කෙටිම කෙටි ලොල් කතා වලට අන්තිමට ලියපු සටහනේදී (අර නයා තොතපු එක) සමහරුන්ට ඒකෙ හිනා යනවා මදි කියලා කිව්වා. ඒකට හේතුව තමයි සමහර කතා වල තියෙන රසය වචන වලින් විස්තර කරන්න බැරි කම. ඒ නිසා මම හිතුව "ලොල්ද මන්දා" කියන හිසින් ඒ වගේ කතා ලියන්න. මේ කතාවත් ඒ වගේ එකක්.
මේක වුණේ වසර 2000 ලැබුව ගමන්ම් වගේ. හැමෝටම මතක ඇති Y2K ප්‍රශ්නේ. ඒකට බැංකු විදියට අපි ගොඩාක් බයෙන් හිටියේ. මොකද බැංකු වල සිද්ද වෙන හැම ගනුදෙනුවකටම දිනය වැදගත් නිසා. ඉතින් අපේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයෝ කණ්ඩායම් වශයෙන් බෙදලා ප්‍රාදේශීයව ස්ථානගත කරා යම් ගැටළුවක් ඇති වුනොත් ඒවාට මුහුණ දෙන්න. මාව මේ ක්‍රියාන්විතයේදී යොදවලා තිබුනේ අනුරාධපුරයේ.
මම ඇතුළු කණ්ඩායම නතර වෙලා හිටිය හෝටලයට 2000 ලැබුවත් එක්කම කළු ෂර්ට් ඇඳගත්තු කොන්ඩේ බැඳපු කණ්ඩායමක් ආවා. පළවෙනිදා හවස තමයි ආවේ. කළු පාට පෙට්ටි වගයකුත් බෑවා. දැන් අපිට හිතා ගන්න බෑ මේ කොන්ඩ කාරයෝ කවුද කියලා. ඒ අතරින් ඉන්න අය අපෙත් එක්ක හිනා වුනත් අපේ කට්ටිය හිනා වෙන්නවත් ගියේ නැත්තේ මොන ජාතියේ මිනිස්සුද කියලා දන්නේ නැති නිසා. අනිවාර්යෙන්ම කොළඹ ඉන්න රස්තියාදු ටීම් එකක්ද කොහෙද කියන එක තමයි අපි කථා වුණේ.
"මම හිතන්නේ කැලිප්සෝ මියුසික් කාරයෝ සෙට් එකක්" එහෙම කිව්වේ අපෙත් එක්ක ගිය ඩ්‍රයිවර් ජපන් බට්ටා.
"ඒත් එහෙම වුණා නම් ඊයෙනේ එන්න තිබ්බේ" මම කිව්වා. මොකද 2000 ලබනවත් එක්කනේ මියුසික් කරන යට වැඩ තියෙන්න තිබ්බේ.
"මොක්කු වුණත් අපිට මොකද? අපි යමු බං නිදා ගන්න" එහෙම කිව්වේ අපි අතර ඉන්න කම්මැලියා සම්පත්.
මේ අයව ගණන් ගන්නේ නැතිව අපි හතර දෙනා අපේ කාමර වලට ගිහින් නිදා ගත්තා. මම කවදත් උදෙන් නැගිටිනවා. මේ කියන දවසේ උදේ මම නැගිටලා උදේට ටිකක් ව්‍යායාම කරන්න හිතාගෙන සුදානම් වුණත්, තවම ඒ හෝටලයේ සේවකයන් අවදි වෙලා නැති නිසා අපේ කාමර තියෙන කොරිඩෝව දිගේ සක්මන් කර කර හිටියේ. මේ එක්කම මගෙත් එක්ක ගිය ලිහිනිකඩුව කියන මගේ මිත්‍රයාත් ආවා.
දැන් වෙලාව උදේ 6.30 විතර ඇති. අපි දෙන්නා කථා කර කර ඉන්න තැනට අර කොන්ඩේ බැඳපු අයගෙන් ටිකක් විකට පාට එකෙක් ආවා. අපි දෙන්නා නොදැක්ක ගානට අපේ කතාව කරගෙන ගියා. ඒත් අර කොන්ඩයා මට අතින් කථා කරා. කොච්චර රස්තියාදුකාරයෙක් වුනත් තිබුණේ බොහොම බයාදු පෙනුමක්. මමත් පුරුෂ දෛරිය අරගෙන භය නැතිව ගියා කොන්ඩයා ලඟට. මිනිහා මගේ කණට කරලා රහසින් අහනවා
"සර්, මේ හරියේ පරවියෙක් හොයා ගන්න තැනක් නැද්ද ?" කියලා
"පරවියෙක්. පරවියෙක් මොකටද මේ උදේ පාන්දර. පරවියෝ ඇති කරන්නේ කොළඹ පැත්තේ මිනිස්සුනේ" කියල මම මහා හයියෙන්ම කිව්වා.
"ස්.... ස්... කෑ ගහන්න එපා සර්. අපි ගෙනාපු පරවියා මගේ අතින් පැනලා ගියා. අපේ ලොක්කට ඇහුනොත් ඉවරයි"
"හරි ඉතිං කියන්නකෝ මොකටද කියලා"
"අපි අද මැජික් ෂෝ එකක් කරනවා සෙන්ට්‍රල් කොලේජ් එකේ. ඉතිං පරවියා නැතිව කොහොමද මැජික් එක කරන්නේ"
පින්තුරය ගත්තේ : http://www.clker.com |
ඇත්තටම "පරවියා නැති වෙච්ච මැජික් කාරයා" කියන්නේ "නයා මැරිච්ච අහිකුන්ටිකයා" වගේ තමයි. ඉතිං මේ කතාව අපේ ඔෆිස් එකේ කිව්වහම නම් කිහිප දෙනෙක් බඩ අල්ලාගෙන හිනා වුණා. ඔයාලටත් හිනා යනවද බලන්න.
මේනනම් සිරාවටම හිනා යනවා සුදීක. අන්තිම උපහැරනේ තමා මරු. පරවිය නැතිවෙච්ච මැජික් කාරයා වගේ. හික්ස්..
ReplyDeleteඅද පාන්දරම ඔෆිස් වාර්තා කලාද? නැත්නම් එන ගමනද ?
Deletemage Driver paraku una natnam mama 1.
DeleteJayawewa
:)
Deleteමටනම් හිනාගියෙ මැජික් කාරයින්ව අදුනගන්න බැරිඋන එකට . උන් හැංගිලද මැජික් කලේ
ReplyDeleteයකෝ වාහනෙන් බහිනකොට කොහොම අදුනගන්නද උන් කවුද කියලා.
Deleteඔය Y2k ප්‍රශෙන් දවස්වල හෝටල්වල නැවතිලා නිදිමරාගෙන තමයි IT කස්ටිය උන්නෙ ඉතින් හෝටලේ බදු අරගෙන වගේ තමයි සේවක සේවිකාවන් හොඳට පුරුදුයි . යන එන අය ගැන හුඟවෙලාවට් සේවක සේවිකාවන්ගෙන් අප්ඩේට් ලැබෙනවා
Deleteඑහෙම අප්ඩේට් වෙන්න වෙලාවක් තිබුණේ නෑ ජෝන් ඒ දවස්වල. අපි පොඩ්ඩක් කලබලෙන්නේ ඒ දවස් වල හිටියේ.
Deleteඅපිත් ඒදවස්වල මූට්ටු කරගෙන වැඩ
Deleteඅපි ඔය ගමනේදී නතර වුණ තුන් වෙනි තැන ඔය හිටියේ.
Deleteමටනම් හිනාගියේ නෑනෙ..
ReplyDeleteඔය ලොල් කියන්නෙ ඉංග්‍රීසි ලොල්ද ? සිංහල ලොල්ද ?
ඉංග්‍රීසි ලොල් (LOL). ඒක තම ලෝල්ද මන්දා කියලා අලුත් කැටගරියක් පටන් ගත්තේ.
Deleteලොල් නෑ...:D:D
ReplyDeleteමේ ලඟදි මම හොඳ උපමාවක් දැක්කා. 'අශ්වයා මැරුණු කව්බෝයි කෙනෙක් වගේ' කියලා.
හෙක් ... හෙක් ...
Deleteඅප්පෝ ඕක පරණ උපහැරනයක්
Deleteඑතකොට මැෂින් එක කැඩිච්ච ටේලර් වගේ !!!
Deleteමේක කොහොමද "Password නැති System Administrator වගේ "
Deleteමොකෝ නැත්තෙ ලොල් තමා, අයියෙ සමහර කතා ලිව්වට ලොල් ගතිය දැන්නෙන්නෙ නෑ. හැඩ වැඩ කරල කටින්ම කිව්වම තමයි ලොල්. ආදරේත තොතපු එකත් එහෙම තමා..
ReplyDeleteසමහර ජෝක් සමහරුන්ට තේරෙන්නෙ නෑ අයියෙ.
ඒක තමා. Imagine කරලා බලන්න ඕනේ.
Deleteහික් ..හික්.. පරවියා නැතුව කොහොමද පරවියෙක් මවන්නේ නේද ?
ReplyDeleteමම පුංචි කාලේ මැජික් සංදර්ශනයක් බැලුවා එකේ හිටිය මැජික් කාරයා තොප්පියක් ඇතුලෙන් හාවොයි , පරවියෝයි , සුදු මියෝ වගේ සත්තු මවනවා දැකලා මම හිතුවේ මේක සිරාම වැඩක් තමයි කියලා.. පස්සේ ලොකුවෙලා මැජික් කාරයෙක් වෙන්න මම ෆුල් ට්‍රයි කළා. ඒ වෙනුවෙන් ගත්ත මැජික් පොත් නම් තමාත් තියෙනවා ගෙදර පුස් කකා ..
wena baha..uba hitpu gaman Blog ekan apita Magic penanwane.
DeleteJayawewa
හෙක් .. හෙක්...
Deletemata hina yane.."oyala magic karyanta bayawela,,eyala oyalta bayawela.
ReplyDeleteJayawewa
හෙක් .. හෙක් ...
Deleteසංජීව: ඇත්තටම අනුරාධපුර පැත්තේ පරවියෝ නැද්ද ?
Deleteඅපෝ ... ඉන්නවා
Deleteවෙනොදන්සය්ක් විදහට ඇති කරනව
ඇත්තටම ඇයි ඕකට පරෙවියෙක්ම ගන්නෙ වෙන කුරුල්ලෙක් ගන්න බැරිද?
ReplyDeleteඋඹ කියන්නේ පැස්බරෙක් වගේ එකෙක්ද ?
Deleteniyama katawa.
Deleteප්‍රසන්න කියන්නෙ මයිනෙක් වගෙ කුරුල්ලෙක් ගැන වෙන්න ඇති.
Deleteපැස්බරෙක් උනත් අවුලක් නෑ. හැබැයි ඌව මවන්නනං කන්ටේනර් පෙට්ටියක්වත් ගන්න වෙයි.
Deleteඅපරාදේ තව ටිකක් බය කරලාම එන්න තිබ්බේ
ReplyDeleteඒකගේ මුණ දැක්කනම් දුක හිතෙනවා.
Deleteඅරක මාර උපහැරණේ. සිරා කතාව සුදික. මේකේ දේශපාලනික වටිනාකමකුත් තියෙනවා. මාතලංට අහුවෙයි.
ReplyDeleteකොයි එකද ?
Deleteදේශපාලනේ තමා ඉතිං.
Delete:D හෙක්, ඇත්තනේ හත්වලාමේ, ඕක ප්‍රස්ථාපිරුළක් වගෙත් ගන්න පුළූවනි.. :D
ReplyDeleteපරවියා නැති මැජික් කාරයා :)
DeleteSudeeka Magic walta Baya una wage..
Deleteමම Y2K වලට බය වෙලා හිටියේ. ඒ කතාවත් ලියන්න වටිනවා.
Deleteස්ත්තුඉ ලංකාප්රිය් අය්යා, සෙන්නා
ReplyDeleteජයවේව .
කොණ්ඩයට කියන්න තිබුනෙ හාල් මිටක් හරි,පාන් භාගයක් හරි අරන් ස්ටේෂම ලගට යන්න කියල.
ReplyDeleteකොහොම වුණාද මැජික් එක කියලයි මම කල්පනා කලේ. ලොක්කා තොප්පිය අතගාලා මෙන්න පරවියා කියලා එලියට ගත්තම මුකුත් නැති වුනොත් ?
Deleteඒකත් මරු ප්‍රස්ථා පිරුලක් නේ...
ReplyDeleteඒ මනුස්සයා කොහොම මැජික් පෙන්නුවද දන්නෙ නෑ..
ඒක තමයි.
Deleteආ..පුරේ පරවියෝ නෑ කියන්න එපැයි!!!
ReplyDeleteමල්ලි ..අනුරධපුරෙන් පස්බරෙක් හරි දෙනම්
Deleteඑහෙනම් පරවියා නැතුව මැජික් වැඩක් කරන්නම වෙනවා. මැජික් පෙන්විමත් පොඩි මැජික් එකක් නේ
ReplyDeleteඅපි හිතන් හිටියේ මැජික් කාරයන්ට ඕන දෙයක් මවන්න පුළුවන් කියලානේ. බැලුවම ඔවුනුත් අසරණ වෙනවා.
Deleteපරෙවියා නැති කරගත්ත බව ලොක්කා දැගත්තාම මුගේ දත් ටිකබඩට යවයි. ඊට පස්සේ ලොල් ලොල් කියලා කතා කරයි
ReplyDeleteලොල් ම තමයි.. අයියෝ මගේ බඩ..
ReplyDeleteමැජික් ෂෝ එක හබක් වුණාද දන්නෑ :)
ReplyDelete