මට තවමත් මතකයි ඒකෙ තිබුණ පැණිරහ, එයා ඒවා අපිට දුන්න වෙලාවේ. කෙහෙල් කොටුවේ අපි සෙල්ලම් කරනකොට, ටොමාමාට අපිව හමු වුණේ. අපි වැහිකාලෙට අපේ ගමේ මතු වෙන තණකොළ පෙත්තෝ ජාතියක් වෙච්ච ස්නෙනෙනේලාව හොය-හොයා හිටියේ. අපි උන්ව හෙවුවේ බිමයි, ඇකිලිච්චි කෙහෙල් කොළ අස්සෙයි. අපි මුළින්ම ඒවා කෑවේ, කම්පාලා ගිහින් එන ගමනේ ඇන්ටි අරගෙන ආපු වෙලාවේ.
"නකාටෝ එන්න කාටෝත් එක්ක, මෙන්න මම රස කෑම ජාතිය අරං ආවා" එයා කෑ ගැහුවා. අපි ගේ පිටිපස්සේ තියෙන, වහලට තණකොළ දාපු මඩුවේ ඉඳගෙන, උන්ගේ කකුලුයි, පිහටුයි ඉගිල්ලුවා. ටොපි ජාතිය එක-එක පාටයි. මම සුදුපාට ඉටිකොළේ ගලවලා, එකක් මගේ කටට දා ගත්තා. කටේ ඇලෙන පැණි රහකින් මගේ කටම පිරිලා ගියා, මම ඒක ගිල්ලා.
අපි ජෝගේ ගෙදරත් පහුකරගෙන කටුම්බාගේ ගෙදරට දිවුවා එයාට ස්නෙනේලාව කන්න දෙන්න. කාටෝ හති හලමින් උන්නා. අපිට ඕන වුණේ කටුම්බාට විස්තරේ කියලා ඉක්මනට ආපහු ගෙදර දුවන්න. අම්මා අපි කටුම්බා එක්ක සෙල්ලම් කරනවට කැමති වුණේ නෑ. එයා කියනවා කටුම්බාට නරක පුරුදු තියෙනවා කියලා. කටුම්බා අපි ඉස්සරහ එයාගේ පිරිමි අවයවයත් එක්ක සෙල්ලම් කරන්න ආසයි.
"කටුම්බා අපේ ඇන්ටි ආවා කම්පාලා ඉඳලා" කාටෝ එයාට කිව්වා, එයා වාඩි වෙලා හිටිය සිසිල් හෙවනේදීම. එයා ස්නෙනේලාගේ කකුලුයි, අත්ටටුයි උගුල්ල-උගුල්ල හිටියේ. කෙසෙල් අතු අස්සෙන් පුංචි හුළඟක් හැමුවා, ඒකට කෙසෙල් අතු පැත්තෙන් පැත්තට වැනෙන්න ගත්තා. "එයා අපට ටොපි වගයක් ගෙනාවා". කටුම්බාගේ අතේ තිබුණ සාස්පාන බිම වැටුණා. කාටෝ ටොපිය කටින් දෙකට කැඩුවා, ඒවා හරියට පුංචි ගල් කෑලි දෙකක් වගේ, එකක් දුන්නා කටුම්බාට.
"කන්න".
"කන්න".
අම්මාගේ තහංචිය නොවෙන්න ඒ දෙන්නා හොඳ යාලුවෝ. කටුම්බා එයාගේ භාගේ කටට දා ගත්තා. ඉන් පස්සේ එයා කට ඇරියා, තොල් දෙක ඇඹරුවා, ඊට පස්සේ කට හැදුවා හරියට හෝල් එකක් වගේ පේන්න. එයාගේ යට ඇන්දේ දත් දෙකක් නෑ, ඒ අස්සෙන් අපිට හොඳට පේනවා එයාගේ දිව කැරකෙන විදිය. ඒකට අපිට හිනා ගියා.
පින්තූරය ගත්තේ : www.dreamplango.com |
කටුම්බා හිනාවෙලා කියනවා "ඒක හොඳට ඉදිච්ච කෙසෙල් වගේ රසයි".
කාටෝ කිව්වා "ඔව්, ජැනට් ඇන්ටි කිව්වා ඒවා ළමයින්ගේ දත් වලට හොඳයි කියලා"
එක අහපු ගමන් කටුම්බා ඉතිරි වෙලා තිබුණ කොටස අරගෙන එයාගේ රෝස පාට වීදුරුමහේ අතුල්ලන්න පටන් ගත්තා, ඒකට අපිට තවත් හිනා. කටුම්බාගේ ගෙදරත්, අපේ ගෙදරත් යා කරන කෙහෙල් කොටුව මැදින් තියෙන පාර දිගේ අපි දුවගෙන ගියා. ඒකේ අයිතිකාරයා වුනේ වයසක මුකාසා මහත්තයා. එයාගේ ගොවිපලේ පැත්තක දොඩම් සහ පැපොල් වගා කරලා තිබුණා. අපේ පලතුරු ගස් හිස් වෙච්ච ගමන් අපි එයාගේ ගස් වලින් හොරෙන් කඩා ගන්නවා. අම්මා හොරකං කරන්න කිසිම බුරුලක් නොදීපු නිසා, අපි හොරෙන් කඩා ගන්නේ එයා කොහේ හරි ගිය වෙලාවට.
අපි ගෙදර එනකොට, ඇන්ටි අම්මට නගරය ගැන කියා-කියා හිටියා. එයා කිව්වා ටොමාමාගේ ව්‍යාපාර වලින් එයා නගරයේ ඉන්න ලොකුම පොහොසතෙක් වෙලා කියලා. එයාට තියෙන ධනස්කන්දෙන් ඕනෙනම් ගමක්ම ඒකෙ තියෙන අනික් දේවලුත් එක්කම සල්ලි වලට ගන්න පුළුවන් කියලා.
එදා උදේ ඇන්ටි එයා නගරයෙන් ගෙනාපු සියුම් ලෝහ උපකරණය අරගෙන ආවා. ඒ අපේ කන් විදින්න. ඇන්ටි අපේ කන් විදින්න එන්න කියලා කථා කළා. ඒකෙදී අපට ළමා කාළයේ චර්ම-ඡේදනයෙදී කරන කන්නලව් කරන්න හිතුණේ නෑ. පිරිමි ළමයින්ගේ කන් විදිනවාට තාත්තා විරුද්ධ වුණා, ඔහු කියන්නේ එකෙන් ඔවුන්ව පියරු බබාලා වගේ වෙනවා කියලා. ඉතිං ඇන්ටිත් අම්මත් මගේ කණ් විද්දත් කාටෝගේ විද්දේ නෑ. ඒක වේදනාකාරීයි, ඒත් ඇන්ටි කිව්වා ඒක සුව වුණාම, මට දිලිසෙන, කර ගාවටම එල්ලෙන ලස්සන කරාබු දාන්න පුළුවන් වෙයි, ඒකෙන් ඔයාව ලස්සනට පෙනෙයි කියලා.
කටුම්බයි, ජෝයි ගෙදර ආවාම, අපි පැපොල් ටිකක් කඩා ගන්න හෙමිහිට රිංගුවා මුකාසා මහත්තයාගේ ගොවිපලට. පැපොල් ලැබුණ ගමන් අපි දිව්වේ ගේ පිටිපස්සට, එතැන ඉන්නකොට අපිව කාටවත් පේන්නේ නෑ. ගොවිපල තිබුණේ අපි ගමේ ඉඳන් අපි යන ඉස්කෝලෙට දුවන පාර ළඟ. ඇන්ටි කම්පාලා ඉඳලා එන්නෙත් මේ පාරෙමයි. අපේ පිට්ටනියෙදී, අපි පැය ගණන් වාඩි වෙලා ඉන්නවා, වැඩිම දුරට ගල් ගහන්න පුළුවන් කාටද කියලා තරග කරන ගමන්. සමහර වෙලාවට අපි හරිම පුංචි දේවල් වලට සන්ඩු කර ගන්නවා. ඊට පස්සේ අපි එකම තැනකට එක්-රැස් වෙනවා. පිට්ටනියෙදී අපි කථා වෙනවා අනාගතේදී කවුරැ වෙන්නද කැමති කියලා. කාටෝ හීන මවන්නේ ජනපති වෙන්න, ජෝ හීන දකින්නේ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න, කටුම්බා හිතන්නේ ඉස්කෝලේ විදුහල්පති වෙන්න. මමත් හීන දැක්කේ මගේම පාසලේ ගුරුවරියක් වෙන්න, ප්‍රධාන ගුරුවරිය වෙන්න වගේම මිස් ජෝන් වගේ කණ්නාඩි කුට්ටමක් දාගන්න.
ටොමාමා ඒ පාරේ ආවා. එයා අපිට අත වනලා කථා කරා. එයා ඉන්න පැත්තට අපි දිවුවා. එයා මොනවා දෙයිද කියලා අපි හිතෙන් මව-මවා හිටියේ. අපි එතැනට ගියාම, කළුපාට ප්ලාස්ටික බෑග් එකකින් එලියට ගත්තු ටොෆි එයා අපට දුන්නා. ඒ ගමන්ම අපි හරිම සන්තොසයනේ ඒවා කන්න පටන් ගත්තා. එයා ඉස්සරහට එලවාගෙන ගියා. අපි එයාගේ පස්සේ වැටිලා දුවන්න පටන් ගත්තා. හෙවනකට වෙලා කාඩ් සෙල්ලම් කරමින් හිටිය මිනිස්සු කට්ටියකටත් ජනේලය පාත් කරලා මොනවා හරි දුන්නා. එයා මෙහෙම කෑ ගහගෙන එතැනින් ගියා "මුකුළු - මුකුළු ලොකු මිනිහා, ලොකු මිනිහා". ගමේ පහළට ගිහිං නොපෙනී යනකං අපි එයාගේ පස්සේ දිගටම දිවුවා. එයාගේ කාරය නිසා ඇවිස්සුණු දූවිල්ල දිහා අපි හිටගෙන බලාගෙන හිටියා. කටුම්බා කිවුවා කාරයෙන් පිට වෙන සුවඳට එයා හරි ආසයි, ඒවාත් එක්ක පාන් කනවා වගේ හැඟීමක් එයාට එනවා කියලා.
ඊළඟ දවසේ අපි ඉස්කෝලේ ඉඳලා ආපහු ගෙදර එත්දී, ටෝමාමාගේ කාර් එකෙන් සටහන් වෙච්චි ටයර් පාරවල් පස්සේ අපි ආවේ. කටුම්බාත් මමත් දකුණු පැත්තෙන් එනකොට, ජෝ ආවේ වම් පැත්තෙන්. කාටෝ එදා ඉස්කෝලේ ආවේ නැත්තේ, ඇඟට ටිකක් හරි මදි හින්දා. අම්මා තීරණය කළා එයාව ගෙදර තියලා, වත්තේ පැල වලට සාත්තු කරන්න යන්න. ආපහු එත්දී අපිට එයා නැති අඩුව දැනුණා. ඒ වුණාට අපි වෙනදා වගේම සෙල්ලම් කළා. අපේ ගේ පිටිපස්සට ගියාම, කටුම්බා දැක්කා වැල්ලේ රතු පාට මිශ්‍ර වෙච්ච දෙයක්.
"ඒ ලේ" එයා කිව්වා.
"නෑ ඒ මුකාසා මහත්තයාගේ පැපොල්" එහෙම කියපු ජෝ හිනාවුණා.
"අද අපේ අම්මා කුකුල් මස් උයලා" මම කිව්වා.
දෙවෙනි කොටසට >>>
http://africanwriterstrust.org/ විසින් පල කරණ ලද සූබී නමැති කවි සහ කතා එකතුවට ඔයෙට් සිස්ටෝ ඕෂන් විසින් රචිත In the Plantation කතාවේ පරිවර්තනයකි.
වැඩේ ජයවෙයි වගේ දෙවනි කොටස එනකං බලා ඉන්න හිතිල ඉන්නෙ
ReplyDeleteදැනට එහෙම හිතා ගමුකෝ.
Deleteමේ අපේ පිටරට නංගිගේ පරිවර්තනයක්ද ?
ReplyDeleteඋබ ඒක දිගට ලියන එකට පට්ට සතුටුයි
ඒ නංගිම නෙවෙයි. මේ මට හමු වුණ කෙටි කතා සහ කාව්‍ය සංග්‍රහයේ තිබෙන කතා රාශියක් අතුරුන් මගේ හිත ගත්ත එකක්.
Deleteයසට උන්න එකාට මක්වෙලාද
ReplyDeleteඋඹ මම ගැනද ? නැතිනම් මේ කතාවේ ඉන්න කාටෝ කොලුවා ගැනද කියන්නේ ?
Deleteඋඩ කෙමෙන්ට් එකේ අන්තිමට අය්යින්ඩි කියලා එකතුවෙන්න ඕනේ
ReplyDeleteහරි බං. මම දන්නවා. කිසි ප්‍රශ්නයක් නෑ.
DeleteRead
ReplyDeleteටැබ් එකෙන්ද බැලුවේ ?
Deleteඅප්‍රිකානු ජනජීවිතය බොහොම හොඳට විස්තර කෙරෙනවා.
ReplyDeleteමටත් මේකේ දෙවෙනි කොටස දානකම් ඉවසිල්ලක් නෑ. මොකද ඒ තරමට මේ කතාව සුන්දරයි.
Deleteඊලඟ කොටස කියවන්න බලන් ඉන්නේ....
ReplyDeleteමම ඔයාගේ මේ කමෙන්ට් එකට උත්තරේ කළින් පෝස්ට් එකට දැම්මා. හේතුව මගේ නෝට්බුක් එක මිය යාමේ රෝග ලක්ෂණ පෙන්වීම. කියවලා කමෙන්ට් කරගන්න බැරි වුණා. ආව ගමන් අහක බලාගෙන කමෙන්ට් එක දැම්මා. හරියට අර පොඩි එවුන්ට කතා කියනකොට නින්ද ගියා වගේ.
Deleteහහ
ReplyDeleteහිනාද ?
Deleteඅප්‍රිකාව නේ...ඊලග කොටස කියවන්න බලන් ඉන්නේ,
ReplyDeleteහරි ඉක්මනටම දාන්නම්. අප්‍රිකානු කතා වලට කැමතිද ?
Deleteආස හිතෙනෝ.. ඊළග කොටස ඉක්මණට ඕනේ...
ReplyDeleteඊළඟ කෑල්ල ඊට වඩා රසවත්.
Deleteඅප්‍රිකාණු කතා බොහොම ඉහලයි... මම කියවපු හොඳම එක "මහා විල්". වැඩේ හොඳයි සුදීක, පරිවර්තනය අප්‍රිකාණු ගතිය දැනෙන්නම තියනවා..
ReplyDeleteඉතිරිය එන තෙක්...
ඔයාගේ නැව් කතාව තමයි මාව මේක පරිවර්තනය කරන්න පෙළඹුවේ.
Deleteමේ වගේ එකකට උත්තේජනයක් සපයන්න ලැබුන එකත් ලොකු ආඩම්බරයක්...
Deleteනියමයි ඊලග කොටස එනකම් බලා හිදිමි
ReplyDeleteහොඳයි හැකි ඉක්මනින් දාන්නම්.
Deleteදෙවෙනි කොටසට >>>
ReplyDeleteහෙක්.... හෙක්... මේවට තමා කියන්නේ ඌරාගේ මාළු - ඌරාගේ පිටේ තියලා කපනවා කියලා.
Deleteඅප්‍රිකාණු කතා වල තියෙනවා අමුතු රසයක්.මේ පරිවර්තනයේත් එක තියෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි. මම පුළුවන්තරම් සරලා කරලා තමයි ලිව්වේ. ළමා කතාවක් තරමට හොඳයි.
Deleteදෙවෙනි කොටස....
ReplyDeleteතව වරුවක් විතර ඕනේ. තවම අතවත් තිබ්බේ නෑ.
Deleteහුඟ කාලෙකට පස්සේ බ්ලොග්ස් පැත්තේ ආවේ. අර සෙන්නායි, මනෝජුයි කියන අප්‍රිකානු ගතිය හොඳින් වදිනවා.
ReplyDeleteමනෝජුත් ලිව්වද ? අම්මේ දැම්ම යන්න ඕනේ බලන්න.
Deleteඉක්මනට ඉක්මනට 2 ලියන්ඩ
ReplyDeleteහරි මේ දැන් පටන් ගන්නවා.
DeleteA translation that not kills the spirit of original writing. Good work dude. Looking forward to the next episodes
ReplyDeleteAlready publish part II. Thanks for appreciation. If it does, I am happy.
Deleteමේ පරිවතනයට නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී හොඳම පරිවර්තනයට හිමි සම්මානය ලැබුණා. මෙය කියවා කමෙන්ට් කල ඔබ සැමට ස්තුතියි.
ReplyDeleteඉතා ලස්සන කතාවක ලස්සන ආරම්භයක්....
ReplyDeleteමේ පරිවර්තනය හරි ම ලස්සනයි. ළමා හිත් වල තියෙන සරළ, සුන්දර බව වගේම අප්‍රිකාවේ සංස්කෘතිය, සහ පරිසරය ගැන මේ පරිවර්තනයෙන් සුන්දර චිත්‍රයක් අපේ හිත් වල මැවෙනවා. ඔබගේ මහන්සියට බොහොම ස්තූතියි සුදීක.:)
ReplyDelete