මේ ඡායාරූපය දැක්කාම ඔබට මොනවද හිතෙන්නේ ? මේක එක් දහස් නවසිය හැත්තෑ ගණන් වල සිදු වුන බොහොම ප්‍රසිද්ධ සිදු වීමක්. මේකට කියන්නේ මියැන්ඩාඩ් - ලිලී හටන කියලා. ඒ කාලේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ මේ වගේ සිදු වීම් වෙයි කියල බලාපොරොත්තුවක් නැති නිසා මේවා වලක්වන්න ක්‍රිකට් නීති තුල ප්‍රතිපාදන තිබුනේ නෑ. එසේ වීම වරදක් කියා මා පවසන්නෙත් නෑ. බුදුරදුන් පාවා සමහර සූත්‍ර දේශණා කර තිබෙන්නේ එක් එක් අවස්ථා වල උද්ගතවෙන සිදුවීම් පදනම් කරගෙනයි. ඒකෙන් එවැනි සිදු වීම් ගැන බුදුරජාණන් වහන්සේ නොදැන හිටියා කියලා කාටවත් කියන්න පුලුවන් කමක් නෑ. ඒ ආකාරයෙන්ම ක්‍රිකට් බලධාරීනුත් මෙවැනි සිදුවීම් බලාපොරොත්තු නොවුනත් පසුකාලීනව මෙවැනි සිදුවීම් බහුලව සිදු වුණා. ක්‍රීඩකයන්ට අමතරව විනිසුරුවන්ට පවා පහර දෙන තත්වයකට ක්‍රීඩාව පිරිහුනා. ඒවා පදනම් කරගෙන නීති රීතිත් එන්න එන්නම දැඩි වුණා.
අද කාලයේ මෙවැනි සිදුවීමකට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නෑ. එක් අතකින් එවැනි දේ කිරීම මොනතරම් අම්නෝඥ ක්‍රියාවක්දැයි අද ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දන්නවා. ඒ දැන් ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමණක්ම නොවන නිසා. එය ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයද වන නිසා. වැඩ කරන තැන ප්‍රදානියකුට, සහෝදර සෙවකයකුට හෝ ඔබ ආයතනය සමග සෘජුව සම්බන්ධ වන වෙනත් අයෙකුට ඔබ පහර දෙනවානම්, ගෙදර යාමට ඔබ සූදානම් විය යුතුයි. එය එසේම ක්‍රිකට් ක්‍රීඩාවටද අදාල වෙනවා. දැන් පැහැදිලියි නේද ක්‍රිකට් ක්‍රීඩාව තුල එවැනි දේ සුලබ නොවන්නේ ඇයි කියලා. ක්‍රිකට් ක්‍රීඩකයකු එවැනි දෙයක් සිදු කලහොත් සිදු වන ක්‍රීඩා තහනම නිසා පඩි රහිත නිවාඩු යන්න වෙනවා. ඉතිං කාටද පාඩු. මේ ලිපියේ අදහස ක්‍රිකට් නීති රීති ගැන කථා කරන්න නොවෙයි. මේ පොටෝ එක දැක්කාම මගෙ හිත අතීතයට දිව ගිහින් නතර වුනු මගේ එක් අත්දැකීමක් මගේ බ්ලොග් පාඨකය සමග බෙදා ගන්නයි.
මේ වගේ සටන් ලැයිස්තු වල පකිස්ථානු ක්‍රීඩක ජාවේඩ් මියැන්ඩාඩ්ගේ නම කිහිප අවස්ථාවකම ලියැවිලා තියෙනවා. වරක් ශ්‍රී ලංකාවේ සී.සී.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු එකම ටෙස්ට් තරගේදී ඔහු ප්‍රේක්ෂකයන්ට පහර දීමට ප්‍රෙක්ෂකාගාරයට කඩා වැදුනා.
මේ කියන සිද්දියේ කථා නායකයා චුලා, මගේ මතකය නිවැරදි නම් චූලා අමරසිංහ. ඔහු ජාත්‍යන්තර, ජාතික හෝ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයකු නොවෙයි. ඔහු පාසැල් කාළයේදී ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙන්නට පුලුවන්. ඔහු මට මුණ ගැහෙන්නේ කොන්ෆිෆි ව්‍යාපාර සමූහයේදී. ඔහු වෘතියෙන් සූපවේදියෙක්. ඔහු රාජකාරි කලේ ෆාම් ගාර්ඩ්න් කියන මොරගල්ල-බේරුවල තිබෙන සංචාරක හොටලයේ ප්‍රධාන සූපවේදියා විදිහට. සංචාරක හෝටලයක තියෙන ප්‍රධානම තනතුර මේක කිව්වොත් මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනෑම කෙනෙකු මා සමග එකඟ වනවා. ඒ තරමටම සංචාරක හෝටලයක සිදු වන දෛනිකි ක්‍රියාවලියට ප්‍රධාන සූපවේදියා වැදගත්. ඒත් ක්‍රිකට් තරගයකදි කවුරුත් තවත් එක් ක්‍රීඩකයකු පමණක් වනවා.
අපිත් ඔවුනුත් මුණ ගැසෙන්නේ වාර්ෂිකව කොන්ෆිෆි හෝටල සමූහයේ ආයතන අතර පැවැත්වෙන ක්‍රීඩ තරගාවලියේදීයි. මෙහිදී ක්‍රිකට්, බැඩ්මින්ටන්, වොලිබෝල්, පාපන්දු සහ නෙට්බෝල් යන තරග අප සහෝදර ආයතන අතර පැවැත්වෙනවා. කොන්ෆිෆි හෝටල් සමූහයට රිවරිනා, ෆාම් ගාර්ඩන්, කොන්ෆිෆි සහ ප්‍රධාන කාර්‍යාලය අයත් වනවා. ඉතිං මේ කියන බොහොමයක් තරග සිවු-කොන් තරගාවලි ලෙස තමයි පැවැත්වුනේ. මේ ක්‍රීඩා වලින් හතර වර්ගයකටම මා ක්‍රීඩා කල අතර මේ සිදු වීම වුනේ 1992 හෝ 93 අවුරුද්දේ ක්‍රිකට් තරගාවලියේදී. රනවුට් වීම ක්‍රිකට් තරගයක්ට සාමන්‍ය දෙයක් වුනත් මේක ටිකක් විශේෂිත එකක්.
ක්‍රිකට් තරගාවලියේදී බොහෝ විට අවසාන තරගය රිවරිනා-ෆාම් ගාර්ඩ්න් අතර තමයි පැවැත්වෙන්නේ. මේකත් ඔය කියන අවසන් තරගයකදි වුන එකක්. ෆාම් ගාර්ඩ්න් කණ්ඩායම ප්‍රබලම කන්ඩායම. ඒ කොන්ෆිෆි සමුහ කණ්ඩායම නියෝජනය කරන වැඩි ක්‍රීඩකයනි පිරිසක් ඔවුන් සතුව හිටි නිසා. ජූඩ්, දර්ශණ, අන්ද්‍රාදි, රොෂාන් ඇතූළු දක්ෂ අයගෙන් වැඩි පිරිසක් අයත් වුනේ ෆාම් ගාර්ඩ්න් එකට. අපිට හිටියේ පාලිත, තිලක් සහ මම. ඒ ඇරුනහම සෙසු සියලු දෙනා සාමන්‍ය අය. තරගයට අවශ්‍ය නිසා ක්‍රීඩා කරන අය. කන්ඩායම් දෙකේම එහෙමයි.
මේ කියාන තරගෙය පැවැත්වුනේ මර්කන්ටයිල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි. ටිකක් වැහිබර කාලයකදි. කලින් දවසේ වැහැලා තිබුන බව වටපිටාවෙන්ම පැහැදිලි වුනා. එදත් මූලික තරග කිසිම විශෙෂත්වයක් නැතුවම අවසන් වුනා. හවස් භාගය වෙත්දී වැහිබර ගතිය වැඩි වුනා. කාසියේ වාසිය දිනා ගත්ත ෆාම් ගාර්ඩ්න් කන්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්න. අපේ කන්ඩායමේ නායකත්වය දැරුවේ පාලිත ෆොන්සේකා. කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කල එයට නායක්ත්වය දුන් ක්‍රීඩකයෙක්.
තිස්සේ ඉන්න කාලේ අමාත්‍ය විමල් වීරවංශත් එයාගේ කණ්ඩායමේ සමකාලීනයෙක්. ඒ වගේම කළුතර ටවුන් ක්ලබ් එකේ ඒ කාලයේ නායකයා. අපිට හිටිය හොඳම ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කෙනෙක්. ෆාම් ගාර්ඩන් අය හිතුවට වඩා කලින් එයාලගෙ දක්ෂ අයව ක්‍රීඩාගාරයට යවන්න අපි සමත් වුනා. දැන් විකට් හයක් නැත්නම් හතක් ගිහින් ලකුණු සීයකටත් වඩා අඩුවෙන්. ඔවර් හතලිහෙන් විසි ගානක් ඇතුලත. පන්දුවට පහරදෙන්නේ අර කියපු චූලා එක පැත්තක, අනිත් පැත්තෙත් සාමන්‍ය ක්‍රීඩකයෙක් එතරම් දක්ෂ නෑ. අපි හිටියේ හොඳටම් උද්දාමයෙන් මෙදා පාර පළවෙනි වතාවට අපිට දිනන්න පුලුවන්. පාටියක් ෂුවර්. එක වතාවකත් අපි සය සාමාජික තරගය දිනලා අපිට පාටියක් දුන්න දෙහිවල අල්කට්‍රාස් කියන චයිනීස් රෙස්ටුරන්ට් එකේ. ඒ කාලයේදි චයිනීස් කන්න හම්බ වෙන්නේ කලාතුරකින්. චුලාට වයස හතලිස් ගානක්, ඒ මදිවට බඩගෙඩිය. දුවන්නේ බොහෝම අමාරුවෙන්. නිකංවත් දුවාගන්න බැරි මිනිහෙක් කොහොමද මේ තරම් ලට්ට ලොට්ට ටිකක් ඇඟේ ඔතාගෙන දුවන්නේ. මුලින්ම යාන්තමට දුවපු මිනිහා පස්සෙ පස්සේ නොන්ඩි ගගහා දුවන්න ගත්තා. අපිට හොඳටම ෂුවර් දැන්නම් එකසිය විස්සක් වත් ගහන්නෙ නෑ කියල. මමත් හිටියේ පුදුමාකාර සතුටකින්. ඒ වල්-අඩි ගහල මුල් මැච් එකකදි පනස් ගානක් ගහපු රොෂාන්ව එක ලකුණකට රනවුට් කර ගන්න කෙලින්ම විකට් එකට ගැහුවේ මම නිසා. මෙහෙම දුවල දුවලා චූලාට හොඳටම හති ඒ වගේම කකුලත් නොන්ඩි ගහනව. මිනිහා නතර වෙලා අම්පයර්ට කිව්වා එයාට දුවන්න ආදේශකයෙක් අවශ්‍යයි කියලා. අම්පයර් පාලිත දිහවට හැරිලා "හී වොන්ට්ස් අ රනර් " කියල කිව්වා. "නෝ කාන්ට්" කියලා පාලිතත් ගත් කටටම කිව්ව. රනර් කෙනෙක් විදිහට දුවන්න දැන් රොෂාන් බවුන්ඩ්‍රිය ලඟටම ඇවිත් සූදානමේ හිටියේ. දැන් චූලා පාලිතට හොඳටම බැනගෙන පාලිත ඉන්න දිහාවට එනවා. අපි හිටිය තැන් වලට වෙලා බලාගෙන ඉන්නවා. එක පාරටම චූලා බැට් එක ඉස්සුව පාලිතත් විකට් කූරක් ගලවලා ගත්තා. මේ මොකක්ද මේ වෙන්න යන්නේ මට හිතුනා. දෙන්න අතර බහින් බස් වීම දුර දිග යන පාටයි. මෙනා එක පාරටම චූලා බැට් එක උස්සලා පාලිතට ගහන්න පැන්නා. පාලිතය දුවන්න පටන් ගත්තා චූලාත් අත ඇරියේ නෑ. පලිත පස්සෙන් පන්නනවා. හරියට ඇඟිලි නවසිය අනූනවයක් කපල අන්තිම ඇඟිල්ල කපා ගන්න දුවන අංගුලිමාල වගේ. පාලිත මරබියෙන් දුවන අහිංසකයා වගේ හොඳටම හයියෙන දුවනවා. චූලත් හයියෙන්ම දුවනව. අපි කම්මුලේ අත තියාගෙන බලා ඉන්නව. අම්පයර් එයත් බලන් ඉන්නවා. දැන් නම මේක ක්‍රිකට් ත්‍රගයකට වඩා විනෝද ක්‍රීඩාවක් වගේ. පාලිතත් චුලාත් අතර පරතරය මීටර් තුනක්ට වැඩිය නෑ. දෙන්න දුවන්නෙ නයා යනවා වගේ. පාලිත දුවනව ඒ ගිය පාරෙම චූලත් දුවනව. ටිකක් වෙලා ගිහින් මේක නතර වුනා. අපි බඩ අල්ලගෙන හිනා වෙනව. මේ යකා කකුල අමාරුයි කියලා දුවන්න කෙනෙක් නේද ඉල්ලුවේ කියල. මොනව වුනත් අන්තිමට සුහදව මේක නිමා වුනා. අපි බැට් කරද්දි වැස්සා. දෙගොල්ලොම සම ශූරයෝ. අන්තිමට චුලා රනවුට් වුනේ පාලිත පස්සෙ දුවලා. මේ සිද්දිය වෙලා ගොඩ කාලයක් යනකම මළ ගෙවල් මගුල් ගෙවල් යන හැම වතාවකම චූලා රනවුට් වුන හැටි කථා කරලා මාර ෆන් එකක් ගන්නවා.
නවතම ක්‍රිකට් නීති රීති වලට අනුව එක්දින තරග වලදී ආදේශ දුවන්නකු ලබා ගත නොහැකියි.
පින්තූරය ගත්තේ : http://www.funnyentertainmentblog.com/funny-moment-of-cricket-teams/
එක පාරක් අපි ඔහොම ටූනමන්ට් එකකට ගිහින් අපේ ටීම් එකේ එකක් අපේ වැඩි දෙනෙක්වම රනවුට් කලා. අන්තිමට අපි මැච් එක උඩින්ම පරාදයි.
ReplyDeleteඅපි ඉස්සර ගමේ සෙල්ලං කරද්දි පොඩි එකෙක් ගහනවානම් රනර් කෙනෙක් ඉන්නවාමයි...
ReplyDeleteපොඩි එකාට කොහොමත් ලොකු ශොට් බෑනෙ..
ඌට තියෙන්නෙ කොහොමහරි එක දාන්න..
කීපර්ට අහුවෙන්න නොදී තට්ටුවක් දැම්මත් ඇති එකක් දුවන්න පුලුවන්..මොකද මේ පැත්තෙ රනර් වගේම එහා පැත්තෙ එකත් බෝලෙ දානකොටම බාගයක් දුවලනෙ..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
මිනිහට චූල කියනව වෙනුවට ස්ථූල කියල දැම්මනම් හරි !
ReplyDelete