බු වෙලා නොවැ අම්බානක !
ReplyDeleteවෙනීගේ නම මැදට අකුරු එහෙම නෑ ?
Deleteඇත්ත නේන්නම්. පව් ආතර් අයියා.
ReplyDeleteසාන්ත බස් තියන් පයින් ගියාලු කියනවා
අනේද කියන්නේ
Deleteමම කල්පනා කරේ මිනිහට වැරදිලාවත් ප්‍රොමෝෂන් එකක් ලැබිල ආතර් මැනේජර් හෝ ආතර් A මැනේජර් වගේ උනානම් තමයි වැඩේ කියලා ......
ReplyDeleteමම කලින් වැඩ කරපු තැන හිටියා යාලුවෙක් එස්.පී. රාමනයාක කියලා.
Deleteමගේ යාළුවෙක් ඉන්නව "සපුගොඩ සලීන්ද්‍ර ප්‍රභාත් චින්තක - SSP චින්තක" කියල.
Deleteඅර අහිංසක මනුස්සයාට මඩ ගහන තරමක්. පව් ආතර් මාමා
ReplyDeleteඅපෝ නැහැ.
Deleteඅද නම් ලොල් කතාවක්!!! :D:D
ReplyDeleteඑහෙමද ? එහෙනම් හිනා වෙන්න.
Deleteආතර් අන්කල්ට ප්‍රමෝෂන් දෙන්න ඊට වඩා මොලයක් තියෙන කෙනෙක් හිටියේ නෑනේ, තාමත් නෑ
ReplyDeleteඒක තමා හේතුව.
Deleteමේක නම් මරු...
ReplyDeleteස්තුතියි. ඈ
Deleteඑල කතාව ....ඊට පස්සේ ප්‍රමෝෂන් හරි යනකොට ලෙස්ලිටද ඉස්සෙල්ලම ලැබුනේ ?
ReplyDeleteනෑනේ
Deleteආතර් අන්කල්ට ප්‍රමෝෂන් දෙන්න ලංකාවෙ කෙනෙක් හිටියෙ නැතිඋනාට 'සර්' කෑල්ලක් මුලින් හම්බඋනාලු.
ReplyDeleteපොර ප්‍රයිවෙට් ටියුෂන් වගයක් කලාලු.
Delete:D :D
ReplyDeleteලොල්ද ? ඈ
Deleteලොල්ය..ලොල්ය
Deleteමොකද දැන් "ලොල්" කතා ඉවර වෙලාද "ලොල්ද මංද" කතා ලියන්නෙ?
ReplyDeleteමේවා ඒ මට්ටමට වඩා ටිකක් අඩුයි.
Deleteඑයා චීෆ් ( chief ) ක්ලාර්ක් කෙනෙක්ද ? චීප් ( cheap ) ක්ලාර්ක් කෙනෙක්ද ?
ReplyDeleteඑයා පියුම් මහත්තයෙක් විදියට තමයි මුලින් වැඩ කරලා තියෙන්නේ.
Deleteලස්සනයි සුදීක ඉස්තරම්
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඅන්තිම අවස්ථාවේ ආතර් මහත්තයා වාසස්ථානය හැටියට තෝරගත්තු තැන තමා වැරදි.
ReplyDeleteඒකට හේතු තියෙනවා මෙතන කියන්න බැරි.
Deleteඒ කොහේද බන්?
Deleteලංකාවනේ...
Deleteආතර් ලොක්ක කොළු කාරය කියල බය නැතුව කියහන් සුධීක.
Deleteහරි මමත් එහෙම තමයි අහලා තියෙන්නේ.
Deleteලොල් ම තමයි!
ReplyDeleteඑහෙනම් කමක් නෑ.
Deleteඔය ක්ලාක් මහත්තයාගේ 90 වෙනි උපන්දින උත්සවය අපි කලේ,අනේ ඒ උත්සවය ඉවරවෙලා මාසයක්වත් හිටියේ නැද්ද කොහෙද .
ReplyDeleteඅනේ පව්. මේ හැලාපයාලගේ මුහුණු දැකලා තමයි මැරෙන්න ඇත්තේ.
Deleteඅනේ මන්දා බං අපේ පවුලත් කිව්වේ ඔය කතාවමනොවැ
Deleteහෙක් ... හෙක් ...
Deleteනැපෝලියන්ටත් ප්‍රමෝෂන් නැතිවුනේ මිනිහගේ බොනපාට් එක නිසානේ. මටනම් ඒ කාලේ කියලා තිබුනේ ආතර් සී ක්ලාක් ගේ තාත්තා තමයි ආතර් සී චීෆ් ක්ලාක් කියලා.
ReplyDeleteඑතකොට අනිත් සී එකෙන් කියන්නේ මොකක්ද ?
Deleteයකෝ ආතර් චීෆ් ක්ලාක් . . කවුද කියන්නේ ප්‍රොමෝෂන් හම්බ උනේ නෑ කියලා . .
ReplyDeleteවැඩේ තියෙන්නේ චීෆ් ක්ලාක් පොස්ට් එකට තමයි පත්වීම ලැබිලා තියෙන්නේ.
Deleteආතර් සි ක්ලාක් මහතා විසින් ගෙන්වපු ජර්මනියේ නිෂ්පාදිත Arriflex වර්ගයේ මුවි කැමරාව කාලයක් මා පරිහරණය කලා.
ReplyDeleteරන්මුතු දුව කරපු මයික් විල්සන් සහ පිරිසට කැමරා ආම්පන්න දීල තිබුනෙ ක්ලාක් මහතායි.
මයික් විල්සන් තපස් වන ගත දිවියට යාමට කලකට පෙර ආම්පන්න සියල්ල විකුණා දැම්ම.
ෂාහ් !
DeleteKenji, you are the Man!
DeleteLesly maru porak.
ReplyDeletesinhala aulak..IT Executive enkan singlishe.
මම ඒත් බැලුව සංජීව කෝ කියලා.
Deleteමම පරන ඒවාටත් කෙමෙන්ටි දැමිමා. එකක්වත් අතඇරියේ නැභැ
Deleteලොල්ය
ReplyDeleteබලාන්න ඉතිං ආතර්ලා වැඩ කරලා තියෙන්නේ ප්‍රමෝෂන් බලාගෙන නෙමේ...
ReplyDeleteහරියට තරියලා වගේ ....
Deleteඅනේ අර එලිසබෙත් ටේලරුත් ඔහොමනේ. හැමදාම කලේ ඇඳුම් මහපු එක.
ReplyDeleteඑයා ගැනනේ අර සිංදුවක් තියෙන්නේ සන්නාලියනේ කියලා ..:D
Deleteඑයාගෙ අයිය තමයි මහන ගමන් තේ වවපු ජේමිස් ටේලර්.
Deleteඔහොම උන් තව ඉන්නව. උයන්නෙ නැති චෙක් කාරය තෝමස් කුක්, තව ඇවිදලම මල ජොනී වෝකර්, හෝටන් තැන්නෙ බේකරිය කරපු සැමුවෙල් බේකර් වගේ අය මතක් උන කීප දෙනෙක්.
ඇයි ගෝල්ඩ්ස්මිත්, බ්ලක්ස්මිත් ?
Deleteඑතකොට බං ආතර් අයියා පෙන්ෂන් ගියාට පස්සෙ ‘ක්ලාක්‘ කෑල්ල හැලිලා ‘රිටයඩ්‘ කිව්වද?
ReplyDeleteඒකත් ලෙස්ලිගෙන්ම තමයි අහලා බලන්න ඕනේ.
Deleteහරිම ලොල් සහගතයි !!! හික් හික්
ReplyDeleteලෙස්ලි වගේ එවුන් තමයි රටට දැයට වැඩදායී මිනිස්සු!
ලෙස්ලිගේ අනිත් කතාවත් කියවලා බලන්න.
Deleteඉස්පොල්ලෙත් ගියා.ලෙස්ලි වගේ එවුන් ඔෆිස්වල ඉන්නම ඕන එවුන්.
ReplyDeleteහරිම ප්‍රියමනාප පුද්ගලයෙක්. සියලු දෙනා අතර ජනප්‍රියයි.
Deleteලොලේ ලොල් සුදීක බයියා. එළ තමා. ජය වේවා!
ReplyDeleteලොල් ඈ.....
ReplyDeleteමෙලෝ කැම්පස් එකකට නොගිය අයටත්..ආචාර්ය පට්ටම් ලැබෙන එකේ..ඔන්න ඔය ප්‍රොමෝෂන් නැති එක ගැන කම්පා නොවී ඉමු නේද..?
ReplyDeleteකතාව නම් ශෝක් ..