ඊයේ අපේ පැරණි බ්ලොග් කරුවන්ගේ සුහද හමුවක් පැවැත්වුණා. අපේ පැරණිම බ්ලොග් කරුවෙකු වෙන සුභාෂ් ගුණවර්ධනගේ Viroosh Sports Complex එකේදි. එතනට බ්ලොග් කරුවන් ස්වල්ප ප්‍රමාණයක් ආවා කිවුවොත් වඩා නිවැරදියි.මම මුළින්ම බ්ලොග් සුහද හමුවකට එකතු වුණේ 2012 දී, වැල්ලවත්ත කුරේ පාර්ක් එකේදි. එතැනට පිටරටවල ඉන්න බ්ලොග් ලියන කියවන කිහිප පළක්ම ඇවිත් හිටියව්, ඔබා මාමා ඇතුලුව.
ඉන් පස්සෙත් එතැනම තවත් වරක් තිබුනා. ගම්පහ එකක් තිබුණා, දෙහිවල බීච් එකේ එකක් තිබුණා. රසික සූරියාරච්චි හමුවුණේ එතැනදී. ඉන්පස්සේ මහරගම යූත් එකේ, බත්තරමුල්ලේ බුද්ධදාස එකේ, මේ හමු පැවැත්වුණා. ඒ කාලේ ගෲප් ෆොටෝ එකක තමන් ඉන්න තැන හොයාගන්න සෑහෙන වෙලාවක් යනවා.බ්ලොග් කාලයාගේ ඇවෑමෙන් අක්‍රීය වුණා වගේ, අපේ සුහද හමු වලට එහෙම වෙන්න එපා කියන එකයි මගේ පැතුම.
අපි අතරේ ඕනෑතරම් ප්‍රශ්න තිබුණා. නමුත් සයිබර් අවකාශයේ ලියන්නන් වශයෙන් අපේ එකතුවක් තියෙන එක වැදගත්. මේ වතාවේ බැරිවුණු අය ඊළඟ වතාවේ හමුවෙමු. මංජුල මේකට ලොක කාර්‍යයක් කරලත් එන්න බැරිවුණා. එහෙම දේවල් වෙනවා. නමුත් උවමනාව තිබුණා.සයිබර් අවකාශයෙන් ආරම්භය ගත් බොහෝදෙනෙක් අද ප්‍රධාන ධාරාවේ මාද්‍යවලට ලියනවා. ග්‍රන්ථ කතෲවරු බවට පත්වුණා. ඒ අය තමයි මෙතැන ඉන්නම ඕනේ.
Viroosh Sports Complex එකගැන කියන්නම ඕනේ. මම තවමත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ නිසා මාසෙකට දෙපාරක්වත් අපි ඉන්ඩෝ ප්‍රැක්ටිස් කරනවා. හැබැයි මේ වගේ උවනාවෙන් ප්‍මිතීන්ට අනුකූලව, හිරවෙලා නැති නියම තැනකට ගිහිං නෑ. මෙතැන කරන්න පුළුවන් ක්‍රීඩා ප්‍රමාණය හිතාගන්නවත් බෑ. BYOB Restaurant එකක් සහ juice Bar එකකුත් තියෙනවා. Cricket nets සුවිශේෂයි. මොකද මම පළමු වතාවට දැක්කේ Ajustable nets තියෙන තැනක්. ඒකේ හැටි දැනගන්න ඕනෙනම් ගිහින්ම බලන්න වෙනවා.
No comments:
Post a Comment
කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >