පලවෙනි කොටස >>>
අපේ අම්මාට කුකුල් සුප් හදන්න ඕන වුණාම, කුකුල්ලු මරන්න පාවිච්චි කළෙත්, අපි සෙල්ලම් කරන ඒ ලස්සන පිට්ටනියේ හරියටම එතැන. එයා ඒ වැඩේට හරි දක්ෂයි. එයා මුලින්ම එක කකුලකින් පාගනවා කුකුළගේ අත්තටු දෙක, ඉන් පස්සේ අනිත් කකුලෙන් උගේ කකුල් දෙක පාගනවා, දකුණු අතේ පිහිය තියා ගන්නවා. වම් අතින් අල්ල ගන්නවා කුකුළාගේ ඔළුව. තනි පහරෙන් සතාගේ බෙල්ල කපනවා. ඉන් පස්සේ එයා ඌට ඔළුව නැතිව පියාඹන්න අරිනවා. ඊට පස්සේ ඌ ඉවරයක් නැතුව අතන මෙතන වැදෙනවා. බෙල්ලෙන් ලේ වැක්කෙරෙනවා. මමයි කාටෝයි එතැන හිටගෙන කුකුළාගේ මේ දැඟලිල්ල බලාගෙන ඉන්නවා, අන්තිමට ඌ නතර වෙනකම්, ඊට පස්සේ අම්මා කරන්නේ ඌව උණු වතුර එකක බස්සලා පිහාටු උගුල්ලන එක.

අපි මිදුල පැත්තට එනකොට දැනගත්තේ එතනට මිනිස්සු එකතු වෙලා ඉන්න බව. ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. පිරිමි උදවිය වාඩිවෙලා එයාලගේ ඔළුව බිමට නවාගෙන. හැම ගෑණු කෙනෙක්ම වගේ හිටියේ ඇතුළේ, ඒගොල්ලන්ගේ ඇස් වලින් කඳුළු ගලනවා. ගේ ඇතුළෙන් එක කටහඬක් විතරක් ඇහුණා. ඒක මට හොඳට හුරුයි. මම සෙනග අස්සේ තෙරපිලා දොර ගාවට ආවා, මට අම්මගෙන් අහගන්න ඕනේ වෙලා හිටියේ මොකද අපේ මිදුලේ හැමතැනම මිනිස්සු පිරිලා ඉන්නේ කියලා. ඒ වුණාට දොරෙන් ඇතුළට රිංගන්න බෑ, ඒ තරමට හිර වෙලා, ඇන්ටි දොර ගාවට ඇවිත් මාව අරගෙන මිදුලේ කෙළවරට ගියා, එයත් අඬනවා. මම කටේ ඇඟිල්ලක් දා ගත්ත මට එයාගෙන් මොනවත් අහන්න බෑ. මම කල්පනා කරේ අම්මයි තාත්තයි නැති වෙලාවනම්, ටොමාමා ගාවට ගිහිං මාවයි කාටෝවයි නගරෙට අරං යන්න කියලා ඉල්ලන්න, අම්මයි තාත්තයි නැතුව මට ගමේ ඉන්න බෑ කියලා. මම දැක්කා ඈතින් මුකාසා මහත්තයා සෙනගට එක්කහු වෙනවා. එයාගේ මූණ එක්කෝ හිනාවෙනවා වගේ නැත්නම් අඬනවා වගේ, මට කියන්න බෑ ඒ කොයිකද කියලා. එයා එයාගේ කොන්දට එක අතක් තියාගෙන අනිත් අතින් හැරමිටියත් අරගෙන ඉදිරියට නැමිලා ගියේ. ඒ ඉරියව්ව රඟපාලා පෙන්නන්න කාටෝ හරිම කැමතියි.
"ඒ කාටෝ" ඇන්ටි කඳුළු අතරින්ම කිව්වා. මම එයාගේ ඇස්දෙකට එබිලා බැලුවා කාටෝට මොකක්ද වුණේ කියලා එයාටම කියන්න, ඒත් ඒ වෙනුවට එයා ඔළුව පහළට නැමුවා, එයාගේ ඇහෙන් වැටිච්ච උණු කඳුළු කැට මගේ අත්වලට වැටුණා.
"කාටෝ කොහේද ?" මම ඇන්ටිගෙන් ඇහුවා.
"එයාගේ ඔළුව ගලෝලා ගිහිං"
ඔළුව !!! මම මටම කියා ගත්තා. එයාගේ ඔළුවට මොකද වුණේ ? එයා මොකටද ඔළුවට යන්න දීලා බලාගෙන හිටියේ. ඇන්ටි දැන් කියන දේ ගැන එයාට විශ්වාස ඇති. "කාටෝගේ ඔළුව ගිහිං" මොකක්ද ඒකෙ තේරුම ?
ඇඬීම අස්සෙන් එයා මෙහෙම මුමුණනවා මට ඇහුණා "මම හිතනවා ඔයාගේ තාත්තා මේක බාර ගන්න ඇති කියලා" එයා ඉකි ගැහුවා. මගේ ඇස් කඳුළු වලින් පිරිලා ගියා, ඒ වුණාට මම අඬන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. සමහරවිට ඇන්ටි අඬන නිසා වෙන්න ඇති ? හැබැයි එයා කිව්වා දේ නම් මට අඬන්න තරම් දෙයක් නෙවෙයි. කාටෝගේ ඔළුවා ගියා නම්, ඒක ආපහු එයි. ඒක කාටෝව හොයාගෙන හයි වේවි, අපිට ආයේ කෙසෙල් කොටුවේ හුඟාක් දුරට තියෙන අඩි පාරේ දුවන්න පුළුවන් වේවි, අපිට ජෝවයි, කටුම්බාවයි හමු වේවි, බොහෝවිට අපි වෙනද වගේම මුකාසා මහත්තයාගේ පැපොල් වගාවෙන් හොරාකන්න සැලසුම් කරලා, හොරෙන් කඩාගෙන අරං ඇවිත් අපේ පිළිකන්නේ ඉඳගෙන කාවි.
මම ඇස් දෙක ඇරියම, කඳුළු වැටුණා. මම දැක්කා ජෝයි කටුම්බයි තවමත් අපේ මිදුල ළඟ තියෙන පාරේ හිටගෙන ඉන්නවා; ඉස්කෝලේ ඉඳලා ආවට පස්සේ එයාලා තවමත් ගෙදර ගිහිං නෑ. ඇන්ටි දිගටම අඬනවා.
"මම දැනගෙන හිටියා ඔයාගේ තාත්තා වැරදියි කියලා, එයාට තිබුණේ කන් විදින්න ඉඩ දෙන්න"
ඇන්ටි පැහැදිලි කළා, එයා කම්පාලා ඉන්නකොට; එයා දැකපු ගොඩාක් පෝස්ටර් වල දෙමව්පියන්ට අවවාද කරලා තිබුණ බව ළමයින්ව බිලි දෙන්න දඩයම් කරන මන්තර කාරයන්ගෙන් බේරගන්න කියලා. මන්තර කාරයෝ හිතන්නේ, මනුස්සයෙක් බිල්ලට දුන්නම එයාලගේ ව්‍යාපාරේට ලොකු ධනස්කන්ධයක් එක්කාසු කර ගන්න පුළුවන් කියලා. මට ඇන්ටි කියන දේ පැටලිලා තියන්නේ, අවසානේදී එයා කිව්ව කාටෝව මරලා කියලා. මගේ මොළේ වැඩ කරන්නේ නැතිව ගියා ඒක ඇහුවම. මට හැම කෙනෙකුවම ඈතින් තියෙන මීදුමක් වගේ පේන්න ගත්තා. මට ඇන්ටිගෙන් ලිස්සලා යන්න ඕනේ වුණා, මට බිම පෙරළි-පෙරළි අඬන්න ඕනේ වුණා, ඒත් එයා මාව තදින් අල්ලාගෙන හිටියා.
දවස් දෙකක්ම අම්මයි මමයි වචනයක්වත් කථා කළේ නෑ. මට උවමනා වුණා මොනවා හරි කියලා, අකාල වැස්සක් කඩා වැටුණා වගේ තියෙන අපි දෙන්නගේ නිහැඬියාව බිඳින්න. මට ඕනේ වුණා කියන්න ටොමාමා කම්පාලා ඉඳලා ආව හැම වෙලාවකම අපිට ටොෆි ගෙනත් දුන්න බව කියන්න, ඒත් මට තේරෙන්නෑ කොහොම ඒක කියන්නද කියලා. මට ඕන වුණා එළි කරන්න අපි ඉස්කෝලේ ඇරිලා එත්දී, ටොමාමාගේ කාර් රෝද පාරවල් පස්සේ ගිය කතාව. කොහොම වුනත්, එයාට කථා කරන්න මට තිබුණ උවමනා වුණත්, අපි දෙන්නගේ නිහැඬියාව බිඳින්න මට බැරි වුණා.
මට එයා දිහා බැලුවම, මතකයට ආවේ එයා නත්තලට කුකුල්ලු මරපු විදිය. එයා උන්ගේ බෙල්ල කැපුවත්, උන් උඩට පියාඹලා ගිය විදිහ. හයියෙන් ලේ බේරෙනකොට, මමයි කාටෝයි හිනා වෙච්ච විදිහ. ඒ මතකයත් එක්ක මම බොහෝ දුරට හිනා වුණා වගේ. කාටෝගේ බෙල්ල කපන්නත් ඒ පිහියම පාවිච්චි කරන්න ඇති, මොකක්දෝ දෙයක් අමුතු හුළඟක් වගේ ඇවිත් මගේ උගුරේ හිර වුණා. මට හුස්ම වැටුණේ නෑ. නොපෙනන අත් වලින් මගේ බෙල්ල මිරිකන නිසා මගේ ඇස් වලින් කඳුළු ඇවිත් මගේ කම්මුලට පෙරලුනා. මම අඬනකොට අම්මා පිස්සුවෙන් වගේ මොර දුන්නා.
තුන්වෙනි කොටසට >>
පින්තූරය ගත්තේ : http://nairobiwire.com/ |

___________________________________________
http://africanwriterstrust.org/ විසින් පල කරණ ලද සූබී නමැති කවි සහ කතා එකතුවට "ඔයෙට් සිස්ටෝ ඕෂන්" විසින් රචිත In the Plantation කතාවේ පරිවර්තනයකි.
තුන්වෙනි කොටස එනතෙක් ඉන්නම්. සුදීක වැඩේ ලස්සනයි.
ReplyDeleteදෙවෙනි කොටසින් ඉවර කළානම් තව දවසක් හෝ දෙකක් යනවා. මේ කොටස දෙන එක ඊට වඩා හොඳයි කියලා හිතුණා.
Deleteකවුද කාටෝගේ බෙල්ල කැපුවෙ කියන එක පැහැදිලි මදි...සමහර විට ඊළඟ කොටසෙන් කියවෙයි නේද ?
ReplyDeleteවැඩේ ඉස්තරම් සුදීක..
(පළවෙනි කොටසින් දෙවෙනි කොටස්සට එන ලින්ක් එක දාන්න)
ඔව්. තුන්වෙනි කොටසේදී තේරුම් ගන්න පුළුවන්.
Deleteබොහොම ස්තුතියි සෙන්නා.
හරි ලින්ක් එක දැම්මා. මතක් කළාට ස්තුතියි.
සමහරසමාජ තලයන්හි මිනිස් ජීවිත කොතරම් අඩු තක්සේරුවකද තියෙන්නේ කියා හිතෙනවා.
ReplyDeleteමෙහෙම තැන් අපේ රටෙත් නැත්තේම නෑ. අප්‍රිකානු මහාද්වීපයේ මේ දේවල සුලබයි. මේ කතාවේ කර්මය ගැනත් ඇය නොදැන වුනත් ලියා තිබෙනවා.
Deleteමට අමාරුම වැඩේ මේ නම් මතක තියාගන්න ඒක
ReplyDeleteඑහෙමනම් තුන්වෙනි කොටසත් දැම්මට පස්සේ මුළ ඉඳන් කියවන්න.
Deleteබොහොම සංවේදී පුවතක් අන්තර්ගත කතාව පරිවර්තනය වන ආකාරය නිසා සුදීකගේ විටිනාකම වැඩි වෙනවා.අපි කියවමින් රසවිඳිනවා.
ReplyDeleteමේ කතාව තොර ගන්න එක විශේෂ හේතුවක් තමයි මේ කලාපයේ තියෙන ඛේදවාචක. අනිත් කාරණය තමයි ඇය නොදැන වුවත් කාර්ම පලය ගැන ඉඟියක් දෙනවා.
Deleteපෙර කියවුවෙමි දෙවැනි වතාවට කියවමි රස විදිමි දිගටම ලියන්න
ReplyDeleteතුන්වෙනි කොටස අද ඉවර කරගන්න බලාපොරොත්තු වෙනවා. මගේ පොස්ට් බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවාසා ඇවිත් බලන්න වෙනවා.
Deleteකාටෝගේ බෙල්ල නැති වෙන්න හේතුව මටත් හිතා ගන්න බැහැ.
ReplyDeleteබලමුකෝ මොකද වෙන්නේ කියලා හිටන්.
අද හවසට දැන ගන්න පුළුවන් වෙයි.
Deleteelaga kotasath ekmanin danda, phone eken baluve.
ReplyDeleteබොහොමy සන්තෝෂයි ඔයාගේ උනන්දුව ගැන. ඊයේ හවස ඉඅවර කරන්න හිටියේ. අද දවල්ට ඉවර කරන්නම්.
Deleteකොටස් දෙකම කියෙව්වා.. ඊළඟ කොටසත් ඉක්මනින්ම ලියන්න....
ReplyDeleteදැන් භාගයක් ඉඅවරයි. ඉතිරි කොටස අද දවට ඉඅවර වෙයි.
Delete"මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ තාත්තා මේකට කැමති වෙයි කියලා"
ReplyDeleteමේ වාක්‍ය අපැහැදිලියි. පරිවර්ථනයෙ අවුලක්ද එහෙම නැතිනම් අවුල කතාවෙ කොටසක්ද?
වසන්තයට ඡන්දෙ දාන්න මෙතනින් යන්න
එතැන මටත් ටිකක් තේරුණේ නැති තැනක්, කොහොම ලිවුවත් අදහස ගන්න අමාරුයි. මෙහෙම වුණත් ඒ වාක්‍යය ලියන්න පුළුවන්.
Delete"මම හිතනවා ඔයාගේ තාත්තා මේක බාර ගන්න ඇති කියලා" දැන් එතැනත් තේරුම් දෙකක් එනවා
1.තාත්තා මරණය බාරගත්තා කියන එක
2. තාත්තා මරණ එකට කැමති වුණා කියන එක.
එක්කෝ තාත්තා මොනවත් නොකර ඉඳියි කියන එක.
අවුල තියෙන්නේ එයා ඒකෙන් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි නැති එක.
ඔන්න මම ඒ වාක්‍යය වෙනස් කළා. බොහොම ස්තුතියි මේක ගැන ප්‍රශ්න කළාට. ඒකෙන් පෙන්නේ ඔයා මේක අවුබෝධයෙන් බැලුවා කියන එක.
Deleteමේ පරිවර්තනයට නෙලුම්යය සම්මාන උළෙලේ හොඳම පරිවර්තනයට හිමි සම්මානය ලැබිණි. කියවා කමෙන්ට් කල ඔබට මගේ ප්‍රණාමය.
ReplyDeleteThanks
ReplyDelete