Showing posts with label නින්ද (Sleep). Show all posts
Showing posts with label නින්ද (Sleep). Show all posts

Monday, September 14, 2015

එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි ......

මට බ්ලොග් ලිවීම එපා වෙලා කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න ඇති. පටන් ගත්ත කාලේ සතියකට හතරක් හෝ තුනක් බ්ලොග් පොස්ට් දමමින් අවුරුදු තුනක් අඛණ්ඩව කරගෙන ආපු මේ ව්‍යායාම එක පාරටම කඩාකප්පල් වීම, බ්ලොග් කෙරුවාව ගැන දන්න හත් දෙනෙකුගෙන් ඇහුවොත් උත්තර හතක් ලැබෙන්න පුළුවන්. මම මේ ප්‍රශ්නය මගෙන්ම ඇහුවත් මට දෙන්න තියෙන උත්තරය "වෙලාවක් නෑ" කියන එක.  කෙනෙක්ගේ හිතට එක පාරටම එන්න පුළුවන් තර්කය තමයි "එතකොට කලින් වෙලාව හොයා ගත්තේ කොහොමද ?" කියන එක. මට මතකයි මගේ එක් රසිකාවියක් මගෙන් කාල කළමනාකරණය ගැන උපදෙස් ගන්න ඕනේ කියලා කමෙන්ට් කරා. නමුත් ඒ කතාවට වැඩියෙන්ම හිනා ගියේ මට. හොඳයි අපි ඒ ගැන පසුව කථා කරමු. [හැබැයි මට බ්ලොග් පොස්ට් එකක් නොදා වැඩි කාලයක් නිකන් ඉන්න නොදෙන බ්ලොග් හිතවතෙක් ඉන්නවා. ඒ තමයි ගල් බලකායේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ (අධි+යක්ෂ) වරයෙකු වන මෙන්ඩා නොහොත් සංජීව මෙන්ඩිස්. ගිය සිකුරාදා දුරකථනය ඇමතුමක්ම දීලා ඇහුවා මොකද වුණේ කියලා. ඉතින් මේ ලියන්නේ මෙන්ඩාගේ ඒ සිහි කැඳවීමට ගරු කිරීමක් වශයෙන්. අනිත් දේ තමයි මගට ලියලා අත් ඇරපු බ්ලොග් පොස්ට් දහයකට වඩා තියෙනවා. මේක අදට ලියන දෙවෙනි පොස්ට් එක].

හරි මම කෙටියෙන් කියන්නම්. කලින් මම මේකට වෙන් කර ගත්ත වෙලාව රාත්‍රී දහයත් දෙකත් අතර කාලය. මේ කියන කාල සීමාවේදී මම අවම වශයෙන් නිදා ගත්තේ පැය හතරක්. උපරිම වශයෙන් පැය පහක්. මම කම්මැලි වෙලාද ? නෑ. මම සේවය කරන තැනට නිතර යනෙන ඉන්ෆොර්මික්ස් ඉංජිනේරුවෙක් තමයි මිගාර කියන්නේ. ඔහු පරිගණක ලෝකය ගැන ඉතාම අවධානයෙන් ඉන්න කෙනෙක්. ඔහු මගේ ඉතාම කුළුපග මිතුරෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. මම ඉන්න තැනට එන ඒ වගේ අයට තේ එකකින් සංග්‍රහ කරන එක මගේ සිරිතක්. ටික කාලෙකින් තමන් කන්න අරන් එන කෑම එක මගෙත් එක්ක බෙදාගෙන කරන්න තරම් ඔහු මා හා හිතවත් වුණා. ඒ නිසා මිගාර දන්නවා මම දවසට නිදියන්නේ පැය හතරක් පහක් බව.  දවසක් මට ඔහු දැඩි අවවාදයක් දුන්නා. 
"උඹ දන්නවද දාස් ගුප්තා කියන්නේ කවුද කියලා ? දාස් ගුප්තා කියන්නේ ඉන්දියාවේ සැප් වල සී.ඊ.ඕ. වයස අවුරුදු 42යි. නිදියන්නේ දවසට පැය හතරයි. හොඳට එක්සර්සයිස් කරලා හිටපු පොරක්. චෙන්නායි මැරතන් එකටත් දුවලා තියෙනවා. ඉතිං කියන්න ඕනේ නෑනේ. හොඳට ෆිට්නස් තිබුණා. මැරුණ හේතුව හොයාගෙන ගියාම අන්තිමට අහු වෙලා තියෙන්නේ නින්ද අඩු කම කියලා. ඒ නිසා අද ඉඳලා පැය හයක්වත් නිදියන්න බලපන් මචං"
මිගාරගේ මේ ප්‍රකාශය මගේ හිත සසල කළා. හැම පැත්තකින්ම පරිපූර්ණ පුද්ගලයෙක් වෙච්ච දාස් ගුප්තාට ඒ වගේ ඉරණමක් අත් වුණේ, විවේකය ගැන හිතන්නැතිව ඔහුගේ ව්‍යාපාර කටයුතු කිරීම. ඉතිං සයිබර් කටයුතු සඳහා මම වෙන් කරපු කාලය සීමා කරන්න මම තීරණය කළා. මුලින් දහයට නිදා ගත්ත මට පැය හතරකින් ඇහැරුණා. මේක මගේ කාර්යාලීය සගයා එක්ක මම කථා කළා. එතකොට ලැබුණ උපදෙස තමයි නිදියන්න බැරි වුණත් ඇඳට වෙලා ඇස් පියාගෙන ඉන්න කියන එක. පස්සේ පස්සේ වැඩේ හරිගියා. දැන් මම අවම වශයෙන් පැය හයක් නිදා ගන්නවා. 

නමුත් ඔය අතරවාරයේ පහුගිය චන්දෙ කිට්ටුවෙලා මගේ පපුව තද වෙන ගතියක් ආවා. ඒ එක්කම කලන්තේ වගේ ගතියක්. මම හිතුවා වැඩේ හරියාගෙන එනවා තමයි කියලා. පහුගිය දහතුන්වෙනිදා වරුවක් නිවාඩු දාලා මම ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වුණා. කරන්න තියෙන පරීක්ෂණ බොහොමයක් අවසානයේ "නෝමල්" කියන උත්තරය ලැබුණා. පස්සේ ඒ දවස් දෙක ඇතුලේම මාව මුණගැහෙන්න අවශ්‍ය වෙච්ච මගේ මිතුරෙක් එතනට ආවා. ඔහු මට කිව්වා ඔයාට ගැස්ට්‍රික් වෙන්න ඇති කියලා. පස්සේ තමයි මට වැඩේ මීටර් වුණේ. අර කලන්තේ වගේ ගතිය කණ බ්ලොක් වුණාම වෙන එක බව මට තේරුණා. මම දොස්තරලාට ඒ කථා නොකියා හෙමිහිට ඩිස්චාර්ජ් වෙලා ගෙදර ගියා. දවසකට බොන කෝපි ප්‍රමාණය බිංදුව කළාම වැඩේ ගොඩ ගියා.

හරි අද ලියන්නේ මොනවද කියලා කල්පනා කරලා. කාලයක් ඉඳන් ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ලියන්න පටන් ගත්තා. එක දිගට කාලයක් නොලියා හිටියම ඇති වන අකාර්යක්ෂමතාව නිසාද කොහෙද වෙනදා වේගයෙන් ලියන්න බැරි වුණා. නමුත් මගේ සයිබර් අන්තය වෙනුවෙන් වෙන්වුණු ෆේස්බුක් ගිණුමේ පහලට ගියාම මිතුරෙක් ෂෙයාර් කරලා තිබුණ මෙන්න මේ වීඩියෝව  සිංගල් ෆාදර් ස්ටේටස් එකේ ඉන්න මම, දියණිය නිදි කරන්න ගිය වෙලාවට කරපු පුංචි සොඳුරු ප්‍රයෝගයක් මතකයට ගෙන ආවා. පසුව මේක මගේ දියණිය හොබී එකක් කර ගත්තා. මුලින්ම බලන්නකෝ වීඩියෝ එක. 
මෙතැන එළුවෝ රෑණක්ම සිටියත් මගේ කතාවට පාදක වෙන්නේ එක එළු පැටියෙක් විතරයි. කුඩා ළමයි නිදි කරවන්න තිබෙන එක ඔප්ෂන් එකක් තමයි එයාලට කතා කීම. නමුත් මේක නොනවතින රැල්ලක් වගේ දිගටම යන වැඩක්. ඉතින් අපේ කතා ගබඩාව අපිටත් නොදැනීම හිස් වෙනවා. එක කතාවක් දෙවෙනි වතාවට කියනකොට ළමයින්ට නිදිමත නැති වුනොත් "අයියෝ තාත්තේ ඕක කලින් අහලා තියෙනවා" කියලා ලත් තැනම ලොප් කරලා දානවා. අපිත් ඉතිං නිදිමරගාතේ විශාල අපාහසුතාවකට පත් වෙනවා. මෙහෙම කතා කියාගෙන යනකොට අපිට නින්ද යන අවස්ථා වැඩියි. බොහෝවිට ළමයා අපව අවදි කරනවා. තවත් දෙයක් කියාගෙන යන කතාව පැත්තක තියලා එකපාරට වැරදි වචන කියනව. වැරදි කියන්නේ කුණුහරුප නෙවෙයි. නමුත් තුන්ලෝකේ නැති වචන. ඒ අපට නින්ද ගිහිං හීනෙන් දකින ඒවාට අදාලා වචන නින්දත් නොනින්දත් අතර මහා හයියෙන් කියවෙන නිසා.

දවසක් මට කියන්න කතා නැති වෙලාවක මම මගේ දියණියගෙන් ඇහුවා "පුතා දන්නවද එළුපැටියාගේ කතාව ?" කියලා. එහෙම කියත්දී මගේ හිතේ කිසිම කතාවක් ගැන අදහසක් වත් තිබුණේ නෑ. දියණිය එක පයින්ම කිව්වා "නෑ තාත්තේ කියන්න" කියලා. මම හිතට එන විදියට ගොතලා කතාවක් කිව්වා. හරියටම නැතත් මෙන්න මේ වගේ. මේ වගේ කතාවල විශේෂය තමයි එකම කතාව දෙපාරක් කියවෙන්නේ නැති එක. ඒ නිසා මේ එළුපැටියාගේ කතා සීරීස් එකක් බවට පත් වුණා.

"ඔන්න පුතේ දවසක් එළුපැටියෙක් එයාගේ අම්මා ඉන්න තැනින් එලියට ඇවිත් පාරදිගේ තනියම යනවා ටොක ටොක ගගා. එහෙම යනකොට එයා දැක්කා ළමයි කට්ටියක් සෙල්ලම් කරනවා. එළුපැටියාටත් හිතුණා මටත් සෙල්ලම් කරන්න ඕනේ කියලා. එයා ළමයි ගාවට ගිහිං "බෑහා - බැහා" ගාලා කිව්වා මටත් සෙල්ලම් කරන්න ඕනේ කියලා. ළමයින් හිතුවේ එයාට බඩගිනි වෙලා කියලා. ඉතිං එයාව පැත්තකට එක්කන් ගිහිං කොළ අතු ටිකක් කඩලා දුන්නා. එළුපටියා ආයි "බැහා - බැහා" කිව්වා. ළමයි හීතුවා එයා අඬන්නේ වතුර ඕනේ වෙලා කියලා. ඒ පාර වතුර බාල්දියක් ගෙනත් එළුපැටියා ලඟින් තිබ්බ. අවුවේ ඇවිත් එළුපැටියාටත් බඩගිනි නිසා එයා වතුර ටික බීගෙන බීගෙන ගියා. එහෙම බීලා ආයෙත් "බැහා-බැහා" කියන්න පටන් ගත්ත. ළමයෙක්ගේ අතේ තිබුණ බොලේ බිමට වැටෙනවා එළුපැටියා දැක්කා. එයා ඒක කටින් අරගෙන දුවගෙන දුවගෙන ගියා. ළමයි කට්ටිය හිතුවේ එයාලාගේ බොලේ එළුපැටියා කන්න හදනවා කියලා. එහෙම ටිකක් දුර දුවගෙන ගිය එළුපටියා බොලේ ටිකක් දුරට වීසි කළා. ළමයි පස්සෙන් දුවගෙන ගිහිං බොලේ ගත්තා. එළුපටියා ආයෙත් ගිහිං බොලේ ඉල්ලනවා "බැහැ-බැහැ" කියලා. ළමයි බලනවා මේ මොකද කියලා. ඒ පාර ඒ ළමයා බොලේ ටිකක් දුරට විසි කළා. එළුපැටියා දුවගෙන දුවගෙන ගිහිං බොලේ අහුලාගෙන අරං ඇවිත් කටින් වීසි කළා. ළමයින්ට තේරුණා එළුපැටියාට සෙල්ලම් කරන්න ඕනේ වෙලා තමයි ආවේ කියලා. ඊට පස්සේ හැමදාම එළුපැටියා ළමයින් එක්ක සෙල්ලම් කළා. 
මෙහෙම කතාව කියලා ඉවර වෙනකොටත් ළමයා නිදි නැතිනම් එක්කෝ නිදිමත නැහැ. නැතිනම් ඔබ අසාර්ථකයි. එහෙම වුනා කියලා අධෛර්යයට පත් වෙන්න හොඳ නෑ. දිගටම කියන්න ඕනේ. මේ වගේ කතා ගොඩක් මම මේ වෙනකොට කියලා තියෙනවා. මගේ කෙල්ල දැන් ආසාවට එළුපැටියගේ කතාවක් කියන්න කියලා කියනවා. ඒ එළුපෑටියාගේ කතා මාලාව අපි දෙන්නටම වින්-වින් තත්වෙට පත්වුණා නිසා. මම කියපු කතා අතර එළුපැටියා ගඟේ නාපු කතාව, එළුපටියා ෆූඩ් සිටි ගිය කතාව, එළුපටියා බීච් ගිය කතාව, එළුපැටිය ඉස්කෝලේ ගිය කතාව, එළුපැටියා කෝච්චියේ ගිය කතාව, එළුපැටියා ටී.වී. බලපු කතාව, එළුපැටියා කම්පියුටර් එක්ක වැඩ කරපු කතාව, එළුපැටියා කාර් එකේ ගිය කතාව සහ මෙකී නොකී ඕනෑම මාතෘකාවක් හදාගෙන කියන්න පුළුවන්.  දැන් තියෙන්නේ ඔයාලගේ අවස්ථාව. මේක උත්සාහ කරලා බලන්න. අත්දුටුවයි-ප්‍රත්‍යක්ෂයි.

මේක කුඩා පොත් පිංචක් කරන්නත් හිතුන වෙලාවල් තියෙනවා. බලමු ඉදිරියට. එහෙනම් පොඩි මෙන්ඩාට මේවා කියලා බලන්න කියලා මම ලොකු මෙන්ඩාට ආරාධනා කරනවා. හැබැයි එකාගෙන් ගුටි කන ඒවාට මම වග කියන්නේ නෑ. තව ටික දවසකින් අපේ පත්තර මල්ලිටත් මේවා වැදගත් වේවි. 

Friday, November 1, 2013

හොඳින් නිදියන ක්‍රමයක් සඳහා ...... Discover Better Sleep

මෙය www.whydontyoutrythis.com වෙබ් අඩවියේ පල වූ Discover Better Sleep නමැති ලිපියේ පරිවර්තනයකි.

නින්ද පිළිබඳ ජාතික පදනමට(එක්සත් ජනපදයේ විය යුතුයි) අනුව සාමාන්‍ය පුද්ගලයකු දිනකට පැය 7-10 අතර ප්‍රමාණයක නින්දක් ලබා ගත යුතුය. එහෙත් වෙනස් නිදි චක්‍ර මගින් එය ළඟා කර ගත හැකිද ? අපට අඩුවෙන්, ඉතාමත් අඩුවෙන් නිදා ගත හැකිද ?

පින්තූරය ගත්තේ : http://www.whydontyoutrythis.com
අප බොහෝ දෙනෙකු පුරුදු වී ඇත්තේ මොනොෆේසික් (තනිපියවර) නිදි චක්‍රයකටය. මෙම ක්‍රමය බොහෝ දෙනෙකු භාවිතා කරන්නේ, වැඩියෙන්ම අසා තිබෙන හෝ උගත් ක්‍රමය වන නිසාය. ටික දෙනෙකුට මෙය ප්‍රායෝගිකව අකාර්යක්ෂම ය.

කාරණය නම්, නින්දෙන් ලබා ගත හැකි සියලුම ප්‍රතිලාභ අඩු නින්දක් මගින්  ලබා ගත හැකි ක්‍රම හතරක් තිබීමයි. මෙය මට නම් ඉතා සතුටුදායක ආරංචියකි, මන්ද මා ප්‍රබල දිගු නිදි ලෝලියකු නොවන නිසාය. ඇයි ? සාමාන්‍යයෙන් නිදියනවාට වඩා කිරීමට වටිනා වැඩ තිබෙන නිසාය !
  
එපමණක් නොව නින්ද යනු එය මා කැමති විට ලබා ගත යුතු දෙයක් මිස, මා "ගතයුතුම" නිසා ලබා කල යුත්තක්  නොවේ.  නිදිසුව ලඟා වන තුරු මට ඇඳ මතා දිගා වී සිටීමට සිදුවන කාලය අවම නම් කදිමය.  එනිසා අපි පොලිෆේසික් නිදි චක්‍ර ගැන උගනිමු. මොනොෆේසික්(තනිපියවර නින්ද) නින්දේදී ඔබ දිනකට එක නින්දක් ලබතත්, පොලිෆේසික්(බහුපියවර නින්ද) නින්දේදී දවසකට කිහිප වරක් නිදාගැනීමට සිදු වේ.


තනිපියවර නිදි චක්‍රය තුළ අදියරයන් කිහිපයකින් සිදු වන අතර මේ අතරින් ශීඝ්‍ර අක්ෂි චලනය (Rapid Eye Movement - REM) වන අදියර වඩාත් වැදගත් වේ. තනිපියවර නිදි චක්‍ර නින්දක් ලබන පුද්ගලයෙකු රාත්‍රී 11:00 ට පමණ ඇඳට ගොස් පැය 7-10 ක් අතර නින්දක් ලබා උදෑසන අවදී වේ. රාත්‍රී වැඩ මුරයක් කරන පුද්ගලයකුගේ මෙම වේලාවන් මාරු (දිවා-රාත්‍රී) වේ. සාමාන්‍යයෙන් ශීඝ්‍ර අක්ෂි චලන (REM) අදියරට මාරු  වීමට මිනිත්තු 45-75 අතර කාලයක් ගත වන අතර  එම කාලසීමාව මොළය සහ අනෙකුත් ශාරීරික   කාර්යයන් සඳහා වැදගත්,  සෞඛ්‍යයට යහපත් අවධියක් වේ. අපට නින්ද අවශ්‍ය වන්නේ ඇයිද යන්න විද්‍යාඥයන් හරියටම තේරුම්ගෙන නොමැති  වුවද, විවිධ සතුන් නිරීක්ෂණය කරමින් අවුබෝධ කරගෙන ඇත්තේ එය ජීවිතයට අවශ්‍ය බවයි. 


දෙපියවර නිදි චක්‍රය සියෙස්ටා නමින්ද හඳුන්වනු ලබන අතර, එය වඩාත් පොදු බහුපියවර නිදි චක්‍රය ලෙස දැකීමට හැකිවන අතර, වඩාත් ප්‍රායෝගික ක්‍රමය ලෙසද සැලකේ. මෙම චක්‍රයට දිනකට පැය 5 - 6 ක දිගු නින්දක් සහ මිනිත්තු 20,60 හෝ 90ක කෙටි නින්දකින් සමන්විත වේ.  දිනක සම්පූර්ණ නින්ද පැය 5.3 සිට 10 දක්වා වේ. සෞඛ්‍යය පැත්තෙන් ගත් කල, තනිපියවර නිදි චක්‍රය සහ සැසඳීමේදී, මෙම චක්‍රය සෞඛ්‍යයට වඩා හොඳ වනවා පමණක් නොව එය වඩා හොඳ මනෝභාවයන්, අඩු ආතතියෙන් යුතු, හොඳ අවධානයක් වර්ධනය වන, සමස්ත වශයෙන් ඉහළ ඵලදායීතාවක් සඳහා හේතු වන බව සනාථ කිරීමට ප්‍රමාණවත් වීද්‍යාත්මක පර්යේෂණ සිදුකර ඇත. සමහර පර්යේෂණ වලට අනුව මෙම චක්‍රය නිසා ඔබ වඩාත් ප්‍රාණවත්වන බව පවසයි. 


"එව්රිමෑන්"  චක්‍රය. මෙය නම් කළේ පියෝඩොක්සික්ය. මෙයට පැය 3.5 ක මුලික නින්දක් සහ දවස පුරා විහිදුණු විනාඩි විස්සේ කෙටි නින්දවල් තුනක් ඇතුළත් වේ. මෙම චක්‍රය සැලසුම් කොට ඇත්තේ දිනකට වරක් සිදු වෙන අපගේ පරීක්ෂාකාරීබවේ රිද්මය බිඳ වැටීම වළකාලීම සඳහායි. නිතර භාවිතා වන ආදර්ශ කාලසටහනක් ලෙස රාත්‍රී 9 - අලුයම 12:30, අලුයම 4:10 ට කෙටි නින්දක්, උදෑසන 8:10ට කෙටි නින්දක්, සවස 2:40ත කෙටි නින්දක් වශයෙන් සිදු කරයි. උදෑසන මුලික නින්ද මගහරින්න.(අලුයම 3:30 සිට 6:30 දක්වා).මේ කාලයේදී ඔබට ගුණාත්මක මන්දගාමී තරංග සහිත නින්දක් ලැබීමට උගහටය හේතුව දෛනිකව සිදු වන ශීඝ්‍ර අක්ෂි චලන පීඩනය වැඩි නිසාය. 

ඩයිමැක්ෂන් චක්‍රය. මෙය ඉතා අමාරුම ක්‍රමය බව පැවසෙන අතර මෙය සාර්ථකව අනුගමනය කරන්නේ ස්වල්ප දෙනෙකි. ඩෙක්2 නමැති ජානය සහිත අය, තවත් ආකාරයකින් කිව්වොත් "කුකුල් නිදි කාරයෝ", සාමාන්‍යයෙන් දිනකට පැය හතරක තනි නින්දක් අවශ්‍ය මොවුන්ට මෙම චක්‍රය භාවිතා කල හැක. නමුත් එමගින් අනෙක් අයට එය භාවිතා නොකළ හැකි යයි නොකියවේ, සාමාන්‍යයෙන් බොහෝ විට සිදු නොවේ. ශීඝ්‍ර අක්ෂි චලනයට සැලකිය යුතු කාලයක් ගතකර නොමැති බැවින්,  බොහෝදෙනෙකුට එයට අනුගත විය නොහැක. මෙමෙ චක්‍රය තුල දිනක් පුරා මිනිත්තු 30  නින්දවල් හතරක් අඩංගු වන අතර එය දිනකට පැය දෙකක නින්දකි ! සමහරු එය පැය 1.5 නින්දක්, මිනිත්තු 30 කෙටි නින්දවල් දෙකක් හා මිනිත්තු විස්සක නින්දක් ලෙස සීරුමාරු කරගෙන ඇත. 

අර්බර්මෑන් චක්‍රය
 මෙයත් නම් කර ඇත්තේ පියෝඩොක්සික් ය. මෙය සැලසුම් කර ඇත්තේ මිනිත්තු විස්සක කෙටි නින්දවල් හයක් ලෙසය. සම්පූර්ණයෙන් ගතහොත් දිනකට  පැය දෙකකි.  මෙම සෑම නින්දක්ම අතරම පරතරය සමානය. විකල්පයක් ලෙස අවශ්‍ය නම් මිනිත්තු විස්සේ කෙටි නින්දවල් අටක් ලෙස සමාන කාල පරතර සහිතව දිනය තුලා ලබා ගත හැක. ඒමගින ලැබෙන අමතර මිනිත්තු 40 ට විශාල වෙනසක් කල හැක. සමහරු මෙය මෙය අනුගමනය කරන විට එක් නින්දක් හෝ මගහැරුණහොත් දැඩි හිස් සහ විඩා ගතියක් දැනෙන බව චෝදනා කරති. එනිසා සැලසුම නිසියාකාරව අනුගමනය කිරීම වැදගත්ය. මෙය ඔබ භාවිතා කරන  සැලසුම  අනුව ඇත්ත වශයෙන්ම අපහසුය. මෙය උත්සාහ කරනවානම් එය සිහියේ තබා ගත යුතුය.   මේ ක්‍රමය ගැන තිබෙන සුබවාදී තොරතුර නම් මෙම ආකාරයට නින්ද ලබන විට විචිත්‍ර සහ පැහැදිලි සිහින පෙනෙන බවය. ඔබට සුන්දර සිහින දැකීමට අවශ්‍ය නම් මෙය උත්සාහ කල හැක. 

ඔබ නිදන්නේ කෙසේද ?

වෙනස් නිදි චක්‍රයන් ගැන ඇසූ මුල් මොහොතේ මා(මුල් ලිපියේ රචකයා) ඉතා කලබලයට පත් වුවා. මම මින් එකක් වත් කර බලන්න උත්සාහ කරනවා. දැනට මා එව්රිමෑන් චක්‍රය අත්හදා බලනවා. 

නිදා ගන්නා වෙලාව උඩු-යටිකුරු(දිවා රාත්‍රී මාරු කර) කරන්නට සිදු වූ විට, දෙපියවර නින්ද භාවිතා කරන්නන්ට තමන්ගේ ශරීර හැඩ ගසා ගැනීම පහසු වේ. අනෙකුත් සියලුම චක්‍ර වලට අනුගත වීමට ප්‍රථම අඩුම වශයෙන් සති දෙකක් කාලයක් ක්‍රමයෙන් සංක්‍රමණය වීම කල  යුතුය.  මෙමෙ චක්‍ර ඔබ උත්සාහ කරනවා නම් එක්වර කෝප වී එය අත්හළ යුතු නැත. මුල් දින කිහිපයේදී හිස් බවක් ඇති විය හැකි නමුත් ගැලපෙන ආකාරයට සීරු-මාරු කරගත් විට එය යාථාර්ථයක් බවට පත් කරගත හැක. 

වෙනස් චක්‍රයක් තෝරා ගැනීමට ප්‍රථම ඔබේ ජීවන ශෛලිය කුමක්දැයි සිහියේ තබා ගත යුතුය. ඔබට දහවල් කාලයේදී කෙටි නින්දවල් ලබා ගත හැකිද ? ඔබේ සීමාවන් ඉක්මවා යාමට බිය විය යුතු නැත(රාජකාරියේ නොවේ), එහෙත් ප්‍රායෝගික වීමට සිහියේ තබා ගන්න. සෞක්‍යසම්පන්න සහ පිරිසිදු ආහාර ලබා ගැනීම මෙම පරිවර්තන ක්‍රියාවලිය පහසු කරන බව පවසයි. හොඳින් ක්‍රියා කරන එලාම් එකක් ඔබගේ මිතුරෙකු කර ගන්න. ඔබ මෙම පරිවර්තනය ආරම්භ කරන විට හොඳ විනයක් අවශ්‍ය වේ, ඒ ඔබගේ නිදා ගැනීම සහ අවදියෙන් සිටීම නිසි ලෙස සිදු කිරීමටය. ඔබ නිදිසුව ලබන විට අඳුරු පරිසරයක් තෝරා ගන්න. ඔබ අවදියෙන් සිටින විට මිනිත්තු කිහිපයක් සූර්යාලෝකයට නිරාවරණය වන්න. මතක තබාගන්න, පහසුවෙන් අත් නොහරින්න !
  
ඔබගේ නිදාගැනීමේ පුරුදු මොනවාද ? 

________________________________________
මෙහි ඇති අදහස් එම ලිපිය රචකයා සහ පර්යේෂකයන්ගේ වන අතර මා කළේ පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න. 

මම මෙහි ඇති දෙපියවර නින්ද අනුගමනය කරමි.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...