මේ වචන දෙක කිව්වාම ඕන කෙනෙක් දන්නවා මොකක්ද මේ ගීතය කියලා. අවාසනාවකට මට මේක අහන්න ලැබෙන්නේ පිරිමි කටහඬකින්. ඒ මම දින කිහිපයකට උඩදී බැංකොක් සවාරියේ යෙදිලා ඉන්න අතරෙදි. අපි 42 ක කණ්ඩායමක්. එහි ඉන්න තරුණම කණ්ඩායම පුටු ටික ව්ට කරගෙන එක් දිනක කුඩා සංගීත සාජ්ජයක් පටන් ගත්තා. මමත් ගීත ගයන්න අහන්න හරිම ආසා නිසා එතනට එකතු වුනා. එතන සංගීතයට නායකත්වය සපයපු සුජාන්ගේ හඬින් තමයි මා මුලින්ම මේ ගීතය ඇසුවේ. මට ඒක අවසන් වෙනකම් ඉස්පාසුවක් නැති වුනා මේ මොකක්ද කියල දැන ගන්න. මම ඉතාම සංවේදී හදවතක් තියෙන පුද්ගලයෙක්. ඉතින් සුජාන් දන්න විදියට කිව්ව. මේක කියන්නෙ අන්ඳ ගර්ල් කෙනෙක්. එයා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යන්න බලාපොරොත්තු වුනත් එයාට බ්‍රේල් ක්‍රමයට උගන්වන්න දන්න ගුරුවරු නැති නිසා එයා වෙනමම සංගීතය ඉගෙන ගෙන තමයි මෙ සින්දුව කියන්නෙ කියල. මම ලංකාවට ආපු ගමන්ම කරපු පලවෙනි දේ තමඉ මේ ගීතයට අහුන්කම් දීපු එක. මගේ වාසනාවකට sdeep80 කියන ආදුනික ශිල්පියා රූප මුසුකරපු වීඩියෝව සෙවුම් යන්ත්‍රයෙන් ඉදිරියටම ආව. මම කඳුලු පෙර පෙර ඒක බැලුව. ඒ වීඩියොඅ එක මෙතනින් බලන්න
http://www.youtube.com/watch?v=Rn6n-uHyMZE&feature=related
ඊට පස්සෙ මට ඕන වුනා මේකේ පසුබිම හොයා ගන්න. ඒකත් මම අද උදේ හොයා ගත්තා. අජිත් අලහකෝන් ලියල තියෙන මේ සංවේදී ලිපිය.
http://maremaru.com/sri-lankan-gossip-page.php?id=608
මෙතනදි සාකච්චා කරන්නේ අන්ද කෙනෙකුගේ සිත තුල කකියන සිතුවිලි වලට වලට සංවේඅදි වෙන්න කියල. කොටින්ම අප සමාජයේදි ඔවුන් කොන් නොකර සාමාන්‍ය හෝ විශේෂ ආකාරයකට ඔවුන්ට සලකන්න කියන පණිවුඩය. ඒත් මට හිතෙනවා අන්ද නොවුනත් අපි සමහර දෙනෙකුටත් තමන්ගේ හිත තුල කකියන දේ කියාගන්න බෑ. එහෙම කිව්වත් ඒක අදාල කෙනාට අහන්න උවමනාවක් නෑ. ඒ අතින් බැලුවොත් මේ ගීතය අපි හැම දෙනාටම පොදු පණිවුඩයක් ගෙන එනවා. මේ හුදේක් ආදරයම විය යුතු නෑ. හිතන්න චෝදනාවකට ලක් වෙච්ච ඒත් නිවැරදි පුද්ගලයයෙකුටත් මේ වගෙ තමන්ට කියා ගන්න බැරි එහෙත් සමාජය පිලි නොගන්න දෙයක් තිබෙන්න පුලුවන්. ඒක නිසා මේක අපි හැමෝගෙම ගීතය. මේ ගීතය විශේෂිත එකක් වෙන්න හේතු කීපයක්ම තියේනව. මේ ගීතය ලියන්නෙ අක්ෂි තාක්ෂණ විශේෂක්ඥ වරියක් වන සෝමලතා හේරත් මැණිකේ, ගයන්නේ සැබවින්ම අන්ද උපාදිධාරිණියක් වන චින්තනී මේකලා. මෙහි මදුර මනෝහර සන්ගීතය සපයට තියෙන්නේ රුවන් ශ්‍රී වල්පොල කියන සංගීතඥයා. ඔහු මේ ගීතයේ රසයට බාදා නොවන ආකාරයට මුදු සංගීතයක් එයට මුසු කර තිබීම ප්‍රසංසනීයයි. ඒ ඔහු මෙම ගීතය තුලින් ඉස්මතු නොවී මෙය ගයන මදුර හඬට ඉස්මතු වන්නට හැරීමෙන්. මම මේ ගීතය තව කී වරක් අසාවිදැයි මමවත් දන්නෑ. ඒ තරමටම මේ ගීතය මගේ හදවත ස්පර්ශ කල නිසා.
අවසාන වශයේන් තුට්ටු දෙකේ ගීත නිශ්පාදනය වන මෙවන් යුගයක මෙම සම්භව්‍ය කෘතියට (Masterpiece ) දායක වූ සියලු දෙනාට මගේ හර්දයාංගම ස්තුතිය පුද කරනවා.
නිස්කලංක වෙලාවක ඇස් දෙක පියාගෙන රස විඳින්න පුළුවන් ගීතයක් !
ReplyDeleteකන්ඩාට පිං සිද්ධ වෙන්න මමත් ආයේ මගේ බ්ලොග් පොස්ට් කියවනවා. සමහර වෙලාවකට ආධුනික මට්ටමේ මගේ ලියවිලි දැක්කම මට හිනහත් යනවා.
Deleteමේකනේ සුදීක කවුද අකමැති ඕනෑම දෙයක් කෙලින්ම ඔස්තාද් ලෙවල් එකෙන් එහෙමත් නැතිනම් ප්‍රබුද්ධ මට්ටමෙන් පටන් ගන්න ?
ReplyDeleteනමුත් එහෙම කරන්න විදිහක් නැහැනෙ කරුමෙට :-D
අනික ගොඩ වෙලාවට පහළින් පටන්ගෙන උඩට එනකොට තමයි කරන දෙය රස විඳින්න පුළුවන් සහ පරිණත බව ලැබෙන්නේ !
තමන්ට දැනෙන දේ සරලව ලියන බ්ලොග් වලට මං කැමතියි, අවංකවම කියනවා නම් සමහර පට්ට ප්‍රබුද්ධ බ්ලොග් වල දේවල් තේරෙනවත් තරමක් අඩුයි :)
එහෙම ඔස්තාද් ලෙවල් එකෙන් ලිව්වොත් ගණන් ගන්නේ නැතිව යනවා. සිංහල අමතක වෙයී කියන බයට තමයි මේක පටන් ගත්තේ. අන්තිමට වැඩේ සාර්ථක වුණා.
ReplyDelete