2013 පොත් ප්‍රදර්ශනේ අහවර වෙලා දවස් දෙකයි. මේකත් දැන් පොසොන් එකට අනුරාධපුරේ යනවා වගේ අවුරුද්දකට සැරයක් බී.එම්.අයි.සී.එච්.යන එකත් පුරුද්දක් වෙලා තියෙන්නේ. පුදුම පොත් විකිණිල්ලක් සහ ගැනිල්ලක්. ඔබත් පොත් වලට ප්‍රේම කරන කෙනෙක්ද ? එහෙනම් මේ ගන්න පොත් ආරක්ෂා කර ගන්න විදියක් ගැන හිතලා ඇති. පොත් වලට කවර දානවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? ඔබට එහෙම හිතෙන්න ඇති. නමුත් මේක ටිකක් අලුත් ඒ වගේම නිර්මාණශීලී ක්‍රමයක්.
මේ පාර පොත් ප්‍රදර්ශනේ මම ගිය එකම දවස පහුගිය සෙනසුරාදා. පොත් ගැනිල්ල කොයි හැටි වෙතත් ඕනෙයා සහ ලියන්නා දෙන්නත් එක්ක එකතු වෙලා වෙනමම ප්‍රදර්ශනයක් බලන ගමන් අපි කථා වුණේ පොත් ආරක්ෂා කර ගන්න විධි ගැන. පහුගිය ටිකේ දුවගේ පොත් වලට පිට කවර දාපු අත්දැකීමත් එක්ක මම කිව්වා
"දැන් නම් ඉස්සර වගේ කරදර වෙන්න ඕනේ නෑ, ක්ලියර් බුක් කවර් තියෙන නිසා. මම ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි පොඩි එකීගේ පොත් වලට දැම්මේ ඒ කවර. ඒ නිසා පොත් වලට මොනවත් වෙන්නේ නෑ" කියලා.
මේ කතාව අහනකම් මගේ මිත්‍රයෝ දෙන්නා මේ ගැන දැනගෙන හිටියේ නෑ. නමුත් දුලිප් මීට කලින් මේ ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ලංකාවේ නැති හයි-ෆයි ගණයේ අයිටම් එකක් කියලා තමයි හිතාගෙන ඉඳලා තිබුණේ. ඉතිං මම ඒ විස්තරේ ඒ දෙන්නට කළාම, ඒක පොත් වලට සැබෑ ලෙසම ප්‍රේම කරන අය විදියට ඒ දෙන්නට නම් සුබ ආරංචියක් වුණා. පස්සේ මට හිතුණා මේක අපේ බ්ලොග් සහෘද්ධයොත් එක්ක බෙදා ගන්න. හොඳ දෙයක් දකින්න ලැබුණොත් එකා නොමිලේ ප්‍රමෝෂන් කරන එක මගේ සිරිතනේ.
මේ පොත් කවර එන්නේ සී.ආර්. පොතකට දාගන්න පුළුවන් ප්‍රමාණයෙන්. (පස්සේ මැනලා හරියටම සයිස් එක කියන්නම්). මේ කවර වල තියෙන විශේෂත්වය තමයි මේක පොත් කවරයට අලවා ගන්න පුළුවන් කම. ඒ කියන්නේ මේක ස්ටිකර් එකක් වගේ. බුබුළු ඇති නොවෙන්න අලවා ගන්න ඕනේ. මේක ඇලෙව්වා පස්සේ පොතේ කවරේ ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. මේ පැකට් එකක් මකීන් පොත් හලේ රුපියල් තුන්සිය හැටක් වෙනවා. එකක කවර දහයක් තියෙන්නේ. ඒ කියන්නේ එකක් රුපියල් තිස් හයක් වෙනවා. ගණන් වැඩියි කියලා හිතෙනවද ? හැබැයි මේක මම ගිය අවුරුද්දේ ජයා පොත් හලෙන් ගත්තේ රුපියල් තුන්සීයකට. මේ වගේ තැන් වල කොහොමත් ගණන් වැඩියි. ලිපිද්‍රව්‍ය වල කේන්ද්‍රය(Stationary Hub) වශයෙන් සැලකෙන පිටකොටුවේ මැලිබන් වීදියේ හරි පීපල්ස් පාක් එක පැත්තේ ගියොත් අඩුවට ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ කවරයක් දෙකට කපලා අපි කියවන පොත් වලට දා ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ප්‍රවේශමෙන් කරන්න ඕනේ.
මේ තියෙන්නේ ඒ පොත් කවර වල බහලුම.
එක් කවරයක් ඉවතට ගත්තම තියෙන්නේ මේ වගේ. මේ ඇලවෙන පැත්ත නෙවේ අනිත් පැත්ත. මේකේ තියෙන කොටු නිසා ඔබට පොත සමබර කරගන්න පහසු වෙනවා.
මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ මැද තියෙන සෙන්ටිමීටර් එකක් තරම් පටිය ඉවත් කර ගන්න එක.
ඊට පස්සේ මෙන්න මේ පෙනෙන විදියට පොත සමබරව තබාගෙන, අර විවර කර ගත්ත කොටසෙන් හීනි තීරුවක් පොතට අලවාගන්න.
ඉන් පස්සේ එක පැත්තක කවරය විවර කරගෙන අලවා ගන්න සුදානම් වෙමු.
සම්පූර්ණයෙන් අලවා නිම කරන්න කලින්, පොතට උඩින් මේ ෆිල්ම් එක තියලා කෙළවර අනවශ්‍ය කොටස් මෙන්න මේ විදියට කතුරකින් කපලා ඉවත් කර ගන්න. පොතේ දාරයට උඩිනුත් මේ වගේම අනවශ්‍ය කොටස් ඉවත් කරන්න ඕනේ.
දැන් තමයි ඉතාම ප්‍රවේශමෙන් කරන්න ඕන කොටස තියෙන්නේ. පොත මත බුබුළු ඇති නොවෙන්න රෙදි කෑල්ලක් ආධාරයෙන් ඉහළට පහළට මදින ගමන්, අනිත් අතින් ඉතා සීරුවෙන් ස්ටිකර් එකේ යටින් තියෙන කඩදාසිය අදින්න ඕනේ.
මේ තියෙන්නේ සම්පූර්ණයෙන් පොතේ කවරය මත මේ ෆිල්ම් එක අලවාගෙන අවසන් වූ පොතක්. මේ නවන කොටස් අලවන එකත් ඉතාම සීරුවෙන් කරන්න ඕනේ. පොත් පනහක් - හැටක් මේ වෙනකොට අලවපු අත්දැකීමෙන් මම හොයා ගත්ත දෙයක් තමයි මේක ඇතුල් පැත්තට නවලා මුලින්ම හරි මැදින් ඇතුළටම එක ඇඟිල්ලකින් ඉරක් අඳින විදියට අලවාගෙන ඉන් පස්සේ අර රෙදි කෑල්ලේනම දෙපැත්තට ස්පර්ශ කරලා අලවා ගැනීමෙන් අනවශ්‍ය රැලි ඇති වීම වලක්වා ගන්න පුළුවන් කියන එක.
මේ තියෙන්නේ එහෙම අලවා අවසන් කරපු පොතක්. සමහර තැන් වල මෝස්තරයක් වගේ පෙන්නේ ඒ ස්ටිකර් වල තියෙන මෝස්තරය(Texture). ඒවා හරියට අර ජනෙල් වලට දාන මල් වීදුරු වගේ. හැබැයි එහෙමත් නැත්නම් තමයි මම කැමති.
ස්තුතියි තොරතුරට. දැං ඉතින් මේ කවර ටිකක් අරගෙන හිමීට නිවාඩු දවසක සෙට් වෙන්න ඕනෙ වැඩේට
ReplyDeleteකට්ටිය එකතු වුණොත් තොග ගානට ගන්න බැරි වෙන එකක් නෑ. අපි කියවන පොත් දෙකකට මේවා දා ගන්නත් පුළුවන්.
Deleteඅන්න හොඳ අදහස. කට්ටිය සෙට් වෙලා ලාබෙට ගන්න තියේ නම් මරු.
Deleteදෙන්න එක්ක පොත් ගන්න ගිහින් පොත් පෙරළ පෙරළ ඉන්නවා අපි දැක්කා බුකියෙන්.
Deleteස්තුතියි. මට බොහොම ප්‍රයෝජනවත්.
ReplyDeleteහරි එහෙනම් වැඩේ පටන්ගමු.
Deleteela
ReplyDeleteහොඳ බිස්නස් එකක් කරනවානම්. :)
Deleteපොත් පාවිච්චිය හුඟක් අඩු වෙලා මගෙනම්.. හැබැයි තියෙන වටිනා කියන පොත් පත් වලට මේ සාත්තුව දුන්නොත් නරක නෑ වගේ...
ReplyDeleteඑතකොට මොනවද පාවිච්චි කරන්නේ.
Deleteමේකනං නියම අයිටම් එකක් තමයි. මැලිබන් ස්‍ට්‍රීට් පැත්තෙ ගියාම හොයල බලන්න ඕන.
ReplyDeleteඑක අතකට අර ඩිසයින් එක තියෙන එකත් හොඳයි මයෙ හිතේ
ඔව්. ඩිසයින් තියෙන එකෙන් අතට අහු වෙනවා.
Deleteඩිසයින් ලස්සනයි. ස්තුති තොරතුරට, හුඟක් වටිනවා.
Deleteඩිසයින් ලස්සනයි. ස්තුති තොරතුරට. හුඟක් වටිනවා
Deleteහොඳයි ට්‍රයි කරලා බලන්න.
Deleteහරි වැදගත් නෙව...ඉස්සර මගේ පොත් වලට පිට කවර දැම්මෙම තාත්තා නිදිමරාගෙන.. අතීතය මතක් උනා සුදීක..
ReplyDeleteමම නම් පොඩි කාලෙත් මගේ පොත් වලට කවර දා ගත්තා. දැන් දුවගේ ඒවා කරනවා. දැන් ඉන්න ළමයින්ට ඒවා කරන්න අමාරුයි.
Deleteමම නම් මගේ ජීවිතේට පොත් වලට කවර දාලා නැහැ. දාන්න දන්නේ නැහැ කවදාවත් උත්සහ කරලවත් නැහැ පොඩි කාලේ අම්ම තාත්තා දාලා දුන්ණා. ලොකු වෙද්දී පොඩි එකෙක්ට පගාවක් දීලා වැඩේ කරව ගත්තා. ළමයෙක් හම්බ උනාම අපේ මායියා ඉන්නවනේ එව්වා කොරන්න. ඔය කවර මෙහෙ නම් දැන් කාලෙකට පෙර ඉඳන් තියෙනවා අයියේ. නමුත් ඔය කවර වල ඇති අවාසිය නම්. පොඩි හෝ පලුදු වීමකින් ඇතුලට කුණු ගොස් පොත ජරාවෙන් තියෙන ඉඩ කඩ වැඩියි. නමුත් හොඳ පැත්තට තියෙන ඉඩ කඩත් වැඩියි.
ReplyDeleteදැනට නම් මගේ පොත් සහ දියණියගේ පොත් සුරක්ෂිතව තියෙනවා.
Deleteමාත් එහෙන්මමයි.....
Deleteමරු බං මේක.
ReplyDeleteමාර ගතියක් තියෙනව දැම්මම.
Deleteනියම සොයා ගැනීමක් සුදික අයියේ මේක.
ReplyDeleteස්තුතියි මේ දැනුවත් කිරීමට.
හරි ට්‍රයි කරලා බලන්න.
Deleteමෙහෙත් තියෙනවා ඔයවගේ අයිටම් එකක් හැබැයි එක අලවන්න නැ ඔයවගේම ක්ලියර් කවරයක් පොතට එක දන්නේ හරියට අද ප්ලාස්ටික් කවරය එක්ක තියෙන්නේ දිනපොත් අන්න ඒ කවරේ වගේ
ReplyDeleteඒවා තමයි අපි සටහන් පොත් වලට දාන්නේ.
Deleteමගේ පොත් වලටත් දාල තියෙන්නෙ. ඕක පරණ ක්‍රමයක් සුදීක. මම අවුරුදු 6 විතර වෙලේ ඉඳන් දන්නවා. හැබැයි මම මුලින්ම ගත්තෙ ඩුබායි වලින්.
ReplyDeleteඩුබායි වල තියෙන්න ඇති. මෙහෙ නම් මම දන්නේ ගිය අවුරුද්දේ ඉඳලා.
Delete2000 දීත් මේවා ලංකාවේ තිබ්බ සුදීක. මම පොත් කීපයකට දාල තියෙනවා. දැන් නම් පොත් 600 කට වැඩිය තියෙනවා. ඒවාට කවර දදා ඉන්න ගියොත් ඉතින් ...
Deleteස්ටිකර් වර්ගයේ ඒවා තිබුනද 2000 දී ?
Deleteමම හිතන්නේ මගේ මතකය නිවැරදී නම් මේක තමා බ්‍රිතාන්‍ය කවුසලයේ පුස්තකාලේ පොත වල ආරක්ෂාවට භාවිතා කරන්නේ..,
ReplyDeleteකාලයක් මම මේකගැන හෙව්වා ඒත් ලැබුන් නෑ..,
ගොඩාක් ස්තූතියි තොරතුරු කිව්වට :)
එහෙමද ? මම ඒකෙ සාමාජිකයෙක් නොවෙයි.
Deleteඔය වගේ ගැජට් බැජට් ගන්න සුදීක කිව්වා වගේ පීපල්ස් පක් එකට යන්න. පිටකොටුවේ ඕන කෙනෙක්ගෙන් ඇහුවම කියාවී. පොත් ගන්න නම් මරදානට යන්න.. පොත් කඩ 20-30 ක් විතර තියෙනවා කිට්ටුව කිට්ටුව.. සෙනසුරාද දවසක ගියාම ලේසියි.. අනිත් දවස්වලට ට්‍රැෆික්..
ReplyDeleteපීපල්ස් පාක් එක තියෙන්නේ ගුණසිංහපුර බස් නැවතුම පිටුපස.
Deleteනියම තොරතුරක්. ළමා වියේදී ඉඳලම මම තමයි මගේ පොත්වලට කවර දා ගත්තේ.ඒක හරියට කෙරුනෙත් නැහැ.අදත් මට හරියට පොතකට කවරයක් දාගන්න බැහැ. මේ නව කවර ජාතිය නුවර පැත්තේ තියෙනවාද කියල හොයන්න ඕනෑ.
ReplyDeleteඅහල බලන්න පොත් සාප්පු වලින්.
Deleteමගේ තියෙන පොත් කන්දරාවට පැක් 10ක් විතර ගන්න වෙයි..ඒත් පාඩු නෑ..එදාම ගන්න ඕනියි කියලා හිතුවට..අමතක උනානෙ සුදීක..කොහෙද ඕනය දහ අතේ ෆොටෝ ගනිද්දි ඒ අසිරිය නැරඹුවනෙ අපිත්..
ReplyDeleteවෙලාවක ශ්‍රමදානයක් දාමු. මමත් එන්නම් උදව්වට.
Deleteගිය අවුරුද්දේ තමා අපේ නංගිට ඕක අහුවෙලා තිබ්බේ. මම කලින් කෙරුවේ ස්ටෙප්ලර් කටු ගහපු එක පොත් වලට. ටික කාලයක් යද්දී ඉතිං ගන්න දෙයක් නෑ කොන. ගියපාර ගෙදර යද්දී සේරම මාරු කරලා. ඒකෙත් පොඩි ගතියක් තියනවා හැබයි.
ReplyDeleteමේක වගේ තව එකක් තියෙනවා ගම නොදාපු. හරියට ඩයරි කවරේ වගේ.
Deleteමමනම් දැනගෙන හිටියා.අපේ අක්කා පොඩි එකාගේ පොත්වලට කවර දානකොට මං දැක්කේ..
ReplyDeleteඅපේ බැංකුවේ කට්ටිය බැලුවම හැමෝටම ඉදිරියෙන්.
Deleteඅපොයි ඔව් , මොකට කියනවද ඒ හරිය
Deleteමේකේ අර ටෙක්ස්චර් එක නැති එකත් තියෙනවා..
ReplyDeleteමාත් ඉස්කෝල පොත් වලට එකපාරක් නැත්තං දෙපාරක් දාලා තියෙනවා..
අලවනකොටනං ගොඩක් පරිස්සං වෙන්න ඕනා..
රැලි වැටුනොත් සොරි ඩොට් කොම් තමා...
ඇත්තටම ටෙක්ෂර් නැතිනම හොඳට පේනවා.
Deleteමගේ නම් ලොකු වෙනකන්ම පොත් වලට කවර දැම්මේ අම්මි... හේතුව අම්මි තරම් ඒක ලස්සනට කවදාවත් මට කරන්න බැරි වෙච්ච එක... හැබැයි මේ වගේ දෙයක් තිබුනානම් කොයි තරම් හොදද කියලා හිතුනේ අම්මී වෙච්ච මහන්සිය මතක් වෙලා...
ReplyDeleteවෙනදා මේ වෙනුවෙන් ගත වෙන කාලයෙන් භාගෙකටත් අඩුවෙන් යන්නේ. මේවා අච්චු පොත් වලට තමයි හරි යන්නේ. සටහන් පොත් වලට කලින් වගේම බ්‍රවුන් පේපර් කවර දාල දාන්න වෙනම කවර වගයක් තියෙනවා.
Deleteහැම අවුරුද්දකම ගියා.අපරාදේ මේ පාර මිස් වුනා :(
ReplyDeleteමටත් බොහෝ දුරට මිස් වෙන තත්වේ තිබ්බේ. වෙනියාගේ ආරාධානේ නිසා තමයි ගියේ.
Deleteමේක නියම ක්‍රමයක්නේ.. තොරතුරට ස්තූතියි අයියේ..
ReplyDeleteඔව් නියමයි.
Deleteඔත්තුවට ස්තුතියි සුදීක
ReplyDeleteට්‍රයි කරලා බලන්න.
Deleteඇලෙව්වට පස්සෙ තියෙන පෙනුම නම් උපරිමයි...
ReplyDeleteආරක්ෂාවත් උපරිමයි.
Deleteපොත් වලට කැමති කෙනෙක් විදිහට මටත් සඋහෙන වැදගත් ඔත්තුවක්..ස්තුතියි සුදීක අයියට.
ReplyDeleteපොත් කඩ කාරයෝ බලයි මොකද කියලා එක පාරටම.
Deleteමමත් පොත්වලට කවර දාන කෙනෙක් නෙමේ. හැබැයි මේක දැක්කාම දාන්ට හිතුණා...:)
ReplyDeleteදැම්ම පුරුදු වුනොත් ළමයි ඉන්න කාලෙට වැදගත් වෙයි.
Deleteමේක මට හරිම ප්‍රයෝජනවත්. ස්තුතියි මචං.
ReplyDeleteබ්‍රීටිෂ් කවුන්සිල් වගේම, පරණ පොත් කඩ වලට පිටරට පුස්තකාල වලින් අයින් කරපු පොත් වල ඔය කවරේ තියෙනවා දැකලා මමත් කල්පනා කලා ඉස්සර ඇයි අපිට මෙහෙම එකක් හොයාගන්න බැරි කියලා. ඒවයේ වැඩි හරිය එක පැත්තක් අර ඩයරි කවරේ වගේ, අනිත් පැත්ත අවශ්‍ය ගානට නවාගන්න පුලුවන්.
නෑ ඩූඩා මේ දෙක ජාති දෙකක්. අපිත් ලියන පොත් වලට දාන්නේ ඕවා. මේ ජාතිය අලවන එකක්.
Deleteස්තුතියි සුදීක තොරතුරට. සරසවි පොත් හලේ බලන්ඩ ඕනා.
ReplyDeleteසරසවියේ නම් ටිකක් ගණන් වෙයි.
Deleteසුදීක, මොහෝ මචං උඹේ බ්ලොග් පෝස්ට් වල ඇඩ්‍රස් එක මෙච්චර දිග ෆීඩ් බර්නර් ඇඩ්‍රස් එකක් වුනේ?
ReplyDeleteමම අදහස් කරන්නේ,
http://awidda-paya.blogspot.com/2013/09/blog-post_24.html
නොවී
http://awidda-paya.blogspot.com/2013/09/blog-post_24.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FDxLND+%28%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BA+......%29
වුනේ ඇයි කියලා.
වර්ඩ්ප්‍රෙසුත් ඔය වගේ
මම මේල් එකක් දැන්නම්.
Deleteමේ පාර මට ඕක මග ඇරුනා. ඒ උනාට මම සාමාන්‍යයෙන් කොහොමත් මාසෙකට, දෙකකට වතාවක් පොත් කිහිපයක් ගන්න එකෙක් නිසා අවුලක් නෑ. අනික ඔතන දෙන 20% ඩිස්කවුන්ට් එක අදාළ ප්‍රකාශකයා ළඟට ගියාම අවුරුද්දේ දවස් 365ම හම්බු වෙන නිසා එච්චර අවුලක් නෑ ලාබෙට පොත් ලැබෙනවා කියලා.
ReplyDeleteමේ තොරතුර හරි වැදගත්. මමත් ගෙදර ගෙනිහින් පොත් වලට ඉටි කවර තමයි දාන්නේ. දැන් මේක කරන්න පුළුවන්. ඒ වගේම පොත හාර්ඩ් කවර් එකක් දාලා ගත්තමත් හොඳයි. ඒත් මං හිතන්නේ ඒක ටිකක් වියදම් වැඩක්, ඒ වගේම දන්න කෙනෙක්ට කියලා කරගන්න ඕනේ වැඩක්.
ඔව් හාර්ඩ් කවර් දාන්න ඕනේ ඉතාම වටිනා ඒවාට. පොදුවේ දාන්න නම් මේක ඇති වෙයි. පොතකට රුපියල් හා අටක් වගේ යන්නේ.
Deleteඅපේ පොඩි අක්කත් ඔවයින් තමයි පොඩි එකාගේ පොත් වලට කවර දාන්නේ එකයෑ බං මං දන්න කෙනෙක් පොය දවසේ පොත් ප්‍රදර්ශනේට ගොහින් උදේ 9 ඉඳන් හවස 4 වෙනකං පොත් බලලා එක පොතක් අරන් ඇවිත් බං බලපන්කෝ කැපකිරිමේ තරම
ReplyDeleteඅපිත් දන්නා කෙනෙක්ද ?
Deleteනිතර පාවිච්චි කරන, කාලයක් තියාගන්න පොත් වලට මේවා දාන එක හොඳයි. රු. 35/- වුනට ඊට වඩා වටිනවා. අර අලවාගන්න එක නං නූලට කරන්න ඕනේ. බැරිම වුනොත් කටුවක් අරගෙන බුබුල හිල් කරලා ෂේප්මන්ට් එකක් දා ගන්න පුලුවන්. අපි මෙහෙම පරිස්සමට ඕක කලාට අපේ පැත්තේ ස්ටීකර් අලවන තැන් වල කොල්ලෝ, ක්ලියර් ස්ටීකරේ පල්සර් එකේ ටැංකියෙත් අලවනවා, එක බුබුලක් වත් එන්නෙ නැතිව.
ReplyDeleteකලබල නැතිව කලොත් බුබුළු එන්නේ නැතිව අලවා ගන්න පුළුවන්. ඒ කොල්ලෝ ගාව ෂැම්පු එකක් තියෙනවා නේද ? එකා දාලා පොඩි ත්‍රිකෝණාකාර අවානක් වගේ පොඩි තලයකින් ඒ ෂැම්පු ඉවත් කරනවා පස්සේ.
Deleteඊටත් පස්සේ ඩ්‍රයර් එකෙන් අල්ලනවා.....
Deleteබුක් එක්ෂිබිෂන් එකට දවස් තුනහතරක්ම ගියා ඒත් එකම පොතක්වත් ගත්තෙ නෑ. ඒ වුනාට කලාතරුකින් හොයගන්න පුළුවන් සිඩී ටිකක් හොයාගත්තා.
ReplyDeleteපොත් ගත්තෙ නැති හේතුව එතන ඩිස්කවුන්ට් 20% යි මම ඒපොත්ම නිතර යන එන මරදානේ පොත් සාප්පුවලින් 30% ට ගන්න පුලුවන් නිසා.
කවර ගැන හෝඩුවාව නම් හොඳයි.
එහෙනං ඒ සීඩී වලින් හොඳ පොස්ට් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. අපිටත් මරදානේ යන එක හොදයි වගේ.
DeleteHONDA DANUWATH KIRIMAK SUDIKA -THANKS
ReplyDeleteමරු වැඩෙ ආ ... හැබැයි බුබුලු නොහිටින්න අලවන එක තමයි එකම අව්ල .
ReplyDeleteස්තූතියි සුදීක තොරතුරට.
ReplyDelete