මගේ මිතුරෙකු යම් අක්ෂාංශ, දේශාංශ ඛණ්ඩාංක යුගලක් ලබා දී ගූගල් සිතියමේ සොයන ලෙස පැවසුවා. එය අප්‍රිකානු මහාද්වීපයේ වැලිකතරක තිබෙන ස්ථානයක් බව මට මොහොතකින් පසක් වුණා. මා මුලින් සිතුවේ ඔහු මට අන්ඩරයක් දුන්නා කියලයි. නමුත් එය විශාලණක කර බැලූ විට මහද කැලඹුනා. මා දුටුවා එහි ගුවන් යානයක හැඩය සහිත කුඩා සංකේතයක්.
මා තවදුරටත් ඒ ගැන සොයා බැලීමක් කළා. පසුව සොයාගන්නට හැකි වුණා, එහි පිටුපස අතිශය පුදුමය දනවන ශෝඛාන්තයක් වටා ගෙතුණු අපූරු කතාවක් තිබෙන බව. මුල සිට අග දක්වා කතාවයි මේ.
යූ.ටී.ඒ. යානා අංක 772 කොංගෝ ජනරජයේ බ්‍රසාවිල් ගුවන්තොටුපලේ සිට ප්‍රංශයේ චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබුණා. පහතින් තිබෙන්නේ එහි ගුවන් පථය.
ඉන් වසර දහඅටකට පසු අනතුරටගොදුරු වූ මගීන්ගේ නෑසියන් එකතු වුණා. ඒ ස්මාරකයක් ගොඩ නගන්න.
එම ස්ථානයේ දුරස්ථ භාවය යානයේ සුන්බුන් ඒ වනතුරුතු එහි ඉතිරිව තිබුණා.එය ගොඩනැගුවේ "Les Families de I'Attentat du DC-10 d'UTA" නමැති යානයේ සිටි අයගේ පවුල් වල අයගේ සංවිධානය සහ එම ප්‍රදේශයේ වැසියන් එකතුව.
එම ස්මාරකයේ වැඩි කොටසක් මිනිස් දෑතින් නිමවුණු අතර අඩි දෙසීයක් විශ්කම්භයකින් යුත් කවයක් ආකාරයෙන් කළුගල් තබා එය ඉදි වුණා.
ටෙන්රේ ප්‍රදේශය ලෝකයේ ලඟා වීමට අපහසුම ස්ථාන වලින් එකක්. කළුගල් එම ස්ථානයට ගෙන ආවේ කිලෝමීටර් 70ක් පමණ ඈතින්.
ස්මාරකය සාදා නිම කිරීමට මාස දෙකක කාලයක් ගත වුණා. ඒ 2007 මැයි සහ ජුනි මාස වල.
බිඳුණු කන්නාඩි 170ක් එහි ගමන් ගත් මගීන් සිහිපත් වීමට එම කවයේ පිටතට ආසාන්නයේ (පරිධිය දිගේ)තැබුවා.
යානයෙහි දකුණු පස තටුව එම ස්මාරකය තිබෙන ස්ථානය සලකුණු කිරීමට ස්ථාපනය කෙරුණා. එය වැලි හාරා ගොඩ ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වුණා. සැතපුම් දහයක් ඈත සිට එය ට්‍රක් රථයක් මගින් ප්‍රවාහනය කෙරුණා.
හාරා ගොඩ ගැනීමෙන් පසු සේවකයන්ට එහි වැලි ඉවත් කරන්න සිදු වුණා.එම ස්මාරකය සඳහා වන අරමුදලෙන් කොටසක් ලිබියානු රජය මගින් පිරිනැමුණු ඩොලර් මිලියන 170 ක වන්දියෙන් ලැබුණා.
ස්මාරකය සම්පූර්ණ වූ පසු.
මෙම ස්මාරකය ගූගල් සිතියමෙහිද, ගූගල් අ(ර්)ත් (Google Earth) මෘදුකාංගයේද දැකිය හැකියි.
ලිබියානු ජාතිකයන් හයදෙනෙකු අවසානයේ මෙහි වරදකරුවන් බවට තීන්දු වුණා. ඔවුන් සූට්කේස් බෝම්බයක් යොදා ගනිමින් යානය පුපුරුවා හැරියා. එහි ගමන් කරමින් සිටි මගීන් 155ක් සහ ගුවන් සේවකයන් 15 දෙනෙකු මරුමුවට පත් වුණා.
ඛේදාන්තයක අභිමුවේ වුවද මෙවැනි අලංකාර ස්මාරකයක් ඉදි කරන්නට ඔවුන්ගේ නෑසියන් ඉදිරිපත් වුවා. ඔවුන් නෑසියන්ගේ හදවත් තුලත්, කාන්තාරයේත් ඒ වාගේම ගුගල් අර්ත් තුලත් ජීවත් වනු ඇත.
I Noticed This Tiny Thing On Google Maps. When I Zoomed In… Well, Nothing Could Prepare Me.
නමින් http://www.amazingoasis.org/2013/11/i-noticed-this-tiny-thing-on-google.html හි පලවූ සංවේදී පුවතේ සිංහල පරිවර්තනයයි.
_________________________________________
කෙනෙකු එහි ඛණ්ඩාංක ඉදිරිපත් කර තිබුණා. +16°51'53.76", +11°57'13.44 ලෙස.
පසුව හමු වූ වඩාත් හොඳ ඡායාරුප ඇල්බමයක්
පසුව හමු වූ වඩාත් හොඳ ඡායාරුප ඇල්බමයක්
අදමයි මේක ගැන කියවුවේ ස්තුති අපිටත් කියවන්න බ්ලොග් එකේ දැම්මට
ReplyDeleteමෙවැනි දෙයකට ප්‍රසිද්ධියක් නොදීම මාධ්‍යයේ වරදක්.
Deleteමං දැන් ඒක බැලුවේ හරියටම ,, මේ වගේ තව අපි නොදන්නා කොච්චර දේවල් මේ ලෝකේ හැංගිලා ඇද්ද කියලා හිතුණා .
Deleteඇත්තෙන්ම පුදුමයි සුදීක අයියෙ.
ReplyDeleteඒ ලිබියානු ජාතිකයන් 6දෙනාට දඩුවම් හිමි උනත් නැතත් අහිංසකයෝ ගානක් මැරුනා. ඒත් ඒ ඔක්කොම සදහටම ඔය ස්මාරකය තුල මතකයක්ව ඉදී.
මේ නෑසියන් ලෝකයට හොඳ පාඩමක් දෙනවා. සාමන්‍යයෙන් මුස්ලිම් ජාතිකයින් පලි ගැනීමයි කරන්නේ. මෙතන ඔවුන් බෞද්ධයන් සේ හැසිරී තිබෙනවා.
Deleteලෝක යුද්ද කාලේ නැතිවුනු ප්ලේන් එකකුත් හොයාගත්තා නේද මේ වගේම මේ ලගදි.එය මීටත් වඩා හොදින් ආරක්ෂා වී තිබුනා.
ReplyDeleteසහරා කතරේ තනිවුනු kittyhawk
දාමුකෝ පොස්ට් එකක්.
Deleteනැෂනල් ජෝග්‍රෆික් එකේ පෙන්වූවා, කදාව්වටුණු ගුවන් යානාවක කොටස් වෙන් කරන අකාරය. ඒවායේ මිල ගණන් නිසා අමතර කොටස් සඳහා ඔවුන් ඒවා ගලවනවා. කවරය සීට් හැරෙන්න් බොහෝ දේ ආපසු භාවිතා කරනවා.
Deleteකියවල ඉවර වෙද්දී මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ සුදීක.. තම නෑසියන් අහිමි වූවෙක් විතරයි ඒ වේදනාව දන්නේ ...
ReplyDeleteමම දන්නවා සහන්ට මේක දැනෙනවා වැඩියි කියලා අත්දැකීම් එක්ක.
Deleteස්මාරකයට නිර්මාණාත්මක අදහසක්. ගුවන් ගමන් කියන්නේ ලොකේ තියෙන ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය. ලිබියානු රජය වන්දියක් ලබා දීම නම් අගය කල යුතු වැඩක්
ReplyDeleteගඩාෆි අපි හිතනවාට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්වා තිබෙනවා.
Deleteආධාරදීම කියන දෙයින්ම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නෙ නෑ නේද? තමන්ට හිතු මනාපයට පරිත්‍යාග කිරීමත් ඒකාධිපතිවාදයේම ලක්ෂණයක් තමයි.
Deleteඅපිට ඉස්කෝලෙ උගන්නපු හැටියට ඒකාධිපතිවාදයේ එක් වාසියක් තමයි යහපත් දේවල් බාධාවකින් තොරව සිදුවීම.
මම හිතුවේ අපිට පෙන්වූ ගඩාෆි සහ නියම ගඩාෆි අතර වෙනස. ඔහු සුරසැප වින්ද බව ඇත්ත. නමුත් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඔහු කල දේත් විශාලයි.
Deleteගුගල් අර්ත් තුල මේ විදියේ පුදුමාකාර දේවල් ගොඩාක් හැංගිලා තියනවා. ඒ සේරම අතරින් වැඩිපුරම දුක හිතෙන පසුබිම් කතාව අයිති මේකට වගේ
ReplyDeleteඔව්. මමත් එක වරක් දුටුවා ඉහලට ගන්නා(take off) ගුවන් යානාවක් ඕලන්දයේ.
DeleteSTOL = Short Takeoff and Landing (aircraft) කියලා ගුවන් යානා විශේෂයක් තියනවා.
Deleteහොඳයි ඔබ තුමා ඒ ගැන විස්තරයක් කරයි කියා මා බලාපොරොත්තු වෙනවා.
Deleteඅපූරු ලිපියක් සුදීක... මේ ස්මාරකය පසුපස කතාව එදා හදවත් කියක් නම් හඩවන්න ඇතිද?
ReplyDeleteමට මතක් වුණේ DC-8.
Deleteඅලුත්ම අත්දැකිමක් සුදික.බොහොම ස්තුතියි
ReplyDeleteමට මෙවැනි දෙයක් ගමන් සිහියට එන්නේ සිංහල පමණක් කියවිය හැකි පිරිස.
Deleteකාන්තාරයේ මෙහෙම ඉදිකිරීමක් කරන්න ලේසි පහසු දෙයක් නොවන බව පැහැදිලිව පෙනෙනවා.
ReplyDeleteනොදන්නා දෙයක් දැන ගත්තේ.බොහෝම ස්තුතියි එයට.
අනිවාර්යයෙන්ම. කැපකිරීම සහ උනන්දුව මත ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
Deleteවැදගත් තොරතුරක් මචං . ගූගල් අර්ත් නම් බලන්ඩ නොහැකි වුණත් උඹගේ ෆොටෝස් ටික මට වැදගත් වුණා .. ස්තූතියි
ReplyDeleteමාසේ අන්තිම දවසේ ඩේටා එක්ක සටන් කරන බොහෝ දෙනෙකුට මේක ප්‍රශ්නයක්. ඒත් මට මේක නොකියාම ඉන්න බැරි වුණා.
Deleteමටත් හිතා ගන්න බෑ මොනවා කියන්න ද කියලා. අදමයි මේ ගැන දැන ගත්තේ. ස්මාරකය මොන තරම් ලස්සණ වුණත් එයට පසුබිම් වුණ කතාව . . .
ReplyDeleteඒ පවුල් වල අය තවමත් දුකෙන් කාලේ ගෙවනවා ඇති. නමුත් ඔවුන් ලෝකයට ආදර්ශයක් සපයලා තියෙනවා.
Deletesthuthiyi wistharayata. mam baluwa eka
ReplyDeleteහරී ගොඩ කාලෙකින් නේද ?
Deleteහරි හරි දේවල් වෙනවා නේද මේ ලෝකේ....ස්තූතියි මේ ගැන කිව්වට. කලින් අහලා තිබුනෙනෑ..
ReplyDeleteඔව් සෙන්නා. මේක DC-10 අපේ එක DC-8
Deleteසංවේදී සටහනක්. යක්කු සහ දෙවියෝ දෙගොල්ලොම ගැන කියන කතාවක්.
ReplyDeleteඇත්ත වශයෙන්ම.
Deleteහරිම අමුතු කතාවක්!
ReplyDeleteඒ කතාව අමුතු කරලා ගත්තේ එකෙන් මැරුණු අයගේ ඥාතීන්. නැතිනම මේක තවත් කඩා වැටුණු ගුවන් යානයක් විතරයි.
Deleteපලවෙනි වතාවට මේ ගැන ඇහැව්වේ. ස්තූතියි ඔබට මේ තොරතුරැ නිසා.
ReplyDeleteමේ වගේ දේවල් වලට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ අඩුවෙන්. ලබන සතියේ පත්තරයක මේක ගියොත් පුදුම වෙන්න එපා.
DeleteGoogle Map Link - Click Here
ReplyDeleteබොහොම ස්තුතිය් තිසර.
Deleteනොදැන හිටිය දෙයක් ගැන දැනුවත් කළාට ස්තුතියි.
ReplyDeleteඇත්තටම අපේ අයටත් සුනාමියෙන් නැතිවිච්ච අය වෙනුවෙන් මේ වගේ දැනෙන්න එකක් කරන්න තිබුණ නේද?
අකුරල ඒ වගේ බුදු පිළිමයක් අවුරුද්ද පිරෙන දවසේ විවෘත කළා නේද ?
Deleteඇත්තටම මේක බෙදාගත්තාට ගොඩක් ස්තුතියි සුදික
ReplyDeleteඅද මෙවැනි දේට වඩා ඕපාදූප වලට තැනක් මාධ්‍ය වල තිබෙනවා.
Deleteමියගිය අය සිහිකරන එක ඒකියන්නෙ අගය කලයුතු දෙයක් . ස්තුතියි බෙදා හදා ගත්තට
ReplyDeleteඔවුන් ඒ සමග ලෝකයට පණිවුඩයක් දෙන්නත් අමතක කරලා නෑ.
Deleteඅයි දැනගත්තේ, අතිවිශිෂ්ට නිර්මාණයක්. සුදීකට ස්තුතියි.
ReplyDeleteතව මෙවැනි සැඟවුණු දේ බොහොමයක් ඇති.
Deleteඒ අක්ෂාංශ දේශාංශ පොඩ්ඩක් දාන්නකෝ.. අපිටත් බලන්න...
ReplyDeleteලිපියේ පහල කොටස බලන්න. නැතිනම් තිසරගේ කමෙන්ට් එක ඔස්සේ යන්නත් පුළුවන්.
Deleteතම නෑසියන් සිහි කරන්න කරපු දේ... ගොඩාක් වටිනවා... ලෝකයට සාමය පිළිබඳ පණිවුඩයක් ගෙනියන්න පුළුවන් මේ වගේ දෙයකට මාධ්‍යයෙන් ප්‍රචාරයක් දෙන්නේ නැත්තේ ලෝකයේ සාමය ඇතිවෙනවාට මාධ්‍ය බයද?
ReplyDeleteඅනේ මන්දා
Deleteදැනගෙන හිටියේ නැහැ ..ස්තුතියි
ReplyDeleteවියට්නාමේ නැද්ද මේ වගේ සිහිවටන මොනවත් ?
Deleteබොහොම ස්තූතියි සුධීක අයියා...ඔබ නොකියන්නට මේ කථාව අද දැනගන්නට ලැබෙන්නෙත් නෑ....
ReplyDeleteමටත් අහම්බෙන් මේ ගැන දැනගන්න ලැබුණේ.
Deleteඔය සිද්දිය ගැන මේ විස්තරය දැන ගත්තේ අදයි.
ReplyDeleteලංකාවෙත් අර මිනිස් බෝම්බ තියපු තැන් වල සමනල්ලු ඇඳලා තිබුණා නේද ?
Deleteසුදීක අයියෙ මේ වගේ දේවල් විස්තර ඇතිව දාන එක ගොඩක් වටිනව..මම අද තමයි මෙහෙම දෙයක් ගැන ඇහෙව්වෙත්.අහල ඇති එත් ඉතින් මතක නැහැ.
ReplyDeleteමම කලේ පරිවර්තනයක්.
Deleteඅදමයි මේක ගැන කියවුවේ ස්තුති
ReplyDeleteමේ ගැන මුල් සටහන ලියූ කෙනාට සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ.
Deleteඅදමයි මේක ගැන කියවුවේ ස්තුති
ReplyDeleteහරි.
Deleteමේ කියනකන් මම මේ ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නෑ අයියේ.. ඒ හන්දා මේක වටිනවා.. නෙට් එකේ තව ටිකක් හොයලා බලන්න ඕන..
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteගොඩක් වැදගත් ලිපියක් අයියෙ, ගොඩ දෙනෙක් අහල නැති දෙයක් ගැන අපිව දැනුවත් කලාට ස්තූතියි...
ReplyDeleteමටත් පුදුම හිතුනා කවුරුත්ම මේ ගැන අහලා නෑ.
Deleteඇත්තටම සුදීක අයියේ කියල වැඩක් නෑ,..... අපේ කට හරි මොකක් හරි උනෝත් වෙන්නෙ..."ආඩි හත්දෙනාගෙ කැද හැලිය වගේ තමා""
ReplyDeleteඅදමයි මේක ඇහුවේ , ස්තුතියි
ReplyDeleteමම අහලා නැති නිසයි දැම්මේ, දැන් බලනකොට බොහෝ දෙනක් දන්නේ නෑනේ.
Delete//ඔවුන් නෑසියන්ගේ හදවත් තුලත්, කාන්තාරයේත් ඒ වාගේම ගුගල් අර්ත් තුලත් ජීවත් වනු ඇත.//
ReplyDeleteහම්මෝ...ගුවන් ගමන් කරමින් ඉන්න වෙලාවට මේ වගේ දෙයක් දැක්කාම හිතට මුලින්ම එන්නේ බයක්. විශේෂයෙන් අප්‍රිකාවේ රටක ඇවිදිද්දි. මේ ගැන අහලා තිබුණද නැද්ද කියලා හිතාගන්ටත් බෑ සුදීක. මේ දවස්වල ඔලුව කැරකෙනවා.:)
ReplyDeleteවිස්තර බෙදාගන්න එකනම් කියන්ට බැරි තරම් හොඳ වැඩක්!!!
බය වෙන්න කාරී නෑ දවසට දෙකයි කඩා වැටෙන්නේ. :)
Deleteහොඳ විස්තරයක් මචං.
ReplyDeleteමම අහලා නැති නිසයි දැම්මේ, දැන් බලනකොට බොහෝ දෙනක් දන්නේ නෑනේ.
Deleteමේ ගැන ලියා තැබීම ගැන ස්තූතියි සුදීක......නයිගර්, චැඩ්, කොංගෝ මිනිසුන් අන්තිම අසරණ ජීවිත ගෙනියන්නේ....ඒක මහා ඛේදවාචකයක්....කාලයක් ගඩාෆි විසින් ආධාර දීපු රටවල්. ගඩාෆිගේ අවසන් කාලයේදි ඔය රටකට පැනයාමට සූදානම් බවට පත්තර වාර්තා තිබුනා.
ReplyDeleteලෝකයේ ධනවත්ම රාජ්‍යයන් අතර ලයිස්තුවේ අන්තිමට ඉන්න රටවල් තමයි ඕවා.
Deleteමේ ගැන ලියා තැබීම ගැන ස්තූතියි සුදීක......නයිගර්, චැඩ්, කොංගෝ මිනිසුන් අන්තිම අසරණ ජීවිත ගෙනියන්නේ....ඒක මහා ඛේදවාචකයක්....කාලයක් ගඩාෆි විසින් ආධාර දීපු රටවල්. ගඩාෆිගේ අවසන් කාලයේදි ඔය රටකට පැනයාමට සූදානම් බවට පත්තර වාර්තා තිබුනා.
ReplyDeleteමේ බ්ලොගයට ගොඩ උනේ අදයි. ඉස්සෙල්ලම කියෙව්වේ අපුරු තොරතුරක් ගැන. දිගටම එන්නම්.
ReplyDeleteබොහොම ස්තුතියි. ඔයාගේ බ්ලොග් එක දැක්කෙත් අදයි. දිගටම එන්නම් ඒ පැත්තෙත්.
DeleteAyyandi, may wage lipi godak watinawa.
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි.
Deleteනියමයි සුදීක දිගටම මේවාගෙ පෝස්ට් ලියන්න.
ReplyDeleteඔව් අනිත් එකත් මේ වගේ.
Deleteමේ සටහනේ අපූර්වත්වය ඊට බද්ධ වුණ ඡායාරූප පෙලින් කියාපානවා. මේ කතාව මිට කලින් අහල නොතිබුණ නිසා එහි වැදගත් කම දැනෙනවා
ReplyDeleteමමත් මේ පුදුම වුණේ මේක ප්‍රවෘත්තියක් නොවුණේ ඇයි කියලා.
Deleteදුක හිතෙනවා. මමත් ඛණ්ඩාංක ගහලා බැලුවා
ReplyDeleteඔව්. නමුත් ඔවුන්ගේ ඥාතීන් කල සත් ක්‍රියාව අපූරුයි.
Delete