රුපවාහිනී රිමෝට් කන්ට්‍රෝලරය
රිමෝට් කන්ට්‍රෝලරය සොයා ගත් පුද්ගලයා වන නිකෝලා ටෙස්ලා තමා කල සොයාගැනීම පිළිබඳව පසුව පසුතැවිලි වුණා. ඒ ඔහු නිසා ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රෝගී වීම නිසා. රෝගී වන්න සිදු වන හේතුව මේ වනවිටත් ඔබට නොවැටහෙන්නට පුළුවන්. නමුත් දුරස්ථ පාළකය භාවිතා කිරීම නිසා ඔබ රූපවාහිනිය වෙත ගොස් එහි නාලිකාව වෙනස් කිරීමේ ශාරීරික ක්‍රියාව නවතිනවා. දිනකට ඔබ රූපවාහිනී චැනල් මාරු කරන ප්‍රමාණය, එහි ශබ්දය අඩු වැඩි කරන ප්‍රමාණය, අද නම් ඒ සම්බන්දව කෙරෙන සියළුම වෙනස් කිරීම් සිදු කෙරෙන්නේ දුරස්ථ පාලකයක් මගින්. ඉතිං දිනකට ඔබ රූපවාහිනිය වෙත ඇවිදින ප්‍රමාණය කිලෝමීටරයකටත් වඩා වැඩි බව පැහැදිලි වනු ඇත.
![]() |
පින්තූරය ගත්තේ : http://www.kerryr.net/ |
දැන් ඔබ දකින රූපවාහිනියක කිසිසේත්ම අතින් වෙනස් කළහැකි බොත්තම් නැති වන්නට පුළුවන්. නමුත් අතීතයේදී නාලිකාවක් සුසර කිරීමේ සිට පැවති සීමිත නාලිකා ප්‍රමාණය මාරු කෙරුනේද ඔබේම ඇඟිලි තුඩින්. ඒවා අද මෙන් ටච් පන්නයේ බොත්තම් නොව මිකැනිකල් පන්නයේ ඒවාය. වෙනත් අයුරකින් කියනවානම් අතින් එහා මෙහා කලයුතු උපාංගය. ඉතිං දවසකට ඔබ එක් කිලෝමීටරයක් ඇවිද්දා නම්, මසකට කිලෝමීටර් 30ක්ද, වසරකට එය 365ක්ද වනු ඇත. අද නිවසක ඇති රිමෝට් කන්ට්‍රෝල් ගණන ගැන නිකමට සිතා බලන්න රූපවාහිනිය, චන්ද්‍රිකා රුපවාහිනි පෙට්ටිය(Satellite Box) , විදුලි පංකාව, ශබ්ධ විකාකාශන යන්ත්‍ර(Sound System), මෝටර් රථය සහ මෙකී නොකී ඕනෑම යන්ත්‍රයක සඳහා දුරස්ථ පාලකයන් යොදා ගත හැක. වෙනදා මේ යන්ත්‍ර වෙත ගොස් ඒ කාරියන් ඉටුකරගත් ඔබ, දැන් සිටින තැන සිට එය ඉටුකර ගන්නේ දිගුකාලීනව ඉහල පැලැන්තියේ රෝගියෙකු බවට පත් වෙමිනි. නමුත් ටෙස්ලාගේ ලොකුම පසුතැවීම මෙය නොවන වගද සටහන් කලයුතුය. ඒ ජේ.පී. මෝගන් සමාගම ඔහුගේ නිපැයුම් වෙනුවෙන් කල ආයෝජනය නවතා දැමීමය. එසේ නොවන්නට ඔහු ලොවට වටිනා සොයාගැනීම් විශාල ප්‍රමාණය දායාද කරනු ඇත. ඒ ගැන සටහනක් කලකට ඉහත අන්තර්ජාලයේ බෙදා හැරිණි. ඔබත් එය කියවන්නට ඇත.
![]() |
පින්තූරය ගත්තේ : |
AK - 47 ගිණි අවිය
ලොව පුරා වඩාත් ප්‍රචලිත ඒ.කේ. 47 ගිණි අවිය නිෂ්පාදනය කල මි(ක්)හාඉල් කොලොශ්නිකොව් පසුව පවසා සිටියේ
"මගේ සොයාගැනීම ගැන මට ආඩම්බරයි නමුත් කනගාටුවට කරුණ වන්නේ එය ත්‍රස්තවාදීන් විසින් භාවිතා කිරීමයි.
මා ඊට වඩා සතුටට පත් වනවා, මිනිසුන්ට ප්‍රයෝජනවත් දෙයක් සොයා ගත්තා නම්, උදාහරණයකට තණකොළ කපන යන්ත්‍රය"
අනාගතයේ පසුතැවිලි වන්නේ කවුද ?
නමුත් ඉදිරියේදී පසුතැවිලි වියහැකි යැයි විශ්වාස කල හැකි පුද්ගලයින් කිහිප පලක්ම වේ. නමුත් ඒවාට පාදක වූ මුල් සොයාගැනීම් කල පුද්ගලයන් වාසනාවකට අද ජීවතුන් අතර නැත. ඒ කැමරාව පිලිබඳ මූලික සොයාගැනීම් කල පුද්ගලයන්ය. නමුත් කැමරා ෆෝනය සොයා ගත් පුද්ගලයා අනිවාර්යයෙන්ම පසුතැවලි වනවා නොඅනුමානය. ඒ සමාජ ජාලා වෙබ් අඩවි වයිරසයක් තත්වයට පත් වී ඇති අද දිනයේය. තමන්ගේ මුල් සොයාගැනීම කරනවිට ඔහු ඒ තත්වය කිසි විටෙකත් බලාපොරොත්තු වන්නට නැත.
නමුත් ජංගම දුරකතනයට කැමරාව ඇතුලත් කල පුද්ගලයාවත් බලාපොරොත්තු නොවන මොහොතක ස්මාර්ට් ෆෝන් සහ ෆේස්බුක් ප්‍රමුඛ සමාජ ජාලා බිහි වීම නිසා ඔබ ගන්නා පින්තූර පහසුවෙන් එහා මෙහා විසි කරන්නට හැකියාව සලසා දී ඇත. නමුත් ඒවාගෙන් ඵලදායක දේ සිදු වනවාද යන්න සැකසහිතය. ඇත්නම් ඉතා ස්වල්පයකි. ඒ තමන්ගේ ප්‍රචාරණය සඳහා අධික මිලක් ගෙවූ ආයතනයන්ය. අද ඔවුන් සමාජ ජාල හරහා තමන්ගේ වෙළඳාම ප්‍රවර්ධනය කර ගනිති. ඒ ඇසුරින් රැකියා අවස්ථා ප්‍රමාණයක්ද බිහි වී ඇත. එය මෙහි සාධනීය පැත්තයි. ලෝකයේ බොහෝ සොයාගැනීම් මෙන්ම අහම්බයක් වූ කැමරා දුරකථනය කොයි තරම් සොඳුරු ආරම්භයක්ද යන්න පහලින් ඇති වීඩියෝව සාක්ෂි සපයනවා ඇත.
නිමක් නැතිව තප්පරයකට දහස් ගණනින් අප්ලෝඩ් වන පින්තූර රඳවා ගැනීමේ අභියෝගයට මුහුණ දී ඇති ෆේස්බුක් හිමිකරු වන මාර්කස් සකර්බර්ග්, ඉදිර්යේදී පසුතැවිලි වීමට නියමිත අනෙක් පුද්ගලයායි. මේ වනවිට ෆේස්බුක් ඇතුළු බොහෝ සමාජ ජාලා යොදා ගන්නේ ඕපාදුප, මඩ සහ වෙනත් අපචාරයන් සඳහා බව නොරහසකි. අප කුඩා කාලයේ තොරතුරැ දැන ගැනීමේ පිපාසාවෙන් උන් බාල මහලු කවුරුත් සවන් දුන්නේ රේඩියෝවටයි. පසුව රූපවාහිනිය ඒ අඩුව පිරවීය. ඉනික්බිතිව අන්තර්ජාලය කරලියට පැමිණියේය. නමුත් අද එය වසන්ගතයක්ද, විලාසිතාවක්ද එසේත් නැතිනම් සිතු පැතු දේ ලබා දෙන කප්රුකක්ද යන ගැටලුව අප ඉදිරියේ ඇත. එහි ස්වරූපය තීරණය කිරීමේ අවස්ථාව ඔබ ඉදිරියේ ඇත.