Showing posts with label පරිවර්තන (Translations). Show all posts
Showing posts with label පරිවර්තන (Translations). Show all posts

Sunday, May 17, 2020

නස්කා රේඛා : පේරුරි අභිරහස් පොලෝතල මෝස්‌තර ......


වර්ග කිලෝමීටර 450කටආසන්න භූමි ප්‍රදේශයක් ආවරණය වෙතැයි ඇස්තමේන්තු කර ඇති නස්කා රේඛා පේරු රාජ්‍යයට අයත් නිසරු මුහුදුබඩ ප්‍රදේශයක පිහිටා ඇත. 

පොලොව මත හූරා ඇඳ ඇති මෙම චිත්‍ර සංඛාවෙන් දහස් ගණනක් වන අතර ස්වභාවික ප්රානීන්ගේ මෙන්ම මනඃකල්පිත රූප මෙසේ ඇඳ තිබේ. සතුන්ගේ රූප අතර මකුළුවන්, ගුමුනද දෙන පක්ෂියන්(හමිං බර්ඩ්), වඳුරන්, කටුස්සන්, පෙලිකන් පක්ෂීන් සහ මාරාන්තික තල්මසුන් ඇතුලත් වේ. තවද ශාඛ, පැල, මල් සහ අමුතුම හැඩතල සහිත අද්බූත රූප මේ අතර වේ. සාගර රැලි මෙන් ජ්‍යාමිතික මොස්තරයන්ද , ත්රිකොන්න, සර්පිලයන් සහ චතුරශ්‍රද මේ අතර ඇත.

මේවා කෙතරම්පැරණිද ?


මේ අතුරින් සාතිශය බහුතරයක් ක්‍රි.පූ. 200ත් 500ත් අතර කාළයට අයත් වන අතර,  මුල්ම රේඛාවන් ගොඩගසන ලද ගල් කැබලි මගින් නිර්මාණය කර ඇති අතර (එම යුගයෙදී එකී ප්‍රදේශය අරා වාසස්ථාන පිහිටුවාගෙන සිටි නස්කා වරු ලෙස හැඳින්වේ) ඒවා ක්‍රි. පූ. 500 ක් දක්වා ඈත කාළයට විහිදේ.

මේවා කරන්නට ඇත්තේ කවුරුන්ද ?

ප්‍රාග් අයිතිහාසික සංස්කෘතියක් වන නස්කා ජනතාව, වාරිමාර්ග කටයුතු සඳහා භූගත ජලය පොලොව මතුපිටට ගැනීම සඳහා ඉංජිනේරු තාක්ෂණය  උපයෝගීකරගත් පිරිසකි. මෙම රේඛාඇඳීමේදී යොදාගෙන තිබු සිද්ධාන්තයන් සැලකිල්ලට ගනු ලැබූ විට පෙනී යන්නේ ඒවා ජලය සොයා ගැනීමේ අවශ්‍යතාව සමග සෘජු සබඳතාවක් ඇති බවයි. 

ඔවුන්ගේ විශාලතම  ජනාවාස වලින් එකක් වන කහුආකි, එම රේඛා චිත්‍ර කිහිපයක් ඉහළින් දැකිය හැකි ලෙස උත්සව පවත්වන ලද ස්ථානයකි. එහි 40කට වැඩි සංඛාවක් ගල්ගොඩවල් ප්‍රමාණයක් තිබුණු අතර, ගඩොලින් නිමවනල ලද පිරමීඩද ඒ සඳහා ඇතුලත්ය.

මේවා සොයා ගන්නා ලද්දේ කවදාද ? 
 1927දී මේවා වෙත ලඟා වීමෙන් පසු, පේරු ජාතික පුරාවිද්‍යාඥයෙකු වන ටොර්බියෝ මෙජියා සෙස්පේ පළමුවෙන්ම සවිස්තරව නස්කා රේඛා පිලිබඳ අධ්‍යනය කර වාර්තාවක් සකස් කර තිබේ. එක්දහස් නවසිය තිස් ගණන් වල වලදී ප්‍රදේශයේ ගුවන් ගමන් තදබදය වැඩි වීමත් සමග රේඛා ගැන වැඩිදැනුවත් භාවයක් ඇති වීමෙන්ද,  අවසානයේ නොනවතින මට්ටමක සංචාරක ආකර්ෂණයකට හේතු විය.

බොහෝවිට මේවා දැකගතහැක්කේ ගුවනින්ම පෑමක් බව සඳහන් කරඇතත් එය මිත්‍යාවකි. 2007දී පල්පා ප්‍රදේශයේ1500ක් පමණ මෝස්‌තර ප්‍රමාණයක අධ්‍යනයක්  සිදු කළ අතර ඉන් සොයාගනු ලැබ ඇත්තේ "මෙම සියළු මෝස්‌තර" පොළවේ සිට දැකගත හැකි බවයි. 

කල්පිතයන් සහ සුවිශේෂීතාවයන්   


එක් අදහසක් වන්නේ මේවා සහ දිව්‍ය ලෝක අතර සබඳතාවක් පවතින බවත්, සමහර රේඛාවන් වලින් රාත්‍රී අහසේ දැකගත හැකි තාරකා මණ්ඩල නියෝජනය වන බවත්ය. තවත් අදහසක් වන්නේ ඒවා කහුආකි සහ එහි ගඩොලින් සෑදු පිරමීඩ වන්දනාවන් සඳහා පැමිණෙන පාද යාත්‍රා වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් යම් මෙහෙයක් සිදු කරන බවයි. තවත් එක්තරා අදහසක් වන්නේ, ජිවයට ඉතා වැදගත් මෙන්ම කාන්තාර වලදී සොයා ගැනීමට උගහට ජලය සමග මෙම රේඛාවල සම්බන්ධතාවක් ඇති බව වන අතර සමහරවිට ජලය යොදාගෙන කෙරෙන චාරිත්‍ර වලදී යම් කාර්යයක් සිදු කරන්නට ඇති බවයි.



ගැඹුරු පුරාවිද්‍යා නිගමනයන් නොමැති පසුබිමක, කල්පිතයන් කිහිපයක්ම පැනනැග ඇති අතර, ගුවන් බැලුනයක් මගින් ඉහළින් ගොස් ඒවා නිරීක්ෂණය කිරීමක් නස්කා වරුන් සිදු කිරීම ඉන් එකක් වන අතර ඒ පිළිබඳ කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නොමැත.

www.livescience.com වෙබ් අඩවියට ඕවන් ජෙරුස් විසින් රචනා කරන ලද "Nazca Lines: Mysterious Geoglyphs in Peru" ලිපියෙහි පරිවර්තනයකි.

Wednesday, May 22, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 7 - වොල්ෂ්ගේ අණතුරු ඇඟවීම ......



වොල්ෂ්ගේ අනතුරු ඇඟවීම 


ලාහෝරයේදී නියපොතු හපන අවසානයක සිදුකළ  මහත්මා ක්‍රීඩා විලාශය නිසා ඉහලට ඔසවා තැබුණු තරගය


ඩැනියල් රසූල් විසින් සුප්‍රකට ඊ.එස්.පී.එන්. වෙබ් සගරාව : ද ක්‍රිකට් මන්ත්ලි හී තැබූ සටහනේ සිංහල පරිවර්තනයකි. 


1987දී පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය

පාකිස්ථානයට එක් කඩුල්ලක ජයක්



 සිදුවුයේ කුමක්ද ?


මෙම තරගාවලියට පාකිස්තානය ප්‍රවිෂ්ඨ වුයේ (තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව සමග එක්ව සිදු කරමින්) දේශීය වාසිය සමග කුසලානය ජයගතහැකි කණ්ඩායමක් ලෙස සිදු කෙරුණු අනාවැකි සමගිනි. ඔවුන් පළමු තරග දෙක ජයගත් අතර, ඉන්පසු මුහුණ දීමට නියමිතව තිබුණේ දෙවරක් ලෝක කුසාලනය හිමිකර ගත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ලාහෝරයෙදීය. කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, මුලින්ම පන්දුවට පහර දෙමින් ඉක්මන් ආරම්භයක් ලබා ගත්තා. නමුත් ඉම්රාන් ඛාන් සහ සලීම් ජෆාර් ඔවුන්ගේ ගමන අඩාල කිරීමට සමත් වුණේ කඩුලු හතරක් සහ තුනක් ලබා ගනිමින්. ලකුණු 169ක් කඩුලු 5කට ලබා සිටි බටහිර ඉන්දීය ඉනිම, ලකුණු 216ක් කදී අවසන් වුණා. 

පාකිස්තානුවන්ද ඉක්මනින් කරදරයට පත් වෙමින්, ඔවුන්ගේ පිතිකරුවන්ගෙන් අඩක් ලකුණු 110ක් තුළ අවසන් වුණු අතර කඩුලු රකින සලීම් යුසුප් පන්දු 49ක් පමණක් තුළ වාර්තා කළ ලකුණු 56 නිසා නැවතත් තරගයට අවතීර්ණ වන්නට ඔවුන්ට හැකි විය. අවසන් පන්දු ඕවරය තුළ ලකුණු 14ක් දක්වා එය අඩු වුවත්, එය ලබාගැනීමේ සම්භාවිතාව ඉතා අඩු එකක්, පන්දුවට පහර දෙමින් සිටියේ අබදුල් කදීර් සහ අංක 11 පිතිකරු සලීම් ජෆාර් වූ අතර කර්ට්නි වොල්ෂ්ට මුහුණ දීමට සිදු වී තිබුණා. කදීර් එල්ල කළ හයේ පහරත්, දියාරු පන්දුව විසි කිරීමක් මගින් ලබා දුන් අමතර ලකුණුත් නිසා පාකිස්තානය ජය පිලිබඳ සලකා බැලිය හැකි මට්ටමකට පැමිණි අතර, කදීර් පොයින්ට් කලාපයෙන් පන්දුව යොමුකර ජයග්‍රහණය අත්පත් කර ගත්තා. නමුත් එයට මොහොතකට  ප්‍රථම ලාහෝරයේ ඇති වුයේ උන්මාදයක්  පමණක් නොවෙයි බටහිර ඉන්දීය කොදෙව්වන් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසන් මහ තරගයට ප්‍රථම ආපසු හරවා ගෙදර යවන්නත් සමත් වුණා.

එය සදානුස්මරණීය වන්නේ ඇයි ?


බට මේ තරගය අමතක වන්නට හෝ නොවන්නට පුළුවන්, නමුත් මේ අවස්ථාව අමතකවියනොහැකියි. 


අවසන් පන්දුව යවන්න සුදානම් වූ මොහොතේ පන්දු යවන අන්තයේ උන් සලීම් ජෆාර් පන්දු යවන්නා පන්දු යැවීමේ සීමාට ලඟා වන්නට මත්තෙන්ම, ඉතා දිගු ආරම්භයක් ලබාගෙන තිබුණා. ඔහුගේ මේ ක්‍රියාව කඩුල්ල පිලිබඳ බලාපොරොත්තුව අත් හරිමින් සිදු කරන ලද්දක් වුවත්, වොල්ෂ් පන්දුව යැවීමෙන් තොරව නතරව තම අත නවා ගත්තා, ඉන් පසුව සලීම් ජෆාර්ව සීමාවට රැගෙන ආවේ විදුහල්පතිවරයෙකු සිසුවෙකුට තරවටු කරන්නාක් මෙනි. නමුත් ඔහු එසේ කළේ, බේල් ඉවත් කර තරගයේ ජයග්‍රහණය සමරන්නට තිබුණු මහඟු අවස්ථාව මග හරිමින්. එම අනතුරු ඇඟවීම සිදුකිරීම යනු, පාකිස්ථානය තවදුරටත් එම තරගය ගැන බලාපොරොත්තු තබා ගත හැකි වීම වූ අතර අවශ්‍ය ලකුණු අවසන් පන්දුවේදී කදීර් වාර්තා කළේය.
   
මෙම තරගය පුරාවෘත්තයක්, වීරකාව්‍යක් ගණයට පත් වුයේ වොල්ෂ්  විසින් පෙන්වන ලද ක්‍රීඩාශීලීත්වය  නිසාය. එම මොහොත තවමත් සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ප්‍රදර්ශනය කරන ලද ශක්තිමත් අවස්ථා වලින් එකක් ලෙසය. 

ඔවුන් මෙසේ පැවසුහ

"පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලන්ම වාගේ යහපත් ගුණාංග වලින් පිරිපුන් අවංක අයයි. මම පන්දු යවන්නාගේ අන්තයේ සිටියානම් කරන්නේද, එයමයි. පාකිස්තානු රජය ඔහුගේ ක්‍රීඩාශීලී ගුණාංගය අගය කරමින් ඔහුට විශේෂ පදක්කමක් ලබා දුන්නා"

- සලීම් ජෆාර් එම අවස්ථාව පිලිබඳ අනුස්මනරණය කරමින් අදහස් දක්වමින් 

Saturday, May 11, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 8 - කෝබ්ගේ පෙරළිල්ල ......

අසීරු සේ පෙනුණු එංගලන්තය සමග අයිරිෂ්වරුන්ගේ  තරග ජය - කෙවින් ඕබ්‍රයන් විසින් සිදුකිරීම  

පීටර් ඩෙල්ලා පෙන්නා විසින් සුප්‍රකට ඊ.එස්.පී.එන්. මගින් ප්‍රකාශ කරන "ද ක්‍රිකට් මන්ත්ලි" වෙත සම්පාදිත "KO'd by KOB" ලිපියෙහි සිංහල පරිවර්තනයකි. 

එංගලන්තය සමග අයර්ලන්ත මූලික වටයේ තරගය, බැංගලෝර් 2011

අයර්ලන්තයට කඩුලු තුනක ජයක්

සිදු වූයේ කුමක්ද 

ආරම්භක තරගයේදී බංග්ලාදේශය හමුවේ යාන්තමින් ලද පරාජය නිසා, අයි.සී.සියේ ආශ්‍රිත සාමාජිකයෙකුගෙන් එයට වඩා යමක් අයි.සී.සියේ ප්‍රධාන සාමාජිකයෙකු මෙන්ම ප්‍රබල කණ්ඩායමක් වන එංගලන්තයට එරෙහිව සිදු වේ යයි බලාපොරොත්තු නොවීය. විශේෂයෙන්ම එංගලන්තය ලකුණු 327ක් ලබාගත් පසු, එයින් අදහස් වුයේ ජයග්‍රණය ලැබීමට නම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා යාම සාර්ථක කර ගැනීමට අවශ්‍ය බවයි. එය තවදුරටත් ප්‍රත්‍යක්ෂ වුයේ අයර්ලන්ත නායක විලියම් පොර්ට්ෆීල්ඩ් ඉනිමේ පළමු පන්දුවම පිත්තෙන් කඩුල්ලට ඇද දමාගෙන දැවී යාමත් සමගය.    එයතවදුරටත් සනාථ කරමින් අයර්ලන්තයේ පළමු කඩුලු පහ ලකුණු 111කට සීමා කරන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුයේ ඉනිමේ අඩක් ගත වීමට පන්දු හතරක් ඉතිරිව තිබියදීය. 

එනමුදු කෙවින් ඕබ්‍රයන් ලෝක කුසලාන ඉතිහාසයේ විශේෂ ස්ථානයක තම නම සනිටුහන් කර ගත්තේ, කිසිවිටෙකත් අනපේක්ෂිත තරගය ජය ගනිමිනින් පමණක්ම නොව පන්දු පනහක් තුළ ලබාගත වාර්තාගත ශතකයක්ද සමගිනි. තීරණාත්මක 49වන ඕවරයේදී ලකුණු 113ක් ලබා සිටියදී ඔහු දැවී යනවිට තවත් ලකුණු 11ක් පන්දු 11ක් තුළදී ලබාගත යුතුව තිබුණි. ජෝන් මූනි එතිහාසික ජයග්‍රහණය සහතික කර ගත්තේ අවසන් පන්දු ඕවරය යැවූ ජේම්ස් ඇන්ඩර්සන්ගේ පළමු පන්දුවටම මිඩ් විකට් කලාපය හරහා එල්ල කළ හයේ පහරකිනි. 


එය සදානුස්මරණිය වන්නේ ඇයි ?

තමාට නැති වීමට දෙයක් නැති බව කළින්ම පෙන්වන කදිම සලකුණක් ලෙස,    පිළිකා අරමුදලක් සඳහා සහය ඵල කිරීමක් වශයෙන් තම හිසකෙස් රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ  ඕබ්‍රයන්, එංගලන්ත දඟ පන්දු යවන්නන් ඉදිරියේ ප්‍රබල ප්‍රහාරයක් දියත් කරමින්, දැවැන්ත පහරවල් වැලක් එකතු කළේය. 32වන පන්දු ඕවරය ආරම්භයේ පිතිකරණ පවර් ප්ලේ ආරම්භ කිරීමට ගත් තීරණය එම භිය උපදවන අධිවේග පහරදීමේ පිලිබඳ ලකුණු සනිටුහන් කළ අතර, ඇන්ඩර්සන් යවන ලද 35 වන ඕවරයේ  අවසන් පන්දුවට දරුණු ඛේදාන්ද්තයක් අත්පත් කර දෙමින් මිඩ් විකට් කලාපයෙන් එලියට පන්දුව යැවීය. එම පහර මීටර 102ක් දක්වා ගමන් කළේය. ඕබ්‍රයන් අවසානයේදී ලෝක කුසලාන තරගාවලියක වේගවත්ම ශතකය සඳහා මැතිව් හේඩන් තබා තිබූ වාර්තාවද පන්දු 16කට පෙර විශිෂ්ඨ ලෙස නිම කරන ලදී. 

ජයග්‍රාහි පහර මූනි එල්ල කලවිට, පාකිස්තානයට එරෙහිව පසුගිය ලෝක කුසලානයේදී ජමෙයිකාවෙදී ඔවුන් ලබාගත්  මංගල ලෝක කුසලාන ජයග්‍රහණය, හුදු අහම්භයක් නොවන බව  තහවුරු කළේය. 2011 දී ලබාගත් මෙම ජයගරණයට පසු, ඔවුන් ටෙස්ට් තත්වය තහවුරු කර ගන්නා ලදී.

 ඔවුන් මෙසේ පැවසූහ

මටමතකයි මා ලකුණු පුවරුව දිහා බැලුවා,  මම පන්දු 40කින් ලකුණු 80ක් ලබාගෙන, ඒ මොහොතේදී තමයි මට වැටහුණේ මා කුමක් කර තිබෙනවාද ? යන්න පහුගිය පන්දු 40 තුළ සිදු වුණේ මොනවාදැයි මට නිනව්වක් තිබුණේ නෑ, එය එක්තරා විදියකින් අවසිහියෙන් එතැන වුණු දෙයක් වගෙයි.


- කෙවින් ඕබ්‍රයන් : ස්කයි රූපවාහිනිය සමග අලංකාර හෝරාව නමැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්  
 The Cricket Monthly නමැති ESPN වෙබ් අඩවියට පීටර් ඩෙලා පෙන්නා විසින් රචිත ලිපියෙහි පරිවර්තනකි. 

මෙන්න ලින්ක් එක අයර්ලන්ත එංගලන්ත තරගය 2011 ලෝක කුසලානය

Sunday, May 5, 2019

සිරුරම දන්දෙන මිනිසුන්ගේ රටට බෝම්බ ගහන්නේ කොහොමද ? ......






ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීමක් සිදු වී තිබේ. ඔබ දන්නවාද ? මේ රට 2019 වර්ෂයේ ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට වශයෙන් නම් කර තිබුණ බව, ඒ අතරතුර තමයි ඉතිහාසයේ ලොකුම පිපිරීම සිදු වී තිබෙන්නේ. අවාසනාවට බොහෝ දෙනෙක් එය දන්නේ නෑ, මුළු සිද්ධිය එදින සන්ධ්‍යාව දක්වාම පැවතුණු බව. ප්‍රංශයේ නොත්‍රේ දාම් දේවස්ථානය ගිණි ගත් මොහොතේ, හැම කෙනෙකුම ඒ වෙනුවෙන් ආශිර්වාද පණිවුඩ යැවුවා, ඉටි පන්දම් දැල්වූවා, මුළු දවසම අන්තර්ජාලයේ රැඳෙමින් ඒ ගැන සොයා බැලුවා. සමහර මිතුරන් හවුල් ආපන ශාලා මේස වල වාඩි වී ලොකු ආහාර (වූ යිෆාන්ගේ බන්දේසිය) පාන ඇනවුම් කරමින් මේ ගැන කථා වුණා. බොහෝ දෙනෙක් හිතන්නේ මේක අපිට අදාළ නොවෙන දෙයක් බවයි. එය අපට බොහෝ ඈතින් පිහිටි පුංචි රටක් බව සත්‍යයි, නමුත් නොදන්නා දෙයක් මෙතන තිබෙනවා, එතරම් පුංචි සහ නොදන්නා රටකින් චීනයට සෑම වසරකම පරිත්‍යාග  කරන අක්ෂි කුණිත සංඛාව කෙතරම්ද කියා. එක්තරා චීන කියමනක් තිබෙනවා "වෑස්සෙන ජල බිංදුවක තරම දැනෙන්නේ එය උදම් රැලක් වූ විටයි" කියා, එනිසා මේ මිනිසුන්ගේ හොඳ හිත අධෛර්යට පත් නොකරගෙන සිටිමු. මාර්කෝ පෝලෝ ලෝකයේ සුන්දරම දිවයින ලෙස සඳහන්  කර තිබෙන්නෙත්  ශ්‍රී ලංකාවයි. අද ලෝකයේ සුන්දරම දිවයින මනුෂ්‍යත්වය ගිණි තබන ස්ථානයක් බවට පත් වී තිබෙනවා.  


2019 අප්‍රේල් මස 21 වෙනිදා, ජීවය සහ ප්‍රාර්ථනාව පෙරදැරි කරමින් පාස්කුව සමරන මොහොතේ, ශ්‍රී ලංකා භූමිය විනාශ කරමින් පිපිරී ගිය බෝම්බ වැලකින් පීඩාවට පත් වුවා. මුළුමනින්ම පිපිරීම් නවයක් නගර තුනක් තුළ සැලසුම් කර තිබු අතර, තරු පහේ සංචාරක හෝටල් හතරක්, කතෝලික දේවස්ථාන තුනක්, ජනයා ගැවසෙන ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන තිබුණා. මේ වෙත්දී (අප්‍රේල් 24) වාර්තා වූ මරණ සංඛාව 359ක් බව වාර්තා වනවා, එයට ඩෙන්මාර්ක ජාතිකයින් තිදෙනෙක්ද ඇතුලත් වුණා. ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයින් අතරින් කෙනෙකු වූ ඇන්ද්‍රස් හොල්ක් පොව්ල්සන් මහතා ඉන් කෙනෙක්.



දේවස්ථානයේ යාඥ්ඥාවේ යෙදෙමින් උන් බැතිමතුන්, ඔවුන්ගේ කාර්යයෙන් අඩක් පමණ සිදුකරමින් උන් මොහොතක, ඇති වූ පිපිරීමෙන් ඔවුන් කම්පනයට පත් වන්නට ඇති මුත් අවම වශයෙන් කිසිවකු හෝ දිවි ගැලව ගන්නට සමත් වුයේ නැත. තවත් මොහොතකදී දේවස්ථානය ඔවුන් මත කඩා වැටී, සුන්බුන් සහිත ළේ ගංගාවක් බවට පත් විය. ඒ දෙයම අනෙකුත් දේවස්ථාන සහ තරු හෝටල් වලද සිදු විය. දෙව්ස්තානයන්හී වහලය ඉහළ ගොස් පහළට වැටිණි, ළේ සහිත සුන්බුන් මත දෙවස්ථානයන්හී ඇති බංකුද ඇද වැටිණි. මේ නටඹුන් සමග වැලලෙන තවත් දෙයක් ඇත, ඒ බැතිමතුන්ගේ ශ්‍රද්ධාව සහ ප්‍රාර්ථනායි. ජීවිතය අනියතය, අන්තිම තත්පරයේ පවා මේ බැතිමතුන් ප්‍රාර්ථනා කළේ ලෝක සාමයයි, නමුත් ඊළඟ තත්පරයේදී එතැනම ළේ-මස් සහිත පැල්ලම් හාත්පස වෙලා ගත්තා.භයංකාර දර්ශනයේ ආරවුල වුයේ, ගිලන්රථ නදදී තමන් පසුකර යන හඬය. මේ උවදුර අභිමුව  දිවි ගලවාගත්තවුන් ඉදිරියේ ඇසෙන එකම හඬ වුයේ ලෝකය කඩා වැටෙන ශබ්දයයි.  


තමන් ඉදිරියේම කුඩා කෑලි වලට කැඩී විසිරි ගිය තම ලඟම ඥාතියා දෙස බලා සිටින අයවලුන්ගෙන් නැගෙන විලාප හඬ වචනයෙන් විස්තර කළ නොහැකිය. මෙවැනි සාමකාමී යුගයක, සිදු වූ භයංකාර සිදුවීම සිතා ගන්නටත් උගහටය.





ඔබ දන්නවාද, ශ්‍රී ලංකාව, එක් දිනක් තුළ බෝම්බ පිපිරීම් නවයක් සිදු වන තැනක් නොව, පාරාදීසයක් බඳු රටක් බව? ලෝකයේ මැණික් හමුවන රටවල් අතුරින් පළමු රටවල් පහ ඇතුලත ශ්‍රී ලංකාව පසු වෙයි. ලෝකයේ දිගුම මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇත්තේද ශ්‍රී ලංකාවේය.  එය ඉන්දියන් සාගරයට මීටරයක් පමණ මෙපිටින් තිබෙන  අතර ඔබට හිඳගත් ආසනයේ සිටම සාගරයේ දර්ශණය විඳින්නට හැකිය.


ඒ වගේම ලෝකයේ ඇති වඩාත් සුන්දරම කඳුකර දුම්රිය මාර්ගයද ඇත්තේ ශ්‍රී ලංකාවේය, නගරයේ ඇති ඝෝෂාවට මදකට ආයුබෝවන් කියා, මෙවැනි මීදුම් සහිත තේ වගාවක් මැදින් ඇවිදින්නට ලැබෙන්නේ එහිදීය.


ශ්‍රී ලංකාව ලෝකය පළමු අලි අනාථාගාරයටද හිමිකම් කියයි.  විශේෂයෙන්ම තමන්ගේ දෙමාපියන්ගෙන් වෙන් වී අතරමං වූ අලි පැටවුන්ද, වලවල් වල සිරවී සිට බේරාගත් අලි ඇතුන්ද, වෙනත් තුවාල හෝ ආබාධ වලට ලක්වූවන්ද, මෙහිදී හොඳින් රැකබලා ගැනෙති.



ශ්‍රී ලාංකිකයින්ගේ මුහුණේ නිරතුරු දක්නට ලැබෙන සුන්දර සිනහව අප සුවපත් කරයි.






වඩාත් වැදගත්ම දේ  මේවා නොවේ, ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම ඇස් දන්දෙන ජනතාවක් සිටින රට වීමය. මේ වනවිට අඩුම වශයෙන් කුණිත 160,000ක් ඔවුන් ජාත්‍යන්තර අක්ෂි බැංකුව වෙත ප්‍රධානය කර ඇත, මෙය සෑම අක්ෂිදාන සබාපති වරයෙකු යටතේම සිදු වී ඇත.
අන්ධභාවයට පත්වීමේ අද්දර පසුවූ බොහෝ චීන ජාතිකයින්ට නැවතත් ආලෝකය දකින්නට වාසනාව උදා වුයේ, ශ්‍රී ලංකිකයින්  විසින් ප්‍රදානය කෙරෙන අක්ෂි මත බලාපොරොත්තු තබාගෙනය. ලංකාවේ ජනාධිපති තුමා වරක් මෙසේ පැවසීය "චීනයට අවශ්‍ය නම්, මගේ ඇස් හෝ දන් දෙන්න කැමතියි".  මිලියන 20ක පමණ ජනගහනයක් ඇති රටකින් මිලියන 1.1ක් ම, තමන්ගේ මරණයෙන් පසු තම අක්ෂි දන්දීම සඳහා අත්සන් කරමින් කැමැත්ත ඵල කර ඇත. ඒ අඳුරේ පසුවෙන කෙනෙකු වෙත යලිත් ආලෝකය දකින්නට සලස්වන පරාර්ථකාමී ප්‍රාර්ථනාවක් පෙරදැරි කර ගනිමින්ය. 2007දී එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ඉතා අගනා ජාතික ත්‍යාගයක් සමග චීනයට සැපත් විය, ඒ අක්ෂි කුණිත දෙකක් සමගිනි. 2013දී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අක්ෂි බැංකුව සහ චීනයේ එඩී අක්ෂි රෝහල ගිවිසුමකට ඇතුලත් විය. ඒ වසරකට අඩුම තරමේ අක්ෂි කුණිත 500ක් වත් ලබා දීමටය. එය ඉදිරි අවුරුදු 10 සඳහා ක්‍රියාමතක වන අතර එම අක්ෂි රෝහල සිශුවාන් පළාතේ පිහිටා ඇත. 2014 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජාත්‍යන්තර අක්ෂි බැංකුව අක්ෂි කුණීත 10ක් "ජාතික ත්‍යාගයක්" වශයෙන් ලබා දුණි. එතැක් පටන්, ෆුජියාන් වෙත සෑම වසරකම කුණිත 20ක් බැගින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර අක්ෂි බැංකුව ලබා දෙයි. 
2016දී, ශැන්ග්ඩොන්ග් ප්‍රදේශයේ රෝගීන් හය දෙනකුට ආලෝකය ලැබිණි, ඒ ඉතා පැහැදිලිවම ශ්‍රී ලංකාවෙන් ලැබෙන මාහැඟි අක්ෂි කුණිත වලට පිං සිදු වන්නටය. 2017න් ආරම්භ වී, මේ දක්වා 500ත් - 600ත් අතර ප්‍රමාණයක් වසරකට ශැන්ග්ඩොන්ග් වෙත ප්‍රදානය කෙරෙයි.
අක්ෂි කුණිත වලට අමතරව, මේ සුන්දර දිවයින් රාජ්‍යයෙන් අපවෙත ඔවුන්ගේ හොඳහිත ඵල කෙරෙයි. 2008 දී ඇති වූ ශිෂුවාන් භූ කම්පනයට පසු, ප්‍රතම වතාවට ශ්‍රී ලංකාව කුඩාරම් 1277ක් පරිත්‍යාග  කරන ලද අහර ඩොලර් මිලියන 1.1ක සැපයුම් ඒ සමග විය. ලෝකයේ අනෙකුත් රටවල් සමග සංසන්දනය කරත්දී සමහරවිට ඔවුන් එපමණ ප්‍රදානය කළාදැයි ඔබ නොසිතනු ඇත. දකුණු කොරියාව ඩොලර් මිලියනක් එකක ද්‍රව්‍ය ආධාර  ලබා දුන් අතර  ඔස්ට්‍රේලියාව සහ ඇල්ජීරියාව ඩොලර් මිලියන එකක මුල්‍ය සහන ලබා දී ඇත.
කොහොමනමුත්, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ආර්ථිකයම අයවැය හිඟයක් මත පවත්නා රටකි. නමුත් ඔවුන් තවමත් චීනයට උදව් කිරීමට ඉදිරිපත් වෙයි, ඔබ තවමත් එසේ සිතනවාද ? මේ රට සෑම විටකම ලෝකයට සංග්‍රහ කරන්නේ මහත් උද්යෝගයකින් සහ හොඳහිතකිනි. දැන් ඒ දිව්‍යවිමානය අපායක් බවට පත් වී ඇත.
ප්‍රහාරයට ලක් වූ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට හිරු එලිය පතිත වන මොහොතක, සූර්ය කදම්භ එය තුලට විත් ඇති කරන්නේ ශුද්ධ වූ මනස්කාන්ත දසුනකි.

අද එම දේවස්ථානය මොහොතකින් සුනු විසිනු වී ඇති අතර  දැන් එය ගිණි දෙවියා පිදුවා හා සමානය.රටපුරා  මාර්ග සහ වීදි වල දිගු කාලයක් තිස්සේ තිබු පෙනුම සහමුලින්ම වෙනසකට ලක් වෙමින්, ඒ වෙනුවට පුපුරායන, පහරදෙන, හැඬුම්සහිත, නොනවතින අන්ධකාරයක  සහ කාංසාවෙන් පසුවෙනු දක්නට හැකිය.  කිසිවකු දන්නේ නෑ එම විලංගුවෙන් මේ රට ගලවාගන්නේ කෙසේදැයි කියා. ඔවුන් වෙනුවෙන්(මියගිය) බලා හිදීම,  පෙනෙනුයේ අවුල්සහගත, අනාථ, දුමින් වැසුණු, නොවක් කඳුළු ගලා යන, නොපැහැදිලි, ඊළඟ අරුණෝදයේ  ආලෝකයක් නොමැති හැගීම් සහිතව මෙනි.
කොහොමනමුත්, ඝෝර කටුකත්වයක සිටින ශ්‍රී ලංකාවේ ජනතාව මෙන්, දුකුමුසු වෙදානාත්මක පුවත් තුළ මේ පිපුරුමෙහි විස්තර දකින, බොහෝ ජනතාවකගේ ප්‍රතික්‍රියාව වනුයේ දුක හෝ අනුකම්පාව නොව,
"මෙයින් මට ඇති පලේ කුමක්ද ?"
එය වූ යිෆාන්ගේ අලුත් සිංදුවේ ඇති උණුසුම තරම් වත් මේ පිපුරුම නිසා නොදැනෙන මට්ටමකි. අන්තර්ජාලයේ ලියවී ඇති ඡේදයක මෙසේ සටහන් වෙයි:
පිස්සෙක් මෙසේ පවසයි "මම ශ්‍රී ලාංකිකයින් සියල්ල මරා නොත්‍රේ   ඩෑමය ගිණි තබන්නෙමි"
සියල්ලන්ම කම්පනයට පත් වෙයි, ඇයි ඔබ විශිෂ්ඨ පැරීසියේ නොත්‍රේ   ඩෑමය ගිණි තබන්නේ !
පිස්සු මිනිසා පිළිතුරු දෙමින් පවසන්නේ "මම දන්නවා ඔබට ලංකාවේ 359ක් ජීවිත ගැන සැලකිල්ලක් නැහැ කියා!"
පැරීසියේ නොත්‍රේ ඩෑම් සහ ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම අතර ඇත්තේ දවස් හයක වෙනසකි. පළමු සිදු වීම ඉතාමත් දොම්නස් සහගතය සහ ජනයා ඒ පිලිබඳ කණගාටුව විවධ ස්ථානයන්හි ඵල කරනු ලැබිණි. කොහොමනමුත්, ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම අපගේ දෙසවන වැකුණේ නැත. මානව සංස්කෘතියේ උරුමයක් වන නොත්‍රේ ඩෑමය ගිනිබත් වීම නිසා අවමානයට පත් වන අතර, "ආසන්න වශයෙන් දුර්වල" කොදෙව් ජාතියක් වූ ශ්‍රී ලංකාව ඉතා කුඩා නිසාය.
අන්තර්ජාලයේ මා එක්තරා සංඛා කිහිපයක් දැක ඇත්තෙමි:
මිලියන 20, මිලියන 1.1, 70,000, 140,000, 359;
 පළමු සංඛාව ශ්‍රී ලංකාවේ ජනගහනයයි.
දෙවන සංඛ්‍යාව ස්වේච්චාවෙන්ම තම ඇස් දන් දීම සඳහා ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවයි.
තෙවන සංඛාව, මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 57ක් වෙත ප්‍රධානය කර ඇති අක්ෂි කුණිත සංඛ්‍යාවයි.
සිවුවන සංඛ්‍යාව, මේ වනවිට පෙනීම ලැබූ ලෝක වාසීන් ප්‍රමාණයයි.
අවසන් සංඛ්‍යාව, සියල්ලන්ගේම හදවත් රිදුම්දෙන ඉලක්කමයි, මේ විපතින් මරණයට පත් වූ ශ්‍රී ලාංකිකයින් ගණනයි.
ලෝකය වෙත යහපත් ක්‍රියාවෙහි යෙදෙන අයගේ පිරිසක් පුපුරාගොස් කුඩා කැබලි වලට පත් වී නිහඬ වී ඇත. ඉතිං, දැනටමත් විනාශයට පත් වී ඇති ඇති අයගේ මුහුණටම මෙසේ පවසනු මට ඇසුණි "ශ්‍රී ලංකාවේ පිපිරීමෙහි මට ඇති විශේෂය කුමක්ද ?" "359ක් මිනිස් ජීවිත සමග මට ඇති සම්බන්ධය කුමක්ද?" එය මට ශෝකය දනවයි. මිනිසුන් කොටසක් තුච්චයි, තවත් මිනිසුන්කොටසක්  බලා සිටියි.  තවත් මිනිසුන් කොටසක් මෙම පිපිරීමෙන්  විපතට පත් ස්වාදෙශිකයා විහිලුවකට ගනිමින් , කිසිම භියක් නැතිව, මෙහි ඇති උද්වේගකර කලබලය-කඩිමුඩිය බලා සිටියි. නමුත් අප උපේක්ෂාවෙන් සහ සුදානමින් සිටින විට, බොහොම කළාතුරකින් පුවත් වල එහි දරුවන් තවමත් පීඩාවට පත්ව ඇති මුත්  සිනහමුසු මුහුණින් සහ ඔබ මොබ යමින් සිටිනු දකින්නට ලැබෙයි. ඔබ මොහොතකටවත් සිතුවාද, දහස් ගණන් අක්ෂි කුණිත නොමිලයේ ප්‍රදානය ශ්‍රී ලාංකික මිනිසුන් අද රෝහල් වෙත ගමන් ගනිමින් සිටින බව ? ඔබ මෙහෙමත් හිතුවාද ? තවත් බොහෝ චීන මිනිසුන්ට ආලෝකය දකින්නට,  තවමත් උවමනා වෙයිද චීනුන්ට කරදරයකදී උණුසුම වන්නට, මේ මොහොතේ දුෂ්කරතාවයේ ගැලී සිටින මිනිසුන් පිරිසකට සිතෙයි කියා.  මේ මොහොතේ ජීවිත අහිමි වුවන්ගේ ඥාතීන් සමහරවිත චීන ජනතාවගේ ඇස පාදන්නට ඇස් දන් දුන් අය වන්නට පුළුවන. මේ විපතින් මියගිය දැරියකගේ අක්ෂි කුණිත, සමහරවිට තවත් චීන පුද්ගලයෙකු වෙනුවෙන් සුදානම් කෙරෙනවා වන්නට පුළුවන. ඉතිං අපි කෙසේද එය දරා ගන්නේ ? මට කෙළින්ම උපකාරයක් කරන්නට නොහැකියි. නමුත් බලන්න උන්හිටි තැන් අහිමි වූවන් පිරිස දෙස. තවත් කොටසක් පීඩාවට පත් වී සිටියදී, අපේ අය අහනවා "මොකක්ද මට තියෙන සම්බන්ධෙ කියා?"  ඈත අතීතයේ සිට අප දන්නා සත්‍යයක් ඇත "අනුන් වෙත හොඳ පෙන්වීමෙන්, අනුන්ගෙන් හොඳ ලැබීම". මා කතාවක් අසා තිබෙනවා:
බොහෝ කාලයකට පෙර, සිසුවෙක්  දිගු දුරක් ගමන් කොට බීජිං වෙත ලඟා වී ඇත්තේ පරීක්ෂණයට මුහුණ දීමට සහ අන්‍යන්ට උපකාර කිරීමටය. එක් දිනකදී ඔහු සතු අන්තිම රිදී කාසියත් සොරකම් කරනු ලැබිණි. ඔහුට කළ හැකි අවසන් උපාය වශයෙන්, ඔහු පසුකර යන්නන්ගේ තඹ කාසියක් ඉල්ලා සිටීම විය. අවාසනාවකට, ඔහු ගැන කිසිවකු ඔහු ගැන තැකීමක් කළේ නැති අතර ඒ වෙනුවට ඔහුට සමච්චල් කළේ "අහිංසක සිසුවා" යනුවෙන් පවසමිනි. සිසුවාට බොහෝ පසුතැවිල්ලක් ඇති වූ අතර, ඔහුට ඉක්මන් කිරීමට සිදු විය, එසැණින් ඔහුගේ හිතට ආවේ මිනිසුන් මෙතරම් කෘර වන්නේ ඇයි කියාය. ඒ මොහොතේ එතැනින් ගමන් ගත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔහුට් තම පිණ්ඩපාතයෙන් කොටසක් ලබා දුණි. ස්වාමීන් වහන්සේ සමග වැඩි සාමනේර නමක් විමසා සිටයේ අපි ඔහුට උදව් කළ යුත්තේ ඇයි කියාය ? ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ පවසා සිටියේ "ලෝකය බොහොම කළබල තැනක්. මම ඔහුට හොඳක් කළා. ඔහු අනෙක් අයට උදව් කරයි. ඉන්පසු අනෙක් අය තවත් අයට උදව් කරයි. ඉන් කෙනෙක් නැවත මටත් උදව් කරයි. මම ඔහුට එය නොකලානම්, කවුද මට උපකාර කරන්නේ. මම ඔහුට උපකාර කළා, ඔහුට තව බොහෝ අයට උපකාර කිරීමට ශක්තිය ඇති වෙනවා. අනෙක් මිනිසුන් ඔහු වෙත එනවා. ඒ අතරින් කෙනෙක් අප වෙත එනවා. එනිසා හොඳ අයට කරදයට පත් වෙන්න දෙන්න එපා. හොඳ තැනින් තැනට ගමන් ගනීවි. දවසක ඔබ වෙතත් ඒවි. නමුත් හොඳ දකින්න නොමැති විටෙකත්, හොඳ මිනිසුන් යහපත් සිතින් ලෝකයට උපකාර කරාවි"

මේ තුච්ච ලෝකය ඔවුන්ව සීතලේ වෙවුලන්නට ඉඩ හරින විට, නැතිනම් ඔවුන්ට කරන්න දෙයක් නැතැයි සිතන විට. මී පුංචි දිවයිනේ මිනිසුන් එසේ සිතුවේ නැහැ.

අප ආලෝකය දැක ප්‍රමෝදයට පත් වනවිට, එය ආලෝකයයි. අපි උණුසුම දැනී සතුටු වනවිට, ඔවුන්ටත් උණුසුම ලැබිය යුතුයි. අපි එකම කණ්ඩායමක් බවට පත් වී තිබෙනවා. එනිසා අහන්න එපා කවුද විපතට පත් වුණේ කියා. එය අපට අනතුරක් දක්වන ලකුණක් විය හැකියි.

ඔබත් මමත් දිනක, යහපත් මිනිසුන්ට විපත් උදා වීමට ඉඩ නොදිය යුතු වන අතර, ලොව වෙත හොඳහිත පෙන්විය යුතුයි.


චීන ලේඛක ලියු සීවෑන්ග් චීන බසින් ලියූ ලිපියක් මගේ චීන ජාතික මිතුරියක් සමාජ මාධ්‍ය තුළ බෙදා හැර තිබුණා. ලංකාව ගැන සටහනක් නිසා, මා එය ගූගල් පරිවර්තකය යොදාගෙන ඉංග්‍රීසියෙන් කියවා බැලුවා. ඉන් පස්සේ එය මෙහි ඵල කරන්න බලාපොරොත්තුවෙන් පරිවර්තනය කළා. ඒ විගස මගේ මතකයට ආවේ, රැස පත්තරේ රංජිත් කුමාර සමරකෝන් මගේ මිතුරා කළ ආරාධනය රැසට ලියන්න. මා ඔහුට කථා කොට මේ ගැන පවසා සිටියා. ඔහු කිසිදු පැකිලීමක් නොමැතිව ඒ සඳහා පිටුවක් වෙන් කළා. ඉන් පස්සේ මෙය පරිවර්තනය කරගෙන යත්දී මට කුඩා විවේකයක් අවශ්‍ය වුණා. මම එය රාත්‍රියේ කරන බලාපොරොත්තුවෙන් මද විරාමයක් ගත්තා. මට නින්ද ගියා. ඊළඟ දවසේ උදේ 7:50 ට රංජිත්ගෙන් ඇමතුමක් ආවා. 

"ඔයාට පිටුව වෙන් කරලා තියෙන්නේ, කීයටද එවන්නේ ?"

"මට පැයක් දෙන්න" . මම වැඩේ කරන්න වාඩි වුණා. කරුමෙක මහත, මගේ කන්නාඩිය නෑ. රීඩින් ග්ලාස් එක අතට ගත්තා. ෆෝන් එකේ තමයි ඉංග්‍රීසි සටහන තිබුණේ. ඇස් කඩාගෙන කියවලා අන්තිම ඡේදේ ලිවුවේ. පොරොන්දු වෙලාවට මිනිත්තු පහකට පස්සේ, ඒ කියන්නේ 8:55 ට සටහන යැවුවා. 

ඒක පත්තරේ ඵල වුණා. මට සියුම් ආඩම්බරයක් ඇති වුණා.ඒත් මම කලින් කාටවත්   කිවුවේ නෑ. පළවෙනිදා උදේ මගේ මිතුරෙක් වගේම ඥාතියෙක්ගෙන් මට ආවා දුරකථන ඇමතුමක්, "ස්වර්ණවාහිනියේ ඔයාගේ ලිපියක් කියෙව්වා ගොඩ වෙලාවක්". මම ඒ මොහොතේම එය නැරඹුවා. රංජිත්ට කෝල් කරලා කිවුවා. පස්සේ මේක බුකිය හරහා බොහෝ දෙනෙක් අතට ගියා. හැබැයි මේ දවස් වල මේ වගේ ඒවා ගොඩක් එහෙ-මෙහෙ යන නිසා, බොහෝ දෙනෙක් කියවා තිබුණේ නෑ. කොහොම නමුත් මා ගොඩනැගුණු තැන බ්ලොග් අඩවියේ මෙය ඵල නොකළොත් අඩුවක්. මේ මගේ බ්ලොග් අඩවිය කියවා අදහස් දැක්වූ ඔබ වෙනුවෙන්.

Sunday, April 21, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 9 - බැංගලෝරයේ ගිණි කෙළි

  බැංගලෝරයේ ගිනිකෙළි
පින්තූරය www.thecricketmonthly.com වෙතිනි

ඉන්දියාවත් පාකිස්තානයත් ලෝක කුසලානයක පිළිමළුන් පිටු දැකීමේ අවස්ථාවක මුණගැසුණු අවස්ථාවක, ගිණි පුලිඟු විසි වීමට ඇති ඉඩ බලාපොරොත්තු විය යුත්තක් වුවත්, මේතරම් විශාල ප්‍රමාණයකින් සිදු වේ යයි අනුමාන කළේ නැත. 

ශ්‍රීනාත් ශ්‍රීපාත් විසින් ද ක්‍රිකට් මන්ත්ලි සඟරාවට රචනා කළ ලිපියෙහි පරිවර්තනයකි. 

 1996 ලෝක කුසලානයේ අර්ධ අවසාන පූර්ව තරගය : ඉන්දියාව සහ පාකිස්තානය බැංගලෝරයේදී

ඉන්දියාවට ලකුණු 39ක ජයක්

සිදු වුයේකුමක්ද ?

පසුගිය වාරයේ ශූරයින් වූ පාකිස්තානය මූලික වටයේ තරග  ඉතා පහසුවෙන්ම ජයගන්නා ලද අතර,  ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයන් හේතුවෙන් ඉන්දියාව පසුකර තිබුණේ දුෂ්කර කාළ පරිච්ඡේදයකි.  නමුත් ඉන්දියාවට ක්‍රීඩා කරන්නට හමු වන්නේ තමන්ගේම ජනතාවක් මධ්‍යයේය, 55,000 අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක්, විස්තර විචාරක සුනිල් ගවෙස්කාර් එය විස්තරකළේ "මීට කලින්  මෙහෙම  ජනසන්නිපාතයක්" තමා දැක නැති බවයි. මේ වනවිට පකිස්තානයේ නායකත්වය දැරූ වසීම් අක්‍රම් අබාධයකට ගොදුරු වී තිබූ නිසා එම වගකීම අමීර් සොහායිල් බාරගෙන තිබුණි. 

ආරම්භක පිතිකරු නව්ජෝට් සිං සිදූගේ ලකුණු 93 නොවන්නට, මන්දගාමීව මැද ඕවර් ක්‍රීඩා කිරීම නිසා ඉන්දියාව ගමන් කළේ මධ්‍යම  ප්‍රමාණයේ ලකුණු ගණනකින් අවසන් වන ඉනිමක පෙරනිමිති පහළ කරමිණි. අවසන් මොහොතේ එල්ල කළ හදිසි ප්‍රහාරය,  අවසන් ඕවර තුන තුළ ලකුණු 51ක්, සඳහා අජේ ජඩේජා පන්දු 25කින් ලබාගත් ලකුණු 45 නිසා ඔවුන්ව ලකුණු 287ක් දක්වා රැගෙන යන්නට හේතු විය. පිළිතුරු වශයෙන් ඉන්දියානු  වේග පන්දු යවන්නන්ගේ ද්විත්ව ප්‍රහාරයට පෙර අතුව පාකිස්තානයේ ආරම්භක පිතිකරුවන්   මුල් ඕවර 10 තුලදී ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන් පසු පාකිස්තානයේ ගමන මන්දගාමී විය. එක් පන්දුවකට එක් ලකුණකටත් බොහෝ සෙයින් අඩු වේගයකින් ලකුණු රැස් කිරීම ප්‍රමාණවත් වුවත්, ඉන්දීය දඟ පන්දු යවන්නන්ගේ යෙදූ ප්‍රතිරෝධය තුළ ලකුණු ලබා ගැනීම මන්දගාමී විය. ප්‍රවීණ පිතිකරු ජාවෙඩ් මියැන්ඩාඩ් පන්දු 64 කදී ලකුණු 38ක් ලබා ගනිමින් කඩුල්ළේ රැඳී සිටියද, මෙවර අවසන් පන්දුවේදී ලකුණු හයක්(ඔහු ඉන්දියාවට එරෙහිව සාජාහිදී එසේ කළ බව ඔබට මතක ඇතැයි සිතමි) හෝ අවසන් ඕවර් වල දැඩි ප්‍රහාරයක් නොවීය. 

පින්තූරය ගත්තේ www.thecricketmonthly.com වෙබ් අඩවියෙනි

 එය සදානුස්මරණිය වන්නේ ඇයි ?
 
 "1996 ලෝක කුසලානය" සහ "ඉන්දියා-පකිස්තාන" යන වචන කණ්ඩ මනසෙහි චිත්‍රණය කරන දසුන් දෙකක් වන්නේ, "අජේ ජඩේජා වකාර් යුනිස්ගේ අවසන් පන්දු ඕවර් දෙක තුළ පන්දුවෙන්-පන්දුවට ලබාගත් හතරේ, හයේ පහරවල් මගින් තරගය උඩි යටිකුරු කළ ආකාරය" සහ "චින්නසාමි ක්‍රීඩාංගනයේදී වෙන්කටේෂ් ප්‍රසාද්ගේ එක් පන්දුවකට් වේගවත් හතරේ පහරක්එල්ල කළ අමීර් සොහයිල් ඔහුට පිත්තෙන් පන්දුව ගිය දිසාව පෙන්වමින් කළ අවමානය, සහ ඉන්පසු පන්දුවෙන්ම ඔහුගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රසාද් සමත් වීම" යන සිද්ධි දෙකය.   

තවත් අතකින් එය ඉන්දු පකිස්තාන් ක්‍රිකට් වංශ කතාවේ සන්ධිස්ථානයකි : 1989න් පසු පාකිස්තානය ඉන්දියාවේ සංචාරය කළ පළමු අවස්ථාව එය වුණු අතර, කිසිදු ලෝක කුසළාන පිළිමළුන් පිටු දැකීමේ තරගයකදී මේ එදිරිවාදීන් හමු වී නොතිබිණ. එය මියැන්ඩාඩ්ගේ අවසන් ලෝක කුසලාන තරගය වුවා පමණක් නොව, ලෝක කුසලාන හයකට ක්‍රීඩා කරමින් වාර්තාවක්ද එකතු කළ අවුරුදු 22ක දිගු ක්‍රීඩා දිවියද එසේ නිමා කරන්නට ඔහුට සිදු විය.  90 දශකයේ අනිකුත් තරග මෙන්ම, ටෝනි ග්‍රෙග්ගේ සුපිරි වාග් මාලාව ක්‍රීඩාංගනයේ සිදු වන ක්‍රියාදාමයට අමුතුම ගැම්මක් එක් කළේය. 

ඔවුන් මෙසේ පැවසූහ

ජාවෙඩ් [මියැන්ඩාඩ්] අවුරුදු ගණනාවක්  තිස්සේ අපට ඉගැන්වූ පාඩමක්  තිබේ, ඒ පන්දු යවන්නෙකු ඔබට හිසරදයක් වෙයි නම් ඔහුගේ  ඒකාග්‍රතාවය මදක් බිඳ දමන්න, වෙන්කටේෂ් ඔහුගේ ඒකාග්‍රතාවය රඳවාගෙන ඔහු කළ දේම කළේ, මා බවුන්සර් පන්දුවක් බලාපොරොත්තුවෙන් සිටි  මොහොතකය"

- අමීර් සොහායිල් වෙන්කටේෂ් ප්‍රසාද් ඔහුගේ කඩුල්ල දවා ගත් පන්දුව ගැන අදහස් දක්වමින්(2018 දී ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින්)

Friday, April 19, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 10 - ඔබ අතින් ගිලිහුනේ ලෝක කුසලානයයි ......

එළැඹෙන 2019 ලෝක කුසලානය අභිමුවේ එදා මෙදාතුර පැවති ලෝක කුසලාන තරගාවලි එකොළහ තුළ පවත්වන්නට යෙදුණු තරග අතුරින් වඩාත් උද්වේගකර තරග පිලිබඳ අපූරු සටහනක් සුප්‍රකට ඊ.එස්.පී.එන්. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අයත්, ද ක්‍රිකට් මන්ත්ලි නම් වෙබ් සඟරාවේ ඵල කෙරුණා. ඒ  "Greatest World Cup Matches" යන ශීර්ෂය සහිතව. අද සිට එම ලිපි මාලාවේ පරිවර්තනයක් මෙහි ඵල කිරීමට තීරණය කළා. මේ එහි පළමු වන්නැයි.  

 ඇලන් ගාර්ඩ්නර් විසිත් රචිත "You've Just dropped the World Cup" ලිපියේ සිංහල පරිවර්තනයකි මේ.

1999 දී ලීඩ්ස් හී පැවති ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර සුපිරි හය දෙනාගේ වටයේ තරගය.

ඕස්ට්‍රේලියාව එම තරගය කඩුලු පහකින් ජය ගනු ලැබුවා.
පින්තූරය ගත්තේ : www.thecricketmonthly.com වෙතින්

සිදු වුයේ කුමක්ද ?

මූලික වටයේ තරග වලදී නවසීලන්තය සහ පකිස්තානය හමුවේ ලැබූ පරාජයන් නිසා ඕස්ට්‍රේලියාව පසු වුයේ විශාල පසුබෑමකය. සුපිරි යහ දෙනාගේ වටයට යනවිටත්, තමන්ට ඉදිරියට යාමට නම්  දකුණු අප්‍රිකානු කණ්ඩායම  අනිවාර්යයෙන් පරාජය කලයුතු බව ස්ටීව් වෝගේ කණ්ඩායම දැනගෙන සිටියා.    හර්ෂල් ගිබ්ස්ගේ ලකුණු 100ත් සමග ඔස්ට්‍රේලියාට ලකුණු 272ක් හඹා යාමේ අභියෝගයක් ලැබුණද, ලෝක කුසලාන ඉතිහාසයේදී ගිබ්ස් විසින්  ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙයම නොවීය. ලකුණු 48කට කඩුලු 3ක් දැවී සිටියදී මන්දගාමීව සිටි වෝට එකතු වූ රිකී පොන්ටිං, උවමනාවෙන්ම තීව්‍ර කළ, පන්දු 47කින් ලබාගත් ලකුණු 50 නිසා හඹා යාමට නව ජීවයක් එකතු කළේය. ඉන්පසුව මාරක අවස්ථාව උදා වුයේ, ලකුණු 56ක් ලබා සිටියදී ලාන්ස් ක්ලුස්නර්ගේ පන්දුවක් මිඩ් විකට් කලාපයට ෆ්ලික් කලවිටය. ගිබ්ස් උඩපන්දුව ලබා ගත් නමුත්, එය ගුවනට මුසු කළ මොහොතේදී, එය ඔහුගේ ග්‍රහණයෙන් මිදීනි. "ඔබ අතින් ගිලිහුනේ ලෝක කුසලානයමයි" , වෝගේ (අවාසනාවට අභූත) ප්‍රතිචාරය විය. ඔහු නොදැවුණු ලකුණු 120ක් සමගින් ජයග්‍රණය තහවුරු කළේය. 
මෙය ස්ටීව් වෝගේ ඉනිමේ වීඩියෝ දර්ශනයකි.අවාසනාවකට එය අපගේ
කළාපයේ ප්‍රදර්ශණය සඳහා විවෘත්ත නැත. 
එය සදානුස්මරණීය වන්නේ ඇයි ?


වෝගේ ඉනිම, ඒ දක්වා ඔහු ක්‍රීඩා කර ඇති සීමිත ඕවර් තරග 266 තුළදී ලබාගත් දෙවන ශතකය වෙයි, එය පීඩනයට යටතේ අයිස් මෙන් සිසිලසකින්, සන්සුන්ව පිතිකරණයේ යෙදීමට ඔහුට ඇති  කීර්තිය නොපෙන්වන ලකුණු රැස් කිරීමකි.  පන්දු දෙකක් ඉතිරිව තිබියදී ලද ජය ඕස්ට්‍රේලියාව අර්ධ අවසාන තරගයට ගෙනගිය ගමන් මග විය - පරාජය වූවානම් සිම්බාබ්වේ කණ්ඩායම් අවසන් කණ්ඩායම් හතර සඳහා සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණි - නමුදු ප්‍රතිඵලය තවත් විශාල වශයෙන්සු විශේෂී ඉනිමක් ක්‍රියාත්මක වීමට හේතු විය. එම කණ්ඩායම් දෙකම තවත් දින හතරක අවෑමෙන් දෙවන අවසන් පූර්ව තරගයේදී, බර්මින්හැම්හිදී යලි මුණ ගැසිණි, නමුත් එය අවසාන වුයේ කලබල සහිත ලකුණු සම වීමකිණි,  සුපිරිය හය වටයේදී දකුණු අප්‍රිකාව හමුවේ ලබාගත් ජය නිසා ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගය වෙත යවන ලදී(එම තරගාවලියේදී ධල ලකුණු ලබා ගැනීමේ වේගයට පෙර ඇතුව දෙදෙනා අතර තරගයේ ප්‍රතිඵල සැලකිල්ලට ගැනිණි, එනමුදු ඒ වනවිටත් ඔස්ට්‍රේලියාව එම ලකුණු ලබා ගැනීමේ වාසියද සහිතව පසුවිණි).

ඔවුන් මෙසේ පැවසීය 

"ඔබ තේරුම් ගත්තාද, ඔබ ඔබේ  කණ්ඩායමේ තරගයෙහි වටිනාකම අත්හළ බව"
- ඇත්තටම ස්ටීව් වෝ හර්ෂල් ගිබ්ස්ට පැවසු දෙය(ඔහුගේ ජීවිත කතාවේ සඳහා පරිදි)

"ඔහු අතින් එය ගිලිහිණ, මට එය විශ්වාස කළ නොහැකියි ! එය ඇදහිය නොහැකියි ! ඔහු එය ඉවත දැම්මා, ඔහු හිතුවේ ඔහු එය රැක ගත් බවයි ... හොඳයි, මෙය මේ තරගයේ ගමන් මග වෙනස් කිරීමට හේතු වන බව එක්කන්තයි"
- ටෝනි ග්‍රෙග් විස්තර විචාරය අතරතුර. 

ඇලන් ගාර්ඩ්නර් ඊ.එස්.පී.එන්. ක්‍රික්ඉන්ෆෝ හි නියෝජ්‍ය කතෘ වරයාය. 

කරුණාකර මෙය උපුටා  දක්වනවා නම් මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බව සහ ක්‍රික්ඉන්ෆෝ හී ඵලවූ ලිපියක් බව සඳහන් කිරීමට කාරුණික වන්න. 

ඉඩ ලැබෙන පරිදි කෙසේ හෝ මෙම වාර්තා දහය පරිවර්තනය කිරීමට උත්සාහ කරන්නම්. 

Saturday, January 6, 2018

කිසිවකුට විස්තර කළ නොහැකි පෞරාණික සොයාගැනීම් දහයක් ......

 ලෝක ඉතිහාසය පුදුම එලවන අභිරහස් වලින් පිරුණු එකකි. අපෙන් කිසිවකුට මෙම අභිරහස් සියල්ල විසඳන තුරු ජීවත් විය නොහැක. එනමුත් පොළව මතුපිටට යටින් ඇති සත්‍ය වශයෙන්ම අරුම පුදුම දේ ගැන සොයා බැලීම හැමවිටම රසවත් අත්දැකීමකි.

1. මොආ පක්ෂීන්

ක්‍රි.ව. 1500 දී පමණ වැනසී ගොස් ඇතැයි විස්වාස කරන, මොආ පක්ෂීන් නවසීලන්තය තම වාසස්ථානය කොට ගත් පියඹන්නට නොහැකි පක්ෂීන් විශේෂයකි. නවසීලන්ත ආදීවාසීන් වන මෞරින් විසින් එක්තරා න්‍යායකට අනුව ඔවුන් මරණු ලැබ අත. විසිවන සියවසේ කළ ගවේෂනයකදී විද්‍යාඥයින් පිරිසකට, සියවස් ගණනනාවක් අරුම පුදුම ලෙස  සුරැකිව තිබූ විශාල පක්ෂියෙකුගේ අඬුවක් අහම්බයෙන් හමු වී අත.
පින්තුරය ගත්තේ https://brightside.me

2. පේරු හී ඇති "සක්සේවාමන්" පන්සල් සංකීර්ණය

පින්තුරය ගත්තේ https://brightside.me

පේරුහී ඓතිහාසික පන්සල් සංකීර්ණයක් පිහිටා ඇති මෙම විශ්මය දනවනසුළු කළුගල් බැමි නිර්මාණය කිරීමෙහිලා එකදු ගල්කටු ප්‍රහාරයක් හෝ භාවිතා කර නැත.  මෙහි ඇති කළු බ්ලොක් ගල් සියල්ලෙහිම රවුම් මුළු සහ සිනිදු මතුපිටක් ඇත. එය කෙසේ ගොඩනගා ඇතිද? කිසිවෙකු නොදනී.

3. බොලිවියාවේ සුර්ය මුවදොර

   
පින්තුරය ගත්තේ https://brightside.me

 බොලිවියාවේ පිහිටා ඇති පැරණි මෙන්ම අභිරහස් නගරයක් වල ටිවානකු හීදී මෙම සුර්ය මුවදොර දකිනු හැකිය. සමහර පුරා විද්‍යාඥයින් පිළිගනු ලබන්නේ එය ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ මුල් සහශ්‍රකයට අයත්  විශාල අධිරාජ්‍යයක මධ්‍ය ලක්ෂය බවයි. මෙම මුවදොරෙහි ඇති ගල්කැටයම් වලින් අදහස් වන්නේ කුමක්ද යන්න පිලිබඳ කිසිවකුට අදහසක් නැත. බොහෝවිට ඒවාට ජෝතිෂ්‍ය හෝ තාරකා විද්‍යාත්මක වටිනාකමක් තිබිය හැකිය. 

4. චීනයේ ලොන්ග්යු ලෙන්

පින්තුරය ගත්තේ https://brightside.me
මෙම ගුහා වැලිගල් විශේෂයක් තුළ බොකුටු නියං වලින් මිනිස් ශ්‍රමයෙන් හාරා නිර්මාණය කර අත. එවැනි දුෂ්කර කාර්යයක් සඳහා මිනිසුන් දහස් ගණනකගේ පරිශ්‍රමය අවශ්‍ය වේ. එතිහාසික සටහන් වල, මේවා ගැන හෝ ගොඩනගා ඇති ආකාරය පිළිබඳව කිසිදු සටහනක් නැත. 

5. ඊජිප්තුවේ අවසන් නොකළ ශිලා ස්ථම්භය

පින්තුරය ගත්තේ https://brightside.me
මෙම ශිලා ස්ථම්භය මුලදී ගල මතුපිටින් කෙළින්ම නෙලාගෙන ගොස් ඇති අතර පසුව එහි පිපිරීමක් ඇති වී තිබේ. එනිසා එය එම තත්වයෙන්ම වැඩ අවසන් නොකොට අතැර දමා ඇත.  සරලවම එය දැවැන්ත ප්‍රමාණයේ එකකි. 

6. ජපානයේ දිය යට නගරය 

මෙම දියයට නගර සංකීර්ණය අහම්බෙන් මෙන් සොයා ගනු ලැබ ඇත්තේ කිමිදුම් උපදේශකයෙකි.  මෙම දියයට නගරය සියලුම විද්‍යාත්මක න්‍යායයන් ව්‍යාකූල කරවනු ලැබීය. වසර 10,000 කට ප්‍රථම මෙම නගරය නෙලා ඇත්තේ අඩක් දියෙහි ගිලුණු විශාල කළුගල් තලාවක්  උපයෝගී කරගනිමිනි - ඊජිප්තු පිරමීඩ ගොඩනැංවීමට බොහෝ පෙරය. සමහර විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට, මෙම ආධිකල්පිත යුගයේදී, මිනිසුන් පිරිසක් ගුහාවලට කොටුවී ජීවත් වී ඇති අතර ඔව්න් දඩයම වෙනුවට ආහාරයට ගතහැකි අල වර්ග වලින් පමණක් ජීවත් වන්නට ඇත; එවැන්නන්ට ශෛලමය නගරයන් ඉදිකළ නොහැකිය. 
පින්තුරය ගත්තේ https://brightside.me

7. පාකිස්තානයයේ මොහැන්ජ-දාරෝ (මරණයේ ගල්වැටිය)

මෙම නගරයේ විනාශයේ රහස  විශේසඥයින් දශක ගණනාවක් වික්ෂිප්ත කළ කරුණකි. 1922 දී ඉන්දියානු පුරාවිද්‍යාඥ ආර්.ඩී. බැනර්ජි විසින් ඉන්දු නදියේ ඇති දුපතකින් පෞරාණික නටඹුන් සොයාගන්නා ලදී. උද්ගත වූ ප්‍රශ්නය වුයේ : මෙම විශිස්ඨ නගරය විනාශ වුයේ කෙසේද ? යන්නයි. මෙහි විසුවන්ට කුමක් සිදු වන්නට ඇතිද ? විවිධාකාර කැණීම් ගණනාවක් කලද පැණයට කිසිදු විසඳුමක් ලැබුණේ නැත.   
පින්තුරය ගත්තේ https://brightside.me

8. කැනඩාවේ ල්'අන්සේ ඕ දෙනිය

කැනඩාවේ ඇති මෙම පුරාවිද්‍යා ස්ථානය වසර දහසකට පෙර වයිකින්ග්වරුන් එක්තරා අවස්ථාවක පිහිටවන ලද ජනාවාසයකි. එය පැවතීමෙන් අනාවරණය වන කරුණ වන්නේ ස්කන්ඩිනේවියන් නාවිකයින් උතුරු ඇමරිකාවට ලඟා වී ඇත්තේ ක්‍රිස්ටෝපොර් කොලොම්බස් උපත ලබන්නටත් බොහෝ කලකට පෙර බවයි.
පින්තුරය ගත්තේ https://brightside.me

9. ගල් යුගයේ උමං මාර්ග

 ගල් යුගයේ ජීවත් වූ මිනිසා දඩයක්කරුවන් හෝ රැස් කරන්නන් පමණක්ම නොවන බවට හෙළි වන්නේ,  ස්කොට්ලන්තයේ සිට තුර්කිය දක්වා, මුළු යුරෝපය පුරාම ඇදී යන පුළුල් උමං මාර්ග සංකීර්ණයක් සොයා ගැනීමත් සමගය. නමුත් එහි සැබෑ අවශ්‍යතාවය කුමක්දැයි මේ දක්වා අභිරහසක්ව පවතී. සමහර විධ්යාඥයින් විස්වාස කරන්නේ විල්පිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඔවුන් මේ උමං තනන්නනට ඇති බවයි, තවත් කොටසක් විශ්වාස කරන්නේ එය දැඩි දේශගුණික තත්වයන් සහ විවිධ ගැටුම් වලින් ආරක්ෂා වී, කරදරයකින් තොරව ගමනාගමනය සඳහා යොදා ගන්නට ඇති බවයි.
පින්තුරය ගත්තේ https://brightside.me

10. කොස්ටාරිකාවේ යෝධ ගල් බෝල

මෙම අභිරහස් යෝධකළුගල් බෝල වල චමත්කාරජනක බව ඒවායේ ස්වභාවය මත පමණක්ම නොව, ඒවායේ හරියටම ගෝලාකාර වුයේ කෙසේද යන්න සහ කෙසේ සෑදුනාද, කුමක් සඳහාද යන්නද තවත් නොදත් කාරණාය. 1930 ගණන් වලදී මේවා සොයාගෙන ඇත්තේ කෙසෙල් වගාවක් සඳහා වනය එළිපෙහෙළි කිරීමේදීය. ස්වදේශික ජනප්‍රවාද වලට අනුව මෙම අභිරහස් කළුගල් බෝල තුළ සැඟවුණු රත්‍රන් තිබනද, ඒවා දැන් හිස් වී අත. 
පින්තුරය ගත්තේ https://brightside.me
මෙම සටහන
https://brightside.me/ හී ඵල වූ Ten discoveries that no one can explain ලිපියෙහි පරිවර්තනයකි.

Wednesday, July 13, 2016

ඔබේ නින්ද සමාන වන්නේ කුමන රටේ නිදාගැනීමටද ? ......

සිංගප්පූරු පිරිමියෙකු සාමන්‍යයෙන් දිනකට පය 7.3 නිදාගනු ලැබේ - නවතම අධ්‍යනයකට අනුව එය දුසිමකට අධික රටවල ජනතාවකට වඩා අඩුවෙනි.

මෙම නිද්‍රවලියේ (මා එකතු කල වචනයකි) අනිත් කොණේ සිටින්නේ ඕලන්ද කාන්තාවයි. ඔවුන් අඩුම තරමින් සෑම රාත්‍රියකම පැය 8.4ක නින්දක් ලබයි.

මෙම දත්ත ලැබෙන්නේ මිචිගන් සරසවිය විසින් සිදු කරන්නට යෙදුනු, නිදාගන්නා ආකාර පිලිබඳ පර්යේෂණයක ප්‍රතිඵල ලෙසිණි.මේ සඳහා රටවල් 20ක,  10,000ක පමණ පිරිස්ක් සහභාගී කරගත් ඇප් එකක් අනුසාරයෙන් තොරතුරු එක් රැස් කරගෙන තිබෙනවා. මෙම පර්යේෂකයන් විවිධ සංස්කෘතීන් අතර වෙනස්කම් හදුනාගෙන තිබෙන අතර, සමස්තයක් ලෙස කාන්තාවන් පිරිමින්ට වඩා අවම වශයෙන් මිනිත්තු 30ක් පමණ වැඩිපුර නිදා ගන්නා බවට තහවුරු කරගෙන තිබෙනවා.

පහතින් තිබෙන සටහනින් පැහැදිලි වනවා ලොව විවිධ ජාතීන්ට අයත් කාන්තා/පුරුෂ කොට්ඨාශ දෙක නින්දට යන සහ අවධි වන වේලාවන්.  පහතින් තිබෙන සබැඳියාවෙන් ගොස් ඔබ නිදන්නේ කවුරු වාගේදැයි වටහා ගත හැකි වනවා. එහිදී ඔබ නින්දට යන වෙලාවත්, අවධි වන වෙලාවත් සටහන් කලපසු එය අළුපාට කොටුවකින් පෙන්නුම් කරාවි, එයට අමතරව එය හරියටම සැසඳෙන්නේ කුමන රටේ, කුමන   පාර්ශවයේ නින්දටදැයි සටහන් කරාවි.
පින්තූරය කපා ගත්තේ : http://time.com/

මෙන්න මෙතනින් ගිහිං බලන්න.

http://time.com/ හී පලවූ Find Out What Country You Sleep Like ලිපියෙහි අසංක්ෂිප්ත පරිවර්තනයකි.

Monday, June 6, 2016

ඔබේ දරුවාත් අකුරු ලියන්නේ අනික්‌ පැත්තටද ? ......

mirror writing examples akuru anika paththata liyana lamai
අවුරුදු පහක් වෙන මගේ දියණිය කඩසාසියේ වම්ද පැත්ත වෙනුවට කුණු පැත්තෙන් ලියන්න පටන් ගන්නේ. බොහෝවිට d අකුර p අකුර සමගත්, p අකුර q අකුර සමගත් පටලවා ගන්නවා, 6 සහ 9 ත්, 2 සහ 5ත් ඒ වගේමයි.ලියන්න ගියාම s,z,l,r,2,5,3,7 අනික් පැත්තට ලියනවා. වෙලාවකට  දර්පණ ප්‍රතිබිම්බය වගේ ලියනවා. සියලුම අකුරු ලියන්නේ දකුණේ ඉඳන් වමට, නැතිනම් ඉලක්කම් අනික් පැත්තට.

some kids writing letters opposite side samahara lamai akuru anik paththata liyanawa

ඩිස්ලේක්සියා ගැන සැලකිලිමත් වෙන්න තරමක් ඉක්මන් වැඩියි කියන කාරණය මම දන්නවා, හේතුව විද්‍යාඥයින් පිළිගන්නේ මොළය වම සහ දකුණ කියන සංකල්පය නිවැරදිව ගොඩනගාගන්න වයස පහත් අටත් අතර කාලයේදී වගේ නිසා. අනික් අතට ඩිස්ලෙක්සියා විශේෂඥයින් උපදෙස් දෙනවා පෙර පාසල් අවධියේම මේ ගැන නැඹුරුවක් ඇත්දැයි පරීක්ෂා කර මැදිහත් වී ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා සහයෝගයක් දෙන්න. කුඩා දරුවන්ට අකුරු ලිවීමත් ඒවා චිත්‍රයට නැගීමත් එක වගේ.  ඔවුන් මාළුවෙක්ගේ චිත්‍රයක් හෝ කටු සටහනක් ඇන්දොත්, මාළුවාගේ මුව වමටද, දකුණටද අඳින්නේ කියා ප්‍රශ්නයක් නෑ. මොකද මාළුවා මාලුවාමයි.

kids never mind drawing fish with birds lamai chithra wala maluwo saha kurullo

ඒක ප්‍රශ්නයක් වෙන්නේ අකුරු  ගත්තම. මේ සංකල්පය උකහා ගන්න යම් කාලයක් ගත වෙනවා. බොහෝ අවස්ථා වල ළමුන් තේරුම් ගන්නවා ඉංග්‍රීසි භාෂාවේ වචන මුද්‍රණය කර තිබෙන්නේ වමේ සිට දකුණට බවත්, s අකුර තිබෙන අත අනුව බලපෑමක් ඇති බව. පළමු පන්තියේදීම ගුරුවරුන් ළමුන් ලවා ඔවුන්ගේ වැරදි නිවැරදි කරවනවා, දෙවන පංතිය අවසාන වනවිට සියළුම ළමුන් වාගේ මේ වැඩේ සම්පූර්ණයෙන්ම අත හරිනවා. වයසින් වැඩීමත් එක්ක ඔබේ දරුවා මේ  දුෂ්කරතාව දක්වනවා නම්, ඔබට වෙනත්  කාරණාවන් පෙනෙන්න තිබෙනවානම්, අමතර උදව් ලබා දීම ගැන සලකා බලන්න කාලය උදා වෙලා. උගෙනීමේ මූලික අධියරයන් වලදී පවා, ඔබේ දරුවාට උදව් කිරීමේ ක්‍රමයක් තියෙනවා. 
workings that helps eliminate dyslexia anik pathtata akurku liyana lamainta abhyasa

අදහස් කිහිපයක්

  1. ඔබේ දරුවාට පොතක් කියවමින් සිටින විට, ඔබේ ඇඟිල්ලෙන් කියවන දිසාව පෙන්වමින් කියවන්න.
  2. ලිවීම පුහුණු වන්නට ඔබේ දරුවා දිරිමත් කරන්න. කිසිදු බාධාවකින් හෝ නිවැරදි කිරීමකින් තොරව, දරුවාට කිහිපවිටක් හෝ වරදමින් එය සිදු කරන්න නිදහස ලබා දෙන්න. 
  3. දරුවාගේ වැරදි නිවැරදි නොකරන්න. දරුවාටම තමන්ගේ වරදක් ඇති බව දැනී ඔබගෙන් ඒ පිළිබඳ විමසන්නේ නම් පමණක් වැරදි පෙන්වා දෙන්න, නමුත් එය විශාල ප්‍රශ්නයක් කර නොගන්න. දරුවා ලියන තරමට එය පහසු කටයුත්තක් වේවි. ඔබේ දරුවාගේ නිර්මාණශීලීත්වය නිතරම වැරදි පෙන්වා දෙන්නට යාමෙන් මොට කරන්න එපා.
  4. කඩදාසියේ හෝ පොතේ වම්පස ඉහළ කෙළවරේ කුඩා ස්ටිකර් එකක් අලවන්න. එමගින් දරුවාට ලිවීම ආරම්භ කළයුතු අන්තය ගැන ඉඟියක් සැපයේ.
  5. ඔබගේ දරුවා අසීරුතාවක් දක්වන්නේ එක්තරා අකුරක් සඳහානම්, ඉඟියක් මගින් සහය වන්න. උදාහරණයකට "b" අකුරට ඔබගේ බඩට(Belly) ඇඟිල්ලෙන් ඇන පෙන්වන්න. 
  6. ඔබ විසින් අඳින ලද අකුරු මත ලිවීමට දරුවා දිරිමත් කරන්න, නැතිනම් නිවැරදිව අකුරු ලිවීම පුහුණු වන්න  ලාභ අච්චුවක්(Template) ගෙනවිත් දෙන්න.
  7. එම අකුරු ලිවූ සෙල්ලම් කාඩ්පත්, පෝස්ටර් හෝ ඇරයුම්පත් සාදා අකුරු මත ලියන්න දෙන්න. 
  8. බිල්ඩින් බ්ලොක් වලින් රටා සාදා, ඒවා කොපි කිරීමට දරුවාට සලස්වන්න.
  9. අසමමිතික නිර්මාණ කරන්න එමගින් දරුවාට වෙනස් පැති දෙකක් ගැළපීමට උපකාරී වේ. 

කුඩා අවධියේ, ඇත්තෙන්ම සියලලුම දරුවන් ලිවීමේදී සහ කියවීමේදී මේ වැරදි කරනවා. ඇත්තටම චලනය නොවන වස්තූන් හඳුනාගැනීම සඳහා උපකාරී වන, සමමිතික දර්ශන පොදු බවට හරවා ගැනීමේ හැකියාව, දෘෂ්ටි පද්ධතියේ අත්‍යවශ්‍ය අංගයක්. දරුවන් කියවීමට ඉගෙන ගනිත්දීම, "b" සහ "d" අකුරු වෙන්-වෙන්ව හඳුනා ගැනීමට නම් ඔවුන් අනික් පසට ඇති අකූරු පොදු දර්ශන ලෙසේ තේරුම් ගැනීම "පුහුණුව අතහැරීම"(Unlearn) කල යුතුය.   සමහර දරුවන්ගේ මේ පුහුණුව අත් හැරීම සඳහා  විකාශනයේ සිටම ලැබෙන නිරායාස හැකියාවම ඔවුන්ට හරහට හිටින අතර විශේෂ මූලාශ්‍රයකින් එය අවප්‍රමාණ කරවන බව පෙනේ.  ඒ පිළිබඳ වැඩි තොරතුරු ඉහත පෙන්වා ඇති පොතෙහි අඩංගු වේ.



http://slpzone.blogspot.com/ හී ඵල වූ "Backward - Mirror Writing in Young Children" ලිපියේ පරිවර්තනයකි.

මෙය සිංහල භාෂාවට කෙතරම් සාධාරණව ගැළපේද යන්න මා හටද විශේෂ අත්දැකීමක් නැත. හේතුව මගේ දියණියද අන්තර්ජාතික පාසලක ඉගෙනුම ලබන බැවිනි. නමුත් සිංහල උගෙනීමෙදී යට "ත", "ක" සහ "න" ද "ර" සහ "ට" ද පැටලුණ බව මතකය ඇත.



ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...