මීට කලින් ලියපු බාර් කොත්තු රොටි සටහනට ලැබුණු අදහස් වලිනුත්, දිගුකාලීනව මගේ අත්දකීමෙනුත් මම දන්නවා බොහෝ ආරවුල්, මත ගැටුම්, ඒ වගේම ලොල් කතා වලටත් පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේ පරතරය නොහොත් හිඩැස. ඒ කියන්නේ කෙනෙක් යමක් ප්‍රකාශ කරන්න කලින් හිතනවා මේ මම කියන දේ අනිත් කෙනෙ සහසුද්දෙන්ම තේරුම් ගනී කියලා, එහෙම හිතලා එයා එයාගේ ලෝකේ ඉඳගෙන කියාගෙන යනවා. නමුත් අර අහගෙන ඉන්න කෙනා මේක ග්‍රහණය කර ගන්නේ වෙන විදියකට. බොහෝ වෙලාවට උච්චාරණ වෙනස්කම් පවා මේවාට හේතු වෙනවා.
පින්තූරය ගත්තේ : http://www.dreamstime.com |
ඒත් පහුගිහි අවස්ථා කිහිපය ලබා ගත්තු නිලධාරීන් කථා කරනකොට මම තේරුම් ගත්තේ, ඒ හැමෝම තමන් කියවන දේ අනිත් අයට තේරෙයි කියන පූර්ව නිගමනයේ ඉඳගෙන එයාලගේ ලෝකයේ ඉඳන් ඒ දේ කළා කියලා. එක් මහත්මයෙක් ඉතා වැදගත් මාතෘකාවක් තෝරාගෙන තිබුණත්, ඒ වෙනුවෙන් කරන්න අවශ්‍ය ගෙදර වැඩ (Homework) නොකර ආ නිසා අතර මගදී, තමන්ගේ සාක්කුවෙන් පත්තර කෑල්ලක් අතට ගෙන කථාව නවත්වා ඒ ගැන කියන්න ගියා, එතන හිටිය තරුණ කණ්ඩායම එකෙන් නියම ෆන් එකක් ගත්තා. අවාසනාවකට අර මහත්මයා තෝරාගෙන තිබුණ මාතෘකාව "ගැටුම් නිරාකරණය". ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පත්‍රයක පළවූ වාර්තාවක් තමයි ඔහු යොදාගෙන තිබුණේ. අන්න ඒ වෙලාවේදී මම හිතා ගත්තා මම මේ මාතෘකාව තෝරා ගන්නවා කියලා.
ඊළඟට මේ දේ මගේ හිතට ආවේ, මා කලින් වැඩ කල බැංකුවේම වෙනත් ස්ථානයක, පද්ධති සංවර්ධනය කල නිලධාරීන් (Developers) ශාඛාවල සේවකයන් සමග දුරකථනයෙන් ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් දෙද්දී තමන්ට ආවේණික පරිගණක භාවිතයේ තිබෙන වදන් යොදා ගන්නවා. ඒත් මේ සමහරක් වචන වල නිසි තේරුම, හෝ ප්‍රකාශ කරන නිලධාරියා බලාපොරොත්තු වන තේරුම මේ අය දන්නේ නෑ. සමහරවිට පරිගණකය වෙත යන්න කියන කොටස නොකියා, කුමක් හෝ එහි යතුරුලියනය කරන්න කීවාම ඇමතුම ලබාන්නා අන්දුන්-කුන්දුන් වනවා. සමහරු ගනුදෙනුකරුවන්ගෙන් පවා ප්‍රශ්න අහද්දී මේ දේ අමතක කරනවා. මෙතනදී වෙන්න අවශ්‍යම දේ තමයි තමන් ඉදිරියේ ඉන්න හෝ තමන් ඉලක්ක කරන ප්‍රේක්ෂකයා එහෙමත් නැතිනම් ශ්‍රාවකයා (Audience) එක ගැන තේරුම් නොගෙන කථා කිරීම.
අර කාර්මික මහත්වරු මල් එක - ෆ්ලැට් එක කියලා ඉස්කුරුප්පු නියං වලට ආමන්ත්‍රණය කරනවා වගේ විවිධ ක්‍ෂේත්‍ර වල යට ආවේණික වෙච්ච විවිධ වචන මාලාවල් තියෙනවා. ඒ වගේම ඒ තැන් වල තිබෙන උප සංකෘති වල තිබෙන වචන පවා පුරුද්දට කියවෙනවා. මේකෙන් වෙන්න අර ගණුදෙනු කරුන්වන් අන්දුන්-කුන්දුන් වෙන එක. එක් වරක් නවක සේවිකාවක් ගණුදෙනුකරුට ඔහුගේ ශේෂය පවතින සර්වර් වල නම් වලින් කිව්වා. ඒ කියන්නේ "අහවල් සර්වර් එකේ පෙන්වන්නේ මේ ගාන, අහවල් සර්වර් එකේ පෙන්වන්නේ මේ ගාන" කියලා. එතනින් යද්දී එය මගේ කනටත් වැටුණා. මම ඇයගෙන් පෙරළා ප්‍රශ්න කළා "දැන් එතකොට කස්ටමර් දන්නවද අපේ සර්වර් දෙකක් තියෙනවා කියලා ?". එවිට ඇයට සිදු වූ වරද තේරුණා.
තමන්ගේ ශ්‍රාවකයා(Audience) එක හොඳින්ම තේරුම්ගෙන ආමත්‍රණය කල කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. උන් වහන්සේ තමන් ඉදිරියේ සිටින පුද්ගලයාට අනුව තේරුම් ගත හැකි ආකාරයට දේශනා කළා. ඉතිං අප වැනි පෘථග්ජන අයට ගණුදෙනුකරුවා හෝ ශ්‍රාවකයා කියවීමේ හැකියාවක් නැති නිසා, කරන්න පුළුවන් හොඳම දේ තමයි, තමන් ඉදිරියේ හෝ දුරකථනයෙන් සම්බන්ධ වී ඉන්නේ මොනවත් නොදන්නා අයෙක් බව සිතා කථා කිරීම.
අනිත් දේ තමයි අපි කොයි තරම් උත්සාහ කලත්, සියයට සීයක් නිවැරදිව අපට අවශ්‍ය දේ අනෙක් පුද්ගලයාට දීමේ හැකියාවක් අපි තුල නෑ. එහෙම වෙනවා නම් බොහෝ ගැටළු අවම වෙයි. පරිගණක ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නවා ඇති ගණුදෙනුකරුවා ඔවුන්ගේ අවශ්‍යතා (Requirements) පද්ධති සංවර්ධනය කරන්නාට (System Developer) ට හරියටම කියා ගන්න දන්නේ නැති බව. සමහරවිට ගණුදෙනුකරු තමන්ට අවශ්‍ය දේ පවා හරියටම දන්නේ නැති බව. ඒ නිසා තමයි මුලින් ලබා ගත අවශ්‍යතා ඔවුන් ලවා ලිඛිතව සහ අත්සන් සහිතව ලබා ගන්නේ.
අර කාර්මික මහත්වරු මල් එක - ෆ්ලැට් එක කියලා ඉස්කුරුප්පු නියං වලට ආමන්ත්‍රණය කරනවා වගේ විවිධ ක්‍ෂේත්‍ර වල යට ආවේණික වෙච්ච විවිධ වචන මාලාවල් තියෙනවා. ඒ වගේම ඒ තැන් වල තිබෙන උප සංකෘති වල තිබෙන වචන පවා පුරුද්දට කියවෙනවා. මේකෙන් වෙන්න අර ගණුදෙනු කරුන්වන් අන්දුන්-කුන්දුන් වෙන එක. එක් වරක් නවක සේවිකාවක් ගණුදෙනුකරුට ඔහුගේ ශේෂය පවතින සර්වර් වල නම් වලින් කිව්වා. ඒ කියන්නේ "අහවල් සර්වර් එකේ පෙන්වන්නේ මේ ගාන, අහවල් සර්වර් එකේ පෙන්වන්නේ මේ ගාන" කියලා. එතනින් යද්දී එය මගේ කනටත් වැටුණා. මම ඇයගෙන් පෙරළා ප්‍රශ්න කළා "දැන් එතකොට කස්ටමර් දන්නවද අපේ සර්වර් දෙකක් තියෙනවා කියලා ?". එවිට ඇයට සිදු වූ වරද තේරුණා.
තමන්ගේ ශ්‍රාවකයා(Audience) එක හොඳින්ම තේරුම්ගෙන ආමත්‍රණය කල කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. උන් වහන්සේ තමන් ඉදිරියේ සිටින පුද්ගලයාට අනුව තේරුම් ගත හැකි ආකාරයට දේශනා කළා. ඉතිං අප වැනි පෘථග්ජන අයට ගණුදෙනුකරුවා හෝ ශ්‍රාවකයා කියවීමේ හැකියාවක් නැති නිසා, කරන්න පුළුවන් හොඳම දේ තමයි, තමන් ඉදිරියේ හෝ දුරකථනයෙන් සම්බන්ධ වී ඉන්නේ මොනවත් නොදන්නා අයෙක් බව සිතා කථා කිරීම.
අනිත් දේ තමයි අපි කොයි තරම් උත්සාහ කලත්, සියයට සීයක් නිවැරදිව අපට අවශ්‍ය දේ අනෙක් පුද්ගලයාට දීමේ හැකියාවක් අපි තුල නෑ. එහෙම වෙනවා නම් බොහෝ ගැටළු අවම වෙයි. පරිගණක ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නවා ඇති ගණුදෙනුකරුවා ඔවුන්ගේ අවශ්‍යතා (Requirements) පද්ධති සංවර්ධනය කරන්නාට (System Developer) ට හරියටම කියා ගන්න දන්නේ නැති බව. සමහරවිට ගණුදෙනුකරු තමන්ට අවශ්‍ය දේ පවා හරියටම දන්නේ නැති බව. ඒ නිසා තමයි මුලින් ලබා ගත අවශ්‍යතා ඔවුන් ලවා ලිඛිතව සහ අත්සන් සහිතව ලබා ගන්නේ.
ඕකනේ කියන්නේ.. 2 වසරේ පන්තියේ මුල්ම ලමයට කිව්ව “මේ මගේ රට“ කියල අනෙක් ලමයට කියන්න කියල. අන්තිමට අවුට්පුට් එක අවසාන ළමයගෙන් ආවේ “ඇමරිකාව අපේ රට“ කියලලු..
ReplyDeletehttp://raj1st.blogspot.com/2011/10/blog-post.html
Deleteදෙකම මරු.
Deleteමේක පොදුවේ හැමෝටම තියන ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තමා.සමහර වෙලාවලට දන සිටිය යුතු අය උනත් නොදැන හිටියම තමා ඔකේ ලස්සන වැඩේ වෙන්නේ.ඒ කිව්වේ අපි කියන දේ තේරුම් ගත යුතු කෙනෙක් දන්නේ නැත නම් ඒ වචන එක ලොකු ප්‍රශ්නයක්.මට එහෙම දෙයක් තමා වෙලා තියෙන්නේ.
ReplyDeleteඔව්. මගේ විශ්වාසයක් තියෙනවා ප්‍රශ්න එක්ක ඉගෙන ගන්න පුළුවන් කියලා.
Deleteඔන්න ඔය අන්තිමට කිව්ව දේනම් හොඳට මම අත්දකින එකක්! මොකෝ සමහර clients ලා හිතන්නේ මේ වැඩේ නිකම් මැජික් එකක් කරනවා වගේ කරන්න පුළුවන් දෙයක් කියලා!
ReplyDeleteමොනවා කරන්නද ඉතිං.. අහගෙන ඉඳලා තේරෙන විදිහට වැඩේ කරන එක තමයි කරන්න තියෙන්නේ...
එහෙමත් හරි නෑ. ඉල්ලන දේම දුන්නම ශිල්පය බාල්දු වෙනවා. ගණුදෙනුකරු වුණත් වැරදි නම් පෙන්වා දිය යුතුයි.
Deleteහොඳ මාතෘකාවක්. බොහෝදෙනෙක් හිතන්නෙ නෑ තමුන් කියන දේ අනෙකාට කොච්චර දුරට තේරුම්ගන්න පුළුවන්ද කියල.
ReplyDeleteමේක අඩුවක්ම නොවෙයි මට හිතෙන්නේ. අනිත් පැත්තේ ඉන්න කෙනා ගැන නොසිතීම.
Deleteසුදීක දන්නවා ඇති නේද අර සන්නිවේදනය උගන්වද්දී රවුමට පුටු තියලා වාඩිවෙලා එක්කෙනෙකුට රහසින් පොඩි වාක්‍යයක් කියනවා ඊළඟ එක්කෙනාට රහසින් කියන්න කියලා. මුළු රවුමම ගිහින් අන්තිමට ඉන්න එක්කෙනා ලඟට ආවම කියන්නේ හාත්පසින්ම වෙනස් වාක්‍යයක්. ඇත්තටම අපිට සන්නිවේදන තාක්ෂණික පහසුකම් කොපමණ තිබුනත් මිනිසාගේ සන්නිවේදන හැකියා මට්ටම නම් අපි හිතන තරම් සතුටුදායක නැහැ.
ReplyDeleteඔව්. දැන් විද්‍යුත් සන්නිවෙදනයයේදී නම් රිපීටර් දාලා නිවැරදි කරන්න පුළුවන්. ඔය කටින් කට යන එකේදී ඔහොම වෙන්නේ සන්නිවේදන මාද්‍ය වල ඉන්ටෙලිජන්ස් එක නිසා. :)
Deleteහි හි ,,මාත් කියෙවුවා ගොඩක් වටින් ලිපියක්
Deleteබොහොම ස්තුතියි.
Deleteඕකෙම අනිත් පැත්තත් වෙනවා නේද සුදීක. තමන්ට නොතේරුණත් තේරුණා වගේ ඉන්න එක. මොන මල දානයක්ද මේක මට තේරුණේ නෑ කියල කෙළින් නොකියන අය.
ReplyDeleteඔව්. එහෙම අයත් බහුලයි.
Deleteබොහොම වැදගත් ලිපියක්.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteහොද පැහැදිලි කිරීමක්.
ReplyDeleteඅපි කොමන්ට් කලහමත් සමහර අයට තේරුම් නොයන අවස්ථාත් තිබෙනව.
ඔව්. ඔව්. මේ මමත් සමහර විට තේරුම් ගන්නේ වැරදි විදියට.
Deleteහොද පැහැදිලි කිරීමක්.
ReplyDeleteඅපි කොමන්ට් කලහමත් සමහර අයට තේරුම් නොයන අවස්ථාත් තිබෙනව.
පට්ට පට පට.... අපිට නං හොඳට වැටහේ...
Deleteහෙක්. හෙක් ... හෙක් ....
Deleteවැඩ කරන තැන්වල විතරක් නෙමේ ගෙවල්වල පවා ප්‍රශ්න ඇතිවෙන්නේ කියන දේවල් හරියට තේරුම් නොගන්න හන්දා තමයි. කාගෙන් හරි ප්‍රශ්නයක් අහලා ඇහුනේ නෑ වගේ ඉන්නවා නම් ටිකක් හය්යෙන් අහලා බලන්ටකෝ.'මොකද මට මේ කෑගහන්නේ. මම මොනාද කලේ?' කියලා උත්තරයක් ලැබෙයි.:D
ReplyDeleteසමහර වෙලාවට තේරුම් ගන්ට උත්සාහ කරන්නේ නැතිකමත් එක හේතුවක්...
එහෙම ඒවත් වෙනවා. ඒ නම් වෙන අවධානෙක ඉන්න වෙලාවට. නැත්නම් උවමනාවෙන්ම අමතක කරලා ඉන්න වෙලාවට.
Deleteහොඳම මාතෘකාවක්. ඒ විතරක්යැ සුදීක, උඹ දැකලා තියෙනවද, තමන්ගේ කම්පියුටරේ හරි වාහනේක හරි, වෙනත් ගැජට් එකක හරි (හරි අපි කම්පියුටරේ විතරක් ගම්මු ලේසියට) මොකක් හරි පොඩි වැඩක් කරන හැටි පෙන්නන්න කියලා ඔය එක්ස්පර්ට් කෙනෙකුට කිව්වොත් ඌ ඒක කරන්නේ, අර අහපු එකාට තේරුම් ගන්න බැරි වේගෙකින්. ඒ කියන්නේ වැඩේ කරනවා. නමුත් ඒ කරන විදිය අර අහපු එකාට ඉගෙනගන්න බැරිවෙන තරම් වේගයකින්. ඉතින් ඊලඟ පාරත් එක්ස්පර්ට්වම ඕනෙ වෙනවා ඒක කරගන්න. ඒවගේම එක්ස්පර්ට්ග් මවුස් එක පාවිච්චි කාන්නේ නෑ. කීබෝඩ් ෂෝර්ට්කට් කී බෝඩ් එකට තඩි බාගෙන තඩි බාගෙන යනවා. මේක කරන්න පුලුවන් ලේසි විදිය පියවරෙන් පියවරට කියලා දෙන්නේ නෑ.
ReplyDeleteමට මේල් එකක් එවාපං සුදීක. henry_jayawardene@yahoo.com
ප්‍රධානම දේ තමයි තමන්ගේ ඕඩියන්ස් එක තේරුම නොගැනීම. සමහර දේශකයෝ කලින්ම ගෝලයන්ගේ දැනුම ගැන අහලා තමයි පටන් ගන්නේ.
Deleteතරහ වෙන්න එපා අයියේ කිව්වට රජයේ බැංකු වල භාවිතා වන වචන ගොඩ වෙලාවට තේරුම් ගන්න අපහසුයි.
ReplyDeleteඒකත් නොවෙන්න විදියක් නෑනේ. අපේ සමාජයේම හරස්කඩක් තමයි බැංකුවේත් තියෙන්නේ.
Deleteඔය කේස් එක හන්දා මාත් කොච්චර කට්ට කාලා තියනවද
ReplyDeleteඅර මැෂින් එක අපේ නෙවෙයි කිව්වා එකත් ඒ වගේ නේද?
Delete// පරිගණක ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නවා ඇති ගණුදෙනුකරුවා ඔවුන්ගේ අවශ්‍යතා පද්ධති සංවර්ධනය කරන්නාට හරියටම කියා ගන්න දන්නේ නැති බව. //
ReplyDeleteකොපමන ප්‍රශ්න කලත් හරියට තොරතුරු දෙන්නෙනෑ. එ නිසා හැමදාම modifications කරනවා. Project එක එකතැනම පල්වෙනවා. මට නම් software development එපා උනා.
RAD එකක් තමයි අඩු දැනුම තියෙන අයට හොඳ. මේ කමෙන්ට් එක පරිගණක ක්ෂේත්‍රයේ අයට පමණයි.
Deleteහපොයි ඔව් සමහර දෙශකයන්ගේ කතාත් ඔහොමනේව........
ReplyDeleteනැතුව. මම සමහරක් විට හිතලා තියෙනවා මට විතරද තේරුම් නොයන්නේ කියලා. බැලුවම හැමෝටම එහෙමයි.
Deleteගොඩක් එවුන් ටියුබ් ලයිට්.... එහෙම නොවන එවුන් දන්නේ නැ එක්කෝ ගණන් ගන්නේ නැ ටියුබ් ලයිට් එවුන්ට පත්තුවෙනකම් කියල දෙන්න.........
ReplyDeleteඔවුන් දන්නා නොදන්නා දේ හොයාගෙන, සරල උදාහරණ මාර්ගයෙන් විස්තර කලොත් වැඩේ පහසුයි.
Deleteමාත් සෑහෙන කාලයක ඉඳලා හිතන පැත්තක්.
ReplyDeleteපාරිභෝගිකයා නැත්නම් ගනු දෙනු කරුවා ට පාරිභාශික ශබ්ද මාලාවෙන් jargon වචන දමා ගැසීම තමාට ඇහුන් කන් දෙන කෙනා නොදන්න දෙයක් තමන් දන්න බව පෙන්වීම මිසක ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාවය ඉටුකර දෙනවා නොවේ.
මේක අඩු වැඩි වශයෙන් කොතැනත් වෙනවා. අපි නොදන්නා දෙයක් ඇහුනොත් අහන්න ඕනේ තේරුම මොකක්ද කියලා.
Deleteපරිගණක ශේත්‍රයේ බහුලවම තියන දෙයක්. එකට එක හේතුවක් මේකත් අර ඉංග්‍රීසි භාෂාව වගේ මිනිස්සු තමන්ගේ තත්වය පෙන්නන්න භාවිතා කරන්න පටන් ගත්ත එකක් වීම. දැන් නම් එහෙම කරගන්න බැරි තරමට අලුත් පරපුර දියුණු වෙලා.
ReplyDeleteඔව්. ඉස්සර ප්‍රින්ට් අවුට් එකක් අතේ ගෙනියන එකත් මහා ලොකු වැඩක්.
Deleteසහතික ඇත්ත මම සැරයක් ගිය අපෙ නන්ගිගෙ වැඩකට EPF ඔෆිස් එකට.එකෙ හිටපු ගැනු කෙනා විනාඩි 5 විතර විස්තරෙ කිවුවට පස්සෙ මම කිවුව මට තෙරෙන බාසාවෙන් ආපහු කියල දෙන්න කියල.මෙලො දෙයක් තෙරුනෙ නැ.
ReplyDeleteඅන්න එහෙම අහන එක තමයි හරි.
Deleteඔය උඩින් දේශකයා කියලා තියෙනවා වගේ වැඩක් මම 5 පන්තියේදි අපේ ටීචර් කොලා. එයා ළමයෙකුට කනට කරලා රහසක් කිව්වා අනිත් ළමයට ඒක කියන්න කියලා...ඒ විදියට පන්තිය වටේ ගිහිල්ලා අන්තිමයට යද්දි මුලින් කියපු දේ නෙමෙයි ඔහුට ශ්‍රවණය වෙලා තියෙන්නෙ
ReplyDeleteඔය වැඩේ නම් හරියට වෙන්නෙම නෑ.
Delete