මේ කතාව අසූව දශකයේ මැද භාගයට ඇදීයන්නක්. අපි ඒ දවස්වල දවසේ වැඩි කොටසක් ඉගෙනගන්නවාට වැඩියෙන් ගතන්කලේ, සෙල්ලම් කරන්නයි රස්තියාදු ගහන්න. අපි කළුතර දකුණ ස්ටේෂන් එකෙන් 2:33ට පිටත් වන ගාලුකුමාරි දුම්රිය එනතුරු, ආසන්නයේ තියෙන ස්නෝ හවුස් එකට වෙලා ඉන්නවා. ඒකේ තියෙන අයිස් කෝපි එකේ රස මට අදටත් මතකයි. ඒව හදන්නේ එයාලමයි. ඒක පවත්වාගෙන ගිය වයෝවෘද්ධ යුවල අපිට එයාලගේ ළමයින්ට වගේම ආදරෙයි. එතන ගහපු රස්තියාදුව නිසා මට ඒ අන්කල්ගෙන් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නත් පුළුවන් වුණා. මේ වගේ කඩවල් ළඟ රස්තියාදුව නිසා කොත්තු රොටි හදන්නත් පුළුවන් වුණා. ඒ නිසාමයි අපි සිංගප්පූරුවේ ගිය වෙලාවේ, Suresh ලගේ ගෙදරදී රොටියේ ඉඳන්ම හදලා, කොත්තු රොටි හදන්න පුළුවන් වුණේ. ඒ වෙනකොට මම කොළඹදී රොටි විතරක් කඩෙන් ගෙනැල්ලා කොත්තු හදනවා ගෙදරදී. හරි ඉතින් ගාලු කුමාරී දුම් රිය එක්ස්ප්‍රස් එකක් නිසා සීමිත නැවතුම් ප්‍රමාණයක් තියෙන්නේ. ඒක ස්ටේෂන් එකට ගාට-ගාට සේන්දු වෙනකොට ලවුඩ්ස්පීකර් එකෙන් මෙහෙම එනවුන්ස්මන්ට් එකක් දෙනවා
"පළවෙනි වේදිකාවට දැන් පැමිණි ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය තව සුළු මොහොතකින් මාතර බලා පිටත්වේ. එම දුම්රිය නවත්වන්නේ අලුත්ගම, බෙන්තොට, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ලා, අහංගම, වැලිගම සහ මාතර"
එහෙම එන අපි සිග්නල් නැතුව පයාගල(පයියා-ගල) බේරුවල දුම්රිය ස්ථාන වලට කිට්ටුව නවත්වං හිටියේ නැතිනම් 3:15 වෙත්දී බෙන්තොට ස්ටේෂන් එකට් ළඟා වෙනවා. ඒ වෙලාවට මේ ස්ටේෂන් එකේ බලු-බල්ලෙක් නෑ. දවසක් තාත්තයි-මමයි බැහැලා එනකොට, ස්ටේෂන් එකට දකුණු පැත්තේ තියෙන සුසන්තලාගේ අයියගේ (ටෙරන්ස් අයියගේ) ගෙස්ට් හවුස් එකේ (ඒක තියෙන්නේ වලට වගේ වෙන්න. ස්ටේෂන් ප්ලැට්ෆෝම් එක තියෙන්නේ අඩි 7-8 ක් ඉහළින්) කාමරයක් අසල සුද්දියෙක් උඩුකය නිරුවත්ව අවුව තපිනවා. මගේ ඇහැ ඒ පැත්තට හැරුණේ නිරායාසයෙන්, තාත්තා ටක්-ගාලා මගේ ඔළුව මුහුද පැත්තට හැරෙවුවා. වාසනාවට වමත හුරු නිසා වම් අතේ එයාගේ බෑග් එක තිබුණා වගේම, මම හිටියේ දකුණු පැත්තෙන්. අපි පයින්ම තමයි ගෙදරට යන්නේ. ගාලු කුමාරී දුම්රියේ මගේ මතකසටහන් ගොඩයි. ඒවා පසුව ලියන්නම්. මෙහෙම ගිහිං බත් කාලා, කෙළින්ම බහින්නේ අල්ලපු වත්තේ තියෙන මහ ඉස්කෝලේ පිට්ටනියට. මේ වෙනකොට ලයන්ස් ක්‍රීඩා සමාජය කියන
අපේ ගෙවල් ළඟ ක්ලබ් එකේ සෙට් එක ග්‍රවුන්ඩ් එකේ.
මගේ සම වයසේ කිහිප දෙනෙකුත් මෙතැනට එකතු වෙනවා. ඒ අපිට උඩ පංතියේ අය වෙච්ච අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට හිය සම්පත්, නාකන්දලගොඩ (කලින් රෝයල්. මාත් ඒ කාලේ මාස 6ක් ඒ ඉස්කෝලෙට ගියා) විද්‍යාලයට ගිය (නිශාන්ත) කුමාර, මගේ වයසෙ මිල්රෝයි සහ මම. අපි කට්ටිය තමයි පැත්තකට එකතු වෙලා කයියක් ගහන්නේ. නැත්නම් ජිම්නාස්ටික් පුහුණු වෙන්නේ. මට අත්දෙකෙන් පිනුම් ගහන්න පුළුවන් වුණත්, අත් වලින් ඇවිදින්න බෑ. හැබැයි කුමාරට පුලුවන්. එක සැරයක් අපේ ලොකු ක්ලබ් එකෙන්(බෙන්තොට ක්‍රීඩා සමාජය - ඩිවිෂන් III ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා වල දක්ෂයින් රැසක් ක්‍රීඩා කරපු ක්ලබ් එකක්) කරපු අවුරුදු උත්සවයේ අත් දෙකෙන් හිට ගැනීමේ තරගයේ අවසන් තරගකරුවන් වූ ආරි(Ari) සහ හොලන්ඩ් (නම මතක නැත) [මුන් දෙන්නාගේ වලිය ගැනත් පසුව ලියන්නම්] සමග හරි හරියට සටන් කරපු ක්‍රීඩකයෙක්. කුමාරගේ පියාගේ මුල් ගම වූයේ මාතර අකුරැස්ස(මගේ මතකය නිවැරදි නම්) ප්‍රදේශයයි. කුමාරගේ පුංචි අම්මලා දෙදෙනෙකු තාත්තාගේ බාල සහෝදරයන් දෙදෙනෙකු හා විවාහ වූ නිසා එය නෑදෑයින් අඩු, අපූරු නමුත් සමගිසම්පන්න පවුලකි. කුමාරගේ බාප්පාට අපි සැවොම බාප්පා යනුවෙන් ඇමතීමට පුරුදු වී සිටියෙමු. උසස් අධ්‍යාපනයක් සහිත හෙතෙම අපගේ පියා සමගද කුලුපග වූයේ කලක් ඔවුන් අපගේ නිවසේ ඇනෙක්සිය කුලියට ගත් නිසාය.
අප සෙනසුරාදා - ඉරිදා වන් බොහෝමයක ක්‍රිකට් තරගයක් ක්‍රීඩා
කරනු හෝ සුපුරුදු ක්‍රීඩාවම කල අතර, දිනක් ප්‍රමාද වී කුමාර හති දමමින් දිවැවිත්, අසල ගසක් යටට වී සිටි අප අසල නැවතී යමක් කියන්නට උත්සාහ ගත්තේය. නමුතු ඔහුගේ මුවගින් වදන් පිට නොවූයේ, වේගයෙන ඉහළ පහළ දමන හුස්ම නිසාය. ඔහුගේ සුරතෙහි තදින් මිරිකාගෙන සිටින ඇම්බුන් වර්ගයේ කෙසෙල් ගෙඩි තුනකි. දෑන් මේ කියන්න යන බස අසනාවට වඩා අපගේ සිත් පැහැරගෙන තුබුණේ ඔහු අත රඳවාගෙන් උන් කෙසෙල්ගෙඩි වෙතටය. තවත් මිනිත්තු කිහිපයක් ගිමන් හැර දෑස් ලොකුකරගත් වනම(මේ දෑස් ලොකු නිසා ඇහටුල්ලා යන සුරතල් නාමයෙන් හෙතෙම ජනප්‍රියත්වයක් ලබා තිබුණි) කථා කරන්නට පටන් ගත්තේය. මේ කතාව කුමාරගේ පාට් ටයිම් ජොබ් එක වූ ඔරු පැදීම හා බැඳුණු කතාංගයකි.
"මචං මං උදේම ගියා ඔරුවේ හබල් ගාන්න. අද ගයිඩ් අයියා එක්කං ආවේ ජපනෙක්. ඌ නිකං බෲස්ලී වගෙයි. අපි ඌව ඔරුවේඑ එක්කං ගියා. උඹලා දන්නවනේ ක්‍රොකඩයිල් කියලා පෙන්නන්නේ කබරගොයි කියලා. අන්තිමට තොටුපළට ඇවිත්, ලෑලි කෑල්ලේ 490/- කියලා ලියලා පෙන්නුවා. ජපනට කේන්ති ගියා නහුතෙට. ක්‍යා ... හූෆ් .... පූෆ් ගෑවා. කෙසෙල් ගෙඩි දෙක පොළොවෙව් ගැහුවා. ඊට් පස්සේ කට්ටියට ගහන්න පැන්නුවා. මම කෙසෙල්ගෙඩි දෙකත් ඇහිඳගෙන ගුණසේකරලගේ වත්තෙන් දුවලා මෙහෙ ආවා. අන්තිමට මට ඉතුරු වුණේ මේ කෙසෙල්ගෙඩි දෙක විතරයි"
කියමින් තවමත් අමු, තැනින් තැන කළුපැහැ ගැන්වී ඇති කෙසෙල් ගෙඩි දෙකකි.

මට මේක මිස් වුනේ කොහොමද? බ්ලොග් රෝලට ආවෙ පහු වෙලාද මන්දා? කාලෙකට පස්සෙ හරි ලියපු එකම මඳැයි? 👌💐🙏
ReplyDeleteමෙයාගෙ ඒව රීඩරේ පෙන්නන්නෙ ටියුබ් ලයිට් වෙලා.
Deleteමගේ බ්ලොග් එකේ ඉස්සර ඉඳන් තිබුණු අවුලක් ඕක. දැන් බුකියට සින්න වෙලා නිසා, ඒකට ප්‍රතිකර්ම හොයන්න ගියේ නැහැ.
Deleteහම්මේ ගාලු කුමාරි. ඕක පානදුරේ නවත්තන්නෙ නෑ. එක්කො මගින් බහින්න වෙනවා, නැත්නම් කලුතර ගිහින් ආපහු එන්න ඕනෙ. අපේ ඉස්කෝලෙ ගාව ගෙදරක රස අයිස් කෝපි වික්කා. ඉඳලා හිටලා තමයි බිව්වෙ. මහිතේ, ඉස්සර මගුල් ගෙවල් වල අයිස් කෝපි හදන කොට බ්‍රැන්ඩි ටිකකුත් දානවද කොහෙද? මම පස්සෙ හදන්න ට්‍රයි කලා ඒ රස ආවෙ නෑ. ඒ රස එන්න, අවස්ථාවත් බලපානව ඇති. පීක් සමර් එකේ මෙහෙදි බොන "අයිස් කැපුචීනෝ" එක රසවත්, හැබැයි සීනී වකාරෙ.
ReplyDeleteපයිත්තියන්ද මුන්නැහේට ගළු කුමාරි මොරටුව පානදුර නවත්තනවා.
DeleteThis comment has been removed by the author.
Deleteපස්සෙ නවත්තන්න ඇති. හරියම ගාලු කුමාරිමද කියලත් මතක නෑ. 3.45pm වලට විතර කොටුවෙන් පිටත් වෙච්ච සීඝ්‍රගාමී කෝච්චිය. ඔෆිස් වලින් කලින් පැන්න දකුනෙ අයියලාගෙ කල්ලි හිටියෙ.
Deleteඔය කියන්නේ රුහුණු කුමාරි. ඒක කෙලින්ම කළුතර නවත්වන්නේ. අයිස් කෝපි හදද්දී වැනිලා දාගන්න ඕනේ. බ්‍රැන්ඩි අනිවාර්‍ය නෑ. ඒත් හරිචන්ඳ්‍ර කෝපි, නෙස්කැෆේ දෙක කලවමේ ගන්න.
Deleteආන්න ජංසං රුහුණු කුමාරි තමා. රෙසිපියට ස්තූතියි.🙏💐
Deleteඩොස් සුදීක කෙහෙල් ගෙඩි දෙකේ කතාව දන්නවද
ReplyDeleteදන්නවා. උඹට වෙංහ්ච දේ ගැන දුකයි. කෑවනම් කමක් නෑ. එක එකා කියන තැන්වල ඔබා ගන්නත් වුණානේ.
Deleteකබරයි පෙන්නල කෙහෙල් ගෙඩි දෙකක්වත් හම්බඋනා මදැයි.
ReplyDeleteඔය පරණ තාලෙ කෝච්චි ස්ටේෂන් වලට මම පට්ට කැමතියි. හුදකලා බව, සිල්පර කොටන් වලට වැටුන දැවි තෙල් සුවඳ මට සිහි කලේ වික්ටෝරියා යුගයේ නව කතාවක අතීතකාමය.
ReplyDeleteසිරාවට
Deleteමාත් අත් දෙකම උස්සනව ඕං
Deleteආ දිල්රුක් ගොයියා කල එලි බැහැල වගේ . වෙල්කම් බැක්
ReplyDeleteටිල්වින් නාකි ඩයි මයිනා නං දැන් පද්මිණි කළු කැත ගෑනිව අතඇරලා සරණංකර ටෙරස් ප්‍රමිෂ්කාගේ ජංගි ලෙව කනවා
Deleteතව එකක් තියනවා . //දවසක් තාත්තයි-මමයි බැහැලා එනකොට, ස්ටේෂන් එකට දකුණු පැත්තේ තියෙන සුසන්තලාගේ අයියගේ (ටෙරන්ස් අයියගේ) ගෙස්ට් හවුස් එකේ (ඒක තියෙන්නේ වලට වගේ වෙන්න. ස්ටේෂන් ප්ලැට්ෆෝම් එක තියෙන්නේ අඩි 7-8 ක් ඉහළින්) කාමරයක් අසල සුද්දියෙක් උඩුකය නිරුවත්ව අවුව තපිනවා.// අර කොම්පඤ්ඤවීදිය පහු කරලා කොල්ලු පිටියට එනකොට හරි කොල්ලු පිටිය පහු කරල බම්බා යනකොට හරි , අර ජෙන්ටල්මැන් ක්ලබ් (colombo swimming club) එක හරියේ පොඩි හොටෙල් එකක් සහ ස්විමින් පූල් එකක් තිබ්බ . ඒකෙත් ඔය සීන් එකමයි . ඉතින් මැජෙස්ටික් හරි සැවෝයි එකේ හරි ඇඩම්ස් ඔන්ලි බලන්න යනකොට ඔතැනින් ඉන්ට්‍රෝ එකක් අරගෙන යන්නේ .
ReplyDeleteමටත් ඒ ස්විමින් පූල් එක මතකයි. ටොපිව දීයාම කාපිය!. මම කොච්චර බෙල්ල දික් කරගෙන බලාගෙන ගියත් අපිට වැදුනෙ නෑනෙ එහෙම චෑන්ස් එකක්.😞
Deleteහරි වෙලාවට හරි තැන ඉන්න ඕනේ කියල කතාවක් තියනව
Deleteසුදීක, ඔයා බෙන්තොට සිරිසේන මුදලාලිගේ පවුලේ අයව දන්නවද? ටෙරන්ස්, අතුල හෙම මගේ යාලුවෝ. 1975 විතර එයාලගෙ බතික් වැඩපොළ පටන් ගත්තේ මං. එතකොට සුසන්ත පොඩි ළමයෙක්.
ReplyDeleteWelcome back!
ReplyDeletemaru
ReplyDeleteමුල ටික කියවං යද්දි රොමේෂ්ගේ සන්කැචර් නවල් එකේ මුල පරිච්ඡේදවල තියන විස්තර මතක් වුණා.. ඉපදිලාවත් නැති කාලයක් ගැන නොස්ටැල්ජියාවක් එක්ක..
ReplyDelete