මගේ කාර්යාලීය මිතුරෙක් ඉන්නවා ටිකක් අමතක වෙන ලෙඩේ තියෙන. ටිකක් නම් ඉතිං අපි කොයි කාටත් අමතක වෙනවානේ. ඒත් මේ කියන මගේ මිත්‍රයට ගොඩක් අමතක වෙනවා. මුලින්ම මිනිහට අමතක වෙච්ච එකක් දෙකක් මතක් කරන්නම්කෝ. ඒ දවස් වල අපේ නුගේගොඩ තිබ්බ ඔෆිස් එක පෝය දවසට නම් අනිවාර්යෙන්ම වහලා. එහෙම දවස් වලත් වැඩට ඇවිත් නමය, නමයහමාර විතර වෙනකම් බලන් ඉන්නකොට මතක් වෙනවා අද පෝය නේද කියලා. මද සිනහවක් මුණේ ඇඳන් ගෙදර යනවා. මිනිහගේ හොඳම ගතියක් තමයි මුහුණ දීපු අකරතැබ්බ අපිත් එක්ක කියලා මහා හයියෙන් හිනා වෙන එක. මේක කෙනෙකුට කලාතුරකින් පිහිටන හොඳ ලක්ෂණයක්.
පින්තුරය ගත්තේ : http://jdsrilanka.blogspot.com |
තවත් දවසක් අනුරාධපුර රාජකාරි ගිහින් ඉන්න දවසක මගේ මිත්‍ර ආනන්දත් අපේ කතානයාත් තව කිහිප දෙනෙකුත් උදේ නැගිටලා තේ එහෙම බීලා වැඩට යන්න සුදානම් වෙනවා. ආනන්ද හැම තැනම හොයනවා දත් බුරුසුව හම්බ වුනේම නෑ. අන්තිමට කඩේට යන්න හිතාගෙන කට්ටිය එකතු වෙලා දත් මදින තැනට ගියා කියන්න. මෙන්න අර අපේ කතා නායකයා සුදු පාට බුරුසුවකින් දත් මදිනවා. හරියට ආනන්දගේ එක වගේමයි.
ආනන්ද : සුරාජ් ඔය දත් බුරුසුව උඹේද ?
සුරාජ් : ඔව් මගේ, ඇයි ?
ආනන්ද : හොඳටම ෂුවර්ද ?
සුරාජ් : ආ උඹේද ? ආ ගනින්.
කියලා මැද - මැද හිටපු බ්‍රෂ් එක එහෙමම දීලා.
අන්තිමට මේක කරන්නම බැරි තැන මේ ගිය යාළුවො කට්ටිය ඒ කාලේ අමතක වෙන ලෙඩේට නැගලම යන බේතක් වෙච්ච memory+ ගන්න කියලා සුරාව එක්කන් ගියා ටවුන් එකට. අන්තිමට බර ගානක් දීලා පෙට්ටියක්ම අරන් ආවා. රෑ ඔන්න හැමෝම ඉස්සරහ එක කරලක් ගිල දැම්මා "මෙමරි ප්ලාස්" කියලා. උදේ ඔෆිස් ගිහින් ඉන්න කොට ආනන්ද අහලා මචන් මෙමරි ප්ලස් ගත්තද ? කියලා. එතකොට සුර කියලා "හරි වැඩේනේ බොන්න අමතක වුණා" කියලා.
දැන් අපේ කතාවට එමු. මේක වුනේ අපේ අර කලින් කියපු නුගේගොඩ ඔෆිස් එක තිබ්බ කාලේ. අපේ ඔෆිස් එක ළඟ තියෙනවා බේකරියක්. උණු උණුවේ පාන් බානවා හවසට. දවසක් අපේ සුරාජ් මහත්තයා එතනින් පාන් ගෙඩියක් ගත්තා. එක අරන් මිනිහා ඔෆිස් අරන් එන ලෙදර් බෑග් එකේ දා ගත්තා. ඔය ලෙදර් බෑග් වල දැම්මම ගෙදර යනකොටත් උණුසුම ආරක්ෂා වෙන නිසා මේකට නියම භාණ්ඩේ. හයිලෙවල් පාරට පයින්ම ගිහින් නුගේගොඩ සෙන් ජෝන්ස් එක ගාවින් තියෙන බස් හෝල්ට් එකෙන් අපේ මිත්‍රයා අතුරුගිරිය යන බස් එකකට ගොඩ වුණා. මේ බස් එකේ කට කපල සෙනග. නැග්ග තැනම තියෙන රාක්කෙ තමාගේ බෑග් එක දාලා සුරාජ් දැන් බස් එකේ යන්න සටනක් දෙනවා.
වාසනාවකට මහරගමට යනකොට එනත වාඩි වෙලා හිටිය පින්වන්තිය නැගිටලා බැස්සා. අපේ මිත්‍රයාට කරදරයක් නැතිවම ආසනය ලැබුණා. දැන් මිනිහා බස් එකේ දාලා තියෙන සින්දුව අහගෙන යනවා. මෙහෙම ටික දුරක් යද්දී අපේ මිත්‍රයා තද නින්දකට වැටුණා. අහන්න දෙයක් නෑ ඉතින් කවුරු වුනත් බස් එකේ යනකොට පොඩි නැප් එකක් දානවනේ.
අන්තිමට බස් කොන්දොස්තර උරහිසින් හොලවලා මහත්තයා බහින්න මේ අතුරුගිරිය කිව්වම අපේ මිත්‍රයා දනී-පැණි ගාලා නැගිටලා, කොන්දොස්තර මහත්තයාටත් ස්තුති කරලා බැස්ස. කොන්දොස්තර මහත්තයත් හැමදාම වගේ එන නිසා අපේ මිත්‍රයව දන්නවා. අපේ යාළුවා බස් එකෙන් බැහැල ඇඟමැලි කඩලා හෙමින් හෙමින් ගෙදරට ගියා. මේ කාලේ මිනිහා අලුතෙන් ගත්ත මිලේනියම් සිටි නිවාසේ තනියම තමයි අපේ මිත්‍රයා හිටියේ. ගෙදර යද්දී හයහමාර විතර ඇති. මිනිහා පරිප්පු හොද්දක් හදන්න කලමනා එහෙම ලැස්ති කරලා ඊට කලින් තේකක් හදාගෙන බිව්වා. අන්තිමට කොහොම හරි රෑ හතට විතර පරිප්පු හොද්දත් එක්ක ඔට්ටු වෙලා ඒකත් ලිපේ තියෙද්දීම බාත්රුම් එකට ගිහිං වොෂ් එකක් දා ගත්තා.
දැන් මිනිහා අර හදපු පරිප්පු එක මේසෙට අරගෙන, ටී.වී. එකත් දාලා පාන් කපන පිහියත් අරන් පාන් ගෙඩිය අරන් එන්න කාමරේට ගියා. හප්පා !!! එතකොටයි මතක් වුණේ බෑග් එක බස් එකේ රාක්කෙට දැම්මට ගන්න අමතක වුණා නේද ? කියල. ඒ පාර හනි-හනිකට ලැස්ති වෙලා, හන්දියේ ත්‍රීරෝද රථයක් කතා කරගෙන අර බස් එක අයිති කෙනාගේ ගෙදර හොයාගෙන ගිහින් බෑග් එක අරන් ආවේ රටක් රාජ්‍යයක් දිනා ගත්ත සෙන් පතියෙක් වගේ. අන්තිමට ත්‍රී වීල් ගාස්තුව රුපියල් හාරසිය පනහයි. මේ කතාවත් පහුවදා උදේම අපේ අයත් එක්ක කිව්වා.
"මචං එතකොට ඔය බෑග් එක කීයක් විතර වුණාද ?"
"රුපියල් හාරසීයකට ගත්තේ"
"ඉතිං බං උඹට තිබුනේ රෑ පාන් ගෙඩියක් අරං කාලා උදේ බෑග් එකක් ගන්නනේ. එහෙම කලත් උඹට යන්නේ රුපියල් හාරසිය තිහයි නේ (ඒ කාලේ පාන් ගෙඩියක ගාන)"
මේ කතාව අහලා අපි හිනා වෙද්දී සුරාජයත් මෙන්න බඩ අල්ලාගෙන හිනා වෙනවා.
මේ දවස්වල කට්ටිය පාන් කනවමයි වැඩේනේ? :D
ReplyDeleteදැන් පාන් ගන්න තැන් නම් ඕන තරම්, ඒත් ගන්න අය අඩු වෙලා.
Deleteපාන් ගෙඩිය ගේන්න ගිය සිද්ධිය නම් පට්ට
ReplyDeleteපට්ටදත් අහනවා. මම මේක ලියන්නද කියලා ඇහුවාම මිනිහා එකෙන්ම කැමති වුනා.
Deleteබහුලව දකින්න නොලැබෙන අමතක වීමක් නෙ සුරාට තියෙන්නෙ.
ReplyDeleteපරිප්පුත් බෙදාගෙන,පාන් කපන පිහියත් අරගෙන ....................හිනා වෙලා පනගියා.
මේවා ඇත්තම කතා.
DeleteO.o හයියෝ.. පාන් කිවුවලු :D
ReplyDeleteමොනවා වුනත් සුපුරුදු සිනාමුසු මුහුණින් ඉන්න එකට තමයි වටින්නේ.
DeleteQuote කරන්න කොපි කරන්න බැරිවෙන්න මොකක් හරි කරලද මේකේ....????
ReplyDeleteඅර තේක හදාගෙන බිව්වට පස්සේ පරිප්පු හොද්ද හදන්න මතක් වෙච්ච එකත් ලොකු දෙයක් බලනකොට.... හි හි
කාලෙකට පස්සේ ආව නිසා තමයි නොදන්නේ. චන්දන මල්ලිගේ උපදෙස් අනුව කොපි කොරනවට දාපු පුංචි වැඩ කෑල්ලක්. හැබැයි ඕනෙම නම් ගන්නත් ක්‍රම තියෙනවා ප්‍රසිද්දියේ දාන්න බෑ.
Deleteපාං ගැන හරි රසවත් කතා තියනවනේ බලනකොට .දැන් ඒ යාලුවාට අමතක වීමේ ලෙඩේ සනීපද ?
ReplyDeleteමිනිහා තවමත් සුපුරුදු සුවයෙන් ඉන්නේ :)
Delete3.50 ට පාං තියෙන කාලෙ ඕක උනානං හාරසිය තුනයි පණහයිනෙ යන්නෙ.
ReplyDeleteදිගටම ලියාගෙන ගියානං ඉවරයි. ඕනනම් පේලි දහයක් යයි 58 වෙන්න.
Deleteඔය වගේ පිස්සු වැඩ කරන උන් අනන්තවත් ඉන්නවා. නැතිවෙච්ච කුඩ හොයන්න කුඩ තුන හතරක් ගන්න පුළුවන් වියදම් කරන උන් මම අනන්තවත් දැකලා තියෙනවා. මමත් මේ දවස්වල පාන් කකා බොග දාන එක තමයි කරන්නේ. එන්න අල හොදිත් එක්ක පාන් කෑල්ලක් කාලා යන්න පුළුවන්.....
ReplyDeleteමම ඉන්න හරියේ අපේ බැංකුවේ ATM එකක් නෑ. තියෙන්නේ HNB/BOC ඒවා. රුපියල් 75ක් සේවා ගාස්තු ගෙවන්න ඕනේ. මම හදිසියකදී ඒ ATM දෙක පාවිච්චි කරනවා. මොකද ත්‍රී රෝද රථයකින් ඔය ගමන ගිහිං එන්න රුපියල් 100 ක් වත් යනවා.
Deleteමේ අමතක වෙන ලෙඩේ ඇල්බට් අයින්ස්ටයින් තුමා ටත් තිබුනා කියලා මම අහලා තියෙනවා.
ReplyDeleteනැතුව. දැන් ඕක ස්ටයිල් එකකට යයිද මන්දා ?
Deleteඒකාලේ හැටියට වැඩේ පාඩු උනත් දැන්කාලේ හැටියට වැඩේ පාඩු නෑ.
ReplyDeleteදැන් ලෙදර් බැග් එකක් කියද...?ඇයි පාන් ගෙඩියක්ම කියක් වෙනවද....?
හ්ම්ම්. තමන් කාලයක් පාවිච්චි කරපු එකක් අත අරින්න තියෙන අකමැත්ත. තමන්ගේ දෙයක් නැති වුණා කියන මානසිකේට වැටෙන්න තියෙන අකමැත්තත් මේකට හේතු වෙන්න ඇති.
Deleteදැන් කාලේ ත්‍රී වීල් ගාස්තුවත් ඒ වගේමනේ.
Deleteඇත්තටම සුදීක ඕකේ extended version එකකුත් තියෙනවා.
ReplyDeleteඑකේ හැටියට සුරජය බස් අයිති කාරයාගේ ගෙදරට ගියාම බස් එක හෝදන්න ගෙනිහිල්ල තව ඇතකට.
ඌ එතනට ගිහිල්ල තමයි බෑග් එක අරන් තියෙන්නේ.
මොනවා උනත් ඇත්ත කතාවක්.
එහෙම වුනා නම් 650ක් වත් යනවා.
Deleteමෙච්චර නැතත් මටත් ටිකක් විතර අමතක වීම නම් තියනවා, මක් කරන්නද ඉතින්??
ReplyDeleteඔව් ඔව් මටත්.
Deleteanit ayat eka ekatu wela "Suraj" hina wena eka maru.
ReplyDeleteJayawewa.
මම මේක ලියන්නද කියල ඇහුවාමත් කැමැත්තෙන් හිනා වුණා.
Deleteඔය අමතක වෙන ලෙඩේ තදටම තිබුණ කෙනෙක් තමා දයානන්ද ගුණවර්දණ මහත්තයා.. වාහනේ ඇවිත් එයා බස්එකේ ගෙදර යනවා වාහනේ අමතක කරලා දාලා... ලොල්ම තමා කතා ටික
ReplyDeleteමටත් කුඩේ අමතක වෙනවා වහින්නේ නැත්නම්.
Deleteපට්ට සීන් එක. අදමයි මෙහෙ ආවෙ. ආයි එන්නම්.
ReplyDeleteඑන්න එන්න හැබැයි අපිව බය කරන්න එපා. :)
Delete(ඇස් දෙක ලොකු කර..) බූ...හු.හු.හු.හු.හූ........!!!
Deleteඉතින් බය වෙයං...! :-)
මරුම කොටස ඌට මෙමරි ප්ලස් අමතක වෙච්ච එකනෙ..
ReplyDeleteඔව් ඒකත් අර ඇත්ත උඩ ඉඳන් අත්ත කපනවා වගේ වැඩක්.
Deleteඇඳලා පැළදලා ඉස්කෝලෙ යන්න බෑග් එක අතට ගත්තම, අද පෝය කියලා මටත් මතක් වුනාද කියලා හරියටම මතකනෑ.. :D
ReplyDeleteබලාගෙන ගියාම ඕක හරි භයානක ලෙඩක්නෙ..රාජකාරිමය දෙයක් අමතක වෙලා විශාල අලාබයක් වෙන්නත් පුලුවන්..
ඔව් ඒ නිසාම අනිත් අය එයාට නිතරම මතක් කරනවා.
Deleteහයියෝ පාන්,, අපරාදේ දෙය්යනේ.. මටත් හැබැයි ඔය වගේ අමතක වීමේ ලෙඩ තියනවා, හිටපු ගමන් පිගාන හෝදලා රැක් එකට දානවා වෙනුවට ෆ්‍රිජ් එකට දානවා වගේ දේවල් වෙනවා, :D
ReplyDeleteහොදට බිවිවමත් අමතක වෙනවා..
ReplyDeleteහෙහ් ... හෙහ්... හෙහ්....
Deleteඅමතක වෙන සීන් එක අපිටත් තියෙනවා ඒත් මෙහෙම !
ReplyDeleteඅවාසනාවට ඇත්ත කතාවක් ...
Deleteලස්සන අත්දැකීමක්. මට තේරුණ වැදගත් කරුණ නම් තමන්ගේ අඩුපාඩු ගැන තමන්ටම හිනා වෙන්න පුළුවන් ඉහල මානසික ගුණාංගයෙන් යුතු මිතුරෙක් ඔබට ඉන්න එක හරිම වටිනා දෙයක් කියලයි, මේ දවස් වල එහෙම අය හරිම අඩුයි. වැඩි වශයෙන් ඉන්නේ තම වැරද්දත් හරි දෙයක් ලෙසින් අන් අයට ඔප්පු කිරීමට උත්සාහ ගන්නා අය තමයි.
ReplyDeleteසත්තකින්ම. මමත් අහලා තියෙනවා එක්තරා ගුවන් සේවාවකට බඳවා ගන්නේ තමන්ට වුණ අකරතැබ්බයක් ගැන කියද්දී සිනාසෙමින් විස්තර කල අය කියලා.
Deleteඑහෙනම් මට සෙට් වෙන ඩයල් එකක්. මටත් දරුනුවටම ඔය ලෙඩේ තියනවා. කොටින්ම උදේට දවල්ට කාපුවා ඇහුවොත් සොරි තමා. කඩේකට බඩුවක් ගන්න ගියොත් ඒ බඩුව ඇර අනිත් ජාති ඔක්කොම හරි අරන් යයි. බෙහෙතුත් තියනවද බන් අද දන්නේ.
ReplyDeleteමම දන්නෑ මෙමරි ප්ලස් තවම ෆාමසි වල තියෙනවද කියලා ?
Deleteපාං කෑවම ඔහොම තමයි!
ReplyDeleteපාන් කතානම් මම දන්නේ නෑ. සුරාජයා කලින් ඉංග්‍රීසි ගුරුවරයෙක්.
Deleteහැබැයි දැන් ඕකට ඉංග්‍රීසිත් අමතකයි
Deleteනැහැ ඉංග්‍රීසි හොඳට පුළුවන්. අමතක වෙන්නේ එදිනෙදා දේවල්.
Deleteඅහ්! දෙකක් ලඟ නවාගත්ත ගමන් ඉංග්‍රීසි නම් මතක්වෙනවා ඇති, නැද්ද?
Deleteමේකේ ඉන්න අනිත් චරිතේ ඒ වගේ එකක්. සුරාට නම් මොනවා දා ගත්තත් වැඩක් නෑ.
Deleteහික්ස්
ReplyDeleteහරියට දුමින්ද සිල්වා වගේනේ!
මේක ජෙනුයින් කේස් එකක්.
Deleteපාන් කන්න ගියොත් ඔහොම්මමයි!
ReplyDeleteඒ කියන්නේ නාඩියාටත් මොකක් හරි වෙලා වගෙයි.
Deleteමෙහෙම දේවල් වෙනවා. ඒත් මුදලට වඩා සමහර වෙලාවට ඒ භාන්ඩයේ වටිනාකම ඉහලයි. පාන් ගෙඩියක් ගිය දුරත් එහෙයමයි.
ReplyDeleteකෙනෙක් අරමුණක් කරා යනකොට මොන පාඩුවක් වුනත් ඉලක්කයට යනවා. නමුත් නැවතිලා හිතන්න ඕනේ මොහොතකුත් තියෙනවා.
Deleteඅදයි මෙතනට ආවේ...මමත් දවසක් කඩේට ගියා බයිසිකලෙන්.ගිය වැඩේ කරගෙන කාමරේ ලගට ආවා...ඇවිත් බලනවා හැමදාම බයිසිකලේ නවත්වන තැන බයික් ඒක නෑ ...ටික වෙලාවක් කල්පනා කරා මොකද බයිසිකලේට වුනේ කියලා...තනියම හිනා වේවි ආපහු කඩේ ලගට ගිහින් බයිසිකලේ අරන් ආවා .....
ReplyDeleteතවත් ලොල් කතාවක් තියෙනවා රාණි කෝ කියලා. ඒකත් බලන්නකෝ.
Delete