මේ නම් දෙක ගැන මීට වඩා නම පුංචි දෙයක් වත් අහන්න එපා. දෙන්නම මගේ ඔෆිස් මිත්‍රයෝ. ඒ නිසා වැඩි විස්තරයක් කරන්න බෑ. පැරා කියන්නේ කොහොමත් හොඳට අඳින්න උපන් පුතා. හැම දේම සීරියස් හිතන, ඒ වුණත් අහිංසක, හැඟුම්බර කොල්ලෙක්(ඉස්සර). ඒකටත් එක්ක අරා. හැම වෙලාවේම කාට හරි අන්ඩරයක් දීල ආතල් එකක් ගන්න ජාතියේ පොරක්. හැබැයි අරාට ඒ වගේ ඇන්දිල්ලක් හරි විහිළුවක් හරි කළොත් එලෝ කෝටියට තද වෙනවා. හරියට අර චණ්ඩි ගුටි කන්න ආස නෑ වගේ. අරාගේ දවසක කාට හරි ගිනිගෙඩියක් නොදීපු දවසක් නැති තරම්.
පැරා වැඩට එන්නේ කෝච්චියේ. රඹුක්කන කෝච්චියේ වැඩට එන පැරා බොහොම දවසට රතු ඉර බේර ගන්න සටනක් දෙනවා. ඈත ප්‍රදේශයක ඉඳන් දවස් හතම වැඩට එන්න ගියාම තියෙන වදේ මම හොඳටම දන්නවා. ඒ මාත් බැංකුවට ආව මුල් කාලේ ගෙදර ඉඳගෙන වැඩට ගිය නිසා. සතියේ අන්තිම දවස් වෙනකොට නිකං මත වෙලා වගේ. ඒත් පැරා මුළු කාලෙම, මේ සුමේ ඇද්දා. මේ කෝච්චි ප්‍රමාද වෙන දවසට, අටයි කාලට වදින නිල් ඉරත්, අටහාමාරට වදින රතු ඉරත් බලන බලන අත පැරාට පේනවා. ලොකු සටනක් දීලා දාඩිය මුගුරු දාගෙන තමා පැරා උදේ ඇවිත් පුටුවේ වාඩි වෙන්නේ. පුදුම අනුකම්පාවක් මේ මනුස්සයා ගැන වෙලාවකට ඇති වෙනවා. දෙදරු පියෙක් වෙච්ච පැරාට තමන්ගේ දරු මල්ලෝ දකින්න වෙන්නේ සති අන්තයේ විතරයි.
තවත් දවසක් කොටුව දුම්රිය පොළට රඹුක්කන කෝච්චිය ළඟා වුණේ ප්‍රමාද වෙලා. මේ වගේ වෙලාවට පැරාට ඇති වෙන ආතතිය නිසා කරන කියන දේ හිතා ගන්නත් බැරිව යනවා. පැරා කෝච්චිය නවත්වන්නත් කලින් පැනලා දුවගෙන ගියේ රතු ඉර බෙර ගන්න හිතාගෙන. මොකද සමහර දවස් වලට අටයි හතළිස් පහටත් ඉර නොගහා තියෙන බව පැරා දන්නවා. අනිත් අය පිටවෙන දොරටු පැත්තට දුවගෙන ගියත් පැරා දිව්වේ කෙටි තාප්පේ තියෙන පැත්තට. ඒ කියන්නේ ගේට්ටු වල පෝලිම් ගැහිච්ච වෙලාවකට කොටුව ඉස්ටෙසමෙන් පිට වෙන්න තියෙන හොඳම තැන. මේ තාප්පේ උඩින් පැන්නම කෙළින්ම ඩී.ආර්. විජේවර්ධන මාවතේ. පැරා පුරුදු තැනින් බෑග් එකත් කිහිලි ගන්නං පැන්නා. ඒත් බිමට ළඟා වෙන්න වෙනදට වඩා වෙලාව ගත වෙනකොට තමයි පැරා බිම බැලුවේ.
කවුදෝ නොසන්ඩාලයෝ පිරිසක් එතන අඩි තුනක්-හතරක් විතර වළක් හාරලා. පැරා කෙළින්ම ඒක ඇතුලට වැටුණා විතරක් නෙවෙයි, එක කකුලක් අඩමානෙට හිටලා. ඉතිං කකුල පෙරළන එක අහන්න දෙයක් නෑනේ. ඒත් මේ වේදනාවල් පැත්තක තියලා වළෙන් ගොඩ වෙලා පැරා කෙළින්ම ඔෆිස් එකට දිව්වා. හති දාගෙන දුවගෙන එන පැරා දැක්ක ගමන් අරා
පින්තූරය ගත්තේ : http://forums.catholic.com |
"මොකද මචං මේ" කියාගෙන පරාගේ කේශාන්තයේ සිට පාදාන්තයට බැල්මක් දැම්මා. ටික වෙලාවකින් වෙච්ච දේ අරා දැන ගත්තා විතරක් නෙවෙයි, ලොකු අය දැනුවත් කරලා කොස් ගෙඩියක් වගේ ඉදිමිලා තිබ්බ පැරාගේ කකුලට බෙහෙත් ගන්න නවලෝකෙට එක්කන් ගියෙත් අරා. ඒත් මේ එක්කම අරාට ගණදෙවි නුවණ පහල වුණා. මිත්‍රයාව ඔෆිස් එකට ඇරලලා ටික වෙලාවකින් උඩ වෙනත් මහලකට ගියා. ගිහිං පැරාගේ ජංගම දුරකතනයට ගත්තා කෝල් එකක්.
"මේ මිස්ටර් පැරා... ද කතා කරන්නේ ?"
"ඔව්. මම පැරා... තමයි" කෙඳිරි ගැන හඬින් පැරා පිළිතුරු දුන්නා.
"මම සී. ජී. ආර්. එකේ ජෙනරල් මැනේජර් කථා කරන්නේ. අද මිස්ටර්ට කෝච්චියෙන් ඇවිත් මොකක් හරි අනතුරක් වුණාද?"
"ඔව්. ඔව්. සර්"
"හරි කෝච්චියේ වෙන අනතුරු වලට අපේ රක්ෂණයක් තියෙනවා. හැබැයි අපි මේකෙන් කවර කරන්නේ දුම්රිය ස්ථානේ ඇතුළේ වෙන අනතරු වලට විතරයි. දැන් කොහොමද මිස්ටර් පැරා... ට මේක වුණේ"
පැරා පොඩ්ඩක් කල්පනා කරා. එක පාරටම ආවා උත්තරේ
"මම සර් කෝච්චියේ බැහැලා අනිත් ෆ්ලැට්ෆෝම් එකට යන්න කියලා පහළට පැන්නා. එතකොට තමයි කකුල පෙරළුණේ. පස්සේ නවලෝකෙට ගිහින් බෙහෙත් අරං ආවා. එක්ස් රේ එකකුත් ගත්තා"
"හරි. කොයි තරම් වියදමක් ගියාද ?"
"බෙහෙත් වලටනම් රුපියල් දෙදාස් හාරසීයක් විතර ගියා"
"හරි. ඒකට බැංකුවෙන් ගෙවනවා ඇතිනේ. අපේ ඉන්ෂුරන්ස් එක රුපියල් පනස්දාහක්. හැබැයි මිස්ටර් පැරාට පොඩි වැඩක් කරන්න වෙනවා. මේකට මෙඩිකල් රිපෝර්ට් එකක් අරන් එන්න වෙනවා"
"හරි සර්. ඒක ගෙන්න මට පුළුවන්. කොහොමද ඒක වෙන්න ඕනේ"
"මෙහෙමයි ඔය රිපෝර්ට් එක ගන්න වෙට් ඩොක්ටර් කෙනෙක්ගෙන්. අපිට ආරංචියක් ආවා මිස්ටර් මුත්‍රා කරන්න ගියාම කකුල පොඩ්ඩක් ඉස්සෙනවා කියලා"
මේක හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. ඔෆිස් එකේ බොහෝ දෙනෙක් අරාට මේකට බැන්නත්. පොඩි ආතල් එකක් නොගත්තෙත් නෑ.
ඇත්තටම සමහර වෙලාවට අපි දුරදිග නොබලා කරන වැඩ කොයිතරම් අවදානම්ද, අමනොඥද කියලා අපිටම ආපහු හිතලා බලන්න හොඳ ආදර්ශයක් වෙනවා මේවගේ ඇන්දවීම්.
ReplyDeleteඇත්තටම. ඒ මොනවා කරල් පැරා තරහ වෙන්නේ නැති එක තමයි උතුම්ම ගුණය.
Deleteහිනා වෙලා පන ගියා.
ReplyDeleteඅයි දෙයියනේ අච්චර අමාරුවෙ ඉන්න මිනිහටත් සැනසීමේ ඉන්න දීල නැහැ නොවැ.
පැරා නිතරම අනිත් අය කියන දේ විශ්වාස කරනවා.
Deleteපව් අප්පා...:)
ReplyDeleteසුදීක කලින් පෝස්ට් එකේ අපේ කමෙන්ට්ස්වලට රිප්ලයි කරලා නෑනේ:(
මේ දවස් ටිකේ ටිකක් කාලය පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හරි දැන් බලන්න.
Deleteඔය කෝච්චි පරක්කු වෙන ඒවා ගැන නම් කියන්න එපා අයියෝ...පුදුමාකාර දුකක් මිනිස්සු ඔය ඉලව්ව නිසා විදින්නෙ..මමත් අවුරුදු 3ක්ම ගම්පහ ඉදන් බොරැල්ලට ගියා නොවැ...සමහර දවස් වලට මරදානෙදි කොන්ද කෙලින් කර ගන්න බෑ දෙකට තුනට නැමීගෙන ඇවිල්ලා...සමහර දවස් වලට තදට වැස්සොත් රාගමින් එහාට දුම්රිය වැඩ නෑ...පැය 1 කටත් වඩා දුම්රිය පරක්කු වෙලා අතර මග කොහෙ හරි නවත්තගෙන ඉද්දි මිනිස්සුන්ගෙ පරාජිත මූණු ඔක්කොම කියන්නෙ රතු ඉරේ කථන්දරේ වෙන්න ඇති.
ReplyDeleteඇත්ත වශයෙන්ම.
Deleteමට හිතා ගන්න බැරි මිනිස්සු පිස්සෝ වගේ කෝච්චි වලට දුවන එකයි. කෝච්චියෙන් බැහැලා දුවන එකයි.. හරක් වගේ පාර පනින්නේ. එක්කෝ ඊට කලින් කෝච්චියේ වැඩට එන්න ඕන. නැත්නම් ඊළඟ කෝච්චියේ ගෙදර යන්න ඕන. ඒ වගේම ඒ හැම කෝච්චියක් එන වෙලාවට මිනිස්සුන්ට ගෙදර යන්න බස් දාන්නත් ඕන. කොච්චරනම් මිනිස්සු අනතුරු වලට පත් වෙනවද? විනාඩී 30 කැප කලා නම් ඔය ප්‍රශ්න නෑ..
ReplyDeleteමාතලන් හිතන්නේ ඔය උදේට office train එකේ එන්නේ මිනිස්සු ඊට කලින් කෝච්චියේ එන්න කම්මැලි හිංදා කියලද?. මම දන්නා පවුලක් හිටියා නුවර මහත්තයා කොළඹ නල ජලය සම්බන්ද ආයතනෙක විධායක නිලධාරියෙක්. නෝනා ගෙදර ඉන්නේ. කාලයක් මම වැඩ කරපු ආයතනයක වැඩ කළා කම්මැලි කමට. එක දුවෙක් ඉන්නවා එයා යන්නේ නුවර ප්‍රසිද්ද කාන්තා පාසලකට. යමක් කමක් තියන මිනිස්සු නෙවේ යන්තන් ගොඩ යන්න දඟලන මිනිස්සු.
Deleteඋදේ මේ මනුස්සයා ගෙදරින් පිට වෙන්නේ පාන්දර 4:30 ට විතර. ඒ උදේ නුවරින් තියන office train එක අල්ලා ගන්න. පයින් 2/3km විතර ඇවිත් එතන ඉඳන් office train එකට මිනිස්සු අරන් එන පාන් භාග වැන් එකක ඇවිත් ඔන්න office train එක අල්ලා ගන්නේ. එතන ඉඳන් පැය 3.30 විතර ඇවිත් ඔන්න යන්තම් 8:30 විතර වෙනකොට කොටුවේ. එතන ඉඳන් අර ගාල කඩාගත්ත උන් වගේ වැටවල් උඩින් තාප්ප උඩින් පැනලා බස්වලට යට නොවී කොහොම හරි දුවන්නේ රතු ඉරට කලින් අස්සන ගහන්න. හවස 4:40 කොටුවෙන් නුවර යන train එක අල්ලා ගන්න ආයෙත් අර යුද්දෙමයි. මේ කියන මහතයාට කවදාවත් ඔය ට්‍රින් එකට එන්න වෙන්නේ නැ. මිනිහා යන්නේ ඊළඟට තියන 6කුත් ගානේ train එකේ. ගෙදර එනකොට රැ 10 විතර. පොඩි දරුවා එක්ක දවසක් වත් කතා කරන්නවත් නැ. එනවා කනවා නිදියනවා. ඉරිදා හැරෙන්න අනිත් දවස් වල ජීවිතේ ඕකයි.
කියන්න දෙයක් නැනේ ඔය මහ රැ ඇවිල්ලා එහෙමත් දවසක තමයි බඩ උඩ නගින්නවත් පන තියෙන්නේ. නෝනට ඕන උනාට මහත්තයාට පාන් කියා ගන්න බැ. නෝනා ඉතින් බබා ඉස්කෝලේ යවලා තෙලෙන් කිරෙන් කාලා ගෙදර ඉන්නේ. අන්තිමට නෝනා හොරා කන්න පුරුදු උනා. මගේ යාළුවො කීප දෙනෙක්ම පැද්දා. එතනින් පස්සේ මම එතනින් ඉවත් උන හින්දා විස්තර මොනවද දන්නේ නැ.
රැවුලත් ඕන කැදත් ඕන මහත්තයාට. ඔන්න ඔය වගේ තමයි ඔය පිස්සෝ වගේ දුවන මිනිස්සුන්ගේ ජීවිත.
@මාතලන් : කිලෝමීටර් විස්සක් විතර ඇතුලේ ඉන්න අයට තමයි පොඩ්ඩක් කලින් එන්න පුළුවන්.
Delete@itinishantha : ඉතාම අනුවේදනීය කතාවක්.
මාත් Head Office ඉන්න කාලෙ ඔය කට්ට කෑවා ......හැබැයි මෙච්චරම කට්ටක් කෑවෙ නෑ.......උදේට 6.57 මුතු කුමාරි එක්ක සෙට් වෙන්න බස් එකෙන් බැහැලා ජා-ඇල ස්ටේෂමට දුවනවා............නො 5 බස් තියෙන හින්ද ගොඩක් වෙලාවට සෙට් උනහැකි...........හවසට ගාමිනි හෝල් බැහැලා මරදානට දුවනවා 5.20 බංගෙ අල්ලන්න.......මතක් වෙනකොටත් කකුල් රිදෙනවා........පොලිස් පාක් ඉඳලා එනකොට ඉතින් ගොඩක් වෙලාවට බංගෙ ගිහින්...........ඔෆිස් එකෙන් එන්න පරක්කු උනොත් පයින්ම බම්බා ගිහින් පැත්තෙ රවුමකුත් දාල 5.50 මුතුකුමාරි එක්කම සෙට් වෙනවා...
Deleteඅන්දන එවුන්ට මිනිහෙක් මැරුනත් ඇති එක අල්ලන් තව එකෙක්ව බයිට් කරන්න
ReplyDeleteසම්පූර්ණ ඇත්ත.
Deleteපව් බං.. ඇත්තටම පොර කකුල උස්සලද මුත්තරා කරන්නෙ?
ReplyDelete:)
මිනිහෙකුට කකුල විතරක් උස්සලා මදිනේ සැමෝ.
Deleteපවුනම් තමයි එවුනාට පොඩි ආතල් එකකුත් නොගෙන බැ නේ
ReplyDeleteඒත් මේ අහිංසකයාගේ මූණ දැක්කනම් දමිත් ඔහොම කියන එකක් නෑ.
Deleteඔව් අනුන්ට අන්ඩර දෙන සමහරු තමන්ට වෙච්චහම හරියට කලබල වෙනවා.
ReplyDeleteඈ බං. මූ ඇත්තටම සතියෙ දවස් හතම වැඩට ගියාද, නැතිනම් පහක්ද?
බොහෝවිට සති අන්තයේ දවසක් හෝ දෙකම වැඩට එනවා.
Deleteහත් ඉලව්වයි කිවලු. මට වගේ ඔය වගේ දෙයක් කලානම් අරූ ඉවරයි ඇයි යකෝ මේ අමාරුවෙන් ඉන් වෙලාවේ මගුලක් කරනවා කිව්වම.කැත වැඩක් හිනහ ගියා උනත් කැත වැඩක්
ReplyDeleteඒක තමයි මලේ. පැරා බොහොම උපේක්ෂා සහගත මිනිහා.
Deleteමම නම් ඔෆිස් එකේදි ඇස් රතුවෙන ඒවා කරන්න යන්නෙම නෑ...සූටි අහිංසක ඒවා තමයි කරන්නෙ..එවාට කාටත් හිනාවෙල ජොලියක් ගන්න පුලුවන්....මොකටද නිකන් හැපි මූඩ් ඔෆිස් එක අපායක් කරගන්නෙ...
ReplyDeleteහැබැයි දත් ගැලවීම නම් ජයටම කරනවා...
රියෝ එකෙන් අයිස් ක්‍රීම්, කැල්ටන් එකෙන් කේක්-පේස්ට්‍රි, පෙරියමුල්ල බේකරියෙන් ගල් බනිස්-කිඹුල්ලු, තෝසෙ කඩෙන් නෙයි තෝසෙ-මසාල තෝසෙ-උළුඳු වඩේ, බොම්බෙ ස්වීට් එකෙන් පැනි වලලු හා තව රස ඒවා-කඩල-රටකජු තෙල් දාපුවා-බැටට්, තෙල්වත්තෙ ජූස් කඩෙන් ෆෘට් ජූස්
හක්කෙ දතක් අහු උනොත් පීකිං, මචං, ඇවෙන් රා, නැත්නම් බීච් සයිඩ් තමයි......
ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.
Deleteමං හිතුවේ පොත් ප්‍රද්ර්ශණයෙන් ගත්ත පොතක කොටසක් කියලා.පට්ට කථාවක් නොවැ.
ReplyDeleteප්‍රදර්ශණේට තවම යන්න බැරි වුණා.
Delete// අටයි කාලට වදින නිල් ඉරත්, අටහාමාරට වදින රතු ඉරත් බලන බලන අත පැරාට පේනවා. //
ReplyDeleteඔය ඉරි ගහන සෙල්ලම තාම තියෙනවද ?
නැතුව - නැතුව.
Deleteසිරා ගේමක්නේ පැරාට දීල තියෙන්නේ. ඒත් මූට හිතුනේ නැද්ද කොහෙන්ද මේ නම්බරය අරගත්තේ කියන දේ?
ReplyDeleteපනස්දාහක් කිව්වම ඕවා මතක් වෙනවද ආයිබොවන්ඩ ?
Deleteපැරාලා අරාලා එවුන්ම වගේම මේ වගේ සිදුවීම් මානුෂික සලකුණක් සහිතව සටහන් තියන්න පුලුවන් උඹලා වගේ පරම්පරාවක් නැති එක තමයි එකම දුක සුදීක.
ReplyDeleteකුඩා කාලේ ඉඳලා ලෝකේ දකින විදිය තමයි එතනට කෙනෙක් එන්න අවශ්‍ය.
Deleteපව් පැරා, හැබැයි ඔය වගේ ආතල් අපිත් ගන්නවා, කොහොම වුනත් අපස්සේ තමයි හිතෙන්නේ එක වැරදියි කියලා, ඒ වෙලාවට හිතෙන්නේ නෑ එහෙම .
ReplyDeleteපැරා වටා ගෙතිච්ච තව කතා බොහොමයක් තියෙනවා. සමහර ඒවා අකුරින් කිව්වට රසවත් නෑ.
Deleteසල්ලි කරයි ඔක්කෝම මට්ටු.. පව් හැබැයි මොකා උනත් පැරා අහිංසකයා..
ReplyDeleteමම දැකලා තියෙනවා අතදරුවොත් සල්ලි දැක්කම උදුරලා ගන්නවා.
Deleteපැරාගේ කතාව ගොඩක් උදේට කෝච්චියේ එන අයගේ කතාවමයි. අපේ අම්මත් අවුරුදු 3ක් කොළඹ ගියා ඔය වගේ. උදේ පාන්දර 3.30 ට නැගිටලා අපිට උයලා තියලා කුරුනාගලින් 5.45 ට්‍රේන් එක අල්ලා ගන්න යනවා. එතකොට තාත්තාත් නුවර වැඩ. අයියා උදේම බයිසිකලේ අම්මව ගිහින් දාලා ඇවිත් ආපහු නිදාගෙන තමයි ඉස්කෝලේ යන්නේ. මමයි නංගියි එත්කනුත් නිදි. හැන්දෑවට අයියා බත් එක කුකර් එකේ දාලා එහෙම අම්මා එක්ක ගෙන එන්න යනවා. අම්මා ගෙදර එන්නේ 8 ට විතර. එතකොට මමයි නංගියි පොල් ගාලා ලැස්ති කරලා එහෙම තියනවා. අම්මා ඇවිත් ආයෙම රෑ උයලා පාන්දර උයන්න ඕන දේවල් හරි ගස්සලා තමයි නිදා ගන්නේ. බුදු අම්මෝ එහෙම කාලයක්. ඒ දුක කාපු අය විතරයි ඒ ගැන දන්නේ. යාන්තමට අම්මා කුරුනාගලට මාරුව හදා ගත්තා. ඒත් අදටත් ලංකාවේ ගොඩක් අය ඒ දුක විදිනවා.
ReplyDeleteඅපිත් ඔය වගේ ගත කරපු කාලයක් තිබුණා.
Deletetika dawsak yankan blog walta ena vidhak naha.
ReplyDeleteJayawewa
ඇයි සංජීව මොකක්ද අවුල?
Delete