Tuesday, September 24, 2013

ප්‍රදර්ශණයෙන් පොත් ගත්තාද ?

2013 පොත් ප්‍රදර්ශනේ අහවර වෙලා දවස් දෙකයි. මේකත් දැන් පොසොන් එකට අනුරාධපුරේ යනවා වගේ අවුරුද්දකට සැරයක් බී.එම්.අයි.සී.එච්.යන එකත් පුරුද්දක්  වෙලා තියෙන්නේ. පුදුම පොත් විකිණිල්ලක් සහ ගැනිල්ලක්. ඔබත් පොත් වලට ප්‍රේම කරන කෙනෙක්ද ? එහෙනම් මේ  ගන්න පොත් ආරක්ෂා කර ගන්න විදියක් ගැන හිතලා ඇති.  පොත් වලට කවර දානවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? ඔබට එහෙම හිතෙන්න ඇති. නමුත් මේක ටිකක් අලුත් ඒ වගේම නිර්මාණශීලී ක්‍රමයක්. 

මේ පාර පොත් ප්‍රදර්ශනේ මම ගිය එකම දවස පහුගිය සෙනසුරාදා. පොත් ගැනිල්ල කොයි හැටි වෙතත් ඕනෙයා සහ ලියන්නා දෙන්නත් එක්ක එකතු වෙලා වෙනමම ප්‍රදර්ශනයක් බලන ගමන් අපි කථා වුණේ පොත් ආරක්ෂා කර ගන්න විධි ගැන. පහුගිය ටිකේ දුවගේ පොත් වලට පිට කවර දාපු අත්දැකීමත් එක්ක මම කිව්වා 

"දැන් නම් ඉස්සර වගේ කරදර වෙන්න ඕනේ නෑ, ක්ලියර් බුක් කවර් තියෙන නිසා. මම ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි පොඩි එකීගේ පොත් වලට දැම්මේ ඒ කවර. ඒ නිසා පොත් වලට මොනවත් වෙන්නේ නෑ" කියලා.
මේ කතාව අහනකම් මගේ මිත්‍රයෝ දෙන්නා මේ ගැන දැනගෙන හිටියේ නෑ. නමුත් දුලිප් මීට කලින් මේ ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ලංකාවේ නැති හයි-ෆයි ගණයේ අයිටම් එකක් කියලා තමයි හිතාගෙන ඉඳලා තිබුණේ. ඉතිං මම ඒ විස්තරේ ඒ දෙන්නට කළාම, ඒක පොත් වලට සැබෑ ලෙසම ප්‍රේම කරන අය විදියට ඒ දෙන්නට නම් සුබ ආරංචියක් වුණා. පස්සේ මට හිතුණා මේක අපේ බ්ලොග් සහෘද්ධයොත් එක්ක බෙදා ගන්න. හොඳ දෙයක් දකින්න ලැබුණොත් එකා නොමිලේ ප්‍රමෝෂන් කරන එක මගේ සිරිතනේ. 

මේ පොත් කවර එන්නේ සී.ආර්. පොතකට දාගන්න පුළුවන් ප්‍රමාණයෙන්.  (පස්සේ මැනලා හරියටම සයිස් එක කියන්නම්). මේ කවර වල තියෙන විශේෂත්වය තමයි මේක පොත් කවරයට අලවා ගන්න පුළුවන් කම. ඒ කියන්නේ මේක ස්ටිකර් එකක් වගේ. බුබුළු ඇති නොවෙන්න අලවා ගන්න ඕනේ. මේක ඇලෙව්වා පස්සේ පොතේ කවරේ ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්.  මේ පැකට් එකක් මකීන් පොත් හලේ රුපියල් තුන්සිය හැටක්  වෙනවා. එකක කවර දහයක් තියෙන්නේ. ඒ කියන්නේ එකක් රුපියල් තිස් හයක් වෙනවා. ගණන් වැඩියි කියලා හිතෙනවද ? හැබැයි මේක මම ගිය අවුරුද්දේ ජයා පොත් හලෙන් ගත්තේ රුපියල් තුන්සීයකට. මේ වගේ තැන් වල කොහොමත් ගණන් වැඩියි. ලිපිද්‍රව්‍ය වල කේන්ද්‍රය(Stationary Hub) වශයෙන් සැලකෙන පිටකොටුවේ මැලිබන් වීදියේ හරි පීපල්ස් පාක් එක පැත්තේ ගියොත් අඩුවට ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ කවරයක් දෙකට කපලා අපි කියවන පොත් වලට දා ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ප්‍රවේශමෙන් කරන්න ඕනේ. 

මේ තියෙන්නේ ඒ පොත් කවර වල බහලුම.

 එක් කවරයක් ඉවතට ගත්තම තියෙන්නේ මේ වගේ. මේ ඇලවෙන පැත්ත නෙවේ අනිත් පැත්ත. මේකේ තියෙන කොටු නිසා ඔබට පොත සමබර කරගන්න පහසු වෙනවා.

මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ මැද තියෙන සෙන්ටිමීටර් එකක් තරම් පටිය ඉවත් කර ගන්න එක. 


 ඊට පස්සේ මෙන්න මේ පෙනෙන විදියට පොත සමබරව තබාගෙන, අර විවර කර ගත්ත කොටසෙන් හීනි තීරුවක් පොතට අලවාගන්න.

ඉන් පස්සේ එක පැත්තක කවරය විවර කරගෙන අලවා ගන්න සුදානම් වෙමු.


 සම්පූර්ණයෙන් අලවා නිම කරන්න කලින්, පොතට උඩින් මේ ෆිල්ම් එක තියලා කෙළවර අනවශ්‍ය කොටස් මෙන්න මේ විදියට කතුරකින් කපලා ඉවත් කර ගන්න. පොතේ දාරයට උඩිනුත් මේ වගේම අනවශ්‍ය කොටස් ඉවත් කරන්න ඕනේ. 

 දැන් තමයි ඉතාම ප්‍රවේශමෙන් කරන්න ඕන කොටස තියෙන්නේ. පොත මත බුබුළු ඇති නොවෙන්න රෙදි කෑල්ලක් ආධාරයෙන් ඉහළට පහළට මදින ගමන්, අනිත් අතින් ඉතා සීරුවෙන් ස්ටිකර් එකේ යටින් තියෙන කඩදාසිය අදින්න ඕනේ. 

 මේ තියෙන්නේ සම්පූර්ණයෙන් පොතේ කවරය මත මේ ෆිල්ම් එක අලවාගෙන අවසන් වූ පොතක්. මේ නවන කොටස් අලවන එකත් ඉතාම සීරුවෙන් කරන්න ඕනේ. පොත් පනහක් - හැටක් මේ වෙනකොට අලවපු අත්දැකීමෙන් මම හොයා ගත්ත දෙයක් තමයි මේක ඇතුල් පැත්තට නවලා මුලින්ම හරි මැදින් ඇතුළටම එක ඇඟිල්ලකින් ඉරක් අඳින විදියට අලවාගෙන ඉන් පස්සේ අර රෙදි කෑල්ලේනම දෙපැත්තට ස්පර්ශ කරලා අලවා ගැනීමෙන් අනවශ්‍ය රැලි ඇති වීම වලක්වා ගන්න පුළුවන් කියන එක. 

මේ තියෙන්නේ එහෙම අලවා අවසන් කරපු පොතක්. සමහර තැන් වල මෝස්තරයක් වගේ පෙන්නේ ඒ ස්ටිකර් වල තියෙන මෝස්තරය(Texture). ඒවා හරියට අර ජනෙල් වලට දාන මල් වීදුරු වගේ. හැබැයි එහෙමත් නැත්නම් තමයි මම කැමති. 

77 comments:

  1. ස්තුතියි තොරතුරට. දැං ඉතින් මේ කවර ටිකක් අරගෙන හිමීට නිවාඩු දවසක සෙට් වෙන්න ඕනෙ වැඩේට

    ReplyDelete
    Replies
    1. කට්ටිය එකතු වුණොත් තොග ගානට ගන්න බැරි වෙන එකක් නෑ. අපි කියවන පොත් දෙකකට මේවා දා ගන්නත් පුළුවන්.

      Delete
    2. අන්න හොඳ අදහස. කට්ටිය සෙට් වෙලා ලාබෙට ගන්න තියේ නම් මරු.

      Delete
    3. දෙන්න එක්ක පොත් ගන්න ගිහින් පොත් පෙරළ පෙරළ ඉන්නවා අපි දැක්කා බුකියෙන්.

      Delete
  2. ස්තුතියි. මට බොහොම ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් වැඩේ පටන්ගමු.

      Delete
  3. Replies
    1. හොඳ බිස්නස් එකක් කරනවානම්. :)

      Delete
  4. පොත් පාවිච්චිය හුඟක් අඩු වෙලා මගෙනම්.. හැබැයි තියෙන වටිනා කියන පොත් පත් වලට මේ සාත්තුව දුන්නොත් නරක නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. එතකොට මොනවද පාවිච්චි කරන්නේ.

      Delete
  5. මේකනං නියම අයිටම් එකක් තමයි. මැලිබන් ස්‍ට්‍රීට් පැත්තෙ ගියාම හොයල බලන්න ඕන.
    එක අතකට අර ඩිසයින් එක තියෙන එකත් හොඳයි මයෙ හිතේ

    ReplyDelete
    Replies
    1. ඔව්. ඩිසයින් තියෙන එකෙන් අතට අහු වෙනවා.

      Delete
    2. ඩිසයින් ලස්සනයි. ස්තුති තොරතුරට, හුඟක් වටිනවා.

      Delete
    3. ඩිසයින් ලස්සනයි. ස්තුති තොරතුරට. හුඟක් වටිනවා

      Delete
    4. හොඳයි ට්‍රයි කරලා බලන්න.

      Delete
  6. හරි වැදගත් නෙව...ඉස්සර මගේ පොත් වලට පිට කවර දැම්මෙම තාත්තා නිදිමරාගෙන.. අතීතය මතක් උනා සුදීක..

    ReplyDelete
    Replies
    1. මම නම් පොඩි කාලෙත් මගේ පොත් වලට කවර දා ගත්තා. දැන් දුවගේ ඒවා කරනවා. දැන් ඉන්න ළමයින්ට ඒවා කරන්න අමාරුයි.

      Delete
  7. මම නම් මගේ ජීවිතේට පොත් වලට කවර දාලා නැහැ. දාන්න දන්නේ නැහැ කවදාවත් උත්සහ කරලවත් නැහැ පොඩි කාලේ අම්ම තාත්තා දාලා දුන්ණා. ලොකු වෙද්දී පොඩි එකෙක්ට පගාවක් දීලා වැඩේ කරව ගත්තා. ළමයෙක් හම්බ උනාම අපේ මායියා ඉන්නවනේ එව්වා කොරන්න. ඔය කවර මෙහෙ නම් දැන් කාලෙකට පෙර ඉඳන් තියෙනවා අයියේ. නමුත් ඔය කවර වල ඇති අවාසිය නම්. පොඩි හෝ පලුදු වීමකින් ඇතුලට කුණු ගොස් පොත ජරාවෙන් තියෙන ඉඩ කඩ වැඩියි. නමුත් හොඳ පැත්තට තියෙන ඉඩ කඩත් වැඩියි.

    ReplyDelete
    Replies
    1. දැනට නම් මගේ පොත් සහ දියණියගේ පොත් සුරක්ෂිතව තියෙනවා.

      Delete
    2. මාත් එහෙන්මමයි.....

      Delete
  8. Replies
    1. මාර ගතියක් තියෙනව දැම්මම.

      Delete
  9. නියම සොයා ගැනීමක් සුදික අයියේ මේක.
    ස්තුතියි මේ දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. හරි ට්‍රයි කරලා බලන්න.

      Delete
  10. මෙහෙත් තියෙනවා ඔයවගේ අයිටම් එකක් හැබැයි එක අලවන්න නැ ඔයවගේම ක්ලියර් කවරයක් පොතට එක දන්නේ හරියට අද ප්ලාස්ටික් කවරය එක්ක තියෙන්නේ දිනපොත් අන්න ඒ කවරේ වගේ

    ReplyDelete
    Replies
    1. ඒවා තමයි අපි සටහන් පොත් වලට දාන්නේ.

      Delete
  11. මගේ පොත් වලටත් දාල තියෙන්නෙ. ඕක පරණ ක්‍රමයක් සුදීක. මම අවුරුදු 6 විතර වෙලේ ඉඳන් දන්නවා. හැබැයි මම මුලින්ම ගත්තෙ ඩුබායි වලින්.

    ReplyDelete
    Replies
    1. ඩුබායි වල තියෙන්න ඇති. මෙහෙ නම් මම දන්නේ ගිය අවුරුද්දේ ඉඳලා.

      Delete
    2. 2000 දීත් මේවා ලංකාවේ තිබ්බ සුදීක. මම පොත් කීපයකට දාල තියෙනවා. දැන් නම් පොත් 600 කට වැඩිය තියෙනවා. ඒවාට කවර දදා ඉන්න ගියොත් ඉතින් ...

      Delete
    3. ස්ටිකර් වර්ගයේ ඒවා තිබුනද 2000 දී ?

      Delete
  12. මම හිතන්නේ මගේ මතකය නිවැරදී නම් මේක තමා බ්‍රිතාන්‍ය කවුසලයේ පුස්තකාලේ පොත වල ආරක්ෂාවට භාවිතා කරන්නේ..,
    කාලයක් මම මේකගැන හෙව්වා ඒත් ලැබුන් නෑ..,
    ගොඩාක් ස්තූතියි තොරතුරු කිව්වට :)

    ReplyDelete
    Replies
    1. එහෙමද ? මම ඒකෙ සාමාජිකයෙක් නොවෙයි.

      Delete
  13. ඔය වගේ ගැජට් බැජට් ගන්න සුදීක කිව්වා වගේ පීපල්ස් පක් එකට යන්න. පිටකොටුවේ ඕන කෙනෙක්ගෙන් ඇහුවම කියාවී. පොත් ගන්න නම් මරදානට යන්න.. පොත් කඩ 20-30 ක් විතර තියෙනවා කිට්ටුව කිට්ටුව.. සෙනසුරාද දවසක ගියාම ලේසියි.. අනිත් දවස්වලට ට්‍රැෆික්..

    ReplyDelete
    Replies
    1. පීපල්ස් පාක් එක තියෙන්නේ ගුණසිංහපුර බස් නැවතුම පිටුපස.

      Delete
  14. නියම තොරතුරක්. ළමා වියේදී ඉඳලම මම තමයි මගේ පොත්වලට කවර දා ගත්තේ.ඒක හරියට කෙරුනෙත් නැහැ.අදත් මට හරියට පොතකට කවරයක් දාගන්න බැහැ. මේ නව කවර ජාතිය නුවර පැත්තේ තියෙනවාද කියල හොයන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. අහල බලන්න පොත් සාප්පු වලින්.

      Delete
  15. මගේ තියෙන පොත් කන්දරාවට පැක් 10ක් විතර ගන්න වෙයි..ඒත් පාඩු නෑ..එදාම ගන්න ඕනියි කියලා හිතුවට..අමතක උනානෙ සුදීක..කොහෙද ඕනය දහ අතේ ෆොටෝ ගනිද්දි ඒ අසිරිය නැරඹුවනෙ අපිත්..

    ReplyDelete
    Replies
    1. වෙලාවක ශ්‍රමදානයක් දාමු. මමත් එන්නම් උදව්වට.

      Delete
  16. ගිය අවුරුද්දේ තමා අපේ නංගිට ඕක අහුවෙලා තිබ්බේ. මම කලින් කෙරුවේ ස්ටෙප්ලර් කටු ගහපු එක පොත් වලට. ටික කාලයක් යද්දී ඉතිං ගන්න දෙයක් නෑ කොන. ගියපාර ගෙදර යද්දී සේරම මාරු කරලා. ඒකෙත් පොඩි ගතියක් තියනවා හැබයි.

    ReplyDelete
    Replies
    1. මේක වගේ තව එකක් තියෙනවා ගම නොදාපු. හරියට ඩයරි කවරේ වගේ.

      Delete
  17. මමනම් දැනගෙන හිටියා.අපේ අක්කා පොඩි එකාගේ පොත්වලට කවර දානකොට මං දැක්කේ..

    ReplyDelete
    Replies
    1. අපේ බැංකුවේ කට්ටිය බැලුවම හැමෝටම ඉදිරියෙන්.

      Delete
    2. අපොයි ඔව් , මොකට කියනවද ඒ හරිය

      Delete
  18. මේකේ අර ටෙක්ස්චර් එක නැති එකත් තියෙනවා..
    මාත් ඉස්කෝල පොත් වලට එකපාරක් නැත්තං දෙපාරක් දාලා තියෙනවා..
    අලවනකොටනං ගොඩක් පරිස්සං වෙන්න ඕනා..
    රැලි වැටුනොත් සොරි ඩොට් කොම් තමා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ටෙක්ෂර් නැතිනම හොඳට පේනවා.

      Delete
  19. මගේ නම් ලොකු වෙනකන්ම පොත් වලට කවර දැම්මේ අම්මි... හේතුව අම්මි තරම් ඒක ලස්සනට කවදාවත් මට කරන්න බැරි වෙච්ච එක... හැබැයි මේ වගේ දෙයක් තිබුනානම් කොයි තරම් හොදද කියලා හිතුනේ අම්මී වෙච්ච මහන්සිය මතක් වෙලා...

    ReplyDelete
    Replies
    1. වෙනදා මේ වෙනුවෙන් ගත වෙන කාලයෙන් භාගෙකටත් අඩුවෙන් යන්නේ. මේවා අච්චු පොත් වලට තමයි හරි යන්නේ. සටහන් පොත් වලට කලින් වගේම බ්‍රවුන් පේපර් කවර දාල දාන්න වෙනම කවර වගයක් තියෙනවා.

      Delete
  20. හැම අවුරුද්දකම ගියා.අපරාදේ මේ පාර මිස් වුනා :(

    ReplyDelete
    Replies
    1. මටත් බොහෝ දුරට මිස් වෙන තත්වේ තිබ්බේ. වෙනියාගේ ආරාධානේ නිසා තමයි ගියේ.

      Delete
  21. මේක නියම ක්‍රමයක්නේ.. තොරතුරට ස්තූතියි අයියේ..

    ReplyDelete
  22. ඔත්තුවට ස්තුතියි සුදීක

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලන්න.

      Delete
  23. ඇලෙව්වට පස්සෙ තියෙන පෙනුම නම් උපරිමයි...

    ReplyDelete
    Replies
    1. ආරක්ෂාවත් උපරිමයි.

      Delete
  24. පොත් වලට කැමති කෙනෙක් විදිහට මටත් සඋහෙන වැදගත් ඔත්තුවක්..ස්තුතියි සුදීක අයියට.

    ReplyDelete
    Replies
    1. පොත් කඩ කාරයෝ බලයි මොකද කියලා එක පාරටම.

      Delete
  25. මමත් පොත්වලට කවර දාන කෙනෙක් නෙමේ. හැබැයි මේක දැක්කාම දාන්ට හිතුණා...:)

    ReplyDelete
    Replies
    1. දැම්ම පුරුදු වුනොත් ළමයි ඉන්න කාලෙට වැදගත් වෙයි.

      Delete
  26. මේක මට හරිම ප්‍රයෝජනවත්. ස්තුතියි මචං.
    බ්‍රීටිෂ් කවුන්සිල් වගේම, පරණ පොත් කඩ වලට පිටරට පුස්තකාල වලින් අයින් කරපු පොත් වල ඔය කවරේ තියෙනවා දැකලා මමත් කල්පනා කලා ඉස්සර ඇයි අපිට මෙහෙම එකක් හොයාගන්න බැරි කියලා. ඒවයේ වැඩි හරිය එක පැත්තක් අර ඩයරි කවරේ වගේ, අනිත් පැත්ත අවශ්‍ය ගානට නවාගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. නෑ ඩූඩා මේ දෙක ජාති දෙකක්. අපිත් ලියන පොත් වලට දාන්නේ ඕවා. මේ ජාතිය අලවන එකක්.

      Delete
  27. ස්තුතියි සුදීක තොරතුරට. සරසවි පොත් හලේ බලන්ඩ ඕනා.

    ReplyDelete
    Replies
    1. සරසවියේ නම් ටිකක් ගණන් වෙයි.

      Delete
  28. සුදීක, මොහෝ මචං උඹේ බ්ලොග් පෝස්ට් වල ඇඩ්‍රස් එක මෙච්චර දිග ෆීඩ් බර්නර් ඇඩ්‍රස් එකක් වුනේ?
    මම අදහස් කරන්නේ,
    http://awidda-paya.blogspot.com/2013/09/blog-post_24.html
    නොවී
    http://awidda-paya.blogspot.com/2013/09/blog-post_24.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FDxLND+%28%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BA+......%29
    වුනේ ඇයි කියලා.
    වර්ඩ්ප්‍රෙසුත් ඔය වගේ

    ReplyDelete
    Replies
    1. මම මේල් එකක් දැන්නම්.

      Delete
  29. මේ පාර මට ඕක මග ඇරුනා. ඒ උනාට මම සාමාන්‍යයෙන් කොහොමත් මාසෙකට, දෙකකට වතාවක් පොත් කිහිපයක් ගන්න එකෙක් නිසා අවුලක් නෑ. අනික ඔතන දෙන 20% ඩිස්කවුන්ට් එක අදාළ ප්‍රකාශකයා ළඟට ගියාම අවුරුද්දේ දවස් 365ම හම්බු වෙන නිසා එච්චර අවුලක් නෑ ලාබෙට පොත් ලැබෙනවා කියලා.

    මේ තොරතුර හරි වැදගත්. මමත් ගෙදර ගෙනිහින් පොත් වලට ඉටි කවර තමයි දාන්නේ. දැන් මේක කරන්න පුළුවන්. ඒ වගේම පොත හාර්ඩ් කවර් එකක් දාලා ගත්තමත් හොඳයි. ඒත් මං හිතන්නේ ඒක ටිකක් වියදම් වැඩක්, ඒ වගේම දන්න කෙනෙක්ට කියලා කරගන්න ඕනේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔව් හාර්ඩ් කවර් දාන්න ඕනේ ඉතාම වටිනා ඒවාට. පොදුවේ දාන්න නම් මේක ඇති වෙයි. පොතකට රුපියල් හා අටක් වගේ යන්නේ.

      Delete
  30. අපේ පොඩි අක්කත් ඔවයින් තමයි පොඩි එකාගේ පොත් වලට කවර දාන්නේ එකයෑ බං මං දන්න කෙනෙක් පොය දවසේ පොත් ප්‍රදර්ශනේට ගොහින් උදේ 9 ඉඳන් හවස 4 වෙනකං පොත් බලලා එක පොතක් අරන් ඇවිත් බං බලපන්කෝ කැපකිරිමේ තරම

    ReplyDelete
    Replies
    1. අපිත් දන්නා කෙනෙක්ද ?

      Delete
  31. නිතර පාවිච්චි කරන, කාලයක් තියාගන්න පොත් වලට මේවා දාන එක හොඳයි. රු. 35/- වුනට ඊට වඩා වටිනවා. අර අලවාගන්න එක නං නූලට කරන්න ඕනේ. බැරිම වුනොත් කටුවක් අරගෙන බුබුල හිල් කරලා ෂේප්මන්ට් එකක් දා ගන්න පුලුවන්. අපි මෙහෙම පරිස්සමට ඕක කලාට අපේ පැත්තේ ස්ටීකර් අලවන තැන් වල කොල්ලෝ, ක්ලියර් ස්ටීකරේ පල්සර් එකේ ටැංකියෙත් අලවනවා, එක බුබුලක් වත් එන්නෙ නැතිව.

    ReplyDelete
    Replies
    1. කලබල නැතිව කලොත් බුබුළු එන්නේ නැතිව අලවා ගන්න පුළුවන්. ඒ කොල්ලෝ ගාව ෂැම්පු එකක් තියෙනවා නේද ? එකා දාලා පොඩි ත්‍රිකෝණාකාර අවානක් වගේ පොඩි තලයකින් ඒ ෂැම්පු ඉවත් කරනවා පස්සේ.

      Delete
    2. ඊටත් පස්සේ ඩ්‍රයර් එකෙන් අල්ලනවා.....

      Delete
  32. බුක් එක්ෂිබිෂන් එකට දවස් තුනහතරක්ම ගියා ඒත් එකම පොතක්වත් ගත්තෙ නෑ. ඒ වුනාට කලාතරුකින් හොයගන්න පුළුවන් සිඩී ටිකක් හොයාගත්තා.

    පොත් ගත්තෙ නැති හේතුව එතන ඩිස්කවුන්ට් 20% යි මම ඒපොත්ම නිතර යන එන මරදානේ පොත් සාප්පුවලින් 30% ට ගන්න පුලුවන් නිසා.

    කවර ගැන හෝඩුවාව නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒ සීඩී වලින් හොඳ පොස්ට් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. අපිටත් මරදානේ යන එක හොදයි වගේ.

      Delete
  33. HONDA DANUWATH KIRIMAK SUDIKA -THANKS

    ReplyDelete
  34. මරු වැඩෙ ආ ... හැබැයි බුබුලු නොහිටින්න අලවන එක තමයි එකම අව්ල .

    ReplyDelete
  35. ස්තූතියි සුදීක තොරතුරට.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...