මගේ ත්‍රී වීල් මිතුරා වන සාගරගෙන් මෙවර ත්‍රී වීල් පාක් එකේ දන්සල නැත්තේ ඇයිදැයි විමසූ විට, "ආ සර් දැන් ඒවාට නීති දාලානේ, ආධාර එකතු කරනවා නම් පොලීසියෙන් සහතිකේකුයි, පන්සලේ ලොකු හාමුදුරුවොන්ගේ සහතිකේකුයි, ග්‍රාම සේවක සහතිකේකුයි ඕනේ. ඒ නිසා මේ පාර වැඩිය දන්සල් නෑ". අතලොස්සක කරන කූඨ උපක්‍රම නිසා සැදැහැ සිතින්ම දන්සලක් කරන අයට වැට බැඳ තිබීම කනගාටුවට කරුණකි. එහෙත් අමාරුවෙන් උපයාගෙන ඉතා කටුක ජීවිත් ගත කරන මහජනයාගේ මුදල් වංචා කරන්නන් මෙසේ නීති පද්දතියකින් වත් හිර කර තැබීම වටී යන්න මගේ විශ්වාසයයි. එවිට වෙළඳ සංගම් වැනි මහජනයාගේ මුදල් මත නො-යැපෙන දන්සල් එසේ පවත්වාගෙන යාමට බාදාවක් නැත. දන්සල් මගේ අදහස් වෙනස් වන්නේ කොළඹට සංක්‍රමණය වීමෙන් පසුවයි. සියළුම වර්ග වල ආධාර එකතු කරනන්න්ට මේ වට බැඳෙනවා නම් අගනේය.
කුඩා කල අප දන්සල් වලින් කන්නට යන්නේ නැත. අඩුම තරමින් පන්සලේ දානේ තිබෙන දවසට වත් පන්සලෙන් කන්නේ නැත. එසේ කන අයට "පිං බතා" යන ලේබලය එවකට ගම් වල අය අලවන්නේ නිතැතිනි. මා ගමේ උද්යෝගීව ගතකල කාලයක, අප පැවැත්වූ දන්සලක් සඳහා ආධාර එකතු කරන්න ගිය බොහෝ විටෙක, "මේවා කරනවාට වඩා නොකරනවා නම් හොඳයි" යන්න එකලද මගේ සිතට ආ කාරණයයි. ඇත්තටම ඒවා සොඳුරු අත්දැකීම්ය. එකල දන්සැලකට කෙනෙකු ගෙන්වා ගන්නට මහත් පරිශ්‍රමය දැරීමට සිදු විය. කෝට්ටක සවි කල කහ කොඩි කෑල්ලක් තබාගෙන පාරේ ඩියුටිය කරන්නට ස්වේච්චාවෙන් ඉදිරිපත් වන අය අප අතර විය.
අදනම් දන්සැල් අසල පොදිකන අය දුටු විට සිහියට එන්නේ මිනිසුන් මෙතරම් කන්නේ කෙලෙසද කියාය. සමහරු දන්සැල් වැඳීම හුදු විනෝදයට කරන දෙයක් බව පැහැදිලිය. කොටින්ම හැම දේම රැල්ලට කෙරෙන රටක මේවාද රැල්ලක් අනුව සිදු වීම පුදුමයට කරුණක් නොවේ. ඒ අතින් අර වට බැඳීම සාධාරණය.
මා මුලින්ම දන්සැලකින් බත් ටිකක් කෑවේ තිස්සමහාරාමයේදීය. ඒ වනවිට මගේ වයස විසි ගණනක් වී තිබුණි. අද වනතුරුත් එතරම් ප්‍රනීත දන්සල් ආහාර වේලක් රස බලා නොමැත. එයට මා දන්සල් කෑම අඩුවෙන් කිරීමද එක හේතුවක් වන්නට ඇත. අප දන්සලක් කරන කාලයේ වත් මා එතනින් නොකා ලිස්සා ගියේ මගේ හිතේ පැලපදියම් වූ එක් සිතුවිල්ලක් නිසාය. ඒ දන්සල් දිය යුත්තේ "දුගී, මගී, යාචකාදීන්ටය" යන ප්‍රකාශයය. ඊට අමතරව අපේ දන්සලට පැමිණ හොඳින් බඩ කට පුරවාගෙන ගිය වෙනත් කණ්ඩායමක් අපේ කණ්ඩායමට ඔවුන්ගේ ඇසළ පෝයට පැවැත්වෙන "ෆ්‍රයිඩ් නූඩ්ල්ස් දන්සල" ට ආරාධනා කර තිබුණි. එදින අද දන්සැලකින් ආරධානාවක් තිබෙනවා යයි ගෙදරට පවසා මාද රාත්‍රී හත වනවිට පොරොන්දු වූ ස්ථානයට ලඟා වූ අතර, එහි යාමට රාත්‍රී අට වනතුරු බලා සිටින්නට සිදු විය.
දන්සැලකින් කන්න මා දැක්වූ ලජ්ජාව තිබු නමුත් කණ්ඩායමක් වශයෙන් යන බැවින් තරමක සැහැල්ලු බවක් දැනිණි. අප ගමන් ගත්තේ මේ සඳහා එකල ජනප්‍රියම වහනය වන පුෂ් බයිසිකල් වලිනි. අප එතනට ලඟා වන විට රාත්‍රී අට පසු වී විනාඩි විස්සක් ගත වන්නට ඇත. තවමත් පෝලිමේ පොදිකන අය දැක "අපි ආපහු යමු නේදැයි" මා ඇසුවද, "උඹට පිස්සුද අපිට පෝලිමේ ඉන්න වෙන්නේ නෑ, අපිව අනිත් දොරෙන් ඇතුලට ගන්නේ" යන්න කිවේ කවුරුන්ද යන්න මට මතක නැත. අප බයිසිකල් වලම සිටින අතර එතනට ලං වූ අපේ එක මිතුරෙක් එහි උන් කෙනෙක් සමග මද වෙලාවක් කතා කොට ආපසු අප වෙත ආවා. "මචං වැඩේ හරි යන්නැති පාටයි. හදපුව ඔක්කොම ඉවර වෙලා, උන් ආයෙත් උයනවා, කනවා නම් නමයහාමාර විතර වෙයි කිව්වා". "මේ වැඩේ හරි යන්නෑ. අපි යමු" තව කෙනෙක් කී විට, බඩගින්නෙම ආපසු ගෙවල් බලා පැද්දෙමු. එදින ගෙදර විත් කුස්සියේ භාජන පෙරලන සද්දෙන් ඇහැරී අම්මා ඇවිත් "ඇයි කොහෙන්ද කාල එනවා කිව්වා නේද?". "නෑ මේ තේකක් බොන්න බැලුවේ" යන පවසා ෂේප් වුනෙමි.
කොළඹ ආ පසු නුගේගොඩ ගත කල කාලයේ බොහෝ විට මෙය විලාසිතාවකට කෙරෙන වැඩක් බව තේරුම් ගතිමි. එහෙත් මේවා පුළුවන් තරම් මග ඇර සිටීමට උත්සාහ ගතිමු. අප යන වාහනයක් නවත්වා සිසිල් පැන් දන්සැලක් මගින් ලබා දෙන බීම බීවා හැර ලොකු පරිමානයේ දන්සැලකින් සප්පායම් වුවේ නැත.
නමුත් කළුබෝවිල පදිංචියට ආ පසු ඉදිරිපස නිවසේ තරුණයන් හා ඔවුන්ගේ ඥාති සහෝදරයන් සමග නිවසට මදක් ඈතින් පාලම අසල ඇති දන්සල වෙත ගොස් කහබත් හා සීනි සම්බල් සමග ආහාර ගත්තෙමු. එහි ගිය විට සිනහ උපදවන කාරණය වුයේ, එහි හිඳ ආහාර ගන්නේ සංවිධායකයන්ගේ පවුල් වල අයම වීමයි. අනෙක් පසින් විශාල පාර්සල සකසා දෙන වෙනම කණ්ඩායම යුහුසුළුව වැඩ කරයි. එය දන්සැලකට වඩා සුහද සන්ද්‍යාවක සිරි ගත්තකි. මේ සඳහා අප නිවසෙන්ද දායක වූ නිසා කෑමට අයිතියක් ඇති බව අර තරුණයන්ගේ අදහසයි. එය මට සිනහ උපදවන කාරණයක් වුයේ "දන්සල් දිය යුත්තේ දුගී මගී යාචකාදීන්ටය" යන කියමන මගේ සිතේ පැලපදියම් වී තිබූ නිසාය. අනෙක අප සල්ලි දුන් පලියට එයට හිලව්වට කනවා නම් කඩයකින් කෑ හැක. පිනට දෙන මුදල් වලට පින් හැර තවත් යමක් බලාපොරොත්තු විය යුතුද ? ඉන්පසු ඔවුන් තිදෙනාද සමග දෙහිවල ගාලු පාරේ තැනකටද ගොස් එයින්ද කුමක් හෝ සප්පායම් වුව මතකය.
ඉදිරිපස නිවසේ ඥාති සහෝදරයා සිටින්නේ දෙහිවල සරණංකර මාවතේය. ඒ අසල ඇති ආර්කේඩියා නමැති අවන්හලක් ආධාරයෙන් ලබාදෙන අයිස් කෝපි දන්සලට ආධාර කරන්නට අපිත් සහභාගී වීමු. එතැන පාරේ යන වාහන නවත්වන රාජකාරිය බාරගෙන තිබුණේ ඥාති සහෝදරයා හෙවත් ලංකේෂ්ය. ඔහු ඒ සඳහා අමුතුම ක්‍රමයක් අනුගමනය කලේ සියල්ලන්ම මවිතයටත් සිනහවටත් ලක් කරමිනි. එහි යන වාහන සියල්ල ඔහුගේ අණින් සැනෙන් නතර කෙරෙන අතර අයිස් කෝපි සුදානමින් සිටින තරුණ පිරිස යුහුසුළුව වාහාන ජනෙල් තුලින් ලබා දේ. එහි වරක් මොන්ටෙරෝ රථයක් නවත්වා සිසිල් පැන් ලබා ගත්තේ චිත්‍රපට නළු රංජන් රාමනායක සහ එහි සිටි තරුණියන් කිහිප දෙනෙකි. වාහන නැවත්වීමට ලංකේෂ් භාවිතා කලේ පොලිස් නලාවට සමාන නලාවකි. එය එක් වරක් නාද කල විට වාහන නවත්වන්නේ පාරේ ඉරි ඇඳෙන්නට තිරිංග යොදාය.
තවමත් මගේ සිත් ගත් දන්සල වුයේ පාරේ යන වාහන වලට පුංචි කොස් පාර්සල් ලබා දීමයි. එය හුදෙක් බඩ පුරවා ගැනීමට නොව, කෙටි ආහාරයක් ලෙස ලබා දුන්නේ දියවන්නාව පාලම අසලදීයි. ඉන්පසු රාජකාරි වලට පිට ප්‍රදේශ වලට යන අතරතුර මෙවැනි තැන් වලින් බොහෝවිට සිසිල් පැන් දන්සල් වල රථය නවතන්නේ අපේ රියදුරුය. ඉතිං ඔවුන් පිරිනමන දේ ප්‍රතික්ෂේප නොකර පරිභෝජනය කළෙමු. නමුත් ඔවුන්ට පිං දීමට මා පසුබට නොවුනෙමි. ඔබ දන්සැලකින් සප්පායම වනවා නම් එය අවසන් වූ පසු සංවිධායකයින්ට සහ දායකත්වය දැක්වූවන්ට පිං දීම ඔබේ යුතුකමය.
2011 වසර දන්සල් විෂයෙහි මට විශේෂ වසරකි. අප්‍රේල් මාසයේ අග හරියේ දිනක රාත්‍රී අටට පමණ ගේට්ටුවට තඩි බා ඉදිර්යේදී පවත්වන අයිස්ක්‍රීම් දන්සැලකට අයිස්ක්‍රීම් ලීටර 4 ක් දෙන්නට පොරොන්දු කරගත් කොළු ගැටව් පිරිසක් සහ මා නිතර ගමන් ගන්නා ප්‍රතිබිම්බාරම පාර හන්දියේ ත්‍රී වීල් කරුවන්ගේ දන්සලට පොල් ගෙඩි පණහක දායකත්වයක් ලබා දීමට සිදු විය. එසේ ආධාර එකතු කල පාලිත නැමැත්තා පවසා සිටියේ පසුගිය වසර වලද අපේ නිවසින් එසේ පොල් ගෙඩි පනහක් ලබා දුන් බවය. එය ගමෙන් ගෙනවිත් දෙන්නට ඇතැයි සිතු මා, ඔහු ගනුදෙනුවේදී එතරම හොඳ නැති නිසා අනෙක් දින වල යන ත්‍රී වීල් රියදුරන්ගෙන් මේ ගැන ඇසු විට "අපි නම් යන්නෑ මහත්තයෝ ඕවට. මිනිස්සුන්ගේ සල්ලි යටි මඩි ගහන ඒවා කවද හරි පල දෙනවා" යනුවෙන් පැවසුවේ පැටී නමින් හඳුන්වන තරමක් වයසැති එහෙත් දැඩි අදහස් ඇත්තෙකි. මේ සියල්ලන්ටම වඩා මා විශ්වාස කරන සාගර නමැති ත්‍රී වීල් මිතුරාගෙන් මා විමසූ විට පවසා සිටියේ "කලින් අවුරුද්දේ සල්ලි එකතු කලේ පැටී. මේ පාර පාලිත. කලින් එකතු කරන කොට අනිත් ය කිව්වෙත් ඔය ටිකමයි". ඇත්තටම එය සිනහවට කරුණකි. තමන්ගේ වරදට වඩා අනුන්ගේ වැරදි පේන අය අද සමාජයේ බහුලව දකින්නට ලැබෙන දෙයකි.
වෙසක් දිනට පෙර ඉරිදා දිනයේ අර තරුණයන්ගේ දන්සල මතක් වී, අක්කාගේ පුතා මෙහි නිතර කරක් ගසන බැවින්, "අයිස් ක්‍රීම් දන්සලක් දෙන්නේ කොහෙද ?" කියා ඇසු විට, "අර ප්‍රතිබිම්බාරාම පාරට හැරුන ගමන්ම තියෙන හරස් පාරේ" කියූ බැවින් ඒ පැත්තේ පොඩ්ඩක් ඇවිද විපරම් කලෙමි. ඒ හරියේ නිතර රස්තියාදු ගසන කොල්ලන් කිහිපයකින් ඇසු පසු සී. ආර්. පොතක් ගත් කොල්ලෙක් මා වෙත පැමිණ, මගේ අවශ්‍යතාව(මට උවමනා වුනේ පොරොන්දු වූ අයිස් ක්‍රීම් ලීටර් 4 ලබා දීමටයි) තේරුම් ගෙන මගේ නම විමසීය මා "සුභාෂ්" යයි කී විට, "අයියේ පොඩ්ඩක් ඉන්න" කියා ආපසු යනවිට මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. එය අවසන් කරන විට අර කොලු ගැටයා මා ළඟය. කැඩුණු අකුරින් මගේ නම ලියූ පොත දැක අසල කඩයෙන් ලීටර් 4 වැනිලා අයිස් ක්‍රීම් එකක් අරන් දුනිමි.
එහෙත් වෙසක් දිනයේ උදෑසන 11.00 ට පමණ පැමිණි කොළු ගැටව් රැලක් ගේට්ටුවට තඩි බා ඔවුන් ආවේ අයිස් ක්‍රීම් ලීටර් 4 සඳහා මුදල් රැගෙන යාමට බව පැවසූහ. ඔවුන්ගේ පොතේ නම ලියා ඇත්තේ මගේ අත් අකුරිනි. මට වරද තේරුම් ගැනීමට හැකි විය. ඔවුන් දන්සල පවත්වන තැන ඇසූ මා, එය වෙනත් ස්ථානයක යයි පසක් වූ විට, "මල්ලී මම ප්‍රතිබිම්බාරාම හන්දියට ඉරිදා ගිහින් අහලා අයිස් ක්‍රීම් අරන් දුන්නා. එක නෙවෙයිද ඔයාලගේ දන්සැල?". "ආ ! ඒක වෙන එකක්. අපේ සල්ලි දෙන්න අපි ගන්නම්". ඒ ගමන මම නිවසට ගොස් රුපියල් පන්සීයක් ගෙනවිත් ඔවුන් ඇත තැබීමි.

අවසානයේදී වෙසක් දිනයට කලින් දින නුගේගොඩ පොලෙන් පොල් ගෙඩි පනහක් මිලදී ගත්තේ රුපියල් 45 බැගින් 25 කුත්, රුපියල් 50 බැගින් 25කුත් ලෙසය. ඒ කුඩා සහ ලොකු ප්‍රමාණ වල ඒවා ගන්නටය. අවසානයේදී ගෝණියට සහ ප්‍රවාහනයත් සමගින් රුපියල් 2600ක මුදලක් මේ සඳහා වැය විය. පසුදා වෙසක් දිනයයි. නමුත් මගේ සහෝදර සේවක පිරිස තලංගම ඩිපෝව ඉදිරිපස දෙන සීනි-සම්බෝල සහ පාන් දන්සල සඳහා දායකත්වය දෙන්නට පොරොන්දු වී සිටි නිසා එදින සවස එක වනවිට එහි ලඟා වුනෙමි. ඊට කලින් මා තැනූ කූඩුව නිමා කර ගන්නට ලැබීම අස්වැසිල්ලකි.
එදින විහිලු තහළු මැද උණු - උණු පාන් හතරට කැපීමේ කණ්ඩායමේ කොටස් කරුවෙකු වීමි. ටික වෙලාවකින් පාන් කාල් දෙකට කැපීමට කෙටි ක්‍රමයක් හඳුන්වා දීමට මට හැකි විය. පාන් උණු නිසා ඒවා ඇකිලීමට නොදී කැපීම ලේසි පහසු කාර්යයක් නොවීය. අවසානයේ පහමාර වනවිට අප කාර්යාලය ඉදිරිපස් ඉදි කර තිබූ කැනපිය යටට එක රැස් වූ සියල්ල පන්සිල් සමාදන් වී. තවත් සුළු මොහොතකින් වැඩ ඇරඹීය.
විවිධ වර්ග වල වාහන නවත්වා අපදුන් පාන් ලබා ගත්තෝ, ගෙදර පස් දෙනෙක් ඉන්නවා, තුන් දෙනෙක් ඉන්නවා යනුවෙන් පවසා මදි කොටස ඉල්ලාගෙන යාමටද පසුබට නොවීය. මද වෙලාවකින් මහා වැස්සක් පතිත විය. අප වැස්සද නොතකා අපගේ කාර්යයේ නිරත වුවේ, අප තෙමුනත් පාන් තෙමෙන්නේ නැති බව සිකුරටම දැන සිටි නිසාය. ඒ ඒවා සිලි මලු වල දමා ගැට ගසා තිබුන නිසාවෙනි. මේවා පිළියෙළ කරද්දී සීනි සම්බල් අඩුපාඩුවක් වූ නිසා හදිසියේ සෑදූ පොල් සම්බෝල පාන් වලටද කදිම ඉල්ලුමක් විය. නමුත් අවාසනාවක තරම එතන අපට හමු වූ එකම නැති බැරි (දුගී)පිරිස තිදෙනෙකුට සීමා වීමය. ඔවුන් ඇත වෙනත් තැනකින් ලබා දුන වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් විය. ඇති පමණ රැගෙන යන ලෙස අප ඔවුන්ට ඉඩ සැලසුවත්, ඔවුන් ලබා ගත්තේ අමතර කැබලි තුනක් පමණි. ඒ ඔවුන් බඩගින්න හඳුනන නිසාවෙනි. මෙය ඉතිරි කර ගියහොත් කාගේ හෝ බඩගින්නක් නිවෙන බව ඔවුන් දන්නා නිසාය.
එය හමාර වූ වහාම මා පිටත් වුයේ ත්‍රීවීල් පාක් දන්සල විවෘත කිරීමට රාත්‍රී 7.00 ට එන ලෙස මටද ආරාධනා කල නිසාය. මා තෙතබරිත ඇඳුමින් ආවත් නුගේගොඩින් පසු කිසිම ස්ථානයකට වැසි වැටී නැතිබව දැක එක් අතකින් පුදුමයකටත්, අනිත් අතින් සතුටටත් පත් විය. නැවත ඇඳ පැළඳ ගත් මා දන්සල පවත්වන ස්ථානයට පයින්ම ලඟා විය. මා එහි යනවිටත් දිගු පෝලිමක් තිබුනද පේන මානයේ තවත් දන්සල් දෙකකි. මා දුටු විගස පාලිත "එන්න සර්" කියා මා ඇතුලටම කැඳවාගෙන ගොස් අසුනක හිදුවන්නට සලස්වා නැවතත් එලියට දිව්වේය. සුළු මොහොතකින් තවත් මහතෙක් එහි ලඟා විය. ඒ ආරියසිරි ඒජන්සීස් අධිපති වරයාය. මම සුළු මොහොතක් ඔහු සමග දොඩමලු වුවේ, එය ආරම්භ කිරීමට අවශ්‍ය පොල්තෙල් පහන සකසන තුරුය.
මේ අතර මා හාත්පස දෙස පොඩි විපරමක් දැමීමි. එහි බුෆේ ක්‍රමයට භාජන තුනක් සහ ගැට ගැසූ සිලි මලු කිහිපයක් විය. අනෙක් පස ආවරණ අස්සෙන් තවත් කාන්තාවන් කිහිප දෙනෙකුත්, කුඩා ළමුන් පිරිසක්ද, කෙල්ලන් සහ කොල්ලන්ද අසුන ගෙන ඇත. මෙය මට ප්‍රහේලිකාවකි. නමුත් ඒ ගැටලුවට පිළිතුරු ලැබුනේ සංවිධායක වරයා ඒ පැත්තට යන විට ඔහුගේ බිරිය යයි සිතිය හැකි අයෙක් ඔහු සමග කුමක් හෝ සාකච්චා කල විටය. තවත් සුළු මොහොතකින් මුලික වැඩ කොටස අවසන් වී ආරියසිරි මහතාත් මමත් ආහාර තිබෙන තැනට ආවෙමු. නමුත් එහි වුයේ බත්, පරිප්පු, සෝයා මීට් සහ පපඩම් පමණි. අප දෙදෙනා බෙදාගත් පසු අනෙක් පස වූ පිරිස දුවවිත් ආහාර බෙදා ගන්නට විය. මෙතදන සිදු වුයේ ඥාති සංග්‍රහයයි. දුගී සහ යාචක කෙසේ වෙතත් මගී පිරිස තවමත් පොඩි කමින් පෝලිමේ බලා සිටිති. මේ ඇතුලෙන් ගන්නා කොටස ගැන ඔවුන් හොඳ අවුබෝධයක් සිටින බව පෙනේ. ඔවුන් ඒ පිලිබඳ කිසිදු නිනව්වක් නැත.
සාගරගෙන් පසුව දැනගත් පරිදි දන්සල තිබූ තැන පහුවදා තිබී හිස් අරක්කු බෝතල විශාල සංඛ්‍යාවක් ඉවත් කර තිබේ. ඊට පසු අවුරුද්දේද පාලිත "මේ පාරත් හරිනේ සර්" කීවේ ම උදෑසන ඇවිදින්නට යන විටය. මා ඔහුට හිනාවකින් සංග්‍රහ කලද, වෙසක් දිනය වනතෙක් ඔහු පැමිණියේ නැත. පසුව දැනගත් පරිදි වෙසක් දිනයේ ඔහු දන්සල පසෙක දමා අනුරධාපුරයේ ගොස් ඇත.
දිගු අත්දැකීම් සමුදායක් මෙසේ කෙටි කොට දක්වා මා කියන්න යන්නේ මාතෘකාවට අදාළ දේය. එනම් දන්සැල් දිය යුත්තේ කාටද ? යන්නයි. මේ වනවිටත් ඔබට පැහැදිලි පරිදි "දුගී, මගී, යාචක" යන තුන් කොටසටය. දුගියා යනු දුප්පත් කමේ ගිලී සිටින තැනැත්තාය, මගියා යනු (බුදුන් දවස නම් ගව් ගණන් දුර ගමන් ගන්නා පුද්ගලයා මේ ගණයට සැලකිය හැක. අනෙක ඉන්දීය සමාජයේ ගමන් ගන්නට තිබූ දුර නිසාම මගියා විශේෂ කොට තකන්නට ඇත), යාචකයා (ලංකාවේ තරමක් අඩු වුවත්, ඉන්දියාවේ යාචකයන් වැහි වහින්නට සිටින බව නොරහසකි). ඉතිං බුදුන් දවසේ භාරතය පදනම් කරගෙන ඇති වූ මේ දන්සැල් ක්‍රමය, අද ශ්‍රී ලංකාවේ කෙරෙන්නේ විලාසිතාවක් අනුවය. එයට දන්සල් සංකෘතිය යයි කීම වඩාත් නිවැරදිය. කරන්නන් වාලේ ඕනෑම දෙයක් සිදු වන ලංකාවේ මෙයත් ගසා කන්නන්කදිමට කරගෙන ගිය බොහෝ දෙනාගේ ඇස නොගැටුණු තවත් ක්‍රීඩාවක්ය. නමුත් මේ කියන නීතිය සැබවින්ම ඇත්ත එකක්දැයි නොදනිමි. එසේ නම් එය ඉතාම වටිනා එකකි.
මෙයට සරිලන පින්තුරයක් සොයන්න ගිය විට තායිලන්තයේ දන්සැල් දෙන ආකාරයේ බ්ලොග් අඩවියක පල වූ මේ පින්තුරය නෙත ගැටුණා.
එම බ්ලොග් අඩවියට පහත සබැඳියාවෙන් ගොස් කියවිය හැක.
නාලන්දාව

ReplyDelete" දන්සල් වලින් කන්නේ හිඟන්නෝ " ඉස්සර මටත් මතකයි දන්සැලකින් කනවා කියන එක 3rd ක්ලාස් වැඩක්..
"දන්සල් දෙන්නේ මහා උත්තමයෝ" තමන්ගේ තත්වේ පෙන්නන්න තමයි ගොඩක් දෙනා දන්සල් දුන්නේ..
=============================
අද වෙනකොට ඔය මානසිකත්වයෙන් ඉවත් වීම නම් වටිනවා ගොඩක් ... ඕනෙම ලෙවල් එහෙක මනුස්සයක් අද කාලේ දන්සල් වලින් කෑම වේලක් කනවා..මට නම් ඒ ගැන සතුටුයි...ඒ වගේ මානසිකත්වයක් ඇති වෙමින් තියෙන අවස්ථාවක දන්සල් සඳහා මහා ලොකු නීති රීති ගෙන ඒම නම් වැරදි...
==============================
අන්තිමට වෙන්නේ බඩගින්නට වත් කෑම වේලක් ගන්න දන්සැලක් නැති වෙන එක..දන්සල් දෙන ඈයෝ මහා උත්තමයෝ බවටත් , දන්සල් වලින් කන්නේ හිඟන්නෝ කියන තැනටත් නැවත පත් වේවි...
" ධානය " කියන දේ සැබෑ අරුත නෙවේ මතු වෙන්නේ එහෙම ආකල්පයකින් දන්සල් දුන්නහම..
මේවා ගැන මීට වඩා කියන්න දේවල් තියේ..ඒත් වැඩක් නැහැ සුදීක..BBS වගේ තලෙයිබාන් වැඩ වෙන්නේ අද.. අර වේවැල් සිද්ධියට මොකද උනේ...? මම නොදන්න කමට අහන්නේ ...
ඔයාගේ පරිසරේ තත්වය නෙවෙයි සහන අපේ ගමේ ඒ කාලේ තිබුණේ. ඒ අය විශ්වාස කලේ තියෙන කෙනෙක් අර වගේ වෙනත් කෙනෙකුට දෙන්න තියෙන දේවල් පරිභෝජනය කරන එක වැරදියි කියනවා වගේ දෙයක්. පහත් කොට තැකීමක් නොවෙයි. වෙනත් අයෙක්ගේ අවස්තාව උදුරාගැනීම වගේ දෙයක්. මට ඔයාගේ කතාවෙන් තේරෙන් දෙයක් තමයි, ඔයා ඉහල ආර්ථික පසුබිමක් තියෙන කෙනෙක්, ඔයා වගේ කෙනෙක් දන්සැලකින් කනවා කියන්නේ නිහතමානීකම පෙන්වනවා වගේ දෙයක්. මං හරි නේද ?
Delete****" දන්සල් වලින් කන්නේ හිඟන්නෝ " ඉස්සර මටත් මතකයි දන්සැලකින් කනවා කියන එක 3rd ක්ලාස් වැඩක්..
Delete"දන්සල් දෙන්නේ මහා උත්තමයෝ" තමන්ගේ තත්වේ පෙන්නන්න තමයි ගොඩක් දෙනා දන්සල් දුන්නේ..*****
සුදීක මම කියන්නේ හැදුවේ සමාජයේ ආකල්පය මෙවැනි දේ ගැන..නැතුව මම ඔහොම හිතන්නේ නැහැ කිසිම විදිහකින්...
අද වෙද්දී දන්සල් වලින් ඕනෙම කෙනෙක් කනවා ..ලැජ්ජාවට කරුණක් වත් , ගෞරවයට කරුණක් වත් නෙවේ දනස්ලකින් කනවා කියන දේ..එවැනි පසු බිමක් තියෙද්දී මහා නීති ගෙන ඒමෙන් වෙන්නේ නැවත පංගු පේරු ඇති වීම..
දන්සලක් දෙන්නෙම " මහා ලොකු මිනිස්සු " කියන දේ නේද නැවත වෙන්නේ ...?
\\\\මට ඔයාගේ කතාවෙන් තේරෙන් දෙයක් තමයි....................\\\\
හපොයි නැහැ සුදීක මම එහෙම කෙනෙක් නෙවේ...ඒ වගේම සුදීකට ඒ විදිහේ සිතුවිල්ලක් එන දෙයක් මගේ කමෙන්ට් එක තුල මට පේන්නේ නැහැ...
මේ නීති ගෙනැවිත් තියෙන්නේ ආධාර එකතු කිරීම සම්බන්ධයෙන් මට තේරෙන විදියට. වංචාව අඩු කරන්න. ඒකෙන් පන්ති බේදයක් ඇති වෙන්නේ නෑ. ඕනෑනම් ත්‍රී වීල් රියදුරන්ට වුවත් සංගමයක් අටවගන්න පුළුවන්. හැබැයි වගකීමක් එනවා.
Deleteමම ඔයා ගැන වැරදි නිගමනයකට ආවේ "දන්සැලක් දෙන්නේ මහ ලොකු මිනිස්සු කියන එක ඔයාගේ ගෙදරින් ආ ආ වචනයක් යයි සිතලා. හිත් රිදීමක් වුවා නම් සමා වෙන්න.
දන්සල් ගැන මහා දිග විස්තරයක්... හැම දේම විලාසිතාවට ගිය ලෝකේ දන්සලත් අද එතැනට ගිහින්.. ඒ වගේම කිසිම ප්‍රමිතියකින් තොරව හිතූ ලෙස දන්සල් බිහි වෙනවා.. ඇතැම්හු කීප දෙනකුගේ එකමුතුවෙන් අන් ආධාර නොපතා දන්සල් දෙනවා.. මේ ප්‍රමිතිගත දේ නොමැතිකමින් හොර දන්සල් කරුවන්ද බිහිව තිබෙනවා..
ReplyDeleteදන්සල් සදහා ප්‍රමිතියක් අවශ්‍යයි. නැතිනම් පෞද්ගලිකව හැකි පමණ දෙයක් දන් දුන්නාට කම් නැත..
කොහොමත් දන්සලක් වැනි දෙයක් සමිතියක් වැනි ලියාපදිංචි තැනකින් සංවිධානය වනවා නම් ඒ ගැන ඇතිවන පැහැදිමත් වැඩියි.
අනෙක් කරුණ දන් සල්හි පිරිසුදු බව පිළිබද ගැටලුවයි.
ඕනෑම දෙයක් තියෙන්න ඕනේ තැන ඉක්මවා ගියාම, ආපහු ඒක තියෙන්න ඕනේ තැනට වැටෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය.
Deleteසිංහලයාගේ 'දීමට' ඇති කැමැත්ත දන්සැල්වලින් ප්පේනවා. ඒ උනත්, ඒ දීම නැති බැරි උදවියට දුන්නොත් හොඳයි නේද කියන අදහස ඔය දන්සැල් කතාවෙදි මගේ හිතට හැමදාම එන දෙයක්. නැති බැරි උදවියට හාල්, පරිප්පු, පිටිකිරි වැනි දේවල් නිවෙස්වලට ගිහින් බෙදා දුන්නානම් ඔය දීඉමේ අර්ථයක් තියෙයි. කෑම, බීම තියෙන අයට බලහත්කාරයෙන් තවත් කැවීමක් විදියටයි දන්සැල් මට නම් පේන්නේ. හිතට ආපු අදහසක් විතරයි.
ReplyDeleteඇත්තටම අර දෙමව්පියන් ළමයින්ට කවන්න වෙන මහන්සිය වගේ දෙයක්. වැඩේ ඉවර කරලා ගෙදර යන්න තියෙන හදිසියට වගේ සමහරු මිනිසුන්ට කවන්න, පොවන්න උත්සාහ ගන්නේ. මමත් විශ්වාස කරන්නේ තෝරාගත් නැති බැරි යට උදව් කිරීම අංක එකට කරලා. මේ වගේ දේවල් නගරෙකට එකක් වගේ වෙන්න කලාට ගැටළුවක් නෑ.
Deleteඅද සමහර නෝනලාමයි මහත්තයලාට කියන්නේ අදනම් උයන්න ඕනෙ නැහැ අතන, මෙතන, අහවල් තැන, දන්සල් තියනවා ඒ එකකින් කමු කියලා. බලන්න දන්සල් වලින් කන්න ලක්ෂ 80 කෝටිය වටිනා වාහන වලින් එනවා. අන්ත අසරණ දුප්පතුන් සහ යාචක ජනතාවට කොපමණ අවස්ථාව ලැබෙනවාද යන්න මටනම් සැකයි. දන්සල අවසානයේ අරක්කු පාටියක් තියන්නේ අර දන්සලට ලැබුන ආධාර මුදල් වලින්මයි. ඒ මුදල් වියදම් නොකර තමන්ගේ මුදල් වලින් වුනත්, වුනත් දන්සලක් අවසානයේ ඒ ස්ථානයේම අරක්කු පාටි දමන්නේ අමනයන් මිස මිනිසුන් නොවේ. (මම අමද්‍යපයකු නොවෙමි)
ReplyDeleteදන්සල් සඳහා ප්‍රමිතිකරණයක් අවශ්‍යයි. ග්‍රාමසේවා නිලධාරි, පොලීසිය, සිවිල් ආරක්ෂක කමිටුව, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, විසින් අක්‍රමිකතා නිරීක්ෂණය කලොත්, ඒම දන්සල සංවිධානය කලවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඔය මිනිස්සු අර ලක්ෂ 80 හොයලා තියෙන්නෙත් ඔය වගේමයි කියලයි මට හිතෙන්නේ.(අනුන්ගෙන් කාලා).
Deleteදෙමළ නොදන්නවා උනාට නිකන් දෙනවා නම් දෙමළ පත්තරෙත් අපේ අය ගන්නවා.සුදීක අයියා කියන්න වගේ හැමදේම විලාසිතාවක් වෙලා.කුමක් අරඹයා අපි මේ දේ කරනවද යන්න නිසි අවබෝධයක් නැතිව හැම දෙයක්ම කරන්න පුරුදු වෙලා.
ReplyDeleteපුදුම යාන්ත්‍රික වීමක් තමයි.
Deleteමගේ අදහස අනුව දන්සැල් දෙන්න ඕන තනි පුද්ගලයෙක් හෝ හොඳින් දන්නාකියන කිහිප දෙනෙක්. එතකොට විශ්වාසය පිලිබඳ ප්‍රශ්න අඩුයි. ඒ වගේම තමන්ට පුළුවන් තරමින් දුන්නම ඇති. මම දන්න කියන තැනක දරුවන් දෙතුන්දෙනෙක් දන්සැලක් දුන්න. සල්ලි හොයාගත්තෙ ලඟම ඥාතීන්ගෙන්. දුන්නෙ අයිස්ක්‍රීම්. පැය දෙකකදි බඩු ඉවරයි ඒත් කාටවත් කරදරයක් නෑ.
ReplyDeleteහරිම සරල ඔය වගේ ඒවා වලනම් කිසි ගැටළුවක් නෑ.
Deleteමේත් දන්සැල් ගැන.වෙලාව තියේ නම් කියවා බලන්න.
ReplyDeletehttp://meeghaya.wordpress.com/2013/05/19/%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%90%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%a7%e0%b7%92-the-dansala-or-a-party/
-------- මම ජයශ්‍රී -----------
හරි.
Deleteදන් සැල් කියන්නෙ මිනිස්සු එකතු වෙන තැනක්.. මම මට්ටක්කුලි ඉන්න කාලෙ මතකයි දෙමල මුස්ලිම් අයත් දන් සැල් දුන්නා..
ReplyDeleteමම දන්සැල් වලට එලෝගෙන යන්නෙ නැහ. සල්ලදෙන්නෙත් නැහැ.
නමුත් බලෙන් නවත්වල කවන්න පොවවන්න යනවානම් එපා කියන්නේත නැහැ.
අනේ මන්දා...මිනිස්සුන්ට සතුටු වෙන්න අවස්ථා අඩු නිසා මිනිස්සු දංසැලත් පාටියක් මට්ටමට ගන්නවා.. කාරු වැරදිද හරිද දන් නැැහ..
ඔය දේ තමයි බොහෝ දෙනා කරන්නේ. නමුත් මේ දේවල් අපතේ යනවා කියන දුක බොහෝ දෙනාට දැනිලා තියෙනවා.
Deleteඇත්තටම බස්නාහිර පළාත වැනි පළාතක දන්සැල් අවශ්‍ය වෙන්නෙ නැහැ.ඒ යොදන මුදල් දුෂ්කර පළාත්වල එදාවේල පිරිමහගන්න මිනිසුන්ට දෙන්නහැකිනම් ඒක මහා කුසලයක්.
ReplyDeleteබුදුන් දවසඅ තිතයේ දන්සැල් දුන්නේ ඔබ සදහන් කල පරිදි දුගී මගී යාචකයින්ටයිත ඔවුන් දුරගමන් යද්දි අධික වෙහෙස නිවාගන්න මෙවැනි දානශාලා ක්‍රමයක් පැවතුනා. ඒ නිසා එවන් දුගී මගී යාචක පිරිස් එවන්තැන්වලින් ආහාර පාන ගෙන චිත්තප්‍රිතියට පත්වුන බවයි වැටහෙන්නේ.
ඒත් අද දන්සැල්වලට යන්නේ හුදෙක්ම විනෝදයට මිස කුස ගින්නට නොවේ කුසගිනි නිවාගන්න ඒ තැනකට යනවා නම් ඒ අතලොස්සක් දෙනා විතරයි.
අනෙක් අතට මෙවර දන්සැල් සම්බන්ධයෙන් පනවා ඇති නිතිරීති හොදයි කියලා හිතෙනවා. එකක් පිරිසිදු බව, සෞඛ්‍ය ආරක්ෂිතබව,තහවුරු වෙනවා. දෙන්නන් වාලේ දෙනවාට වඩා එවැනි නිතිපද්ධතියක් එක්ක දන්සැල් ක්‍රියාත්මක විම අගෙයි
ඇත්තටම දයා බොහෝ මිනිසුන් ලංකාවේ දුෂ්කර ගම්මාන වලට ගිහිං නෑ. ඒ පැතිවල ජනතාව ඉල්ලා සිටින්නේ මොනවද කියලා දන්නේ නෑ. මේ නගරයේ දකින විප්‍රකාර දැක්කම පුදුම කලකිරීමක් ඇති වෙනවා. මගේ රාජකාරිය නිසා ලංකාවේ බොහෝ පළාත් වල යන්න ලැබුණ නිසා දන්නේ, හරියට බොන්න වතුර ටිකක් නැති අය කොයි තරම් ඉන්නවද? ඒත් කොළඹ මල් ගස් වලටයි, කාර් හොදන්නයි බොන්න පුළුවන් වතුර යොදා ගන්නේ. මගේ මා කල පර්යේෂණ i මගින් මේ ගැන කථා කළා. නැවතත් මේ ගැන කතා කරන්න කාලය එළැඹ තිබේ යන්න මගේ විශ්වාසය.
Deleteපොසොන් එකට හරි වෙසක් එකට හරි අපේ ඉස්කෝලෙන් දෙනවා අයිස් කෝපි දන්සැලක්. බෝධියට යන එන අය ගොඩක් ඉන්න නිසා වැඩි වෙලා තියෙන්නේ නෑ දන්සැල!:)
ReplyDeleteහොලී ක්‍රොස් එකෙන්ද ?
Deleteගොඩක් වෙලාවට දැන් දන්සැල තමන්ම හදල තමන්ම කන එකක් බවට පත්වෙමින් පවතිනවා...අහළ පහල හැම තැනින්ම සල්ලි එකතු කරල දන්සැල් දෙනවට වඩා හොඳයි නොදී ඉන්න එක
ReplyDeleteඇත්ත
Deleteමට හිතෙන විදියට කවුරු උනත් දෙන එක්කෙනා දෙන්නේ හොඳ චේතනාවෙන් නම් (දානය යනු අත්හැරීමයි) ඒක දන්සලකටත් පොදුයි.ප්‍රතිග්‍රහකයාගේ සුදුසුකම් අනුව ලැබෙන පින් වෙනස් වෙනවා.
ReplyDeleteකලකට පෙර වෙසක් පෝ දිනක ලංකාතිලකය ලංකාතිලකය වඳින විට ඒ අසල ළමයි ටිකක් කුරුම්බා කපා දෙන විට මා කේවල් කරමින් හොඳ කුරුම්බා ඉල්ලුවා. ඒ ළමයින් සිනාසුනා මිස මට මොකුත් කිව්වේ නැ. මා ඇත්තෙන්ම සිතුවේ ඔවුන් කුරුම්බා අලවි කරන්නවුන් කියායි. කුරුම්බා වලට මුදල් ගෙවන්න ගියාමයි දැනගත්තේ ඔවුන් කලේ කුරුම්බා දන්සලක් කියල. ඊයෙත් වෙසක් පො දින ලංකාතිලකය වඳින්න ගියාම ඒ සිද්ධිය මතක් උනා.
එයාලාට අවශ්‍ය ආධාර නෙවෙයි අනුග්‍රාහකයෝ.
Deleteඅයියගෙ කථාව ඇත්ත...විවාදයක් නෑ...බොරුවට උජාරුවට දන්සැල් දෙනවට වඩා හොදයි නැති බැරි කෙනෙක්ට හරි ආබාධිත කෙනෙක්ට හරි පිහිට වෙන එක...
ReplyDeleteකොයි තරම් ඉන්නවද
Deleteමම ඉස්සර ඉදන් දන්සැල් වලින් කන්නේ නැ . ඒ කැම බීම පිලිගන්ඩ මම සුදුස්සෙකු නෙමෙයි කියලා පොඩි දවස්වල ඉදන්ම මට හිතුනා . දන්සැල් දෙන ඒවට සම්බන්ද වෙලාවත් මම ඒ දන්සැලෙන් කාලා නැ . බිම නං බිලා තියනවා පුෂ් බයික් එකේ වෙසක් බලන්න යනකොට . එත් ඒ එක වාරයක් දෙකක් විතරයි , අපේ දුවට දන්සැලකින් කන්ඩ ඕන කියලා ගිය අවුරුද්දේ එයාටත් මම ඔය කතාවෙ කියලා තේරුම් කරලා දෙන්න හැදුවා ඒකි නෙමෙයි පිලි ගත්තේ . අනේ ඔයාගේ පංඩිතකං පව් මේ දරුවගේ ආසාවනේ කියලා මට බැනපු අටමි , මල්ලිලා එක්ක කෙල්ලව දන්සැල් වදින්ඩ ඇරියා . ගෙදර ඇවිල්ලා බඩ අතගගා හිටියේ ඔය , මේ පාරත් ඔන්න වටයක් ගහලා ආවා .
ReplyDeleteවෙසක් දවසේ මම ගියා එක ගෙදරකට , ගෙදර කොල්ලා යාළුවොත් එක්ක සව් දන්සැක් දීලා දවල් තුනට පටන්ගත්ත දන්සැල හය වෙනකොට ඉවරයි , ගෙදර දුහගන ආපු කොල්ලා අරක්කු කේස් (ගල්) එකක් ත්‍රීවිල් එකට පටවගන දුහන ගමන්
මංජු අයියේ යනගමන් දන්සැල පැත්තේ වරෙන්
කොච්චර බොන්ඩ පෙරේත උනත් මම නං යයි ඔය සාපවතුර බොන්ඩ
පොඩි මිනිහා විතරයි බං ඒ විදියට හිතන්නේ.
Delete100 % agreed (ekagai) kiyana tiyana.
ReplyDeleteJayawewa.
දැන් සංජීව මගේ පොස්ට් එකකට කමෙන්ට් නොකලොත් ඒක ලොකු අඩුවක් වගේ.
Deleteදන්සැල් වන්දනාව, අපි පොඩි කාලෙ නම් විනෝදයක්. ඒකත් එක සංස්කෘතියක් කියන එකට මම එකඟයි.
ReplyDeleteපිටතින් බැලුවහම නම්, ධනවත් කියන අයටත් වෙසක් දාට කන්න නැති තත්ත්වයක් පේනවා තමයි.
සාමාන්‍ය මධ්‍යම පන්තියෙ අය නම් ජීවන වියදමෙන්, අවුරුද්දකට දවස් දෙකක් තුනක් වත් මේ විදිහට සහනයක් ලබනවා කියලත් පේනවා.
ඔව් රජයේ රැකියා කරන, මධ්‍යම පාන්තිකයන් සහ ඉන් පහල අයට නම් මේක සාහනයක්. ඒත් ධනපති අයත් මේකෙන් වේලක් හරි පිරිමහ ගන්න බලනවා.
Deleteආර්කේඩියා එකේ මේ ගමන බත් දුන්නේ..අපිත් කෑවා..
ReplyDeleteහරීම රසයි....ඒ වගේම පිරිසිදුයි....
ආර්කේඩියා කියන්නේ කොහොමත් පිරිසිදු තැනක්.
Deleteගොඩක් අය දන්සැල් දෙන්නෙ තමන්ටමයි.
ReplyDeleteදුප්පත් මනුස්සයෙක්ට දෙනව කියල හිතාගෙන සංවිධානය කළෑට අන්තිමේ දන්සැල දෙන තැන හතර වටේ අයම කාලා බීල සතුටු වෙනව
බොහෝ තැන් වල වෙන්නේ ඒකයි සසිනි.
Deleteසුදික ඉන්තුරයෙන් දැක්වෙන්නේ දන්සල් දීමක් නෙවෙයි. තායිලන්තයේ දිනපතා පිණ්ඩපාතයේ වදින ස්වාමීන්වහන්සේලාට ගිහියන් කරන පිණ්ඩපාත දන් පිළිගැන්වීමක්. පිණ්ඩපාතය සඳහා වඩින උන්වහන්සේ පිටිපස්සෙන් කැපකරුවෙක් ප්ලාස්ටික් බාල්දියක් රැගෙන එනවා. ඒ අමතරව ලැබෙන දේ එකතු කිරීම සඳහා.
ReplyDeleteගිහියන් සෙරෙප්පු ගලවලා බිම ඔහොම දන ගහල හිඳ ගන්නවා. ඊට පස්සේ ආහාර බඳුන හිස මුදුනට අරගෙන වන්දනා කරලා
භික්ෂුන් වහන්සේ ලඟට වැඩියම දානය පිලිගන්වනවා. බලන්න ලස්සනයි. සංඝ ගෞරවය උපරිම විදියට පවත්වමින් දෙන දානයක්. ලංකාවේ බල්ලන්ට පොල්ලෙලි ගහල දානවා වගේ දෙන දාන නෙවෙයි.
තායිලන්තයේ පිණ්ඩපාත වඩින ස්වාමීන් වහන්සේලාට දැන් දෙන හැටි මමත් දුටුවා. ඇත්තටම ඔවුන් වඳින ආකාරයත් හිතට එකඟවම කරනවා. මේ පින්තුරය මම විශේෂයෙන් දැම්මේ එහි තිබූ සටහන කියවීමෙන් පසුවයි. එයට පහලින් තිබෙන නාලන්දාව කියන සබැඳියාවෙන් ගොස් කියවන්න.
Deleteඅගනා ලිපියක්.
ReplyDeleteඅඩුගානේ වෙසක් පොහොයට හෝ සිල් සමාදන් නොවී ට්‍රිප් යන බෞද්ධ නාමධාරීන්ට සහ වේශ ධාරීන්ට නම් දන් සැල් දීමෙන් එතරම් පලක් නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. ඊට වඩා ගොඩක් හොදයි පෙහෙවස් සමාදන් වෙන පිරිසට , පන්සල් එන පිරිසට දන් සැල් දෙන එක.