මේ දවස් වල අපේ දේශපාලන ගොයියෝ විකිලීක්ස් කැලෑවේ යන සයිස් වැඩ පටන් අරගෙන. අරෙහෙන් පත්තර ගේනවා, මෙහෙන් කැබිනට පත්‍රිකා ගේනවා, ඒ මදිවට කෝප් වාර්තා, හැන්සාඩ්, අමාත්‍යංශ ලිපි, නඩු වාර්තා. මේවා එහෙන් මෙහෙන් ගහන අස්සේ මටත් හිතුණා හීන් මඩ පාරක් ඇරලා දාන්න. පුරුත්ජ්ජන මිනිස්සුනේ ආයිබෝවන්ඩ. වඩාත් ලේසි භාෂාවෙන් කිව්වොත් ගල් බලකායේ මිනිස්සුනේ. දැන් මොකක්ද අපේ මාතෘකාව ? පරසිදු බ්ලොග් කරුවෙන් තමන්ගේ අන්වර්ථ නාමය තෝරා ගත්ත හැටි. වැඩිය අටුවා ටීකා ටිප්පනි නැතිව ලියලා දාන්නනම්. තව පොඩ්ඩකින් වැදගත් ගමනක් යන්නත් තියෙනවා. ගල් බලකායේ මහා සම්මේලනයට. ඒකට සමගාමීව තමයි මේක ලියන්නේ.
මේ කියන බ්ලොග් කරුවා ඇත්තටම බ්ලොග් එකක් ලියන්නේ නෑ. ඉතිං බ්ලොග් කරුවෙක් වෙන්න බ්ලොග් ලියන්නම ඕනෙයැයි ? ඔය බ්ලොග් කරුවන්ගේ සුහද හමු වලට එන්නේ ජීවිතේට බ්ලොග් එකක් දිහා ඇහැක් ඇරලා බලපු නැති එකාලා-එකියෝ. ඒවා වෙනම කතා. මම කිව්වේ මේකා බ්ලොග් ලියන්නේ නෑ. හැබැයි හැම බ්ලොග් එකම කියවනවා. ජීවිතේට පොතක් පතක් කියවපු එකෙක් නොවෙයි. අර රට පිට ගෙහුං ඉන්නකොට කොරන්නම දෙයක් නැති නිසා සිංහල බ්ලොක් කෑලි කියවන්න පටන් ගත්තා. ඉන් පස්සේ මෙන්න මේකා කමෙන්ට් කොරන්නත් ගත්තා. ඒක නම් හොඳ වැඩේ. මොකද කමෙන්ට් නැතිව පාලුවට වගේ ගිහිං තිබ්බ බ්ලොග් අවකාසෙට මේකා එළියක් වුණා. මම කිව්වනේ අටුවා ටීකා ටිප්පනි ලියන්නේ නෑ කියලා.
මේකා ගියේ අර සපත්තුවක් හැඩේට තියෙන රටට. දහසක් දුක් කන්දාරාවක් විඳගෙන. ඒවා මොනවටද මෙතනට. නෝනාවරුනි මාහාත්වරුනි මා මෙතනට පැමිණියේ කතාවක් කීමටයි කියලා අර ඉස්කෝලේ සමිති වල යාන්තමට ජාමේ බේරා ගත්තට බ්ලොග් ලියන්න ගත්තට පස්සේ කෙටිම කෙටි ලොල් කතාවක් වුණත් ඉතිං කිසි තේරුමක් නැතිව අදිනවා කියලා මේකලා මට අවලාද කොරනවා. ඔය සපත්තුව තියෙන රටට යන්න කලින් මේකට උවමනා වුණා ඒ රට ගැන තොරතුරු ටිකක් දැන කියා ගන්න. මේකට දුකට සැපට සනී වගේ හිටිය යාලුවාගෙන ඇහුවා. ඒකා කිව්වා ඉන්ටර් - නැට් එකේ බලන්න කියලා. අනේ බං මම ඔවාගේ බලන්න දන්නේ නිල් කෑලි විතරයි කියලා මේකා කිව්වා. එහෙනං ඉතිං ඇන්සයික්ලොස්පීඩියා එකෙන් බලපන්. එතකොට මේකට අසු හාරදාහට නැග්ගා. මේ මං තොට කිව්වැයි කියලා හිතා ගනිං කෝ.
කරන්නම දෙයක් නැති තැන යාළුවා ඇඟ බේරා ගන්නත් එක්ක මෙහෙම කිව්වා. එහෙනං ඉතිං උඹ සුගතපාල ද සිල්වා පරිවර්තනය කරපු ඇට මැස්සා බලපන්. යාලුවා යන්න ගියා. අපේ එකා පහුවාදාම ආවා කොළඹ, පිටකොටුවේ බස් නවත්තන තැනින්ම බැහැලා ගුණසේන පොත් මැදුරට රිංගුවා. තියෙන කලබලේට එතැන ඉන්න සිකුරිටි අයියාගෙන ඇහුවා අයියේ මට "ඇටවල්ලා" පොතක් ගන්න ඕනේ, කොතැනද ඕක තියෙන්නේ කියලා. ඔහොම ඇතුලට ගිහිං අහන්න කිව්ව නිසා, අපේ මිත්‍රයා ගියා ඇතුලට. "මිස් මට ඇටවල්ලා පොතක් ගන්න ඕනේ" මේක අහලා තරුණ සේවිකාවට හිනා යන්න ආවත් ඒක යටපත් කරගෙන අපේ මිත්රයාව එක්ක ගියා ටිකක් වයසක අක්කා කෙනෙක් ගාවට. එයා දන්නවා මේ පොත් කඩේ තියෙන ඕන පොතක් ගැන.
"ලොකු අක්කේ මෙන්න මේ අයියට පොතක් හොයනවා පොඩ්ඩක් බලන්න" කියලා අර කෙල්ල පොඩ්ඩක් මෙහාට වෙලා බලාගෙන හිටියා. දැන් අපේ ගොයියට ඉහින් කණින් දාඩිය ගලනවා. බෙල්ල ගාවට වවලා තිබ්බ කොන්ඩේ පොඩ්ඩක් ඇඟිලි වලින් පීරන ගමන් කිව්වා "සුගතදාස ද අල්විස් ලියපු ඇටවල්ලා පොත තමයි මම හොයන්නේ" කියලා. මෙහෙම කිව්ව්වම අර වයසක නෝනා නළල රැලි කරගෙන කල්පනා කොරන්න පටන් ගත්තා. අවුරුදු විසිපහක් මේකේ වැඩ කරලත්, පොතක නම කියනකොට තැන කියන්න දන්නා මට අද මේ කොණ්ඩයෙක් නිසා වෙන්න යන දේ කියලා හිතලා. ආපහු පාරක් කන් ඇහුණේ නෑ වගේ ටිකක් හයියෙන් ඇහුවා "මොකක්ද පොතේ නම". දැන් අපේ එකාට ඒ පාර පොතේ නම මතක නෑ.
"අර ඉතාලි බාසාවෙන් සිංහලට පරිවර්තනය කරපු සුගත ....." කියලා ඉවර කරන්න කලින් අක්කා වේගෙන් වමට දකුණට ගියා. මල්ලිත් ඒ පිටිපස්සෙන් ගියා. එක පාරටම අහක බලාගෙන පොත ඇදලා මල්ලිගේ අතේ තිබ්බා. "මල්ලි මගේ ෂැර්විෂ් එක අවුරුදු විසිපහයි. අද තමයි පොතක් හොයන්න වැඩිම වෙලා ගියේ". "අනේ බොහොම ස්තුතියි ලොකු අක්කේ" කියලා අපේ මිත්‍රයා පොතත් අරගෙන එලියට ආවා.
ඉන් පස්සේ කොල්ලා ඉතාලි ගියා මේ පොතත් අරගෙන. ටික කාලෙකින් වැඩත් එක්ක මේ පොත බලන එක අමතක වුණා. වැඩ-වැඩ-වැඩ. ටික කාලෙකින් මායියාවත් ගෙන්න ගත්තා සාංකාව යන්න කියලා. අන්තිමට බැරිම තැන තමයි සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තේ. සමහර බ්ලොග් වල තියෙන ඒවාට පලු යන්න කමෙන්ට් කරන්න හිතුණත්, කමෙන්ට් බොක්ස් එක ගාවට මවුස් එක යවලා නිකන් ඉන්නවා. මොකද මේකාට හරි යන නමක් නැති නිසා. වයිෆ්ගෙන් ඇහුවා මොකක්ද මම තෝර ගන්න ඕනේ නම කියලා. "අනේ මං දන්නේ නෑ අයියා " කියලා එයා මාරු වුණා. ටික දවසක් යනකොට මේකා බලා ගත්තු අත බලාගෙන ඉන්නවා නමක් නැති නිසා.
මේ අතරේ මේකා එක්ක වැඩ කරන එවුන් මේකට දාන්න විවිධ නම් යෝජනා කරනවා. නැපෝලියන්, මුසලෝනි වගේ නම්. කිසිම එකක් හරි යන්නේ නෑ. මේකා කියනවා "මම දකුණේ සිංහල මිනිහා වෙච්චි එකේ මට ඔය ඉංග්‍රීසි මගුල් හරි යනවද ?" කියලා. දැන්-දැන් මේකාට කේන්ති යනවා. අර ෆ්‍රෙඩී සිල්වා කියපු කොල්ලා - බල්ලා සිංදුව තමයි එක පාරටම සිහිපත් වෙන්නේ. දවසක් වැඩ ඇරිලා ගෙදර එනකොට වෙනදා ටී-වී එකෙන් ඇහැ අහකට ගන්නේ නැති අපේ කොලුවාගේ බිරිඳ පොතක් කියවනවා. මේකා ආවත් කිසි ගානක් නෑ. වෙනදා ආපු ගමන් තේකක්-කොපි එකක් හදලා කොල්ලට නාන්න ටවල් එකක් ගෙනත් දෙන ගෑණි අද පොතක් ඇතුලේ ඔලුව ඔබාගෙන.
කෙල්ල ගාවට ගිය කොල්ලා ඇදලා ගන්නවා පොත. පිටකවරේ දැක්කම කොල්ලගේ නළල රැලි ගැහෙනවා. "අම්මපා මේක ගත්තට කියවන්න බැරි වුණානේ" කියලා කියැවුනේ එක පාරට. "නංගී මට තේකක් හදාගෙන එන්න" කියලා මේකා පොත කියවන්න පටන් ගත්තා. කියවිල්ල කොච්චරද කියනවානම්, කහට කෝප්පය පැත්තක සීතල වෙනකම් අමතකයි. අර මාලනී බුලත්සිංහල කියපු මල පොතේ අකුරු බෑ කී මිනිහා කියන සිංදුව තමයි එක පාරට සිහියට එන්නේ. රෑ එළිවෙනකම් කියවලා මේකා පොත ඉවර කලේ ජයග්‍රාහී ස්වරූපයකින්.
උදේ නිදිමැලි කඩාගෙන එනකොට කොල්ලා පොතත් එකක්ම පොඩි නැප් එකක් ගහගෙන ඉන්නවා. ඒ එක්කම ඉංගිරිසයෙන් කොළ කෑල්ලක මෙන්න මෙහෙම ලියලා තියෙනවා. කෙල්ල කොළ කෑල්ල අතට ගන්නකොටම අපේ මිත්‍රයට ඇහැරෙනවා. "මේ ඒක නෙවෙයි ඔන්න ඔය නම හොඳයිද බලන්නකෝ මගේ අර බ්ලොග් වැඩේට". කෙල්ල හෙමිහිට බැලුවා කොළ කෑල්ල දිහා
මොකක්ද අනේ මේ ? පත්තරේ ආහ් ! මේක හොඳයි තමයි. මම ලංකාවේ ඉන්න කාලේ හිරු එකේ යන "පත්තර මල්ලි" නොවැරදීම අහනවා. කොයිකටත් ඔයා පත්තර මල්ලි කියලා දාගන්න. නැගලා යයි. ඒත් කෙල්ල කල්පනාවට වැටුණා. කෙල්ල හිතන්නේ මේකා මොන චරිතේද මේ කොපි කලේ. කොල්ලා හීන් හිනාවක් මුවේ රඳවාගෙන කෙල්ල දිහා ආශාවෙන් බලාගෙන ඉන්නවා.
"ඇත්තටම ඔයා මොන චරිතෙද තෝරා ගත්තේ ?"
"ඇයි ඔය සිංහලෙන්ම ලියලා තියෙන්නේ පාද්රේ කියලා. ඒක නෙවෙයි ඔයා කොහොමද ඕක පත්තරේ කියලා කියෙව්වේ"
කෙල්ල කරදහිය ගුටි කරලා, ඒකෙන් කොල්ලට ගැහුවා.
ඔන්න ඔහොමයි ගල්-බලකායේ සභාපති තුමා නම හොයා ගත්තේ. පස්සේ කල විමසීමකදී තමයි දැන ගන්න ලැබුනේ th දෙපාරක් ලියලා තියෙන්නේ, ප්‍රින්ටින් මිස්ටේක් එකකින් කියලා. එතකොට අමතර a අකුරක් වැටුනේ කොහොමද කියලා ඇහුවම මිනිහා ජාතිය අමතන්න පටන් ගන්නවාලු. මේවා රට්ටු කියන කථා. අපි නම් දන්නේ නෑ. මම කලේ උපුටා දැක්වීමක් පමණයි.
සුදීක උඹ ෙනාදනන්නව උනාට ඔය හාදයා යාලුෙවකුට උදව්වට අපිට ෙනලන්න බ්ෙලාග් ෙලා්ෙක්ට අාපු බුෙවක් හරිය.. හැක්. ෙම් දවස් වල ලංකාවට පිටුවහල් කරලලු ෙන්ද?? හැලපයටත් ඒ්කමයි
ReplyDeleteහැක් .. ඔව් ඔව් මං ආවෙ අර දේශකය කියන එකාට නෙලන්න :D
Delete:) :)
Delete@දේශා : මටත් ඔය කතාව ආරංචි වුණා.
Delete//කෙල්ල කරදහිය ගුටි කරලා, ඒකෙන් කොල්ලට ගැහුවා/// ඒ කාලේ ඉඳන් එහෙමයි එතකොට.. හැක්
ReplyDeleteකණ මිරිකන සීන් එක අටම කියල නෑ එහෙනං :D
Deleteකණ මිරිකන්නේ ළඟ හිටියනම් නේ.
Deleteඅනේ බං මාව මේවට ගාවගන්ඩ එපා , කතාව සහසුද්දෙන්ම දන්නේ මං , මේක පිටිපස්සේ ඉන්නේ මම නං , උඹ දන්නවනේ මං මෙහෙම ආත බූත නැති කතාවක් ලියවන්නේ නැ , අලගිය තැං මුලගියතැං එක්ක ඇත්තම කතාව ලියනව .
Deleteකොටින්ම උඹ පත්තර මල්ලි උනේ කොහොමද කියන කතාවවත් මෙතන නැනේ කොල්ලා
අපි නොදන්න ගල් බලකාය. හැක්....
ReplyDeleteගල් කිව්වට මැණික් ගල් බං.
Deleteගල් බලකායේ කොල්ලෝ මැනික් ගල් වගේ තමයි.
Deleteඔය කියන්නෙත් මෙන්ඩගෙ බ්‍රෑන්ඩ් එක ගැනමද? මං හිතුවෙ මල්, ගල්, මුල් වගේ දේවල් ගැන කියලා...
Deleteසපත්තුව වගේ තියන රට ගැන හොයලා ඉතාලියට ගියේ මොකද ? සපත්තුව වගේ තියෙන්නේ සවුදියනේ...
ReplyDeleteමමනම් නිකමට වගේ ගෙස් කරා ඔය නම පිටි පස්සේ ඔය වගේ මොකක් හරි වරත්තු කතාවක් ඇති කියලා.. නැත්නම් මොන මල යාකාද පත්තරේ කියලා දා ගන්නේ.. මට පුදුම ඇයි මූ "ඇටමැස්සා" කියලා දා ගත්තෙ නැත්තෙ කියලා.. හෙහ්...
ඇටවල්ලා ඊට වඩා හොඳයි නේ.
Deleteඅඩේ අප්පා දැන්නෙ හරියටම දැක්කේ... සවුදිය මොන සපත්තුවක්ද, ඉතාලියනෙ සපත්තුව... පට්ට හයි හීල එකක්නෙ ඒක..
ReplyDeleteඅපේ තාත්තා පොඩි කාලේ කියලා දුන්නේ ඔහොම.
Delete//කෙල්ල කරදහිය ගුටි කරලා, ඒකෙන් කොල්ලට ගැහුවා//
ReplyDeleteචැහ් ..එහෙම කරන්ඩ එපා සුදීක අයියා ..මං දුප්පත් උනත් වැදගත් මනුස්සයා. ඕ යේස් :D
අතේ මන්නයක් තිබ්බ නම් ලැබෙන්නේ මන්න පාර.
Deleteපත්තරේ නං මෙ දවස් වල තිත්ත පත්තරින් වත් හොයාගන්න බෑ වගෙ. ආයෙත් කරදහි බෝලයක් වැදිලද දන්නෑ හිහිහිහිහිහිහි
ReplyDeleteමං එක මාසෙට දෙපාරක් ලංකාවට ආව යකෝ .. මං ඉවරෙටම ඉවරයි :D
Deleteකරදහි බොලේ නපුරු තැනකට වැදිලා තියෙන්නේ. D
Delete+++++++
Deleteහහ් හහ් හා කදිම කතා වස්තුවක් තමයි..
ReplyDeleteහෙක් ... හෙක්...
Deleteපත්තරයාගෙන අවසර ගත්තාද මේ වගේ පුග්ගල්ලික ඒවා පබිලිස් කරන්න.???
ReplyDeleteසුදීකයිය ඉතිං දකුණෙ වෙච්චි ඇහිලි බැලිලි නෑ :D
Deleteදැන් තව එකෙක් බය වෙලා.
Deleteමටත් නම දකිද්දිම එකපාරටම මතක් වෙන්නෙ හිරු එකේ පත්තර මල්ලී තමයි.
ReplyDeleteඒකා මොකෙද්දෑ චැහ් .. මගෙං තමා උත් අහගන්නෙ :D
Deleteඕ යැස් මුගෙන් තමා අහගත්තෙ.
Deleteචිකේ චිකේ..................මමනම් හිතුවේ නෑ මෙව්වා වෙලා තියෙන්නේ මෙහෙම කියලා. ඒ වුනාට පත්තරයා ඉන්නේ නිකං සිල්වියෝ බර්ලුස්කෝනි වගේ.
ReplyDeleteසිල්වියෝ බර්ලුස්කෝනි
බෙර්ලුස්කෝනි මොකෑ මං මොකෑ :D
Deleteඒ යකාට මට තරං සල්ලි නෑ .. ආං එච්චරයි වෙනස . ඕ යේස්
බර්ලස්කෝනි මොකෙක්ද මූනේ මිනිහා.
Deleteහා හා හා හා . මචන් මේක උඹ ලියපු නියම පෝස්ටුවක්.
ReplyDeleteනොදෝකිං .. කියපු කැත :D
Deleteඑහමනම් ඉතිං නැළුන් යායට ඔබන එකයි ඇත්තේ.
Deletehttp://nelumyaya.com/?p=3707
Deleteනෙලුං යාය කියන්නෙ, අම්බානකට නෙලපු ඒවා දාන තැනකටද?
DeleteMatath penne ehema thama . Kavuda oya Dana eka.
Deleteමුන් ගල් බලකායේ බව මට පැහැදිලි වුනේ පත්තර බෙදන කොල්ලගේ ප්‍රොෆයිල් පික් එක පාවිච්චි කරන්නේ පත්තරයා නෙවෙයි වෙන එකෙක් කියලා තේරිච්ච දවසේ.
ReplyDeleteඒ මොකද්දෑ බං ඒ හරුපෙ ?? මං ඉතිං උපංගෙයි මෝඩයා වෙච්චි තරහ අවසර :D
Deletehttp://sinduano.blogspot.com/2015/07/blog-post_17.html
Deleteමාත් මෝඩයා තමයි බං. උඹත් තරහ නොගෙන ඔය ඇඩ්‍රස් එකට ගිහින් දකුණු පැත්තේ උඩ කෙලවරේ බලහං පත්තර කොලුවෙක් නෙවෙයිද ඉන්නේ කියලා. :D
හත් ඉලව්වට ගහපු කළාබරේ :D දැං නෙවැ ෂීන් එක තේරුණේ..
Deleteසිංදු ඇනෝ මගෙ පික් එක දාල උපං ස්තානය සහ නං තැබීම කියල ඒ මොකෑ දන්නවද.. ඌ ඇනෝ කමෙන්ට් දදා ඉන්නකොට මමයි මනෝෂයයි තමයි උනන්දු කරේ මචං උඹට වටිනාකමක් තියනවා ප්‍රොෆයිල් එකක් හදාගෙන වරෙන් කියලා .. මං නම දුන්නා "සිංදු ඇනෝ " කියල . ඌ හදං ඇවිල්ලා බ්ලොග් එක පටං ගත්තම මයෙ පික් එක උඩිං දාල තියෙන්නෙ ෆිට් එකට. ඕං බලහං ඉතිං මට වෙන වැඩ :D
ඉතිං බලහංකො මට දැන්නේ තේරුනේ. ඒක හරියටම දේශකයා ප්‍රසන්නයගේ මූණ අලවගෙන ඉන්නවා වගේ උගේ බ්ලොගෙත් ඔය ස්තානයෙම. :D
Deleteඒකත් ජයසිරි මංගලං කිව්වලු.
Deleteඩුඩ් අය්යේ එතැනට ගිහින් ඔබලා බලපන්කො කතාවම තියනවා .....
Deleteපාද්රේ කියන එක ලස්සන වැඩියි වගේ. ඉතාලි ගතියකුත් තියෙනවනේ... :P
ReplyDeleteඑහෙනං මං ඒක දාගන්නං ඈ :D .… ඕං තීන්දුයි !!
Deleteඕක සන්ධි කරලා ගත්තොත් තමයි පංකාදු.
Deleteපාද්‍රේ එහෙනම් ඈ...මම හිතුවෙ ඕකා සපත්තු හැඩේ රටේ පත්තර කන්තෝරුවකවත් වැඩ කරනවා ඇති කියලා ලියන ලියවිල්ලට....
ReplyDeleteමෙන්ඩගේ ටැබ එකේ අකුරු හකුරු නිසා මට ඊයේ කියෝගන්න බැරි උනා...චික්...
උගේ මොකද්දෑ හරියට වැඩ කරන්නෙ :D
Deleteඑහෙ පත්තර තියෙනවද ? මලේ
Deleteඔය තියෙන්නෙ පත්තරේ දැම්මා වගේ...
ReplyDeleteවේලෙන්නත් කලිං :D
Deleteඅපෝ මේක හිතිලා මාස ගානකට පස්සේ තමයි අකුරු කරන්න ලැබුණේ.
Deleteහා හා .… ඕං ඉතිං ඇත්තම ෂීන් එක පාදරේ කියන්නත් සුදුසුකම් හම්බුනා දවස් දහයකට කලින් !!!!
ReplyDeleteචුට්ටං දූ පැටියෙකුට තාත්තෙක් උනා!!!
හුරේ …………
පස්සේ හරි එනවා. මේ සැරේ බැරිවුණාට. පොඩි එකීට තුනුරුවන්නේ සරණයි
Deleteසුබ පැතුම් !!
Deleteපත්තර අප්පච්චී උඹට අපේ සුබ පැතුම් !!!
Deleteසුභ පැතුම් පත්තරේ මචෝ ...
Deleteහිමිදිරියේ පිණි අහුලන
හිමිදිරියේ පිණි අහුලන
සඳ එළියේ තරු අල්ලන
පුංචි දූට දේදුන්නක් ගෙනල්ලා දෙනවා
පරිස්සමට ඊතලයක් ළඟින් තියනවා
පංචායුධ කුමාරයා
නුඹ කැන්දන් යන දවසේ
ආශාවෙන් බලා ඉන්නවා
මගෙ දූටත් ආයුධයක් දෙන්න හිතෙනවා ........
විදුලි අකුණු වැහි කුණාටු
මගේ දූට හිරිහැරනම්
සිත හදාන බලා ඉන්නවා
මගෙ දූටත් මම පත්තිනි සළඹ ගේනවා ....
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධමමික බණ්ඩාර
තනුව - දර්ශන රුවන් දිසානායක
https://www.youtube.com/watch?v=hFZvLTz1LlY
Deleteඅප්පට බොල වෙන්ඩ බෑ. අපේ පත්ත්රයා එහෙම හාමිනේගෙන් ගුටි කන්නේ නෑ. මේ වෙන කෙනෙක් වෙන්ටෑ
ReplyDeleteකවුද ගුටි කෑවා කිව්වේ ? ඔය කඩදාසි ගුලි එහාම මෙහාට විසි කරගන්නේ ආදරේට නොවැ.
Deleteහොඳ නිවැරදි වාර්තාවක්, ඒත් පහල තියන සුරංගනා කතා කෑල්ල තමයි අප්සෙට්
Delete//"නංගී මට තේකක් හදාගෙන එන්න" කියලා මේකා පොත කියවන්න පටන් ගත්තා.//
අපි දන්න පත්තර ග්ලැඩියේටර් නම් ඔය වගේ කතාවක් හීනෙන්වත් කියන්නෙ නෑ. කිව්වොත් ඔය ලස්සන කොණ්ඩෙ ඉතුරු වෙන්නෙත් නෑ.
පත්තරේ කිව්වේ අර දරු ප්‍රසූතිය වෙලාවේ කලන්තෙ දාලා වැටුනයි කියලා පත්තරේ වැටිලා තිබ්බ හාදයද....?
ReplyDeleteආං හරි ආයිබෝවන්ඩ
Deleteඑල ද බ්‍රා...
ReplyDeleteමට - පත්තරයා
පොඩි මෙන්ඩට - පත්තරේ මාමා
නැන්දම්මට - පත්තරේ පුතා
දවසක් අපේ අම්මා අහනවා ඒ පුතා මොන පත්තරේද වැඩ කරන්නෙ?
කියපං කැලෑ පත්තරේ කියලා.
Deleteපත්තරයගේ කොන්ඩේ ලස්සනයි නේද සුධිකයියේ.. කලර් එක ගානට සෙට් වෙනවා. ..
ReplyDeleteනියමයි සුදිකයියේ..
ගුටි කනවා කියලා පත්තරේ දාන්න ඕනි නෑනේ සුධික අය්යේ ....මුගේ කණ මිරිකලා හිල් උන නිසා දැන් පත කරාඹුවක් දානවා .කොන්ඩෙන් අල්ලලා නෙලන නිසා කොන්දේ කැපුවා ..ඕ යේස් ..හැක හැක්
ReplyDeleteමේවා රාජ්‍ය මට්ටමේ රහස්!!! මේවා එලා කරන්නේ කාගේ අවසර පිටද???
ReplyDeleteඑක්කෝ ඕනේ නෑ...ඔහොම හොදයි!!