අද දවසට ලියන තුන්වෙනි පොස්ට් එක. අර බ්ලොග් මැරතන් එකේදි පැය කාලකට වරක් බ්ලොග් එකක් දාන්න ඔනෙ කියල සිංහල බ්ලොග් සංසදයේ කාලිංග ඇතුලත්මුදලි එවපු ඊමේල් එකක සඳහන් වෙලා තිබුන නිසා මට හිතුනා ඒකට පෙරහුරුවක් වෙන්නත් එක්ක ටිකක් ලියලා බලන්න. බලාගෙන යනකොට ඒකත් අමාරු පාටක් නෑ වගේ. ඒත් මගේ යාලුවෙක් කිව්ව "උඹ ලියන ඒවා හරියට දැන් විකුනන්න තියෙන බොම්බයි මොටයි ජාතිය වගේ කියල" මිනිහා කියන්නේ අර "කැන්ඩි ෆ්ලොස්" කියන ජාතිය ගැන වෙන්න ඔනෑ. ඔන්න මම සර්ච් කරල පින්තූරයකුත් හොයගත්තා.
අපි ලියන කතාව එක පාරටම කෙලින්ම කියල දැම්මොත් ඒකේ කිසි ගතියක් නෑ. හැබැයි මේ බොම්බයි මොටයි හෝ කැන්ඩි ෆ්ලොස් කියන අන්වර්ථ නාමයට මම කැමතියි. මොකද බොම්බයි මොටයි කියන්නේ අපි පොඩි කාලේ රස කර කර පොර කකා කාපු කෑමක්. ඉතින් මගේ බ්ලොග් එකත් ඒ වගේ පොර කකා බලනවනං කොච්චර එකක්ද. මගේ මිතුරා කියපු තේරුම ලොකු පරිමාවක තිබ්බට ගන්න තියෙන දේ පොඩ්ඩයි කියන එක නම් මම කියන්නේ බෙහෙත් පෙත්තක් වගේ චූටියට හදලා කිසිම රසයක් නැතුව බඩට දා ගන්න දුන්නා නම් කවුද කැමති. හොඳයි කවුද අකමැති බොම්බයි මොටයි කන්න. ඒක හැම අතින්ම ආකර්ෂණීයයි. පාට, රස, මෘදු බව. ඉතිං ඔබත් එහෙම හිතුවා නම් මම හිතන්නේ මගේ උත්සාහය සාර්ථකයි කියල. ඔබට නොදැනීම ඔබේ සිත තුල යම්කිසි මතකයක් රඳවන්න මා සමත් ඌවා යයි ඔබ කියනවා නම් ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. ඉදිරියටත් ඔබෙ හිතේ ඒ පුංචි ඉඩ ප්‍රමාණය මා ලියන දේ වෙනුවෙන් තබා ගන්න. හැම්දා සරල මෙන්ම හස්‍ය මුසු යමකින් ඔබේ හිත සැහැල්ලු කරන්නම්. මෙතෙක් මට දිරි දෙමින් ම සමග ආ ඔබට මගෙ ආදණීය ස්තුතිය.
තුම්වැනි බ්ලොග් එක නොව තුන්වන පෝස‍්ට් එක නැතිනම් තුන්වන ලිපිය ලෙස නිවැරදි වියයුතු යැයි සිතනවා..
ReplyDeleteබොම්බයි මොටයි එන්නෙ ඇත්තෙ ඉන්දියාවෙ බොම්බේ වලින් වෙන්න ඕනෙ...දකුණෙ අය නම් කියන්නෙ සීනිපොල්කොහු..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--