Showing posts with label යෝජනා (Proposal). Show all posts
Showing posts with label යෝජනා (Proposal). Show all posts

Wednesday, May 14, 2014

තිරිංග ක්‍රියාවිරහිත දුම්රියක අනතුරුකින් තොරව නවත්වා ගැනීමට හැකි ක්‍රමයක් ...... A possible solution for slowing down unstoppable train

පසුගිය සතියේ අපගේ සහෘද්ධ බ්ලොග් කරුවෙක් වන සෙන්නා ඉදිරිපත් කරලා තිබුණා, ගාර්ඩ්-ඩී-ලියෝන් දුම්රිය අනතුර පිලිබඳ ඉතා සවිස්තාරාත්මක සටහන් දෙකක්. එය කියවන විටදී මගේ හිතට ආපු කාරණයක් තමයි මේ වගේ වේගයෙන් ගමන් ගන්නා දුම්රියක් නවත්වන්න ක්‍රමයක් නැතිද යන්න. මගේ හිතට එක පාරටම ආවේ හොලිවුඩ් චිත්‍රපටයක දුටු, නවත්වා ගත නොහැකි ගුවන් යානාවක් නවත්වා ගැනීමට එක්තරා ගුවන්තොටක යෙදූ උපක්‍රමය. 

එහිදී කරන්නේ ක්‍රෑෂ් ලෑන්ඩින් ක්‍රමයට ගුවන් යානයට ඉදිරියට යන්නට හැර, වැලි පවුරක ගැටීමට සැලැස්වීම. නමුත් වෙඩි උණ්ඩයක් ලෙස දිගටම ඉදිරියට යන දුම්රියකට එවැනි විසඳුමක් යෙදීමේ ප්‍රායෝගික ගැටළු ඇති වනවා. හේතුව දුම්රිය මගකට වැලි යෙදීමෙන්, රේල් පීලි වැසී යාමේ තර්ජනය තිබෙන නිසා, වේගයෙන් පැමිණෙන දුම්රිය මාර්ගයෙන් පිටතට ගොස් අනතුර වඩාත් තීව්‍ර වීමේ ඉඩකඩ වැඩි නිසා. නමුත් අවසාන විසඳුම ලෙස යොදා ගැනීමට එයත් නරක නැහැ. මන්ද අරමුණ විය යුත්තේ  අනතුර වැලක්වීමට හෝ අවම හානියක් සහිතව  එය නවතා ගැනීම නිසා. 

ඒ විසඳුම ගැන සිතමින් සිටින විට මගේ මතකයට එක පාරට ආවේ, වේගයෙන් දුම්රිය ගමන් ගැනීම සඳහා දැනට මාර්ගය සපයන සහයෝගය නවතා දැමුවහොත් දුම්රිය නවතාගනීමට හැකි බව. නමුත් මෙය කරන්නේ කෙසේද ? මා සිතුවා එය මේ ක්‍රම සියල්ලේම සම්මිශ්‍රණයක් ලෙස යෝජනා කරන්න. ඔව් අපට කල හැක්කේ යෝජනා කිරීම පමණයි. මන්ද අප මෙම ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් නොවන බැවින්, මෙය ස්ථිර විසඳුමක් වේ යයි සහතික කල නොහැකි නිසා. නමුත් මෙවැනි අදහසක් වැඩි දියුණු කිරීමෙන් අවශ්‍ය විසඳුම සොයා ගත හැකියි.

පළමුව පැමිණෙන දුම්රියෙහි තිරිංග ක්‍රියාත්මක නොවන බව ඉදිරියේ තිබෙන දුම්රිය ස්ථාන වලට දැනුවත් කල යුතුයි. ඉන්පසු, මුලින්ම එම මාර්ගයේ ගමන් ගන්නා දුම්රියේ වේගය ගැන සැලකිලිමත් වෙමින්, එය සමාන්තර වෙනත් මාර්ගයකට ගත යුතුයි. එම මාර්ගයේ මුල් හරියේදී දුම්රියට කෙරෙන විදුලි සැපයුම කපා හැරිය යුතු අතර, එමගින් එය තවත් වේගවත් වීම නවතින අතර පවත්වාගෙන යන වේගය යම් මට්ටමකට අඩු කර ගත හැක. වැදගත්ම කොටස තිබෙන්නේ ඉන් පසුවයි. ඇත්තටම ඔබ ව්‍යායාම සඳහා නිපදවා තිබෙන TreadMill යන්ත්‍රය දැක ඇතැයි සිතමි. මෙහිදී භාවිතා කල යුත්තේ එම මූලධර්මයයි. 

TreadMill යන්ත්‍රයේදී එය භාවිතා කරන්නාගේ ශක්තියෙන් පටිය දිවවීම සිදු කරයි. එමගින් පරිශීලකයාගේ ශක්තිය දැවීමක් සිදු වේ. මෙහිදීද නිපදවිය යුත්තේ ගමන් ගන්නා රේල් පීලි (Moving Rails) පද්දතියකි. එවිට දුම්රිය රැගෙන එන චාලක ශක්තිය මිගින් පහත රූපයේ පෙනෙන අකාරයේ රෝද කරකවන්නට සැලැස්විය හැක. එම චාලක මාර්ගයේ ඝර්ෂණය අවම විය යුතුයි. එවිට මාර්ගය මුලින් දුම්රියේ වේගයෙන්ම ගමන් කරයි. පසුව දුම්රියේ රෝද කරකැවීමට ශක්තියක් නොලැබෙන බැවින් වේගය අඩු වන්නට පටන් ගනී. මේ ආකාරයෙන් දුම්රිය නවතින්නට ආසන්න මොහොතක මෙම මාර්ගය නවත්වා(Still) එය මදක් ඉදිරියේ නවත්වන්නට සැලැස්විය හැක. එම ස්ථානයේදී යලි දුම්රියට විදුලි සැපයුම දිය යුතු අතර, ඒ වනවිට රියදුරා දුම්රිය ධාවනය වැළක්විය යුතුය. එසේ විදුලි සැපයුම ලබා දෙන්නේ එහි දොරවල් වීවෘත කිරීම සඳහාය. යම් හෙයකින් එන්ජිම නවතාලිය නොහැකි තත්වයක ඇතිනම් දොරවල් විවෘත කිරීම සඳහා වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක් ගත යුතුය.  


පින්තූරය හදා ගන්නට කෝච්චිය සොයා ගත්තේ මෙතනින් :www.visitnorthwest.com
ඉහත රූපයේ තිබෙන ආකාරයට චාලක මාර්ගය නිමවිය නොහැකි නම්, වඩාත් සුමට ආකාරයට පහත රූපයේ පෙන්වන ආකාරයට එය නිමවා ගත හැක. මෙසේ කොපමණ දිගකින් යුතු කැරකෙන පාරක් (Rotary Rail) නිපදවිය යුතුද යන්න ගණනය කල හැක. නමුත් මේ මාර්ගය සෑදීමේදී ඉතා සියුම්ව පර්යේෂණය කලයුතු බව පැහැදිලිය. ඒ මෙම ස්ථානයේදී දුම්රිය පීලි පැනීමට කිසිදු ඉඩකඩක් ලබා දිය නොහැකි නිසාය. 

මෙම විසම්දුමෙහි යම් වරදක් සිදු වුවහොත් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට ඉදිරියේ වැලි පවුරක්ද නිමවිය හැක. 


______________________________________________
මා උසස් පෙළ ගණිතය හැදෑරීමෙන් පසුව වෙනත් ඉංජිනේරු පාඨමාලාවන් හදාරා නැති බැවින් මෙය කෙතරම් ප්‍රායෝගික එකක්දැයි නොදනිමි. නමුත් උත්සාහ කර බැලීම වටී. සයිබර් අවකාශයේ සිටින ඉංජිනේරු මහතුන්ට මේ ගැන සිතා බලන්නට මම යෝජනා කරමි. 

නමුත් එක් වරම චලනය වන දුම්රියක් නැවත්වීම මගීන්ට හානි විය හැකි බැවින්, අවශ්‍ය ආකාරයට මෙම රෝද පද්දතියට යොදන ඝර්ෂණය පාලනය කරමින් මෙම විසඳුම වඩාත් ප්‍රායෝගික කර ගත හැක. 


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...