සුළු මොහොතකට කලින් මගේ ඉහල නිලධාරියා (Immediate Boss) ගෙන් මට ඇමතුමක් දී තිබුණා. ඒ වනවිට මා මගේ අසුනේ හිඳ නෑ. මම ආ විගස ඔහු අමතන ලෙස පණිවුඩයක් තබා තිබුණා. එය සාමාන්‍ය දෙයක් වුවත්, සර්වර් කාමරය (Server Room) තුල ඇති දුරකථනයෙන් එය ලබා ගන්නා ලෙසසද දන්වා තිබුණා. ඉතිං මම කියපු ආකාරයට ඔහු ඇමතුවා. ඔහුට දැන ගැනීමට අවශ්‍ය වී තිබුණේ අපගේ එක් සර්වරයක තිබෙන Windows Edition එක. එය ඉතාම සරල දෙයක් වුවත්, ඔහු සහභාගී වී තිබූ රැස්වීමට එය වැදගත් තොරතුරක්.
මෙවැනි දේවල් සාමාන්‍යයෙන් මතක තබා ගත යුතු වුවත්, සමහර පුද්ගලයන්ට මේ වගේ තාක්ෂණික දේවල් මතකයේ රැඳෙන්නේම නෑ. එහෙත් නළු නිලියන් සම්බන්ධ ඕපා-දුපයක් නම් අනිවාර්යයෙන්ම මතක තිබෙනවා. හොඳයි රැස්වීමකට සහභාගී වන කෙනෙක් ළඟ තමන් සේවය කරන ස්ථානයට අදාළ Executive Information වල මුද්‍රිතයක් තබා ගත්තත් වරදක් නෑ. මේ කතාවත් එක්ක අපේ බැංකුවේ ක්‍රිකට් ක්‍රීඩා කර විශ්‍රාම ගත් කිචිලාන් මහතා වරක් කාගේ හෝ අමතක වීමක් දුටු තැන පැවසූ කතාවක් මතකයට නැගුනා.
පින්තුරය ගත්තේ : lankapura.com |
වාප්පු ලිපිකරු කියන වචනය අපට පොඩ්ඩක් නුහුරු වචන වුනත්. Wharf Clerk කියන නම අපට හුරුයි. සමහර සිංහල වචනයට වඩා පහසු ඉංග්‍රීසි වචන ගොන්නක් තිබෙනවා. මේ ඒ අතුරින් එකක්. මේ වාප්පු ලිපිකරුවන් ඉන්නේ රේගුවේ. එයට අමතරව ඔවුන් සමග ගනුදෙනු කරන ආයතන ඒ වෙනුවෙන් යොදවා ඉන්න සේවකයනුත් හඳුන්වන්නේ මේ නමින්.
මේ කියන කතාව බොහොම ඉස්සර සිද්ද වුණු එකක්. ඒ ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාව පාලනය කරන කාලේ. එක්තරා සමාගමක, හිතන්නකෝ කුරුඳු රට යවන තැනක කියලා, මේ වගේ වොර්ෆ් ක්ලාක් කෙනෙක් හිටියා. ඔහු ඉතා දක්ෂ, ඒ වගේම හිමිකරුට ලැදි, පුද්ගලයෙක්. හිමිකරුවාත් ඔහුට ඒ වගේම කැමතියි. ඒ ඔහු කරදර අඩුම සේවකයෙක් නිසා. මේ කියන වොර්ෆ් ක්ලාක්ට හිමිකරුවා ඉතා ඉහල වැටුපක් ලබා දෙනවා.
එතන ඉන්න අනෙක් අය ඔහුට මේ කාරණය නිසා ඉරිසියයි. කුරුඳු එකතු කරලා මිටි ගැටගහන සේවකයෙක් ඔහු දිහා ඇහැ ගහගෙන හිටියා. ඔහුටත් උවමනා වුණා ඉරිසියා නොකර මේ වගේ වෙලා වැඩි වැටුපක් ලබා ගන්න. ඉතිං මේ සේවකයා අර වොර්ෆ් ක්ලාක්ගේ වැඩපල දිහා හොඳින් ඇහැ ගහගෙන හිටියා. විශේෂයෙන්ම හිමිකරුවා සහ ඔහු අතර ඇතිවන සංවාද වලට මේ කියන සුළු සේවකයා ඇහුන්කන් දුන්නා.
ඒ කාලේ අද වගේ කියුබිකල් නොතිබුණ නිසා ඒ කටයුත්ත පහසු වුණා. අවුරුද්දක් විතරම මේ දේ කලාම අර සුළු සේවකයාට මෙන්න මෙහෙම හිතුනා "මේ මිනිහා මොනවද කරන්නේ, මටත් බැරියැයි ඔය ටික නම්. ෆයිල් එකක් අරන් වරායට යනවා. ආපහු එනවා. ලොක්ක අහන ලේසි ප්‍රශ්ණ වලට උත්තර දෙනවා".
එහෙම හිතලා මේ සේවකයා ඊළඟ දවසේ ජැන්ඩි පහට ඇඳලා අර සේවකයා එන්නත් කලින් ගිහින් හිමිකරු මුණගැහුනා.
"මුදලාලි, මමත් මේ වැඩපලට ඇවිත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මෙතැන කෙරෙන දේවල් ගැන හොඳට දන්නවා. අර වොප් ක්ලාක් මහත්තයා කරන වැඩේ කරන්න මටත් පුළුවන්. මම මේ ආවේ, මටත් ඔය වොප් ක්ලාක් වැඩේ කරන්න දෙන්න කියන්න"
"හරි තමුසේ හෙට ඉඳලා ඒ වැඩේ කරනවා". මුදලාලි ගත කටටම කිව්වා. දැන් මේ සුළු සේවකයාට හරිම සතුටුයි. හිතපු නැති විදියට මුදලාලිත් කැමති වුණා. මිනිහා එදා වගේම ජැන්ඩි පහට ඇඳලා වැඩට ආවා. ටිකක් උජාරුවෙන් වටපිට බල බල ගිහිං ඔෆිස් එකේ වෝෆ් ක්ලාක්ගේ පුටුවේ වාඩි වුණා. මුදලාලි ඇවිත් අනිත් කට්ටියට කිව්වා අද ඉඳලා වරායට යන්නේ මෙයා කියලා. ඒකට මිනිහට ඊටත් වඩා සන්තෝසේ. කලින් වෝෆ් ක්ලාක් දවස් කිහිපයකට නිවාඩු ගත්තා.
පලවෙනි දවසේ අලුත් වෝෆ් ක්ලාක් වරායට ගිහිං ඇවිදලා කරලා ආවා. මුදලාලි මිනිහා ගෙන්වල ප්‍රශ්න කරන්න පටන් ගත්තා.
මුදලාලි : අද වරායට නැව් කීයක් ඇවිත් තිබුනද ?
(අපේ මිත්‍රයා වරායට ගිහින් ලියකියවිලි ටික අත්සන් කරලා. සල්ලි ටික ගෙවලා ආවට. වෙන මොනවත් බලා ගත්තේ නෑ."
"පොඩ්ඩක් ඉන්න මුදලාලි මම ගිහින් බලන් එන්නම්" කියලා මිනිහා හනිකේ දිව්වා වරායට.
"මුදලාලි නැව් හතක් ඇවිත් තියෙනවා"
මුදලාලි : එතන එංගලන්තෙන් ආපු නැව් කීයක් තිබුනද ?
"පොඩ්ඩක් ඉන්න මුදලාලි මම ගිහින් බලාගෙන එන්නම්" අපේ මිත්‍රයා ඉහිං-කනින් දාඩිය දාගෙන ආපහු වරායට දිව්වා.
"නැව් දෙකක් එංගලන්තෙන් ඇවිත් තියෙනවා"
මුදලාලි : "හොඳයි. අද සීනි නැව් කීයක් ආවාද ?"
"පොඩ්ඩක් ඉන්න මුදලාලි." ආපහු වරායට
"සීනි නැව් එකක් වත් නෑ"
"හරි. අද කුරුඳු ගන්නේ කීය ගානේද?"
දැන් නම් අපේ මිත්‍රයට වැඩේ එපා වෙලා. ඇයි දෙයියනේ ගිණි මද්දහනේ, වරායට දුවනවා වැඩපලට දුවනවා. ඉවරයක් නෑ. "මේ යකාට මේක එක පාරකට කියන්න බැරි හැටි". අන්තිමට මුදලාලි ප්‍රශ්ණයක් අහන අහන පාරක් ගානේ වරායට දුවන්න අපේ අර උසස් කල සුළු සේවකයාට වුණා. මුදලාලි අන්තිමේ මිනිහගෙන් මෙහෙම ඇහුවා
"දැන්, තමුසේ දිගටම වෝෆ් ක්ලාක් වැඩේ කරනවද කරපු රස්සාවම කරනවද ?"
"අනේ මුදලාලි මම කරපු රස්සාවම කරගෙන යන්නම්".
ඊළඟ දවසේ පරණ වෝෆ් ක්ලාක්ටම නැවත ඒ රාජකාරිය පැවරුවා. පරණ ක්ලාක් වරයා ගිහින් ආව ගමන් අර සුළු සේවකයාට කථා කරලා බලාගෙන ඉන්න කියලා මුදලාලි ප්‍රශ්ණ ටික ඇහුවා.
කොහොමද අද වරායේ තත්වේ ?
මුදලාලි අද වරායට අලුතෙන් නැව් 5ක් ඇවිත් තියෙනවා. ඊයේ ඉඳන් නැංගුරම් දාලා තිබුන තුනත් එක්ක අටයි. දෙකකට කුළුබඩු පටවනවා. ඒ දෙක එංගලන්තේ. වාහන බාන ඒවා තව සතියක් විතරම තියෙයි. අද කුරුඳු මිල පොඩ්ඩක් වැඩි වෙලා. ඊයේ ආපු සීනි නැව් දෙක අද පිටත් වෙලා. අද ආව එක නවක විතරක් රෝගියෙක් ඉඳලා තියෙනවා. අපි ගෙවන්න තියෙන මුළු මුදල රුපිය හාරසිය දහ තුනයි.
මේ විදියට එක දිගට විස්තරය කරගෙන ගියාට පස්සේ මුදලාලි අර සුළු සේවකයාගෙන් අහල තියෙනවා
"දැන් පේනවා නේද වෝෆ් ක්ලාක් කෙනෙක් දැන ගන්න ඕනේ දේවල්" කියලා.
මේ කතාවෙන් අපිට ගන්න ඕන පාඩමක් තියෙනවා. තමන් ඉන්න තැන පිලිබඳ ධල අදහසක් ඕනෑම් සෙවකයෙකු ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම ඊට පරිභාගිර දේ වුනත් දැනන් ඉන්න එක වටිනවා. අනෙක් දේ තමයි පිටින් බලලා කෙනෙකුගේ දැනුම් ගැන තක්සේරුවකට එන එක හොඳ නෑ.
මට මතක් උනේ ඉස්සර මිහිර පත්තරේ ගියපු පඬිතුමයි යෝධයයි චිත්‍රකතාවෙ කෑල්ලක්. ඒකෙත් ඔය වගේ සීන් එකක් ගියා.
ReplyDeleteසුදික මතුකරන අදහස හෙණ වැදගත්.
ඒක ඇන්දේ මගේ චිත්‍ර ගුරුතුමා. මෙන්න එතුමා ගැන මම ලියපු පොස්ට් එක.
Deleteඉර බැස යන දර්ශනයක්
ඒ කතාව මා මුලින්ම කියෙව්වේ පාසල් යන කාලයේ. එකේ දෙකේ පන්තිවල ඉන්න කාලේ ඉදලා. පස්සේ කාලෙක ඒ කතාව ඇන්ද එස්.ඒ.දිසානායකයන් හා එක තැන වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. අදටත් ඔහු අපේ ආයතනයට චිත්‍ර අදිනවා. හැබැයි එදා තරම් නම් රහ මදි.
Deleteරහ මදි නේන්නං. කොහොමද ඒකාලෙ කපුටුලන්ද එහෙම?
Delete@ සුදික
Deleteකියෙව්වා. කියවද්දි කල්පනා වුනේ, අපි ඒ කාලේ මිහිරෙ දැකපු චිත්‍රකතා වලින් අපිට ලැබුණු පෝෂණය ලයිව්ම ලබන්න සුදික වාසනාවන්ත වෙලා කියන එක.
ගන්න තියන ආදර්ශය බොහොම වැදගත්.
ReplyDeleteඇල්බට් අයින්ස්ටයින්ගේ ඩ්‍රයිවර්ද කොහෙද ඔය විදිහට හිතලා වැඩ කරන්න කියාලු නේද?
ReplyDeleteහමුදාවේ මාණ්ඩලික නිලධාරි තනතුරක ඉන්නවා කියන්නෙත් සුදීක ඔය වගේම සමහරවිට වෙඩි තියාගෙන මැරෙන්න හිතෙන රස්සාවක්. ලොක්කා සමහරවිට එකයි එකයි කීයද කියලා මහා හදිස්සියෙන් අහන්න ඉඩ තියනවා. මොකද ලොක්කාට ඒ වෙලාවේ ලොක්කාකේ ලොක්කාට මොකක් හරි ලොකු ප්‍රශ්නයකට උත්තර දෙන්න වෙලා සියල්ල ටැපලීලා තියන වෙලාවක් වෙන්න පුලුවන්.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඒවායේ නම් නිලධාරි අතර පහලට බර පැටවිල්ල හරිම වැඩියි නේද ?
Deleteඔව් ඔව්, ඒ නිසානේ හමුදාවේ මෙහෙම තියෙන්නේ
Deleteනීතිය 1. ලොක්කා සෑමවිටම හරි ය.
2. ලොක්කා වැරදිනම්.........නීති අංක 1 බලනු.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඉතාම වැදගත් දෙයක් සුදික මතු කරලා තියෙන්නේ. අද රාජකාරි කරණ බොහෝ දෙනෙක් අර සුළු සේවකයා වගේ තමයි. වදර ගණනාවක සේවාකලයක් තිබුනත් තමන් කරණ දේ ගැනවත් බොහෝවිට අවබෝධයක් නැහැ.
ReplyDeleteඔයා කියන කතාව හරි වැදගත් දෙයක්.ඒත් අර උපමා කතාවේ පොඩි ගැටලුවක් තියෙනවා.ඔය වාප්පු ලිපිකරුවා ඔය කියන හැකියාව අරන් තියෙන්නේ ඉපදෙනකොටම ලැබුන දැනුමකින් නෙවෙයිනෙ.පළපුරුද්දෙන්නෙ.ඉතිං අර අනික් කෙනත් ඒ විදිහට පුහුනුව ලැබුවා නම් අර විදිහටම වැඩ පෙන්වයිනේ.
ReplyDeleteඅමුතු : මේකට මම ගත්ත ප්‍රවේශයේ උත්තර තියෙනවා. මට ඉහලින් ඉන්න කෙනා දැනගෙන ඉන්න ඕන බොහෝ දේ ඔහු අහන්නේ මගෙන්. නමුත් ඔහුට අදාළ නොවෙන බොහොමයක් දේ හොඳින් මතකයි. Opportunities doesn't always produce perfect people. සමහර අයට අවස්තාවන් ලැබුණත් සහජ දක්ෂතාව නැති නිසා විශිෂ්ඨයන් වෙන්නේ නෑ.
Deleteඔව්,ඒක හරි.ඒ වුනාට ඔය කතාවේ ආදර්ශය ඊට වඩා වෙනස්නෙ.දැන් ඔයාට සිද්ධ වෙන වැඩයි ඔය කතාවේ සිද්ධ වෙන වැඩයි එක සමානයි.ඒ වුනට ඒ කතාවේ ඉස්මතු වෙන්නේ අර වාප්පු ලිපිකරුවගේ වැඩේ ඒක දිහා බලා ඉඳලා වෙන කෙනෙකුට කරන්න බෑ කියන එක.ඔය කතාවේ තව විදිහක් තියෙනවා එතන ලිපිකරුවා නෙවෙයි ඉන්නේ ඇමති.ඇමති කරන වැඩේ අනික් අයට කරන්න බෑ කියන එක තමයි එතන තේරුම.ඔන්න උපමා කතාවේ අන්තිමට අර මුදලාලියා වැරදියි කියලා කිව්වා නම් ඔයාට වෙලා තියෙන දෙයට ටක්කෙටම හරි.
Deleteඒක නෙවෙයි අනේ මට අමුතු කියන්න එපා,හොඳේ.මගේ blog 1 www.amuthusithuwili.wordpress.com. wordpress.වලින් ලොග් වෙන්න ප්‍රශ්න හින්දා gmail වලින් දැම්මා.
අපේ සමහර අයත් හිතාගෙන ඉන්නේ ඔය ඉඳගෙන කරන වැඩ හරිම ලේසියි කියලනේ!
ReplyDeleteකිසිම රාජකාරියක් පහසු නෑ.
DeleteOPERATION MANAGER - What you have ship this week?
ReplyDeleteMama - Sir, we should ship Style 61648,61749,61574..( math sure naha ea unata pora wage kiyanawa)
OP;M - No..No..you Can't ship 61648
Mama - ok..Sir, but I Plane to Ship it.
"Sure nati unat danawa wage sure karala kiyana ona.."
Jayawewa.
එහෙම ගොඩ යන්න නම් ලොක්කා නොදන්නා කෙනෙක් වෙන්න ඕනේ. සංජීව මේක බැලුවද ? මේකත් ඒ වගේ වැඩක්.
Deleteරෙන්ගනාදන්ට ඇන්දූ හැටි
baluwa Sudeeka Ayya..ekat narka naha.
DeleteJayawewa.
ලිපිය ගැන නම් ආයේ කථා දෙකක් නැ ඉස්තරම්.මටත් අතීතය මතක් උනා.2006 වර්ෂයේ කාරෙයිනගර් සිට කොළඹට මාරු වි එන දවසේ එවකට එම ආයතනයේ විධායක නිළධාරි ලෙස කටයුතු කර ඔබ සමහරක් විට මෙහෙම කිව්වොත් එතුමා දන්නවා ඇති.ප්‍රථම රියස්ටාර් කිරුළ හිමි කර ගත් පුද්ගලයා තමයි එවකට අපේ විධායක නිළධාරි උනේ.එතුමා මට මෙවැනිම උපදෙස් රාශියක් දුන්නා.යන ස්ථානයේ රාජකාරි ස්වභාවය මෙතනට වඩා වෙනස්.එක නිසා පළමු කොට ගිය ගමන් තමන් පැවරි ඇති වැඩ කොටස පොතක ලියා ගන්න,ඉන් පසු කාර්යාලයේ තිබෙන සෑම ෆයිල් එකක් පිළිබඳව අධ්‍යනය කරන්න,ඔය වගේ තවත් බොහෝ කරුණු කියලා දුන්නා.ඒ මතකයත් නැවත් සිහි කරා.ස්තුතියි සුදික අයියේ.
ReplyDeleteමේක බොහෝ දෙනෙක්ට වැදගත්.
Deleteමම කියන්න හදපු දේ ඔබ කොමෙන්ට් එකක කියලා... කිසිම රැකියාවක් ලේසී නෑ...
ReplyDeleteසුළු සේවකයාගේ වැඩේ ඇතැම් විට අර වාප්පු ලිපිකරුට කරන්න බැරි වෙන්නත් පුළුවන්.
Deleteඔබත්,මාතලන්නුත් කියා තියෙනවා වගේ කිසිම රැකියාවක් පහසු නැහැ.
මේ කතාවේ හරය වෙන්නේ "අවම මැදිහත්වීමකින් වැඩ කල හැකි සේවකයෙකුගේ වටිනාකම". සමහරවිට අර සුළු සේවකයාට මේක කරන්න අවශ්‍ය දැනුම ඇති. ඒත් තනියම වැඩ කරන එක ලේසි නෑ.
Deleteඕක නම් අපේ කන්තෝරු මහත්තලාගෙත් තියෙන වරදක්...මම නම් මා දැන ගන්න ඕනි දේවල් පියන් කස්ටියගෙන් හරි අහනවා..ඒත් අපේ ලොකු අය මීටින් වල ලොකුවට අරගන්න තිරණ වලදි එයාල ප්‍රායෝගික තත්වය අවබෝධ කරගනෙ නැහැ කියලා නොයෙක් විට මට පෙනිලා ිෙයනවා..
ReplyDeleteඔය වගෙ උන් හෑමතනම ඉන්නව බන්.තමන්ගෙ ජොබ් එක ඈරෙන්න අනිත් ඔක්කොම කරන්න දන්නව
ReplyDeleteකරන්න දන්නවා නම් කමක් නෑ. පුළුවන් කියලා හිතන් ඉන්නවා.
Deleteසමහර කම්පැනි වල ඉන්න පරණම උන් (අලුත් සිස්ටම් නොදන්න උන්) මාර පොරවල් කියල හිතන් ඉන්නෙ...
ReplyDeleteaniwa..mamat ekagai.
DeleteJayawewa.
ඔය සබ්ජෙක්ට් එක ගැන වෙනම පොස්ට් එක දාන්න පුළුවන් සැමෝ. සමහර එවුන් ඉන්නවා ඩයරිය ඉස්සුවොත් වැඩ කරන්න බැරි.
Deleteඇත්තෙන්ම සෑහෙන්න හොද ලිපියක්.. ගන්න ඕන දේ බොහොයි. ස්තුතියි සුදීක
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඅනිකගෙ ජොබ් එක ලේසියි වගේ පෙනුනට එහෙම නෑ තමයි.
ReplyDeleteමචං මම මේකෙ අනිත් පැත්තත් දකිනවා ඒ එක්කම.
*වෝෆ් ක්ලාක් මුලින්ම රස්සාවට ආපු දවසෙත් ඔය දැන් දන්න දේවල් දැනගෙන ඉන්න නැතිව ඇති.
*කුරුඳු තලන පොරත් හැමදාම කුරුඳු තලන්නෙම නැතුව ප්‍රොමෝෂන් එකකට ට්‍රයි කර්න එක පාපයක් නෙවෙයි. වියයුත්තක්. වරද පොර අර වෝෆ් ක්ලාක්ගෙ ජොබට කෙලින්න හදපු එකයි.
*මුදලාලියත් මූව අමාරුවේ දාන්නමයි මේ බයිට් කිරීමේ ක්‍රමවේදය පාවිච්චි කලේ. ඒ පොරට චාන්ස් එකක් දුන්නෙම නෑ ඌ වැඩ ඉගෙනගන්නකල්.
*මුදලාලියටත් තිබ්බා මෙන්න මේවා දැනගෙන වරෙන් කියලා එකපාර කියන්න. මුදලාලියගේ ක්‍රමවේදය අන්තිමයි. logistics බලු.
දැනට ඔය ඇති. උඹලා මොකද හිතන්නේ?
ekaga nowit baha..balagena giyama katwa atha.
DeleteJayawewa.
හෙන්රි, මේ කතාවේ හරය වෙන්නේ "අවම මැදිහත්වීමකින් වැඩ කල හැකි සේවකයෙකුගේ වටිනාකම". සමහරවිට අර සුළු සේවකයාට මේක කරන්න අවශ්‍ය දැනුම ඇති. ඒත් තනියම වැඩ කරන එක ලේසි නෑ.
Deleteතමන්ගේ වැඩේ තමයි ලේසිම එක අනික අමාරුම එක කියලා හිතෙන එක මටත් තියනවා. අත් ඇර ගන්න ඕනේ අප්පා
ReplyDeleteඅන්දරේ උසස්වීමක් ඉල්ලලා වෙච්ච වැඩක් විදිහට තමා මම මේ කතාව අහලා තිබුණේ :)
ReplyDeleteමමත් වාප්පු ලිපිකරුවෙකි. එහෙත් මෙම රැකියාව බොහේ විට හිසරදයක් මෙන්ම පීඩනයකි. සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ වාප්පු ලිපිකරුවා එහෙම නැත්තම් wharf clerk හොරෙක් වංචාකාරයෙක් සහා අසාධාරණයෙන් සල්ලි හම්බකරන කෙනෙක් කියලා. ඒකෙ ඇත්තකුත් තියෙනවා එහෙත් අවංකව වැඩ කරන වාප්පු ලිපිකරුවොත් ඉන්නවා රජයට ලැබිය යුතු බදු මුදල නියමිත ආකාරයට ආනයනකරුට නිසි ආකාරව සකස් කර දීම මෙන්ම ඔහුව නිවැරදි ආකාරයට එම ක්‍රියාවලිය කිරීමට යොමු කරයි. ඇත්ත මේකයි . සමාජයේ වාප්පු ලිපිකරුවෙච් කරන සේවාව අගයන්නෙ නෑ මොකද කවුරුත් wharf clerk කියන කෙනාව දන්නෙ නෑ ❤️
ReplyDeleteRespect and I have a nifty provide: When Home Renovation house remodeling company
ReplyDelete